4. චතුක‍්කනිපාතො අට‍්ඨකථා
4. චතුක්කනිපාතය
භද‍්දාකාපිලානීථෙරීගාථාවණ‍්ණනා
භද්දාකාපිලානී ථේරීගාථා වර්ණනාව
චතුක‍්කනිපාතෙ පුත‍්තො බුද‍්ධස‍්ස දායාදොතිආදිකා භද‍්දාය කාපිලානියා ථෙරියා ගාථා. සා කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා පතිකුලං ගන‍්ත්‍වා, එකදිවසං අත‍්තනො නනන්‍දාය සද‍්ධිං කලහං කරොන‍්තී තාය පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතෙ දින‍්නෙ “අයං ඉමස‍්ස දානං දත්‍වා උළාරසම‍්පත‍්තිං ලභිස‍්සතී”ති පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා කලලස‍්ස පූරෙත්‍වා අදාසි. මහාජනො ගරහි – “බාලෙ, පච‍්චෙකබුද‍්ධො තෙ කිං අපරජ‍්ඣී”ති? සා තෙසං වචනෙන ලජ‍්ජමානා පුන පත‍්තං ගහෙත්‍වා කලලං නීහරිත්‍වා ධොවිත්‍වා ගන්‍ධචුණ‍්ණෙන උබ‍්බට‍්ටෙත්‍වා චතුමධුරස‍්ස පූරෙත්‍වා උපරි ආසිත‍්තෙන පදුමගබ‍්භවණ‍්ණෙන සප‍්පිනා විජ‍්ජොතමානං පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා “යථා අයං පිණ‍්ඩපාතො ඔභාසජාතො, එවං ඔභාසජාතං මෙ සරීරං හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි. සා තතො චවිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තී කස‍්සපබුද‍්ධකාලෙ බාරාණසියං මහාවිභවස‍්ස සෙට‍්ඨිනො ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. පුබ‍්බකම‍්මඵලෙන දුග‍්ගන්‍ධසරීරා මනුස‍්සෙහි ජිගුච‍්ඡිතබ‍්බා හුත්‍වා සංවෙගජාතා අත‍්තනො ආභරණෙහි සුවණ‍්ණිට‍්ඨකං කාරෙත්‍වා භගවතො චෙතියෙ පතිට‍්ඨපෙසි, උප‍්පලහත්‍ථෙන ච පූජං අකාසි. තෙනස‍්සා සරීරං තස‍්මිංයෙව භවෙ සුගන්‍ධං මනොහරං ජාතං. සා පතිනො පියා මනාපා හුත්‍වා යාවජීවං කුසලං කත්‍වා තතො චුතා සග‍්ගෙ නිබ‍්බත‍්ති. තත්‍ථාපි යාවජීවං දිබ‍්බසුඛං අනුභවිත්‍වා, තතො චුතා බාරාණසිරඤ‍්ඤො ධීතා හුත්‍වා තත්‍ථ දෙවසම‍්පත‍්තිසදිසං සම‍්පත‍්තිං අනුභවන‍්තී චිරකාලං පච‍්චෙකබුද‍්ධෙ උපට‍්ඨහිත්‍වා, තෙසු පරිනිබ‍්බුතෙසු සංවෙගජාතා තාපසපබ‍්බජ‍්ජාය පබ‍්බජිත්‍වා උය්‍යානෙ වසන‍්තී ඣානානි භාවෙත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතා සාගලනගරෙ කොසියගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණකුලස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා මහතා පරිහාරෙන වඩ‍්ඪිත්‍වා වයප‍්පත‍්තා මහාතිත්‍ථගාමෙ පිප‍්ඵලිකුමාරස‍්ස ගෙහං නීතා. තස‍්මිං පබ‍්බජිතුං නික‍්ඛන‍්තෙ මහන‍්තං භොගක‍්ඛන්‍ධං මහන‍්තඤ‍්ච ඤාතිපරිවට‍්ටං පහාය පබ‍්බජ‍්ජත්‍ථාය නික‍්ඛමිත්‍වා පඤ‍්ච වස‍්සානි තිත්‍ථියාරාමෙ පවිසිත්‍වා අපරභාගෙ මහාපජාපතිගොතමියා සන‍්තිකෙ පබ‍්බජ‍්ජං උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා න චිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.3.244-313) –
සිවුවන නිපාතයෙහි පුත්තො බුද්ධස්ස දායාදො යනුවෙන් පටන්ගන්නා ගාථාව භද්දා කාපිලානි තෙරණියගේය. ඕතොමෝ පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වියපත් වූ කල්හි බුදුන්ගෙන් බණ අසන්නී, එක්තරා භික්‍ෂුණියක් පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන්නියන්ගෙන් අගතැනට පත්කරනු දැක අධිකාර්‍යය කොට තමාද තනතුර පතා ජීවිතාන්තය දක්වා පින්කම් කොට එයින් චුතව දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, බුදුන් නූපන් අවධියක බරණැස් නුවර කුලගෙයක උපත ලබා විවාහ වීමෙන් පසු දිනක් තම නැන්දනිය සමග කලහ කරන්නී, ඇය විසින් පසේ බුදුවරයෙකුට පිණ්ඩපාතය පුදනු දැක මෝතොමෝ දන් දී බොහෝ සම්පත් ලබන්නී යයි සිතා පසේබුදුවරයාගේ අතින් පාත්‍රය ගෙන බත් ඉවත්කර මඩ පුරවා දුන්නාය. මෙය දුටු මහජනයා ඇය හෙළා දකින්ට වූහ. ‘මෝඩ තැනැත්තිය, පසේ බුදුහු තිට කවර වරදක් කළහුද’ යනුවෙනි. ඕ බයින් ලජ්ජාවට පත්වී