සෙලාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සෙලාථෙරීගාථාවණ්ණනා
සෙලා ථේරීගාථා වර්ණනාව
නත්ථි නිස්සරණං ලොකෙතිආදිකා සෙලාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තා මාතාපිතූහි සමානජාතිකස්ස කුලපුත්තස්ස දින්නා, තෙන සද්ධිං බහූනි වස්සසතානි සුඛසංවාසං වසිත්වා තස්මිං කාලඞ්කතෙ සයම්පි අද්ධගතා වයොඅනුප්පත්තා සංවෙගජාතා කිංකුසලගවෙසිනී කාලෙන කාලං ආරාමෙන ආරාමං විහාරෙන විහාරං අනුවිචරති “සමණබ්රාහ්මණානං සන්තිකෙ ධම්මං සොස්සාමී”ති. සා එකදිවසං සත්ථු බොධිරුක්ඛං උපසඞ්කමිත්වා “යදි බුද්ධො භගවා අසමො අසමසමො අප්පටිපුග්ගලො, දස්සෙතු මෙ අයං බොධි පාටිහාරිය”න්ති නිසීදි. තස්සා තථා චිත්තුප්පාදසමනන්තරමෙව බොධි පජ්ජලි, සබ්බසොවණ්ණමයා සාඛා උට්ඨහිංසු, සබ්බා දිසා විරොචිංසු. සා තං පාටිහාරියං දිස්වා පසන්නමානසා ගරුචිත්තීකාරං උපට්ඨපෙත්වා සිරසි අඤ්ජලිං පග්ගය්හ සත්තරත්තින්දිවං තත්ථෙව නිසීදි. සත්තමෙ දිවසෙ උළාරං පූජාසක්කාරං අකාසි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ ආළවීරට්ඨෙ ආළවිකස්ස රඤ්ඤො ධීතා හුත්වා නිබ්බත්ති. සෙලාතිස්සා නාමං අහොසි. ආළවිකස්ස පන රඤ්ඤො ධීතාති කත්වා ආළවිකාතිපි නං වොහරන්ති. සා විඤ්ඤුතං පත්තා සත්ථරි ආළවකං දමෙත්වා තස්ස හත්ථෙ පත්තචීවරං දත්වා තෙන සද්ධිං ආළවීනගරං උපගතෙ දාරිකා හුත්වා රඤ්ඤා සද්ධිං සත්ථු සන්තිකං උපගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධා උපාසිකා අහොසි. සා අපරභාගෙ සඤ්ජාතසංවෙගා භික්ඛුනීසු පබ්බජිත්වා කතපුබ්බකිච්චා විපස්සනං පට්ඨපෙත්වා සඞ්ඛාරෙ සම්මසන්තී උපනිස්සයසම්පන්නත්තා පරිපක්කඤාණා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.2.61-85) –
නත්ථි නිස්සරණං ලොකෙ - මෙය සේලා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්ය ඇත්තී, ඒ ඒ භවයන්හි කුසල් රැස්කර හංසවතී නගරයෙහි කුලගෙයක උපත ලබා වැඩිවිය පැමිණිකල මවුපියන් විසින් සමජාතික කුලපුතෙකුට දෙන ලද්දී ඔහු සමග අවුරුදු සියගණනක් සතුටින් විසුවාය. පසු කලෙක සැමියා මළ කල්හි තමාද මහලුවියට පැමිණ සංවේග බහුලව උසස්ම පින සොයමින් බණ අසනු පිණිස අරමින් අරමට, විහාරයෙන් විහාරයට යයි. ඕ දිනක් බුදුන්ගේ බෝරුක වෙත එළඹ ‘ඉදින් බුදුන්වහන්සේ අසමසම නම් අසම පුද්ගලයෙකු නම්, මේ බෝධීන් වහන්සේ ප්රාතිහාර්යයක් පානසේක්වා’යි ඉටා එතැන හිඳගත්තාය. ඇයගේ ඒ අධිෂ්ඨානයත් සමගම බෝධිය බැබළෙන්ට විය. ස්වර්ණවර්ණශාඛා පැනනැගිණ. සියලු දිශාවෝ දිලුණහ. ඕ ඒ පෙළහර දැක පැහැදුණු මනසින් ගරුසිත් ඇතිකරගෙන දොහොත්මුදුන් දී සත්දිනක් එහිම සිටියාය. සත්වන දවස්හි ඕ විශාල පජාසත්කාරයක් පැවැත්වූවාය. ඕතොමෝ ඒ පින්කම හේතුකොටගෙන දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි අළව්නුවර අළව් රජුගේ දියණියක වී උපන්නාය. ඈ සේලා නම් වූවාය. ආළවක රජුගේ දියණිය වූ හෙයින් ආළවිකා යනුවෙන් ද හැඳින්විණ. කලකට පසු ඕතොමෝ, ශාස්තෲන් වහන්සේ ආළවක දමනයකර ඔහුගේ අතට පාසිවුරු දී ඔහු සමග ආළවි නගරයට පිවිසි අවස්ථාවේ දී ඈ රජු සමග ගොස් බුදුන්ගෙන් බණ අසා සැදැහැතිව උපාසිකාවක් වූවාය. ඕ පසු කලෙක සංවේගබහුලව භික්ෂුණීන් වෙත පැවිදිව පෙරකිස නිමවා විදසුන් පිහිටුවා සංස්කාරයන්හි යථාස්වභාවය දැක උපනිශ්‍රය සම්පත් ඇති හෙයින් ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලෙකින්ම රහත්වූවාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“නගරෙ හංසවතියා, චාරිකී ආසහං තදා; ආරාමෙන ච ආරාමං, චරාමි කුසලත්ථිකා.
මම හංසවතී නගරයෙහි එකල ඇවිදින්නියක් වීමි. කුසල් බලාපොරොත්තුවෙන් මම අරමෙන් අරමට හැසිරෙමි.
“කාළපක්ඛම්හි දිවසෙ, අද්දසං බොධිමුත්තමං; තත්ථ චිත්තං පසාදෙත්වා, බොධිමූලෙ නිසීදහං.
අවපක්ෂයෙහි දිනක මම බෝධිය වැඳීමට ගියෙමි. මම සිත පහදවාගෙන බෝමුල හිඳ ගතිමි.
“ගරුචිත්තං උපට්ඨෙත්වා, සිරෙ කත්වාන අඤ්ජලිං; සොමනස්සං පවෙදෙත්වා, එවං චින්තෙසි තාවදෙ.
ගරුසිත පිහිටුවාගෙන දොහොත් මුදුන් දී සොම්නස පවසා මෙසේ සිතුවෙමි:
“යදි බුද්ධො අමිතගුණො, අසමප්පටිපුග්ගලො; දස්සෙතු පාටිහීරං මෙ, බොධි ඔභාසතු අයං.
‘ඉදින් බුදුන්වහන්සේ අප්‍රමාණ ගුණ ඇත්තේ නම්, අසමසම පුද්ගලයෙක් නම්, මට පෙළහරක් දක්වා. මේ බෝධිය බබළාවා.
“සහ ආවජ්ජිතෙ මය්හං, බොධි පජ්ජලි තාවදෙ; සබ්බසොණ්ණමයා ආසි, දිසා සබ්බා විරොචති.
‘මා මෙසේ සිතත්ම බෝධිය බැබළිණ. සියල්ලම රන්වන් වූ හෙයින් හැම දිසාවම ආලෝකවත් විය.
“සත්තරත්තින්දිවං තත්ථ, බොධිමූලෙ නිසීදහං; සත්තමෙ දිවසෙ පත්තෙ, දීපපූජං අකාසහං.
මම සත්දිනක් පුරා එහි සිටියෙමි. ‘සත්වන දින මම පහන් පූජාවක් කළෙමි.
“ආසනං පරිවාරෙත්වා, පඤ්චදීපානි පජ්ජලුං; යාව උදෙති සූරියො, දීපා මෙ පජ්ජලුං තදා.
