අඩ්ඪකාසීථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අඩ්ඪකාසීථෙරීගාථාවණ්ණනා
අඩ්ඪකාසී ථේරීගාථා වර්ණනාව
යාව කාසිජනපදොතිආදිකා අඩ්ඪකාසියා ථෙරියා ගාථා. අයං කිර කස්සපස්ස දසබලස්ස කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා භික්ඛුනීනං සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධා පබ්බජිත්වා භික්ඛුනිසීලෙ ඨිතං අඤ්ඤතරං පටිසම්භිදාප්පත්තං ඛීණාසවත්ථෙරිං ගණිකාවාදෙන අක්කොසිත්වා, තතො චුතා නිරයෙ පච්චිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කාසිකරට්ඨෙ උළාරවිභවෙ සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා වුද්ධිප්පත්තා පුබ්බෙ කතස්ස වචීදුච්චරිතස්ස නිස්සන්දෙන ඨානතො පරිභට්ඨා ගණිකා අහොසි. නාමෙන අඩ්ඪකාසී නාම. තස්සා පබ්බජ්ජා ච දූතෙන උපසම්පදා ච ඛන්ධකෙ ආගතායෙව. වුත්තඤ්හෙතං –
යාව කාසිජනපදො යනුවෙන් පටන්ගන්නා මෙය අඩ්ඪකාසි තෙරණියගේ ගාථාවය. මොතොමෝ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි කුලගෙයක උපත ලබා දැනහැඳිනගත් පසු භික්ෂුණීන් වෙත ගොස් දහම් අසා සැදැහැය ලබා පැවිදි වී භික්ෂුණී ශීලයෙහි පිහිටියා වූ එක්තරා පිළිසිඹියාපත් රහත් තෙරණියකට ගණිකාවාදයෙන් බැණ එයින් චුතව නිරයෙහි පැසී මේ බුදුපතෙහි කසීරටෙහි මහා සම්පත් ඇති සිටුකුලයක ඉපිද වැඩිවිය පැමිණ පෙර අත්බැව්හි කළ වචීදුශ්චරිතයෙහි විපාක වශයෙන් තත්ත්වයෙන්, පිරිහී අඩ්ඪකාසී නමින් ගණිකාවක් වූවාය. ඇයගේ පැවිද්ද හා උපසම්පදාව ඛන්ධකයෙහි කියන ලද පරිදිමය. එහෙයින් කියනලදී:
තෙන ඛො පන සමයෙන අඩ්ඪකාසී ගණිකා භික්ඛුනීසු පබ්බජිතා හොති. සා ච සාවත්ථිං ගන්තුකාමා හොති “භගවතො සන්තිකෙ උපසම්පජ්ජිස්සාමී”ති. අස්සොසුං ඛො ධුත්තා – “අඩ්ඪකාසී කිර ගණිකා සාවත්ථිං ගන්තුකාමා”ති. තෙ මග්ගෙ පරියුට්ඨිංසු. අස්සොසි ඛො අඩ්ඪකාසී ගණිකා “ධුත්තා කිර මග්ගෙ පරියුට්ඨිතා”ති. භගවතො සන්තිකෙ දූතං පාහෙසි – “අහඤ්හි උපසම්පජ්ජිතුකාමා, කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති? අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි – “අනුජානාමි, භික්ඛවෙ, දූතෙනපි උපසම්පාදෙතු”න්ති (චූළව· 430).
‘එකල්හි වනාහි අඩ්ඪකාසී ගණිකාව සැපතට භික්ෂුණීන් වෙත පැවිදිවූවා වෙයි. ඕතොමෝ සැවතට ගොස් බුදුන් වෙතින් උපසම්පදාව ලබනු කැමැති වූවාය. අඩ්ඪකාසී ගණිකාව පැවතට යාමට කැමති බව ධූර්තයන්ට අසන්ට ලැබිණ. ඔවුහු මග රැක සිටියහ. ධූර්තයන් මග රැක සිටින බව දැනගන්න ලැබුණු අඩ්ඪකාසී බුදුන් වෙතට පණිවුඩයක් යවන්නී ‘මමද උපසම්පදාව කැමැත්තෙමි, එහිලා කෙසේ පිළිපැදිය යුතුදැයි’ දැනුම් දුන්නාය. ඉක්බිති බුදුහු මේ නිදානයෙහි මේ ප්‍රස්තුතයෙහි දැහැමි කථාවක් කර භික්ෂූන් ඇමතූහ. ‘මහණෙනි, දුතයෙකු ලවා වුවද උපසම්පදාව දීම අනුදනිමි’ වදාළහ.
