මිත්තාකාළිථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
මිත්තාකාළිථෙරීගාථාවණ්ණනා
මෙත්තාකාළි ථේරීගාථා වර්ණනාව
සද්ධාය පබ්බජිත්වානාතිආදිකා මිත්තාකාළියා ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ කුරුරට්ඨෙ කම්මාසධම්මනිගමෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තා මහාසතිපට්ඨානදෙසනාය පටිලද්ධසද්ධා භික්ඛුනීසු පබ්බජිත්වා සත්ත සංවච්ඡරානි ලාභසක්කාරගිද්ධිකා හුත්වා සමණධම්මං කරොන්තී තත්ථ තත්ථ විචරිත්වා අපරභාගෙ යොනිසො උම්මුජ්ජන්තී සංවෙගජාතා හුත්වා විපස්සනං පට්ඨපෙත්වා න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
සද්ධාය පබ්බජිත්වාන - මෙය මිත්තාකාලිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී පින් රැස්කරමින් මේ බුදුපතෙහි කුරුරට කම්මාස්සදම්ම නම් නිගමෙහි බමුණුකුලයෙක ඉපිද දැන ඉගෙනගත් පසු මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාව අසා හටගත් ශ්‍රද්ධාව ඇත්තී, භික්ෂුණීන් වෙත පැවිදිව සත්වසක් පුරා ලාභසත්කාර කෙරෙහි ගිජුව මහණදම් පුරන්නී, ඒ ඒ තන්හි හැසිරෙමින් පසුකලෙක නුවණින් මෙනෙහි කර සංවේගයට පැමිණ විදසුන් වඩා නොබෝ කලෙකින් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ අතීත පිළිවෙත බලා උදාන වසයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය:
“සද්ධාය පබ්බජිත්වාන, අගාරස්මානගාරියං; විචරිංහං තෙන තෙන, ලාභසක්කාරඋස්සුකා.
සද්ධාය පබ්බජිත්වාන අගාරස්මානගාරියං, විචරීහං තෙන තෙන ලාභසක්කාර උස්සුකා.
“රිඤ්චිත්වා පරමං අත්ථං, හීනමත්ථං අසෙවිහං; කිලෙසානං වසං ගන්ත්වා, සාමඤ්ඤත්ථං න බුජ්ඣිහං.
රිඤ්චිත්වා පරමං අත්ථං හීනං අත්ථමසෙවිහං, කිලෙසානං වසං ගනත්වා සාමඤ්ඤත්ථං නබුජ්ඣිහං.
“තස්සා මෙ අහු සංවෙගො, නිසින්නාය විහාරකෙ; උම්මග්ගපටිපන්නාම්හි, තණ්හාය වසමාගතා.
තස්සා මෙ අහුසංවෙගො නිසින්නාය විහාරකෙ, උම්මග්ග පටිපන්නම්හි තණ්හාය වසමාගතා.
“අප්පකං ජීවිතං මය්හං, ජරා බ්යාධි ච මද්දති; පුරායං භිජ්ජති කායො, න මෙ කාලො පමජ්ජිතුං.
අප්පකං ජීවිතං මය්හං ජරා ව්‍යාධි ච මද්දති, ජරාය භිජ්ජතෙ කායො න මෙ කාලො පමජ්ජිතුං.
“යථාභූතමවෙක්ඛන්තී, ඛන්ධානං උදයබ්බයං; විමුත්තචිත්තා උට්ඨාසිං, කතං බුද්ධස්ස සාසන”න්ති. – ඉමා ගාථා අභාසි;
යථාභූතං අවෙක්ඛන්තී ඛන්ධානං උදයබ්බයං, විමුත්තචිත්තා උට්ඨාසිං කතං බුද්ධස්ස සාසනං-
අනගාරික සාසනයෙහි සැදැහැයෙන් පැවිදිව ලාභසත්කාරයන්හි ගිජුවී තැන තැන ඇවිද්දෙමි.
පරමාර්ථය අත්හැර ලාමක ප්‍රයෝජන ලබාගතිමි.
