සුක්කාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සුක්කාථෙරීගාථාවණ්ණනා
සුක්කා ථේරීගාථා වර්ණනාව
කිංමෙ කතා රාජගහෙතිආදිකා සුක්කාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තා උපාසිකාහි සද්ධිං විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධා පබ්බජිත්වා බහුස්සුතා ධම්මධරා පටිභානවතී අහොසි. සා තත්ථ බහූනි වස්සසහස්සානි බ්රහ්මචරියං චරිත්වා පුථුජ්ජනකාලකිරියමෙව කත්වා තුසිතෙ නිබ්බත්ති. තථා සිඛිස්ස භගවතො, වෙස්සභුස්ස භගවතො කාලෙති එවං තිණ්ණං සම්මාසම්බුද්ධානං සාසනෙ සීලං රක්ඛිත්වා බහුස්සුතා ධම්මධරා අහොසි, තථා කකුසන්ධස්ස, කොණාගමනස්ස, කස්සපස්ස ච භගවතො සාසනෙ පබ්බජිත්වා විසුද්ධසීලා බහුස්සුතා ධම්මකථිකා අහොසි.
කිමෙ කතා රාජගහෙ - මෙය සුක්කා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි දී පින් රැස්කරන්නී, විපස්සී බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණිකල උපාසිකාවන් සමග විහාරයට ගොස් බුදුන් වෙතින් බණ අසා සැදැහැ උපදවා පැවිදිව බොහෝ ඇසූපිරූ තැන් ඇතිව ධර්මධරව ප්‍රතිභානයෙන් සමන්විතව වෙසේ. ඕ එහි දහස්වස් බොහෝ ගණනක් බඹසර හැසිර පෘථග්ජන තත්ත්වයෙන්ම මියගොස් තුසිතයෙහි උපන්නාය. එසේම සිඛී බුදුන්ගේ ද වෙස්සභූ බුදුන්ගේ ද යන මේ තුන්බුදුවරුන්ගේ කාලවල සසුනෙහි සිල් රැක බහුශ්‍රැතව ධර්මධර වූවාය. එසේම කකුසඳ කෝනාගමන කස්සප යන බුදුවරුන්ගේ කාලවල සසුනෙහි පැවිදිව සුපිරිසිදු සිල් රැක බහුශ්‍රැත ධර්‍මකථිකාවක් වූවාය.
එවං සා තත්ථ තත්ථ බහුං පුඤ්ඤං උපචිනිත්වා සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ්බත්ති, සුක්කාතිස්සා නාමං අහොසි. සා විඤ්ඤුතං පත්තා සත්ථු රාජගහපවෙසනෙ ලද්ධප්පසාදා උපාසිකා හුත්වා අපරභාගෙ ධම්මදින්නාය ථෙරියා සන්තිකෙ ධම්මං සුත්වා සඤ්ජාතසංවෙගා තස්සා එව සන්තිකෙ පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තී නචිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.4.111-142) –
මෙසේ ඕතොමෝ ඒ ඒ ආත්මභාවයන්හි පින් රැස්කරමින් දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි රජගහ නුවර ගැහැවිමහසල් කුලයෙක උපන්නාය. ඇයට සුක්කා යන නම ලැබිණ. වැඩිවිය පැමිණි පසු ඕ බුදුන් රජගහනුවරට පිවිසෙන අවස්ථාවේ දී පැහැදී උපාසිකාවක් වී පසු කලෙක ධම්මදින්නා තෙරණියගෙන් බණ අසා හටගත් සංවේගය ඇත්තී, ඇය වෙතම පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“එකනවුතිතො කප්පෙ, විපස්සී නාම නායකො; උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මවිපස්සකො.
මෙයින් කල්ප අනූඑකකට පෙර විපස්සි නම් වූ සියලු ධර්මයන් දන්නා වූ පියකරු පෙනුමක් ඇති බුදුන් උපන්හ.
“තදාහං බන්ධුමතියං, ජාතා අඤ්ඤතරෙ කුලෙ; ධම්මං සුත්වාන මුනිනො, පබ්බජිං අනගාරියං.
