චිත‍්තාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
චිත‍්තාථෙරීගාථාවණ‍්ණනා
චිත්තා ථේරීගාථා වර්ණනාව
කිඤ‍්චාපි ඛොම‍්හි කිසිකාතිආදිකා චිත‍්තාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී ඉතො චතුන‍්නවුතිකප‍්පෙ චන්‍දභාගාය නදියා තීරෙ කින‍්නරයොනියං නිබ‍්බත‍්ති. සා එකදිවසං එකං පච‍්චෙකබුද‍්ධං රුක‍්ඛමූලෙ නිසින‍්නං දිස‍්වා පසන‍්නමානසා නළපුප‍්ඵෙහි පූජං කත්‍වා වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. සා තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු රාජගහප‍්පවෙසනෙ පටිලද‍්ධසද‍්ධා පච‍්ඡා මහාපජාපතිගොතමියා සන‍්තිකෙ පබ‍්බජිත්‍වා මහල‍්ලිකාකාලෙ ගිජ‍්ඣකූටපබ‍්බතං අභිරුහිත්‍වා සමණධම‍්මං කරොන‍්තී විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ –
කිඤ්චාපි ඛොම්හි කිසිකා - යන මෙය චිත්තා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි දී භවාශ්‍රිත කුශලයන් රැස්කරන්නී මෙයින් කල්ප අනූහතරකට පෙර චන්‍දභාගා නම් ගංතෙර කිඳුරු යෝනියක උපන්නාය. ඕ දිනක් රුක්මුලක හුන් පසේ බුදුවරයෙකු දැක පැහැදුණු මනසින් බටමල් පුදා ඇඳිලි බැඳ වැඳ නමස්කාර කර පැදකුණු කර ගියාය. ඕතොමෝ ඒ පිනින් දෙව්මිනිසුන් අතර සැරිසරන්නී මේ බුදුපතෙහි රජගහනුවර ගෘහපති මහාසාළ කුලයක ඉපිද දැන ඉගෙනගෙන ශාස්තෲන් වහන්සේ රජගහනුවරට පිවිසෙන අවස්ථාවෙහි සැදැහැය ලබා පසු දිනක මහා ප්‍රජාපතී ගෝතමී සමීපයෙහි පැවිදි වී මහලුකල ගිජුකුළුපව්වට නැග මහණදම් පුරන්නී, විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් අපදානයෙහි කියන ලදි:
“චන්‍දභාගානදීතීරෙ , අහොසිං කින‍්නරී තදා; අද‍්දසං විරජං බුද‍්ධං, සයම‍්භුං අපරාජිතං.
මම එකල චන්‍ද්‍රභාගා නදීතෙරෙහි කිඳුරියක් වීමි. එක් දිනක් මම අපරාජිත වූ බුදුරැසින් බබළන බුදුන් දිටිමි.
“පසන‍්නචිත‍්තා සුමනා, වෙදජාතා කතඤ‍්ජලී; නළමාලං ගහෙත්‍වාන, සයම‍්භුං අභිපූජයිං.
උන්වහන්සේ දැකීමෙන් පැහැදුණු මම නළමල් ගෙන පිදුවෙමි.
“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා කින‍්නරීදෙහං, අගච‍්ඡිං තිදසං ගතිං.
ඒ පින්කමෙන් මම තිදස්පුරට ගියෙමි.
“ඡත‍්තිංසදෙවරාජූනං, මහෙසිත‍්තමකාරයිං; දසන‍්නං චක‍්කවත‍්තීනං, මහෙසිත‍්තමකාරයිං; සංවෙජෙත්‍වාන මෙ චිත‍්තං, පබ‍්බජිං අනගාරියං.
දෙව්රදුන් සතිස් දෙනෙකුගේ මෙහෙසිය වීමි. සක්විති රජවරුන් දස දෙනෙකුගේ මෙහෙසිබව දැරීමි. ඉක්බිති සංවේගයට පැමුණුනෙම් සසුනෙහි පැවිදිවීමි.
“කිලෙසා ඣාපිතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; සබ‍්බාසවපරික‍්ඛීණා, නත්‍ථි දානි පුනබ‍්භවො.
කෙලෙස් දැවීමි. භව සමූහය ඉක්මවීමි. සියලු අසවු (ආශ්‍රවයන්) හීනවිය. මෙයින් මතු ඉපදීමක් නැත.
“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, පුප‍්ඵපූජායිදං ඵලං.
කල්ප අනූහතරකට පෙර යම් මලක් පිදුවෙම්ද ඒ පිනින් දුගතියක් නොහැඳිනෙමි. මේ මල් පිදීමෙහි ඵලවිපාකය.
“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.
මගේ පැමිණීම යහපත් වූවකි-පෙ-බුදුන්ගේ අවවාදය පිළිපැද්දෙමි.
සා පන අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා –
ඕතොමෝ රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත් බලා -
“කිඤ‍්චාපි ඛොම්හි කිසිකා, ගිලානා බාළ‍්හදුබ‍්බලා; දණ‍්ඩමොලුබ‍්භ ගච‍්ඡාමි, පබ්බතං අභිරූහිය.
