සුන්දරීනන්දාථෙරීගාථා
5. 4.
5. 4.
82. ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
82. නන්දාවෙනි, ආතුර වූ (නානාවිධ කුණපයෙන්) අපවිත්‍ර වූ පූතිභූත ශරීරය බල. අශුභ භාවනා සම්පාදනය පිණිස (උපචාරසමාධියෙන්) එකඟ වූ (අර්‍පණාසමාධියෙන්) සුසමාහිත වූ සිත වඩව.
83. යඡා ඉදං තථා එතං යථා එතං තථා ඉදං දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දිතං.
83. මේ සවිඥානක අශුභය යම්සේ ද තෙල අවිඥානක අශුභයත් එබඳු විය. තෙල අවිඥානක අශුභය යම්සේ (සුසානයෙහි හෝනේ) ද මේ සවිඥානක අශුභයත් එබඳු වෙයි. බාලයන් විසින් පතන ලදුයේ නමුදු දුගඳ හමයි.
84. එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා තතො සකාය පඤ්ඤාය අභිනිබ්භිජ්ජ දක්ඛිසං.
84. මෙසේ ස්වකීය භාවනාමය ප්‍රඥායෙන් (ඝනවිනබ්භෝග කරණයෙන්) ඝනසංඥා බිඳ රෑදාවල් බලමින් අනලස් වැ තෙල ස්වභාවය ඇති සිරුර මෙසේ දුටුමු.
85. තස්සා මෙ අප්පමත්තාය විචිනන්තියා යොනිසො යථාභූතං අයං කායො දිට්ඨො සන්තරබාහිරො.
85. ස්මෘති අවිප්‍රවාසයෙන් අප්‍රමත්ත වූ උපායමනසිකාරයෙන් විමසන ඒ මා විසින් ස්වසන්තාන පරසන්තාන භේද වූ කය ඇතිසැටියෙන් දක්නා ලද්දේ යැ.
86. අථ නිබ්බින්දහං කායෙ අජ්ඣත්තඤ්ච විරජ්ජහං අප්පමත්තා විසංයුත්තා උපසන්තාම්හි නිබ්බුතාති.
86. අනතුරු වැ මම් ආත්මභාව සඞ්ඛ්‍යාත කයෙහි (මාර්‍ගප්‍රඥායෙන්) නිර්වේදයට පැමිණියෙමි. මම් අධ්යාත්මසන්තානයෙහි ද විරාගයට පැමිණියෙමි. අප්‍රමත්ත වැ සංයෝජන සමුච්ඡේදයෙන් විසංයුක්ත වැ උපශාන්ත ද පරිනිර්වෘත ද වූමු.
ඉත්ථං සුදං සුන්දරීනන්දාථෙරී ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් සුන්දරීනන්දා මෙහෙණ ගාථා කිවු යැ.