නැවත පසේ බුදුන්ගෙන් පාත්‍රය ගෙන මඩ ඉවත්කර පාත්‍රය සෝදා සුවඳසුණින් මැද චතුමධුර පුරවා එයට උඩින් පියුම්ගැබ්වන් ගිතෙල් ඉස දිලෙමින් සිටි පසේ බුදුන්ගේ අතෙහි තබා මේ පිණ්ඩපාතය ප්‍රභාවත්වීද එසේම මගේ සිරුරද පැහැපත් වේවා’ යනුවෙන් පැතුවාය. ඕතොමෝ ඒ අත්බැවින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී, කසුප් බුදුන් සමයෙහි බරණැස් නුවර මහත් සැපසම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියක්ව උපන. පෙර කළ කර්‍ම බලයෙන් සිරුර දුගඳ වී මිනිසුන්ගේ පිළිකුලට භාජන වී සංවේගයට පැමිණ සිය අබරණවලින් රන්ගඩොලක් තනවා බුදුන්ගේ සෑයෙහි තැබුවාය. උපුල්මල් පූජාවක් ද කළාය. එහෙයින් ඇයගේ සිරුර ඒ අත්බැව්හිම සුවඳවත් විය. සැමියාට ප්‍රියමනාප වූ ඕ තොමෝ ජීවිතාන්තය දක්වා කුසල් රැස්කර එයින් චුතව ගොස් දෙව්ලොව උපන්නාය. එහි දිවි ඇතිතාක් දෙව්සුව විඳ එයින් චුතව බරණැස් රජුගේ දියණියක්ව ඉපද දෙව්සැප සමාන සිට සැප විඳින්නී, බොහෝ කලක් පසේ බුදුවරුන්ට උපස්ථානකර උන්වහන්සේලා පිරිනිවන් පෑ කල්හි සංවේගයට පැමිණියා තවුස් පැවිද්දෙන් පැවිදිව උයනෙහි වෙසෙන්නී, දැහැන වඩා බඹලොව ඉපිද එයින් චුතව සාගලනුවර කෞශික ගෝත්‍රයෙහි බමුණු පවුලක උපත ලබා මහත් පිරිවරින් වැඩී මහාතිත්‍ථගම පිප්ඵිලී කුමාරයා සමග විවාහ වූවාය. ඇය පැවිදිවීමට නික්මුණු අවස්ථාවේ විශාල සැපසම්පත් රාශියක් ද නෑ පිරිසක් ද අත්හැර තීර්ථක ආශ්‍රමයකට ගොස් පස්වසක් එහි වැස පසුකලෙක මහාප්‍රජාපතී ගෝතමී සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලබා විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් වූවාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මාන පාරගූ; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.
මෙයින් කල්ප සියක්දහසකට පෙර ලෝකනායක වූ සියලු දහම් දන්නා වූ පදුමුත්තර නම් වූ බුදුන්වහන්සේ උපන්හ.
“තදාහු හංසවතියං, විදෙහො නාම නාමතො; සෙට‍්ඨී පහූතරතනො, තස‍්ස ජායා අහොසහං.
එකල හංසවතී නම් නුවර මහා ධනභෝගසම්පත් ඇති සිටුවරයෙක් විය. මම ඔහුගේ බිරිඳවීමි.
“කදාචි සො නරාදිච‍්චං, උපෙච‍්ච සපරිජ‍්ජනො; ධම‍්මමස‍්සොසි බුද‍්ධස‍්ස, සබ‍්බදුක‍්ඛභයප‍්පහං.
සමහර දිනක හෙතෙම පිරිවර ජනයා සහිත මා බුදුන් වෙතට යවා සියලු දුක් කෙළවර කරවන ධර්‍මය ඇසීමට සැලැස්වීය.
“සාවකං ධුතවාදානං, අග‍්ගං කිත‍්තෙසි නායකො; සුත්‍වා සත‍්තාහිකං දානං, දත්‍වා බුද‍්ධස‍්ස තාදිනො.
බුදුන්වහන්සේ එක්තරා ශ්‍රාවකයකු ධූතවාදීන්ගෙන් අගතැනට පත්කරනු දැක සත්දිනක් බුදුන්ට දන් දී උන්වහන්සේගේ දෙපා වැඳ ඒ තනතුර පැතුවෙමි.
“නිපච‍්ච සිරසා පාදෙ, තං ඨානමභිපත්‍ථයිං; ස හාසයන‍්තො පරිසං, තදා හි නරපුඞ‍්ගවො.
“සෙට‍්ඨිනො අනුකම‍්පාය, ඉමා ගාථා අභාසථ; ලච‍්ඡසෙ පත්‍ථිතං ඨානං, නිබ‍්බුතො හොහි පුත‍්තක.
සිටුවරයාට අනුකම්පාවෙන් මේ ගාථා ප්‍රකාශ කළහ: ‘දරුව, ඔබ ඒ තනතුර ලබා නිවුණේ වෙහි.
“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.
මෙයින් කල්ප සියක්දහසකට පසු ඉක්‍ෂවා කුලයෙහි ඉපදෙන, නමින් ගෞතම නම් වූ බුදුවරයෙක් ලෙව්හි උපදින්නේය.
“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; කස‍්සපො නාම ගොත‍්තෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.
උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ඇත්තා වූ ධර්‍මයෙන්ම නිමවූවාක් වැනි කාශ්‍යප නම් වූ ශ්‍රාවකයෙකුව පහළවන්නෙහිය.’
“තං සුත්‍වා මුදිතො හුත්‍වා, යාවජීවං තදා ජිනං; මෙත‍්තචිත‍්තො පරිචරි, පච‍්චයෙහි විනායකං.
එය අසා සතුටට පත්ව බුදුන්වහන්සේ ජීවත්ව සිටි තාක් සිවුපසයෙන් උපස්ථාන කළේය.
“සාසනං ජොතයිත්‍වාන, සො මද‍්දිත්‍වා කුතිත්‍ථියෙ; වෙනෙය්‍යං විනයිත්‍වා ච, නිබ‍්බුතො සො සසාවකො.
