යෙදුමෙන් කියවන්න

සුමඞ‍්ගලමාතාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුමඞ‍්ගලමාතාථෙරීගාථාවණ‍්ණනා

සුමඞ්ගල මාතා ථේරීගාථා වර්ණනාව

සුමුත‍්තිකාතිආදිකා සුමඞ‍්ගලමාතාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං දලිද‍්දකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා අඤ‍්ඤතරස‍්ස නළකාරස‍්ස දින‍්නා පඨමගබ‍්භෙයෙව පච‍්ඡිමභවිකං පුත‍්තං ලභි. තස‍්ස සුමඞ‍්ගලොති නාමං අහොසි. තතො පට‍්ඨාය සා සුමඞ‍්ගලමාතාති පඤ‍්ඤායිත්‍ථ. යස‍්මා පනස‍්සා නාමගොත‍්තං න පාකටං, තස‍්මා “අඤ‍්ඤතරා ථෙරී භික‍්ඛුනී අපඤ‍්ඤාතා”ති පාළියං වුත‍්තං. සොපිස‍්සා පුත‍්තො විඤ‍්ඤුතං පත‍්තො පබ‍්බජිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා සුමඞ‍්ගලත්‍ථෙරොති පාකටො අහොසි. තස‍්ස මාතා භික‍්ඛුනීසු පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී එකදිවසං ගිහිකාලෙ අත‍්තනා ලද‍්ධදුක‍්ඛං පච‍්චවෙක‍්ඛිත්‍වා සංවෙගජාතා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා උදානෙන‍්තී –

සුමුත්තිකෙ යනුවෙන් ඇරඹෙන්නේ සුමංගලමාතා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තී, ඒ ඒ භවයන්හිදී කරනලද පින් ඇත්තී මේ බුදුපතෙහි සැවැත්නුවර දිළිඳු කුලයක ඉපිද වියපත් වූවා එක්තරා බටපොතු වියන්නෙකුට සරණපාවා දෙනුලැබ පළමු ගැබෙහිදීම අන්තිම උපත (පච්ඡිම) ඇති පුතෙකු ලැබුවාය. ඔහුට සුමංගල යන නම යෙදිණ. එතැන් පටන් ඕතොමෝ සුමංගලමාතා යන නමින් ප්‍රකට වූවාය. යම්හෙයකින් ඇයගේ නම්ගොත් ආදිය ප්‍රකටව නොතිබිණිද එහෙයින් ‘එක්තරා ස්ථවිර භික්‍ෂුණියක්’ යනුවෙන් පාලියෙහි කියනලදී. ඇයගේ පුතාද දැන ඉගෙනීමෙන් පසු පැවිදිව පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ සුමංගල ස්ථවිර නමින් ප්‍රසිද්ධ විය. ඔහුගේ මව භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩන්නී දිනක් තමා ගිහිජීවිතයෙහි විඳිදුක් ආවර්ජනාකර සංවේගයට පැමිණයා, විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ උදන් අනන්නී-

“සුමුත‍්තිකා සුමුත‍්තිකා, සාධුමුත‍්තිකාම‍්හි මුසලස‍්ස; අහිරිකො මෙ ඡත‍්තකං වාපි, උක‍්ඛලිකා මෙ දෙඩ‍්ඩුභං වාති.

සුමුත්තිකෙ සුමුත්තිකෙ සාධු මුත්තිකම්හි මුසලස්ස, අහිරිකො මෙ ඡත්තකං වාපි උක්‍ඛලිකා මෙ දෙඩ්ඩූහං වාපි.

“රාගඤ‍්ච අහං දොසඤ‍්ච, චිච‍්චිටි චිච‍්චිටීති විහනාමි; සා රුක‍්ඛමූලමුපගම‍්ම, ‘අහො සුඛ’න‍්ති සුඛතො ඣායාමී”ති. – ඉමා ද‍්වෙ ගාථා අභාසි.

රාගඤ්ච අහං දොසඤ්ච චිච්විටී විච්චිටීති විහනාමි, සා රුක්‍ඛමූලං උපගම්ම අහො සුඛන්ති සුඛතො ඣායාමි.

සුමුත්තිකා, ඔබ මෝල් ගසෙන් මැනවින් මිදුණෙහිය, මගේ සැමියා නිර්ලජ්ජීය, කුඩයද නොරිසියෙමි, මගේ මුට්ටියෙන් දියබරිගඳ වහනය වෙයි.

