නන්‍දුත‍්තරාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
නන්‍දුත‍්තරාථෙරීගාථාවණ‍්ණනා
නන්‍දුත්තරා ථේරීගාථා වර්ණනාව
අග‍්ගිං චන්‍දඤ‍්චාතිආදිකා නන්‍දුත‍්තරාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුරුරට‍්ඨෙ කම‍්මාසධම‍්මනිගමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා , එකච‍්චානි විජ‍්ජාට‍්ඨානානි සිප‍්පායතනානි ච උග‍්ගහෙත්‍වා නිගණ‍්ඨපබ‍්බජ‍්ජං උපගන‍්ත්‍වා, වාදප‍්පසුතා ජම‍්බුසාඛං ගහෙත්‍වා භද‍්දාකුණ‍්ඩලකෙසා විය ජම‍්බුදීපතලෙ විචරන‍්තී මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡිත්‍වා පරාජයං පත‍්තා ථෙරස‍්ස ඔවාදෙ ඨත්‍වා සාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තී න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන –
‘අග්ගිං චන්‍දඤ්ච’ යන මෙය නන්දුත්තරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ ආත්මභාවයන්හි දී පින් රැස්කරමින් අවුත් මේ බුදුපතෙහි කුරුරට කම්මාස්ස දම්ම නම් නිගමෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද ඇතැම් විද්‍යා ස්ථානයන්හි හා ශිල්පායතනවල ඉගෙනගෙන නිගණ්ඨ පැවිද්ද ලබා වාදකිරීමෙහි දක්‍ෂවූවා දඹ අත්තක් ගෙන භද්දා කුණ්ඩලකේසා මෙන් දඹදිව පුරා හැසිරෙන්නී මහමුගලන් තෙරණුවන් වෙත එළඹ ප්‍රශ්න අසා පැරදී තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සසුනෙහි පැවිදිව මහණදම් සපුරා නොබෝකලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත බලා උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය:
“අග‍්ගිං චන්දඤ්ච සූරියඤ්ච, දෙවතා ච නමස්සිහං; නදීතිත්‍ථානි ගන‍්ත්‍වාන, උදකං ඔරුහාමිහං.
අග්ගිං චන්දඤ්ච සූරියඤ්ච දෙවතා ච නමස්සිහං, නදීතිත්‍ථානි ගනත්‍වාන උදකං ඔරුහාමහං.
“බහූවතසමාදානා, අඩ‍්ඪං සීසස‍්ස ඔලිඛිං; ඡමාය සෙය්‍යං කප‍්පෙමි, රත‍්තිං භත‍්තං න භුඤ‍්ජහං.
බහු වත සමාදානා අඩ්ඪං සීසස්ස ඕලිඛිං, ජමාය සෙය්‍යං කප්පෙමි රත්තිභත්තං න භුඤ්ජිහං.
“විභූසාමණ‍්ඩනරතා, න‍්හාපනුච‍්ඡාදනෙහි ච; උපකාසිං ඉමං කායං, කාමරාගෙන අට‍්ටිතා.
විභූසාමණ්ඩනරතා නහාපනුච්ඡාදනෙහි ච, උපකාසිං ඉමං කායං කාමරාගෙන අට්ටිතා.
“තතො සද්ධං ලභිත්‍වාන, පබ්බජිං අනගාරියං; දිස්වා කායං යථාභූතං, කාමරාගො සමූහතො.
තතො සද්ධං ලභිත්‍වාන පබ්බජිං අනගාරියං, දිස්වා කායං යථාභූතං කාමරාගො සමූහතො.
“සබ‍්බෙ භවා සමුච‍්ඡින‍්නා, ඉච‍්ඡා ච පත්‍ථනාපි ච; සබ‍්බයොගවිසංයුත‍්තා, සන‍්තිං පාපුණි චෙතසො”ති. – ඉමා පඤ‍්ච ගාථා අභාසි.
