විසාඛාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
විසාඛාථෙරීගාථාවණ‍්ණනා
විසාඛා ථේරීගාථා වර්ණනාව
කරොථ බුද‍්ධසාසනන‍්ති විසාඛාය ථෙරියා ගාථා. තස‍්සා වත්‍ථු ධීරාථෙරියාවත්‍ථුසදිසමෙව. සා අරහත‍්තං පත්‍වා විමුත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තී –
කරොථ බුද්ධසාසනංති මෙය විසාඛා තෙරණියගේ ගාථාවය. ඇයගේ කථා වස්තුව ධීරා තෙරණියගේ වස්තුවට සමානය. රහත්බවට පැමිණ විමුක්ති සුවයෙන් කල් යවන්නී-
“කරොථ බුද්ධසාසනං, යං කත්‍වා නානුතප්පති; ඛිප්පං පාදානි ධොවිත්‍වා, එකමන‍්තෙ නිසීදථා”ති. –
කරොථ බුද්ධසාසනං යං කත්‍වා නානුතප්පති, ඛිප්පං පාදානි ධොවිත්‍වා එකමන්තෙ නිසීදථ.
යමක් කිරීමෙන් පසුතැවීමක් නොවේද බුදුන්ගේ ඒ අනුශාසනාව කරන, වහා පා දොවා එකත්පසෙක හිඳගන්න.
ඉමාය ගාථාය අඤ‍්ඤං බ්‍යාකාසි.
මේ ගාථාවෙන් අනෙකක් ප්‍රකාශ කළේය.
තත්‍ථ කරොථ බුද‍්ධසාසනන‍්ති බුද‍්ධසාසනං ඔවාදඅනුසිට‍්ඨිං කරොථ, යථානුසිට‍්ඨං පටිපජ‍්ජථාති අත්‍ථො. යං කත්‍වා නානුතප‍්පතීති අනුසිට‍්ඨිං කත්‍වා කරණහෙතු න අනුතප‍්පති තක‍්කරස‍්ස සම‍්මදෙව අධිප‍්පායානං සමිජ‍්ඣනතො. ඛිප‍්පං පාදානි ධොවිත්‍වා, එකමන්තෙ නිසීදථාති ඉදං යස‍්මා සයං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා ආචරියුපජ‍්ඣායානං වත‍්තං දස‍්සෙත්‍වා අත‍්තනො දිවාට‍්ඨානෙ පාදෙ ධොවිත්‍වා රහො නිසින‍්නා සදත්‍ථං මත්‍ථකං පාපෙසි, තස‍්මා තත්‍ථ අඤ‍්ඤෙපි නියොජෙන‍්තී අවොච.
එහි කරොථ බුද්ධසාසනන්ති - බුදුවරුන්ගේ අනුශාසනාව, අවවාදය අනුව පිළිපදින්න. එහි කියවෙන අයුරින් ඉටුකරන්න යන තේරුමය. යං කත්‍වා නානුතප්පති- යම්කිසි ක්‍රියාවක් කිරීම හේතුකොටගෙන ඒ කරන තැනැත්තා පසුතැවීමකට පත්නොවේද, ඔහුට මැනවින් සිය අභිප්‍රාවන් ඉටුකර ගැනීමට හැකිවනු ඇත. ඛිප්පං පාදානි ධොවිත්‍වා එකමන්තෙ නිසීදථාති- දහවල් පිඬුසිඟා යාමෙන් පසුව, දහවල් දානයෙන් පසුව, ආචාර්‍ය උපාධ්‍යායාදීන්ට වත් දක්වා තමා දහවල් වෙසෙන තැනට ගොස් පා සෝදා හුදෙකලාව හුන්නේ ස්වකීය පරමාර්‍ථය මුදුන් පමුණුවා ගන්න. එහෙයින් එහි අනෙක් අයද යොදවන්නී එසේ ප්‍රකාශ කළාය.
විසාඛාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
විශාඛා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.