සුමනාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
සුමනාථෙරීගාථාවණ‍්ණනා
සුමනා ථේරීගාථා වර්ණනාව
ධාතුයො දුක්ඛතො දිස‍්වාති සුමනාය ථෙරියා ගාථා. තස‍්සා වත්‍ථු තිස‍්සාථෙරියා වත්‍ථුසදිසං. ඉමිස‍්සාපි හි සත්‍ථා ඔභාසං විස‍්සජ‍්ජෙත්‍වා පුරතො නිසින‍්නො විය අත‍්තානං දස‍්සෙත්‍වා –
ධාතුයො දුක්ඛතො දිස්වා - මෙය සුමනා තෙරණියගේ ගාථාවය. ඇයගේ කථා වස්තුව තිස්ස තෙරණියගේ කථාවස්තුවට සමානය. මැය වෙතද ශාස්තෲන් වහන්සේ ආලෝකයක් විහිදුවා ඉදිරිපිට සිටින්නාක් මෙන් තමා දක්වා:
“ධාතුයො දුක්ඛතො දිස්වා, මා ජාතිං පුනරාගමි; භවෙ ඡන්‍දං විරාජෙත්‍වා, උපසන්තා චරිස්සසී”ති. –
ධාතුයො දුක්ඛතො දිස්වා මා ජාතිං පුනරාගමි, භවෙ ඡන්‍දං විරාජෙත්‍වා උපසන්තා චරිස්සසී’ති.
ධාතූන් දුක් හැටියට දැක, නැවත ඉපදීමකට නොපැමිණෙන්න භවයෙහි කැමැත්ත දුරුකොට සන්සුන්ව හැසිරෙන්න
ඉමං ගාථමාහ. සා ගාථාපරියොසානෙ අරහත‍්තං පාපුණි.
යන ගාථාව වදාළහ. ගාථාව අවසානයෙහි ඕතොමෝ රහත්බවට පැමිණියාය.
තත්‍ථ ධාතුයො දුක්ඛතො දිස‍්වාති සසන‍්තතිපරියාපන‍්නා චක‍්ඛාදිධාතුයො ඉතරාපි ච උදයබ‍්බයපටිපීළනාදිනා “දුක‍්ඛා”ති ඤාණචක‍්ඛුනා දිස‍්වා. මා ජාතිං පුනරාගමීති පුන ජාතිං ආයතිං පුනබ‍්භවං මා උපගච‍්ඡි . භවෙ ඡන්‍දං විරාජෙත්‍වාති කාමභවාදිකෙ සබ‍්බස‍්මිං භවෙ තණ‍්හාඡන්‍දං විරාගසඞ‍්ඛාතෙන මග‍්ගෙන පජහිත්‍වා. උපසන‍්තා චරිස‍්සසීති සබ‍්බසො පහීනකිලෙසතාය නිබ‍්බුතා විහරිස‍්සසි.
එහි ධාතුයො දුක්ඛතො දිස්වාති - සන්තතියට ඇතුළත්වූ චක්‍ඛු ආදී ධාතුහුය. සෙසු ධාතුහු ද ඇතිවීම් නැතිවීම් සංඛ්‍යාත පීඩා නිසා දුක් හැටියට නැණැසින් දැක. මා ජාතිං පුනරාගමීති - අනාගතයෙහි දී නැවත උපතකට නොපැමිණෙන්න. භවෙ ඡන්‍දං විරාජෙත්‍වා - කාමභවාදී සියලු භවයන්හි තෘෂ්ණාව නම් වූ දැඩි ආශාව විරාග නමැති මාර්ගයෙන් ඉවත්කර, උපසන්තා චරිස්සසී - හැම ආකාරයකින්ම නැසූ කෙලෙස් ඇති හෙයින් නිවී හැසිරෙන්න.
එත්‍ථ ච “ධාතුයො දුක්ඛතො දිස‍්වා”ති ඉමිනා දුක‍්ඛානුපස‍්සනාමුඛෙන විපස‍්සනා දස‍්සිතා. “භවෙ ඡන්‍දං විරාජෙත්‍වා”ති ඉමිනා මග‍්ගො, “උපසන‍්තා චරිස්සසී”ති ඉමිනා සඋපාදිසෙසා නිබ‍්බානධාතු, “මා ජාතිං පුනරාගමී”ති ඉමිනා අනුපාදිසෙසා නිබ‍්බානධාතු දස‍්සිතාති දට‍්ඨබ‍්බං.
මෙහිද ‘ධාතුයො දුක්ඛතො දිස්වා’ යන මෙයින් දුක අනුව මෙනෙහි කිරීමෙන් විපස්සනාව පෙන්වූයේ වෙයි. ‘භවෙ ඡන්‍දං විරාජෙත්‍වා’ යන මෙයින් මාර්ගය ද, ‘උපසන්තා චරිස්සසි’ යන්නෙන් උපාදිසේස නිර්‍වාණ ධාතුවද, ‘මා ජාතිං පුනරාගමි’ ප්‍රකාශයෙන් අනුපාදිසේස නිර්‍වාණ ධාතුවද දක්වන ලදැයි දතයුතුය.
සුමනාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
සුමනා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.