යෙදුමෙන් කියවන්න

උත‍්තමාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උත‍්තමාථෙරීගාථාවණ‍්ණනා

උත්තමා ථේරීගාථා වර්ණනාව

යෙ ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගාතිආදිකා අපරාය උත‍්තමාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී විපස‍්සිස‍්ස භගවතො කාලෙ බන්‍ධුමතීනගරෙ කුලදාසී හුත්‍වා නිබ‍්බත‍්ති. සා එකදිවසං සත්‍ථු සාවකං එකං ඛීණාසවත්‍ථෙරං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසා තීණි මොදකානි අදාසි. සා තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලජනපදෙ අඤ‍්ඤතරස‍්මිං බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තා ජනපදචාරිකං චරන‍්තස‍්ස සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.2.30-36) –

යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා - මෙය අනෙක් උත්තමා තෙරණියකගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී විපස්සී බුදුන්ගේ කාලයෙහි බන්‍ධුමතී නුවර කුල දාසියක වී උපන්නාය. ඕතොමෝ දිනක් බුදුන්ගේ ශ්‍රාවක රහත් නමක් පිඬුපිණිස යනු දැක පැහැදුණු සිත් ඇත්තී මෝදක (රසගුළා) තුනක් පිදුවාය. ඕ ඒ පින්කමින් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී, මේ බුදුපතෙහි කොසොල්රට එක්තරා බමුණු මහසල් කුලයක ඉපිද කල්යාමේ දී දනව්වල හැසිරෙන බුදුන් වෙතින් බණ අසා හටගත් සැදැහැ ඇත්තී පැවිදිව නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“නගරෙ බන්‍ධුමතියා, කුම‍්භදාසී අහොසහං; මම භාගං ගහෙත්‍වාන, ගච‍්ඡං උදකහාරිකා.

බන්‍ධුමතී නුවර මම කුම්භ දාසියක් වීමි. මම මගේ කොටස ගෙන වතුර ගෙන ඒමට ගියෙමි.

“පන්‍ථම‍්හි සමණං දිස‍්වා, සන‍්තචිත‍්තං සමාහිතං; පසන‍්නචිත‍්තා සුමනා, මොදකෙ තීණිදාසහං.

අතුරතුරමගදී භික්‍ෂුවක් දැක ඔහු කෙරෙහි සිත පැහැදී මෝදක තුන පිදුවෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; එකනවුතිකප‍්පානි, විනිපාතං න ගච‍්ඡහං.

ඒ පින්කමේ අනුසසින් සිත පිහිටුවා ගැනීමේ බලයෙන් ද අනූඑක් කපක් පුරා දුගතියක් නොදනිමි.

“සම‍්පත‍්ති තං කරිත්‍වාන, සබ‍්බං අනුභවිං අහං; මොදකෙ තීණි දත්‍වාන, පත‍්තාහං අචලං පදං.

එදාමෙදා තෙක් මම සියලු සැප අනුභව කළෙමි. මෝදක තුනක් පුදා මම ස්ථිර පදවියට පැමිණියෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් දවනලදී -පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකෙළෙමි.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන –

රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහිකර බලා උදාන වශයෙන් -

“යෙ ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, මග‍්ගා නිබ‍්බානපත‍්තියා; භාවිතා තෙ මයා සබ‍්බෙ, යථා බුද‍්ධෙන දෙසිතා.

යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා මග්ගා නිබ්බානපත්තියා, භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතං.

“සුඤ‍්ඤතස‍්සානිමිත‍්තස‍්ස, ලාභිනීහං යදිච‍්ඡකං; ඔරසා ධීතා බුද‍්ධස‍්ස, නිබ‍්බානාභිරතා සදා.

සුඤ්ඤතස්සා තිමිත්තස්ස ලාභිනීහං යදිච්ඡකං, ඔරසා ධීතා බුද්ධස්ස නිබ්බානාභිරතා සදා.

“සබ‍්බෙ කාමා සමුච‍්ඡින‍්නා, යෙ දිබ‍්බා යෙ ච මානුසා; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. –

සබ්බෙකාමා සමුච්ඡින්තා යෙ දිබ්බා යෙ ච මානුසා, වික්‍ඛීණො ජාතිසංසාරො නත්‍ථිදානි පුනබ්භවො.

නිවනට පමුනුවන්නා වූ මාර්ගයන් වන සප්ත බොධ්‍යඞ්ගධර්‍මයෝ බුදුන් දෙසූ අයුරින්ම මා විසින් වඩන ලදහ.

ශුන්‍යතා හා අනිමිත්තකා වසයෙන් සමාපත්තිලාභීව බුදුගේ උරදා දියණියක්ව උන්වහන්සේගේ නිවණෙහි ඇළුණමි.

