අභිරූපනන්දාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අභිරූපනන්දාථෙරීගාථාවණ්ණනා
අභිරූපනන්දා ථේරීගාථා වර්ණනාව
දුකනිපාතෙ ආතුරං අසුචිං පූතින්තිආදිකා අභිරූපනන්දාය සික්ඛමානාය ගාථා. අයං කිර විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරෙ ගහපතිමහාසාලස්ස ධීතා හුත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨිතා සත්ථරි පරිනිබ්බුතෙ ධාතුචෙතියං රතනපටිමණ්ඩිතෙන සුවණ්ණච්ඡත්තෙන පූජං කත්වා, කාලඞ්කත්වා සග්ගෙ නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුනගරෙ ඛෙමකස්ස සක්කස්ස අග්ගමහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්ති. නන්දාතිස්සා නාමං අහොසි. සා අත්තභාවස්ස අතිවිය රූපසොභග්ගප්පත්තියා අභිරූපා දස්සනීයා පාසාදිකා අභිරූපනන්දාත්වෙව පඤ්ඤායිත්ථ. තස්සා වයප්පත්තාය වාරෙය්යදිවසෙයෙව වරභූතො සක්යකුමාරො කාලමකාසි. අථ නං මාතාපිතරො අකාමං පබ්බාජෙසුං.
දෙවන නිපාතයෙහි, ආතුරං අසූචිං පූතිං යනුවෙන් පටන්ගන්නා ගාථාව අහිරූපනන්දා භික්ෂුණියගේ ගාථාවය. මොතොමෝ විපස්සි බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර ගැහැවිමහසල් කුලයක දියණියක වී සරණසිල්හි පිහිටා බුදුන් පිරිනිවිකල්හි මුතුමැණික්වලින් හෙබවූ රන්සතකින් රත්න චෛත්‍යය පුදා කළුරියකොට දෙව්ලොව ඉපිද ඒ අතරතුර කාලයෙහි දෙව්ලෝවල සැරසරන්නී මේ බුදුපතෙහි කපිලවත් පුරයෙහි ඛෙමක ශාක්‍යාගේ අගමෙහෙසියගේ කුසයෙන් උපන්නාය. ඕ නන්දා නම්වූවාය. අතිශය රූපසම්පත්තියෙන් සමන්විත වූ ඕතොමෝ දැකුම්කලුය, පහන් පෙනුමය, එහෙයින්ම රූපනන්දා යන නමින් වැඩිවශයෙන් පළට වූවාය. ඇය වියපත් කල්හි විවාහවීමට නියමිතව තුබූ දවසෙහි විවාහ ගිවිසගෙන සිටි ශාක්‍ය කුමාරයා කළුරිය කළේය. ඉක්බිති දෙමවුපියෝ නොකැමැති වූ නමුදු ඇය පැවිදිකරවූහ.
සා පබ්බජිත්වාපි රූපං නිස්සාය උප්පන්නමදා “සත්ථා රූපං විවණ්ණෙති ගරහති අනෙකපරියායෙන රූපෙ ආදීනවං දස්සෙතී”ති බුද්ධුපට්ඨානං න ගච්ඡති. භගවා තස්සා ඤාණපරිපාකං ඤත්වා මහාපජාපතිං ආණාපෙසි “සබ්බාපි භික්ඛුනියො පටිපාටියා ඔවාදං ආගච්ඡන්තූ”ති. සා අත්තනො වාරෙ සම්පත්තෙ අඤ්ඤං පෙසෙසි. භගවා “වාරෙ සම්පත්තෙ අත්තනාව ආගන්තබ්බං, න අඤ්ඤා පෙසෙතබ්බා”ති ආහ. සා සත්ථු ආණං ලඞ්ඝිතුං අසක්කොන්තී භික්ඛුනීහි සද්ධිං බුද්ධුපට්ඨානං අගමාසි. භගවා ඉද්ධියා එකං අභිරූපං ඉත්ථිරූපං මාපෙත්වා පුන ජරාජිණ්ණං දස්සෙත්වා සංවෙගං උප්පාදෙත්වා –
පැවිදිවීමෙන් පසුද ඕ රූපමදය ඇත්තී ‘ශාස්තෲන් වහන්සේ රූපයට නිගරු කරති, දොස් කියති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව දක්වති’යි සිතමින් බුද්ධෝපස්ථානයට නොයයි. බුදුහු ඇයගේ මුහුකළ නුවණ දැක මහාප්‍රජාපතිය අමතා ‘ඔවා දෙනු පිණිස සියලුම භික්ෂුණීන් එකිනෙක්කෙනා බැගින් එවන ලෙස දැනුම් දුන්හ. ඕ තමාගේ වාරය පැමිණි කල්හි අනෙක් මෙහෙණක් යැවුවාය. බුදුහු ‘තමාගේ වාරය පැමිණි කල්හි අන් කෙනෙකු නොඑවා තමාම පැමිණිය යුතුයයි’ වදාළහ. ඕතොමෝ බුදුන්ගේ අණ ඉක්මවනු නොහැක්කී තවත් භික්ෂුණීන් සමග බුදුන්ට උවටැන් කරනු පිණිස එහි ගියාය. බුදුහු එක් අභිරූපවත් ස්ත්‍රී රූපයක් මවා නැවත ඇය ජරාජීර්ණවන අයුරු පෙන්වා සංවේගය උපදවා-
“ආතුරං අසුචිං පූතිං, පස්ස නන්දෙ සමුස්සයං; අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං.
ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං, අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
“අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ; තතො මානාභිසමයා, උපසන්තා චරිස්සසී”ති. –
අනිමිත්තං ච භාවෙහි මානානුසයමුජ්ජහ, තතො මානාභිසමයා උපසන්තා චරිස්සසි.
නන්දා, රෝගීවූ අපවිත්‍ර වූ කුණුවූ (ද්රව්යසම්භාරයෙහි) එකතුව බලන්න. සිත එකඟකරගෙන අසුබ බව දකිනු පිණිස සිත වඩව.
ජීවිතය නිමිති රහිතබව දැනගැනීමට මනස වඩව. මනස තුළ පවත්නා ප්රවණතා ඉවත් කරන්න. ඉක්බිති මනෝභාවනයෙන් සන්සුන්වී හැසිරෙන්න.
ඉමා ද්වෙ ගාථා අභාසි. තාසං අත්ථො හෙට්ඨා වුත්තනයො එව. ගාථාපරියොසානෙ අභිරූපනන්දා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ –
මේ ගාථා දෙක වදාළහ. මේ ගාථාවල තේරුම ඉහත කියන ලද පරිදිමය. ගාථා අවසානයෙහි අහිරූපනන්දාවෝ රහත්බවට පැමිණියහ. එහෙයින් අපදානයෙහි කියන ලදී:
“නගරෙ බන්ධුමතියා, බන්ධුමා නාම ඛත්තියො; තස්ස රඤ්ඤො අහුං භරියා, එකජ්ඣං චාරයාමහං.
බන්ධුමතී නුවර බන්ධුමා නම් ක්ෂත්රියයෙක් විය. ඔහුගේ බිරිඳ වූ මම චාරිකාවෙහි යෙදුණෙමි.
“රහොගතා නිසීදිත්වා, එවං චින්තෙසහං තදා; ආදාය ගමනීයඤ්හි, කුසලං නත්ථි මෙ කතං.
දිනක් මම හුදෙකලාව හිඳ මෙසේ සිතුවෙමි. ගමන යනවිට ගෙනයනු පිණිස මා විසින් කිසි කුසලක් කර නැත.
“මහාභිතාපං කටුකං, ඝොරරූපං සුදාරුණං; නිරයං නූන ගච්ඡාමි, එත්ථ මෙ නත්ථි සංසයො.
මහා තැවීම් ඇති කටුක වූ ඝෝර වූ අතිශය දරුණු වූ නිරයෙහි ඉපදීම ඒකාන්තය. එහිලා සැකයක් නැත.
“එවාහං චින්තයිත්වාන, පහංසෙත්වාන මානසං; රාජානං උපගන්ත්වාන, ඉදං වචනමබ්රවිං.
මම මෙසේ සිතා මනස පහන් කරගෙන රජු වෙත එළඹ වචනය කීමි:
“ඉත්ථී නාම මයං දෙව, පුරිසානුගතා සදා; එකං මෙ සමණං දෙහි, භොජයිස්සාමි ඛත්තිය.
‘දේවයන් වහන්ස, අපි හැමදාම පුරුෂයන් අනුව යන්නාවූ ස්ත්‍රීහු වෙමු. දන් වැළඳවීම සඳහා මට එක් භික්ෂුවක් පවරා දෙනු මැනවි’
“අදාසි මෙ මහාරාජා, සමණං භාවිතින්ද්රියං; තස්ස පත්තං ගහෙත්වාන, පරමන්නෙන පූරයිං.
එවිට රජතුමා සන්සුන් වූ ඉඳුරන් ඇති භික්ෂුවක් පවරා දුන්නේය. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන පිණි බොජුනෙන් පුරවා, දහසක් අගනා වස්ත්‍ර යුගලයකින් වසා පහන් සිතින් පූජා කෙළෙමි.
“පූරයිත්වා පරමන්නං, සහස්සග්ඝනකෙනහං; වත්ථයුගෙන ඡාදෙත්වා, අදාසිං තුට්ඨමානසා.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ යහපත් ක්‍රියාව හා මනස පිහිටුවා ගැනීම නිසා මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“සහස්සං දෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; සහස්සං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
දෙවිවරුන් දහසකට අගමෙහෙසිය වීමි. සක්විති රජවරුන් දහසකට අගමෙහෙසිය වීමි.
“පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං; නානාවිධං බහුං පුඤ්ඤං, තස්ස කම්මඵලා තතො.
පෙදෙස් රජකම් කළ අත්බැව් අසංඛ්‍යය, එසේම ඒ කර්මයෙහිම බලයෙන් බොහෝ පින් රැස්කළෙමි.
“උප්පලස්සෙව මෙ වණ්ණා, අභිරූපා සුදස්සනා; ඉත්ථී සබ්බඞ්ගසම්පන්නා, අභිජාතා ජුතින්ධරා.
මාගේ ඡවි වර්ණය උපුල් මලක මෙනි, අහිරූපවත් වීමි, සුදසුන් වීමි, සියලු මනහර නාරීලක්ෂණවලින් හෙබුණෙමි. උසස් කුලයක උපන්නෙම්. කාන්තියෙන් ද උපලක්ෂිත වීමි.
“පච්ඡිමෙ භවසම්පත්තෙ, අජායිං සාකියෙ කුලෙ; නාරීසහස්සපාමොක්ඛා, සුද්ධොදනසුතස්සහං.
අවසාන භවය පැමිණි කල්හි ශාක්‍ය කුලයෙහි උපනිමි. සුද්ධෝදන පුත්‍රයාගේ දහසක් කාන්තාවන්ට අගතැන් පැමිණියෙමි.
“නිබ්බින්දිත්වා අගාරෙහං, පබ්බජිං අනගාරියං; සත්තමිං රත්තිං සම්පත්වා, චතුසච්චං අපාපුණිං.
ගිහිගෙයි කලකිරී සසුනෙහි පැවිදිවීමි. එයින් සත්වන රාත්‍රියෙහි චතුරාර්ය සත්‍යය අවබෝධ කළෙමි.
“චීවරපිණ්ඩපාතඤ්ච, පච්චයඤ්ච සෙනාසනං; පරිමෙතුං න සක්කොමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
සිවුරු, පිණ්ඩපාතය, ගිලන්පස හා සෙනසුන් සීමාරහිතව ලැබිණි. ඒ එකල පිදූ පිණ්ඩපාත දානයෙහි ඵලවිපාකය.
“යං මය්හං පුරිමං කම්මං, කුසලං ජනිතං මුනි; තුය්හත්ථාය මහාවීර, පරිචිණ්ණං බහුං මයා.
[missing trans]
“එකතිංසෙ ඉතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
මෙයින් කල්ප තිස් එකකට පෙර දෙනු ලැබූ ඒ දානයෙහි අනුසස් විසින් එතෙක් මෙතෙක් දුගතියක් නොහඳුනමි. මේ ඒ පිණ්ඩපාත දානයෙහි ඵලවිපාකය.
“දුවෙ ගතී පජානාමි, දෙවත්තං අථ මානුසං; අඤ්ඤං ගතිං න ජානාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
දෙවත්බව හා මිනිසත්බව යන අත්බැව් දෙක පමණක් හඳුනමි. අනෙක් ගතියක් නොහඳුනමි. මේ ඒ පිණ්ඩපාත දානයෙහි ඵලවිපාකය,
“උච්චෙ කුලෙ පජානාමි, තයො සාලෙ මහාධනෙ; අඤ්ඤං කුලං න ජානාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
මහා ධනවත් වූ උසස් වූ සාළකුල තුන හඳුනමි. අනෙක් කුලයක් නොහඳුනමි. මේ ඒ පිණ්ඩපාත දානයෙහි ඵලවිපාකය.
“භවාභවෙ සංසරිත්වා, සුක්කමූලෙන චොදිතා; අමනාපං න පස්සාමි, සොමනස්සකතං ඵලං.
භවයන්හි හැසිරෙන අතර දෑවැද්ද මුල්කරගෙන කරන චෝදනාවලින් අමනාපයක් ඇති නොවීය. මනාපයෙන් කළ ක්‍රියාවක විපාකය මෙවැනිය.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
සෘද්ධිවිධ, දිව්යශ්රොතස් හා චෙතොපරිය යන ඥානවිධිවලින් පිරිපුන්වෙමි.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කළෙමි. සියලු ආශ්‍රවයන් සිඳලූයෙමි.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
මෙයින් මතු නැවත ඉපදීමක් නැත. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කෙරෙහි මහාවීරය, මගේ ඤාණය පැතිරී ඇත.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අනුශාසනාව පිළිපැදීමි.
අරහත්තං පත්වා පන සා සයම්පි උදානවසෙන තායෙව ගාථා අභාසි, ඉදමෙව චස්සා අඤ්ඤාබ්යාකරණං අහොසීති.
ඕතොමෝ රහත්බවට පැමිණ උදාන වශයෙන් ඒ ගාථා ප්‍රකාශ කළාය. එයම ඇයගේ දැනීම හෙළිකිරීමක් විය.
අභිරූපනන්දාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අභිරූපනන්දා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.