එකල මම බන්ධුමතී නුවර එක්තරා කුලයක ඉපිද බුදුන්ගෙන් බණ අසා සසුනෙහි පැවිදිවීමි.
“බහුස්සුතා ධම්මධරා, පටිභානවතී තථා; විචිත්තකථිකා චාපි, ජිනසාසනකාරිකා.
ඒ මම බුදුසසුනට අයත් කටයුතු කරන, ධර්මධර වූ බහුශ්‍රැත වූ ප්‍රතිභා ශක්තියෙන් හෙබියා වූ විසිතුරු ලෙස බණ කියන්නා වූ මෙහෙණක් වීමි,
“තදා ධම්මකථං කත්වා, හිතාය ජනතං බහුං; තතො චුතාහං තුසිතං, උපපන්නා යසස්සිනී.
එකල මම ජනතාවට හිතසුව ගෙනදෙන බණ කතාවක් අසා එයින් චුතව තුසිත දෙව්ලොව ඉපදුණෙමි.
“එකත්තිංසෙ ඉතො කප්පෙ, සිඛී විය සිඛී ජිනො; තපන්තො යසසා ලොකෙ, උප්පජ්ජි වදතං වරො.
මෙයින් තිස්එක් කපකට පෙර කීර්තියෙන් දිලෙන්නා වූ දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ සිඛී නම් බුදුහු ලොව උපන්හ.
“තදාපි පබ්බජිත්වාන, බුද්ධසාසනකොවිදා; ජොතෙත්වා ජිනවාක්යානි, තතොපි තිදිවං ගතා.
එකල්හි මම පැවිදිව බුද්ධ ධර්මය බබුළුවා එයිනුදු චුතව දෙව්ලොව උපත ලැබුවෙමි.
“එකත්තිංසෙව කප්පම්හි, වෙස්සභූ නාම නායකො; උප්පජ්ජිත්ථ මහාඤාණී, තදාපි ච තථෙවහං.
කල්ප තිස්ඵකකට පෙර වෙස්සභූ නම් වූ බුදුහු ලොව උපන් කලද, මම එසේම පැවිදිව ධර්මධරව බුදුසසුන බබුළුවා දෙව්ලොව ගොස් මහත්සැප වින්දෙමි.
“පබ්බජිත්වා ධම්මධරා, ජොතයිං ජිනසාසනං; ගන්ත්වා මරුපුරං රම්මං, අනුභොසිං මහාසුඛං.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, කකුසන්ධො ජිනුත්තමො; උප්පජ්ජි නරසරණො, තදාපි ච තථෙවහං.
මේ භද්‍රකල්පයෙහි කකුසඳ නම් බුදුහු උපන්හ. එකලද මම එසේම,
“පබ්බජිත්වා මුනිමතං, ජොතයිත්වා යථායුකං; තතො චුතාහං තිදිවං, අගං සභවනං යථා.
පැවිදිව මුනිසසුන හොබවා ආයුෂ ප්‍රමාණය ගෙවා එයින් චුතව තිදස දිව්‍යලෝකයට ගියෙමි.
“ඉමස්මිංයෙව කප්පම්හි, කොණාගමනනායකො; උප්පජ්ජි ලොකසරණො, අරණො අමතඞ්ගතො.
මේ කපෙහිම කෝණාගමන නම් වූ නිවන්මග දෙසන්නා වූ බුදුහු උපන්හ.
“තදාපි පබ්බජිත්වාන, සාසනෙ තස්ස තාදිනො; බහුස්සුතා ධම්මධරා, ජොතයිං ජිනසාසනං.
එකලද ඒ බුදුන්ගේ සසුනෙහි පැවිදිව බහුශ්‍රැතව ධර්මධරව බුදුසසුන හෙබවීමි,
“ඉමස්මිංයෙව කප්පම්හි, කස්සපො මුනිමුත්තමො; උප්පජ්ජි ලොකසරණො, අරණො මරණන්තගූ.
