සීහාථෙරීගාථා
5. 3.
5. 3.
77. අයොනිසො මනසිකාරා කාමරාගෙන අට‍්ටිතා, අහොසිං උද‍්ධතා පුබ‍්බෙ චිත‍්තෙ අවසවත‍්තිනී.
77. අනුපාය මනසිකාරය හේතු කොට ගෙන කාමරාගයෙන් පීඩිත වැ පළමු මාගේ සිත වශයෙහි නො පවත්නා කල්හි නො සන්හුන් සිත් ඇති වූමු.
78. පරියුට‍්ඨිතා කිලෙසෙහි සුභසඤ‍්ඤානුවත‍්තිනී, සමං චිත‍්තස‍්ස නාලභිං රාගචිත‍්තවසානුගා.
78. කාමරාගාදි කෙලෙසුන් විසින් මඬනා ලදු වැ ශුභසංඥා අනු වැ වැටෙන සුලු වැ රාගචිත්තයාගේ වශයට පැමිණෙමින් චිත්තශමථය නො ලදුමු.
79. කිසා පණ‍්ඩු විවණ‍්ණා ච සත‍්තවස‍්සානි චාරි’හං, නාහං දිවා වා රත‍්තිං වා සුඛං වින්‍දිං සුදුක‍්ඛිතා.
79. මම් කෘශ වැ පඬුපැහැ ඇති වැ විවර්‍ණ වූ සිරුරු ඇති වැ සත්වසක් හැසිරිණිමි. කෙලෙස්දුකින් දුක්පත් වූ මම් දහවලැ හෝ රැය හෝ මහණසුව නො ලදුමු.
80. තතො අජ‍්ජුං ගහෙත්‍වාන පාවිසිං වනමන‍්තරං, වරං මෙ ඉධ උබ‍්බන්‍ධං යඤ‍්ච හීනං පුනාචරෙ.
80. ඉක්බිති ‘යම් හෙයකින් හීන වූ ගිහිබවට පෙරළා පැමිණෙම් ද මෙහි ගෙලවැල්ලා මියනු ඊට වඩා උතුමැ’යි රැහැනක් ගෙන වනතුරට පිවිසීමි.
81. දළ‍්හං පාසං කරිත්‍වාන රුක‍්ඛසාඛාය බන්‍ධිය, පක‍්ඛිපිං පාසං ගීවාය අථ චිත‍්තං විමුච‍්චි මෙති.
81. දැඩි වූ පුඬුවක් කොට වෘක්‍ෂශාඛායෙකැ බැඳ පුඬුව ග්‍රීවායෙහි බහාලිමි. එකල්හි මාගේ සිත සියලු ආස්‍රවයන් කෙරෙන් මිදිණි.
ඉත්‍ථං සුදං සීහා ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් සීහා මෙහෙණ ගාථා කිවු යැ.