උත්තමාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
උත්තමාථෙරීගාථාවණ්ණනා
උත්තමා ථේරීගාථා වර්ණනාව
චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුන්තිආදිකා උත්තමාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරෙ අඤ්ඤතරස්ස කුටුම්බිකස්ස ගෙහෙ ඝරදාසී හුත්වා නිබ්බත්ති. සා වයප්පත්තා අත්තනො අය්යකානං වෙය්යාවච්චං කරොන්තී ජීවති. තෙන ච සමයෙන බන්ධුමරාජා පුණ්ණමීදිවසෙ උපොසථිකො හුත්වා පුරෙභත්තං දානානි දත්වා පච්ඡාභත්තං ගන්ත්වා ධම්මං සුණාති. අථ මහාජනා යථා රාජා පටිපජ්ජති, තථෙව පුණ්ණමීදිවසෙ උපොසථඞ්ගානි සමාදාය වත්තන්ති. අථස්සා දාසියා එතදහොසි – “එතරහි ඛො මහාරාජා මහාජනා ච උපොසථඞ්ගානි සමාදාය වත්තන්ති, යංනූනාහං උපොසථදිවසෙසු උපොසථසීලං සමාදාය වත්තෙය්ය”න්ති. සා තථා කරොන්තී සුපරිසුද්ධං උපොසථසීලං රක්ඛිත්වා තාවතිංසෙසු නිබ්බත්තා අපරාපරං සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා පටාචාරාය ථෙරියා සන්තිකෙ ධම්මං සුත්වා පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා තං මත්ථකං පාපෙතුං නාසක්ඛි. පටාචාරා ථෙරී තස්සා චිත්තාචාරං ඤත්වා ඔවාදමදාසි. සා තස්සා ඔවාදෙ ඨත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.2.1-21) –
චකුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං - මෙය උත්තමා තෙරණියගේ ගාථාවය. ඕ තොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර එක්තරා කෙළෙඹියෙකුගේ ගෙයි ප්‍රවේණිගත දාසියක වී උපන්නාය. ඕතොමෝ තමාගේ වැඩිමහලු අයට උපස්ථාන කරමින් වෙසෙයි. එකල බන්ධුම රජ පුන්පොහෝදින පෙහෙවස් සමාදන්ව දහවල් දානාදිය දී අහර කිසෙන් පසු බණ අසයි. මහජනයා ද රජුගේ පිළිවෙතට අනුව එසේම පොහෝදින පෙහෙවස් සමාදන්ව වෙසෙති. ඉක්බිති ඔහුගේ දාසියට මෙවැනි අදහසක් ඇතිවිය ‘මෙකල රජතුමා ඇතුළු මහජනයා පෙහෙවස් සමාදන්ව වෙසෙති. මමද පොහෝ දිනවල පෙහෙවස් සමාදන්ව වෙසෙන්නෙම් නම් යෙහෙකි.’ අනතුරුව ඕතොමෝද පිරිසුදු සිල් රැක තව්තිසා දෙවිවරුන් අතර උපන්නී කලින් කල දෙව්ලෝවලම හැසිරෙන්නී මේ බුදුපතෙහි සැවැත්නුවර සිටුකුලයක උපත ලබා දැන හැඳිනගත් පසු පටාචාරා තෙරණිය සමීපයෙහි බණ අසා පැවිදිව බවුන් වඩාත් මෙහෙණිදම මුදුන් පමුණුවා ගැනීමට නොහැකි විය. පටාචාරා ස්ථවිරී තොමෝ ඇයගේ සිත්හසර දැන අවවාද කළාය. ඕතොමෝ ඇයගේ අවවාදයෙහි පිහිටා පිළිසිඹියා සහිත රහත්බවට පැමුණුනාය. එහෙයින් කියන ලද අපදානයෙහි:
“නගරෙ බන්ධුමතියා, බන්ධුමා නාම ඛත්තියො; දිවසෙ පුණ්ණමාය සො, උපවසි උපොසථං.
බන්ධුමතී නුවර බන්ධුමා නම් ක්ෂත්රියයෙක් විය. හෙතෙම පුණුපසළොස්වක් පොහෝදින සිල් සමාදන් විය.
