යෙදුමෙන් කියවන්න

ජෙන‍්තාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ජෙන‍්තාථෙරීගාථාවණ‍්ණනා

ජෙන්තා ථේරීගාථා වර්ණනාව

යෙ ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගාතිආදිකා ජෙන‍්තාය ථෙරියා ගාථා. තස‍්සා අතීතං පච‍්චුප‍්පන‍්නඤ‍්ච වත්‍ථු අභිරූපනන්‍දාවත්‍ථුසදිසං. අයං පන වෙසාලියං ලිච‍්ඡවිරාජකුලෙ නිබ‍්බත‍්තීති අයමෙව විසෙසො. සත්‍ථාරා දෙසිතං ධම‍්මං සුත්‍වා දෙසනාපරියොසානෙ අරහත‍්තං පත්‍වා අත‍්තනා අධිගතං විසෙසං පච‍්චවෙක‍්ඛිත්‍වා පීතිවසෙන –

යෙ ඉමෙ සත්ත බොජ්ඣඞ්ගාති යනුවෙන් පටන්ගන්නා මෙය ජෙන්තා තෙරණියගේ ගාථාවය. ඇයගේ අතීත හා වර්තමාන කථාවස්තුව අහිරූපනන්දාගේ කථා වස්තුවට සමානය. මැය විශාලා නුවර ලිච්ඡවි රජකුලයෙහි උපන්බව පමණක් වෙනසය. බුදුන්වහන්සේගෙන් ධර්‍මය අසා දේශනාවසානයෙහි රහත්ඵලයට පැමිණ තමා විසින් ලැබගත් විශේෂය දැක ප්‍රීති වශයෙන්-

“යෙ ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, මග‍්ගා නිබ‍්බානපත‍්තියා; භාවිතා තෙ මයා සබ‍්බෙ, යථා බුද‍්ධෙන දෙසිතා.

යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා මග්ගා නිබ්බානපත්තියා, භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා.

“දිට‍්ඨො හි මෙ සො භගවා, අන‍්තිමොයං සමුස‍්සයො; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. –

දිට්ඨොහි මෙ සො භගවා අන්තිමොයං සමුස්සයො, වික්‍ඛීණො ජාතිසංසාරො නත්‍ථිදානි පුනබ්භවො.

නිවන් පැමිණෙනු පිණිස මේ සප්ත බොධ්‍යඞ්ග ධර්‍මයෝ බුදුන් විසින් දේශනා කරන ලද අයුරින්ම මා විසින් අවබෝධ කරනු ලැබූහ. මම ඒ බුදුන් දිටිමි. මගේ මේ අන්තිම පඤ්චස්කන්‍ධයයි. සසරෙහි ඉපදීම නැවැත්විණ, නැවත මට උපතක් නොමැත

ඉමා ද‍්වෙ ගාථා අභාසි.

යන ගාථා දෙක ප්‍රකාශ කළාය.

තත්‍ථ යෙ ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගාති යෙ ඉමෙ සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතා බොධියා යථාවුත‍්තාය ධම‍්මසාමග‍්ගියා , බොධිස‍්ස වා බුජ‍්ඣනකස‍්ස තංසමඞ‍්ගිනො පුග‍්ගලස‍්ස අඞ‍්ගභූතත‍්තා “බොජ‍්ඣඞ‍්ගා”ති ලද‍්ධනාමා සත‍්ත ධම‍්මා. මග‍්ගා නිබ‍්බානපත‍්තියාති නිබ‍්බානාධිගමස‍්ස උපායභූතා. භාවිතා තෙ මයා සබ‍්බෙ, යථා බුද‍්ධෙන දෙසිතාති තෙ සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා සබ‍්බෙපි මයා යථා බුද‍්ධෙන භගවතා දෙසිතා, තථා මයා උප‍්පාදිතා ච වඩ‍්ඪිතා ච.

එහි යෙ ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා - යම් මේ සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපෙක්‍ඛා සංඛ්‍යාත ධර්‍මයන් හෝ කියනලද පරිදි අවබෝධකටයුතු ධර්‍මයෙහි, අවබෝධකරන පුද්ගලයාගේ හෝ ලක්‍ෂණ වී තිබෙන හෙයින් බොජ්ඣඞ්ග යනුවෙන් නම් ලබා තිබෙන සප්ත ධර්‍මයෝය. මග්ගා නිබ්බානපත්තියා - නිවන ලබා ගැනීමේ උපාය වූ, භාවිතා තෙ මයං සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා - ඒ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම බුදුන් වදාළ අයුරින්ම මා විසින් වඩන ලදී.

දිට‍්ඨො හි මෙ සො භගවාති හි-සද‍්දො හෙතුඅත්‍ථො. යස‍්මා සො භගවා ධම‍්මකායො සම‍්මාසම‍්බුද‍්ධො අත‍්තනා අධිගතඅරියධම‍්මදස‍්සනෙන දිට‍්ඨො, තස‍්මා අන‍්තිමොයං සමුස‍්සයොති යොජනා. අරියධම‍්මදස‍්සනෙන හි බුද‍්ධා භගවන‍්තො අඤ‍්ඤෙ ච අරියා දිට‍්ඨා නාම හොන‍්ති, න රූපකායදස‍්සනමත‍්තෙන. යථාහ – “යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සතී”ති (සං· නි· 3.87) ච “සුතවා ච ඛො, භික‍්ඛවෙ, අරියසාවකො අරියානං දස‍්සාවී”ති (ම· නි· 1.20; සං· නි· 3.1) ච ආදි. සෙසං වුත‍්තනයමෙව.

දිට්ඨො හි මෙ සො භගවා - හි ශබ්දය හෙත්වර්‍ථයෙහිය. යම්හෙයකින් ඒ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලැබ තමන් විසින් අවබෝධ කරගත් ධර්‍මය දුටුසේක්ද එසේ හෙයින්, අන්තිමො යං සමුස්සයො යනු යෙදීමය. ආර්ය ධර්‍මය දැකීමෙන් වනාහී බුදුවරු, හා අනෙක් ආර්‍යයෝ ද දක්නා ලැබුවෝ (දිට්ඨා) නම් වෙත්, රූපකාය දකීම් පමණකින් නොවේ. එහෙයින් කියන ලදී. ‘වක්කලි, යමෙක් ධර්‍මය දකීද හෙතෙම මා දකී’ එසේම ‘මහණෙනි, ඇසූපිරූ තැන් ඇති ආර්‍ය ශ්‍රාවකයා ආර්යයන් දක්නේ’ ආදියෙහි මෙනි. සෙස්ස කියනලද පරිදිමය.

ජෙන‍්තාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජෙන්තා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.