මේ කපෙහිම ලෝකයාට පිළිසරණ වූ මරණය ඉක්මවූ කස්සප බුදුන්වහන්සේ උපන් සේක.
“තස්සාපි නරවීරස්ස, පබ්බජිත්වාන සාසනෙ; පරියාපුටසද්ධම්මා, පරිපුච්ඡා විසාරදා.
ඒ නරවීරයාගේ සසුනෙහිද පැවිදිවී ධර්මය මැනැවින් ඉගෙනගෙන ප්‍රශ්න විසදීමෙහි දක්ෂව, පිරිසිදු සිල් ඇත්තී, ලජ්ජාශීලී වූ, ත්‍රිවිධ ශික්ෂාවන්හි දක්ෂ වූ බොහෝ ධර්මකථා පවත්වා, එකල රැස්කළ පිනින් සිත පිහිටුවීමෙහි අනුසසින්ද මිනිස් සිරුර අත්හැර ගොස් තව්තිසාවෙහි උපනිමි.
“සුසීලා ලජ්ජිනී චෙව, තීසු සික්ඛාසු කොවිදා; බහුං ධම්මකථං කත්වා, යාවජීවං මහාමුනෙ.
“තෙන කම්මවිපාකෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
“පච්ඡිමෙ ච භවෙ දානි, ගිරිබ්බජපුරුත්තමෙ; ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ, මහාරතනසඤ්චයෙ.
මේ අන්තිම ආත්ම භාවයෙහි උතුම් ගිරිව්‍රජ පුරයෙහි මහා සම්පත් ඇති සිටුකුලයක උපනිමි.
“යදා භික්ඛුසහස්සෙන, පරිවුතො ලොකනායකො; උපාගමි රාජගහං, සහස්සක්ඛෙන වණ්ණිතො.
යම්කිසි දිනෙක දහක් භික්ෂූන් පිරිවරා ලෝකනායකයාණන් වහන්සේ රජගහ නුවරට පිවිසියහ.
“දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි; සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා.
‘දමනය කරනු ලැබූ මිදිය යුතු සසරින් මිදුණු රන්වන් පැහැති බුදුන්වහන්සේ දමනය කරනු ලැබූ පැරණි ජටිලයන් සමග රජගහ නුවරට පිවිසි සේක.’
“දිස්වා බුද්ධානුභාවං තං, සුත්වාව ගුණසඤ්චයං; බුද්ධෙ චිත්තං පසාදෙත්වා, පූජයිං තං යථාබලං.
බුද්ධානුභාවය දැක, බුදුගුණ සමූහය අසා බුදුන් කෙරෙහි සිත පහදවා යථාශක්තියෙන් උන්වහන්සේට පූජාකළෙමි.
“අපරෙන ච කාලෙන, ධම්මදින්නාය සන්තිකෙ; අගාරා නික්ඛමිත්වාන, පබ්බජිං අනගාරියං.
එයින් පසු කලෙක ගිහිගෙයින් නික්ම ගොස් ධම්මදින්නා තෙරණිය වෙත පැවිදිවීමි.
“කෙසෙසු ඡිජ්ජමානෙසු, කිලෙසෙ ඣාපයිං අහං; උග්ගහිං සාසනං සබ්බං, පබ්බජිත්වා චිරෙනහං.
කෙස් සිඳිනු ලබන කල්හි මම කෙලෙස් දැවීමි, පැවිදිවී නොබෝ දිනකින් සියලු සස්න උගතිමි.
“තතො ධම්මමදෙසෙසිං, මහාජනසමාගමෙ; ධම්මෙ දෙසියමානම්හි, ධම්මාභිසමයො අහු.
ඉක්බිති මහාජනසමාගමයෙහි ධර්මය දේශනා කළෙමි, ධර්මය දේශනාකරන කල්හි ධර්මය ක්ෂාත්ක්ෂාත් කළෙමි.
“නෙකපාණසහස්සානං, තං විදිත්වාතිවිම්හිතො; අභිප්පසන්නො මෙ යක්ඛො, භමිත්වාන ගිරිබ්බජං.