“අහං තෙන සමයෙන, කුම්භදාසී අහං තහිං; දිස්වා සරාජකං සෙනං, එවාහං චින්තයිං තදා.
එකල මම කුම්භදාසියක් වීමි. එදින එහි සිටි රජු සහිත සේනාව දුටු මම මෙසේ සිතුවෙමි:
“රාජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා, උපවසි උපොසථං; සඵලං නූන තං කම්මං, ජනකායො පමොදිතො.
රජතුමා ද රාජ්‍යය අතහැර පෙහෙවස් සමාදන්වී ඇත. එය සාර්ථකය, ජනතාව කැමැතිය.
“යොනිසො පච්චවෙක්ඛිත්වා, දුග්ගච්චඤ්ච දලිද්දතං; මානසං සම්පහංසිත්වා, උපවසිං උපොසථං.
නුවණින් මෙනෙහිකර බලා දුක්බර වූ මගේ සිත සොම්නස් කරවා පෙහෙවස් සමාදන්වීමි.
“අහං උපොසථං කත්වා, සම්මාසම්බුද්ධසාසනෙ; තෙන කම්මෙන සුකතෙන, තාවතිංසමගච්ඡහං.
සම්බුදුන් වහන්සේගේ පෙහෙවස් රැක, ඒ පිනෙන් මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“තත්ථ මෙ සුකතං බ්යම්හං, උබ්භයොජනමුග්ගතං; කූටාගාරවරූපෙතං, මහාසනසුභූසිතං.
එහි මට යොදුන් ගණන් උස්වූ, සියගණන් කුළුගෙවලින් හෙබි, මහඟු යහන්වලින් යුත් විමන් පහළ විය.
“අච්ඡරා සතසහස්සා, උපතිට්ඨන්ති මං සදා; අඤ්ඤෙ දෙවෙ අතික්කම්ම, අතිරොචාමි සබ්බදා.
දහස්ගණන් අප්සරාවෝ මා සේවනය කරත්. අනෙක් සියලු දෙවිවරුන් ඉක්මවා මම බෙහෙවින් බබළමි.
“චතුසට්ඨිදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; තෙසට්ඨිචක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
සිවුසැටක් දෙව්රජවරුන්ට මෙහෙසිය වීමි. තෙසැටක් සක්විත්තන්ට අගමෙහෙසිය වීමි.
“සුවණ්ණවණ්ණා හුත්වාන, භවෙසු සංසරාමහං; සබ්බත්ථ පවරා හොමි, උපොසථස්සිදං ඵලං.
රන්වන් සිරුරු ලබමින් මම සසරෙහි සැරිසරමි. ඒ හැම තැනකදීම මම සෙස්සන්ට උත්තරීතරව වෙසෙමි. පෙහෙවස්හි විපාක මෙවැනිය.
“හත්ථියානං අස්සයානං, රථයානඤ්ච සීවිකං; ලභාමි සබ්බමෙවෙතං, උපොසථස්සිදං ඵලං.
ඇත් අස්, රිය යන මේ සියලු යානවාහන ලබමි. සිල් රැකීමෙහි විපාක මේය.
“සොණ්ණමයං රූපිමයං, අථොපි ඵලිකාමයං; ලොහිතඞ්ගමයඤ්චෙව, සබ්බං පටිලභාමහං.
රන්මුවා රිදිමුවා පලිඟුමුවා භාණ්ඩ ලබමි. පෙහෙවස්හි ඵලවිපාක මෙවැනිය.
“කොසෙය්යකම්බලියානි, ඛොමකප්පාසිකානි ච; මහග්ඝානි ච වත්ථානි, සබ්බං පටිලභාමහං.
කොසෙය්යකම්බිලි කපුපිලි ආදී මහාර්ඝ වස්ත්‍ර ලබමි.
“අන්නං පානං ඛාදනීයං, වත්ථසෙනාසනානි ච; සබ්බමෙතං පටිලභෙ, උපොසථස්සිදං ඵලං.
ආහාරපාන ඛාද්යභාද්ය වස්ත්‍ර සේනාසන යන මේ සියලු දෙය ලබමි. පෙහෙවස්හි ඵලවිපාක මේය.
