යෙදුමෙන් කියවන්න

ධම‍්මදින‍්නාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මදින‍්නාථෙරීගාථාවණ‍්ණනා

ධම්මදින්නා ථේරීගාථා වර්ණනාව

ඡන්‍දජාතා අවසායීති ධම‍්මදින‍්නාථෙරියා ගාථා. සා කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ පරාධීනවුත‍්තිකා හුත්‍වා ජීවන‍්තී නිරොධතො වුට‍්ඨිතස‍්ස අග‍්ගසාවකස‍්ස පූජාසක‍්කාරපුබ‍්බකං දානං දත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තා. තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඵුස‍්සස‍්ස භගවතො කාලෙ සත්‍ථු වෙමාතිකභාතිකානං කම‍්මිකස‍්ස ගෙහෙ වසමානා දානං පටිච‍්ච “එකං දෙහී”ති සාමිකෙන වුත‍්තෙ ද‍්වෙ දෙන‍්තී, බහුං පුඤ‍්ඤං කත්‍වා කස‍්සපබුද‍්ධකාලෙ කිකිස‍්ස කාසිකරඤ‍්ඤො ගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා සත‍්තන‍්නං භගිනීනං අබ‍්භන‍්තරා හුත්‍වා වීසතිවස‍්සසහස‍්සානි බ්‍රහ‍්මචරියං චරිත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා විසාඛස‍්ස සෙට‍්ඨිනො ගෙහං ගතා.

ඡන්‍දජාතා අවසායී යනු ධම්මදින්නා ස්ථවිරීන්ගේ ප්‍රකාශයයි. මේ වනාහී පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි පරාධීන ජීවන වෘත්තියක් ඇත්තී නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා වූ අග්‍රශ්‍රාවකයන්ට පූජාසත්කාර පෙරටුකර දානයක් දී දෙව්ලොව උපන්නාය. එයින් චුතවී දෙව්මිනිස්ලෝවල හැසිරෙන්නී ඵුස්ස බුදුන්ගේ කාලයෙහි වෙනස් මවුවරුන් ඇති සොහොයුරන්ගේ කාර්මිකයාගේ ගෙදර වෙසෙන්නී ‘දන් පිණිස එකක් දෙව’යි සැමියා විසින් කියන ලද්දී දෙකක් දී බොහෝ පින්කොට කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි කිකී නම් වූ කාසි රජුගේ ගෙයි පිළිසිඳ සොහොයුරියන් සත් දෙනෙකුගේ අතරමැදියා වී ඉපිද අවුරුදු විසිදහසක් බඹසර හැසිර එක බුදුතරක් (බුද්ධාන්තරයක්) දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි (බුද්ධෝත්පාදයක්) රජගහනුවර කුලගෙයක ඉපිද වියපත් වූ කල්හි විසාඛ සිටුවරයා සමග විවාහ වුවාය.