දහස් ගණන් ප්‍රාණීන්ට ඒ ධර්මය අවබෝධ විය. එයින් පුදුමයට පැමිණියා වූ පැහැදුනා වූ මගේ මිතුරා (කෙ ඛා) ගිරිව්රජයට ගොස්
“කිංමෙ කතා රාජගහෙ මනුස්සා, මධුං පීතාව අච්ඡරෙ; යෙ සුක්කං න උපාසන්ති, දෙසෙන්තිං අමතං පදං.
රජගහනුවර මිනිස්සු මී බීවාක් මෙන් කුමක් කළාහුද? බුදු බණ දෙසන සුක්කා තෙරණියට ඔවුහු උපස්ථාන නොකරති,
“තඤ්ච අප්පටිවානීයං, අසෙචනකමොජවං; පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා, වලාහකමිවද්ධගූ.
ඒ ධර්මය නොවැළක්විය යුතුය, එය පිරිසිදුය, මගියා වලාකුළු ජලය බොන්නාක් මෙන් ප්‍රාඥයන් ධර්මය බොතැයි සිතමි’.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
සෘද්ධිවිධඥානය ලැබීමි, දිවැස ලැබීමි, චෙතොපරියඤාණය ලැබීමි, ඉඳුරන් දමූ තැනැත්තියක් වීමි.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
පෙර විසූ කඳපිළිවෙළ දැනගතිමි. දිවැස පිරිසිදු කෙළෙමි, සියලු ආශ්‍රව ප්‍රහීණ කළෙමි, මෙයින් මතු මට උපතක් නැත,
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
මහාවීරය, මම ඔබවහන්සේ සමීපයෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන විශේෂයන් ලබාගතිමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවන ලදි -පෙ-බුදුන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළෙමි.
අරහත්තං පන පත්වා පඤ්චසතභික්ඛුනිපරිවාරා මහාධම්මකථිකා අහොසි. සා එකදිවසං රාජගහෙ පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චා භික්ඛුනුපස්සයං පවිසිත්වා සන්නිසින්නාය මහතියා පරිසාය මධුභණ්ඩං පීළෙත්වා සුමධුරං පායෙන්තී විය අමතෙන අභිසිඤ්චන්තී විය ධම්මං දෙසෙති. පරිසා චස්සා ධම්මකථං ඔහිතසොතා අවික්ඛිත්තචිත්තා සක්කච්චං සුණාති. තස්මිං ඛණෙ ථෙරියා චඞ්කමනකොටියං රුක්ඛෙ අධිවත්ථා දෙවතා ධම්මදෙසනාය පසන්නා රාජගහං පවිසිත්වා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං විචරිත්වා තස්සා ගුණං විභාවෙන්තී –
රහත්බවට පැමිණ පන්සියයක් භික්ෂුණීන් විසින් පිරිවරනු ලැබූ මම මහා ධර්‍මකථිකාවක් වීමි. ඕතොමෝ දිනක් රජගහනුවර පිඬුපිණිස හැසිර බත්කිස නිමවූ පසු භික්ෂුණී ආරාමයකට පිවිස හිඳගෙන මහත් වූ පිරිසට පිළවුන් හැරගිය මිහිරි මී පොවන්නාක් මෙන්, අමෘතයෙන් අභිෂේක කරනු ලබන්නියක මෙන්, ධර්මය දේශනා කරයි. ඇයගේ පිරිසද නමාගත් කන් ඇත්තාහු, තැත්පත් කරගනු ලැබූ සිත් ඇත්තාහු, සකසා බණ අසති. එකෙණෙහි තෙරණියගේ සක්මන්මලු කෙළවර ගසෙහි විසූ දේවතාවා ධර්මදේශනාවෙන් පැහැදී රජගහනුවරට පිවිස වීදියෙන් වීදියට සිවුමංසලෙන් සිවුමංසලට හැසිර ඇයගේ ගුණ අගයන්නී:
“කිංමෙ කතා රාජගහෙ මනුස්සා, මධුං පීතාව අච්ඡරෙ; යෙ සුක්කං න උපාසන්ති, දෙසෙන්තිං බුද්ධසාසනං.