“වරගන්ධඤ්ච මාලඤ්ච, චුණ්ණකඤ්ච විලෙපනං; සබ්බමෙතං පටිලභෙ, උපොසථස්සිදං ඵලං.
සුවඳමල් වත්සුණු විලවුන් රිසිසේ ලබමි. මේ පෙහෙවස්හි පළවිපාකය. කුළුගෙවල්, ප්‍රාසාද, මණ්ඩප, මහල්ගෙවල්, ගුහා - මේ සියල්ලම ලබමි. මේ පෙහෙවස්හි ඵලවිපාකය.
“කූටාගාරඤ්ච පාසාදං, මණ්ඩපං හම්මියං ගුහං; සබ්බමෙතං පටිලභෙ, උපොසථස්සිදං ඵලං.
“ජාතියා සත්තවස්සාහං, පබ්බජිං අනගාරියං; අඩ්ඪමාසෙ අසම්පත්තෙ, අරහත්තමපාපුණිං.
උපතින් සත්වන වියෙහි මම සසුනෙහි පැවිදිවීමි. අඩමසක්වත් අවසන් වීමට පෙර මම රහත්ඵලයට පැමිණියෙමි-
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
[missing trans]
“එකනවුතිතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, උපොසථස්සිදං ඵලං.
මෙයින් අනූඑක් කපකට පෙර යම් සීලයක් රැකියෙම් ද එහි අනුසස් විසින් දුගතියක් නොදනිමි. මේ ඒ සීලයෙහි විපාකය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ ඔවදන පිළිපැදීමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
රහත්බවට පැමිණ තමාගේ ඒ පිළිවෙත දැක උදන් විසින්:
“චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං, විහාරා උපනික්ඛමිං; අලද්ධා චෙතසො සන්තිං, චිත්තෙ අවසවත්තිනී.
චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං, අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී.
“සා භික්ඛුනිං උපාගච්ඡිං, යා මෙ සද්ධායිකා අහු; සා මෙ ධම්මමදෙසෙසි, ඛන්ධායතනධාතුයො.
සා භික්ඛුනිං උපගඤ්ඡිං යා මෙ සද්ධායිකා අහු, සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො.
“තස්සා ධම්මං සුණිත්වාන, යථා මං අනුසාසි සා; සත්තාහං එකපල්ලඞ්කෙන, නිසීදිං පීතිසුඛසමප්පිතා; අට්ඨමියා පාදෙ පසාරෙසිං, තමොඛන්ධං පදාලියා”ති. –
තස්සා ධම්මං සුණිත්වාන යථා මං අනුසායි සා, සත්තාහං එකපල්ලඞ්කෙ නිසීදිං සුඛසමප්පිතා, අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලිය-
සිතේ සමතාව නොලබා සිත වසඟකරගත නොහැක්කී සිවුවරක්, පස්වරක් විහාරයෙන් පිටත්ව ගියෙමි,
මා පැහැදී සිටි එක්තරා භික්ෂුණියක් වෙත මම ගියෙමි. ඕතොමෝ මට ඛන්ධ ධාතු ආයතන වශයෙන් ධර්මය දේශනා කළාය.
ඇයගේ ධර්මයට සවන් දුන් මම දිනසතක් පලඟ බැඳ සුවසේ සිටියෙමි. අටවනදින රෑ පා දික්කෙළෙමි. මම මගේ මොහොඅඳුර නැතිකළෙමි-
ඉමා ගාථා අභාසි.
යන ගාථා ප්‍රකාශ කළාය.
තත්ථ සා භික්ඛුනිං උපාගච්ඡිං , යා මෙ සද්ධායිකා අහූති යා මයා සද්ධාතබ්බා සද්ධෙය්යවචනා අහොසි, තං භික්ඛුනිං සාහං උපගච්ඡිං උපසඞ්කමිං, පටාචාරාථෙරිං සද්ධාය වදති. “සා භික්ඛුනී උපගච්ඡි, යා මෙ සාධයිකා”තිපි පාඨො. සා පටාචාරා භික්ඛුනී අනුකම්පාය මං උපගච්ඡි, යා මය්හං සදත්ථස්ස සාධිකාති අත්ථො. සා මෙ ධම්මමදෙසෙසි, ඛන්ධායතනධාතුයොති සා පටාචාරා ථෙරී “ඉමෙ පඤ්චක්ඛන්ධා, ඉමානි ද්වාදසායතනානි, ඉමා අට්ඨාරස ධාතුයො”ති ඛන්ධාදිකෙ විභජිත්වා දස්සෙන්තී මය්හං ධම්මං දෙසෙසි.
