උබ්බිරීථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
උබ්බිරීථෙරීගාථාවණ්ණනා
උබ්බරී ථේරීගාථා වර්ණනාව
අම්ම, ජීවාතිආදිකා උබ්බිරියා ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තා එකදිවසං මාතාපිතූසු මඞ්ගලං අනුභවිතුං ගෙහන්තරගතෙසු අදුතියා සයං ගෙහෙ ඔහීනා උපකට්ඨාය වෙලාය භගවතො සාවකං එකං ඛීණාසවත්ථෙරං ගෙහද්වාරසමීපෙන ගච්ඡන්තං දිස්වා භික්ඛං දාතුකාමා, “භන්තෙ, ඉධ පවිසථා”ති වත්වා ථෙරෙ ගෙහං පවිට්ඨෙ පඤ්චපතිට්ඨිතෙන ථෙරං වන්දිත්වා ගොනකාදීහි ආසනං පඤ්ඤාපෙත්වා අදාසි. නිසීදි ථෙරො පඤ්ඤත්තෙ ආසනෙ. සා පත්තං ගහෙත්වා පිණ්ඩපාතස්ස පූරෙත්වා ථෙරස්ස හත්ථෙ ඨපෙසි. ථෙරො අනුමොදනං කත්වා පක්කාමි. සා තෙන පුඤ්ඤකම්මෙන තාවතිංසෙසු නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං උළාරදිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චුතා සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං ගහපතිමහාසාලකුලෙ නිබ්බත්තිත්වා උබ්බිරීති ලද්ධනාමා අභිරූපා දස්සනීයා පාසාදිකා අහොසි. සා වයප්පත්තකාලෙ කොසලරඤ්ඤා අත්තනො ගෙහං නීතා, කතිපයසංවච්ඡරාතික්කමෙන එකං ධීතරං ලභි. තස්සා ජීවන්තීති නාමං අකංසු . රාජා තස්සා ධීතරං දිස්වා තුට්ඨමානසො උබ්බිරියා අභිසෙකං අදාසි. ධීතා පනස්සා ආධාවිත්වා පරිධාවිත්වා විචරණකාලෙ කාලමකාසි. මාතා යත්ථ තස්සා සරීරනික්ඛෙපො කතො, තං සුසානං ගන්ත්වා දිවසෙ දිවසෙ පරිදෙවති. එකදිවසං සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා ථොකං නිසීදිත්වා ගතා අචිරවතීනදියා තීරෙ ඨත්වා ධීතරං ආරබ්භ පරිදෙවති. තං දිස්වා සත්ථා ගන්ධකුටියං යථානිසින්නොව අත්තානං දස්සෙත්වා “කස්මා විප්පලපසී”ති පුච්ඡි. “මම ධීතරං ආරබ්භ විප්පලපාමි, භගවා”ති. “ඉමස්මිං සුසානෙ ඣාපිතා තව ධීතරො චතුරාසීතිසහස්සමත්තා, තාසං කතර සන්ධාය විප්පලපසී”ති. තාසං තං තං ආළාහනට්ඨානං දස්සෙත්වා –