මම රාගය හා ද්වේශය විච්චිට් යනු අනුකරණයෙන් පුලුස්සා දැමීමි. ඕතොමෝ රුක්මුලකට එළඹ ‘සැපතෙක මහත’ යයි සුව විසින් විඳිමින් භාවනාවෙහි යෙදෙමි යන ගාථා දෙක ප්‍රකාශ කළාය.

තත්‍ථ සුමුත‍්තිකාති සුමුත‍්තා. ක-කාරො පදපූරණමත‍්තං, සුට‍්ඨු මුත‍්තා වතාති අත්‍ථො. සා සාසනෙ අත‍්තනා පටිලද‍්ධසම‍්පත‍්තිං දිස‍්වා පසාදවසෙන, තස‍්සා වා පසංසාවසෙන ආමන‍්තෙත්‍වා වුත‍්තං “සුමුත‍්තිකා සුමුත‍්තිකා”ති. යං පන ගිහිකාලෙ විසෙසතො ජිගුච‍්ඡති, තතො විමුත‍්තිං දස‍්සෙන‍්තී “සාධුමුත‍්තිකාම‍්හී”තිආදිමාහ. තත්‍ථ සාධුමුත‍්තිකාම‍්හීති සම‍්මදෙව මුත‍්තා වත අම‍්හි. මුසලස‍්සාති මුසලතො. අයං කිර දලිද‍්දභාවෙන ගිහිකාලෙ සයමෙව මුසලකම‍්මං කරොති, තස‍්මා එවමාහ. අහිරිකො මෙති මම සාමිකො අහිරිකො නිල‍්ලජ‍්ජො, සො මම න රුච‍්චතීති වචනසෙසො. පකතියාව කාමෙසු විරත‍්තචිත‍්තතාය කාමාධිමුත‍්තානං පවත‍්තිං ජිගුච‍්ඡන‍්තී වදති. ඡත‍්තකං වාපීති ජීවිතහෙතුකෙන කරීයමානං ඡත‍්තකම‍්පි මෙ න රුච‍්චතීති අත්‍ථො. වා-සද‍්දො අවුත‍්තසමුච‍්චයත්‍ථො, තෙන පෙළාචඞ‍්කොටකාදිං සඞ‍්ගණ‍්හාති. වෙළුදණ‍්ඩාදීනි ගහෙත්‍වා දිවසෙ දිවසෙ ඡත‍්තාදීනං කරණවසෙන දුක‍්ඛජීවිතං ජිගුච‍්ඡන‍්තී වදති. “අහිතකො මෙ වාතො වාතී”ති කෙචි වත්‍වා අහිතකො ජරාවහො ගිහිකාලෙ මම සරීරෙ වාතො වායතීති අත්‍ථං වදන‍්ති. අපරෙ පන “අහිතකො පරෙසං දුග‍්ගන්‍ධතරො ච මම සරීරතො වාතො වායතී”ති අත්‍ථං වදන‍්ති. උක‍්ඛලිකා මෙ දෙඩ‍්ඩුභං වාතීති මෙ මම භත‍්තපචනභාජනං චිරපාරිවාසිකභාවෙන අපරිසුද‍්ධතාය උදකසප‍්පගන්‍ධං වායති, තතො අහං සාධුමුත‍්තිකාම‍්හීති යොජනා.

