මෙත්තාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
මෙත්තාථෙරීගාථාවණ්ණනා
මෙත්තා ථේරීගාථා වර්ණනාව
චාතුද්දසිං පඤ්චදසින්තිආදිකා අපරාය මිත්තාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී විපස්සිස්ස භගවතො කාලෙ ඛත්තියකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා බන්ධුමස්ස රඤ්ඤො අන්තෙපුරිකා හුත්වා විපස්සිස්ස භගවතො සාවිකං එකං ඛීණාසවත්ථෙරිං දිස්වා පසන්නමානසා හුත්වා තස්සා හත්ථතො පත්තං ගහෙත්වා පණීතස්ස ඛාදනීයභොජනීයස්ස පූරෙත්වා මහග්ඝෙන සාටකයුගෙන සද්ධිං අදාසි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුස්මිං සක්යරාජකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධා උපාසිකා අහොසි. සා අපරභාගෙ මහාපජාපතිගොතමියා සන්තිකෙ පබ්බජිත්වා කතපුබ්බකිච්චා විපස්සනාය කම්මං කරොන්තී න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.46-59) –
චාතුද්දසිං පඤ්චදසිං - මෙය වෙනත් මෙත්තා තෙරණියකගේ ගාථාවකි. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී, ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර විපස්සි බුදුන්ගේ කාලයෙහි ක්ෂත්රිය කුලයෙහි ඉපිද නියමිත වයසට පැමිණි කල්හි බන්ධුම රජුගේ ඇතොවුරෙහි වැඩ විපස්සි බුදුන්ගේ රහත් ශ්‍රාවිකාවක් දැක පහන්සිත් ඇතිවී ඇයගේ අතින් පාත්‍රය ගෙන ප්‍රණීත ඛාද්යභෝද්ය පුරවා මා ඇඟි සළුයුගළයක් සමග පිළිගැන්වුවාය. ඕ ඒ පින්කමින් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී, මේ බුදුපතෙහි කපිලවත්පුර ශාක්‍ය රාජකුලයෙහි ඉපිද බුදුන් වෙතින් බණ අසා සැදැහැයෙන් උපාසිකාවක් වූවාය. ඕතොමෝ පසුකලක මහාප්‍රජාපතීගෝතමී සමීපයෙහි පැවිදිව පෙරවරු බත්කිසෙන් පසු විදසුන් වඩා නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියනලදී අපදානයෙහි-
“නගරෙ බන්ධුමතියා, බන්ධුමා නාම ඛත්තියො; තස්ස රඤ්ඤො අහුං භරියා, එකජ්ඣං චාරයාමහං.
බන්ධුමතී නුවර බන්ධුම නම් රජෙක් විය. මම ඔහුගේ බිරිඳ වීමි.
“රහොගතා නිසීදිත්වා, එවං චින්තෙසහං තදා; ආදාය ගමනීයඤ්හි, කුසලං නත්ථි මෙ කතං.
මම එක් දිනෙක හුදෙකලාව හිඳ මෙසේ සිතුවෙමි. මා යනවිට ගෙනයාමට රැස්කළ පිනක් නැත.
“මහාභිතාපං කටුකං, ඝොරරූපං සුදාරුණං; නිරයං නූන ගච්ඡාමි, එත්ථ මෙ නත්ථි සංසයො.
අධික ලෙස තවන්නා වූ කටුක වූ ඝෝර වූ අතිශය දරුණු වූ නිරයට යාම ඒකාන්තය, එහිලා සැකයක් නැත.
“රාජානං උපසඞ්කම්ම, ඉදං වචනමබ්රවිං; එකං මෙ සමණං දෙහි, භොජයිස්සාමි ඛත්තිය.
එසේ සිතා දිනක් රජු වෙත ගොස් මේ වචනය කීමි. රජතුමනි, දිනපතා වැළඳවීම පිණිස මට එක භික්ෂුවක පවරා දෙනු මැනවි.
“අදාසි මෙ මහාරාජා, සමණං භාවිතින්ද්රියං; තස්ස පත්තං ගහෙත්වාන, පරමන්නෙන පූරයිං.
රජතුමා මට එක්තරා දැමුණු ඉඳුරන් ඇති භික්ෂුවක් පවරා දුන්නේය. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන රසවත් අහරින් පුරවා
“පූරයිත්වා පරමන්නං, ගන්ධාලෙපං අකාසහං; ජාලෙන පිදහිත්වාන, වත්ථයුගෙන ඡාදයිං.
දහසක් අගනා වස්ත්‍ර යුග්මයකින් වසා පිළිගැන්වීමි.
