සීහාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සීහාථෙරීගාථාවණ්ණනා
සීහා ථේරීගාථා වර්ණනාව
අයොනිසො මනසිකාරාතිආදිකා සීහාය ථෙරියා ගාථා . අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං සීහසෙනාපතිනො භගිනියා ධීතා හුත්වා නිබ්බත්ති. තස්සා “මාතුලස්ස නාමං කරොමා”ති සීහාති නාමං අකංසු. සා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථාරා සීහස්ස සෙනාපතිනො ධම්මෙ දෙසියමානෙ තං ධම්මං සුත්වා පටිලද්ධසද්ධා මාතාපිතරො අනුජානාපෙත්වා පබ්බජි. පබ්බජිත්වා ච විපස්සනං ආරභිත්වාපි බහිද්ධා පුථුත්තාරම්මණෙ විධාවන්තං චිත්තං නිවත්තෙතුං අසක්කොන්තී සත්ත සංවච්ඡරානි මිච්ඡාවිතක්කෙහි බාධීයමානා චිත්තස්සාදං අලභන්තී “කිං මෙ ඉමිනා පාපජීවිතෙන , උබ්බන්ධිත්වා මරිස්සාමී”ති පාසං ගහෙත්වා රුක්ඛසාඛායං ලග්ගිත්වා තං අත්තනො කණ්ඨෙ පටිමුඤ්චන්තී පුබ්බාචිණ්ණවසෙන විපස්සනාය චිත්තං අභිනීහරි, අන්තිමභවිකතාය පාසස්ස බන්ධනං ගීවට්ඨානෙ අහොසි, ඤාණස්ස පරිපාකං ගතත්තා සා තාවදෙව විපස්සනං වඩ්ඪෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අරහත්තං පත්තසමකාලමෙව ච පාසබන්ධො ගීවතො මුච්චිත්වා විනිවත්ති. සා අරහත්තෙ පතිට්ඨිතා උදානවසෙන –
අයොනිසො මනසිකාරා - මෙය සීහා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි විසාලා නුවර සිංහ සේනාපතියාගේ නැගණියගේ දුව වී උපන්නාය. ඇයගේ මාමාගේ නමම යෙදිය යුතුයයි සිතා ඕ සීහා යන නමින් හඳුන්වනු ලැබුවාය. ඈ වියපත් වූ පසු දිනෙක බුදුරදුන් සිංහ සේනාපතිට දෙසූ ධර්මයක් අසා සැදැහැ ඇතිව මවුපියන්ගේ අනුදැනුම ලබා පැවිදිවුවාය. පැවිදිවීද විදසුන් වඩන්නී බැහැරින් පැමිණෙන දළ අරමුණු කෙරෙහි දුවන්නා වූ සිත නවත්වා ගැනීමට නොහැකිව සත්වසරක් පුරා අයහපත් සිතුවිලිවලින් බාධා කරනු ලබන්නී සිත් සැනසීමක් නොලැබ මට මේ පව්කාර ජීවිතයෙන් ඇති ප්රයෝජනය කුමක්දැයි ගෙල වැල්ලා මැරෙන්නෙමි සිතා ලණුවක් ගෙන ගසක අත්තක බැඳ අනෙක් කොණ තමාගේ ගෙලවටා බඳින්නී පෙර කළ පුරුදු විසින් භාවනාවෙහි සිත නියැලුණි. මෙය ඇයගේ අන්තිම භවය හෙයින් මද්ද ගෙලෙහි පිහිටියේය. එකෙණෙහිම නුවණ මුහුකුරා ගිය හෙයින් විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත් බවට පැමිණෙත්ම මද්ද බෙල්ලෙන් මිදී ඉවත්විය. රහත් වූ ඕතොමෝ උදාන වශයෙන් මේ ගාථා ප්රකාශ කළාය:
“අයොනිසො මනසිකාරා, කාමරාගෙන අට්ටිතා; අහොසිං උද්ධතා පුබ්බෙ, චිත්තෙ අවසවත්තිනී.
අයොනිසො මනසිකාරා කාමරාගෙන අට්ටිතා, අහොසිං උද්ධතා පුබ්බෙ චිත්තෙ අවසවත්තිනී.
“පරියුට්ඨිතා ක්ලෙසෙහි, සුභසඤ්ඤානුවත්තිනී; සමං චිත්තස්ස න ලභිං, රාගචිත්තවසානුගා.
පරියුට්ඨිතා කිලෙසෙහි සුභසඤ්ඤානු වත්තිනී, සමං චිත්තස්ස නලභිං රාගචිත්තවසානුගා.
