යෙදුමෙන් කියවන්න

සාමාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සාමාථෙරීගාථාවණ‍්ණනා

සාමා ථේරීගාථා වර්ණනාව

චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුන‍්තිආදිකා සාමාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසම‍්බියං ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සාමාතිස‍්සා නාමං අහොසි. සා විඤ‍්ඤුතං පත‍්තා සාමාවතියා උපාසිකාය පියසහායිකා හුත්‍වා තාය කාලඞ‍්කතාය සඤ‍්ජාතසංවෙගා පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච සාමාවතිකං ආරබ‍්භ උප‍්පන‍්නසොකං විනොදෙතුං අසක‍්කොන‍්තී අරියමග‍්ගං ගණ‍්හිතුං නාසක‍්ඛි. අපරභාගෙ ආසනසාලාය නිසින‍්නස‍්ස ආනන්‍දත්‍ථෙරස‍්ස ඔවාදං සුත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා තතො සත‍්තමෙ දිවසෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි.

චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං යනුවෙන් ඇරඹෙන ගාථාව සාමා තෙරණියගේය. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කර දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි කොසඹෑ නුවර ගැහැවිමහසල් කුලයක උපත ලැබුවාය. ඕ සාමා නම් විය. ඈ වැඩිවියට පැමිණි කල්හි සාමාවතී නම් උපාසිකාවගේ ප්‍රිය යෙහෙළියක වී ඇය කලුරිය කළ කල්හි හටගත් සංවේගය ඇත්තී පැවිදි වූවාය. පැවිදිවී ද සාමාවතී කෙරෙහි හටගත් ශෝකය දුරුකරගනු නොහැකිවීමෙන් ආර්‍යමාර්ගයට පිවිසීමට නොහැකිවිය. පසු කලෙක ආසන ශාලාවෙහි හුන්නී අනඳ තෙරණුවන්ගේ අවවාද අසා විදසුන් වඩා එයින් සත්වන දවස පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා තං පකාසෙන‍්තී –

රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත ආපිට බලා එය ප්‍රකාශ කරන්නී-

“චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං, විහාරා උපනික‍්ඛමිං; අලද‍්ධා චෙතසො සන‍්තිං, චිත‍්තෙ අවසවත‍්තිනී; තස‍්සා මෙ අට‍්ඨමී රත‍්ති, යතො තණ‍්හා සමූහතා.

චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං විහාරා උපනික්‍ඛමිං, අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී, තස්සා මේ අට්ඨමීරත්තී යතො තණ්හා සමූහතා.

“බහූහි දුක‍්ඛධම‍්මෙහි, අප‍්පමාදරතාය මෙ; තණ‍්හක‍්ඛයො අනුප‍්පත‍්තො, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

බහුහි දුක්‍ඛධම්මෙහි අප්පමාදරතාය මෙ, තණ්හක්‍ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං -

සිතෙහි සන්සුන් බව නොලැබ, සිත වසඟකර ගැනීමට නොහැකිව සතරවරක් පස්වරක් විහාරයෙන් පිටත්ව ගියෙමි.

එයින් අටවන රාත්‍රියෙහි තෘෂ්ණාව නැතිකරගතිමි. බොහෝ දුක්කම්කටොළු හේතුකොටගෙන අප්‍රමාදයෙහි නියැළුණෙම් තෘෂ්ණාව ක්‍ෂය කරගැනීමට පැමිණියෙමි. බුදුන්වහන්සේගේ අවවාදය පිළිපැදීමි,

උදානවසෙන ඉමා ද‍්වෙ ගාථා අභාසි.

යන ගාථා දෙක උදාන වශයෙන් ප්‍රකාශ කළාය.

තත්‍ථ චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං, විහාරා උපනික‍්ඛමින‍්ති “මම වසනකවිහාරෙ විපස‍්සනාමනසිකාරෙන නිසින‍්නා සමණකිච‍්චං මත්‍ථකං පාපෙතුං අසක‍්කොන‍්තී උතුසප‍්පායාභාවෙන නනු ඛො මය‍්හං විපස‍්සනා මග‍්ගෙන ඝට‍්ටෙතී”ති චින‍්තෙත්‍වා චත‍්තාරො පඤ‍්ච චාති නව වාරෙ විහාරා උපස‍්සයතො බහි නික‍්ඛමිං. තෙනාහ “අලද‍්ධා චෙතසො සන‍්තිං, චිත‍්තෙ අවසවත‍්තිනී”ති. තත්‍ථ චෙතසො සන‍්තින‍්ති අරියමග‍්ගසමාධිං සන්‍ධායාහ. චිත‍්තෙ අවසවත‍්තිනීති වීරියසමතාය අභාවෙන මම භාවනාචිත‍්තෙ න වසවත‍්තිනී. සා කිර අතිවිය පග‍්ගහිතවීරියා අහොසි. තස‍්සා මෙ අට‍්ඨමී රත‍්තීති යතො පට‍්ඨාය ආනන්‍දත්‍ථෙරස‍්ස සන‍්තිකෙ ඔවාදං පටිලභිං, තතො පට‍්ඨාය රත‍්තින්‍දිවමතන්‍දිතා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී රත‍්තියං චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං විහාරතො නික‍්ඛමිත්‍වා මනසිකාරං පවත‍්තෙන‍්තී විසෙසං අනධිගන‍්ත්‍වා අට‍්ඨමියං රත‍්තියං වීරියසමතං ලභිත්‍වා මග‍්ගපටිපාටියා කිලෙසෙ ඛෙපෙසින‍්ති අත්‍ථො. තෙන වුත‍්තං – “තස‍්සා මෙ අට‍්ඨමී රත‍්ති, යතො තණ‍්හා සමූහතා”ති. සෙසං වුත‍්තනයමෙව.

එහි චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං විහාරා උපනික්‍ඛමිං - මා වෙසෙන වෙහෙරෙහි විදසුන් මෙනෙහි කරමින් සිටියෙම්, මහණකිස මුදුන් පමුණුවා ගැනීමට නොහැකිව සෘතුවට අනුකූල නොවන හෙයින්දෝ මගේ භාවනාව මාර්ගයට යොමු නොවෙතැයි සිතා සතරක් ද පසක් ද යනුවෙන් නවවරක් විහාරා ආරාමයෙන් පිටත්ව ගියෙමි. එහෙයින් අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තනී යනුවෙන් කීවාය. එහි චෙතසො සන්තිං යනු ආර්යමාර්‍ග සමාධිය උදෙසා කියනලදී. චිත්තේ අවසවත්තිනී - ඕතොමෝ අතිශයින් වඩන ලද වීර්ය ඇත්තියක් වූවාය. තස්සා මෙ අට්ඨමී රත්තී - යම් දිනක සිට අනඳ තෙරුන් වෙතින් අවවාද ලැබුවාද එදින සිට දිවා රෑ දෙක්හි අනලසව විදසුන් වඩන්නී රාත්‍රියෙහි සිවුවරක් පස්වරක් විහාරයෙන් නික්ම මනසිකාරයෙහි යෙදෙන්නී කිසි විශේෂයක් නොලැබ අටවන රැයෙහි වීර්යාධිෂ්ඨානය ලබා මගපිළිවෙළින් කෙලෙස් ඉවත් කළෙමි යනු මෙහි අදහසය. එහෙයින් ‘තස්සා මෙ අට්ඨමී රත්තී යතො තණ්හා සමූහතා’ යනුවෙන් කියන ලදී. සෙස්ස කියූ පරිදිමය.

සාමාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සාමා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.

දුකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීය නිපාත වර්‍ණනාව සමාප්තය.