අසුන වටා පහන් පහන් දැල්වීමි. පසුදින හිරු උදාවන තෙක් මගේ පහන් දැල්විණ.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ යහපත් ක්‍රියාවෙහි අනුසස් විසින් මිනිස් සිරුර අතහැර තව්තිසාවට ගියෙමි.
“තත්ථ මෙ සුකතං බ්යම්හං, පඤ්චදීපාති වුච්චති; සට්ඨියොජනමුබ්බෙධං, තිංසයොජනවිත්ථතං.
මගේ ඒ පින්කම නිසා මම පඤ්චදීපි යනුවෙන් ද හඳුන්වනු ලැබුවෙමි. හැටයොදුනක් උස ඇති තිස්යොදුනක් පළල ඇති-
“අසඞ්ඛියානි දීපානි, පරිවාරෙ ජලිංසු මෙ; යාවතා දෙවභවනං, දීපාලොකෙන ජොතති.
‘අසඞ්ඛ්‍ය ගණන් ප්රදීපයෝ මා වටා දැල්වෙති. දිව්‍ය භවනය යම් පමණක්ද එපමණම දීපාලෝකය පැතිර පවතී.
“පරම්මුඛා නිසීදිත්වා, යදි ඉච්ඡාමි පස්සිතුං; උද්ධං අධො ච තිරියං, සබ්බං පස්සාමි චක්ඛුනා.
‘පිටුපස හරවා හිඳගෙන සිටිනවිට මට බැලීමට අදහසක් ඇතිවුවහොත් උඩ යට හරහ යන හැම දිසාවක්ම පෙනෙයි.
“යාවතා අභිකඞ්ඛාමි, දට්ඨුං සුගතදුග්ගතෙ; තත්ථ ආවරණං නත්ථි, රුක්ඛෙසු පබ්බතෙසු වා.
‘යහපත් අයහපත් ක්‍රියා දකිනු කැමැත්තෙම් නම් එහිලා ගස්වල හෝ පර්වතවල හෝ බාධාවක් නැත.
“අසීතිදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; සතානං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
‘අසූවක් දෙව්රජවරුන්ට මෙහෙසිබව දැරුවෙමි, සක්විත්තන් සත්දෙනෙකුට මෙහෙසිය වීමි.
“යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං; දීපසතසහස්සානි, පරිවාරෙ ජලන්ති මෙ.
‘දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ වේවා යම් ආත්මභාවයක උපනිම්ද ඒ හැමතන්හිම දහසක් පහන් හා පිරිවරයි.
“දෙවලොකා චවිත්වාන, උප්පජ්ජිං මාතුකුච්ඡියං; මාතුකුච්ඡිගතා සන්තී, අක්ඛි මෙ න නිමීලති.
‘දෙව්ලොවින් චුතව මම මවුකුසෙහි උපනිමි. මවුකුසෙහි වෙසෙනකල මගේ නෙත් නොපියවෙයි.
“දීපසතසහස්සානි, පුඤ්ඤකම්මසමඞ්ගිතා; ජලන්ති සූතිකාගෙහෙ, පඤ්චදීපානිදං ඵලං.
පහන් සියක්දහසක් මේ පින්කමට සහභාගි වෙමින් තිඹිරිගෙයි දැල්වේ. පහන් පහක් පිදීමේ ආනිසංස මේය.
“පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, මානසං විනිවත්තයිං; අජරාමතං සීතිභාවං, නිබ්බානං ඵස්සයිං අහං.
‘අවසාන ආත්මභාවය පැමිණි කල්හි මනස සකස් කර අජරාමර වූ සිහින් වූ නිවණ ස්පර්ශ කළෙමි.
“ජාතියා සත්තවස්සාහං, අරහත්තමපාපුණිං; උපසම්පාදයී බුද්ධො, ගුණමඤ්ඤාය ගොතමො.
