යෙදුමෙන් කියවන්න

සඞ‍්ඝාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සඞ‍්ඝාථෙරීගාථාවණ‍්ණනා

සඞ්ඝා ථේරීගාථා වර්ණනාව

හිත්‍වා ඝරෙ පබ‍්බජිත්‍වාති සඞ‍්ඝාය ථෙරියා ගාථා. තස‍්සා වත්‍ථු ධීරාථෙරියා වත්‍ථුසදිසං. ගාථා පන –

හිත්‍වා ඝරෙ පබ්බජිතා - සංඝා තෙරණියගේ ගාථාවය. ඇයගේ කථාව ධීරා තෙරණියගේ කථාවට සමානය. ගාථාව වනාහි

“හිත්‍වා ඝරෙ පබ‍්බජිත්‍වා, හිත්‍වා පුත‍්තං පසුං පියං; හිත්‍වා රාගඤ‍්ච දොසඤ‍්ච, අවිජ‍්ජඤ‍්ච විරාජිය; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, උපසන‍්තාම‍්හි නිබ‍්බුතා”ති. – ගාථං අභාසි;

හිත්‍වා ඝරෙ පබ්බජිතා හිත්‍වා පුත්තං පසුං පියං, හිත්‍වා රාගඤ්ච දොසඤ්ච අවිජ්ජඤ්ච විරාජීය, සමුලං තණ්හං අබ්බුය්හ උපසන්තම්හි නිබ්බුතා.

ගිහිගෙය, ප්‍රිය වූ සුතනුවන්, සතුන් අතහැර ගොස් පැවිදිවීමි. රාගය ද්වේෂය, අවිද්‍යාව පරදවා තෘෂ්ණාව සහමුලින් සිඳදමා නිවුණෙම් සන්සුන්වීමි.

තත්‍ථ හිත්‍වාති ඡඩ‍්ඩෙත්‍වා. ඝරෙති ගෙහං. ඝරසද‍්දො හි එකස‍්මිම‍්පි අභිධෙය්‍යෙ කදාචි බහූසු බීජං විය රූළ‍්හිවසෙන වොහරීයති. හිත්‍වා පුත‍්තං පසුං පියන‍්ති පියායිතබ‍්බෙ පුත‍්තෙ චෙව ගොමහිංසාදිකෙ පසූ ච තප‍්පටිබද‍්ධඡන්‍දරාගප‍්පහානෙන පහාය. හිත්‍වා රාගඤ‍්ච දොසඤ‍්චාති රජ‍්ජනසභාවං රාගං, දුස‍්සනසභාවං දොසඤ‍්ච අරියමග‍්ගෙන සමුච‍්ඡින්‍දිත්‍වා. අවිජ‍්ජඤ‍්ච විරාජියාති සබ‍්බාකුසලෙසු පුබ‍්බඞ‍්ගමං මොහඤ‍්ච විරාජෙත්‍වා මග‍්ගෙන සමුග‍්ඝාටෙත්‍වා ඉච‍්චෙව අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

එහි හිත්‍වා - අතහැර, ඝරෙ - ගෙය, ඝර ශබ්දය එකම නාම පදයකින් යෙදුණද බීජ ශබ්දය මෙන් බහ්වර්‍ධයෙහි ව්‍යවහාර වේ. හිත්‍වා පුත්තං පසුං පියං - මනවඩන දරුවන් මෙන්ම ගෙරිසරක් ආදී සතුන් ද, ඔවුන් පිළිබඳව පවත්නා ආශාව ද අත්හැර, හිත්‍වා රාගඤ්ච දොසඤ්ච - ඇලෙන ස්වභාවය රාගයයි. ද්‍රොහී ස්වභාවය ද්වේෂයයි, මේවා ආර්ය මාර්‍ගයෙන් සිඳදමා, අවිජ්ජඤ්ච විරාජිය - සියලු අකුසල ධර්‍මයන්ට පෙරටුව යන්නා වූ මුළාබව පරදවා, මාර්‍ගයෙන් උගුළුවා දමා යනු මෙහි අර්‍ථයයි. සෙස්ස කියන ලද පරිදිමය.

සඞ‍්ඝාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සඞ්ඝා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.

එකකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

ඒකක නිපාක වර්‍ණනාව මෙතෙකින් සමාප්තය.