ධම‍්මාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
ධම‍්මාථෙරීගාථාවණ‍්ණනා
ධම්මා ථේරීගාථා වර්ණනාව
පිණ‍්ඩපාතං චරිත්‍වානාති ධම‍්මාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා සම‍්භතපුඤ‍්ඤසම‍්භාරා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා පතිරූපස‍්ස සාමිකස‍්ස ගෙහං ගන‍්ත්‍වා සාසනෙ පටිලද‍්ධසද‍්ධා පබ‍්බජිතුකාමා හුත්‍වා සාමිකෙන අනනුඤ‍්ඤාතා පච‍්ඡා සාමිකෙ කාලඞ‍්කතෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී එකදිවසං භික‍්ඛාය චරිත්‍වා විහාරං ආගච‍්ඡන‍්තී පරිපතිත්‍වා තමෙව ආරම‍්මණං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා –
පිණ්ඩපාතං චරිත්‍වාන යනු ධම්මා තෙරණියගේ ගාථාවය. මොතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී, ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කර එකතුකර ගන්නා ලද පුණ්‍යසම්භාරය ඇත්තී, මේ බුදුපතෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිදී නිසි වයසට පැමිණි පසු පතිකුලයට ගියා සසුනෙහි පැහැදී පැවිදිවනු කැමැත්තෙන් සැමියා විසින් අනුනොදත්තී පසු කලක සැමියා මළ පසු පැවිදි වී විදසුන් වඩමින් දිනක් පිඬුපිණිස හැසිර විහාරයට එන්නී, මග වැටිණ. එයම අරමුණු කරගෙන විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බැව්හි පිහිටියාය. ඉක්බිති -
“පිණ‍්ඩපාතං චරිත්‍වාන, දණ‍්ඩමොලුබ‍්භ දුබ‍්බලා; වෙධමානෙහි ගත්තෙහි, තත්‍ථෙව නිපතිං ඡමා; දිස්වා ආදීනවං කායෙ, අථ චිත්තං විමුච්චි මෙ”ති. –
පිණ්ඩපාතං චරිත්‍වාන දණ්ඩමොලුබ්හ දුබ්බලා, වෙධමානෙහි ගත්තෙහි තත්‍ථෙව නිපතිං ඡමා, දිස්වා ආදීනවං කායෙ අථ චිත්තං විමුච්චි මෙ.
පිඬු පිණිස ගොස් සැලෙන ගතින් දඬුකඩක පිහිටෙන් එන්නී බිම වැටිණ. ඉක්බිති සිරුරෙහි ආදීනව දැක මගේ සිත මිදිණ.
උදානවසෙන ඉමං ගාථං අභාසි.
උදන් විසින් මේ ගාථාව කීවාය.
තත්‍ථ පිණ‍්ඩපාතං චරිත්‍වාන, දණ‍්ඩමොලුබ‍්භාති පිණ‍්ඩපාතත්‍ථාය යට‍්ඨිං උපත්‍ථම‍්භෙන නගරෙ විචරිත්‍වා භික‍්ඛාය ආහිණ‍්ඩිත්‍වා. ඡමාති ඡමායං භූමියං, පාදානං අවසෙන භූමියං නිපතින‍්ති අත්‍ථො. දිස‍්වා ආදීනවං කායෙති අසුභානිච‍්චදුක‍්ඛානත‍්තතාදීහි නානප‍්පකාරෙහි සරීරෙ දොසං පඤ‍්ඤාචක‍්ඛුනා දිස‍්වා. අථ චිත්තං විමුච‍්චි මෙති ආදීනවානුපස‍්සනාය පරතො පවත‍්තෙහි නිබ‍්බිදානුපස‍්සනාදීහි වික‍්ඛම‍්භනවසෙන මම චිත‍්තං කිලෙසෙහි විමුච‍්චිත්‍වා පුන මග‍්ගඵලෙහි යථාක‍්කමං සමුච‍්ඡෙදවසෙන චෙව පටිප‍්පස‍්සද‍්ධිවසෙන ච සබ‍්බසො විමුච‍්චි විමුත‍්තං, න දානිස‍්සා විමොචෙතබ‍්බං අත්‍ථීති. ඉදමෙව චස‍්සා අඤ‍්ඤාබ්‍යාකරණං අහොසීති.
එහි පිණ්ඩපාතං චරිත්‍වාන දණ්ඩමොලුබ්හ යනු සැරයටියක ආධාරයෙන් නගරයෙහි පිඬුපිණිස හැසිර, ඡමං - බිම, දෙපා අවසඟ හෙයින් බිම වැටිණ යන තේරුමය. දිස්වා ආදීනවං කායෙ - අශුභය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය ආදි නන් අයුරින් පැණැසින් සිරුරෙහි දොස් දැක. අථ චිත්තං විමුච්චි මෙ - ආදීනව අනුව බැලීමෙන් හටගන්නා වූ කලකිරීම් හේතුවෙන් කෙලෙස්මළ පහකිරීමෙන් මගේ සිත එයින් මිදී නැවත මාර්ගඵල වශයෙන්, ක්‍රමයෙන් උපුටාදැමීම් වශයෙන් හා යටපත්කිරීම් වශයෙන් හැම ආකාරයකින්ම සිත නිදහස් විය. මිදිණ. දැන් තවත් මුදවා ගැනීමට දෙයක් ඉතිරිවී නැත යන අර්‍ථයයි. මෙයම ඇයගේ අවබෝධය විවරණය කිරීමක් විය.
ධම‍්මාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
ධම්මා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.