අම්ම ජීවති - මෙය උබ්බීරි තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී පුදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වයස මුහුකුරා ගිය පසු එක් දිනක් දෙමාපියන් අනෙක් ගෙදරක මඞ්ගලෝත්සවයක් සඳහා ගිය විටෙක ඕ හුදෙකලාවම ගෙදර සිටියාය. ආසන්න වූ වේලාවෙහි බුදුන්ගේ ශ්‍රාවක රහත්නමක් ගෙදොර සමීපයෙන් යනු දැක දනක් දෙනු කැමැත්තී ස්’වාමීනි, මෙහි වැඩමවනු මැනව’යි කියා තෙරුන් ගෙට පිවිසි කල්හි පසඟ පිහිටුවා වැඳ දිග ලෝමාදියෙන් අසුනක් පනවා පිළිගැන්වූවාය. තෙරණුවෝ පැනවූ අසුනෙහි හුන්සේක. ඕ පාත්‍රය ගෙන ආහාර පුරවා තෙරණුවන්ගේ අතෙහි තැබුවාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා නික්ම ගියහ. ඕ ඒ පිනින් තව්තිසාවෙහි ඉපිද දිවි ඇති තාක් මහත් සැපසම්පත් විඳ එයින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි සැවැත්නුවර ගැහැවිමහසල් කුලයක ඉපදුණාය. උබ්බරී නම් වූ ඕතොමෝ පරම රූපසම්පත්තියෙන් සමන්විත වූවා, දැකුම්කලු පහදවනසුලු තැනැත්තියක් වූවාය. ඈ වැඩිවියට පැමිණි කල්හි කොසොල් රජුගේ මාලිගයට ගෙනෙනු ලැබුවාය. එයින් වසර කිහිපයකට පසු ඕ දියණියක ලැබුවාය. ඇයට ජීවන්ති යන නම භාවිත විය. රජ ඇයගේ දියණිය දැක සින් සතුටු වූයේ උබ්බේරියට අභිෂේකය දුන්නේය. ඇයගේ දියණි තොමෝ දුව ඇවිදින වියේ දී කලුරිය කළාය. ඇයගේ මව ඇය මිහිදන් කළ ස්ථානයට දිනපතා ගොස් වැළපෙයි. ඕ දිනක් බුදුන් වෙත ගොස් වැඳ ටිකවේලාවක් හිඳ පෙරළා ගියාය. එතැනින් අවිරවතී ගංතෙර සිට දියණිය ඇරබ වැළපෙයි. බුදුන්වහන්සේ ඇය දැක ගඳකිළියෙහි හුන්නේම තමා සමීපයෙහි සිටින බව දක්වා ඇය අමතා ‘කුමක් හෙයින් වැළපෙන්නීදැ’යී ඇසූ සේක. ‘ස්වාමීනි, මගේ දියණිය උදෙසා වැළපෙමි.’ මේ සොහොනෙහි දවනු ලැබුවා වූ ඔබේ දියණියෝ සුවාසුදහසක් පමණි, ඔවුනතරෙන් කවරක් උදෙසා වළපිහිදැ’යි අසා ඒ සොහොන්කළ තැන් පෙන්වා-
“අම්ම ජීවාති වනම්හි කන්දසි, අත්තානං අධිගච්ඡ උබ්බිරි; චුල්ලාසීතිසහස්සානි, සබ්බා ජීවසනාමිකා; එතම්හාළාහනෙ දඩ්ඪා, තාසං කමනුසොචසී”ති. – සඋපඩ්ඪගාථමාහ;
අම්ම ජීවනීති වනම්හි කන්දසි අත්තානං අධිගච්ඡ උබ්බිරී, චූළාසීති සහස්සානි සබ්බා ජීවසනාමිකා, එතම්හාළාහනෙ දඩ්ඪා තාසං කමනුසොවසී -
‘මෑණියනි, ජීවතී යයි කියමින් ඔබ වනයෙහි වැළපෙන්නෙහිය. උබ්බිරි, ඔබ තමාම අවබෝධ කරගන්න. ඔබට ජීවතීට සමාන වූ නමින් යුත් දියණියෝ අසූසතර දහසක් වූහ. ඒ සියල්ලෝම මේ සොහොනෙහි දවනු ලැබූහ. ඔබ ඒ අයගෙන් කවර දියණියක් උදෙසා වැළපෙන්නෙහිද?
යන ගාථා එකහමාර වදාළහ.
