යෙදුමෙන් කියවන්න

සුක‍්කාථෙරීගාථා

3. 6.

3. 6.

54. කිමෙ කතා රාජගහෙ මනුස‍්සා මධුපීතාව අච‍්ඡරෙ යෙ සුක‍්කං න උපාසන‍්ති දෙසෙන‍්තිං බුද‍්ධසාසනං.

54. යම් කෙනෙක් බුද්ධානුශාසනය දෙසන සුක්කා මෙහෙණ කරා නො එළඹෙත් ද රජගහනුවර වැසි මේ මිනිස්හු කුමක් කළාහු මධුපානය කළවුන් සෙයින් හිඳිත් ද?

55. තඤ‍්ච අප‍්පටිවානීයං අසෙචනකමොජවං පිවන‍්ති මඤ‍්ඤෙ සප‍්පඤ‍්ඤා වලාහකමිවද‍්ධගු.

55. නුවණැති පුරුෂයෝ (ශ්‍රෝතෲන්ගේ කන් පිණවනුයෙන්) නො බැහැර කළ හෙන පියවින් මැ රසවත් වූ එයින් මැ ඔදවත් වූ ඒ දහම (කාන්තාරයෙහි දී) මාර්ගිකයන් මේඝජලය බොන්නාක් මෙන් (සවන් දෝතින්) බොති’ සිතම්.

56. සුක‍්කා සුක‍්කෙහි ධම‍්මෙහි වීතරාගා සමාහිතා ධාරෙති අන‍්තිමං දෙහං ඡෙත්‍වා මාරං සවාහිනින‍්ති.

56. සුක්කා මෙහෙණ කුශල ධර්‍මයෙන් යුක්ත වැ පැහූ රාග ඇත්තී රහත් ඵලසමවතට වැදුණී වාහිනී සහිත මාරයා පරදවා අන්තිම දේහය දරයි.

ඉත්‍ථං සුදං සුක‍්කා ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් සුක්කා මෙහෙණ ගාථා කිවු යැ.

සුක‍්කාථෙරීගාථා.

සුක්කා ථේරීගාථා යි.