ඒ බුදුන් සසුන බබුළුවා මිසදිටුවන් මැඩ පවත්වා විනේජනයන් හික්මවා පිරිනිවි සේක.
“නිබ‍්බුතෙ තම‍්හි ලොකග‍්ගෙ, පූජනත්‍ථාය සත්‍ථුනො; ඤාතිමිත‍්තෙ සමානෙත්‍වා, සහ තෙහි අකාරයි.
උන්වහන්සේ පිදීම පිණිස නෑදෑ මිතුරන් රැස්කරවා යොදුනක් උස ඇති ථූපයක් කළහ.
“සත‍්තයොජනිකං ථූපං, උබ‍්බිද‍්ධං රතනාමයං; ජලන‍්තං සතරංසිංව, සාලරාජංව ඵුල‍්ලිතං.
ඒ ථූපය බබළන්නා වූ, සුපිපි සල්රුකක් වැනිවූ රුවන්මුවා එකක්විය.
“සත‍්තසතසහස‍්සානි, පාතියො තත්‍ථ කාරයි; නළග‍්ගී විය ජොතන‍්තී, රතනෙහෙව සත‍්තහි.
ඒ වටා සත්දහසක් භාජන සප්ත රතනවලින් සාදා තැන්පත් කළහ.
“ගන්‍ධතෙලෙන පූරෙත්‍වා, දීපානුජ‍්ජලයී තහිං; පූජනත්‍ථාය මහෙසිස‍්ස, සබ‍්බභූතානුකම‍්පිනො.
ඒ බුදුන් පිදීම පිණිස සුවඳ තෙලින් පුරවා පහන් දැල්වූහ.
“සත‍්තසතසහස‍්සානි, පුණ‍්ණකුම‍්භානි කාරයි; රතනෙහෙව පුණ‍්ණානි, පූජනත්‍ථාය මහෙසිනො.
සත්දහසක් පූර්‍ණකුම්භයන් තැබූහ. ඒ සියල්ලම රන්රුවන්මුවා විය.
“මජ‍්ඣෙ අට‍්ඨට‍්ඨකුම‍්භීනං, උස‍්සිතා කඤ‍්චනග‍්ඝියො; අතිරොචන‍්ති වණ‍්ණෙන, සරදෙව දිවාකරො.
කුඹුඅටකට මැද, ශරත් සෘතුවෙහි සූර්‍යයා මෙන් වර්‍ණයෙන් බබළන්නා වූ රන්ඇගෑය බැගින් තැනවූහ.
“චතුද‍්වාරෙසු සොභන‍්ති, තොරණා රතනාමයා; උස‍්සිතා ඵලකා රම‍්මා, සොභන‍්ති රතනාමයා.
වාසල් දොරටු හතරෙහි රුවන්මුවා තොරණ හතරක් ඉදිකළහ. ඒමත කොඩිපතාකාදිය සවිකළහ.
“විරොචන‍්ති පරික‍්ඛිත‍්තා, අවටංසා සුනිම‍්මිතා; උස‍්සිතානි පටාකානි, රතනානි විරොචරෙ.
රන්පැහැපත් වූ මැනවින් නිමවා ඇති විසිතුරු වූ රන්මුවා සෑය නුබමැද හිරු මෙන් වර්‍ණයෙන් බබළයි.
“සුරත‍්තං සුකතං චිත‍්තං, චෙතියං රතනාමයං; අතිරොචති වණ‍්ණෙන, සසඤ‍්ඣොව දිවාකරො.
“ථූපස‍්ස වෙදියො තිස‍්සො, හරිතාලෙන පූරයි; එකං මනොසිලායෙකං, අඤ‍්ජනෙන ච එකිකං.
සෑයෙහි යටකොටස හිරියල්වලින් පිරවී, එක තට්ටුවක් මනොසිලාවලින් ද අනෙකක් අඳුන්වලින් ද පිරවී.
“පූජං එතාදිසං රම‍්මං, කාරෙත්‍වා වරවාදිනො; අදාසි දානං සඞ‍්ඝස‍්ස, යාවජීවං යථාබලං.
මෙවැනි පුදපූජා පවත්වා දිවි ඇතිතාක් සංඝයාට දන්පැන් දුනිමි.
“සහාව සෙට‍්ඨිනා තෙන, තානි පුඤ‍්ඤානි සබ‍්බසො; යාවජීවං කරිත්‍වාන, සහාව සුගතිං ගතා.
ඒ සිටුවරයා සමග සියලු පින්කම් කොට ඔහු සමගම දෙව්ලොවට ගියෙමි.
“සම‍්පත‍්තියොනුභොත්‍වාන, දෙවත‍්තෙ අථ මානුසෙ; ඡායා විය සරීරෙන, සහ තෙනෙව සංසරිං.
දෙව්ලෝවල හා මිනිස්ලොවෙහි සැප සම්පත් විඳ ඡායාව මෙන් ඔහු සමගම සසර හැසුරුණෙමි.
“එකනවුතිතො කප‍්පෙ, විපස‍්සී නාම නායකො; උප‍්පජ‍්ජි චාරුදස‍්සනො, සබ‍්බධම‍්මවිපස‍්සකො.
මෙයින් අනූඑක් කපකට පෙර සියලු ධර්‍මයන් දන්නා වූ මනා පෙනීමක් ඇති විපස්සි නම් බුදුහු ලෙව්හි උපන්හ.
“තදායං බන්‍ධුපතියං, බ්‍රාහ‍්මණො සාධුසම‍්මතො; අඩ‍්ඪො සන‍්තො ගුණෙනාපි, ධනෙන ච සුදුග‍්ගතො.
එකල මෙතෙම බන්‍ධුමතී නුවර සාධු සම්මත බ්‍රාහ්මණයෙක් විය. ඔහු ධනයෙන් මෙන්ම ගුණයෙන්ද ආඪ්‍යවිය.
