යෙදුමෙන් කියවන්න

මෙත‍්තිකාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මෙත‍්තිකාථෙරීගාථාවණ‍්ණනා

මෙත්තිකා ථේරීගාථා වර්ණනාව

කිඤ‍්චාපි ඛොම‍්හි දුක‍්ඛිතාතිආදිකා මෙත‍්තිකාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තී සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු චෙතියෙ රතනෙන පටිමණ‍්ඩිතාය මෙඛලාය පූජං අකාසි. සා තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති. සෙසං අනන‍්තරෙ වුත‍්තසදිසං. අයං පන පටිභාගකූටං අභිරුහිත්‍වා සමණධම‍්මං කරොන‍්තී විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.1.20-25) –

කිඤ්චාපි ඛොම්හි දුක්‍ඛිතා - මෙය මෙත්තිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි පින් රැස්කරන්නී, සිද්ධත්‍ථස්ස - සිද්ධත්‍ථ බුදුන්ගේ කාලයෙහි ගෘහපතිකුලයක ඉපිද දැන ඉගෙනීමෙන් වැඩුණු පසු රුවන්මුවා මෙවුල්දමකින් බුද්ධ චෛත්‍යය පිදුවාය. ඕ ඒ පින්කමෙන් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි රජගහනුවර බ්‍රාහ්මණ මහාසාළ කුලයක උපත ලැබුවාය. සෙස්ස පෙර කියනලද පරිදිය. මෝ පිළිබගකුළට නැග මහණදම් පුරන්නී විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“සිද‍්ධත්‍ථස‍්ස භගවතො, ථූපකාරාපිකා අහුං; මෙඛලිකා මයා දින‍්නා, නවකම‍්මාය සත්‍ථුනො.

සිදුහත් බුදුන්ගේ ස්තූපයෙහි නවකම් සඳහා මා විසින් මෙවුල්දමක් පුදනලදී.

“නිට‍්ඨිතෙ ච මහාථූපෙ, මෙඛලං පුනදාසහං; ලොකනාථස‍්ස මුනිනො, පසන‍්නා සෙහි පාණිභි.

මහා ථූපයෙහි වැඩ නිමකල්හිද පැහැදුණු සිතින් සියතින්ම බුදුන් උදෙසා මෙවුල්දමක් පිදුවෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං මෙඛලමදං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ථූපකාරස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර යම් මෙවුල්දමක් පිදුවෙම්ද ඒ පිනින් මම දුගතිය නොහැඳිනීමි. ථූපපූජාවෙහි විපාකය මෙයයි,

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අනුශාසනාව අනුගමනය කළෙමි.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන –

රහත්බවට පැමිණ තමාගේ ඒ පිළිවෙත සිහිකර උදානයක් වශයෙන්-

“කිඤ‍්චාපි ඛොම‍්හි දුක‍්ඛිතා, දුබ‍්බලා ගතයොබ‍්බනා; දණ‍්ඩමොලුබ‍්භ ගච‍්ඡාමි, පබ‍්බතං අභිරූහිය.

කිඤ්චාපි ඛොම්හි දුක්‍ඛිතා දුබ්බලා ගතයොබ්බනා, දණ්ඩමොලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූභිය,

“නික‍්ඛිපිත්‍වාන සඞ‍්ඝාටිං, පත‍්තකඤ‍්ච නිකුජ‍්ජිය; නිසින‍්නා චම‍්හි සෙලම‍්හි, අථ චිත‍්තං විමුච‍්චි මෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

නික්‍ඛිජිත්‍වාන සඞ්ඝාටිං පත්තකඤ්ච නිකුජ්ජිය, නිසින්නාචම්හි සෙලම්හි අථ චිත්තං විමුච්චි මෙ, කිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං-

දුකට පත්වී, දුබලවී, ගෙවුණු යොවුන්බව ඇත්තී සැරයටියක ආධාරයෙන් පවුවට නැග,

සඟළ සිවුර පසෙක තබා පාත්‍රය යටිකුරුකර නබා. ගිරිමත හුන්නෙම් මගේ සිත නිදහස්විය. ත්‍රිවිද්‍යාව ලැබිණ. බුදුන්ගේ අවවාද පිළිපැද්දෙමි.

ඉමා ද‍්වෙ ගාථා අභාසි.

යන ගාථා දෙක ප්‍රකාශ කළාය.

තත්‍ථ දුක‍්ඛිතාති රොගාභිභවෙන දුක‍්ඛිතා සඤ‍්ජාතදුක‍්ඛා දුක‍්ඛප‍්පත‍්තා. දුබ‍්බලාති තාය චෙව දුක‍්ඛප‍්පත‍්තියා, ජරාජිණ‍්ණතාය ච බලවිරහිතා. තෙනාහ “ගතයොබ‍්බනා”ති, අද‍්ධගතාති අත්‍ථො.

එහි දුක්‍ඛිතා - රෝගයෙන් මැඩුණේ දුක් ඇතිවිය. දුකට පැමිණියෙමි. දුබ්බලා - ඒ දුකින්ම, ඒ දිරායාමෙන්ම ශක්තිය හීනවිය. එහෙයින් ගතයොබ්බනායි කියන ලදී. එහි තේරුම වයසට පැමිණි යනුය.

අථ චිත‍්තං විමුච‍්චි මෙති සෙලම‍්හි පාසාණෙ නිසින‍්නා චම‍්හි, අථ තදනන‍්තරං වීරියසමතාය සම‍්මදෙව යොජිතත‍්තා මග‍්ගපටිපාටියා සබ‍්බෙහිපි ආසවෙහි මම චිත‍්තං විමුච‍්චි. සෙසං වුත‍්තනයමෙව.

අථ චිත්තං විමුච්චි මෙ සෙලම්හි - පවුවෙහි නිසින්නොචම්භි - ඉන්පසු මැනැවින් වීරියසමතාවෙන් යුක්ත වූ බැවින් මග පිළිවෙළින් සියලු අසවුවලින් මගේ සිත මිදිණ. සෙස්ස කියන ලද පරිදිමය.

මෙත‍්තිකාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙත්තිකා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.