යෙදුමෙන් කියවන්න

විමලාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විමලාථෙරීගාථාවණ‍්ණනා

විමලා ථේරීගාථා වර්ණනාව

මත‍්තා වණ‍්ණෙන රූපෙනාතිආදිකා විමලාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වෙසාලියං අඤ‍්ඤතරාය රූපූපජීවිනියා ඉත්‍ථියා ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. විමලාතිස‍්සා නාමං අහොසි. සා වයප‍්පත‍්තා තථෙව ජීවිකං කප‍්පෙන‍්තී එකදිවසං ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං වෙසාලියං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා හුත්‍වා ථෙරස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා ථෙරං උද‍්දිස‍්ස පලොභනකම‍්මං කාතුං ආරභි. “තිත්‍ථියෙහි උය්‍යොජිතා තථා අකාසී”ති කෙචි වදන‍්ති. ථෙරො තස‍්සා අසුභවිභාවනමුඛෙන සන‍්තජ‍්ජනං කත්‍වා ඔවාදමදාසි. තං හෙට‍්ඨා ථෙරගාථාය ආගතමෙව, තථා පන ථෙරෙන ඔවාදෙ දින‍්නෙ සා සංවෙගජාතා හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා සාසනෙ පටිලද‍්ධසද‍්ධා උපාසිකා හුත්‍වා අපරභාගෙ භික‍්ඛුනීසු පබ‍්බජිත්‍වා ඝටෙන‍්තී වායමන‍්තී හෙතුසම‍්පන‍්නතාය න චිරස‍්සෙව අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන –

මත්තා වණ්ණෙන රූපෙන - මෙය විමලා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී, ඒ භවයන්හි පින් රැස්කර මේ බුදුපතෙහි විසාලා නුවර එක්තරා නගරශෝභනියකගේ දියණියක වී උපන්නාය. ඇයගේ නම විමලා විය. ඕ මුහුකුරා ගිය කල්හි එම වෘත්තියම කරමින් ජීවත්වන්නී දිනක් ආයුෂ්මත් මහමුගලන් හිමියන් විසාලා නුවර පිඬුපිණිස හැසිරෙනු දැක පිළිබඳ සිත් ඇතිවූවා තෙරණුවන් වසන තැනට ගොස් තෙරණුවන් පොළඹවා ගැනීමෙහිලා වෑයම් කළාය. ඇය එසේ කළේ තීර්ථකයන්ගේ මෙහෙයවීමෙකින් යයි ඇතැමෙක් කියති. තෙරණුවෝ ඇයගේ සිරුරෙහි ස්වභාවය පෙන්වාදීම් වශයෙන් කරුණු පැහැදිලිකර අවවාද කළහ. එය යට කියනලද තෙරණුවන්ගේ කථාවෙහි ඇතුළත්වේ. තෙරුන් වහන්සේගේ අවවාද ඇසීමෙන් සංවේගයට පැමිණියා වූ ඕතොමෝ හිරිඔතප් පිහිටුවා සසුනෙහි සැදැහැව ලැබ උපාසිකාවක් වී පසුකලක භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදිව වෑයම්කරන්නී, හේතුසම්පත් ඇති බැවින් තොමෝ කලෙකින්ම රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහිකර උදාන වශයෙන්:

“මත‍්තා වණ‍්ණෙන රූපෙන, සොභග‍්ගෙන යසෙන ච; යොබ‍්බනෙන චුපත්‍ථද‍්ධා, අඤ‍්ඤාසමතිමඤ‍්ඤිහං.

මත්තා වණ්ණෙන රූපෙන සොභග්ගෙන යසෙනච, යොබ්බනෙන වුපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.

“විභූසෙත්‍වා ඉමං කායං, සුචිත‍්තං බාලලාපනං; අට‍්ඨාසිං වෙසිද‍්වාරම‍්හි, ලුද‍්දො පාසමිවොඩ‍්ඩිය.

