අභයාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අභයාථෙරීගාථාවණ්ණනා
අභයා ථේරීගාථා වර්ණනාව
අභයෙ භිදුරො කායොතිආදිකා අභයත්ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තී සිඛිස්ස භගවතො කාලෙ ඛත්තියමහාසාලකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා අරුණරඤ්ඤො අග්ගමහෙසී අහොසි. රාජා තස්සා එකදිවසං ගන්ධසම්පන්නානි සත්ත උප්පලානි අදාසි. සා තානි ගහෙත්වා “කිං මෙ ඉමෙහි පිළන්ධන්තෙහි. යංනූනාහං ඉමෙහි භගවන්තං පූජෙස්සාමී”ති චින්තෙත්වා නිසීදි. භගවා ච භික්ඛාචාරවෙලායං රාජනිවෙසනං පාවිසි . සා භගවන්තං දිස්වා පසන්නමානසා පච්චුග්ගන්ත්වා තෙහි පුප්ඵෙහි පූජෙත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ උජ්ජෙනියං කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා අභයමාතුසහායිකා හුත්වා තාය පබ්බජිතාය තස්සා සිනෙහෙන සයම්පි පබ්බජිත්වා තාය සද්ධිං රාජගහෙ වසමානා එකදිවසං අසුභදස්සනත්ථං සීතවනං අගමාසි. සත්ථා ගන්ධකුටියං නිසින්නොව තස්සා අනුභූතපුබ්බං ආරම්මණං පුරතො කත්වා තස්සා උද්ධුමාතකාදිභාවං පකාසෙසි. තං දිස්වා සංවෙගමානසා අට්ඨාසි. සත්ථා ඔභාසං ඵරිත්වා පුරතො නිසින්නං විය අත්තානං දස්සෙත්වා –
අභයෙ භිදුරො කායො යන මෙය අභය තෙරණියගේ ගාථාවය. මෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී සිඛී බුදුන්ගේ කාලයෙහි ක්ෂත්රිය මහාසළකුලයක ඉපිද කල්යාමේදී අරුණ රජුගේ අගමෙහෙසිය වූවාය. දිනක් රජතුමා ඇයට සුවඳවත් උපුල්මල් සතක් දුන්නේය. ඕතොමෝ ඒවා පිළිගෙන ඒවා පැළඳීමෙන් ඇති ඵලය කුමක්දැයි සිතා ඒවා බුදුන්ට පිදීමේ අදහසින් උන්වහන්සේ එහි වඩින තුරු බලා සිටියාය. ඕ ඉක්බිති බුදුන් වඩිනු දැක පහන් සිතින් පෙරගමන්කොට ඒ මල්වලින් පුදා පසඟ පිහිටුවා වැඳ හුන්නීය. ඕතොමෝ ඒ පින්කමින් දෙව්මිනිසුන් අතර හැසිරෙන්නී මේ බුදු උපතෙහි උදේනී නුවර එක් කුලගෙයක උපත ලබා අභය මාතාවගේ සහායිකා වී වෙසෙන්නී ඇය පැවිදි වූ කල්හි ඇය කෙරෙහි හටගත් සෙනෙහස නිසාම තමාද පැවිදි වී ඈ සමග රජගහනුවර වසන අතර එක්දිනක අසුභ භාවනාව සඳහා සීතවනයට පිවිසියාය. බුදුන්වහන්සේ ගඳකිළියෙහිම හුන්සේක් ඇය අරමුණුකළ අරමුණ පෙරටුකොට තබා උන්වහන්සේ ඇයට ඉදිමීම ආදී ස්වභාවය ප්‍රකාශ කළහ. එය දැක ඕතොමෝ සංවේගයට පැමිණියාය. එය දුටු බුදුහු ආලෝකයක් විහිදුවා ඉදිරිපිට හුන්නාක් මෙන් තමා පෙන්වූහ. අනතුරුව -
“අභයෙ භිදුරො කායො, යත්ථ සත්තා පුථුජ්ජනා; නික්ඛිපිස්සාමිමං දෙහං, සම්පජානා සතීමතී.
