සොමාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සොමාථෙරීගාථාවණ්ණනා
සෝමා ථේරීගාථා වර්ණනාව
යං තං ඉසීහි පත්තබ්බන්තිආදිකා සොමාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී සිඛිස්ස භගවතො කාලෙ ඛත්තියමහාසාලකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා අරුණරඤ්ඤො අග්ගමහෙසී අහොසීති සබ්බං අතීතවත්ථු අභයත්ථෙරියා වත්ථුසදිසං. පච්චුප්පන්නවත්ථු පන අයං ථෙරී තත්ථ තත්ථ දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ බිම්බිසාරස්ස රඤ්ඤො පුරොහිතස්ස ධීතා හුත්වා නිබ්බත්ති. තස්සා සොමාති නාමං අහොසි. සා විඤ්ඤුතං පත්තා සත්ථු රාජගහපවෙසනෙ පටිලද්ධසද්ධා උපාසිකා හුත්වා අපරභාගෙ සඤ්ජාතසංවෙගා භික්ඛුනීසු පබ්බජිත්වා කතපුබ්බකිච්චා විපස්සනාය කම්මං කරොන්තී න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.71, 80-90) –
යං තං ඉසීහි පත්තබ්බං - මෙය සෝමා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් සිඛී බුදුන්ගේ කාලයෙහි කැත්මහසල් කුලයක ඉපිද වැඩිවිය පැමිණි කල්හි අරුණවන්ත රජුගේ අගමෙහෙසිය වූවාය. මෙහි සියලු විස්තර අභය තෙරණියගේ අතීත කථාවට සමානය. වර්තමාන කථාව වනාහී මේ තෙරණිය දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි රජගහනුවර බිම්බිසාර රජුගේ පුරෝහිතයාගේ දියණිය වී උපන්නාය. ඇගේ නම සෝමාය. ඕ බුදුන්වහන්සේ රජගහනුවරට පිවිසෙන අවස්ථාවේ දී ශ්‍රද්ධාව හටගෙන උපාසිකාවක් වී පසු කලෙක සංවේගයට පැමිණ භික්ෂුණීන් සමීපයෙහි පැවිදි වී කරන ලද පෙරකිස ඇත්තී, විදසුන් වඩා නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමුණුනාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“නගරෙ අරුණවතියා, අරුණො නාම ඛත්තියො; තස්ස රඤ්ඤො අහුං භරියා, වාරිතං වාරයාමහං.
නගරෙ අරුණවතියා අරුණවා නාම ඛත්තියො, කස්ස රඤ්ඤො අහං භරියා චාරිකං චාරයාමහං.
අරුණවතී නම් නගරයෙහි අරුණවන්ත නම් රජෙක් විය. මම ඔහුගේ බිරිඳ වී චාරිකාවෙහි යෙදුණෙමි.
“යාවතා…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති. –
යාවතා-පෙ-කතං බුද්ධස්ස සාසනං -
සබ්බං අභයත්ථෙරියා අපදානසදිසං.
යම්තාක්-පෙ-බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
අරහත්තං පන පත්වා විමුත්තිසුඛෙන සාවත්ථියං විහරන්තී එකදිවසං දිවාවිහාරත්ථාය අන්ධවනං පවිසිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ නං මාරො විවෙකතො විච්ඡෙදෙතුකාමො අදිස්සමානුරූපො උපගන්ත්වා ආකාසෙ ඨත්වා –
සෙසු සියල්ල අභය ස්ථවිරියගේ චරිත කථාවට සමානය. රහත් බවට පැමිණ විමුක්ති සුවයෙන් වෙසෙන්නී දිනක් දවල් කාලය ගතකරනු පිණිස අන්ධ වනයට පිවිස එක්තරා ගස්මුලක හුන්නාය. එවිට මාරයා ඇය විවේකයෙන් තොරකරනු කැමැතිව නොපෙනී අහසෙහි සිට:
“යං තං ඉසීහි පත්තබ්බං, ඨානං දුරභිසම්භවං; න තං ද්වඞ්ගුලපඤ්ඤාය, සක්කා පප්පොතුමිත්ථියා”ති. – ඉමං ගාථමාහ;
යං තං ඉසීහි පත්තබ්බං ඨානං දුරභිසම්භවං, න තං ද්වඞ්ගුලපඤ්ඤාය සත්තා පප්පොතුමිත්ථියා-
සෘෂිවරුන් විසින් පැමිණිය යුතු ලබාගැනීමට අපහසු වූ යම් ස්ථානයක් වේද එය දෑඟුලක් පමණ නුවණැති ස්ත්‍රීන් විසින් ලබාගත නොහැකිය.
යන ගාථාව ප්‍රකාශ කළාය.
තස්සත්ථො – සීලක්ඛන්ධාදීනං එසනට්ඨෙන “ඉසී”ති ලද්ධනාමෙහි බුද්ධාදීහි මහාපඤ්ඤෙහි පත්තබ්බං, තං අඤ්ඤෙහි පන දුරභිසම්භවං දුන්නිප්ඵාදනීයං. යං තං අරහත්තසඞ්ඛාතං පරමස්සාසට්ඨානං, න තං ද්වඞ්ගුලපඤ්ඤාය නිහීනපඤ්ඤාය ඉත්ථියා පාපුණිතුං සක්කා. ඉත්ථියො හි සත්තට්ඨවස්සකාලතො පට්ඨාය සබ්බකාලං ඔදනං පචන්තියො පක්කුථිතෙ උදකෙ තණ්ඩුලෙ පක්ඛිපිත්වා “එත්තාවතා ඔදනං පක්ක”න්ති න ජානන්ති, පක්කුථියමානෙ පන තණ්ඩුලෙ දබ්බියා උද්ධරිත්වා ද්වීහි අඞ්ගුලීහි පීළෙත්වා ජානන්ති, තස්මා ද්වඞ්ගුලිපඤ්ඤායාති වුත්තා.