තත්ථ, අම්ම, ජීවාති මාතුපචාරනාමෙන ධීතුයා ආලපනං, ඉදඤ්චස්සා විප්පලපනාකාරදස්සනං. වනම්හි කන්දසීති වනමජ්ඣෙ පරිදෙවසි. අත්තානං අධිගච්ඡ උබ්බිරීති උබ්බිරි තව අත්තානමෙව තාව බුජ්ඣස්සු යාථාවතො ජානාහි. චුල්ලාසීතිසහස්සානීති චතුරාසීතිසහස්සානි. සබ්බා ජීවසනාමිකාති තා සබ්බාපි ජීවන්ති, යා සමානනාමිකා. එතම්හාළාහනෙ දඩ්ඪාති එතම්හි සුසානෙ ඣාපිතා. තාසං කමනුසොචසීති තාසු ජීවන්තීනාමාසු චතුරාසීතිසහස්සමත්තාසු කං සන්ධාය ත්වං අනුසොචසි අනුසොකං ආපජ්ජසීති එවං සත්ථාරා ධම්මෙ දෙසිතෙ දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා විපස්සනං ආරභිත්වා සත්ථු දෙසනාවිලාසෙන අත්තනො ච හෙතුසම්පත්තියා යථාඨාතාව විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා අග්ගඵලෙ අරහත්තෙ පතිට්ඨාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.2.37-60) –
එහි අම්ම ජීවතී - මව සඳහන් කරන දියණිය සඳහා යෙදූ ඇමතුමය. මෙය ඇයගේ වැළපෙන ආකාරය පෙන්වීමකි. වනම්හි කන්දසි - වනමැද වැළපෙයි, අත්තානං අධිගච්ඡ උබ්බිරි - උබ්බිරි, ඔබ ඔබම අවබෝධ කර ගන්න, තත්වාකාරයෙන් දැනගන්න. චූළාසීති සහස්සානි - අසූසතරදහසක්, සබ්බා ජීවසනාමිකා - ඒ සියල්ලෝම ජීවන්තියට සමාන වූ එකම නමක් ඇත්තියෝ වූහ. එතම්හාළාහනෙ දඩ්ඪං - මේ සොහොනෙහි දවනු ලැබූහ. තාසං කමනුසොචසි - ජීවන්ති යන නමින් යුත් එකී සුවාසුදහස අතරෙන් කවර එකියක සඳහා ඔබ, අනුසොචසි - අනුව සෝකයට පැමිණියෙහිද? මෙසේ බුදුන්වහන්සේ ධර්මය දේශනා කළ කල්හි දේශනාව අනුව නුවණ මෙහෙයවා විදසුන අරඹා බුදුන්ගේ දේශනා විලාශයෙනුත් තමාගේ හේතු සම්පත්තියෙනුත් ඒ සිටි අයුරින්ම භාවනාව දියුණුකර මග පිළිවෙළින් අග්‍රඵලය වූ රහත්බවෙහි පිහිටියාය. එහෙයින් කියනලදී අපදානයෙහි:
“නගරෙ හංසවතියා, අහොසිං බාලිකා තදා; මාතා ච මෙ පිතා චෙව, කම්මන්තං අගමංසු තෙ.
එකල මම හංසවතී නගරයෙහි බාලිකාවක් වීමි. දිනක් මගේ දෙමවුපියෝ කිසි කටයුත්තක් උදෙසා බැහැර ගියහ.
“මජ්ඣන්හිකම්හි සූරියෙ, අද්දසං සමණං අහං; වීථියා අනුගච්ඡන්තං, ආසනං පඤ්ඤපෙසහං.
හිරු අහස මැදට පැමිණෙන වේලෙහි වීථියෙහි යන්නා වූ භික්ෂුවක් දුටිමි. මම උන්වහන්සේ උදෙසා අසුනක් පැනවීමි.
“ගොනකාවිකතිකාහි, පඤ්ඤපෙත්වා මමාසනං; පසන්නචිත්තා සුමනා, ඉදං වචනමබ්රවිං.
දිගලෝම විශේෂයන්ගෙන් ඒ අසුන පනවා පහන් සිතින් මෙසේ කීවෙමි.
