දන්තිකාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
දන්තිකාථෙරීගාථාවණ්ණනා
දන්තිකා ථේරීගාථා වර්ණනාව
දිවාවිහාරා නික්ඛම්මාතිආදිකා දන්තිකාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී බුද්ධසුඤ්ඤකාලෙ චන්දභාගාය නදියා තීරෙ කින්නරයොනියං නිබ්බත්ති. සා එකදිවසං කින්නරෙහි සද්ධිං කීළන්තී විචරමානා අද්දස අඤ්ඤතරං පච්චෙකබුද්ධං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නං. දිස්වාන පසන්නමානසා උපසඞ්කමිත්වා සාලපුප්ඵෙහි පූජං කත්වා වන්දිත්වා පක්කාමි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කොසලරඤ්ඤො පුරොහිතබ්රාහ්මණස්ස ගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා ජෙතවනපටිග්ගහණෙ පටිලද්ධසද්ධා උපාසිකා හුත්වා පච්ඡා මහාපජාපතිගොතමියා සන්තිකෙ පබ්බජිත්වා රාජගහෙ වසමානා එකදිවසං පච්ඡාභත්තං ගිජ්ඣකූටං අභිරුහිත්වා දිවාවිහාරං නිසින්නා හත්ථාරොහකස්ස අභිරුහනත්ථාය පාදං පසාරෙන්තං හත්ථිං දිස්වා තදෙව ආරම්මණං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.2.86-96) –
දිවා විහාරා නික්ඛම්ම - මෙය දන්තිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්ය ඇත්තී, ඒ ඒ භවයන්හි කළ කුසල් ඇත්තී, බුදුවරයෙකු නැති කාලයක චන්දභාගා ගංතෙර කිඳුරු යෝනියෙහි උපන්නාය. ඕ දිනක් කිඳුරන් සමග ක්‍රීඩා කරමින් හැසිරෙන්නී, රුක්මුලක දවල් කාලය ගතකරන එක්තරා පසේබුදුවරයෙකු දුටුවාය. උන්වහන්සේ දැක පැහැදුණු ඕතොමෝ සල්මල් පුදා වැඳ ගියාය. ඈ ඒ පින්කමෙන් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි සැවැත්නුවර කොසොල් රජුගේ පෙරෙවි බමුණාගේ ගෙදර උපන්නාය. වයස මුහුකුරා ගිය කල්හි ජේතවනාරාමය පිළිගැනීමේ අවස්ථාවේ දී ලැබුණු සැදැහැයෙන් උපාසිකාවක් වී පසු කලෙක මහා ප්‍රජාපතීගෝතමිය සමීපයෙහි පැවිදි වී රජගහනුවර වෙසෙන්නී, දිනක් දහවල් ආහාරයෙන් පසු ගිජුකුළු පවුවට නැගී දහවල් කාලය ගතකරන්නී, පිටඋඩට නැගීමට ඇතරුවෙකුට පය දික්කරන්නා වූ ඇතෙකු දැක එයම අරමුණක් කොට බවුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“චන්දභාගානදීතීරෙ , අහොසිං කින්නරී තදා; අද්දසං විරජං බුද්ධං, සයම්භුං අපරාජිතං.
මම එකල චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. දිනක් මම පසේ බුදුවරයෙකු දිටිමි.
“පසන්නචිත්තා සුමනා, වෙදජාතා කතඤ්ජලී; සාලමාලං ගහෙත්වාන, සයම්භුං අභිපූජයිං.
උන්වහන්සේ කෙරෙහි පැහැදුණු මම සමල් කඩාගෙනවුත් පූජාකළෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා කින්නරීදෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ යහපත් ක්‍රියාව හේතුකොටගෙන ද සිත එහිලා පිහිටුවීම නිසා ද මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“ඡත්තිංසදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; මනසා පත්ථිතං මය්හං, නිබ්බත්තති යථිච්ඡිතං.
සතියක් දෙව්රජවරුන්ට මෙහෙසිබව කළෙමි. මා යමක් සිතාද ඒ සියල්ල ඉටුවෙයි.