අභයෙ භිදුරොකායො යත්ථ සත්තා පුථුජ්ජනා, නික්ඛිපිස්සාමිමං දෙහං සම්පජානා සතීමතී.
“බහූහි දුක්ඛධම්මෙහි, අප්පමාදරතාය මෙ; තණ්හක්ඛයො අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසන”න්ති. –
බහූහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ, තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං.
අභයා, පුහුදුන් මිනිසුන් ඇලෙන්නා වූ මේ සිරුර බිඳෙනසුලුය. මම මේ සිරුර පිළිබඳ යථා තත්ත්වය දැන සිහිකල්පනාවෙන් යුක්තව බහාලමි.
බොහෝ දුක්කම්කටොළු හේතුකොටගෙන අප්‍රමාදයෙහි නියැළුණු මම තණ්හාව දුරුකිරීමට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය අනුගමනය කළෙමි.
ඉමා ගාථා අභාසි. සා ගාථාපරියොසානෙ අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.71-90) –
යන ගාථා ප්‍රකාශ කළාය. ඕතොමෝ ගාථා කෙළවර රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“නගරෙ අරුණවතියා, අරුණො නාම ඛත්තියො; තස්ස රඤ්ඤො අහුං භරියා, වාරිතං වාරයාමහං.
අරුණවතී නගරයෙහි අරුණ නම් රජෙක් විය, මම ඒ රජුගේ අගමෙහෙසිය වී චාරිකාවෙහි හැසුරුණෙමි.
“සත්තමාලං ගහෙත්වාන, උප්පලා දෙවගන්ධිකා; නිසජ්ජ පාසාදවරෙ, එවං චින්තෙසි තාවදෙ.
සුවඳවත් වූ උපුල් හතක් ගෙන පහයෙහි හිඳ මෙසේ සිතීමි.
“කිං මෙ ඉමාහි මාලාහි, සිරසාරොපිතාහි මෙ; වරං මෙ බුද්ධසෙට්ඨස්ස, ඤාණම්හි අභිරොපිතං.
මේ මල් හිසෙහි පැළඳීමෙන් කවර පලක්ද? නැණින් අගතැන්පත් වූ බුදුන්වහන්සේට මෙය සුදුසුයයි,
“සම්බුද්ධං පටිමානෙන්තී, ද්වාරාසන්නෙ නිසීදහං; යදා එහිති සම්බුද්ධො, පූජයිස්සං මහාමුනිං.
බුදුන් ගැන සිතමින්, බුදුන් පැමිණියහොත් පුදන්නෙමි යයි දොර අසල හුන්නෙමි.
“කකුධො විලසන්තොව, මිගරාජාව කෙසරී; භික්ඛුසඞ්ඝෙන සහිතො, ආගච්ඡි වීථියා ජිනො.
බබළන කකුධ භාණ්ඩයක් මෙන්, කේශර සිංහරාජයෙකු මෙන් භික්ෂූන් වහන්සේ සමගින් බුදුහු විථියට බටහ.
“බුද්ධස්ස රංසිං දිස්වාන, හට්ඨා සංවිග්ගමානසා; ද්වාරං අවාපුරිත්වාන, බුද්ධසෙට්ඨමපූජයිං.
බුදුන්ගේ රැස් විහිදෙනු දැක සතුටින් මෙන්ම සංවේගයෙන් දොර හැර ගොස් ඒ මල්මිට බුදුන්ට පිදුවෙමි.
“සත්ත උප්පලපුප්ඵානි, පරිකිණ්ණානි අම්බරෙ; ඡදිං කරොන්තො බුද්ධස්ස, මත්ථකෙ ධාරයන්ති තෙ.
ඒ උපුල්මල් සත අහසෙහි විසුරුවන ලදින් උන්වහන්සේගේ සිරස මුදුනෙහි ඡත්රයක් මෙන් දිස්විය.