“සන්තත්තා කුථිතා භූමි, සූරො මජ්ඣන්හිකෙ ඨිතො; මාලුතා ච න වායන්ති, කාලො චෙවෙත්ථ මෙහිති.
හිරු අහස මැද සිටී, එහෙයින් බිම උණුසුමෙන් තැවී ඇත, සුළඟ ද නොහමයි, සුදුසු කාලය එළඹ ඇත.
“පඤ්ඤත්තමාසනමිදං, තවත්ථාය මහාමුනි; අනුකම්පං උපාදාය, නිසීද මම ආසනෙ.
මුනිවරය, ඔබවහන්සේ උදෙසා මම මේ අසුන පැනවීමි, මා කෙරෙහි අනුකම්පාකර මේ අසුනෙහි හිදිනු මැනවි.
“නිසීදි තත්ථ සමණො, සුදන්තො සුද්ධමානසො; තස්ස පත්තං ගහෙත්වාන, යථාරන්ධං අදාසහං.
මැනැවින්, හික්මුණු පිරිසිදු සිත් ඇති ඒ භික්ෂුව අසුනෙහි හිඳගත්තේය. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන ලද පරිදි දානය පිළිගැන්වීමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ යහපත් ක්‍රියාවෙන් හා සිත ඒ කෙරෙහි පිහිටුවීමෙන් මිනිස් සිරුර අත්හැර තිදස් දෙව්ලොවට ගියෙමි.
“තත්ථ මෙ සුකතං බ්යම්හං, ආසනෙන සුනිම්මිතං; සට්ඨියොජනමුබ්බෙධං, තිංසයොජනවිත්ථතං.
මට එහිදී මනාකොට නිමවුණු අසුනක් ලැබිණ, එය උසින් සැට යොදුනක, පළලින් තිස්යොදුනෙක,
“සොණ්ණමයා මණිමයා, අථොපි ඵලිකාමයා; ලොහිතඞ්ගමයා චෙව, පල්ලඞ්කා විවිධා මම.
රන්මුවා මිණිමුවා පළිඟුමුවා රත්මිණිමුවා විවිධ ආසන මට එහි පහළවිය,
“තූලිකාවිකතිකාහි, කට්ටිස්සචිත්තකාහි ච; උද්ධඑකන්තලොමී ච, පල්ලඞ්කා මෙ සුසණ්ඨිතා.
විවිධ ලෝමවලින් නිමැවුණු මෙට්ට ද, මැණික් ඔබ්බා කරන ලද කොට්ට උරද, එකපැත්තක එල්ලෙන රැලි ඇති වැසුම් ද යන මේවායින් සැදුණු ආසන බොහෝ විය.
“යදා ඉච්ඡාමි ගමනං, හාසඛිඩ්ඩසමප්පිතා; සහ පල්ලඞ්කසෙට්ඨෙන, ගච්ඡාමි මම පත්ථිතං.
කෙළිසෙල්ලම් සඳහා යම් තැනකට යාමට සිතී නම්, ඒ පර්යඞ්කය පිටින්ම සිතූ තැනට යමි.
“අසීතිදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; සත්තතිචක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
දෙව්රජුන් අසූවකට මෙහෙසිය වීමි. සක්විත්තන් සැත්තෑ දෙනෙකුට මෙහෙසිකම් කළෙමි.
“භවාභවෙ සංසරන්තී, මහාභොගං ලභාමහං; භොගෙ මෙ ඌනතා නත්ථි, එකාසනස්සිදං ඵලං.
භවයන්හි හැසිරෙන්නී මහත් භෝග සම්පත් ලැබීමි. මට භෝගයන්ගෙන් අඩුවක් නැත, එක අසුනක් පිදීමේ අනුසස් මේය.
“දුවෙ භවෙ සංසරාමි, දෙවත්තෙ අථ මානුසෙ; අඤ්ඤෙ භවෙ න ජානාමි, එකාසනස්සිදං ඵලං.
දෙව්මිනිස් යන දෙඅත්බව පමණක් සිහි කරමි. අනෙක් අත්බවක් නොදනිමි. එකසුනෙහි ඵලය මෙය වෙයි.