එහි සුමුත්තිකෙ : සුමුත්තා යනුය. කකාරය පදපුරණය පිණිසය. මැනවින් මිදුණේ වේ යන තේරුමය. ඕතොමෝ සසුනෙහි ලද සම්පත් දැක පැහැදීම් වශයෙන් හෝ පැසසීම් වශයෙන් හෝ එසේ අමතා කීවාය. සුමුත්තිකෙ සුමුත්තිකෙ - ඕතොමෝ ගිහිකාලයෙහි යමක් විශේෂයෙන් පිළිකුල් කළාද, එයින් විමුක්තිය දක්වන්නී ‘සාධු මුත්තිකම්හි’ යනාදිය කීවාය. එහි සාධු මුත්තිකම්හි - මැනවින් මිදුණේ වෙමි. මුසලස්ස - මෝල් ගහෙන්, මෝතොමෝ දිළිඳු වූ හෙයින් ගිහිකාලයෙහි තොමෝම කෙටීම් ආදිය කරයි. එහෙයින් එසේ කියන ලදී. අහිරිකො මෙ - මගේ සැමියා නිර්ලජ්ජීය, ඔහු මා නුරුස්සයි යනු සෙසුවචනය. ස්වභාවයෙන්ම කාමයන්හි නො ඇලුණු බැවින් කාමයෙහි යෙදෙන්නවුන් පිළිකුල් කරයි යනු පවසයි. ඡත්තකං වාපි - ජීවිකාව සපයා ගනු පිණිස කරනු ලබන්නා වූ කුඩසෑදීම ද මට නුරුස්සයි යනු තේරුමය. වා - ශබ්දය නොකියනලද සියල්ල ගැනීම සඳහාය. එයින් පෙට්ටි, කිරිගොටු ආදිය ගැනේ. හුණදඬු ආදිය ගෙන දිනපතා කුඩ ආදිය සෑදීමෙන් ගතකරන දුක්ඛිත ජීවිතය පිළිකුල්කරන බව කියන ලදී. අහිතකො මෙ වාතො වාති - යනුවෙන් සමහරෙක් කියා ගිහිකාලයෙහි මගේ සිරුරෙහි අහිතකර වූ ජරාවෙන් පිරුණු වාතය ගැටේ යනුවෙන් අනෙක් තේරුමක් කියති. තවත් සමහරෙක් ‘අන් අයට දුගඳ ගෙනදෙන්නා වූ අහිතකර වාතයක් මගේ සිරුරෙන් හමයි’ යනුවෙන් ද තේරුමක් කියති. උක්‍ඛලිකා මෙ දෙඩ්ඪුහං වාති - මගේ බත් උයන භාජනය බොහෝ කලක සිට පාවිච්චි කරන හෙයින් අපිරිසිදු බැවින් දියබරිගඳ හමයි. එහෙයින් මම මැනවින් මිදුණෙමි’ යනුවෙන් කියනලදී.

රාගඤ‍්ච අහං දොසඤ‍්ච, චිච‍්චිටි චිච‍්චිටීති විහනාමීති අහං කිලෙසජෙට‍්ඨකං රාගඤ‍්ච දොසඤ‍්ච චිච‍්චිටි චිච‍්චිටීති ඉමිනා සද‍්දෙන සද‍්ධිං විහනාමි විනාසෙමි, පජහාමීති අත්‍ථො. සා කිර අත‍්තනො සාමිකං ජිගුච‍්ඡන‍්තී තෙන දිවසෙ දිවසෙ ඵාලියමානානං සුක‍්ඛානං වෙළුදණ‍්ඩාදීනං සද‍්දං ගරහන‍්තී තස‍්ස පහානං රාගදොසපහානෙන සමං කත්‍වා අවොච. සා රුක‍්ඛමූලමුපගම‍්මාති සා අහං සුමඞ‍්ගලමාතා විවිත‍්තං රුක‍්ඛමූලං උපසඞ‍්කමිත්‍වා. සුඛතො ඣායාමීති සුඛන‍්ති ඣායාමි, කාලෙන කාලං සමාපජ‍්ජන‍්තී ඵලසුඛං නිබ‍්බානසුඛඤ‍්ච පටිසංවෙදියමානා ඵලජ‍්ඣානෙන ඣායාමීති අත්‍ථො. අහො සුඛන‍්ති ඉදං පනස‍්සා සමාපත‍්තිතො පච‍්ඡා පවත‍්තමනසිකාරවසෙන වුත‍්තං, පුබ‍්බාභොගවසෙනාතිපි යුජ‍්ජතෙව.

රාගඤ්ච අහං දොසඤ්ච චිට්චිට් චිට්චිටිති විහනාමි - මම කෙලෙස්වලින් දෙටු වූ රාගය හා ද්වේශය චිට්චිට් යන අනුකරණයෙන් විනාශ කරමි, දුරුකරමි යන තේරුමය. ඕතොමෝ තම සැමියා පිළිකුල් කරන්නී ඔහු දිනපතා පලන වියලි හුණ දඬු ආදියෙහි ශබ්දය ගරහන්නී එයින් දුරුවීම රාග ද්වේශයන් දුරුවීම හා සමානකර දකියි. සා රුක්‍ඛමූලං උපගම්ම - ඒ සුමංගල මව වන මම විවික්ත රුක්මුලකට එළඹ, සුඛො ඣායාමි - සුවසේ භාවනා කරමි. කලින් කල සමවතට සමවදින්නී නිවන් සුවඳ විඳිමින් ඵල ධ්‍යානයෙන් දැහැන් වඩමි යන තේරුමය. අහෝ සුඛං - මෙය වනාහී ඇයගේ සමවත් සුවයෙන් පසුව පැවති මානසික තත්ත්වය වශයෙන් කියන ලදී. පෙර පැවති මනසිකාරය වශයෙන් යයි ද කියනු ලැබේ.

සුමඞ‍්ගලමාතුථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුමංගලමාතා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.