“ආරම්මණං මමං එතං, සරාමි යාවජීවිතං; තත්ථ චිත්තං පසාදෙත්වා, තාවතිංසමගච්ඡහං.
මේ පින්කම මම ජීවිතාන්තය දක්වා මෙනෙහි කළෙමි. සිතේ පැහැදීම හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“තිංසානං දෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; මනසා පත්ථිතං මය්හං, නිබ්බත්තති යථිච්ඡිතං.
දෙව්රජුන් තිස්දෙනෙකුගේ මෙහෙසිය බවට පැමිණියෙමි. සිතින් සිතු හැම දෙයක්ම කැමති වූ පරිදි සැපයෙයි.
“වීසානං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං; ඔචිතත්තාව හුත්වාන, සංසරාමි භවෙස්වහං.
සක්විත්තන් විසිදෙනෙකුගේ මෙහෙසි බවට පැමිණියෙමි. දැමු සිතින් යුක්තවම මම හවයන්හි සැරිසැරීමි.
“සබ්බබන්ධනමුත්තාහං, අපෙතා මෙ උපාදිකා; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
සියලු බැඳුම්වලින් මිදුණෙමි. සංයෝජනයන් දුරුකළෙමි. සියලු අසවු නැතිකළෙමි. මෙයින් මතු මට භවයක් නැත.
“එකනවුතිතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
මෙයින් කල්ප අනුඑකකට පෙර යම් දානයක් මවිසින් දෙන ලදද එහි පිනින් දුගතියක් නොහඳුනමි. පිණ්ඩපාත දානයෙහි ඵලවිපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති. (අප· ථෙරී 2.1.46-59);
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සජාතා උදානවසෙන –
රහත්බවට පැමිණ තමාගේ පෙර පිළිවෙත දැක ප්‍රීතිය හටගෙන උදානයක් වශයෙන්-
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අඨමි, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං
“උපොසථං උපාගච්ඡිං, දෙවකායාභිනන්දිනී; සාජ්ජ එකෙන භත්තෙන, මුණ්ඩා සඞ්ඝාටිපාරුතා; දෙවකායං න පත්ථෙහං, විනෙය්ය හදයෙ දර”න්ති. – ඉමා ද්වෙ ගාථා අභාසි;
උපොසථං උපාගඤ්චිං දෙවකායාභිනන්දිනී, සාජ්ජ එකෙනභත්තෙන මුණ්ඩා සංඝාටිපාරුතා, දෙවකායං න පත්ථෙහං විනෙය්ය හදයෙ දරං-
තුදුස්වක පසළොස්වක අටවක හා අතිරේක දිනයන්හි අඞ්ග අටකින් සමන්විත වූ උපොසථ ශීලය දෙව්ලොව යනු කැමැත්තෙන් රැකියෙමි.
ඒ මම අද හිස මුඩුකර, සහළ සිවුර පෙරවා, එක බතකින් යැපෙමින් හදවතෙහි වේදනාවන් දුරුකර දෙව්ලෝ යාමට ප්‍රාර්ථනා නොකරමි යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
තත්ථ චාතුද්දසිං පඤ්චදසින්ති චතුද්දසන්නං පූරණී චාතුද්දසී, පඤ්චදසන්නං පූරණී පඤ්චදසී, තං චාතුද්දසිං පඤ්චදසිඤ්ච, පක්ඛස්සාති සම්බන්ධො. අච්චන්තසංයොගෙ චෙතං උපයොගවචනං. යා ච පක්ඛස්ස අට්ඨමී, තඤ්චාති යොජනා. පාටිහාරියපක්ඛඤ්චාති පරිහරණකපක්ඛඤ්ච චාතුද්දසීපඤ්චදසීඅට්ඨමීනං යථාක්කමං ආදිතො අන්තතො වා පවෙසනිග්ගමවසෙන උපොසථසීලස්ස පරිහරිතබ්බපක්ඛඤ්ච තෙරසීපාටිපදසත්තමීනවමීසු චාති අත්ථො. අට්ඨඞ්ගසුසමාගතන්ති පාණාතිපාතා වෙරමණිආදීහි අට්ඨහි අඞ්ගෙහි සුට්ඨු සමන්නාගතං. උපොසථං උපාගච්ඡින්ති උපවාසං උපගමිං, උපවසින්ති අත්ථො. යං සන්ධාය වුත්තං –