එවං ලද්ධූපසම්පදා පන විපස්සනාය කම්මං කරොන්තී න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.4.168-183) –
මෙසේ උපසම්පදාව ලැබූ ඕතොමෝ විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බව ලැබුවාය. එහෙයින් කියන ලදී. අපදානයෙහි-
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ මහා භද්‍රකල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහා යසස් ඇති කථාකරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨයා වූ නමින් කාශ්‍යප වූ බුදුන්වහන්සේ උපන්හ.
“තදාහං පබ්බජිත්වාන, තස්ස බුද්ධස්ස සාසනෙ; සංවුතා පාතිමොක්ඛම්හි, ඉන්ද්රියෙසු ච පඤ්චසු.
එකල මම ඒ බුදුන්ගේ සසුනෙහි පැවිදිව ප්රාතිමෝක්ෂයන්හි හා පඤ්චෙන්ද්රියයන්හි සංවර වී,
“මත්තඤ්ඤුනී ච අසනෙ, යුත්තා ජාගරියෙපි ච; වසන්තී යුත්තයොගාහං, භික්ඛුනිං විගතාසවං.
භෝජනයෙහි පමණ දැන නිදිවැරීමෙහි යෙදි භික්ෂුණියක් වී විසූයෙම් නපුරු සිතින් ගණිකාවකැයි බැණ වැදීමි. ඒ පාපකර්මයෙහි විපාක වශයෙන් මම නිරයෙහි පැසුණෙමි.
“අක්කොසිං දුට්ඨචිත්තාහං, ගණිකෙති භණිං තදා; තෙන පාපෙන කම්මෙන, නිරයම්හි අපච්චිසං.
“තෙන කම්මාවසෙසෙන, අජායිං ගණිකාකුලෙ; බහුසොව පරාධීනා, පච්ඡිමාය ච ජාතියං.
ඒ පාපයෙහි විපාක ඉතිරිවී පසු කලක ගණිකා පවුලක ඉපදුණෙමි. ඉක්බිති භවයෙන් භවයෙහි සැරිසරන්නී මේ අවසාන ආත්මයෙහි,
“කාසීසු සෙට්ඨිකුලජා, බ්රහ්මචාරීබලෙනහං; අච්ඡරා විය දෙවෙසු, අහොසිං රූපසම්පදා.
ඒ බඹසර දිවියෙහි ඵල වශයෙන් කසීරට සිටුකුලයක උපනිමි. දෙවියන් අතර අප්සරාවක මෙන් මම රූසපුවෙන් අනුනවීමි.
“දිස්වාන දස්සනීයං මං, ගිරිබ්බජපුරුත්තමෙ; ගණිකත්තෙ නිවෙසෙසුං, අක්කොසනබලෙන මෙ.
පියකරු වූ මා දැක ඒ පෙර කළ බැණීමෙහි ප්‍රතිඵලයක් වහයෙන් රජගහනුවර කුලීනයන් අතර ගණිකාවක් වීමි.
“සාහං සුත්වාන සද්ධම්මං, බුද්ධසෙට්ඨෙන දෙසිතං; පුබ්බවාසනසම්පන්නා, පබ්බජිං අනගාරියං.
දිනක් බුදුන්වහන්සේගේ බණ අසා පෙර වාසනා සම්පත්තිය නිසා පැවිදිවීමි.
“තදූපසම්පදත්ථාය, ගච්ඡන්තී ජිනසන්තිකං; මග්ගෙ ධුත්තෙ ඨිතෙ සුත්වා, ලභිං දූතොපසම්පදං.
ඉක්බිති උපසම්පදාව උදෙසා බුදුන් වෙත යන්නී, ධූර්තයන් මග සිටින බව අසා දූතොපසම්පදාව ලබාගතිමි.
“සබ්බකම්මං පරික්ඛීණං, පුඤ්ඤං පාපං තථෙව ච; සබ්බසංසාරමුත්තිණ්ණා , ගණිකත්තඤ්ච ඛෙපිතං.
