යෙදුමෙන් කියවන්න

උත‍්තමාථෙරීගාථා

3. 2.

3. 2.

42. චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං විහාරා උපනික‍්ඛමිං අලද‍්ධා චෙතසො සන‍්තිං චිත‍්තෙ අවසවත‍්තිනී.

42. චිත්ත භාවනායෙහි වශවර්තී භාවයක් නැති මම චිත්ත ශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් බැස ගියෙමු.

43. සා භික‍්ඛුනිං උපගඤ‍්ඡිං යා මෙ සද‍්ධායිකා අහු සා මෙ ධම‍්මමදෙසෙසි ඛන්‍ධායතනධාතුයො.

43. මා විසින් ශ්‍රාද්ධෙය වූ (ඇදහියයුතු වූ) යම් මෙහෙණක් වූ ද මම ඒ මෙහෙණ කරා එළැඹියා වෙමි. ඒ මෙහෙණ ස්කන්‍ධ ධාතු ආයතන නිඃශ්‍රිත වූ දහමක් දෙසූ.

44. තස‍්සා ධම‍්මං සුණිත්‍වාන යථා මං අනුසාසි සා සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙ නිසීදිං සුඛසමප‍්පිතා අට‍්ඨමියා පාදෙ පසාරෙසිං තමොක‍්ඛන්‍ධං පදාලියාති.

44. යම් පරිදි ඒ මෙහෙණ මට අනුශාසනා කළා ද ඇගේ ධර්‍මානු ශාසනය අසා සුඛසමර්පිත වැ සත් දිනක් එක් පලගෙහි හිණිමි. මෝහස්කන්‍ධය පළාපියා අටවන දින පා දිගු කළමු.

ඉත්‍ථං සුදං උත‍්තමා ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් උත්තමා මෙහෙණ ගාථා කිවු යැ.

උත‍්තමාථෙරීගාථා.

උත්තමා ථේරීගාථා යි.