එහි තේරුම - ශීලස්කන්ධාදිය සෙවීමෙහි යෙදුණු යන අර්ථයෙන් සෘෂි යන නාමය ලැබූ බුදුන් ආදී මහා පැණවතුන් විසින් පැමිණියයුතු, අනෙක් අයට දුරභිසම්භවං - ලබාගත නොහැකි, යංතං - රහත්බව නමැති පරම නිෂ්ඨාව. ද්වඞ්ගුල පඤ්ඤාය - හීනප්රඥාව ඇති ස්ත්‍රි විසින් ලබාගත නොහැකිය. ගැහැණු වූකලී වයස අවුරුදු හත අටේ සිට සදහටම බත් පිසන්නී, රත්වූ ජලයෙහි සහල් දමා, එපමණකින්ම බත් ඉදී ඇද්දැයි නොදනිති. තැම්බෙන්නා වූ සහල් ඇට හැන්දෙන් ගෙන ඇඟිලිවලින් පොඩිකර දැනගනිති. එහෙයින් ද්වඞ්ගුලපඤ්ඤාය යනුවෙන් කියන ලදී.
තං සුත්වා ථෙරී මාරං අපසාදෙන්තී –
එය ඇසූ ස්ථවිරීතොමෝ මාරයා පිටුමං කරන්නී:
“ඉත්ථිභාවො නො කිං කයිරා, චිත්තම්හි සුසමාහිතෙ; ඤාණම්හි වත්තමානම්හි, සම්මා ධම්මං විපස්සතො.
ඉත්ථිභාවො නො කිං කයිරා චිත්තම්හි සුසමාහිතෙ, ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතො.
“සබ්බත්ථ විහතා නන්දී, තමොක්ඛන්ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තකා”ති. –
සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකා.
ඉතරා ද්වෙ ගාථා අභාසි.
යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
සිත එකඟ වූ කල්හි, ප්‍රඥාව පවත්නා කල්හි, ධර්මය මැනැවින් දැනගත් කල්හි, ස්ත්‍රීභාවය අපට කුමක් කරයිද?
සෙස්ස සේලා තෙරණියගේ වස්තුවෙහි මෙනි.
යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
තත්ථ ඉත්ථිභාවො නො කිං කයිරාති මාතුගාමභාවො අම්හාකං කිං කරෙය්ය, අරහත්තප්පත්තියා කීදිසං විබන්ධං උප්පාදෙය්ය. චිත්තම්හි සුසමාහිතෙති චිත්තෙ අග්ගමග්ගසමාධිනා සුට්ඨු සමාහිතෙ. ඤාණම්හි වත්තමානම්හීති තතො අරහත්තමග්ගඤාණෙ පවත්තමානෙ. සම්මා ධම්මං විපස්සතොති චතුසච්චධම්මං පරිඤ්ඤාදිවිධිනා සම්මදෙව පස්සතො. අයඤ්හෙත්ථ සඞ්ඛෙපො – පාපිම, ඉත්ථී වා හොතු පුරිසො වා, අග්ගමග්ගෙ අධිගතෙ අරහත්තං හත්ථගතමෙවාති.
එහි ඉත්ථිභා වො කිං කයිරා - ගැහැනියක වීමෙන් අපට කුමක් කෙරේද? රහත් බවට පැමිණීම පිණිස කවර නොබැඳුමක් ඇතිකරගතයුතුද? චිත්තම්හි සුසමාහිතෙ - අග්රමාර්ග භාවනාවෙන් සිත මනාකොට එකඟ වූ කල්හි, ඤාණම්හි වත්තමානම්හි - එහෙයින් අර්හත් මාර්ගඥානය පවත්නා කල්හි, සම්මා ධම්මං විපස්සතො - චතුරාර්යය සත්‍යය නිරවශේෂයෙන් මනා ලෙස දන්නා තැනැත්තාට. මෙහි ලුහුඬු අදහස මෙසේය, පාපිෂ්ඨය, ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා අග්රමාර්ගයට පැමිණි කල්හි ඔහුට හෝ ඇයට රහත්බව අත්පත්වූවාක් මෙනි.
ඉදානි තස්ස අත්තනා අධිගතභාවං උජුකමෙව දස්සෙන්තී “සබ්බත්ථ විහතා නන්දී”ති ගාථමාහ. සා වුත්තත්ථායෙව.
දැන් ඕතොමෝ රහත්බව ලබාගෙන සිටින බව එක එල්ලේම දක්වමින් ‘සබ්බත්ථ විහතානන්දි’ යන ගාථාව ප්‍රකාශ කළාය.
සොමාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සෝමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
තිකනිපාතවණ්ණනා නිට්ඨිතා.
තිකනිපාත වර්ණනාව සමාප්තය.