“දුවෙ කුලෙ පජායාමි, ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ; උච්චාකුලීනා සබ්බත්ථ, එකාසනස්සිදං ඵලං.
ක්ෂත්රිය බ්‍රාහ්මණ යන කුල දෙක පමණක් දනිමි. හැම අත්බැවකදීම උසම කුලයෙක උපනිමි.
“දොමනස්සං න ජානාමි, චිත්තසන්තාපනං මම; වෙවණ්ණියං න ජානාමි, එකාසනස්සිදං ඵලං.
දොම්නසක් සිත්තැවුලක් විකෘත වර්ණයක් නොලදිමි. එකසුනෙහි ඵලය මෙයයි.
“ධාතියො මං උපට්ඨන්ති, ඛුජ්ජා චෙලාපිකා බහූ; අඞ්කෙන අඞ්කං ගච්ඡාමි, එකාසනස්සිදං ඵලං.
කිරිමවුවරු මට සත්කාර කරති, කුදියන් ආදීන් සමග ක්‍රීඩා කළෙමි, ඇකයෙන් ඇකයට යමි. එකසුනෙහි ඵලය මෙයවෙයි.
“අඤ්ඤා න්හාපෙන්ති භොජෙන්ති, අඤ්ඤා රමෙන්ති මං සදා; අඤ්ඤා ගන්ධං විලිම්පන්ති, එකාසනස්සිදං ඵලං.
අනෙක් ස්ත්‍රීහු මට කවත්, සමහරක් නහවත්, තවත් අය සතුටුකරවත්, අනෙකක් ගඳවිලවුන් ගල්වයි,
“මණ්ඩපෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙ වසන්තියා; මම සඞ්කප්පමඤ්ඤාය, පල්ලඞ්කො උපතිට්ඨති.
මඩුවක රුක්මුලක හිස් ගෙයක හෝ වෙසෙන මට, මගේ සිතුවිල්ලට අනුව අසුනක් පහළවෙයි.
“අයං පච්ඡිමකො මය්හං, චරිමො වත්තතෙ භවො; අජ්ජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා, පබ්බජිං අනගාරියං.
මේ මගේ අන්තිම ආත්මභාවයයි, මේ අවසාන භවයයි, අදම රාජ්‍යය අතහැර සසුනෙහි පැවිදිවීමි.
“සතසහස්සිතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, එකාසනස්සිදං ඵලං.
මෙයින් කල්ප සියක්දහසකට පෙර යම් දනක් දුනිම්ද, එහි අනුසස් විසින් දුගතිය නොහඳුනමි. එකසුනෙහි ඵලය මෙයයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.
අරහත්තෙ පන පතිට්ඨාය අත්තනා අධිගතවිසෙසං පකාසෙන්තී –
රහත්බැව්හි පිහිටා ලබාගත් මාර්ගඵලය ප්‍රකාශ කරන්නී:
“අබ්බහී තව මෙ සල්ලං, දුද්දසං හදයස්සිතං; යං මෙ සොකපරෙතාය, ධීතුසොකං බ්යපානුදි.
අබ්බහී වත මෙ සල්ලං දුද්දසං හදයනිස්සිතං, යං මෙ සොකපරෙතාය ධීතුසොයං ව්යපානුදි.
“සාජ්ජ අබ්බූළ්හසල්ලාහං, නිච්ඡාතා පරිනිබ්බුතා; බුද්ධං ධම්මඤ්ච සඞ්ඝඤ්ච, උපෙමි සරණං මුනි”න්ති. –
සාජ්ජ අබ්බුළ්හසල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා, බුද්ධං ධම්මඤ්ච සංඝංච උපෙමි සරණං මුනි-
දක්නට අපහසු වූ හදවත ඇසුරුකොට පවත්නා වූ මගේ උල උදුරාලීමි, සෝකයෙන් මැඩුණා වූ මගේ දුහිතෘ ශෝකය පහකළේය,
උදුරණු ලැබුවා වූ උල ඇති මම අද ශෝකයෙන් තොරව නිවුණා වෙමි. බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධරත්නය සරණ යමි
ඉමා ද්වෙ ගාථා අභාසි.
යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
තත්ථ අබ්බහී වත මෙ සල්ලං, දුද්දසං හදයස්සිතන්ති අනුපචිතකුසලසම්භාරෙහි යාථාවතො දුද්දසං මම චිත්තසන්නිස්සිතං පීළාජනනතො දුන්නීහරණතො අන්තො තුදනතො ච “සල්ල”න්ති ලද්ධනාමං සොකං තණ්හඤ්ච අබ්බහී වත නීහරි වත. යං මෙ සොකපරෙතායාති යස්මා සොකෙන අභිභූතාය මය්හං ධීතුසොකං බ්යපානුදි අනවසෙසතො නීහරි, තස්මා අබ්බහී වත මෙ සල්ලන්ති යොජනා.
එහි අබ්බහී වත මෙසල්ලං දුද්දසං හදයනිස්සිතං - රැස් නොකරනලද කුශල රාශිය හේතුකොටගෙන යම්තාක්, දුද්දසං - මගේ සිත ඇසුරුකොට පවත්නා වූ පෙළීම ස්වභාවකොට ඇති හෙයින් දුරුකළ නොහැකි වූ ඇතුළත කිතිකවන බැවින් සල්ල (උල) යන නමින් යුත් තෘෂ්ණාවද අබ්බහී වත - ඉවත්කරන ලද්දේමය. යං මෙ සොකපරෙතාය - යම් හෙයකින් ශෝකයෙන් මැඩුණා වූ මගේ දියණිය නිසා හටගත් ශෝකය ව්යාපානුදි - ඉතිරි නොවී ඉවත්විය. එහෙයින්, අබ්බහී වත මෙ සල්ලං - යනුවෙන් කියන ලදී.
සාජ්ජ අබ්බූළ්හසල්ලාහන්ති සා අහං අජ්ජ සබ්බසො උද්ධටතණ්හාසල්ලා තතො එව නිච්ඡාතා පරිනිබ්බුතා. මුනින්ති සබ්බඤ්ඤුබුද්ධං තදුපදෙසිතමග්ගඵලනිබ්බානපභෙදං නවවිධලොකුත්තරධම්මඤ්ච, තත්ථ පතිට්ඨිතං අට්ඨඅරියපුග්ගලසමූහසඞ්ඛාතං සඞ්ඝඤ්ච, අනුත්තරෙහි තෙහි යොජනතො සකලවට්ටදුක්ඛවිනාසනතො ච සරණං තාණං ලෙණං පරායණන්ති, උපෙමි උපගච්ඡාමි බුජ්ඣාමි සෙවාමි චාති අත්ථො.
සාජ්ජ අබ්බුළ්හසල්ලාහං - අද ඒ මම උදුරා දමනු ලැබූ තෘෂ්ණා නමැති උල ඇත්තෙමි. එසේ හෙයින්ම ආශාවන්ගෙන් තොරවී නිවුණී වෙමි. මුනිං - සව්නේ ගෙවා දත් බුදුන්වහන්සේ, උන්වහන්සේ විසින් දේශනා කරන ලද මාර්ගඵල නිර්වාණ භේදයෙන් යුත් ධම්මං - එහි පිහිටියා වූ අෂ්ටාර්ය පුද්ගල සමූහ සංඛ්‍යාත සඞ්ඝංච - උතුම් වූ ඒ හා යෙදෙන බැවින් සියලු සසර දුක් නසන හෙයින්ද සරණං - පිහිට ආරක්ෂාව පිළිසරණ, උපෙමි. යමි, අවබෝධ කරගනිමි. සේවනය කරමි යන තේරුමය.
උබ්බිරිථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
උබ්බරී තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.