සබ්බෙ භවා සමුච්ඡින්තා ඉච්ඡාව පත්‍ථනාපි ච, සබ්බ යොගවිසංයුත්තා සන්තිං පාපුණි චෙතසො-
මම, ගින්න, ඉර සඳ දෙවිදේවතාවන් පිදුවෙමි, ගඞ්ගාතොටුපලවල දියෙහි ගිලුණෙමි.
බොහෝ ව්‍රතයන් සමාදන්වීමි. හිසෙහි අඩක් මුඩුකළෙමි. බිම නිදාගතිමි, රාත්‍රි ආහාරය නොගතිමි.
අබරණවලින්ද, නෑම සිරුරට සාත්තු කිරීම ආදියෙන්ද, කාමරාගයෙන් වෙළුණාවූ මම මේ සිරුරට සැලකුවෙමි.
ඉක්බිති ශ්‍රද්ධාව උපදවාගෙන සසුනෙහි පැවිදිවීමි, ශරීරයෙහි යථාස්වභාවය හැඳිනගෙන කාමරාගය සිඳලීමි.
සියලු භවයන් ආශා හා ප්‍රාර්ථනා සියල්ලම සිඳලීමි, සියලු යෝගයන් විසංයෝගකර සිතෙහි ශාන්තිය ලබාගතිමි.
තත්‍ථ අග‍්ගිං චන්දඤ්ච සූරියඤ්ච, දෙවතා ච නමස‍්සිහන‍්ති අග‍්ගිප‍්පමුඛා දෙවාති ඉන්‍දානං දෙවානං ආරාධනත්‍ථං ආහුතිං පග‍්ගහෙත්‍වා අග‍්ගිඤ‍්ච, මාසෙ මාසෙ සුක‍්කපක‍්ඛස‍්ස දුතියාය චන්‍දඤ‍්ච, දිවසෙ දිවසෙ සායං පාතං සූරියඤ‍්ච, අඤ‍්ඤා ච බාහිරා හිරඤ‍්ඤගබ‍්භාදයො දෙවතා ච, විසුද‍්ධිමග‍්ගං ගවෙසන‍්තී නමස‍්සිහං නමක‍්කාරං අහං අකාසිං. නදීතිත්‍ථානි ගන‍්ත්‍වාන, උදකං ඔරුහාමිහන‍්ති ගඞ‍්ගාදීනං නදීනං පූජාතිත්‍ථානි උපගන‍්ත්‍වා සායං පාතං උදකං ඔතරාමි උදකෙ නිමුජ‍්ජිත්‍වා අඞ‍්ගසිඤ‍්චනං කරොමි.
එහි, අග්ගිං චන්දඤ්ච සූරියඤ්ච දෙවතා ව නමස්සි හං - දෙවිවරු ගින්න මුඛය කොට ඇත්තාහු වෙත්ය යන ප්‍රකාශයට අනුව ඉන්ද්‍රාදි දෙවිවරුන් සතුටු කරවීම පිණිස යාගද්‍රව්‍ය ගෙන ගින්නද, මසක් පාසා පූර්‍ණපක්‍ෂයෙහි දෙවන දින සඳුදා, දවසක් පාසා උදේ සවස හිරුද අනෙකුත් බාහිර භිරණ්‍යගර්‍භාදි දෙවිවරුන් ද විෂයයෙහි විශුද්ධ මාර්ගය සොයන්නී, නමස්සිහං - මම ඔවුන්ට නමස්කාර කළෙමි. නදීතිත්‍ථානි ගනත්‍වාන උදකං ඔරුහාමහං - ගඞ්ගාවල පුණ්‍ය තීර්ථයන් කරා ගොස් උදසන හා සවස ද දියට බසිමි. දියෙහි ගිලී ගත තෙත්කර ගනිමි.