එහි සා භික්ඛුනිං උපගඤ්ඡිං යා මෙ සද්ධායිකාඅහු - යම්කිසි තැනැත්තියක් මා විසින් ඇදහියයුතු වූවාද යමක් තොමෝ ඇදහිය හැකි වචන කථාකළා ද ඒ භික්ෂුණිය වෙත මම එළඹියෙමි. මෙයින් කියවෙන්නේ පටාචාරා තෙරණිය ගැනය. ‘සා භික්ඛුනී උපගඤ්ඡි, යා මෙ සාධයිකා’ යනුවෙන් ද පාඨයක් පෙනේ. ඒ පටාචාරා භික්ෂුණිය අනුකම්පාවෙන් මා වෙත පැමිණියාය. ඕතොමෝ මගේ අර්ථසාධනයට ආධාරවිය යනු එහි තේරුමය. සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො - ඒ පටාචාරා ස්ථවීරී තොමෝ ‘මේ ස්කන්ධයෝ පස්දෙනය, මේ දොළොස් වැදෑරුම් ආයතනයෝය. මේ අටළොස් ධාතුහුය ආදී වශයෙන් ස්කන්ධයන් විග්රහකර දක්වන්නී මට ධර්මය දේශනා කළාය.
තස්සා ධම්මං සුණිත්වානාති තස්සා පටිසම්භිදාප්පත්තාය ථෙරියා සන්තිකෙ ඛන්ධාදිවිභාගපුබ්බඞ්ගමං අරියමග්ගං පාපෙත්වා දෙසිතසණ්හසුඛුමවිපස්සනාධම්මං සුත්වා. යථා මං අනුසාසි සාති සා ථෙරී යථා මං අනුසාසි ඔවදි, තථා පටිපජ්ජන්තී පටිපත්තිං මත්ථකං පාපෙත්වාපි සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදිං. කථං? පීතිසුඛසමප්පිතාති ඣානමයෙන පීතිසුඛෙන සමඞ්ගීභූතා. අට්ඨමියා පාදෙ පසාරෙසිං, තමොඛන්ධං පදාලියාති අනවසෙසං මොහක්ඛන්ධං අග්ගමග්ගෙන පදාලෙත්වා අට්ඨමෙ දිවසෙ පල්ලඞ්කං භින්දන්තී පාදෙ පසාරෙසිං. ඉදමෙව චස්සා අඤ්ඤාබ්යාකරණං අහොසි.
තස්සා ධම්මං සූර්ණත්වාන පිළිසිඹියා ලබා සිටි ඒ තෙරණිය සමීපයෙහි ස්කන්ධ විභාග පූර්වකොට ඇත්තා වූ ආර්යමාර්ගයට පමුණුවා දේශනා කරන ලද සූක්ෂ්ම විදර්ශනා ධර්මය අසා. යථා මං අනුසාසි සා - ඒ තෙරණියෝ යම් අයුරකින් මට අවවාද දුන්නාහුද, එසේ පිළිපදින්නා වූ මම අරමුණ මුදුන් පමුණුවාගෙන ද සත්දිනක් පලක්බැඳ සිටියෙමි. කෙසේද? සුඛසමප්පිකා - ධ්‍යානගත ප්‍රීති සුඛයෙන් සමන්විත වූයෙම්, අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලිය - ශේෂ නොකොට සියලු මොහොඅඳුර අවිද්‍යා අන්ධකාරය අග්රමාර්ගයට එළඹීමෙන් බිඳදමා අටවනදින පර්යඞ්කයෙන් නැගී සිටියෙම් මගේ දෙපා දිගුකළෙමි. මෙයම ඇයගේ අධිගම ප්‍රකාශය විය.
උත්තමාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
උත්තමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.