සකුලාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සකුලාථෙරීගාථාවණ්ණනා
සකුලා ථේරීගාථා වර්ණනාව
අගාරස්මිං වසන්තීතිආදිකා සකුලාය ථෙරියා ගාථා. අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ ආනන්දස්ස රඤ්ඤො ධීතා හුත්වා නිබ්බත්තා, සත්ථු වෙමාතිකභගිනී නන්දාති නාමෙන. සා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තී සත්ථාරා එකං භික්ඛුනිං දිබ්බචක්‍ඛුකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා උස්සාහජාතා අධිකාරකම්මං කත්වා සයම්පි තං ඨානන්තරං පත්ථෙන්තී පණිධානමකාසි. සා තත්ථ යාවජීවං බහුං උළාරං කුසලකම්මං කත්වා දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව සංසරන්තී කස්සපස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා පරිබ්බාජකපබ්බජ්ජං පබ්බජිත්වා එකචාරිනී විචරන්තී එකදිවසං තෙලභික්ඛාය ආහිණ්ඩිත්වා තෙලං ලභිත්වා තෙන තෙලෙන සත්ථු චෙතියෙ සබ්බරත්තිං දීපපූජං අකාසි. සා තතො චුතා තාවතිංසෙ නිබ්බත්තිත්වා සුවිසුද්ධදිබ්බචක්ඛුකා හුත්වා එකං බුද්ධන්තරං දෙවෙසුයෙව සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. සකුලාතිස්සා නාමං අහොසි. සා විඤ්ඤුතං පත්තා සත්ථු ජෙතවනපටිග්ගහණෙ පටිලද්ධසද්ධා උපාසිකා හුත්වා අපරභාගෙ අඤ්ඤතරස්ස ඛීණාසවත්ථෙරස්ස සන්තිකෙ ධම්මං සුත්වා සඤ්ජාතසංවෙගා පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා ඝටෙන්තී වායමන්තී න චිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.3.131-165) –
අගාරස්මිං වසන්ති - මේ ගාථාව සකුලා තෙරණියගේය. මෝතොමෝ වනාහි පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර ආනන්ද රජුන්ගේ දියණිය වී උපන්නාය. ශාස්තෲන් වහන්සේගේ මවගේ සොහොයුරිය නන්දා නම්විය. ඕ වැඩිවියට පැමිණ දිනක් බුදුන්ගෙන් බණ අසන්නී, බුදුන් එක්තරා භික්ෂුණියක් දිවැස් ඇත්තියන්ගෙන් අගතැනට පත්කරනු දැක ඒ පිළිබඳව උත්සාහයෙන් අධිකාර්ය කර තොමෝද තනතුර පතන්නී අධිෂ්ඨාන කළාය. ඕතොමෝ දිවි ඇති තාක් බොහෝ පින්කම්කර දෙව්ලොව ඉපිද ඉන්පසුද දෙව්ලෝවලම හැසිර කස්සප බුදුන්ගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද පිරිවැජි පැවිද්ද ලබා හුදෙකලාවම හැසිරෙන්නී, දිනක් තෙල් ලබාගැනීම පිණිස හැසිර තෙල් ටිකක් ලැබ එයින් බුදුන්ගේ චෛත්‍යය අබියස පුරා රැයක් පහන් පූජා කළාය. ඕතොමෝ එයින් චුතව තව්තිසා දෙව්ලොව ඉපිද පිරිසිදු දිවැස් ඇත්තියක වී එක බුද්ධාන්තරයක් දෙව්ලෝවලම හැසිර මේ බුදුපතෙහි සැවැත් නුවර බමුණුකුලයෙක උපන්නීය. නමින් සකුලා වී ඈ කල්යාමේදී බුදුන් ජේතවනය පිළිගන්නා අවස්ථාවෙහි සැදැහැව ලබා උපාසිකාවක් වී පසු කලෙක එක්තරා රහත් තෙරනමකගෙන් බණ අසා හටගත් සංවේග ඇත්තී, පැවිදිව විදසුන් වඩා වෑයම්කරන්නී නොබෝ කලෙකින් රහත්බවට පැමිණියාය. එහෙයින් කියනලදී අපදානයෙහි:
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
මෙයින් කල්ප සියදහසකට පෙර සියලු ධර්මයන්ගේ පරතෙරට ගියාවූ ලෝකයාට නායක වූ පදුමුත්තර බුදුහු ලොව පහළ වූහ.
