යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤතරාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

අඤ‍්ඤතරාථෙරීගාථාවණ‍්ණනා

අඤ්ඤතරා ථේරීගාථා වර්ණනාව

පඤ‍්චකනිපාතෙ පණ‍්ණවීසති වස‍්සානීතිආදිකා අඤ‍්ඤතරාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ දෙවදහනගරෙ මහාපජාපතිගොතමියා ධාතී හුත්‍වා වඩ‍්ඪෙසි. නාමගොත‍්තතො පන අපඤ‍්ඤාතා අහොසි. සා මහාපජාපතිගොතමියා පබ‍්බජිතකාලෙ සයම‍්පි පබ‍්බජිත්‍වා පඤ‍්චවීසති සංවච‍්ඡරානි කාමරාගෙන උපද‍්දුතා අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි කාලං චිත‍්තෙකග‍්ගතං අලභන‍්තී බාහා පග‍්ගය‍්හ කන්‍දමානා ධම‍්මදින‍්නාථෙරියා සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා කාමෙහි විනිවත‍්තිතමානසා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා භාවනමනුයඤ‍්ජන‍්තී න චිරස‍්සෙව ඡළභිඤ‍්ඤා හුත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන –

පස්වන නිපාතයෙහි පණ්ණවීසති වස්සානි යන්න එක්තරා තෙරණියකගේ ගාථාවකි. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇති ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කර මේ බුදුපතෙහි දෙව්දහනුවර මහාප්‍රජාපතී ගෞතමියගේ කිරිමව වී වැඩුණාය. නම්ගොත් විසින් අප්‍රකටය. මහාප්‍රජාපතී ගෞතමී පැවිදි වූ කල ඕතොමෝ ද පැවිදි වී විසිපස්වසරක් කාමරාගයෙන් පීඩාකරනු ලැබ අසුරුසණක් ගසන කාලයක් පමණවත් සිතේ එකඟ බවක් නොලැබ දෑතින් හිස බදාගෙන වැළපෙමින් ධම්ම දින්නා තෙරණියගෙන් බණ අසා කාමයෙහි නොඇලුණු සිත් ඇත්තී කමටහන් ගෙන භාවනාවෙහි යෙදෙන්නී, නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලැබ තමාගේ පිළිවෙත බලා උදන් අනන්නී-

“පණ‍්ණවීසති වස‍්සානි, යතො පබ‍්බජිතා අහං; නාච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි, චිත‍්තස‍්සූපසමජ‍්ඣගං.

පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතා අහං, නච්ජරාසඞ්ඝාත මත්තම්පි චිත්තස්සුප සමජ්ඣගං.

“අලද‍්ධා චෙතසො සන‍්තිං, කාමරාගෙනවස‍්සුතා; බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්තී, විහාරං පාවිසිං අහං.

අලද්ධා චෙතසො සන්තිං කාමරාගෙන වස්සුතා, බාහා පග්ගය්හ කන්‍දන්තී විහාරං පාවිසිං අහං.

“සා භික‍්ඛුනිං උපාගච‍්ඡිං, යා මෙ සද‍්ධායිකා අහු; සා මෙ ධම‍්මමදෙසෙසි, ඛන්‍ධායතනධාතුයො.

සා භික්‍ඛුනිමුපාගඤ්ඡිං යා මෙ සද්ධායිකා අහු, සා මෙ ධම්මමදෙසෙසි ඛන්‍ධායතනධාතුයො.

“තස‍්සා ධම‍්මං සුණිත්‍වාන, එකමන‍්තෙ උපාවිසිං; පුබ‍්බෙනිවාසං ජානාමි, දිබ‍්බචක‍්ඛු විසොධිතං.

තස්සා ධම්මං සුණිත්‍වාන එකමන්තෙ උපාවිසිං, පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්‍ඛු විසොධිතං.