සියලු කර්මයන් නිමවිය. පින්පව් දෙකම එසේම විය. සංසාර සාගරයෙන් හා ගණිකාභාවයෙන් ද එතෙරවීමි.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
සෘද්ධිවිධ, දිවකන්, චෙතොපරිය යන ඥාන විශේෂයන් ලබා මහා මුනිවරයන් වහන්සේ වෙත වෙසෙමි.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
පෙරවිසූ අත්බැව් දනිමි. දිවැස පිරිසිදු කළෙමි. සියලු ආශ්‍රවයන් දුරුකළෙමි, මෙයින් මතු මට භවයක් නැත.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
අර්ථධර්මනිරුක්ති හා ප්‍රතිභාන නුවණ ඔබවහන්සේ සමීපයෙහි මම ලබාගතිමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති. (අප· ථෙරී 2.4.168-183);
මාගේ සියලු කෙලෙස් දැවිණ, බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා උදානවසෙන –
රහත්බවට පැමිණ උදාන වශයෙන්.
“යාව කාසිජනපදො, සුඞ්කො මෙ තත්තකො අහු; තං කත්වා නෙගමො අග්ඝං, අඩ්ඪෙනග්ඝං ඨපෙසි මං.
යාච කාසි ජණපදො සුංකො මෙ තත්තකො අහු, තං කත්වා නෙගමො අග්ඝං අග්ඝෙනග්ඝං ඨපෙසි මං.
“අථ නිබ්බින්දහං රූපෙ, නිබ්බින්දඤ්ච විරජ්ජහං; මා පුන ජාතිසංසාරං, සන්ධාවෙය්යං පුනප්පුනං; තිස්සො විජ්ජා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති. –
අථ නිබ්බින්දහං රූපෙ නිබ්බින්දඤ්ච විරජ්ජහං, මා පුන ජාතිසංසාරං සන්ධාවෙය්යං පුනප්පුනං, තිස්සො විජ්ජා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
කාසිජනපදයෙන් ලැබුණු අයබදු යම් පමණක් වීද, මට ගෙවූ මිලද එපමණම විය. පසුව නියම්ගම් වැසියෝ ඒ මිලෙන් අඩක් මට ගෙවූහ.
ඉක්බිති මම රූපයෙහි කලකිරුණෙමි. මේ නොඇලීම නිසා භවයෙහි නැවත නැවත නොදුවමි. ත්‍රිවිද්‍යාව ක්ෂාත්ක්ෂාත් කළෙමි. බුදුන් වහන්සේගේ උපදෙස් පිළිපැදීමි.
ඉමා ගාථා අභාසි.
යන ගාථා ප්‍රකාශ කළාය.
තත්ථ යාව කාසිජනපදො, සුඞ්කො මෙ තත්තකො අහූති කාසීසු ජනපදෙසු භවො සුඞ්කො කාසිජනපදො, සො යාව යත්තකො, තත්තකො මය්හං සුඞ්කො අහු අහොසි. කිත්තකො පන සොති? සහස්සමත්තො. කාසිරට්ඨෙ කිර තදා සුඞ්කවසෙන එකදිවසං රඤ්ඤො උප්පජ්ජනකආයො අහොසි සහස්සමත්තො, ඉමායපි පුරිසානං හත්ථතො එකදිවසං ලද්ධධනං තත්තකං. තෙන වුත්තං – “යාව කාසිජනපදො, සුඞ්කො මෙ තත්තකො අහූ”ති. සා පන කාසිසුඞ්කපරිමාණතාය කාසීති සමඤ්ඤං ලභි. තත්ථ යෙභුය්යෙන මනුස්සා සහස්සං දාතුං අසක්කොන්තා තතො උපඩ්ඪං දත්වා දිවසභාගමෙව රමිත්වා ගච්ඡන්ති, තෙසං වසෙනායං අඩ්ඪකාසීති පඤ්ඤායිත්ථ. තෙන වුත්තං – “තං කත්වා නෙගමො අග්ඝං, අඩ්ඪෙනග්ඝං ඨපෙසි ම”න්ති. තං පඤ්චසතමත්තං ධනං අග්ඝං කත්වා නෙගමො නිගමවාසිජනො ඉත්ථිරතනභාවෙන අනග්ඝම්පි සමානං අඩ්ඪෙන අග්ඝං නිමිත්තං අඩ්ඪකාසීති සමඤ්ඤාවසෙන මං ඨපෙසි, තථා මං වොහරීති අත්ථො.
