නන්‍දුත‍්තරාථෙරීගාථා
5. 5.
5. 5.
87. අග‍්ගිං චන්‍දඤ‍්ච සුරියඤ‍්ච දෙවතා ච නමස‍්සිහං නදීතිත්‍ථානි ගන‍්ත්‍වාන උදකං ඔරුහාමිහං.
87. (ඉන්‍ද්‍රාදීන් ආරාධනය සඳහා) ගිනිදෙවි ද (මසක් පාසා නව) සඳ ද (දවස් පතා උදය සවස) හිරු ද (හිරණ්‍යගර්‍භාදි බාහිර) දෙවියන් ද මම් (ශුද්ධිය පතා) නමස්කාර කළමු, නදීතීර්‍ත්‍ථයන් කරා එළඹ දියෙහි ගැලුනෙමු.
88. බහුවතසමාදානා අඩ‍්ඪං සීසස‍්ස ඔලිඛිං, ඡමාය සෙය්‍යං කප‍්පෙමි රත‍්තිං භත‍්තං න භුඤ‍්ජිහං
88. බොහෝ ව්‍රත සමාදානයෙන් හිස අඩක් මුඬු කළමු. බිම හෝනෙමි. රාත්‍රිභෝජනය නො වැළඳීමි.
89. විභූසාමණ‍්ඩනරතා නහාපනුච‍්ඡාසනෙහි ච උපාකාසිං ඉමං කායං කාමරාගෙන අට‍්ටිතා.
89. (යළි) වස්ත්‍රාලඞ්කාරයෙන් ගඳමලින් සැරසීමෙහි ඇලී නැහැවීමෙන් හා ඇඟ ඉලීමෙන් ද කාමරාගයෙන් උපද්‍රැත වැ මේ කය සතපාලූමු.
90. තතො සද‍්ධං ලභිත්‍වාන පබ‍්බජිං අනගාරියං, දිස‍්වා කායං යථාභූතං කාමරාගො සමූහතො.
90. මෑතභාගයෙහි සැදැහැ උපදවා සස්නෙහි පැවිදි වූමු. විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් මේ කය තතුසේ දැක කාමරාගය (අගමඟින්) නසනලද්දේ යැ.
91. සබ‍්බෙ භවා සමුච‍්ඡින‍්නා ඉච‍්ඡා ච පත්‍ථනාපි ච, සබ‍්බයොගවිසංයුත‍්තා සන‍්තිං පාපුණි චෙතසොති.
91. සියලු භවයෝ ද විෂයාභිලාෂ සඞ්ඛ්‍යාත ඉච්ඡාව ද අනාගතභව ප්‍රාර්‍ත්‍ථනාව ද සිඳිනලද්දාහු යැ. කාමාදි සියලු යෝගයන්ගෙන් විසංයුක්ත වැ චිත්තයාගේ ශාන්තියට පැමුණුමු.
ඉත්‍ථං සුදං නන්‍දුත‍්තරා ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් නන්‍දුත්තරා මෙහෙණ ගාථා කිවු යැ.