විභූසිත්‍වා ඉමං කායං සුචිත්තං බාලලාපනං, අට්ඨාසිං වෙසිද්වාරම්හි ඵද්දො පාසමිවොඩ්ඩිය.

“පිළන්‍ධනං විදංසෙන‍්තී, ගුය‍්හං පකාසිකං බහුං; අකාසිං විවිධං මායං, උජ‍්ඣග‍්ඝන‍්තී බහුං ජනං.

පිලන්‍ධනං විදංසෙන්ති ගුය්හං පකාසිතං බහුං, අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.

“සාජ‍්ජ පිණ‍්ඩං චරිත්‍වාන, මුණ‍්ඩා සඞ‍්ඝාටිපාරුතා; නිසින‍්නා රුක‍්ඛමූලම‍්හි, අවිතක‍්කස‍්ස ලාභිනී.

සාජ්ජ පිණ්ඩං චරිත්‍වාන මුණ්ඩා සංඝාටිපාරුතා, නිසින්නා රුක්‍ඛමූලම්හි අවිතක්කස්ස ලාභිනී.

“සබ‍්බෙ යොගා සමුච‍්ඡින‍්නා, යෙ දිබ‍්බා යෙ ච මානුසා; ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ, සීතිභූතාම‍්හි නිබ‍්බුතා”ති. – ඉමා ගාථා අභාසි.

සබ්බෙ යොගා සමුච්ජින්නා යෙ දිබ්බා යෙ ච මානුසා, ඛෙපෙත්‍වා ආසවෙ සබ්බෙ සීතිභූතම්හි නිබ්බුතා.

වර්ණයෙන් රූපයෙන් සෞභාග්‍යයෙන් යශසින් මත්වූයෙම් යෞවනයෙන් උදම් වූයෙම් සෙසු කාන්තාවන් ඉක්මවා සිතුවෙමි.

මෝඩයන් පසසන මේ සිරුර විසිතුරු ලෙස සරසා, වැද්දා මල තබා සිටින්නාක් මෙන් මම වේශ්‍යාවගේ දොරටුවෙහි මගේ සිරුර තබා සිටියෙමි,

අබරණ එහාමෙහා කරමින් වැසුණු බොහෝ තැන් විවරමින් බොහෝ දෙනා පොළඹවමින් නොයෙක් මායම් කෙළෙමි.

ඒ මම අද හිස මුඩු කරගෙන සඟළ සිවුරු පෙරවා පිඬුපිණිස හැසිර නිවන් සැප ලබා රුක්මුලක හුන්නී වෙමි.

දෙව්මිනිස් සියලු රෝගයන් සිඳ දමූයෙමි, ආසව නිමකර සිහිල් වූයෙමි, නිවුණෙමි.

තත්‍ථ මත‍්තා වණ‍්ණෙන රූපෙනාති ගුණවණ‍්ණෙන චෙව රූපසම‍්පත‍්තියා ච. සොභග‍්ගෙනාති සුභගභාවෙන. යසෙනාති පරිවාරසම‍්පත‍්තියා. මත‍්තා වණ‍්ණමදරූපමදසොභග‍්ගමදපරිවාරමදවසෙන මදං ආපන‍්නාති අත්‍ථො. යොබ‍්බනෙන චුපත්‍ථද‍්ධාති යොබ‍්බනමදෙන උපරූපරි ථද‍්ධා යොබ‍්බනනිමිත‍්තෙන අහඞ‍්කාරෙන උපත්‍ථද‍්ධචිත‍්තා අනුපසන‍්තමානසා. අඤ‍්ඤාසමතිමඤ‍්ඤිහන‍්ති අඤ‍්ඤා ඉත්‍ථියො අත‍්තනො වණ‍්ණාදිගුණෙහි සබ‍්බථාපි අතික‍්කමිත්‍වා මඤ‍්ඤිං අහං. අඤ‍්ඤාසං වා ඉත්‍ථීනං වණ‍්ණාදිගුණෙ අතිමඤ‍්ඤිං අතික‍්කමිත්‍වා අමඤ‍්ඤිං අවමානං අකාසිං.