කිමෙ කතා රාජගහෙ මනුස්සා මධු පීතාව අච්ඡරෙ, යෙ සුක්කං න උපාසන්ති දෙසෙන්ති බුද්ධසාසනං.
“තඤ්ච අප්පටිවානීයං, අසෙචනකමොජවං; පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා, වලාහකමිවද්ධගූ”ති. –
තඤ්ච අප්පටිවානීයං අසෙචනක මොජවං, පිවන්ති මඤ්ඤෙසප්පඤ්ඤා වලාහකමිවද්ධගු.
බුදුන්ගේ ධර්මය දේශනාකරන සුක්කා තෙරණියට උවටැන් නොකර රජගහනුවර මිනිස්සු මධු පානයකර කාලය අපතේ යවන්නවුන් මෙන් කුමක් කළාහුද?
අත්නොහළයුතු පිරිසිදු බැවින් ඕජවත් වූ මේ ධර්මය කාන්තාරයෙහි යන මිනිසෙකු වලාකුළුවලින් වැටෙන දියබිඳු මෙන් නොබොද්ද?
ඉමා ද්වෙ ගාථා අභාසි.
යන මේ ගාථා දෙක ප්‍රකාශ කළාය.
තත්ථ කිංමෙ කතා රාජගහෙ මනුස්සාති ඉමෙ රාජගහෙ මනුස්සා කිං කතා, කිස්මිං නාම කිච්චෙ බ්‍යාවටා. මධුං පීතාව අච්ඡරෙති යථා භණ්ඩමධුං ගහෙත්වා මධුං පීතවන්තො විසඤ්ඤිනො හුත්වා සීසං උක්ඛිපිතුං න සක්කොන්ති , එවං ඉමෙපි ධම්මසඤ්ඤාය විසඤ්ඤිනො හුත්වා මඤ්ඤෙ සීසං උක්ඛිපිතුං න සක්කොන්ති, කෙවලං අච්ඡන්තියෙවාති අත්ථො. යෙ සුක්කං න උපාසන්ති, දෙසෙන්තිං බුද්ධසාසනන්ති බුද්ධස්ස භගවතො සාසනං යාථාවතො දෙසෙන්තිං පකාසෙන්තිං සුක්කං ථෙරිං යෙ න උපාසන්ති න පයිරුපාසන්ති. තෙ ඉමෙ රාජගහෙ මනුස්සා කිං කතාති යොජනා.
එහි කිමෙ කතා රාජගහෙ මනුස්සා - මේ රජගහනුවර මිනිස්සු කුමක් කරමින්, කවර නම් වැඩක යෙදී සිටියාහුද? මධුපීතාව අච්ඡරෙ - මධුපානය ගෙන තබන්නාහු සිහිසන් නැතිව හිස එසවීමට නොහැකිවෙත්. මෙසේම ඔවුහුද ධර්මසංඥාවෙන් විසංඥව හිස එසවීමට නොහැකිව සිටිති. හුදෙක් කාලය අපතේ යවත්, යනු අදහසය, යෙ සුක්කං න උපාසන්ති දෙසෙන්තිං බුද්ධසාසනං - බුදුන්ගේ ශාසනය නිවැරදිව දේශනා කරන්නා වූ, ප්‍රකාශ කරන්නා වූ සුක්කා තෙරණියට යමෙක් උපස්ථාන නොකරද්ද, ඇය ඇසුරු නොකරද්ද, ‘ඒ මේ රජගහනුවර මිනිස්සු කුමක් කළාහුද’ යනුවෙන් යොදාගත යුතුය.