“චෙතොපරිච‍්චඤාණඤ‍්ච, සොතධාතු විසොධිතා; ඉද‍්ධීපි මෙ සච‍්ඡිකතා, පත‍්තො මෙ ආසවක‍්ඛයො; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

චෙතොපරිච්චඤාණං ච සොතධාතු විසොධිතා, ඉද්ධීපි මෙ සච්ඡිකතා පත්තො මෙ ආසවක්‍ඛයො, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

මගේ පැවිදිවීමෙන් විසිපස්වසරක් පුරා අසුරුසණක් ගසන කාලයක් පමණවත් සිතේ එකඟ බවක් නොලදිමි.

කාමරාගයෙන් පෙළෙන්නී සිතේ සැනසීමක් නොලැබ දෙඅතින් හිස බදාගෙන හඬමින් විහාරයෙන් විහාරයට ගියෙමි.

මම භික්‍ෂුණියක් වෙත ගියෙමි. ඕ මා පැහැදවූ තැනැත්තිය වූවාය. ඛන්‍ධ ධාතු ආයතන වශයෙන් ඈ මට ධර්‍මය දේශනා කළාය.

ඇයගෙන් බණ අසා එකත්පසෙක හිඳගතිමි. පෙර ආත්ම සිහිකිරීමේ දැනීම ලබාගතිමි. දිවැස පිරිසිදු කෙළෙමි.

සිත් දැනීමේ නුවණ ලබාගතිමි. දිවකණ පිරිසිදු කළෙමි. ඍද්ධිබලය ලබාගතිමි. ආසව විනාශ කළෙමි, ෂඩ් අභිඥා ප්‍රත්‍යක්‍ෂ කළෙමි, බුදුන්ගේ අනුශාසනය පිළිපැදීමි.

ඉමා ගාථා අභාසි.

යන ගාථා ප්‍රකාශ කළාය.

තත්‍ථ නාච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පීති අච‍්ඡරාඝටිතමත‍්තම‍්පි ඛණං අඞ‍්ගුලිඵොටනමත‍්තම‍්පි කාලන‍්ති අත්‍ථො. චිත‍්තස‍්සූපසමජ‍්ඣගන‍්ති චිත‍්තස‍්ස උපසමං චිත‍්තෙකග‍්ගං න අජ‍්ඣගන‍්ති යොජනා, න පටිලභින‍්ති අත්‍ථො.

එහි, අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අසුරුසණක් ගැසීමට ගතවන ක්‍ෂණයක් පමණ කාලයක් පවා, ඇඟිලිපොලන සුලු කාලයක් පවා යන තේරුමය. චිත්තස්සුපසමජ්ඣගං - සිතේ සැනසීම, එකඟබව ‘න දුජ්ඣගං’ යනුවෙන් ගැනෙන්නේ නොලැබුණු බවය.

කාමරාගෙනවස‍්සුතාති කාමගුණසඞ‍්ඛාතෙසු වත්‍ථුකාමෙසු දළ‍්හතරාභිනිවෙසිතාය බහලෙන ඡන්‍දරාගෙන තින‍්තචිත‍්තා.

කාමරාගෙනවස්සුතා - කාමගුණ සංඛ්‍යාත වස්තුකාමයන් විෂයෙහි දැඩිලෙස බැසගැනීම නිසා උග්‍රකාමරාගයෙන් මැඩුණු සිත් ඇත්තී,

භික‍්ඛුනින‍්ති ධම‍්මදින‍්නත්‍ථෙරිං සන්‍ධාය වදති.

භික්‍ඛුනිං - ධම්මදින්නා තෙරණිය උදෙසා කියයි.

චෙතොපරිච‍්චඤාණඤ‍්චාති චෙතොපරියඤාණඤ‍්ච විසොධිතන‍්ති සම‍්බන්‍ධො, අධිගතන‍්ති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

චෙතො පරිච්ච ඤාණංච - සිත් දැනගැනීමේ නුවණ ‘විසොධිතං’ (පිරිසිදු කරන ලදී) යනුවෙන් සම්බන්ධ කරගතයුතුය. ලබාගත්තේය යන තේරුමය. සෙස්ස පෙර කියනලද පරිදිය.

අඤ‍්ඤතරාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

එක්තරා තෙරණියකගේ ගාථා වර්‍ණනාව නිමි.