එහි, මත්තා වණ්ණෙන රූපෙන - වර්‍ණයෙන් මෙන්ම රූපසම්පත්තියෙන් ද, සොභග්ගෙන - වාසනාවෙන්, යසෙන පිරිවර සම්පත්තියෙන්, මත්තා - වර්‍ණමදය, රූපමදය, ධනමදය, පිරිවරමදය ආදී වශයෙන් මදයට ගර්වයට පැමිණ යනු අර්ථය. යොබ්බනෙන චුපත්‍ථද්ධා - යෞවන මදයෙන් ආඩම්බර වී, තරුණකම නිසා අහංකාරයෙන් දැඩිවී නොසන්සුන් මනසින්, අඤ්ඤාසමතිමඤ්ඤිහං - අනෙක් ගැහැනුන් තමාගේ වර්ණාදි ගුණයන්ගෙන් හැම ආකාරයකින්ම පහත්කොට සැලකුයෙමි. මම අනෙක් ගැහැනුන්ගේ වර්ණාදි ගුණයන් ඉක්මවා සිතුවෙමි. අවමාන කළෙමි.

විභූසිත්‍වා ඉමං කායං, සුචිත‍්තං බාලලාපනන‍්ති ඉමං නානාවිධඅසුචිභරිතං ජෙගුච‍්ඡං අහං මමාති බාලානං ලාපනතො වාචනතො බාලලාපනං මම කායං ඡවිරාගකරණකෙසට‍්ඨපනාදිනා සුචිත‍්තං වත්‍ථාභරණෙහි විභූසිත්‍වා සුමණ‍්ඩිතපසාදිතං කත්‍වා. අට‍්ඨාසිං වෙසිද‍්වාරම‍්හි, ලුද‍්දො පාසමිවොඩ‍්ඩියාති මිගලුද‍්දො විය මිගානං බන්‍ධනත්‍ථාය දණ‍්ඩවාකුරාදිමිගපාසං, මාරස‍්ස පාසභූතං යථාවුත‍්තං මම කායං වෙසිද‍්වාරම‍්හි වෙසියා ඝරද‍්වාරෙ ඔඩ‍්ඩියිත්‍වා අට‍්ඨාසිං.

විභූසිත්‍වා ඉමං කායං සුචිත්තං බාලලාපනං - නොයෙක් අපවිත්‍ර ද්‍රව්‍යවලින් පිරුණු පිළිකුල් කටයුතු මේ සිරුර මමය, මගේය, යනුවෙන් බාලයන් ලවා කියවන හෙයින්, බාලලාපනං - මගේ, කායං - සම පාට ගැන්වීමෙන් කෙස් සැනහීම් ආදියෙන්, සුචිත්තං -වස්ත්‍රාභරණාදියෙන්, විභූසිත්‍වා - අලංකාරකොට, පහයින්කොට, අට්ඨාසිං වෙසි ද්වාරම්හි එද්දො පාසමිවොඩ්ඩිය - මුවන් අල්වාගනු පිණිස දඬුමුඟුරු ආදියෙන් සාදාගත් මාරයාගේ මද්ද වැනි මුවඋගුල අටවා තබන්නා වූ මුව වැද්දෙකු මෙන් මම ද මගේ සිරුර, වෙසිද්වාරම්හි - වෛශ්‍යාවගේ ගෙදර දොරකඩ, අටවා සිටියෙමි.