“තදාපි තස‍්සාහං ආසිං, බ්‍රාහ‍්මණී සමචෙතසා; කදාචි සො දිජවරො, සඞ‍්ගමෙසි මහාමුනිං.
එකලද මම ඔහුගේ බැමිණි බිරිඳ වීමි. ඔහු දිනක් බුදුන් හමුවට ගියේය.
“නිසින‍්නං ජනකායම‍්හි, දෙසෙන‍්තං අමතං පදං; සුත්‍වා ධම‍්මං පමුදිතො, අදාසි එකසාටකං.
ජනකාය මැද හිඳ අමා සැප ගෙනදෙන බණට සවන් දී බෙහෙවින් පැහැදුණේ සළුවක් පිදුවේය,
“ඝරමෙකෙන වත්‍ථෙන, ගන‍්ත්‍වානෙතං ස මබ්‍රවි; අනුමොද මහාපුඤ‍්ඤං, දින‍්නං බුද‍්ධස‍්ස සාටකං.
එක සළුවක් පමණක් හැඳගෙන ගෙදර ගියාවූ හෙතෙම බුදුන්ට සළුවත් පිදූ බවත් එහි පින් අනුමෝදන්වන ලෙසටත් මට දැන්වීය.
“තදාහං අඤ‍්ජලිං කත්‍වා, අනුමොදිං සුපීණිතා; සුදින‍්නො සාටකො සාමි, බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො.
එකෙණෙහිම මම ඇඳිලිබැඳ වැඳගෙන, හිමියෙනි, බුදුන්ට ඒ සළුව පිදීම උතුම් පින්කමකි, යනුවෙන් පවසා පින් අනුමෝදන් වීමි.
“සුඛිතො සජ‍්ජිතො හුත්‍වා, සංසරන‍්තො භවාභවෙ; බාරාණසිපුරෙ රම‍්මෙ, රාජා ආසි මහීපති.
ඒ ආත්මභාවයෙන් චුතව භවයන්හි හැසිරෙන්නේ, ඔහු බරණැස් නුවර රජුව උපන්නේය,
“තදා තස‍්ස මහෙසීහං, ඉත්‍ථිගුම‍්බස‍්ස උත‍්තමා; තස‍්සාති දයිතා ආසිං, පුබ‍්බස‍්නෙහෙන භත‍්තුනො.
එකල මම ඔහුගේ බිරිඳ වී ඇතොවුරෙහි නායිකා වීමි. පෙරසිට පැවතෙන සෙනෙහසින් මම සැමියා කෙරෙහි බෙහෙවින් හිතකාමී වීමි.
“පිණ‍්ඩාය විචරන‍්තෙ තෙ, අට‍්ඨ පච‍්චෙකනායකෙ; දිස‍්වා පමුදිතො හුත්‍වා, දත්‍වා පිණ‍්ඩං මහාරහං.
දිනක් පිඬු පිණිස හැසිරෙන්නා වූ පසේ බුදුවරුන් අටනමක් දැක පැහැදී පිණ්ඩපාතය පිළිගන්වා,
“පුනො නිමන‍්තයිත්‍වාන, කත්‍වා රතනමණ‍්ඩපං; කම‍්මාරෙහි කතං පත‍්තං, සොවණ‍්ණං වත තත‍්තකං.
පසුව දනකට ඇරයුම්කර රුවන් මඩුවක් තනා සියක්රියන් රන්හූවියනක් සවිකළේය
“සමානෙත්‍වාන තෙ සබ‍්බෙ, තෙසං දානමදාසි සො; සොණ‍්ණාසනෙ පවිට‍්ඨානං, පසන‍්නො සෙහි පාණිභි.
ඉක්බිති උන්වහන්සේ වැඩමවා ඒ සියල්ල පූජාකළේය. මමද ඒ රජ සමග ඒ පින්කම්වලට සහභාගිවීමි.
“තම‍්පි දානං සහාදාසිං, කාසිරාජෙනහං තදා; පුනාහං බාරාණසියං, ජාතා කාසිකගාමකෙ.
අනතුරුව මම, බරණැස් නුවර දොරගමක කෙළෙඹි කුලයක සොහොයුරන්ගෙන් වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ වීමි.
“කුටුම‍්බිකකුලෙ ඵීතෙ, සුඛිතො සො සභාතුකො; ජෙට‍්ඨස‍්ස භාතුනො ජායා, අහොසිං සුපතිබ‍්බතා.
“පච‍්චෙකබුද‍්ධං දිස‍්වාන, කනියස‍්ස මම භත‍්තුනො; භාගන‍්නං තස‍්ස දත්‍වාන, ආගතෙ තම‍්හි පාවදිං.
පසේ බුදුවරයෙකු දැක මගේ සැමියාගේ සොහොයුරා සිය අහරින් අඩක් උන්වහන්සේට පිදීය.
“නාභිනන්‍දිත්‍ථ සො දානං, තතො තස‍්ස අදාසහං; උඛා ආනිය තං අන‍්නං, පුනො තස‍්සෙව සො අදා.
හෙතෙම ඒ දානයට කැමති නොවීය. එහෙයින් හෙතෙම ඒ පාත්‍රය ගෙන එහිවූ අහර ඉවත් කළේය. සහෝදරයා නැවතත් පාත්‍රය ගෙන එහි වූ අහර ඉවත් කළේය. සහෝදරයා නැවතත් පාත්‍රය ගෙන අලුත් අහරින් පුරවා පිදීය. ඉක්බිති මම ඒ පාත්‍රය ගෙන අහර ඉවත්කර එහි මඩ පුරවා උන්වහන්සේගේ අතෙහි තැබීමි.
“තදන‍්නං ඡඩ‍්ඩයිත්‍වාන, දුට‍්ඨා බුද‍්ධස‍්සහං තදා; පත‍්තං කලලපුණ‍්ණං තං, අදාසිං තස‍්ස තාදිනො.