කලකදී විහාරයෙක සිටියාවූ මා තුළ සංවේගය ඇතිවිය. වැරදි මග ගමන්කළාවූ මම තෘෂ්ණාවට වසඟවීමි.
මගේ ජීවිතය අල්පය, ජරාවෙන් හා ව්‍යාධියෙන් මඩනා ලද්දෙමි. ජරාවෙන් සිරුර වැසෙයි, දැන් පමාවීමට කාලය නොවෙයි.
ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සංඛ්‍යාත යථාභූතය දකිමින් චිත්ත විමුක්තිය ලබාගතිමි. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි.
තත්ථ විචරිංහං තෙන තෙන, ලාභසක්කාරඋස්සුකාති ලාභෙ ච සක්කාරෙ ච උස්සුකා යුත්තප්පයුත්තා හුත්වා තෙන තෙන බාහුසච්චධම්මකථාදිනා ලාභුප්පාදහෙතුනා විචරිං අහං.
එහි, විචරීහං තෙන තෙන ලාභසක්කාර උස්සුකා - ලාභයෙහි හා සත්කාරයෙහි උනන්දු වී නොයෙක් ධර්මානුකූල කථා ආදියෙන් ලාභ උපදවා ගනිමින් හැසුරුණමි.
රිඤ්චිත්වා පරමං අත්‍ථන්ති ඣානවිපස්සනාමග්ගඵලාදිං උත්තමං අත්ථං ජහිත්වා ඡඩ්ඩෙත්වා. හීනමත්ථං අසෙවිහන්ති චතුපච්චයසඞ්ඛාතආමිසභාවතො හීනං ලාමකං අත්ථං අයොනිසො පරියෙසනාය පටිසෙවිං අහං. කිලෙසානං වසං ගන්ත්වාති මානමදතණ්හාදීනං කිලෙසානං වසං උපගන්ත්වා සාමඤ්ඤත්ථං සමණකිච්චං න බුජ්ඣිං න ජානිං අහං.
රිඤ්චිත්වා පරමං අත්ථං - ධ්‍යාන විදර්ශනා මාර්ගඵලාදි උත්තමාර්ථයන් අත්හැර, හීනං අත්ථමසෙවිහං - සිවුපසය සංඛ්‍යාත ආමිසයන් ලුහුබඳිමින් ලාමක ප්‍රයෝජන සෙවීමි. කිලෙසානං වසං ගනත්වා - මානමදතෘෂ්ණා ආදී කෙලෙසුන්ගේ වසඟයට ගොස්, සාමඤ්ඤත්ථං මහණකිස, නාබුප්ඣිං - නොදනිමි.
නිසින්නාය විහාරකෙති මම වසනකඔවරකෙ නිසින්නාය අහු සංවෙගො. කථන්ති චෙ, ආහ “උම්මග්ගපටිපන්නාම්හී”ති. තත්ථ උම්මග්ගපටිපන්නාම්හීති යාවදෙව අනුපාදාය පරිනිබ්බානත්ථමිදං සාසනං, තත්ථ සාසනෙ පබ්බජිත්වා කම්මට්ඨානං අමනසිකරොන්තී තස්ස උම්මග්ගපටිපන්නා අම්හීති. තණ්හාය වසමාගතාති පච්චයුප්පාදනතණ්හාය වසං උපගතා.
නිසින්නාය විහාරකෙ - මා වෙසෙන කුටියෙහි හුන්නෙමි, අහු සංවෙගො - ඒ කෙසේදැයි කීවාය. උම්මග්ගපටිපන්නම්හි - එහි නොමගට පිළිපන්නෙමි යනු පිරිනිවන්පෑම සඳහා මෙය සසුනය, ඒ සසුනෙහි පැවිදිව කමටහන් මෙනෙහි නොකරන්නී එහිලා නොමගට පිළිපන්නෙම් වෙමි. තණ්හාය වසමාගතා - සිවුපසය ලබාගැනීමේ තෘෂ්ණාවට වසඟවීමි.
