අඩ‍්ඪකාසීථෙරීගාථා
2. 4.
2. 4.
25. යාව කාසිජනපදො සුඞ‍්කො මෙ තත‍්තකො අහු, තං කත්‍වා නෙගමො අග‍්ඝං අඩ‍්ඪෙනග‍්ඝං ඨපෙසි මං.
25. කසීරට උපදනා සුංවත් යම් පමණ වේ ද මට එපමණ සුංවත් වී. නියම්ගම් වැසි ජනයා ඒ අගය කොට ගෙන එයින් අඩෙකින් මා අගය කොට තැබී.
26. අථ නිබ‍්බින්‍දහං රූපෙ නිබ‍්බින්‍දං ච විරජ‍්ජහං, මා පුන ජාතිසංසාරං සන්‍ධාවෙය්‍යං පුනප‍්පුනං, තිස‍්සො විජ‍්ජා අච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනන‍්ති.
26. ඉක්බිති මම රූපයෙහි කලකිරුණුමි. කලකිරුණු මම විරාගයට පැමිණියමු: වැළි පුනපුනා ජාති සංසාරයට නො දුවමි. මා විසින් ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහු. බුදුන්ගේ අනුසසුන් කරන ලද.
ඉත්‍ථං සුදං අඩ‍්ඪකාසීථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් අඩ්ඪකාසී මෙහෙණ ගාථා කිවු යැ.