‘සත්වසරකට පසු රහත් බවට පැමිණියෙමි. ගෞතමයන් වහන්සේ මගේ ගුණකඳ දැනගෙන මා උපසම්පදා කළසේක.
“මණ්ඩපෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙ වසන්තියා; තදා පජ්ජලතෙ දීපං, පඤ්චදීපානිදං ඵලං.
‘මඩුවක රුක්මුලක හිස්ගෙයක හෝ වෙසෙම් නම් මට එළිය දීම සඳහා පහන් පහක් දැල්වෙයි.
“දිබ්බචක්ඛුවිසුද්ධං මෙ, සමාධිකුසලා අහං; අභිඤ්ඤාපාරමිප්පත්තා, පඤ්චදීපානිදං ඵලං.
‘සමාධිභාවනය හේතුකොටගෙන මම දිවැස පිරිසිදු කළෙමි, අභිඥාවෙන් පාරමී කෙළවරට පැමිණියෙමි. පහන් පහෙහි ප්‍රතිඵලය මෙයයි.
“සබ්බවොසිතවොසානා, කතකිච්චා අනාසවා; පඤ්චදීපා මහාවීර, පාදෙ වන්දාමි චක්ඛුම.
සියලු උත්පත්තිකාරක ධර්මයන් නිමකළෙමි. කළ කිස ඇත්තෙම්, අසවු දුරුකළෙමි. පඤ්චදීපා වූ මම ස්වාමීනි, ඔබවහන්සේගේ දෙපා වඳිමි.
“සතසහස්සිතො කප්පෙ, යං දීපමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, පඤ්චදීපානිදං ඵලං.
මෙයින් කල්ප සියක්දහසකට පෙර යම් පහන් පූජාවක් කළෙම්ද ඒ පිනින් මම දුගතිය නොහඳුනමි. පහන් පහෙහි පිනය මෙයයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවන ලදී. බුදුන් වහන්සේගේ අවවාදය අනුගමනය කළෙමි’
අරහත්තං පන පත්වා ථෙරී සාවත්ථියං විහරන්තී එකදිවසං පච්ඡාභත්තං සාවත්ථිතො නික්ඛමිත්වා දිවාවිහාරත්ථාය අන්ධවනං පවිසිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ නං මාරො විවෙකතො විච්ඡෙදෙතුකාමො අඤ්ඤාතකරූපෙන උපගන්ත්වා –
රහත් බවට පැමිණි ස්ථවිරීතොමෝ සැවැත් නුවරෙහි වෙසෙන්නී දිනක් දහවල් දානයෙන් පසු සැවතින් පිටත්ව දිවාවිහාරය සඳහා අන්ධවනයට පිවිස එක්තරා ගස්මුලක හුන්නීය. එවේලෙහි ඇය විවේකයෙන් වෙන්කරවනු කැමති මාරයා වෙනස් වේශයකින් පැමිණ.
“නත්ථි නිස්සරණං ලොකෙ, කිං විවෙකෙන කාහසි; භුඤ්ජාහි කාමරතියො, මාහු පච්ඡානුතාපිනී”ති. – ගාථමාහ;
නත්ථි නිස්සරණං ලොකෙ කිං විවේකෙන කාහසි, භුඤ්ජාහි කාමරතියො මාහු පච්ඡානුතාපිනී.
ලෝකයෙන් නික්ම යාමක් නැත, විවේකයෙන් කුමක් කළහැකිද? කම්සුව වළදන්න, පසුව පසුතැවිලි නොවන්න-
යන ගාථාව කීවේය.
