අභයමාතාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අභයමාතාථෙරීගාථාවණ්ණනා
අභයමාතා ථේරීගාථා වර්ණනාව
උද්ධං පාදතලාතිආදිකා අභයමාතාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තී තිස්සස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථාරං පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නමානසා පත්තං ගහෙත්වා කටච්ඡුමත්තං භික්ඛං අදාසි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ තාදිසෙන කම්මනිස්සන්දෙන උජ්ජෙනියං පදුමවතී නාම නගරසොභිණී අහොසි. රාජා බිම්බිසාරො තස්සා රූපසම්පත්තිආදිකෙ ගුණෙ සුත්වා පුරොහිතස්ස ආචික්ඛි – “උජ්ජෙනියං කිර පදුමවතී නාම ගණිකා අහොසි, තමහං දට්ඨුකාමොම්හී”ති. පුරොහිතො “සාධු, දෙවා”ති මන්තබලෙන කුම්භීරං නාම යක්ඛං ආවහෙත්වා යක්ඛානුභාවෙන රාජානං තාවදෙව උජ්ජෙනීනගරං නෙසි. රාජා තාය සද්ධිං එකරත්තිං සංවාසං කප්පෙසි. සා තෙන ගබ්භං ගණ්හි. රඤ්ඤො ච ආරොචෙසි – “මම කුච්ඡියං ගබ්භො පතිට්ඨහී”ති. තං සුත්වා රාජා නං “සචෙ පුත්තො භවෙය්ය, වඩ්ඪෙත්වා මමං දස්සෙහී”ති වත්වා නාමමුද්දිකං දත්වා අගමාසි. සා දසමාසච්චයෙන පුත්තං විජායිත්වා නාමග්ගහණදිවසෙ අභයොති නාමං අකාසි. පුත්තඤ්ච සත්තවස්සිකකාලෙ “තව පිතා බිම්බිසාරමහාරාජා”ති රඤ්ඤො සන්තිකං පහිණි. රාජා තං පුත්තං පස්සිත්වා පුත්තසිනෙහං පටිලභිත්වා කුමාරකපරිහාරෙන වඩ්ඪෙසි. තස්ස සද්ධාපටිලාභො පබ්බජ්ජා විසෙසාධිගමො ච හෙට්ඨා ආගතොයෙව. තස්ස මාතා අපරභාගෙ පුත්තස්ස අභයත්ථෙරස්ස සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධා භික්ඛුනීසු පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තී නචිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.60-70) –
උද්ධං පාදතලා - යන ගාථාව අභයමාතා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නී, තිස්ස බුදුන්ගේ කාලයෙහි කුලගෙයක උපත ලබා වැඩිවිය පැමිණීමෙන් පසු දිනක් බුදුන් පිඬුපිණිස හැසිරෙනු දක පැහැදි සිතින් පාත්‍රය ගෙන හැන්දක් පමණ අහර පිදුවාය. ඕ ඒ පින්කමෙන් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී මේ බුදුපතෙහි එවැනිම කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් උදේනී නුවර පදුමවතී නමින් නගරශෝභිනියක් වූවාය. බිම්බිසාර රජ ඇයගේ රූසපුව ආදී ගුණ ගැන අසා පුරෝහිතයාට මෙසේ කීවේය: ‘උදේනී නුවර පදුමවතී නම් ගණිකාවක් වෙයි, මම ඇය දකිනු කැමැත්තෙමි’ මැනවැයි පිළිගත් පුරෝහිතයා මන්ත්‍ර බලයෙන් කුම්භීර නම් යක්ෂයා රජුට වස්වා ඔහුගේ අනුහසින් රජු එකෙණෙහිම උදේනී නගරයට පැමිණවීය. රජතෙම එක රැයක් ඇය සමග සමහම් සුවය වින්දේය. ඕ එයින් ගැබ්ගත. ‘මා කුසෙහි ගැබක් පිහිටියේවනැ’යි ඕ රජුට දන්වා යැවුවාය. එය අසා රජතෙමේ, ‘ගැබ පිරිමි දරුවකුගේ නම් හදාවඩා මා වෙතට එව’යි කියා රජුන්ගේ නම කෙටූ මුද්දක් දී යැවීය. ඕ දසමස් ඇවෑමෙන් පුතෙකු වදා ඕහට අභය යන නම තැබුවාය. සත්වයස් වූ කල ඕතොමෝ දරුවා බිම්සර රජුගේ පුතෙකු යයි හදුන්වා දී ඔහු වෙත යැව්වාය. රජ ඒ පුතා දැක පුතු සෙනෙහස ලැබ කුමරපෙරහරින් වැඩුවේය. ඔහුට සැදැහැය ලැබීමත් පැවිදි විශේෂාධිගමයත් යට කියනලද පරිදිමය. ඔහුගේ මව පසු කලෙක අභය පුත් තෙරුන්ගෙන් බණ අසා සැදැහැ ඉපිද භික්ෂුණීන් සමීපයෙහි පැවිද්ද ලබා විදසුන් වඩන්නී, නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි-
“පිණ්ඩචාරං චරන්තස්ස, තිස්සනාමස්ස සත්ථුනො; කටච්ඡුභික්ඛං පග්ගය්හ, බුද්ධසෙට්ඨස්සදාසහං.