කිඤ්චාපි ඛොම්හි කිසිකා ගිලානං බාළ්හදුබ්බලා, දණ්ඩමොලුබ්හ ගච්ඡාමි පබ්බතං අභිරූහිය.
“සඞ‍්ඝාටිං නික‍්ඛිපිත්‍වාන, පත‍්තකඤ‍්ච නිකුජ‍්ජිය; සෙලෙ ඛම‍්භෙසිමත‍්තානං, තමොඛන්‍ධං පදාලියා”ති. –
සඞ්ඝාටිං නික්‍ඛිපිත්‍වාන පත්තකංච නිකුජ්ජිය, සෙලෙ ඛම්හෙසිමත්තානං තමොක්‍ඛන්‍ධං පදාලිය.
මම ගිලන්වී බෙහෙවින් දුබල වී කෘශ වූ ශරීර ඇත්තී සැරයටියක එල්බ පර්‍වතයට නැග,
සඟළ සිවුර පසෙකින් තබා පාත්‍රය මුනින් අතට නමා පර්‍වතයෙහි බවුන් වඩන්නී අඳුරු කද බිඳ හෙළීමි.
ඉමා ද‍්වෙ ගාථා අභාසි.
යන මේ ගාථා දෙක පැවසුවාය.
තත්‍ථ කිඤ‍්චාපි ඛොම‍්හි කිසිකාති යදිපි අහං ජරාජිණ‍්ණා අප‍්පමංසලොහිතභාවෙන කිසසරීරා අම‍්හි. ගිලානා බාළ‍්හදුබ‍්බලාති ධාත්‍වාදිවිකාරෙන ගිලානා, තෙනෙව ගෙලඤ‍්ඤෙන අතිවිය දුබ‍්බලා. දණ‍්ඩමොලුබ‍්භ ගච‍්ඡාමීති යත්‍ථ කත්‍ථචි ගච‍්ඡන‍්තී කත‍්තරයට‍්ඨිං ආලම‍්බිත්‍වාව ගච‍්ඡාමි. පබ‍්බතං අභිරූහියාති එවං භූතාපි විවෙකකාමතාය ගිජ‍්ඣකූටපබ‍්බතං අභිරුහිත්‍වා.
එහි කිඤ්චාපි ඛොම්හි කිසිකා - මම ජරාවෙන් දිරාගොස් මස් ලේ හීනවූයෙන් කෙට්ටු වූ සිරුරින් වැහැරී ගියෙමි. ගිලානා බාළ්හදුබ්බලා - ධාතු ආදීන්ගේ විකෘතිය හේතුවෙන් ගිලන්වීමි. ඒ ගිලන් බැවින්ම බොහෝසෙයින් දුර්‍වල වීමි. දණ්ඩමොලුබ්හ ගච්ඡාමි - යම්කිසි තැනක යන්නෙම් නම් සැරයටියක ආධාරයෙන්ම යමි. පබ්බතං අභිරූහිය - මෙසේ වී නමුදු විවේකය කැමැත්තෙන් ගිජුකුළු පවුවට නැග,
සඞ‍්ඝාටිං නික‍්ඛිපිත්‍වානාති සන‍්තරුත‍්තරා එව හුත්‍වා යථාසංහතං අංසෙ ඨපිතං සඞ‍්ඝාටිං හත්‍ථපාසෙ ඨපෙත්‍වා. පත‍්තකඤ‍්ච නිකුජ‍්ජියාති මය‍්හං වලඤ‍්ජනමත‍්තිකාපත‍්තං අධොමුඛං කත්‍වා එකමන‍්තෙ ඨපෙත්‍වා. සෙලෙ ඛම‍්භෙසිමත‍්තානං, තමොඛන්‍ධං පදාලියාති පබ‍්බතෙ නිසින‍්නා ඉමිනා දීඝෙන අද‍්ධුනා අපදාලිතපුබ‍්බං මොහක‍්ඛන්‍ධං පදාලෙත්‍වා, තෙනෙව ච මොහක‍්ඛන්‍ධපදාලනෙන අත‍්තානං අත‍්තභාවං ඛම‍්භෙසිං, මම සන‍්තානං ආයතිං අනුප‍්පත‍්තිධම‍්මතාපාදනෙන වික‍්ඛම‍්භෙසින‍්ති අත්‍ථො.
සඞ්ඝාටිං නික්‍ඛිපිත්‍වාන - පොරොනා සිවුරෙන් යුක්තව, හකුළා අංසයෙහි තබාගෙන තිබුණු සඟළ සිවුර අත්පස්හි තබා, පත්තකං ච නිකුජ්ජිය - මා දන් වළඳනා මැටිය යටිකුරුකර එකත්පසෙක තබා, සෙලෙ ඛම්හෙසිමත්තානං තමොක්‍ඛන්‍ධං පදාලිය - පර්‍වතයෙහි හුන්නෙම් මෙතරම් දිගු කලකින් නසනු නොහැකි වූ මෝහය නසා ඒ මොහොකඳ පළාලීමෙන්ම අත්තානං, තමා, ඛම්හෙසිං - ඛන්‍ධයන්ගේ නැවත හටගැනීම නැති කිරීම් වශයෙන් ක්‍ෂය කළෙමි යන අර්‍ථයය.
චිත‍්තාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
චිත්තා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.