තස්සත්ථො – ඉමස්මිං ලොකෙ සබ්බසමයෙසුපි උපපරික්ඛීයමානෙසු නිස්සරණං නිබ්බානං නාම නත්ථි තෙසං තෙසං සමණබ්රාහ්මණානං ඡන්දසො පටිඤ්ඤායමානං වොහාරමත්තමෙවෙතං, තස්මා කිං විවෙකෙන කාහසි එවරූපෙ සම්පන්නපඨමවයෙ ඨිතා ඉමිනා කායවිවෙකෙන කිං කරිස්සසි? අථ ඛො භුඤ්ජාහි කාමරතියො වත්ථුකාමකිලෙසකාමසන්නිස්සිතා ඛිඩ්ඩාරතියො පච්චනුභොහි. කස්මා? මාහු පච්ඡානුතාපිනී “යදත්ථං බ්රහ්මචරියං චරාමි, තදෙව නිබ්බානං නත්ථි, තෙනෙවෙතං නාධිගතං, කාමභොගා ච පරිහීනා, අනත්ථො වත මය්හ”න්ති පච්ඡා විප්පටිසාරිනී මා අහොසීති අධිප්පායො.
එහි තේරුම මේ ලෝකයෙහි ඇති සියලුම සමයවාදයන් පරීක්ෂාකර බැලුවත් ඒ එකකවත් නිස්සරණං - නිවණක් නම් නැත. ඒ ඒ මහණ බමුණන්ගේ කැමැත්තට අනුව පිළිගනු ලබන ව්‍යවහාර මාත්‍රයක් පමණි මෙය. එහෙයින් කිං විවේකෙන කාහසි - මෙවැනි ප්‍රථම වයසෙහි වෙසෙන ඔබගේ මේ ශාරීරික විවේකයෙන් කුමක් කරන්නෙහිද? එහෙයින් භුඤ්ජාහි කාමරතියො - වස්තුකාමයන් හා ක්ලේශකාමයන් ඇසුරුකොට පවත්නා වූ කෙළිසෙල්ලම්වල රස විඳින්න. කුමක් හෙයින්ද? මාහු පච්ඡානුතාපීනී - ‘යම් අරමුණක් උදෙසා බඹසර හැසිරෙම්ද ඒ නිවන් ලබාගෙන නැත, එහෙයින් එය නොලදිමි, කම්සුව ද රිසිසේ නොවිඳියෙමි, මට වූයේ මහත් විපතකි’ යනුවෙන් පසුව විපිළිසර නොවන්න, යන අදහසය.
තං සුත්වා ථෙරී “බාලො වතායං මාරො, යො මම පච්චක්ඛභූතං නිබ්බානං පටික්ඛිපති. කාමෙසු ච මං පවාරෙති, මම ඛීණාසවභාවං න ජානාති. හන්ද නං තං ජානාපෙත්වා තජ්ජෙස්සාමී”ති චින්තෙත්වා –
ඒ අසා තෙරණියෝ, මා ප්රත්යක්ෂ කරගෙන තිබෙන නිවණ පවා ප්‍රතික්ෂේප කරන මේ මාරයා මෝඩයෙකි, කම්සුවයෙන් මා පවරයි, මා අසවු සුන්කර ඇති බව මොහු නොදනියි. දැන් ඔහුට එය දන්වා තර්ජනය කරන්නෙම් නම් මැනව’යි සිතා-
“සත්තිසූලූපමා කාමා, ඛන්ධාසං අධිකුට්ටනා; යං ත්වං කාමරතිං බ්රූසි, අරතී දානි සා මම.
සත්තිසූලුපමා කාමා බන්ධානං අධිකුට්ටනා, යං ත්වං කාමරතිං බ්‍රෑසි අරතී දානි සා මම.
“සබ්බත්ථ විහතා නන්දී, තමොක්ඛන්ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තකා”ති. – ඉමං ගාථාද්වයමාහ;
සබ්බත්ථ විහතා නන්දී තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකා-
කාමයන් උල්කටුවලට උපමාකර ඇත, ස්කන්දයන් සිඳදමන සුලුය. ඔබ යම්කිසි කම්සුවයක් විඳින ලෙස මට කියන්නෙහිද මට දැන් එහිලා අභිලාෂයක් නැත.