“කිසා පණ්ඩු විවණ්ණා ච, සත්ත වස්සානි චාරිහං; නාහං දිවා වා රත්තිං වා, සුඛං වින්දිං සුදුක්ඛිතා.
කිසා පණ්ඩු විවණ්ණා ච සත්තවස්සානි චාරිහං, නාහං දිවා වා රත්තිං වා සුඛං වින්දිං සුදුක්ඛිතා.
“තතො රජ්ජුං ගහෙත්වාන, පාවිසිං වනමන්තරං; වරං මෙ ඉධ උබ්බන්ධං, යඤ්ච හීනං පුනාචරෙ.
තතො රජ්ජුං ගහෙත්වාන පාවිසිං වනමන්තරං, වරං මෙ ඉධ උබ්බන්ධං යඤ්ච හීනං පුනාචරෙ.
“දළ්හපාසං කරිත්වාන, රුක්ඛසාඛාය බන්ධිය; පක්ඛිපිං පාසං ගීවායං, අථ චිත්තං විමුච්චි මෙ”ති. – ඉමා ගාථා අභාසි.
දළ්හං පාසං කරිත්වාන රුක්ඛසාඛාය බන්ධිය, පක්ඛිපිං පාසගීවාය අථ චිත්තං විමුච්චි මෙ-
නුනුවණින් මෙනෙහි කරමින්, කාමරාගයෙන් පෙළුණේ පෙර සිත වසඟයෙහි නොපිහිටන්නේ උඩඟුවීමි.
හැම දෙයක්ම සුභ වසයෙන් බලමින් කෙලෙස්වලින් පෙළුණෙමි රාගසිතට වසඟ වී සිතෙහි සාමයක් නොලදිමි.
සත්වසරක් පුරා කෘශව දුර්වර්ණව පඬුවන් පැහැවී හැසිරෙන්නී, දිවා රෑ දෙකේම දුකට පත්වී සුවයක් නොවින්දෙමි.
ඉක්බිති මම රැහැනක් ගෙන එක්තරා වනයකට පිවිසියෙමි. නැවත හීනබවට පැමිණෙනවාට වඩා මෙහි ගෙල වැලලා මියයාම යෙහෙකි.
තද මද්දක් සාදා ගසක අත්තක බැඳ තොණ්ඩුව ගෙලෙහි දමා ගතිමි. එකෙණෙහිම මගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.
තත්ථ අයොනිසො මනසිකාරාති අනුපායමනසිකාරෙන, අසුභෙ සුභන්ති විපල්ලාසග්ගාහෙන. කාමරාගෙන අට්ටිතාති කාමගුණෙසු ඡන්දරාගෙන පීළිතා. අහොසිං උද්ධතා පුබ්බෙ, චිත්තෙ අවසවත්තිනීති පුබ්බෙ මම චිත්තෙ මය්හං වසෙ අවත්තමානෙ උද්ධතා නානාරම්මණෙ වික්ඛිත්තචිත්තා අසමාහිතා අහොසිං.
එහි අයොනිසො මනසිකාරා - අනුචිත මෙනෙහි කිරීමෙන් අසුභ දෙය සුභ වසයෙන් වරදවා ගැනීමෙන්, කාමරාගෙන අට්ටිතා - කාමගුණයන් කෙරෙහි කාමරාගයෙන් පෙළි, අහොසිං උද්ධතා පුබ්බෙ චිත්තෙ අවසවත්තිනී - පෙර මගේ සිත මගේ වසඟයෙහි නොපවත්නේ, උද්ධතා - නොයෙක් අරමුණු කෙරෙහි විසිරීගිය සිත ඇති හෙයින් මම නොසන්සුන් වීමි.
පරියුට්ඨිතා ක්ලෙසෙහි, සුභසඤ්ඤානුවත්තිනීති පරියුට්ඨානපත්තෙහි කාමරාගාදිකිලෙසෙහි අභිභූතා රූපාදීසු සුභන්ති පවත්තාය කාමසඤ්ඤාය අනුවත්තනසීලා. සමං චිත්තස්ස න ලභිං, රාගචිත්තවසානුගාති කාමරාගසම්පයුත්තචිත්තස්ස වසං අනුගච්ඡන්තී ඊසකම්පි චිත්තස්ස සමං චෙතොසමථං චිත්තෙකග්ගතං න ලභිං.