“හිතාය සබ්බසත්තානං, සුඛාය වදතං වරො; අත්ථාය පුරිසාජඤ්ඤො, පටිපන්නො සදෙවකෙ.
සියලු සතුන්ගේ හිතසුව පිණිස සුවපහසුව පිණිස වැඩපිණිස දෙවියන් සහිත සියලු ලෝවැස්සන්ගේ නායකයාවූ,
“යසග්ගපත්තො සිරිමා, කිත්තිවණ්ණගතො ජිනො; පූජිතො සබ්බලොකස්ස, දිසා සබ්බාසු විස්සුතො.
යසසින් අගතැන්පත් වූ ශ්‍රීමත් වූ කීර්ති ප්‍රශංසා ලබන්නා වූ සියලු ලෝවැස්සන්ගේ පූජාවට සුදුසු වූ සියලු දිසාවන්හි ප්‍රකට වූ,
“උත්තිණ්ණවිචිකිච්ඡො සො, වීතිවත්තකථංකථො; සම්පුණ්ණමනසඞ්කප්පො, පත්තො සම්බොධිමුත්තමං.
සැකය සිඳදමු ස්ථිර අවබෝධයෙන් සමන්විත වූ සංකල්ප සිද්ධකරගත්තා වූ උතුම් සම්බෝධියට පැමිණියා වූ,
“අනුප්පන්නස්ස මග්ගස්ස, උප්පාදෙතා නරුත්තමො; අනක්ඛාතඤ්ච අක්ඛාසි, අසඤ්ජාතඤ්ච සඤ්ජනී.
එතෙක් නොදැන සිටි මාර්ගය අනාවරණය කළාවූ, කිවනොහැකිවූ දේ කීවාවූ, හට නොගත් දේ හටගැන්වූ,
“මග්ගඤ්ඤූ ච මග්ගවිදූ, මග්ගක්ඛායී නරාසභො; මග්ගස්ස කුසලො සත්ථා, සාරථීනං වරුත්තමො.
මාර්ගය දන්නාවූ, මාර්ගය ප්‍රකාශ කරන්නාවූ, මාර්ගයෙහි දක්ෂ වූ ශාස්තෲ වූ රියැදුරන්ගෙන් ශ්‍රේෂ්ඨයා වූ,
“මහාකාරුණිකො සත්ථා, ධම්මං දෙසෙති නායකො; නිමුග්ගෙ කාමපඞ්කම්හි, සමුද්ධරති පාණිනෙ.
මහා කාරුණික වූ ඒ නායකයාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් කාම නමැති මඩෙහි එරී සිටින ප්‍රාණීන් ගොඩ ගනිති.
“තදාහං හංසවතියං, ජාතා ඛත්තියනන්දනා; සුරූපා සධනා චාපි, දයිතා ච සිරීමතී.
එකල මම හංසවතී නුවර රජුගේ දියණියව උපත ලදිමි. සුරූපී වීමි, ධනවත් වීමි, අනුකම්පාසහගත වීමි. ශ්‍රීමත් වීමි.
“ආනන්දස්ස මහාරඤ්ඤො, ධීතා පරමසොභනා; වෙමාතා භගිනී චාපි, පදුමුත්තරනාමිනො.
ආනන්ද මහරජුගේ පරම රූප සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ දියණිය වීමි. පදුමුත්තර නමැත්තාගේ අනෙක් මවකගේ දියණියක් වීමි.
“රාජකඤ්ඤාහි සහිතා, සබ්බාභරණභූසිතා; උපාගම්ම මහාවීරං, අස්සොසිං ධම්මදෙසනං.
සව්අබරණින් සැරසුණු රාජකන්යාවන් විසින් පිරිවරණු ලැබූ මම බුදුන් වෙත ගොස් බණ ඇසීමි.
“තදා හි සො ලොකගරු, භික්ඛුනිං දිබ්බචක්ඛුකං; කිත්තයං පරිසාමජ්ඣෙ, අග්ගට්ඨානෙ ඨපෙසි තං.