අප්පකං ජීවිතං මය්හන්ති පරිච්ඡින්නකාලා වජ්ජිතතො බහූපද්දවතො ච මම ජීවිතං අප්පකං පරිත්තං ලහුකං. ජරා බ්යාධි ච මද්දතීති තඤ්ච සමන්තතො ආපතිත්වා නිප්පොථෙන්තා පබ්බතා විය ජරා බ්යාධි ච මද්දති නිම්මථති. “මද්දරෙ”තිපි පාඨො. පුරායං භිජ්ජති කායොති අයං කායො භිජ්ජති පුරා. යස්මා තස්ස එකංසිකො භෙදො, තස්මා න මෙ කාලො පමජ්ජිතුං අයං කාලො අට්ඨක්ඛණවජ්ජිතො නවමො ඛණො, සො පමජ්ජිතුං න යුත්තොති තස්සාහුං සංවෙගොති යොජනා.
අප්පකං ජීවිතං මය්හං - කාලය සීමිතය, එයද උවදුරු සහිතය. එහෙයින් මගේ ජීවිතය ද අල්පය, කෙටිය. ජරා ව්‍යාධි ච මද්දති - එයද හාත්පසින් කඩාවැටී පොඩිවන්නා වූ පර්වත මෙන් දිරීම හා ලෙඩරෝග දිවිය කළඹයි. ‘මද්දරෙ’ යනුවෙන් ද පාඨයකි. ජරාය භිජ්ජතෙ කායො - මේ සිරුර දිරායාමෙන් නැසෙයි. යම් හෙයකින් මේ විනාශය ඒකාන්තද එසේ හෙයින්, න මෙ කාලො පමජ්ජිතුං - අවස්ථා අටක් මග හැර ගියාවූ මේ සිරුර නවවන අවස්ථාවෙහි, ක්ෂණයෙහි පමාවීමට නුසුදුසුය. ‘එහෙයින් සංවේගය හටගැනිණ’ යනුවෙන් සම්බන්ධ කර ගත යුතුය.
යථාභූතමවෙක්ඛන්තීති එවං ජාතසංවෙගා විපස්සනං පට්ඨපෙත්වා අනිච්චාදිමනසිකාරෙන යථාභූතමවෙක්ඛන්තී. කිං අවෙක්ඛන්තීති ආහ “ඛන්ධානං උදයබ්බය”න්ති. “අවිජ්ජාසමුදයා රූපසමුදයො”තිආදිනා (පටි· ම· 1.50) සමපඤ්ඤාසප්පභෙදානං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උප්පාදනිරොධඤ්ච උදයබ්බයානුපස්සනාය අවෙක්ඛන්තී විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා සබ්බසො කිලෙසෙහි ච භවෙහි ච විමුත්තචිත්තා උට්ඨාසිං, උභතො උට්ඨානෙන මග්ගෙන භවත්තයතො චාති වුට්ඨිතා අහොසිං. සෙසං වුත්තනයමෙව.
යථාභූතං අවෙක්ඛන්ති - මෙසේ හටගත් සංවේගය ඇතිව විදසුන් වඩා අනිත්‍යාදිය මෙනෙහි කරමින් යථා තත්ත්වය බලන්නී, කුමක් බලමින්දැයි ප්‍රකාශ කරන්නී, මෙය දුටුවාය. ඛන්ධානං උදයබ්බයං - අවිද්‍යාවෙන් රූපය හටගනී ආදී වශයෙන් සමපණසක් භේදයන් ඇති පස්වැදෑරුම් උපාදනස්කන්ධයන්ගේ, උත්පත්තිය නිමකිරීමද, හටගැන්ම හා නැතිවීම අනුව බලමින් විදර්ශනාව දියුණුකර මග පිළිවෙළින් සියලු කෙලෙස්වලින් ද භවයන්ගෙන් ද මිදී, උට්ඨාසිං - දෙවැදැරුම් උට්ඨානයෙන් (නැගීසිටීමෙන්) ද භවත්රයෙන්ද නැගී සිටියේ වෙමි. සෙස්ස යට කියනලද පරිදිමය.
මිත්තාකාළීථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
මිත්තාකාලිකා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.