පරියුට්ඨිතා කිලෙසෙහි සුභසඤ්ඤානුවත්තිනී - දැඩි ලෙස ගත්තා වූ කාමරාගාදී ක්ලේශයන් විසින් මැඩලනු ලැබීමෙන් රූපාදීන් කෙරෙහි සුභ වසයෙන් පැවති කාමහැඟීම් අනුව පවත්නාසුලු, සමං චිත්තස්ස න ලභිං රාගචිත්ත වසානුගා - කාමරාගයෙන් මැඩුණු සිතෙහි වසඟයට පැමිණියෙන් සිතෙහි සුලු වූ හෝ සාමයක්, සිතෙහි දමනයක්, සිතෙහි එකඟබවක් නොලදිමි.
කිසා පණ්ඩු විවණ්ණා චාති එවං උක්කණ්ඨිතභාවෙන කිසා ධමනිසන්ථතගත්තා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා තතො එව විවණ්ණා විගතඡවිවණ්ණා ච හුත්වා. සත්ත වස්සානීති සත්ත සංවච්ඡරානි. චාරිහන්ති චරිං අහං. නාහං දිවා වා රත්තිං වා, සුඛං වින්දිං සුදුක්ඛිතාති එවමහං සත්තසු සංවච්ඡරෙසු කිලෙසදුක්ඛෙන දුක්ඛිතා එකදාපි දිවා වා රත්තිං වා සමණසුඛං න පටිලභිං.
කිසා පණ්ඩු විවණ්ණා ච - මෙසේ කලකිරීම් ස්වභාවය හේතුකොට ගෙන කෙට්ටු වී නහර පෑදුණු සිරුර ඇත්තී, පඬුවන් පැහැවූවා එහෙයින්ම, විවණ්ණා - පහව ගිය ඡවිවර්ණයෙන්, සත්තවස්සානි - සත්වසරක්, වාරීහං - මම හැසුරුණමි. නාහං දිවා වා රත්තිං වා සුඛං වින්දිං සුදුක්ඛිතා - මෙසේ මම සත්වසක් පුරා කෙලෙස් දුකින් දුකට පත්වී එකම දවාලක් හෝ රැයක් හෝ මහණ සුවය නොලදිමි.
තතොති කිලෙසපරියුට්ඨානෙන සමණසුඛාලාභභාවතො. රජ්ජුං ගහෙත්වාන පාවිසිං, වනමන්තරන්ති පාසරජ්ජුං ආදාය වනන්තරං පාවිසිං. කිමත්ථං පාවිසීති චෙ ආහ – “වරං මෙ ඉධ උබ්බන්ධං, යඤ්ච හීනං පුනාචරෙ”ති යදහං සමණධම්මං කාතුං අසක්කොන්තී හීනං ගිහිභාවං පුන ආචරෙ ආචරෙය්යං අනුතිට්ඨෙය්යං, තතො සතගුණෙන සහස්සගුණෙන ඉමස්මිං වනන්තරෙ උබ්බන්ධං බන්ධිත්වා මරණං මෙ වරං සෙට්ඨන්ති අත්ථො. අථ චිත්තං විමුච්චි මෙති යදා රුක්ඛසාඛාය බන්ධපාසං ගීවායං පක්ඛිපි, අථ තදනන්තරමෙව වුට්ඨානගාමිනිවිපස්සනාමග්ගෙන ඝටිතත්තා මග්ගපටිපාටියා සබ්බාසවෙහි මම චිත්තං විමුච්චි විමුත්තං අහොසීති.
තතො - කෙලෙස්වලින් වැඩුණු හෙයිනුත් මහණ සුවයක් නොලද හෙයිනුත්, රජ්ජුං ගහෙත්වාන පාවිසිං වනමන්තරං - රැහැන් තොණ්ඩුව රැගෙන වනයට පිවිසියෙමි. කුමක් සඳහා පිවිසියේදැයි කීවාය. වරං මෙ ඉධ උබ්බන්ධං යඤ්ච හීනං පුනාචරෙ - මට ශ්රමණධර්මය පිරීමට නොහැකි නම්, හීනං - ගිහිබවට නැවත, ආචරෙ - පැමිණෙන්නෙම් නම් අනුව සිටින්නෙම් නම්, එයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් මේ වනයෙහි, උබ්බන්ධං - රැහැනෙන් බැඳ මරුමුවට පැමිණීම වඩා යෙහෙක යනු තේරුමය. අථ චිත්තං විමුච්චි මෙ - යම් මොහොතක ගසේ අත්තක බඳිනු ලැබූ තොණ්ඩුව බෙල්ලෙහි දමාගත්තාද, අථ - එකෙණෙහිම අන්තයට පමුණුවන්නා වූ විපස්සනා මාර්ගයෙන් සමන්විත වීම නිසා මග පිළිවෙළින් සියලු ආශ්රවයන්ගෙන් මගේ සිත, විමුච්චි - නිදහස් විය.
සීහාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සීහා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.