එදවස ඒ බුදුන්වහන්සේ එක්තරා භික්ෂුණියක් දිවැස් ඇත්තවුන්ගෙන් අගතනතුරෙහි පිහිටුවූහ.
“සුණිත්වා තමහං හට්ඨා, දානං දත්වාන සත්ථුනො; පූජිත්වාන ච සම්බුද්ධං, දිබ්බචක්ඛුං අපත්ථයිං.
එය දුටු මම බෙහෙවින් සතුටුවී බුදුන්වහන්සේට දන් දී පූජා පවත්වා දිවැස පැතීමි.
“තතො අවොච මං සත්ථා, නන්දෙ ලච්ඡසි පත්ථිතං; පදීපධම්මදානානං, ඵලමෙතං සුනිච්ඡිතං.
ඉන්පසු බුදුහු මා අමතා ‘ඔබ පැතු පැතුම ඉටුවන්නේය. ප්රදීපදානයෙහි ඵලවිපාක මේය.’
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
‘මෙයින් කල්ප සියක් දහසකට පසු ඔක්කාක කුලයෙහි ගෞතම නම්වූ බුදුවරයෙක් පහළවන්නේය.’
“තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා; සකුලා නාම නාමෙන, හෙස්සති සත්ථු සාවිකා.
‘ඒ බුදුන්ගේ ධර්මයෙහි කොටස්කාරියක් වශයෙන් ඔබ සකුලා නමින් ශ්‍රාවිකාවක් වන්නීය.’
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
එකල කළ ඒ පින්කමේ අනුසසින් හා චේතනාව පිහිටුවීමෙන් මම මිනිස් දිවිය අත්හැර ගොස් තව්තිසා දෙව්ලොව උපනිමි.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ භද්‍රකල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහා යශස් ඇති කස්සප නම් බුදුවරයෙක් ලොව පහළවූහ.
“පරිබ්බාජකිනී ආසිං, තදාහං එකචාරිනී; භික්ඛාය විචරිත්වාන, අලභිං තෙලමත්තකං.
මම එකල හුදෙකලාව හැසිරෙන පරිබ්රාජිකාවක් වීමි. මම පිඬුපිණිස හැසිර තෙල් ටිකක් ලබාගතිමි.
“තෙන දීපං පදීපෙත්වා, උපට්ඨිං සබ්බසංවරිං; චෙතියං ද්විපදග්ගස්ස, විප්පසන්නෙන චෙතසා.
මම පැහැදුණු මනසින් ඒ තෙලින් පහන් දල්වා බුදුන්ගේ චෛත්‍යයට පිදුවෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මේ පින්කමේ බලයෙන් හා චේතනාව පිහිටුවීමෙන් මිනිස් සිරුර අත්හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“යත්ථ යත්ථූපපජ්ජාමි, තස්ස කම්මස්ස වාහසා; පජ්ජලන්ති මහාදීපා, තත්ථ තත්ථ ගතාය මෙ.
ඉක්බිති මම යම් යම් භවයක උපනිම්ද ඒ හැම තන්හිදීම මහා පහන් ඇවිලෙයි.
“තිරොකුට්ටං තිරොසෙලං, සමතිග්ගය්හ පබ්බතං; පස්සාමහං යදිච්ඡාමි, දීපදානස්සිදං ඵලං.
ප්‍රාකාරයෙන් හෝ පර්වතයෙන් හෝ පිටත සිටියෙම්ද, පර්වතය ඉක්මවා ගියෙම්ද ඒ හැම තැනකදීම මම යමක් කැමතිවීම්ද ඒ සියල්ලක්ම මට ලැබිණ.
“විසුද්ධනයනා හොමි, යසසා ච ජලාමහං; සද්ධාපඤ්ඤාවතී චෙව, දීපදානස්සිදං ඵලං.
පිරිසිදු දැකුම් ඇතිවීමි, මම කීර්තියෙන් බැබළුණෙමි. ශ්‍රද්ධාව ඇත්තී ප්‍රඥාසම්පන්න වීමි. පහන් පිදීමෙහි අනුසස් මේය.
“පච්ඡිමෙ ච භවෙ දානි, ජාතා විප්පකුලෙ අහං; පහූතධනධඤ්ඤම්හි, මුදිතෙ රාජපූජිතෙ.