පිළන්‍ධනං විදංසෙන‍්තී, ගුය‍්හං පකාසිකං බහුන‍්ති ඌරුජඝනථනදස‍්සනාදිකං ගුය‍්හඤ‍්චෙව පාදජාණුසිරාදිකං පකාසඤ‍්චාති ගුය‍්හං පකාසිකඤ‍්ච බහුං නානප‍්පකාරං පිළන්‍ධනං ආභරණං දස‍්සෙන‍්තී. අකාසිං විවිධං මායං, උජ‍්ඣග‍්ඝන‍්තී බහුං ජනන‍්ති යොබ‍්බනමදමත‍්තං බහුං බාලජනං විප‍්පලම‍්භෙතුං හසන‍්තී ගන්‍ධමාලාවත්‍ථාභරණාදීහි සරීරසභාවපටිච‍්ඡාදනෙන හසවිලාසභාවාදීහි තෙහි ච විවිධං නානප‍්පකාරං වඤ‍්චනං අකාසිං.

පිලන්‍ධනං විදංසෙන්තී ගුය්හං පකාසිකං බහුං - කෙණ්ඩා කලවා පෙන්වීමෙන්ද පාසලම්, නුරුවළා ආදිය පෙන්වමින්ද, රහස්තැන් පෙන්වීමෙන්ද, බහුං - නන්වැදරුම්, පිලන්‍දනං - අබරණද පෙන්වමින්, අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං - යෞවන මදයෙන් මත්වූ බොහෝ බාලජනයා පෙළඹවීමට සිනහසෙමින්, සුවඳමල්දම් වස්ත්‍රාභරණාදියෙන් ශරීරයෙහි ප්‍රකෘතිස්වභාවය වසමින් භාවභාව විලාශාදියෙන් ද නොයෙක් විදියේ වඤ්චා කළෙමි.

සාජ‍්ජ පිණ‍්ඩං චරිත්‍වාන…පෙ… අවිතක‍්කස‍්ස ලාභිනීති සා අහං එවං පමාදවිහාරිනී සමානා අජ‍්ජ ඉදානි අය්‍යස‍්ස මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස ඔවාදෙ ඨත්‍වා සාසනෙ පබ‍්බජිත්‍වා මුණ‍්ඩා සඞ‍්ඝාටිපාරුතා හුත්‍වා පිණ‍්ඩං චරිත්‍වාන භික‍්ඛාහාරං භුඤ‍්ජිත්‍වා නිසින‍්නා රුක‍්ඛමූලම‍්හි රුක‍්ඛමූලෙ විවිත‍්තාසනෙ නිසින‍්නා දුතියජ‍්ඣානපාදකස‍්ස අග‍්ගඵලස‍්ස අධිගමෙන අවිතක‍්කස‍්ස ලාභිනී අම‍්හීති යොජනා.

සාජ්ජ පිණ්ඩං චරිත්‍වාන-පෙ-අවිතක්කස්ස ලාභිනී - එසේ ප්‍රමාදව වෙසෙන්නාවූ මම අද දන් මහමුගලන් තෙරණුවන්ගේ අවවාදයෙහි පිහිටා සසුනෙහි පැවිදිව හිස මුඩුකර සඟළ සිවුර පෙරවා, පිණ්ඩං චරිත්‍වාන - පිඬුඅහර වළඳා, නිසින්නා රුක්‍ඛමූලම්හි - ගස්මුලක විවේක අසුනෙක හිඳ ද්වීතිය ධ්‍යානය පාදක කොට ඇත්තා වූ අග්‍රඵලය ලබාගැනීමෙන්, අවිතක්කස්ස ලාභිනී අම්හි - යනුවෙන් යොදාගත යුතුය.

සබ‍්බෙ යොගාති කාමයොගාදයො චත‍්තාරොපි යොගා. සමුච‍්ඡින‍්නාති පඨමමග‍්ගාදිනා යථාරහං සම‍්මදෙව උච‍්ඡින‍්නා පහීනා. සෙසං වුත‍්තනයමෙව.

සබ්බෙ යොගා - කාම ආදී සිවුවැදෑරුම් යෝගයන්, සමුච්ඡින්නා - ප්‍රථම මාර්ගය ආදියෙන් සුදුසු පරිදි මැනවින් සිඳලීමි, ප්‍රහීණ කළෙමි. සෙස්ස කියන ලද පරිදිමය.

විමලාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විමලා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.