“දානෙ ච ගහණෙ චෙව, අපචෙ පදුසෙපි ච; සමචිත‍්තමුඛං දිස‍්වා, තදාහං සංවිජිං භුසං.
දෙනවිටත් ආපසු ගන්නාවිටත් සමමනසක් දැක්වූ පසේ බුදුන් දැක මම සංවේගයට පැමිණියෙමි.
“පුනො පත‍්තං ගහෙත්‍වාන, සොධයිත්‍වා සුගන්‍ධිනා, පසන‍්නචිත‍්තා පූරෙත්‍වා, සඝතං සක‍්කරං අදං.
ඉක්බිති මම පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන් සිතින් ගිතෙල් හා හකුරුවලින් පාත්‍රය පුරවා උන්වහන්සේට පිළිගැන්වීමි.
“යත්‍ථ යත්‍ථූපපජ‍්ජාමි, සුරූපා හොමි දානතො; බුද‍්ධස‍්ස අපකාරෙන, දුග‍්ගන්‍ධා වදනෙන ච.
යම් තැනෙක බුදුන්වහන්සේ වෙත යෙම්ද, එතන්හි දානබලයෙන් සුරූපීවෙමි. බුදුන්ට කළ අප්‍රසාදයෙන් මුහුණෙන් දුගඳ හැමීය.
“පුන කස‍්සපවීරස‍්ස, නිධායන‍්තම‍්හි චෙතියෙ; සොවණ‍්ණං ඉට‍්ඨකං වරං, අදාසිං මුදිතා අහං.
ඉක්බිති කස්සප බුදුන්ගේ චෛත්‍යයෙහි රන්ගඩොලක් තැබුවෙම්ද, ඒ ගඩොල සිවුවැරුම් සුවඳින් ගල්වා පිදුවෙම්ද, ඒ පිනින් සියලු දුගඳින් මිදී මනහර අඟපසඟ ලැබුවෙමි.
“චතුජ‍්ජාතෙන ගන්‍ධෙන, නිචයිත්‍වා තමිට‍්ඨකං; මුත‍්තා දුග‍්ගන්‍ධදොසම‍්හා, සබ‍්බඞ‍්ගසුසමාගතා.
“සත‍්ත පාතිසහස‍්සානි, රතනෙහෙව සත‍්තහි; කාරෙත්‍වා ඝතපූරානි, වට‍්ටීනි ච සහස‍්සසො.
රුවන්මුවා පාත්‍ර සත්දහසක් කරවා ඒවා මුවවිට දක්වා ගිතෙලින් පුරවා තබා බුදුන් පිදීම පිණිස පහන් මනසින් පහන් පේළි සතක් දැල්වීමි.
“පක‍්ඛිපිත්‍වා පදීපෙත්‍වා, ඨපයිං සත‍්තපන‍්තියො; පූජනත්‍ථං ලොකනාථස‍්ස, විප‍්පසන‍්නෙන චෙතසා.
“තදාපි තම‍්හි පුඤ‍්ඤම‍්හි, භාගිනීයි විසෙසතො; පුන කාසීසු සඤ‍්ජාතො, සුමිත‍්තා ඉති විස‍්සුතො.
එදා ඒ පිනෙහි කොටස්කාරියක වූ මම පසු කලෙක කාසිරටේ සුමිත්ත නම් තැනැත්තාගේ බිරිඳ වීමි.
“තස‍්සාහං භරියා ආසිං, සුඛිතා සජ‍්ජිතා පියා; තදා පච‍්චෙකමුනිනො, අදාසිං ඝනවෙඨනං.
ඔහු වෙත සුවසේ විසූ මම ප්‍රිය මනාපවීමි. එකල හෙතෙම පසේ බුදුවරයෙකුට ඝනවෙළුමක් පිදීය.
“තස‍්සාපි භාගිනී ආසිං, මොදිත්‍වා දානමුත‍්තමං; පුනාපි කාසිරට‍්ඨම‍්හි, ජාතො කොලියජාතියා.
එයටද කොටස්කාරියක වූ මම පින් අනුමෝදන් වී නැවතත් කාසිරටේ කෝලිය ජාතියෙහි ඉපිද සිටියෙම්
“තදා කොලියපුත‍්තානං, සතෙහි සහ පඤ‍්චහි; පඤ‍්ච පච‍්චෙකබුද‍්ධානං, සතානි සමුපට‍්ඨහි.
පන්සියයක් කෝලියවරුන් සමග පන්සියයක් පසේබුදුවරුන්ට උපස්ථාන කළ ඔහුට සහභාගිවීමි.
“තෙමාසං තප‍්පයිත්‍වාන, අදාසි ච තිචීවරෙ; ජායා තස‍්ස තදා ආසිං, පුඤ‍්ඤකම‍්මපථානුගා.
තුන්මසක් ඒ බුදුවරුන් සතපා පාසිවුරු පිදීය. එකල මම ඔහුගේ බිරිඳ වී ඔහුගේ පින්කම් අනුව ගියෙමි.
“තතො චුතො අහු රාජා, නන්‍දො නාම මහායසො; තස‍්සාපි මහෙසී ආසිං, සබ‍්බකාමසමිද‍්ධිනී.
එයින් චුතවූවාවූ මම නන්ද නම් රජුගේ අගමෙහෙසිය වීමි. එහි මම සියලු සැප සම්පත් විඳීමි.
“තදා රාජා භවිත්‍වාන, බ්‍රහ‍්මදත‍්තො මහීපති; පදුමවතීපුත‍්තානං, පච‍්චෙකමුනිනං තදා.
එකල්හි හෙතෙම බ්‍රහ්මදත්ත රජුවී පන්සියයක් පසේ බුදුවරුන්ට උපස්ථාන කළේය. උන්වහන්සේ පිරිනිවන්පානා තෙක් රජ උයනෙහි වස්වසවා සත්කාර කළේය.