සියලු දිව්‍ය මනුෂ්‍යකාමයන් සිඳලූයෙමි. සසර නැවැත්වූයෙමි, මෙයින් මතු මතු උපතක් නැත.

ඉමා ගාථා අභාසි.

යන මේ ගාථා ප්‍රකාශ කළාය.

තත්‍ථ සුඤ‍්ඤතස‍්සානිමිත‍්තස‍්ස, ලාභිනීහං යදිච‍්ඡකන‍්ති සුඤ‍්ඤතසමාපත‍්තියා ච අනිමිත‍්තසමාපත‍්තියා ච අහං යදිච‍්ඡකං ලාභිනී, තත්‍ථ යං යං සමාපජ‍්ජිතුං ඉච‍්ඡාමි යත්‍ථ යත්‍ථ යදා යදා, තං තං තත්‍ථ තත්‍ථ තදා තදා සමාපජ‍්ජිත්‍වා විහරාමීති අත්‍ථො. යදිපි හි සුඤ‍්ඤතාප‍්පණිහිතාදිනාමකස‍්ස යස‍්ස කස‍්සචිපි මග‍්ගස‍්ස සුඤ‍්ඤතාදිභෙදං තිවිධම‍්පි ඵලං සම‍්භවති. අයං පන ථෙරී සුඤ‍්ඤතානිමිත‍්තසමාපත‍්තියොව සමාපජ‍්ජති. තෙන වුත‍්තං – “සුඤ‍්ඤතස‍්සානිමිත‍්තස‍්ස, ලාභිනීහං යදිච‍්ඡක”න‍්ති. යෙභුය්‍යවසෙන වා එතං වුත‍්තං. නිදස‍්සනමත‍්තමෙතන‍්ති අපරෙ.

එහි සුඤ්ඤතස්සානිමිත්තස්ස ලාභිනීහං යදිච්ඡකං - ශුන්‍යතා සමාපත්තියෙන් හා අනිමිත්තතා සමාපත්තියෙන් ද කැමති දෙය ලබන්නී, එහි යමකට සමවැදීමට කැමතිවෙම්ද යම්කලෙක යම්තැනෙක වෙම්ද එකල්හි එහිදී සමවැද වෙසෙමි යනු මෙහි අදහසය. ඉදින් ශුන්‍යත්‍වය පිහිටුවාගෙන මනස වැඩීමෙන් යම්කිසි මාර්ගයක ශුන්‍යතාදි භේදයෙන් යුත් ත්‍රිවිධ ඵලය ලබයිද, මේ තෙරණියෝ ශුන්‍යතා හා අනිමිත්ත යන සමවත් දෙකට පමණක් සමවදියි. එහෙයින් ‘සුඤ්ඤකස්සානිමිත්තස්ස ලාභිතීහං යදිච්ඡකං’ යනුවෙන් කියන ලදී. බහුල වශයෙන් හෝ මෙය කියන ලදි. මෙය හුදෙක් නිදසුන් පමණෙකැයි සමහරෙක් කීහ.

යෙ දිබ‍්බා යෙ ච මානුසාති යෙ දෙවලොකපරියාපන‍්නා යෙ ච මනුස‍්සලොකපරියාපන‍්නා වත්‍ථුකාමා, තෙ සබ‍්බෙපි තප‍්පටිබද‍්ධඡන්‍දරාගප‍්පහානෙන මයා සම‍්මදෙව උච‍්ඡින‍්නා, අපරිභොගාරහා කතා . වුත‍්තඤ‍්හි – “අභබ‍්බො, ආවුසො, ඛීණාසවො භික‍්ඛු කාමෙ පරිභුඤ‍්ජිතුං. සෙය්‍යථාපි පුබ‍්බෙ අගාරියභූතො”ති. සෙසං වුත‍්තනයමෙව.

යෙ දිබ්බා යෙ ච මානුසා - දිව්‍යලෝකයට අයත්වූත් මනුෂ්‍ය ලෝකයට අයත්වූත් යම් වස්තු කාමයෝ වෙද්ද, ඒ සියල්ලම ඒ පිළිබඳව වූ ඡන්‍දරාගය ප්‍රහීණ කිරීමෙන් මා විසින් සහමුලින්ම සිඳදමන ලදී. පරිභෝගයට නුසුදුසු කරන ලදී. කියන ලදමැයි, ‘ඇවැත්නි, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව පෙර විසූ ගිහියා මෙන් කම්සුව විඳීම නොයෙදේ’. සෙස්ස යට කියනලද පරිදිමය.

අපරා උත‍්තමාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

අනෙක් උත්තමා තෙරණියකගේ ගාථා වර්‍ණනාව නිමි.