පිඬුපිණිස හැසිරෙන තිස්ස නම් බුදුන්වහන්සේට හැන්දක් පමණ ආහාර පූජාකළෙමි.
“පටිග්ගහෙත්වා සම්බුද්ධො, තිස්සො ලොකග්ගනායකො; වීථියා සණ්ඨිතො සත්ථා, අකා මෙ අනුමොදනං.
ලෝකාග්‍රනායක වූ ඒ තිස්ස සම්බුදුහු එය පිළිගෙන වීථියෙහි සිට මට අනුමෙවෙනි බණ වදාළහ.
“කටච්ඡුභික්ඛං දත්වාන, තාවතිංසං ගමිස්සසි; ඡත්තිංසදෙවරාජූනං, මහෙසිත්තං කරිස්සසි.
හැන්දක් පමණ දුන් මේ දානයෙහි අනුසසින් තව්තිසා දෙව්ලොවට යන්නීය. දෙව්වරුන් තිස් හයදෙනෙකුගේ මෙහෙසි බවට පැමිණෙන්නීය.
“පඤ්ඤාසං චක්කවත්තීනං, මහෙසිත්තං කරිස්සසි; මනසා පත්ථිතං සබ්බං, පටිලච්ඡසි සබ්බදා.
සක්විත්තන් පණස් දෙනෙකුගේ අග මෙහෙසි බවට පැමිණෙන්නීය. සිතූපැතු සියල්ලක්ම හැමදාම ලබාගන්නීය,
“සම්පත්තිං අනුභොත්වාන, පබ්බජිස්සසි කිඤ්චනා; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සසිනාසවා.
සැප අනුභවකොට කිසිවක් නොමැතිව පැවිදි බව ලබාගන්නීය. සියලු අසවු විනාශකර අනසව් වී පිරිනිවෙන්නීය.
“ඉදං වත්වාන සම්බුද්ධො, තිස්සො ලොකග්ගනායකො; නභං අබ්භුග්ගමී වීරො, හංසරාජාව අම්බරෙ.
ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරදහු මෙසේ පවසා අහසෙහි ගමකරන හංස රාජයෙකු මෙන් අහසට නැගුණු සේක.
“සුදින්නං මෙ දානවරං, සුයිට්ඨා යාගසම්පදා; කටච්ඡුභික්ඛං දත්වාන, පත්තාහං අචලං පදං.
මා විසින් මැනවින් දෙන ලදී, යාගය මැනැවින් යදින ලදී. හැන්දක් පමණ පුදා අචල පදවියකට පත්වීමි.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, භික්ඛාදානස්සිදං ඵලං.
මෙයින් දෙයානුකපකට පෙර යම් පින්කමක් කෙළෙම්ද එහි ඵලවිපාක වශයෙන් දුගතියක් නොහඳුනමි. පිඬුදනෙහි විපාක මේය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මගේ කෙලෙස් දැවිණ -පෙ-බුදුන්ගේ අනුශාසනාව අනුගමනය කළෙමි.
අරහත්තං පන පත්වා අත්තනො පුත්තෙන අභයත්ථෙරෙන ධම්මං කථෙන්තෙන ඔවාදවසෙන යා ගාථා භාසිතා, උදානවසෙන සයම්පි තා එව පච්චුදාහරන්තී –
ඕතොමෝ රහත් බවට පැමිණ තමාගේ පුත් වූ අභය තෙරුන් විසින් ධර්ම දේශනා කරන අවස්ථාවෙහි අවවාද වශයෙන් යම් ගාථා දෙකක් දෙසන ලදද, තමාද උදාන වශයෙන් ඒ ගාථා දෙකම පුනරාවය කරන්නී:
“උද්ධං පාදතලා අම්ම, අධො වෙ කෙසමත්ථකා; පච්චවෙක්ඛස්සුමං කායං, අසුචිං පූතිගන්ධිකං.
උද්ධං පාදතලා අම්ම අධො ච කෙසමත්ථකං, පච්චවෙක්ඛස්සුමං කායං අසූචිං පූතිගත්ධිකං.
“එවං විහරමානාය, සබ්බො රාගො සමූහතො; පරිළාහො සමුච්ඡින්නො, සීතිභූතාම්හි නිබ්බුතා”ති. – ආහ;
එවං විහරමානාය සබ්බො රාගො සමූහතො, පරිළාහො සමුච්ඡින්නො සීතිභූතම්හි නිබ්බුතා.