බහූවතසමාදානාති පඤ‍්චාතපතප‍්පනාදි බහුවිධවතසමාදානා. ගාථාසුඛත්‍ථං බහූති දීඝකරණං. අඩ‍්ඪං සීසස‍්ස ඔලිඛින‍්ති මය‍්හං සීසස‍්ස අඩ‍්ඪමෙව මුණ‍්ඩෙමි. කෙචි “අඩ‍්ඪං සීසස‍්ස ඔලිඛින‍්ති කෙසකලාපස‍්ස අඩ‍්ඪං ජටාබන්‍ධනවසෙන බන්‍ධිත්‍වා අඩ‍්ඪං විස‍්සජ‍්ජෙසි”න‍්ති අත්‍ථං වදන‍්ති. ඡමාය සෙය්‍යං කප‍්පෙමීති ථණ‍්ඩිලසායිනී හුත්‍වා අනන‍්තරහිතාය භූමියා සයාමි. රත‍්තිං භත‍්තං න භුඤ‍්ජහන‍්ති රත‍්තූපරතා හුත්‍වා රත‍්තියං භොජනං න භුඤ‍්ජිං.
බහුවත සමාදානං - පඤ්චතාපන (ගිනි පහකින් තවා ගැනීම) ආදිය ප්‍රධාන කොට ඇති විවිධ වුතසමාදානයෝ, ගාථාවෙහි සමතාව සඳහා බහු යනුවෙන් දීර්ඝ වර්‍ණය යෙදී ඇත. අඩ්ඪං සීසස්ස ඕලිඛිං - මගේ හිසද අඩක් මුඩුකරගනිමි. සමහරෙක් ‘අඩ්ඪං සීසස්ස ඕලිඛිං’ යනු කෙස්වැටියෙන් අඩක් කොණ්ඩය වශයෙන් බැඳ අනෙක් අඩ විහිදුවා දමා ගතිමි යනුවෙන් තේරුම කියත්. ජමාය සෙය්‍යං කප්පෙමි - වැල්ලෙහි නිදාගන්නියක වී, (සතණ්ඩිල ශායිකා) අනාවරණ භූමියෙහි නිදමි. රත්තිභත්තං න භුඤ්ජිහං - රාත්‍රි භෝජනයෙන් වෙන්වී රෑකල ආහාර නොවැළඳුවෙමි.
විභූසාමණ‍්ඩනරතාති චිරකාලං අත‍්තකිලමථානුයොගෙන කිලන‍්තකායා “එවං සරීරස‍්ස කිලමනෙන නත්‍ථි පඤ‍්ඤාසුද‍්ධි. සචෙ පන ඉන්‍ද්‍රියානං තොසනවසෙන සරීරස‍්ස තප‍්පනෙන සුද‍්ධි සියා”ති මන‍්ත්‍වා ඉමං කායං අනුග‍්ගණ‍්හන‍්තී විභූසායං මණ‍්ඩනෙ ච රතා වත්‍ථාලඞ‍්කාරෙහි අලඞ‍්කරණෙ ගන්‍ධමාලාදීහි මණ‍්ඩනෙ ච අභිරතා. න‍්හාපනුච‍්ඡාදනෙහි චාති සම‍්බාහනාදීනි කාරෙත්‍වා න‍්හාපනෙන උච‍්ඡාදනෙන ච. උපකාසිං ඉමං කායන‍්ති ඉමං මම කායං අනුග‍්ගණ‍්හිං සන‍්තප‍්පෙසිං. කාමරාගෙන අට‍්ටිතාති එවං කායදළ‍්හීබහුලා හුත්‍වා අයොනිසොමනසිකාරපච‍්චයා පරියුට‍්ඨිතෙන කාමරාගෙන අට‍්ටිතා අභිණ‍්හං උපද‍්දුතා අහොසිං.
