යෙදුමෙන් කියවන්න

සුමනාබුඩ‍්ඪපබ‍්බජිතාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුමනාබුඩ‍්ඪපබ‍්බජිතාථෙරීගාථාවණ‍්ණනා

සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරීගාථා වර්ණනාව

සුඛං ත්‍වං වුඩ‍්ඪිකෙ සෙහීති සුමනාය වුඩ‍්ඪපබ‍්බජිතාය ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං මහාකොසලරඤ‍්ඤො භගිනී හුත්‍වා නිබ‍්බත‍්ති. සා සත්‍ථාරා රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස “චත‍්තාරො ඛො මෙ, මහාරාජ, දහරාති න උඤ‍්ඤාතබ‍්බා”තිආදිනා (සං· නි· 1.112) දෙසිතං ධම‍්මං සුත්‍වා ලද‍්ධප‍්පසාදා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාය පබ‍්බජිතුකාමාපි “අය්‍යිකං පටිජග‍්ගිස‍්සාමී”ති චිරකාලං වීතිනාමෙත්‍වා අපරභාගෙ අය්‍යිකාය කාලඞ‍්කතාය රඤ‍්ඤා සද‍්ධිං මහග‍්ඝානි අත්‍ථරණපාවුරණානි ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සඞ‍්ඝස‍්ස දාපෙත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අනාගාමිඵලෙ පතිට‍්ඨිතා පබ‍්බජ‍්ජං යාචි. සත්‍ථා තස‍්සා ඤාණපරිපාකං දිස‍්වා –

සුඛං ත්‍වං වුඩ්ඪිකෙ සෙහි - මෙය මහලු පැවිද්දකගේ ගාථාවකි. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කර මේ බුද්ධෝත්පාදයෙහි සැවැත්නුවර මහකොසොල් රජුගේ සොහොයුරියක් වී උපන්නාය. ඕ එක්දිනක් බුදුන් පසේනදිකෝසල රජුට ‘මහරජ, මේ සතරදෙන ළදරු යයි නිගරුනොකට යුතුය’ යනුවෙන් දෙසූ ධර්‍මය අසා පැහැදී සරණ සීලයෙහි පිහිටා පැවිදිවනු කැමැත්තී වුවද මිත්තණිය රැකබලා ගන්නෙමැයි ටිකකලක් ගතකොට පසු කලක මිත්තණිය කළුරිය කළායින් පසු රජු සමග මා ඇගි බුමුතුරුණුපාපිසි ආදිය ගෙන්වාගෙන විහාරයට ගොස් සංඝයාට පූජාකොට බුදුන්ගෙන් බණ අසා අනාගාමි ඵලයෙහි පිහිටියා, පැවිද්ද ඉල්වූවාය. බුදුන්වහන්සේ ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බව දැක,

“සුඛං ත්‍වං වුඩ‍්ඪිකෙ සෙහි, කත්‍වා චොළෙන පාරුතා; උපසන‍්තො හි තෙ රාගො, සීතිභූතාසි නිබ‍්බුතා”ති. –

සුඛං ත්‍වං වුඩ්ඪිකෙ සෙහි කත්‍වා චොළෙන පාරුතා, උපසන්තොහි තෙ රාගො සීතිභූතාසි නිබ්බුතා.

මැහැලි වහන්ස, සළුව පෙරවාගෙන සුවසේ නිදන්න. ඔබේ රාගය සන්සිදී ඇත. නිවීමෙන් සිහිල් වූයෙහිය.

ඉමං ගාථං අභාසි.

මේ ගාථාව දෙසූ සේක.

සා ගාථාපරියොසානෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා උදානවසෙන තමෙව ගාථං අභාසි. ඉදමෙව චස‍්සා අඤ‍්ඤාබ්‍යාකරණං අහොසි, සා තාවදෙව පබ‍්බජි. ගාථාය පන වුඩ‍්ඪිකෙති වුඩ‍්ඪෙ, වයොවුඩ‍්ඪෙති අත්‍ථො. අයං පන සීලාදිගුණෙහිපි වුඩ‍්ඪා, ථෙරියා වුත‍්තගාථාය චතුත්‍ථපාදෙ සීතිභූතාසි නිබ‍්බුතාති යොජෙතබ‍්බං. සෙසං වුත‍්තනයමෙව.

ගාථාව අවසානයෙහි ඕතොමෝ පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ එම ගාථාවම උදාන වශයෙන් ප්‍රකාශ කළාය. මෙයම ඇයගේ දැනීම ප්‍රකාශ කිරීමක් විය. ඕතොමෝ එකෙණෙහිම පැවිදි වූවාය. ගාථාවෙහි සඳහන් වන වුඩ්ඪිකෙ යනු මැහැල්ල යන තේරුමය. වයසින් වැඩිමහලු යන තේරුමය. මෝ වනාහී සීලාදි ගුණයෙන් ද වැඩිමහලුය. තෙරණිය විසින් කියූ සතරවන පාදයෙහි ‘සීතිභූතම්හි නිබ්බුතා’ යනුවෙන් වෙනස් කරගත යුතුය. සෙස්ස පෙර කියනලද පරිදිමය.

වුඩ‍්ඪපබ‍්බජිත සුමනාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහලු මෙහෙණක වූ සුමනාගේ ගාථා වර්‍ණනාව නිමි.