දැන් මෙය මගේ අවසාන ආත්මභාවයයි, බ්‍රාහ්මණ කුලයෙක උපන්නා වූ මම බොහෝ ධනධාන්‍යයෙන් සමෘද්ධිමත් වූයෙම් රාජපූජිත වීමි.
“අහං සබ්බඞ්ගසම්පන්නා, සබ්බාභරණභූසිතා; පුරප්පවෙසෙ සුගතං, වාතපානෙ ඨිතා අහං.
මනහර අගපසඟින් යුක්තවූ මම සියලු අබරණින් සැරසී දැල්කවුළුවෙන් බලා සිටියෙම් බුදුන්වහන්සේ නගරයට පිවිසෙනු දැක,
“දිස්වා ජලන්තං යසසා, දෙවමනුස්සසක්කතං; අනුබ්යඤ්ජනසම්පන්නං, ලක්ඛණෙහි විභූසිතං.
දිලෙන්නා වූ සියලු දෙව්මිනිසුන්ගේ නායක වූ අනුව්‍යඤ්ජනයන්ගෙන් සමන්විතවූ සෙසු ලක්ෂණයන්ගෙන් පැහැපත් වූ
“උදග්ගචිත්තා සුමනා, පබ්බජ්ජං සමරොචයිං; න චිරෙනෙව කාලෙන, අරහත්තමපාපුණිං.
ඒ බුදුන්වහන්සේගෙන් පැවිද්ද කැමැතිවීමි. පැවිදි වී නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණියෙමි.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; පරචිත්තානි ජානාමි, සත්ථුසාසනකාරිකා.
සෘද්ධි බලය ලබා ගනිමි, දිවකණ ලබා ගතිමි. පරසිත් දනිමි, බුදුන්ගේ අනුශාසනාව අනුව හැසිරෙන මම
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, විසුද්ධාසිං සුනිම්මලා.
පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කළෙමි, සියලු ආසවයන් නසා මම පිරිසිදු වීමි, නිර්මල වීමි.
“පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත්තිසමූහතා.
මම බුදුන් පිදීමි, උන්වහන්සේගේ අවවාදය පිළිපැදීමි, බර ඉවත් කළෙමි, සංයෝජනයන් විනාශ කළෙමි.
“යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
යම් අරමුණක් උදෙසා මම ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදිවීම්ද, සියලු සංයෝජනයන් විනාශ කිරීමෙන් මම ඒ අරමුණ ඉටුකරගතිමි.
“තතො මහාකාරුණිකො, එතදග්ගෙ ඨපෙසි මං; දිබ්බචක්‍ඛුකානං අග්ගා, සකුලාති නරුත්තමො.
ඉක්බිති මහා කාරුණික වූ ඒ බුදුන්වහන්සේ ‘දිවැස් ඇත්තියන්ගෙන් සකුලා අග්‍රය’යි මා ඒ අග්‍රස්ථානයෙහි තැබූ සේක.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මගේ කෙලෙස් දැවිණ, බුදුන්ගේ උපදේශය ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා කතාධිකාරතාය දිබ්බචක්ඛුඤාණෙ චිණ්ණවසී අහොසි. තෙන නං සත්ථා දිබ්බචක්‍ඛුකානං භික්ඛුනීනං අග්ගට්ඨානෙ ඨපෙසි. සා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සජාතා උදානවසෙන –
රහත්බවට පැමිණ කරන ලද අධිකාර ඇති හෙයින් දිවැස වැඩීමි. එහෙයින් දිවැස් ඇති භික්ෂුණීන්ගෙන් අගතැනට පත්වූවාය. ඕ ඇගේ පිළිවෙත දැක ප්‍රීතියෙන් සොම්නසට පත්වූවා මෙසේ උදන් ඇනුවාය:
“අගාරස්මිං වසන්තීහං, ධම්මං සුත්වාන භික්ඛුනො; අද්දසං විරජං ධම්මං, නිබ්බානං පදමච්චුතං.
අගාරස්මිං වසන්තීහං ධම්මං සුත්වාන භික්ඛුනො, අද්දසං විරජං ධම්මං නිබ්බාන පදමච්චුතං.
“සාහං පුත්තං ධීතරඤ්ච, ධනධඤ්ඤඤ්ච ඡඩ්ඩිය; කෙසෙ ඡෙදාපයිත්වාන, පබ්බජිං අනගාරියං.