“උදග්ගචිත්තා සුමනා, වෙදජාතා කතඤ්ජලී; තත්ථ චිත්තං පසාදෙත්වා, තාවතිංසමගච්ඡහං.
එයින් පහන් වූ සිතින් ඇඳිලිබැඳ නමස්කාර කළෙමි. ඒ පිනින් මම තව්තිසාවට ගියෙමි.
“මහානෙලස්ස ඡාදනං, ධාරෙන්ති මම මුද්ධනි; දිබ්බගන්ධං පවායාමි, සත්තුප්පලස්සිදං ඵලං.
මගේ හිස මුදුනෙහි නිල්වන් වහලක් දිසෙයි, එයින් දිවගඳ හමයි, උපුල්මල් සතෙහි පින එබඳුය.
“කදාචි නීයමානාය, ඤාතිසඞ්ඝෙන මෙ තදා; යාවතා පරිසා මය්හං, මහානෙලං ධරීයති.
යම් දිනෙක නෑ සමූහයා මා කැඳවාගෙන යෙත්ද, ඒ සියලු පිරිස නිල්වියන් මෙන් පෙනෙයි.
“සත්තති දෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; සබ්බත්ථ ඉස්සරා හුත්වා, සංසරාමි භවාභවෙ.
දෙවිවරුන් හැත්තෑ දෙනෙකුගේ මෙහෙසිය වීමි, හැම තන්හිදීම සියල්ලන්ටම ප්රමුඛ වී භවයෙහි හැසිරෙමි.
“තෙසට්ඨි චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං; සබ්බෙ මමනුවත්තන්ති, ආදෙය්යවචනා අහුං.
තෙසැටක් සක්විත්තන්ට අගමෙහෙසිකම් කළෙමි. සියල්ලෝම මා අනුව හැසිරෙනි. මා කියන්නක් ඔවුහු පිළිපදිති.
“උප්පලස්සෙව මෙ වණ්ණො, ගන්ධො චෙව පවායති; දුබ්බණ්ණියං න ජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මගේ පැහැය උපුල්වන්ය, සිරුරෙන් එම සුවඳම හමයි, දුර්වර්ණනයක් මම කිසි කලෙකත් නොහඳුනමි. මෙය බුද්ධ පූජාවෙහි ප්‍රතිඵලය වේ.
“ඉද්ධිපාදෙසු කුසලා, බොජ්ඣඞ්ගභාවනාරතා; අභිඤ්ඤාපාරමිප්පත්තා, බුද්ධපූජායිදං ඵලං.
ඍද්ධිපාදයන්හි දක්ෂවීමි, බොධ්යඞ්ගයන්හි ඇලුණෙමි. අභිඥාව ලබාගතිමි, මෙය බුද්ධ පූජාවෙහි ප්‍රතිඵලය වේ.
“සතිපට්ඨානකුසලා, සමාධිඣානගොචරා; සම්මප්පධානමනුයුත්තා, බුද්ධපූජායිදං ඵලං.
සිහිවටන්හි දක්ෂයෙමි, සමාධි භාවනාවෙහි යෙදුණෙමි, සම්‍යක් ප්‍රධානයෙහි යෙදුණෙමි, මෙය බුද්ධ පූජාවෙහි ප්‍රතිඵලය වේ.
“වීරියං මෙ ධුරධොරය්හං, යොගක්ඛෙමාධිවාහනං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
මගේ මර උසුලන වියගහ විර්යය, යෝගයන්ගෙන් මිදීම වාහනයයි, සියලු ආසව සිදිණ. මෙයින් මතු මට උපතක් නැත.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් කල්ප තිස්ඵකකට පෙර මම යම් පින්කමක් කෙළෙම්ද එහි අනුසසින් මම දුගතියක් නොදනිමි, මල් පිදීමෙහි පින මෙයයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති. (අප· ථෙරී 2.1.71-90);
මා විසින් කෙලෙස් දවන ලදී, බුදුන්ගේ ඔවදන් පිළිපැදිමි.
අරහත්තං පන පත්වා උදානෙන්තී තා එව ගාථා පරිවත්තිත්වා අභාසි.