දෙපතුලෙන් උඩ කෙස්වැටියෙන් යට තිබෙන අපිරිසිදු වූ කුණුගඳ වහනය වන මේ සිරුර යථා තත්ත්වයෙන් බලන්න.
මෙසේ වෙසෙන්නා වූ මගේ සකලවිධ රාගය නැතිවිය, දැඩිතාපය සිදිණ, නිවී සිහිල් වීමි.
යන ගාථා දෙක පැවසුවාය.
තත්ථ පඨමගාථාය තාව අයං සඞ්ඛෙපත්ථො – අම්ම පදුමවති, පාදතලතො උද්ධං කෙසමත්ථකතො අධො නානප්පකාරඅසුචිපූරිතාය අසුචිං සබ්බකාලං පූතිගන්ධවායනතො පූතිගන්ධිකං, ඉමං කුච්ඡිතානං ආයතනතාය කායං සරීරං ඤාණචක්ඛුනා පච්චවෙක්ඛස්සූති. අයඤ්හි තස්සා පුත්තෙන ඔවාදදානවසෙන භාසිතා ගාථා.
එහි පළමුවන ගාථාවෙහි තේරුම සැකෙවින් මෙසේය. අම්ම පදුමවතී, දෙපතුලෙන් උඩ කෙස්වලින් යට නානාප්‍රකාර අපවිත්‍ර රාශියක් පිරී තිබෙන අසූචිං සදහටම දුගඳ හමන්නා වූ, පූතිගත්ධිකං ඉමං පිළිකුල් ගඳින් යුත් කායං සිරුර නැණැසින් පිරික්සා බලන්න. මෙය වූකලී ඇයගේ පුතා විසින් අවවාද වශයෙන් දෙසූ ගාථාවය.
සා තං සුත්වා අරහත්තං පත්වා උදානෙන්තී ආචරියපූජාවසෙන තමෙව ගාථං පඨමං වත්වා අත්තනො පටිපත්තිං කථෙන්තී “එවං විහරමානායා”ති දුතියං ගාථමාහ.
ඕතොමෝ එය අසා රහත් බවට පැමිණ උදම් අනන්නී ගුරු පූජාවක් වශයෙන් එම ගාථාවම පළමුකොට කියා ඉක්බිති තමාගේ අවබෝධය හෙළිකරන්නී “එවං විහරමානාය” යන දෙවන ගාථාව කීවාය.
තත්ථ එවං විහරමානායාති එවං මම පුත්තෙන අභයත්ථෙරෙන “උද්ධං පාදතලා”තිආදිනා දින්නෙ ඔවාදෙ ඨත්වා සබ්බකායං අසුභතො දිස්වා එකග්ගචිත්තා තත්ථ භූතුපාදායභෙදෙ රූපධම්මෙ තප්පටිබද්ධෙ වෙදනාදිකෙ අරූපධම්මෙ පරිග්ගහෙත්වා තත්ථ තිලක්ඛණං ආරොපෙත්වා අනිච්චානුපස්සනාදිවසෙන විහරමානාය. සබ්බො රාගො සමූහතොති වුට්ඨානගාමිනිවිපස්සනාය මග්ගෙන ඝටිතාය මග්ගපටිපාටියා අග්ගමග්ගෙන සබ්බො රාගො මයා සමූහතො සමුග්ඝාටිතො. පරිළාහො සමුච්ඡින්නොති තතො එව සබ්බො කිලෙසපරිළාහො සම්මදෙව උච්ඡින්නො, තස්ස ච සමුච්ඡින්නත්තා එව සීතිභූතා සඋපාදිසෙසාය නිබ්බානධාතුයා නිබ්බුතා අම්හීති.
එහි එවං විහරමානාය. එසේ මපුත් අබය තෙරුන් විසින් “උද්ධං පාදතලා” යන මෙයින් දෙනලද අවවාදයෙහි පිහිටා සියලු සිරුර අශුභ වශයෙන් බලා සිතෙහි එකඟබව ලබාගෙන සතර මහාභූතයන්ගේ සමවාය වශයෙන් වෙනස්වන රූපාරූපධර්මයන් පිළිබඳ විඳීම් අවබෝධ කරගෙන තිලකුණු නගා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් වෙසෙන්නේ සබ්බො රාගො සමූහතො හටගැන්ම පිළිබඳ නුවණින් මගපිළිවෙළ අනුව යමින් එහි කෙළවරට පැමිණියේය. මා විසින් සියලු රාගය සමූහතො මුලින් උපුටා දමන ලදී. පරිළාහො සමුච්ඡින්නා එහෙයින්ම සියලු කෙලෙස් ගින්න සහමුලින්ම නිවා දැමීමි. එය නිවා දැමීම නිසාම සීතිභුතා සොපදිසෙස නිර්වාණ ධාතුවෙන් නිබ්බුතා අම්හි.
අභයමාතුථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අභයමාතා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.