“සතානි පඤ‍්චනූනානි, යාවජීවං උපට‍්ඨහිං; රාජුය්‍යානෙ නිවාසෙත්‍වා, නිබ‍්බුතානි ච පූජයිං.
“චෙතියානි ච කාරෙත්‍වා, පබ‍්බජිත්‍වා උභො මයං; භාවෙත්‍වා අප‍්පමඤ‍්ඤායො, බ්‍රහ‍්මලොකං අගම‍්හසෙ.
ඒ වෙනුවෙන් සෑයවල් කරවා අපි දෙදෙනම පැවිදිවීමු. ඉන්පසු සතර බ්‍රහ්ම විහාරයන් වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපනිමු.
“තතො චුතො මහාතිත්‍ථෙ, සුජාතො පිප‍්ඵලායනො; මාතා සුමනදෙවීති, කොසිගොත‍්තො දිජො පිතා.
එයින් චුත වූ හෙතෙම මහාතිත්‍ථයෙහි පිප්ඵල ගෝත්‍රයෙහි උපන, ඔහුගේ මව සුමනදේවී යනුවෙන්ද පියා කෝසිගොත්ත බ්‍රාහ්මණ යනුවෙන්ද හඳුන්වනු ලැබුහ.
“අහං මද‍්දෙ ජනපදෙ, සාකලාය පුරුත‍්තමෙ; කප‍්පිලස‍්ස දිජස‍්සාසිං, ධීතා මාතා සුචීමති.
මම මද්ද ජනපදයෙහි සාගල නුවර කපිල බ්‍රාහ්මණයාගේ දියණියවීමි, මව සුචිමතී නම්විය.
“ඝරකඤ‍්චනබිම‍්බෙන, නිම‍්මිනිත්‍වාන මං පිතා; අදා කස‍්සපධීරස‍්ස, කාමෙහි වජ‍්ජිතස‍්සමං.
එකල්හි මගේ පියා මා ඝනරන් බිඹුවක් සමග කාමයන් වරා සිටි කාශ්‍යපට දුන්නේය.
“කදාචි සො කාරුණිකො, ගන‍්ත්‍වා කම‍්මන‍්තපෙක‍්ඛකො; කාකාදිකෙහි ඛජ‍්ජන‍්තෙ, පාණෙ දිස‍්වාන සංවිජි.
දිනක් ඒ කාරුණිකයා ස්වකීය කර්‍මාන්ත බැලීමට ගියේ, කපුටන් ආදීන් පණුවන් කනු දැක සංවේගයට පැමිණියේය.
“ඝරෙවාහං තිලෙ ජාතෙ, දිස‍්වානාතපතාපනෙ; කිමී කාකෙහි ඛජ‍්ජන‍්තෙ, සංවෙගමලභිං තදා.
මාද ගෙදර වෙසෙන්නේ අව්වේ වේලීමට අතුරා තිබෙන තලවල පණුවන් ඇහිද කන කපුටන් දැක මමද සංවේගයට පැමිණියෙමි.
“තදා සො පබ‍්බජී ධීරො, අහං තමනුපබ‍්බජිං; පඤ‍්ච වස‍්සානි නිවසිං, පරිබ‍්බාජවතෙ අහං.
එකල්හි ඒ ධීරයා පැවිදි විය. මමද ඔහු අනුව පැවිදිවීමි. මම පැවිදි බවෙහි පස්වසක් විසුවෙමි.
“යදා පබ‍්බජිතා ආසි, ගොතමී ජිනපොසිකා; තදාහං තමුපගන‍්ත්‍වා, බුද‍්ධෙන අනුසාසිතා.
බුදුන් හදාවඩාගත් ගෝතමී යම් දිනක පැවිදිවූවාද එදා ඇය වෙත ගියාවූ මෙම බුදුන් විසින් අනුශාසනා කරන ලද්දක් නොබෝ කලෙකින්ම රහත්වීමි. ශ්‍රීමත් කාශ්‍යපගේ මිත්‍රත්වයෙහි බලමහිම පුදුමය.
“න චිරෙනෙව කාලෙන, අරහත‍්තමපාපුණිං; අහො කල්‍යාණමිත‍්තත‍්තං, කස‍්සපස‍්ස සිරීමතො.
“සුතො බුද‍්ධස‍්ස දායාදො, කස්සපො සුසමාහිතො; පුබ්බෙනිවාසං යො වෙදි, සග‍්ගාපායඤ‍්ච පස‍්සති.
බුද්ධ පුත්‍රවූ සන්සුන් මනස් ඇති ඒ කාශ්‍යප තෙමේ රහත්බව ලැබ පෙර විසූ කඳපිළිවෙළ දත්තේය. ඇතිවීම හා නැතිවීම (සග්ගාපාය) දකියි.
“අථො ජාතික්ඛයං පත‍්තො, අභිඤ‍්ඤාවොසිතො මුනි; එතාහි තීහි විජ්ජාහි, තෙවිජ්ජො හොති බ්‍රාහ‍්මණො.
එහෙයින් ඉපදීම නිමකළේය. අභිඥාව ලබාගත්තේය. මේ ත්‍රිවිද්‍යාව හේතුකොටගෙන බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාව දත්තෙක් වේ.
“තථෙව භද‍්දාකාපිලානී, තෙවිජ‍්ජා මච‍්චුහායිනී; ධාරෙති අන‍්තිමං දෙහං, ජිත්‍වා මාරං සවාහනං.
එසේම භද්දා කාපිලානී ද මරණය නිමකර ත්‍රිවිද්‍යාව අවබෝධ කළ හෙයින් බලසෙනග සහිත මාරයා පරදවා දැන් අවසාන සිරුර දරයි.
“දිස‍්වා ආදීනවං ලොකෙ, උභො පබ්බජිතා මයං; ත්‍යම‍්හ ඛීණාසවා දන‍්තා, සීතිභූතාම‍්හ නිබ‍්බුතා.
ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනම පැවිදිවීමු. දුරුකළ ආසව ඇතිව දැමුණු ඉඳුරන් ඇතිව සිහිල්වීමු. නිවුණෙමු.
“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. (අප· ථෙරී 2.3.244-313);
මගේ කෙලෙස් දැවී ගියේය. -පෙ-බුදුන්ගේ අනුශාසනාව අනුගමනය කළෙමි.
අරහත‍්තං පන පත්‍වා පුබ‍්බෙනිවාසඤාණෙ චිණ‍්ණවසී අහොසි. තත්‍ථ සාතිසයං කතාධිකාරත‍්තා අපරභාගෙ තං සත්‍ථා ජෙතවනෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො භික‍්ඛුනියො පටිපාටියා ඨානන‍්තරෙසු ඨපෙන‍්තො පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සා එකදිවසං මහාකස‍්සපත්‍ථෙරස‍්ස ගුණාභිත්‍ථවනපුබ‍්බකං අත‍්තනො කතකිච‍්චතාදිවිභාවනමුඛෙන උදානං උදානෙන‍්තී –
ඕ තොමෝ රහත්බවට පැමිණ පූර්වේනිවෙසානුස්මෘති ඥානයෙහි කොටිප්‍රාප්ත වූවාය. ඇය බහුල වශයෙන් කරන ලද අධිකාර ඇත්තී විය. පසුකලෙක බුදුහු දෙව්රම්හි ආර්‍ය සංඝසමූහයා මැද වැඩසිටි සේක්, භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබන්නාහු, ඇය පෙර විසූ කඳපිළිවෙල සිහිකරන්නවුන්ගෙන් අගතන්හි තබාලු සේක. ඕතොමෝ එක් දිනක මහකසුප් තෙරණුවන්ගේ ගුණකීර්තනයක් පෙරටුකොට තමා විසින් කරතිබෙන කාර්‍යයන් සිහිකිරීම් වශයෙන් උදම් අනන්නී:
“පුත‍්තො බුද්ධස්ස දායාදො, කස්සපො සුසමාහිතො; පුබ‍්බෙනිවාසං යොවෙදි, සග‍්ගාපායඤ‍්ච පස‍්සති.
පුත්තො බුද්ධස්ස දායාදො කස්සපො සුසමාහිතො, පුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති.
“අථො ජාතික්ඛයං පත‍්තො, අභිඤ‍්ඤාවොසිතො මුනි; එතාහි තීහි විජ්ජාහි, තෙවිජ්ජො හොති බ්‍රාහ‍්මණො.
අථො ජාතික්ඛයං පත්තො අහිඤ්ඤා වොසිතො මුනි, එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්‍රාහ්මණො.
“තථෙව භද‍්දාකාපිලානී, තෙවිජ‍්ජා මච‍්චුහායිනී; ධාරෙති අන‍්තිමං දෙහං, ජෙත්‍වා මාරං සවාහනං.
තථෙව භද්දාකාපිලානි තෙ විජ්ජා මච්චුහායිනී, ධාරති අන්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.
“දිස‍්වා ආදීනවං ලොකෙ, උභො පබ්බජිතා මයං; ත්‍යම‍්හ ඛීණාසවා දන‍්තා, සීතිභූතාම‍්හ නිබ‍්බුතා”ති. –
දිස්වා ආදිනවං ලොකෙ උභො පබ්බජිතා මයං, ත්‍යම්හා ඛීණාසවා දන්තා සීතිභූතම්හ නිබ්බුතා-
සන්සුන් මනස් ඇති බුද්ධපුත්‍ර වූ ඒ කාශ්‍යප තෙමේ රහත්බව ලැබ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකළේය. ඇතිවීම හා නැතිවීම දකියි.
එහෙයින් ඉපදීම නිමකළේය, අභිඥාව ලබාගත්තේය, මේ ත්‍රිවිද්‍යාව හේතුකොට ගෙන බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාව දත්තෙක් වේ.
එසේම භද්දා කාපිලානී ද මරණය නිමකර ත්‍රිවිද්‍යාව අවබෝධ කළ හෙයින් බලසෙනඟ සහිත මාරයා පරදවා දැන් අවසාන සිරුර දරයි.
ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනම පැවිදිවීමු. දුරුකළ අසවු ඇතිව දැමුණු ඉඳුරන් ඇතිව සිහිල්වීමු. නිවුණෙමු.
ඉමා ගාථා අභාසි.
යන ගාථා ප්‍රකාශ කළාය.
තත්‍ථ පුත‍්තො බුද‍්ධස‍්ස දායාදොති බුද‍්ධානුබුද‍්ධභාවතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අනුජාතසුතො තතො එව තස‍්ස දායභූතස‍්ස නවලොකුත‍්තරධම‍්මස‍්ස ආදානෙන දායාදො කස‍්සපො ලොකියලොකුත‍්තරෙහි සමාධීහි සුට‍්ඨු සමාහිතචිත‍්තතාය සුසමාහිතො. පුබ‍්බෙනිවාසං යොවෙදීති යො මහාකස‍්සපත්‍ථෙරො පුබ‍්බෙනිවාසං අත‍්තනො පරෙසඤ‍්ච නිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තානං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන පාකටං කත්‍වා අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. සග‍්ගාපායඤ‍්ච පස‍්සතීති ඡබ‍්බීසතිදෙවලොකභෙදං සග‍්ගං චතුබ‍්බිධං අපායඤ‍්ච දිබ‍්බචක‍්ඛුනා හත්‍ථතලෙ ආමලකං විය පස‍්සති.