රහත්බවට පැමිණ උදම් අනන්නී, ඒ ගාථාව පෙරළා කීවාය.
තත්ථ අභයෙති අත්තානමෙව ආලපති. භිදුරොති භිජ්ජනසභාවො, අනිච්චොති අත්ථො. යත්ථ සත්තා පුථුජ්ජනාති යස්මිං ඛණෙන භිජ්ජනසීලෙ අසුචිදුග්ගන්ධජෙගුච්ඡපටික්කූලසභාවෙ කායෙ ඉමෙ අන්ධපුථුජ්ජනා සත්තා ලග්ගා ලග්ගිතා. නික්ඛිපිස්සාමිමං දෙහන්ති අහං පන ඉමං දෙහං පූතිකායං පුන අනාදානෙන නිරපෙක්ඛා ඛිපිස්සාමි ඡඩ්ඩෙස්සාමි. තත්ථ කාරණමාහ “සම්පජානා සතීමතී”ති.
එහි අභයෙ - තමාටම තමා අමතයි. භිදුරො - බිදෙනසුලුය, අනිත්‍යය යන අර්ථයි. යත්ථ සත්තා පුථුජ්ජනා - සැණෙකින් බිදීයනසුලු අශුචි මෙන් දුගඳ වහනයවන පිළිකුල් ස්වභාවයකින් යුත් සිරුරෙහි මේ අන්ධබාල වූ පෘථග්ජනයෝ සත්තං - ඇලෙන්නා වූ, ලගින්නා වූ. නික්ඛිපිස්සාමිමං දෙහං - මම මේ කුණු සිරුර නැවත නොගන්නා අයුරින් නිරපෙක්ෂකව බහාලන්නෙමි, ඉවතලන්නෙමි. එයට හේතුව කීහ. සම්පජානා සතීමතී යනුවෙන්.
බහූහි දුක්ඛධම්මෙහීති ජාතිජරාදීහි අනෙකෙහි දුක්ඛධම්මෙහි ඵුට්ඨායාති අධිප්පායො. අප්පමාදරතායාති තාය එව දුක්ඛොතිණ්ණතාය පටිලද්ධසංවෙගත්තා සතිඅවිප්පවාසසඞ්ඛාතෙ අප්පමාදෙ රතාය. සෙසං වුත්තනයමෙව. එත්ථ ච සත්ථාරා දෙසිතනියාමෙන –
බහුහි දුක්ඛධම්මෙහි - ජාතිජරා ආදි වූ නොයෙක් දුක්වලින් ස්පර්ශ කරනු ලැබූ යනු තේරුමය. අප්පමාදරතාය - ඒ දුකින් එතෙරවීමෙන්ම සංවේගයට පැමිණි හෙයින් වෙන්නොවී විසීම් සංඛ්‍යාත අප්‍රමාදයෙහි යෙදුණු. සෙස්ස කියනලද පරිදිමය. මෙහිදු ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි -
“නික්ඛිපාහි ඉමං දෙහං, අප්පමාදරතාය තෙ; තණ්හක්ඛයං පාපුණාහි, කරොහි බුද්ධසාසන”න්ති. –
‘නික්ඛිපාහි ඉමං දෙහං, අප්පමාදරතාය තෙ, තණ්හක්ඛයං පාපුණාහි, කරොහි බුද්ධ සාසනං’ (අප්‍රමාදයෙහි ඇලුණාවූ ඔබ මේ සිරුර බහා තබව, තෘෂ්ණාව ක්ෂය කරව, බුදුන්ගේ ඔවදන පිළිපදුව) යන අදහසය.
පාඨො, ථෙරියා වුත්තනියාමෙනෙව පන සංගීතිං ආරොපිතත්තා. අප්පමාදරතාය තෙති අප්පමාදරතාය තයා භවිතබ්බන්ති අත්ථො.
[missing trans] අප්පමාදරතාය තෙ - ඔබ අප්රමාදී වියයුතුය යන තේරුමය.
අභයාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අභය තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.