අථෙකදිවසං විසාඛො සෙට‍්ඨි සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අනාගාමී හුත්‍වා ඝරං ගන‍්ත්‍වා පාසාදං අභිරුහන‍්තො සොපානමත්‍ථකෙ ඨිතාය ධම‍්මදින‍්නාය පසාරිතහත්‍ථං අනාලම‍්බිත්‍වාව පාසාදං අභිරුහිත්‍වා භුඤ‍්ජමානොපි තුණ‍්හීභූතොව භුඤ‍්ජි. ධම‍්මදින‍්නා තං උපධාරෙත්‍වා, “අය්‍යපුත‍්ත, කස‍්මා ත්‍වං අජ‍්ජ මම හත්‍ථං නාලම‍්බි, භුඤ‍්ජමානොපි න කිඤ‍්චි කථෙසි, අත්‍ථි නු ඛො කොචි මය‍්හං දොසො”ති ආහ. විසාඛො “ධම‍්මදින‍්නෙ, න තෙ දොසො අත්‍ථි, අහං පන අජ‍්ජ පට‍්ඨාය ඉත්‍ථිසරීරං ඵුසිතුං ආහාරෙ ච ලොලභාවං කාතුං අනරහො, තාදිසො මයා ධම‍්මො පටිවිද‍්ධො. ත්‍වං පන සචෙ ඉච‍්ඡසි, ඉමස‍්මිංයෙව ගෙහෙ වස. නො චෙ ඉච‍්ඡසි, යත‍්තකෙන ධනෙන තෙ අත්‍ථො, තත‍්තකං ගහෙත්‍වා කුලඝරං ගච‍්ඡාහී”ති ආහ. “නාහං, අය්‍යපුත‍්ත, තයා වන‍්තවමනං ආචමිස‍්සාමි, පබ‍්බජ‍්ජං මෙ අනුජානාහී”ති. විසාඛො “සාධු, ධම‍්මදින‍්නෙ”ති තං සුවණ‍්ණසිවිකාය භික‍්ඛුනිඋපස‍්සයං පෙසෙසි. සා පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා කතිපාහං තත්‍ථ වසිත්‍වා විවෙකවාසං වසිතුකාමා ආචරියුපජ‍්ඣායානං සන‍්තිකං ගන‍්ත්‍වා, “අය්‍යා, ආකිණ‍්ණට‍්ඨානෙ මය‍්හං චිත‍්තං න රමති, ගාමකාවාසං ගච‍්ඡාමී”ති ආහ. භික‍්ඛුනියො තං ගාමකාවාසං නයිංසු. සා තත්‍ථ වසන‍්තී අතීතෙ මද‍්දිතසඞ‍්ඛාරතාය න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.3.95-130) –

ඉක්බිති එක් දිනක විසාඛ-සිටුවරයා බුදුන් වෙතින් බණ අසා අනාගාමී වී ගෙදර ගොස් පහයට නගින්නේ හිණිකෙළවර සිටි ධම්මදින්නා දිගුකළ අතෙහි නොඑල්බී පහයට නැග අහරකිස කරන්නේ නිහඬවම වැළඳුවේය. ඔහුගේ මේ වෙනස දුටු ධම්මදින්නා ‘ආර්ය පුත්‍රය, කුමක් හෙයින් අද මාගේ අතෙහි නොඑල්බී ද, වළඳන්නේ ද කිසිවක් නොකියාම නිහඬව අහර ගනියි. මා විසින් කළ වරදෙක් ඇද්දැ’යි විචාළාය. ‘ධම්මදින්නා’, විසාඛ කීවේය. ‘ඔබ කළ වරදක් නැත. අද පටන් මම ගැහැනු සිරුරක් ස්පර්‍ශ කිරීමට හෝ, ආහාරයෙහි ලොල් බවක් කිරීමට හෝ නුසුදුස්සෙමි. එවැනි බණක් මම ඇසුවෙමි. ඔබ කැමති නම් මේ ගෙදරම වෙසෙන්න, නොඑසේ නම් ඔබ කැමැති තාක් ධනය ගෙන දෙගුරු ගෙයට යන්න’. ‘ආර්‍යපුත්‍රය, මම ඔබ කළ වමනය කටේ දාගැනීමට නොකැමැත්තෙමි. පැවිදිවීමට මට අවසර දෙන්න’යි ඕ ඉල්ලා සිටියාය. එය සතුටින් අනුමත කළ විසාඛ සිටුවරයා රන්සිවි ගෙයකින් ඇය භික්‍ෂුණී ආරාමයකට යැවීය. ඕතොමෝ එහිදී පැවිදිව කමටහන් ගෙන කිහිප දිනක් එහි වැස විවේක සේනාසනයක වසනු කැමැත්තී ආචාර්‍ය උපාධ්‍යාවන් වෙත ගොස් ජනගහණයෙන් යුත් ස්ථානයක ඇගේ සිත නොඇලෙන බව පවසා විවේකා වාසයකට යනු කැමති බව දැන්වූවාය. භික්‍ෂුණීහු ඇය එවැනි අරමකට යැවූහ. ඕ එහි වසන්නී අතීතයෙහි මඩනා ලද සංස්කාරයන් ඇති හෙයින් නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මාන පාරගූ; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණියා වූ පදුමුත්තර නම් බුදුහු ලොව පහළවූහ.