තඤ්ච අප්පටිවානීයන්ති තඤ්ච පන ධම්මං අනිවත්තිතභාවාවහං නිය්යානිකං, අභික්කන්තතාය වා යථා සොතුජනසවනමනොහරභාවෙන අනපනීයං, අසෙචනකං අනාසිත්තකං පකතියාව මහාරසං තතො එව ඔජවන්තං. “ඔසධ”න්තිපි පාළි. වට්ටදුක්ඛබ්යාධිතිකිච්ඡාය ඔසධභූතං. පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා, වලාහකමිවද්ධගූති වලාහකන්තරතො නික්ඛන්තං උදකං නිරුදකකන්තාරෙ පථගා විය තං ධම්මං සප්පඤ්ඤා පණ්ඩිතපුරිසා පිවන්ති මඤ්ඤෙ පිවන්තා විය සුණන්ති.
තං ච අප්පටිවානීයං - ඒ ධර්මය නොනැවැත්විය හැකි ස්වභාවයද, නිවණට පමුණුවන ස්වභාවයද, උතුම් වූ නිසාද, අසාගෙන සිටින ජනයාගේ සවණට මනහර වූ, ඉවත් නොකළයුතු ධර්මය, අසෙචනකං - නොමුහුන් හෙයින් ස්වභාවයන්ම අතිශය රසවත් වූ එහෙයින්ම හරවත් වූ, ‘ඔසධං’ යනුවෙන් ද පාඨයකි. සසර දුක නමැති රෝගය සුවකෙරෙන ඖෂධයක් වැනි වූ, පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා වලාභකමිවද්ධගු - වලාකුළුවලින් වැටෙන දියබිදු නිරුදක කාන්තාරයක යන්නවුන් බොන්නාක් මෙන් ඒ ධර්මය සප්පඤ්ඤා - නුවණැත්තෝ පිවන්ති මඤ්ඤෙ - බොන්නාක් මෙන් අසත්.
මනුස්සා තං සුත්වා පසන්නමානසා ථෙරියා සන්තිකං උපසඞ්කමිත්වා සක්කච්චං ධම්මං සුණිංසු. අපරභාගෙ ථෙරියා ආයුපරියොසානෙ පරිනිබ්බානකාලෙ සාසනස්ස නිය්යානිකභාවවිභාවනත්ථං අඤ්ඤං බ්යාකරොන්තී –
මිනිස්සු එය අසා පැහැදුණු මනසින් තෙරණිය සමීපයට පැමිණ සකසා දහම් ඇසූහ. පසු කලෙක තෙරණියගේ ආයු ප්‍රමාණය නිමවී පිරිනිවන්පාන කාලයෙහි ශාසනයෙහි නෛර්යාණික ස්වභාවය ප්‍රකට කරවනු පිණිස අනෙකක් වණන්නී-
“සුක්කා සුක්කෙහි ධම්මෙහි, වීතරාගා සමාහිතා; ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහන”න්ති. –
සුක්කා සුක්කෙහි ධම්මෙහි වීතරාගා සමාහිතා, ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහනං-
සුක්කා, පිරිසුදු ධර්මයන්ගෙන් රාගය දුරු කර සිත එකඟකරගෙන සේනා සහිත මාරයා දිනාගෙන අන්තිම සිරුර දරයි.
ඉමං ගාථං අභාසි;
යන ගාථාව ප්‍රකාශ කළාය.
තත්ථ සුක්කාති සුක්කාථෙරී අත්තානමෙව පරං විය දස්සෙති. සුක්කෙහි ධම්මෙහීති සුපරිසුද්ධෙහි ලොකුත්තරධම්මෙහි. වීතරාගා සමාහිතාති අග්ගමග්ගෙන සබ්බසො වීතරාගා අරහත්තඵලසමාධිනා සමාහිතා. සෙසං වුත්තනයමෙව.
එහි සුක්කා - සුක්කා ස්ථවිරී තොමෝ, අනෙකක මෙන් තමාම දක්වයි. සුක්කෙහි ධම්මෙහි - සුපිරිසුදු වූ ලොවුතුරු දහමෙන්, වීතරාගා සමාහිතා - අග්රමාර්ගයෙන් සර්වප්‍රකාරයෙන්ම රාගය දුරුකොට අර්හත් ඵලසමාධියෙන් සිත එකඟ කරගෙන, සෙස්ස කියන ලද පරිදිමය.
සුක්කාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සුක්කා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.