සාමාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සාමාථෙරීගාථාවණ්ණනා
සාමා ථේරීගාථා වර්ණනාව
තිකනිපාතෙ පණ්ණවීසතිවස්සානීතිආදිකා අපරාය සාමාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී විපස්සිස්ස භගවතො කාලෙ චන්දභාගාය නදියා තීරෙ කින්නරයොනියං නිබ්බත්ති. සා තත්ථ කින්නරෙහි සද්ධිං කීළාපසුතා විචරති. අථෙකදිවසං සත්ථා තස්සා කුසලබීජරොපනත්ථං තත්ථ ගන්ත්වා නදීතීරෙ චඞ්කමි. සා භගවන්තං දිස්වා හට්ඨතුට්ඨා සළලපුප්ඵානි ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා තෙහි පුප්ඵෙහි භගවන්තං පූජෙසි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසම්බියං කුලඝරෙ නිබ්බත්තිත්වා වයප්පත්තා සාමාවතියා සහායිකා හුත්වා තස්සා මතකාලෙ සංවෙගජාතා පබ්බජිත්වා පඤ්චවීසති වස්සානි චිත්තසමාධානං අලභිත්වා මහල්ලිකාකාලෙ සුගතොවාදං ලභිත්වා විපස්සනං වඩ්ඪෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.2.22-29) –
තුන්වන නිපාතයෙහි පණ්ණවීසතිවස්සානි යනු අනෙක් සාමා තෙරණියකගේ ගාථාවකි. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි චන්ද්රභාගා ගංතෙර කිඳුරියක් වී උපන්නාය. ඕ එහි කිඳුරන් සමග කෙළිදෙළෙන් පසුවෙයි. ඉක්බිති එක් දවසක් ශාස්තෲන් වහන්සේ ඇයගේ කුසලබීජය රෝපණය කරවනු පිණිස එහි ගොස් ගංඉවුරෙහි සක්මනෙහි යෙදුණහ. ඕතොමෝ බුදුන් දැක තුටු පහටුවූවා සළලමල් දෝතක් ගෙන බුදුන් සමීපයට ගොස් වැඳ ඒ මල්වලින් බුදුන් පිදුවාය. ඕ ඒ පිනින් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි කොසඹෑ නුවර කුලගෙයක ඉපිද වයසින් වැඩුණු පසු සාමාවතියගේ යෙහෙළියක වී ඇය මළ කල්හි සංවේගයට පැමිණ පැවිදිව විසිපස් වසරක් යන තෙක්ම චිත්ත සමාධානයක් නොලැබ මහලුකල බුදුන්ගෙන් අවවාද ලබා බවුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“චන්දභාගානදීතීරෙ, අහොසිං කින්නරී තදා; අද්දසාහං දෙවදෙවං, චඞ්කමන්තං නරාසභං.
මම එකල චන්ද්රභාගා නදීතෙර කිඳුරියක් වීමි. ඉක්බිති මම දේවාතිදේව වූ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයා වූ බුදුන් ගං ඉවුරෙහි සක්මණෙහි යෙදී සිටිනු දිටිමි.
“ඔචිනිත්වාන සළලං, බුද්ධසෙට්ඨස්සදාසහං; උපසිඞ්ඝි මහාවීරො, සළලං දෙවගන්ධිකං.
එවේලෙහි මම සළලමල් නෙලා බුදුන් පිදුවෙමි. ‘මහාවීරයන් වහන්ස, මනා සුවඳ ඇති මේ සළලමල් පිළිගන්න’.
“පටිග්ගහෙත්වා සම්බුද්ධො, විපස්සී ලොකනායකො; උපසිඞ්ඝි මහාවීරො, පෙක්ඛමානාය මෙ තදා.
ලෝකනායක වූ විපස්සී බුදුන්වහන්සේ ඒ මල් පිළිගෙන මා බලාසිටියදීම එහි සුවඳ බැලූහ.
“අඤ්ජලිං පග්ගහෙත්වාන, වන්දිත්වා ද්විපදුත්තමං; සකං චිත්තං පසාදෙත්වා, තතො පබ්බතමාරුහිං.
මම එකෙණෙහිම ඇදිලි බැඳ වැඳ උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පර්වතයට නැගීමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් අනුඑක්කපකට පෙර යම් මල් පූජාවක් කෙළෙම්ද එහි අනුසස් විසින් මම දුගතිය නොහඳුනමි. බුද්ධ පූජාවෙහි ඵල විපාක මෙවැනිය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ- බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
රහත්බවට පැමිණ තමාගේ ප්‍රතිපත්තිය නැවත බලා උදාන වශයෙන්
“පණ්ණවීසති වස්සානි, යතො පබ්බජිතාය මෙ; නාභිජානාමි චිත්තස්ස, සමං ලද්ධං කුදාචනං.
පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතාය මෙ, නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධංකුදාචන.
“අලද්ධා චෙතසො සන්තිං, චිත්තෙ අවසවත්තිනී; තතො සංවෙගමාපාදිං, සරිත්වා ජිනසාසනං.
අලද්ධං චෙතසො සන්තිං චිත්තෙ අවසනවක්තිනී, තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං.
“බහූහි දුක්ඛධම්මෙහි, අප්පමාදරතාය මෙ; තණ්හක්ඛයො අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං; අජ්ජ මෙ සත්තමී රත්ති, යතො තණ්හා විසොසිතා”ති. – ඉමා ගාථා අභාසි.
බහූහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ, තණ්හක්ඛසො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං, අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා -
පැවිද්දන් විසිපස්වසක් යනතුරු කිසිදිනෙකත් සිතෙහි සන්සුන් බවක් නොහැඳිනෙමි. (සෙස්ස පෙර පරිදිය).
තත්ථ චිත්තස්ස සමන්ති චිත්තස්ස වූපසමං, චෙතොසමථමග්ගඵලසමාධීති අත්ථො.
එහි චිත්තස්ස සමං - සිතෙහි සමනයයි, සිත හසුරුවා ගැනීමෙන් ලැබෙන සමාධියයි යන තේරුමය.
තතොති තස්මා චිත්තවසං වත්තෙතුං අසමත්ථභාවතො. සංවෙගමාපාදින්ති සත්ථරි ධරන්තෙපි පබ්බජිතකිච්චං මත්ථකං පාපෙතුං අසක්කොන්තී පච්ඡා කථං පාපයිස්සාමීති සංවෙගං ඤාණුත්රාසං ආපජ්ජිං. සරිත්වා ජිනසාසනන්ති කාණකච්ඡපොපමාදිසත්ථුඔවාදං (සං· නි· 5.1117; ම· නි· 3.252) අනුස්සරිත්වා. සෙසං වුත්තනයමෙව.
තතො - එහෙයින්, සිත වසඟයෙහි තබාගැනීමට නොහැකිවූ හෙයින්, සංවෙගමාපාදි - බුදුන් ජීවත්වන කල්හිදු සමණකිස ඉටුකරගැනීමට නොහැකිනම් පසුව කෙසේ සපුරන්නෙම්දැයි, සංවෙගං - නුවණෙහි කැළඹීමට පත්වීමි. සරිත්වා ජිනසාසනං - කණකැසුබ් ආදී උපමා කතාවලින් දුන් ඔවා බස් සිහිකර. සෙස්ස කියනලද පරිදිමය.
අපරාසාමාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අනෙක් සාමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.