සාහං පුත්තඤ්ච ධීතඤ්ච ධනධඤ්ඤඤ්ච ඡඩ්ඩිය, කෙසෙ ඡෙදාපයිත්වාන පබ්බජිං අනගාරියං.
“සික්ඛමානා අහං සන්තී, භාවෙන්තී මග්ගමඤ්ජසං; පහාසිං රාගදොසඤ්ච, තදෙකට්ඨෙ ච ආසවෙ.
සික්ඛමානා අහංසන්තී භාවෙන්තී මග්ගමඤ්ඡසං, පහාසිං රාගදෙසඤ්ච තදෙකට්ඨෙ ච ආසවෙ.
“භික්ඛුනී උපසම්පජ්ජ, පුබ්බජාතිමනුස්සරිං; දිබ්බචක්ඛු විසොධිතං, විමලං සාධුභාවිතං.
භික්ඛුනී උපසම්පජ්ජ පුබ්බජාතිමනුස්සරිං, විසොධිතං දිබ්බචක්ඛුං විමලා සාධු භාවිතං.
“සඞ්ඛාරෙ පරතො දිස්වා, හෙතුජාතෙ පලොකිතෙ; පහාසිං ආසවෙ සබ්බෙ, සීතිභූතාම්හි නිබ්බුතා”ති. – ඉමා ගාථා අභාසි.
සංඛාරෙ පරතො දිස්වා හෙතුජාතෙ පලොකිතෙ, පහාසිං ආසවෙසබ්බෙ සීතිභූතම්හි නිබ්බුතා-
ගිහිගෙයි වෙසෙන මම භික්ෂුවකගේ ධර්මය අසා නිවන්සුව ගෙන දෙන්නා වූ මරණයක් නැති පිරිසිදු ධර්මය දුටිමි.
ඒ මම දූපුතුන් ධනධාන්‍ය ආදී සියල්ලම අත්හැර කෙස් සිඳ අනගාරික ශාසනයෙහි පැවිදිවීමි.
සසුනෙහි හික්මෙමින් මාර්ගඵලය ලබනුවස් බවුන් වඩමින් රාගද්වේෂ දුරුකළෙමි. එසේම ආශ්‍රවයන් ද ක්ෂය කළෙමි.
භික්ෂුණීන් වෙත එළඹ පෙර ජාතීන් සිහිකළෙමි. දිවැස පිරිසිදු කළෙමි. ඉතා පිරිසිදු වී මැනවින් මනස මැඩුවෙමි.
සංස්කාරයන් අනාත්ම වශයෙන් දැක හේතුවකින් හටගන්නා හැම දෙයක්ම බිඳෙනසුලු බව දැක සියලු ආසවයන් දුරුකොට නිවී සිහිල් වූයෙමි.
තත්ථ අගාරස්මිං වසන්තීහං, ධම්මං සුත්වාන භික්ඛුනොති අහං පුබ්බෙ අගාරමජ්ඣෙ වසමානා අඤ්ඤතරස්ස භින්නකිලෙසස්ස භික්ඛුනො සන්තිකෙ චතුසච්චගබ්භං ධම්මකථං සුත්වා. අද්දසං විරජං ධම්මං, නිබ්බානං පදමච්චුතන්ති රාගරජාදීනං අභාවෙන විරජං, වානතො නික්ඛන්තත්තා නිබ්බානං, චවනාභාවතො අධිගතානං අච්චුතිහෙතුතාය ච නිබ්බානං අච්චුතං, පදන්ති ච ලද්ධනාමං අසඞ්ඛතධම්මං, සහස්සනයපටිමණ්ඩිතෙන දස්සනසඞ්ඛාතෙන ධම්මචක්ඛුනා අද්දසං පස්සිං.
එහි, අගාරස්මිං වසන්තීහං ධම්මං සුත්වාන භික්ඛුනො - මම පෙර ගිහිගෙයි වසන්නෙම් එක්තරා කෙලෙස් සුන් භික්ෂුවකගෙන් චතුරාර්ය සත්‍යය ඇතුළත් වූ බණකථාවක් අසා, අද්දසං විරජං ධම්මං නිබ්බානපදමච්චුතං - රාගාදි රජස් පහවීමෙන් අකිලිටි වූ තෘෂ්ණාවෙන් නික්මුණු හෙයින් නිවුණාවූ, මරණයක් නැති හෙයින් ලබාගත් අමරණීයත්වය ඇති හෙයින් නිවුණා වූ අච්චුතපද යන නම ලැබුවා වූ, අසංස්කාර ධර්මය දහසක් නයින් සමන්විත වූ දැකිම් සංඛ්‍යාත දහම් ඇසින් දුටුවෙමි.