එහි යත්ථ කාසිජනපදො සුංකො මෙ කත්තකො අහු - කාසීන්ගේ ජනපදවලින් නිපදෙන අයබදු සුඞ්කය. එය. යම් පමණක් වීද මගේ අයකිරීම ද එපමණක්ම විය. එය කොපමණද? දහසක් පමණය, එකල්හි වනාහි කාසිරටෙන් රජුට ලැබුණ ආදායම දහසක් පමණ විය. මැයට ද පුරුෂයන්ගෙන් දිනකට ලැබුන ආදායම එපමණ විය. ඕතොමෝ කාසිවලින් අය නියමකළ බැවින් කාසි යන නම ලැබුවාය. බොහෝවිට එහි මිනිසුන්ට දහසක් දීමට නොහැකි වූ හෙයින් එය අඩක් ගෙවා දවසෙන් භාගයක් ඇය සමග ගතකොට යති. එසේ හෙයින් ඈ අඩ්ඪකාසී නම් වූවාය. එහෙයින් තං කත්වා නෙගමො අග්ඝං අග්ඝෙනග්ඝං ඨපෙසි මං යනුවෙන් කීවාය. තං - පන්සියයක් පමණ ධනයෙන් අගයකර, නෙගමො - නියම්ගම් වැසියෝ, ස්ත්‍රී රත්නයක් බැවින් අනර්ඝ භාවයට ද සමානය. අග්ඝෙන අග්ඝං - ඒ නිමිති කොටගෙන අඩ්ඪකාසී යන නම මට ලැබිණ. මං ඨපෙසි - මා කෙරෙහි එසේ ව්‍යවහාර කරනු ලැබිණ.
අථ නිබ්බින්දහං රූපෙති එවං රූපූපජීවිනී හුත්වා ඨිතා. අථ පච්ඡා සාසනං නිස්සාය රූපෙ අහං නිබ්බින්දිං “ඉතිපි රූපං අනිච්චං, ඉතිපිදං රූපං දුක්ඛං, අසුභ”න්ති පස්සන්තී තත්ථ උක්කණ්ඨිං. නිබ්බින්දඤ්ච විරජ්ජහන්ති නිබ්බින්දන්තී චාහං තතො පරං විරාගං ආපජ්ජිං. නිබ්බින්දග්ගහණෙන චෙත්ථ තරුණවිපස්සනං දස්සෙති, විරාගග්ගහණෙන බලවවිපස්සනං. “නිබ්බින්දන්තො විරජ්ජති විරාගා විමුච්චතී”ති හි වුත්තං. මා පුන ජාතිසංසාරං, සන්ධාවෙය්යං පුනප්පුනන්ති ඉමිනා නිබ්බින්දනවිරජ්ජනාකාරෙ නිදස්සෙති. තිස්සො විජ්ජාතිආදිනා තෙසං මත්ථකප්පත්තිං, තං වුත්තනයමෙව.
අථ නිබ්බන්දහං රූපෙ - රූපය හේතුකොටගෙන ජීවත්වන්නියක වී, අථ - පසුව සසුන නිසා මම රූපයෙහි කලකිරුණෙමි. ‘රූපය මෙසේ අනිත්‍යය, රූපය මෙසේ දුකය, අසුභය ආදී වශයෙන් දක්නී එහි කලකිරුණෙමි. නිබ්බින්දඤ්ච විරජ්ජහං - කලකිරීමෙන් පසු විරාගයට පැමිණියෙමි. මෙහි කලකිරීම ගත් හෙයින් තරුණ විපස්සනාව දක්වයි, විරාගය ගැනීමෙන් බහලවිපස්සනාව පෙන්වයි. කලකිරීමෙන් නො ඇලෙයි, නොඇලීමෙන් විමුක්තියට පැමිණෙයි යනු කියන ලදී. මා පුන ජාතිසංසාරං සන්ධාවෙය්යං පුනප්පුනං - මෙයින් කලකිරීම්, නොඇලීම් සිදුවන අයුරු දැක්වේ. තිස්සො විජ්ජා - මෙයින් යම් අර්ථයක් අදහස් කළේ ද එය පෙර කියූ අයුරුමය.
අඩ්ඪකාසිථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අඩ්ඪකාසි තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.