එහි පුත්තො බුද්ධස්ස දායාදො - බුදු අනුබුදුවරුන්ගෙන් සම්‍යක් සම්බුද්ධයන්ගේ අනුජාතපුත්‍ර වූ, එහෙයින්ම උන්වහන්සේට අයත්වූ නවලෝකෝත්තර ධර්‍මය ලබාගැනීමෙන්, දායාදො කස්සපො - කාශ්‍යප ගෝත්‍රයෙහි උපන්, ලෞකික හා ලෝකෝත්තර සමාධි භාවනයෙන් මැනවින් එකඟකරගනු ලැබූ සිත් ඇති හෙයින්, සුසමාහිතො පුබ්බෙ නිවාසං යො වෙදි - ඒ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පුබ්බෙනිවාසං - තමාගේ හා අනුන්ගේ පූර්‍වභාවික ස්කන්‍ධසන්තානය පූර්‍වෙනිවෙසානුස්මෘති ඥානයෙන් ප්‍රකටකර, අවෙදි - දැනගත්තේය. අවබෝධ කළේය. සග්ගාපායඤ්ච පස්සති - දෙව්ලෝ විසිහයෙහි වෙනස ඇති, සග්ගං - සිවුවැදෑරුම් අපායඤ්ච - දිවැසින් අත්ලෙහි තිබෙන නෙල්ලි ගෙඩියක් මෙන්, පස්සති
අථො ජාතික‍්ඛයං පත‍්තොති තතො පරං ජාතික‍්ඛයසඞ‍්ඛාතං අරහත‍්තං පත‍්තො. අභිඤ‍්ඤාය අභිවිසිට‍්ඨෙන ඤාණෙන අභිඤ‍්ඤෙය්‍යං ධම‍්මං අභිජානිත්‍වා පරිඤ‍්ඤෙය්‍යං පරිජානිත්‍වා , පහාතබ‍්බං පහාය , සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකත්‍වා වොසිතො නිට‍්ඨං පත‍්තො කතකිච‍්චො. ආසවක‍්ඛයපඤ‍්ඤාසඞ‍්ඛාතං මොනං පත‍්තත‍්තා මුනි.
අතො ජාතක්‍ඛයං පත්තො - ඉන් පසුව ඉපදීම නිමකිරීම සංඛ්‍යාත රහත්බවට පැමිණියේය. අභිඤ්ඤාය - අතිවිශිෂ්ට ඥානයෙන් විශේෂයෙන් දතයුතු ධර්‍මය සම්පූර්‍ණයෙන් දැනගෙන අත්හළයුතු දැය අත්හැර ප්‍රත්‍යක්‍ෂ කළයුතු දැය ප්‍රත්‍යක්‍ෂකර, වොසිතො - නිෂ්ඨාවට පැමිණියේ, කර නිමකළ කටයුතු ඇත්තේ, ආශ්‍රවයන් ක්‍ෂය කිරීමේ ප්‍රඥාව නම් වූ මෞනභාවයට පැමිණි හෙයින්, මුනි -
තථෙව භද‍්දාකාපිලානීති යථා මහාකස‍්සපො එතාහි යථාවුත‍්තාහි තීහි විජ්ජාහි තෙවිජ‍්ජො මච‍්චුහායී ච, තථෙව භද‍්දාකාපිලානී තෙවිජ‍්ජා මච‍්චුහායිනීති. තතො එව ධාරෙති අන‍්තිමං දෙහං, ජෙත්‍වා මාරං සවාහනන‍්ති අත‍්තානමෙව පරං විය කත්‍වා දස‍්සෙති.
තථෙව, භද්දා කාපිලානී - මහාකාශ්‍යප (තෙරුන්) යම්සේද මැය විසිනුදු එසේම ත්‍රිවිද්‍යාව අවබෝධ කරගැනීම නිසා තෙවිජ්ජ නම් වූ, එසේ මාරයා පහකරන්නා වූ ඒ භද්දා කාපිලානී, තෙවිජ්ජා මච්චුහායී - එහෙයින්ම ධාරෙති අන්තිම දෙහං ජෙත්‍වා මාරං සවාහිනිං - තමාම අනෙකෙකු මෙන් දක්වයි.
ඉදානි යථා ථෙරස‍්ස පටිපත‍්ති ආදිමජ‍්ඣපරියොසානකල්‍යාණා, එවං මමපීති දස‍්සෙන‍්තී “දිස‍්වා ආදීනව”න‍්ති ඔසානගාථමාහ. තත්‍ථ ත්‍යම‍්හ ඛීණාසවා දන‍්තාති තෙ මයං මහාකස‍්සපත්‍ථෙරො අහඤ‍්ච උත‍්තමෙන දමෙන දන‍්තා සබ‍්බසො ඛීණාසවා ච අම‍්හ. සීතිභූතාම‍්හ නිබ‍්බුතාති තතො එව කිලෙසපරිළාහාභාවතො සීතිභූතා සඋපාදිසෙසාය නිබ‍්බානධාතුයා නිබ‍්බුතා ච අම‍්හ භවාමාති අත්‍ථො.
දැන් තෙරණුවන්ගේ පිළිවෙතෙහි මුල මැද අග යම්සේවීද මගේද එසේමවී යයි දක්වන්නී, ‘දිස්වා ආදීනවං’ යන අවසාන ගාථාව ප්‍රකාශ කළාය. එහි ත්‍යම්හා ඛීණාසවා දන්තා යනු ඒ අපි-මහ කසුප් තෙරුන් හා මම උතුම් දමනයෙන් හික්මී සර්‍වප්‍රකාරයෙන්ම ආශ්‍රවයන් දුරුකළෝ වෙමු. සීතිභූතම්හ නිබ්බුතා - එසේ හෙයින්ම කෙලෙස් ගින්නෙන් මිදුණා වූ, සිතිභුතා සෝපදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් නිවුණෝ, අම්හ - වෙමු යන තේරුමය.
භද‍්දාකාපිලානීථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
භද්දා කාපිලානි තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
චතුක‍්කනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.
චතුර්ථනිපාත වර්‍ණනාව නිමියේය.