උත‍්තරාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
උත‍්තරාථෙරීගාථාවණ‍්ණනා
උත්තරා ථේරීගාථා වර්ණනාව
කායෙන සංවුතා ආසින‍්ති උත‍්තරාය ථෙරියා ගාථා. තස‍්සාපි වත්‍ථු තිස‍්සාථෙරියා වත්‍ථුසදිසං. සාපි හි සක්‍යකුලප‍්පසුතා බොධිසත‍්තස‍්ස ඔරොධභූතා මහාපජාපතිගොතමියා සද‍්ධිං නික‍්ඛන‍්තා ඔභාසගාථාය අරහත‍්තං පත්‍වා පන –
කායෙන සංවුතා ආසිං යන මෙය උත්තරා තෙරණියගේ ගාථාවය. ඇයගේද කථාවස්තුව තිස්සා තෙරණියගේ වස්තුවට සමානය. ඕතොමෝද සාක්‍ය කුලයෙහි උපන්නී බෝසතුන්ගේ ඇතොවුරෙහි වැස මහාප්‍රජාපතීගෝතමිය සමග නික්ම ආලෝක ගාථාවෙන් රහත්බවට පැමිණ:
“කායෙන සංවුතා ආසිං, වාචාය උද චෙතසා; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, සීතිභූතාම‍්හි නිබ‍්බුතා”ති. –
කායෙන සංවුතා ආසිං වාචාය උදචෙතසා, සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූකම්හි නිබ්බුතා.
කයින් සංවර වීමි, එසේම වචනයෙන් හා මනසින් ද සංවරවීමි. තෘෂ්ණාව සහමුලින් උපුටා දමා නිවුණෙන් සිහිල් වීමි.
උදානවසෙන තමෙව ගාථං අභාසි.
උදාන වශයෙන් එම ගාථාවම කීවාය.
තත්‍ථ කායෙන සංවුතා ආසින‍්ති කායිකෙන සංවරෙන සංවුතා අහොසිං. වාචායාති වාචසිකෙන සංවරෙන සංවුතා ආසින‍්ති යොජනා, පදද‍්වයෙනාපි සීලසංවරමාහ. උදාති අථ. චෙතසාති සමාධිචිත‍්තෙන, එතෙන විපස‍්සනාභාවනමාහ. සමූලං තණ‍්හමබ‍්බුය‍්හාති සානුසයං, සහ වා අවිජ‍්ජාය තණ‍්හං උද‍්ධරිත්‍වා. අවිජ‍්ජාය හි පටිච‍්ඡාදිතාදීනවෙ භවත‍්තයෙ තණ‍්හා උප‍්පජ‍්ජති.
එහි කායෙන සංවුතා ආසිං ති - කාය සංවරයෙන් සංවරණය වුයේ වෙමි. වාචාය - වාචසික සංවරයෙන් සංවරණය වූයේ, මේ පද දෙකෙන්ම සීල සංවරණය අදහස් කර ඇත. උදා - ඉක්බිති. චෙතසා - අධිචිත්තය. මෙයින් විපස්සනා භාවනාව කියවේ. සමූලං තණ්හං අබ්බුය්හ - අනුසය සහිත වූ හෝ අවිද්‍යාවෙන් තෘෂ්ණාව උපදවා, අවිද්‍යාව හේතුකොටගෙන භවත්‍රයයෙහි තෘෂ්ණාව හටගනී.
අපරො නයො – කායෙන සංවුතාති සම‍්මාකම‍්මන‍්තෙන සබ‍්බසො මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස පහානා මග‍්ගසංවරෙනෙව කායෙන සංවුතා ආසිං. වාචායාති සම‍්මාවාචාය සබ‍්බසො මිච‍්ඡාවාචාය පහානා මග‍්ගසංවරෙනෙව වාචාය සංවුතා ආසින‍්ති අත්‍ථො. චෙතසාති සමාධිනා. චෙතොසීසෙන හෙත්‍ථ සම‍්මාසමාධි වුත‍්තො, සම‍්මාසමාධිග‍්ගහණෙනෙව මග‍්ගලක‍්ඛණෙන එකලක‍්ඛණා සම‍්මාදිට‍්ඨිආදයො මග‍්ගධම‍්මා ගහිතාව හොන‍්තීති, මග‍්ගසංවරෙන අභිජ‍්ඣාදිකස‍්ස අසංවරස‍්ස අනවසෙසතො පහානං දස‍්සිතං හොති. තෙනෙවාහ “සමූලං තණ‍්හමබ‍්බුය‍්හා”ති. සීතිභූතාම‍්හි නිබ‍්බුතාති සබ‍්බසො කිලෙසපරිළාහාභාවෙන සීතිභාවප‍්පත‍්තා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා නිබ‍්බුතා අම‍්හීති.
තවත් ක්‍රමයක් ‘කායෙන සංවුතා’ යනුවෙන් හැඳින්වේ. සම්‍යක් කර්‍මාන්තයෙන් හැම ආකාරයෙන්ම වැරදි කර්‍මාන්ත දුරුකිරීමෙන් මාර්ග සංවරණයෙන්ම සිරුරෙන් සංවරණය වූයේ වෙයි. ‘වාචාය’ යනු යහපත් වචනයෙන් වැරදි වචනය දුරුකර මාර්ග සංවරණයෙන්ම වචනයෙන් සංවරණය වූයේ වෙයි, යනු අර්ථයි. ‘චෙතසා’ සමාධියෙන්, චෙතො යන ශිර්‍ෂ පාඨයෙන් මෙහි සම්‍යක් සමාධිය කියන ලදමැයි. සම්‍යක් සමාධිය ගැනීමෙන් මාර්‍ග ලක්‍ෂණයක් වශයෙන් එකම ලක්‍ෂණය වූ සම්‍යක් දෘෂ්ටිය ආදී වූ මාර්‍ග ධර්‍මයෝම ගත්තාහු වෙත්. මාර්‍ග සංවරය ගැනීමෙන් අභිධ්‍යාදී වූ අසංවරය සම්පුර්‍ණයෙන් ප්‍රහීණ කළ බව දැක්වූයේ වෙයි. එහෙයින්ම සමූලං තණ්හං අබ්බුය්හ යනුවෙන් කියන ලදී. සීතිභූතම්හි නිබ්බුතා හැම ආකාරයකින්ම කෙලෙස් ගින්න නිවා දැමූ හෙයින් සිහිල් බවට පැමිණීමෙන් අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් නිවුණේ වෙමි යනුය.
උත‍්තරාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
උත්තරා ථෙරියගේ ගාථා වර්‍ණනාව නිමි.