“තදාහං හංසවතියං, කුලෙ අඤ‍්ඤතරෙ අහුං; පරකම‍්මකාරී ආසිං, නිපකා සීලසංවුතා.

එකල මම හංසවතී නුවර එක්තරා කුලයක ඉපිද දක්‍ෂ වූයෙම් සීලසම්පන්න වූයෙම් අනුන්ට බැලමෙහෙකම් කරමින් ජීවත් වූයෙමි.

“පදුමුත‍්තරබුද‍්ධස‍්ස, සුජාතො අග‍්ගසාවකො; විහාරා අභිනික‍්ඛම‍්ම, පිණ‍්ඩපාතාය ගච‍්ඡති.

පදුමුත්තර බුදුන්ගේ අග්‍රශ්‍රාවක වූ සුජාත තෙරණුවෝ විහාරයෙන් නික්ම පිඬුපිණිස යති.

“ඝටං ගහෙත්‍වා ගච‍්ඡන‍්තී, තදා උදකහාරිකා; තං දිස‍්වා අදදං පූපං, පසන‍්නා සෙහි පාණිභි.

එකල දිය අදින්නා වූ මම කළය ගෙන පැන් සඳහා යන්නෙම් උන්වහන්සේ දැක පැහැදුනෙම් සියතින් කැවුම් පිදීමි.

“පටිග‍්ගහෙත්‍වා තත්‍ථෙව, නිසින‍්නො පරිභුඤ‍්ජි සො; තතො නෙත්‍වාන තං ගෙහං, අදාසිං තස‍්ස භොජනං.

එය පිළිගත් උන්වහන්සේ එතැන්හිම හිඳ එය වැළඳුහ. ඉක්බිති ගෙට කැඳවාගෙන ගොස් ආහර පිළිගැන්වීමි.

“තතො මෙ අය්‍යකො තුට‍්ඨො, අකරී සුණිසං සකං; සස‍්සුයා සහ ගන‍්ත්‍වාන, සම‍්බුද‍්ධං අභිවාදයිං.

එයින් පැහැදුණා වූ මගේ හාම්පුතා මා ළෙහිලිය කරගත්තේය. ඉක්බිති මම සැමියා සමග ගොස් බුදුන් වැඳීමි.

“තදා සො ධම‍්මකථිකං, භික‍්ඛුනිං පරිකිත‍්තයං; ඨපෙසි එතදග‍්ගම‍්හි, තං සුත්‍වා මුදිතා අහං.

එවිට උන්වහන්සේ එක්තරා භික්‍ෂුණියක් ධර්‍මකථික තනතුරෙහි තැබුහ. එය දුටු මම අතිශයින් පැහැදී

“නිමන‍්තයිත්‍වා සුගතං, සසඞ‍්ඝං ලොකනායකං; මහාදානං දදිත්‍වාන, තං ඨානමභිපත්‍ථයිං.

සංඝයා සහිත බුදුන් නිමතා (ආරාධනා කර) මහාදානයක් දී ඒ තනතුර ප්‍රාර්ථනා කළෙමි.

“තතො මං සුගතො ආහ, ඝනනින‍්නාදසුස‍්සරො; මමුපට‍්ඨානනිරතෙ, සසඞ‍්ඝපරිවෙසිකෙ.

ඉක්බිති ඒ සුගතයන් වහන්සේ ගැඹුරු මධුර ස්වරයෙන් මෙසේ වදාළහ: ‘මා ඇතුළු සංඝයාට දන් දුන්නා වූ ඔබ උවටැන් කිරීමෙහි නියැළුණාවෙහි.