“දසන්නං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං; ඔචිතත්තාව හුත්වාන, සංසරාමි භවෙස්වහං.
සක්විත්තන් දසදෙනෙකුට මෙහෙසිය වීමි, නොදැමුණු සිත් ඇතිතාක් මම හවයෙහි හැසිරෙමි.
“කුසලං විජ්ජතෙ මය්හං, පබ්බජිං අනගාරියං; පූජාරහා අහං අජ්ජ, සක්යපුත්තස්ස සාසනෙ.
කුසල් රැස්කරගත් පසු මම සසුනෙහි පැවිදිවීමි. අද මම ශාක්‍ය පුත්‍රයන්ගේ සස්නෙහි පූජාවට සුදුසු තැනැත්තියක් වී සිටිමි.
“විසුද්ධමනසා අජ්ජ, අපෙතමනපාපිකා; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
අද පිරිසිදු මනසින් පහකරනලද පාප ධර්මයන් ඇත්තේ සියලු අසවු සිඳිණ, මෙයින් මතු මට උපතක් නැත.
“චතුන්නවුතිතො කප්පෙ, යං බුද්ධමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, සාලමාලායිදං ඵලං.
[missing trans]
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවනලදී -පෙ-බුදුන්ගේ ඔවදන් පිළිපැදීමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සජාතා උදානවසෙන –
රහත් බවට පැමිණ තමාගේ පිළිවෙත දැක උපන් සොම්නසින් උදාන වශයෙන්
“දිවාවිහාරා නික්ඛම්ම, ගිජ්ඣකූටම්හි පබ්බතෙ; නාගං ඔගාහමුත්තිණ්ණං, නදීතීරම්හි අද්දසං.
දිවාවිහාරං නික්ඛම්ම ගිජ්ඣකූටම්හි පබ්බතෙ, නාගමොගාහමුත්තිණ්ණං නදීතීරම්භි අද්දසං.
“පුරිසො අඞ්කුසමාදාය, ‘දෙහි පාද’න්ති යාචති; නාගො පසාරයී පාදං, පුරිසො නාගමාරුහි.
පූරිසො අඞ්කුසමාදාය දෙහි පාදන්තියාචති, නාගො පසාරයී පාදං පුරිසො නාගමාරුහි.
“දිස්වා අදන්තං දමිතං, මනුස්සානං වසං ගතං; තතො චිත්තං සමාධෙසිං, ඛලු තාය වනං ගතා”ති. –
දිස්වා අදන්තංදමිතං මනුස්සානං වසං ගත, තතො චිත්තං සමාධෙසිං ඛලු තාය වනං ගතා-
දිවාවිහාරය සඳහා ගිජුකුළු පවුවට නැග සිටින අතර ගං ඉවුරෙහි ඇතෙකුගෙන් බැස කෙනෙකු එතෙරවනු මම දිටිමි.
පුරුෂයෙක් අකුස්ස ගෙන පාදය දෙවයි යදියි, ඇතා පය දිගුකළේය, මිනිසා ඇතු පිටට නැංගේය.
අදාන්තයකු දමනය කිරීමෙන් මිනිසුන්ගේ වසඟයට පැමිණ සිටින අයුරු මම දුටුවෙමි. එයින් මගේ සිත එකඟ කරගතිමි. ඒ ක්‍රියාව හේතුකොටගෙනම මම වනයට ගියෙමි.
ඉමා ගාථා අභාසි;
යන මේ ගාථා ප්‍රකාශ කළාය.
තත්ථ නාගං ඔගාහමුත්තිණ්ණන්ති හත්ථිනාගං නදියං ඔගාහං කත්වා ඔගය්හ තතො උත්තිණ්ණං. “ඔගය්හ මුත්තිණ්ණ”න්ති වා පාඨො. ම-කාරො පදසන්ධිකරො. නදීතීරම්හි අද්දසන්ති චන්දභාගාය නදියා තීරෙ අපස්සිං.
එහි නාගමොගාහමුත්තිණ්ණං - ඇතා ගඟට බස්වා නැවත ගොඩට ගෙන. ‘ඔරුය්හ මුත්තිණ්ණං’ යනුවෙන් තවත් පාඨයක් ද වෙයි. මෙහි ‘ම’ කාරය සන්ධි වීමේදී පැමිණි වර්ණයකි. නදීතීරම්හි අද්දසං - සප්පිනිකා ගංඉවුරෙහි දිටිමි.