විභූසාමණ්ඩනරතා - බොහෝ කලක් අත්තකිලමථානුයෝගයෙන් ක්ලාන්ත වූ ශරීරය ඇතී ක්ලාන්තයෙන් නුවණ පිරිසිදුවීමක් නොවේ. ඉදින් ඉඳුරන් සතුටුකිරීම් වශයෙන් ශරීරය පිළිදැගුම් කිරීමෙන් ශුද්ධියක් වේයයි සිතා මේ සිරුරට අනුග්‍රහය දක්වන්නී අබරණවලින් සරසා ගැනීමෙහි යෙදී, වස්ත්‍රාලංකාරයෙන් ද විසිතුරු කිරීමෙහි යෙදී, ගඳමල් පැළඳීමෙහි ද ඇලුම් කළෙමි. නහාපනුච්ඡාදනෙහි ච - පිරිමැදීම් ආදිය කර නෑමෙන්ද ඇඟ ඉලීමෙන්ද, උපකාසිං ඉමං කායං - මේ මගේ සිරුර සැතැප්වීමි, අනුග්‍රහ කළෙමි. කාමරාගෙන අට්ටිතා - මෙසේ සිරුර දැඩි ලෙස ගෙන නුනුවණින් මෙනෙහි කිරීමෙන් කාමරාගයෙන් මඩනා ලද්දී, අට්ටිතා - බෙහෙවින් අන්තරායට ගොදුරුවීමි.
තතො සද‍්ධං ලභිත්‍වානාති එවං සමාදින‍්නවතානි භින්‍දිත්‍වා කායදළ‍්හීබහුලා වාදප‍්පසුතා හුත්‍වා තත්‍ථ තත්‍ථ විචරන‍්තී තතො පච‍්ඡා අපරභාගෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස සන‍්තිකෙ ලද‍්ධොවාදානුසාසනා සද‍්ධං පටිලභිත්‍වා. දිස‍්වා කායං යථාභූතන‍්ති සහ විපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය ඉමං මම කායං යථාභූතං දිස‍්වා අනාගාමිමග‍්ගෙන සබ‍්බසො කාමරාගො සමූහතො. තතො පරං අග‍්ගමග‍්ගෙන සබ‍්බෙ භවා සමුච‍්ඡින‍්නා, ඉච‍්ඡා ච පත්‍ථනාපි චාති පච‍්චුප‍්පන‍්නවිසයාභිලාසසඞ‍්ඛාතා ඉච‍්ඡා ච ආයතිභවාභිලාසසඞ‍්ඛාතා පත්‍ථනාපි සබ‍්බෙ භවාපි සමුච‍්ඡින‍්නාති යොජනා . සන‍්තිං පාපුණි චෙතසොති අච‍්චන‍්තං සන‍්තිං අරහත‍්තඵලං පාපුණිං අධිගච‍්ඡින‍්ති අත්‍ථො.
තතො සද්ධං ලභිත්‍වාන - එසේ සමාදන් වූ ව්‍රතයන් බිඳදමා වාදයෙහි දක්‍ෂ වී ඒ ඒ තැන්වල හැසිරෙන්නී, තතො - පසුකලෙක මහමුගලන් තෙරණුවන් සමීපයෙන් අවවාදානුශාසනා ඇතිව ශ්‍රද්ධාව ලැබ, දිස්වා කායං යථාභූතං - විදර්‍ශනා වඩා මාර්ග ප්‍රඥාවෙන් මගේ සිරුර යථාභූත වසයෙන් හැඳිනගෙන අනාගාමී මාර්ගයෙන් සර්‍වප්‍රකාරයෙන්ම කාමරාගය නැතිකර එයින් පසුව අග්‍රමාර්ගයෙන්, සබ්බෙ භවා සමුච්ඡින්තා ඉච්ඡා ච පත්‍ථනාපි ච - වර්‍තමානය යොමු කොට ඇත්තා වූ අභිලාෂ සංඛ්‍යාත ආශාවන් ද මතු බවයන් පිළිබඳව පවතින්නා වූ අභිලාෂ සංඛ්‍යාත ප්‍රාර්ථනාද සියලු භවයන්ද, සමුච්ඡින්නා - (විනාශ කරන ලදි) යනුවෙන් යොදාගත යුතුය. සන්තිං පාපුණි චෙතසො - අත්‍යන්ත ශාන්තිය වූ රහත්ඵලයට පැමිණියෙමි, අවබෝධ කරගතිමි යනු අර්ථයයි.
නන්‍දුත‍්තරාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
නන්දුත්තරා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.