මගේ රාගය නැසිණ. ගනඳුර පැළිණ, පාපිමාරය එය ඒ අයුරින් දැනගනුව, ඔබ අවසානය කරා පමුණුවා ඇත,
යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
තත්ථ සත්තිසූලූපමා කාමාති කාමා නාම යෙන අධිට්ඨිතා, තස්ස සත්තස්ස විනිවිජ්ඣනතො නිසිතසත්ති විය සූලං විය ච දට්ඨබ්බා. ඛන්ධාති උපාදානක්ඛන්ධා. ආසන්ති තෙසං. අධිකුට්ටනාති ඡින්දනාධිට්ඨානා, අච්චාදානට්ඨානන්ති අත්ථො. යතො ඛන්ධෙ අච්චාදාය සත්තා කාමෙහි ඡෙජ්ජභෙජ්ජං පාපුණන්ති. යං ත්වං කාමරතිං බ්රූසි, අරති දානි සා මමාති, පාපිම, ත්වං යං කාමරතිං රමිතබ්බං සෙවිතබ්බං කත්වා වදසි, සා දානි මම නිරතිජාතිකත්තා මීළ්හසදිසා, න තාය මම කොචි අත්ථො අත්ථීති.
එහි සත්තිසුලූපමාකාමා - කාමයෝ වූකලී යම් තැනෙක පිහිටියාහු වෙද්ද ඒ සත්ත්වයා විදදමන හෙයින් තියුණු අවි උල් වශයෙන් දතයුතුය. ඛන්ධා - උපාදාන ස්කන්ධයෝය, ආසං - ඔවුන්ගේ, අධිකුට්ටනා - සිඳීම ස්වභාවකොට ඇති, බොහෝසෙයින් යටපත්කිරීම යන තේරුමය. යම්හෙයකින් ස්කන්ධයන් යටපත්කරමින් සත්ත්වයෝ කාමයන් සිඳබිඳ දැමීමට පැමිණෙති, යං ත්වං කාමරතිං බ්‍රෑසි අරතීදානි සා - ‘මම පාපිය, ඔබ යම් කාලයක් සේවනය කරන ලෙස මට කියාද මම දැන් රාගය නැතිකර සිටින හෙයින් ඒවා මුත්‍ර සමානය. ඒවායින් මට පලක් නැත.
තත්ථ කාරණමාහ “සබ්බත්ථ විහතා නන්දී”තිආදිනා. තත්ථ එවං ජානාහීති “සබ්බසො පහීනතණ්හාවිජ්ජා”ති මං ජානාහි, තතො එව බලවිධමනවිසයාතික්කමනෙහි අන්තක ලාමකාචාර, මාර, ත්වං මයා නිහතො බාධිතො අසි, න පනාහං තයා බාධිතබ්බාති අත්ථො.
එයට හේතුව සබ්බත්ථ විහතානන්දී’ යනුවෙන් පැවසුවාය. එහි එව ජානාහි - සර්වප්‍රකාරයෙන්ම ප්‍රවීණ කරන ලද තෘෂ්ණාව හා අවිද්‍යාව ඇති බව දනුව. එහෙයින්ම බලයෙහි විෂය ඉක්මවා තිබෙන හෙයින් අන්තක - ලාමක හැසිරීම් ඇති මාරය, ත්වං මා විසින් නිභතො - බාධා කරන ලද්දේ වෙහි. ඔබ විසින් මට බාධාකළ නොහැකිය යන අර්ථයය.
එවං ථෙරියා මාරො සන්තජ්ජිතො තත්ථෙවන්තරධායි. ථෙරීපි ඵලසමාපත්තිසුඛෙන අන්ධවනෙ දිවසභාගං වීතිනාමෙත්වා සායන්හෙ වසනට්ඨානමෙව ගතා.
මෙසේ තෙරණිය විසින් තර්ජනය කරනු ලැබූ මාරයා එතැනම අතුරුදහන් විය. ස්ථවිරීන් වහන්සේ ද පලසමවත් සුවයෙන් අන්ධ වනයෙහි දහවල් දවස ගෙවා සවස් වේලෙහි තමා වසන තැනටම ගියහ.
සෙලාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සේලා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.