කිං කරොන්තන්ති චෙතං දස්සෙතුං වුත්තං “පුරිසො”තිආදි. තත්ථ ‘දෙහි පාද’න්ති යාචතීති “පාදං දෙහි”ඉති පිට්ඨිආරොහනත්ථං පාදං පසාරෙතුං සඤ්ඤං දෙති, යථාපරිචිතඤ්හි සඤ්ඤං දෙන්තො ඉධ යාචතීති වුත්තො.
කුමක් කරමින් සිටියදී දැයි පෙන්වීමට කියනලදී ‘පුරිසො’ යනුවෙන්. එහි දෙහි පාදන්ති යාචති - පා දෙවයි යනුවෙන්, පිටට නගිනු පිණිස පාදය දික්කිරීමට සංඥාව දෙයි. පුරුදු පරිදි සංඥාව දීම මෙහි ඉල්ලයි යනුවෙන් කියන ලදී.
දිස්වා අදන්තං දමිතන්ති පකතියා පුබ්බෙ අදන්තං ඉදානි හත්ථාචරියෙන හත්ථිසික්ඛාය දමිතදමථං උපගමිතං. කීදිසං දමිතං? මනුස්සානං වසං ගතං යං යං මනුස්සා ආණාපෙන්ති, තං තං දිස්වාති යොජනා. තතො චිත්තං සමාධෙසිං, ඛලු තාය වනං ගතාති ඛලූති අවධාරණත්ථෙ නිපාතො. තතො හත්ථිදස්සනතො පච්ඡා, තාය හත්ථිනො කිරියාය හෙතුභූතාය, වනං අරඤ්ඤං ගතා චිත්තං සමාධෙසිංයෙව. කථං? “අයම්පි නාම තිරච්ඡානගතො හත්ථී හත්ථිදමකස්ස වසෙන දමථං ගතො, කස්මා මනුස්සභූතාය චිත්තං පුරිසදමකස්ස සත්ථු වසෙන දමථං න ගමිස්සතී”ති සංවෙගජාතා විපස්සනං වඩ්ඪෙත්වා අග්ගමග්ගසමාධිනා මම චිත්තං සමාධෙසිං අච්චන්තසමාධානෙන සබ්බසො කිලෙසෙ ඛෙපෙසින්ති අත්ථො.
දිස්වා අදන්තං දමිතං - ස්වභාවයෙන්ම දමනය කිරීමට දුෂ්කර වූ සතා දැන් ඇතරුවා විසින් හස්ති ශික්ෂණ න්‍යායට අනුව හික්මවා ඇත. කවර හික්මීමෙක්ද? මනුස්සානං වසංගතං - මිනිස්සු යම් යම් දෙයක් අණකරත්ද, ඒ ඒ දෙය දැක යනුවෙන් යොදාගත යුතුය. තතො චිත්තං සමාධෙසිං ඛලු තාය වනං ගතා. ඛලූ - අවධාරණර්ථයෙහි නිපාතයකි. තතො- ඇතා දැකීමෙන් පසුව, තාය - ඇතාගේ ක්‍රියාව හේතුකොටගෙන, වනං - කැලයට ගොස් සිත එකඟ කරගතිමි. කෙසේද? මේ තිරිසන් සතා පවා ඇතුන් පුහුණුකරවන්නාගේ වචනයෙන් හික්මවා ගනී. මිනිසත් බව ලබාගත් මේ අය පුරුෂයන් හික්මවන තැනැත්තා වශයෙන් බුදුන්ගේ වචනයෙන් නොහික්මෙන්නේ ඇයි? මෙසේ සංවේගයට පැමිණ විදසුන් වඩා අග්රාමාර්ගසමාධියෙන් මගේ සිත එකඟකරගතිමි. එයින් සහමුලින්ම කෙලෙස් නැසූ බව අභිප්‍රේතාර්ථයයි.
දන්තිකාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
දන්තිකා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.