සාහන්ති සා අහං වුත්තප්පකාරෙන සොතාපන්නා හොමි.
සාහං - ඒ මම කී පරිදි සෝවාන් ඵලයට පැමිණියෙමි.
සික්ඛමානා අහං සන්තීති අහං සික්ඛමානාව සමානා පබ්බජිත්වා වස්සෙ අපරිපුණ්ණෙ එව. භාවෙන්තී මග්ගමඤ්ජසන්ති මජ්ඣිමපටිපත්තිභාවතො අඤ්ජසං උපරිමග්ගං උප්පාදෙන්තී. තදෙකට්ඨෙ ච ආසවෙති රාගදොසෙහි සහජෙකට්ඨෙ පහානෙකට්ඨෙ ච තතියමග්ගවජ්ඣෙ ආසවෙ පහාසිං සමුච්ඡින්දිං.
සික්ඛමානා අහං සන්ති - මම සසුනෙහි හික්මෙන්නීම පැවිදිව වසරක් පිරීමටත් පෙර, භාවෙන්ති මග්ගමඤ්ඡසං - මැදුම් පිළිවෙත අනුව යාමෙන් ලෝකෝත්තර මාර්ගය උපදවා ගනිමින්, තදෙකට්ඨෙ ච ආසවෙ - රාගද්වේශයන්ගෙන් ආසවයන් සිඳලීමි.
භික්ඛුනී උපසම්පජ්ජාති වස්සෙ පරිපුණ්ණෙ උපසම්පජ්ජිත්වා භික්ඛුනී හුත්වා. විමලන්ති අවිජ්ජාදීහි උපක්කිලෙසෙහි විමුත්තතාය විගතමලං, සාධු සක්කච්ච සම්මදෙව භාවිතං, සාධූහි වා බුද්ධාදීහි භාවිතං උප්පාදිතං දිබ්බචක්ඛු විසොධිතන්ති සම්බන්ධො.
භික්ඛුනී උපසම්පජ්ජ - අවශ්‍ය වස් ගණන පිරුණු පසු උපසපන් වී භික්ෂුවක් වී, විමලං - අවිද්‍යාදී උපකල්ෂයන්ගෙන් මිදුණු හෙයින් පහවූ කිළිටි ඇතිව, සාධු - මැනවින්, යහපත් සේ වඩන ලද්දේ, බුද්ධාදීන් විසින් පුරුදුපුහුණු කරන ලද හෝ, භාවිතං - උපදවනලද, දිබ්බචක්ඛු විසොධිතං - යනුවෙන් සම්බන්ධ කළ යුතුය.
සඞ්ඛාරෙති තෙභූමකසඞ්ඛාරෙ. පරතොති අනත්තතො. හෙතුජාතෙති පච්චයුප්පන්නෙ. පලොකිතෙති පලුජ්ජනසභාවෙ පභඞ්ගුනෙ පඤ්ඤාචක්ඛුනා දිස්වා. පහාසිං ආසවෙ සබ්බෙති අග්ගමග්ගෙන අවසිට්ඨෙ සබ්බෙපි ආසවෙ පජහිං, ඛෙපෙසින්ති අත්ථො. සෙසං වුත්තනයමෙව.
සඞ්ඛාරෙ - ත්‍රෛභූමක සංස්කාරයන්, පරතො - අනාත්ම වශයෙන්, හෙතුජාතෙ - ප්රත්යයකින් හටගත්, පලොකිතෙ - බිඳෙනසුලු, සිඳෙනසුලු, පැණැසින්, දිස්වා පහාසිං ආසවෙ සබ්බෙ, අග්රමාර්ගයෙන් ඉතිරි සියලු ආශ්‍රවයන් බිඳලීමි, සිඳලීමි, ගෙවා නිමකළෙමි. සෙස්ස කියනලද පරිදිමය.
සකුලාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සකුලා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.