එහි චාතුද්දසිං පඤ්චදසිං - දින දස සතරක් පිරීම චතුද්දස නමි, එයම චාතුද්දසී වෙයි. දවස් පසළොසක් පිරීම පඤ්චදසී නමි. එය චාතුද්දසං පඤ්චදසං යනුවෙන් යෙදේ. ‘යා ව පක්ඛස්ස අට්ඨමී, තං චාතී’ යනුවෙන් යොදාගත යුතුය. පාටිහාරිය පක්ඛඤ්ච - පරිහරණය කරන කොටස ද, චාතුද්දසී පඤ්චදසී අට්ඨමී යනුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් පිවිසීම. නික්මීම විසින් පෙහෙවස් සමාදන්වීම සඳහා යොදාගත යුතු පක්ෂය වෙයි. ‘තෙරසී සත්තමීනවමී’ වශයෙන් ද ගැනෙන බව අදහස් කෙරේ. අට්ඨඞ්ගසුසමාගතං - පාණාතිපාතා වෙරමණී යනුවෙන් පටන්ගන්නා අංග අටකින් යුක්ත වූ, උපොසථං අපාගඤ්ඡං - පෙහෙවසට පැමිණියෙමි, පෙහෙවස් රැකියෙමි යන තේරුමය. ඒ සඳහා මෙසේ කියන ලදී:
“පාණං න හනෙ න චාදින්නමාදියෙ, මුසා න භාසෙ න ච මජ්ජපො සියා; අබ්‍රහ්මචරියා විරමෙය්ය මෙථුනා, රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
පණ නොනැසිය යුතුය, නොදුන් දෙය නොගන්න, බොරු නොකියන, මත්පැන් නොබොන්න, අබ්‍රහ්මචරියාවෙන් වළකින්න, රාත්‍රි කාලයෙහි විකල් බොජුනෙන් වැළකෙන්න.
“මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ, මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ; එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං, බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිත”න්ති. (සු· නි· 402-403);
ගඳමල් සුවඳවිලවුන් නොදරන්න, ඇඳෙහි, බිම හෝ ඇතිරියෙහි නිදාගන්න, මෙය අටඟි පෙහෙවස හැටියට දුක් කෙළවරකළ බුදුන් විසින් වදාරා ඇත.
දෙවකායාභිනන්දිනීති තත්රූපපත්තිආකඞ්ඛාවසෙන චාතුමහාරාජිකාදිං දෙවකායං අභිපත්ථෙන්තී උපොසථං උපාගච්ඡින්ති යොජනා. සාජ්ජ එකෙන භත්තෙනාති සා අහං අජ්ජ ඉමස්මිංයෙව දිවසෙ එකෙන භත්තභොජනක්ඛණෙන. මුණ්ඩා සඞ්ඝාටිපාරුතාති මුණ්ඩිතකෙසා සඞ්ඝාටිපාරුතසරීරා ච හුත්වා පබ්බජිතාති අත්ථො. දෙවකායං න පත්ථෙහන්ති අග්ගමග්ගස්ස අධිගතත්තා කඤ්චි දෙවනිකායං අහං න පත්ථයෙ. තෙනෙවාහ – “විනෙය්ය හදයෙ දර”න්ති, චිත්තගතං කිලෙසදරථං සමුච්ඡෙදවසෙන විනෙත්වාති අත්ථො. ඉදමෙව චස්සා අඤ්ඤාබ්යාකරණං අහොසි.
දෙවකායාභිනන්දිනී - එහි ඉපදීමට ඇති ආශාව වශයෙන් චාතුර්මහාරාජික දේවසමූහය ප්‍රාර්ථනා කරන්නී, උපොසථං උපාගඤ්ඡිං - මෙය ක්‍රියාවය. සාජ්ජඑකෙන භත්තෙන - ඒ මම අද මේ දවසෙහිම එකම වේලක් ආහාර ගැනීමෙන් මුණ්ඩා සංඝාටිපාරුතං - හිස මුඩුකරගෙන, සිරුර සගළ සිවුරෙන් වසාගෙන, පැවිදි වූ බව කියවේ. දෙවකායං න පත්ථෙහං - අග්රමාර්ගයට එළඹ සිටි හෙයින් කිසිම දේවනිකායක් මම ප්‍රාර්ථනා නොකෙළෙමි. එහෙයින්ම කීහ. ‘විනෙය්ය හදයෙ දරං - සිත්තුළ පවත්නා කෙලෙස් ගින්න මුලිනුපුටා දැමීම වශයෙන් දුරුකර යන අරුත්ය. මෙයම ඇයගේ නුවණ ප්‍රකට කිරීම විය.
මිත්තාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අනික් මෙත්තා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.