“සද‍්ධම‍්මස‍්සවනෙ යුත‍්තෙ, ගුණවද‍්ධිතමානසෙ; භද‍්දෙ භවස‍්සු මුදිතා, ලච‍්ඡසෙ පණිධීඵලං.

ගුණයෙන් වැඩුණු මනස ඇති බණ ඇසිමෙහි නියුතු වූ තැනැත්තිය, ඔබ සතුටු වන්න. අභිප්‍රේත ඵලය ලබාගනු මැනව.

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප සියක්දහසකට පසු ඔක්කාක වංසයෙහි උපන් ගෞතම නම් වූ පුද්ගලයෙක් ලෝකයෙහි නායකයා වන්නාහුය.

“තස‍්ස ධම‍්මෙසු දායාදා, ඔරසා ධම‍්මනිම‍්මිතා; ධම‍්මදින‍්නාති නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවිකා.

උන්වහන්සේගේ ධර්‍මය දායාද කොට ඇති ධර්‍මයෙන්ම නිමවූවක් වැනි වූ ධම්මදින්නා නම් වූ ඔබ ශාස්තෲ ශ්‍රාවිකාවක් වන්නීය.

“තං සුත්‍වා මුදිතා හුත්‍වා, යාවජීවං මහාමුනිං; මෙත‍්තචිත‍්තා පරිචරිං, පච‍්චයෙහි විනායකං.

එය ඇසීමෙන් තුටුපහටු වූ මම ඒ මහා මුනිවරයන් වහන්සේට ජීවිතාවසානය දක්වා මෙත් සිතින් සිවුපසයෙන් උපස්ථාන කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

ඒ යහපත් ක්‍රියාව ද මනෝප්‍රණිධිය ද හේතුකොටගෙන මිනිස් සිරුර අතහැර තවුතිසා දෙව්ලොවට ගියෙමි.

“ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ, බ්‍රහ‍්මබන්‍ධු මහායසො; කස‍්සපො නාම ගොත‍්තෙන, උප‍්පජ‍්ජි වදතං වරො.

මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්ම බන්ධු වූ මහා යශස් ඇති නමින් කස්සප වූ බුදුවරයෙක් පහළවිය.

“උපට‍්ඨාකො මහෙසිස‍්ස, තදා ආසි නරිස‍්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත‍්තමෙ.

එකල උතුම් වූ බරණැස් නුවර කිකී නම් වූ කාසි රජතුමා උන්වහන්සේගේ උපස්ථායකයා විය.

“ඡට‍්ඨා තස‍්සාසහං ධීතා, සුධම‍්මා ඉති විස‍්සුතා; ධම‍්මං සුත්‍වා ජිනග‍්ගස‍්ස, පබ‍්බජ‍්ජං සමරොචයිං.

මම ඔහුගේ සවන දියණිය සුධම්මා නම් වීමි. බුදුන්ගෙන් බණ අසා පැවිද්ද කැමතිවීමි.

“අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං; වීසවස‍්සසහස‍්සානි, විචරිම‍්හ අතන්‍දිතා.

මගේ පියා එය අනුනොදත්තෙන් එකල මම අවුරුදු විසිදහසක් අනලස්ව විසීමි.

“කොමාරිබ්‍රහ‍්මචරියං, රාජකඤ‍්ඤා සුඛෙධිතා; බුද‍්ධොපට‍්ඨානනිරතා, මුදිතා සත‍්ත ධීතරො.

සුවසේ වැඩුණු, රාජකන්‍යාවන් වූ බඹසර හැසිරෙන කුමරියන් වූ බුද්ධෝපස්ථානයෙහි නිරත වූ දුවරු සත්දෙනෙක් වූහ.

“සමණී සමණගුත‍්තා ච, භික‍්ඛුනී භික‍්ඛුදායිකා; ධම‍්මා චෙව සුධම‍්මා ච, සත‍්තමී සඞ‍්ඝදායිකා.

සමණගුත්තා, භික්‍ඛුදාසිකා, ධම්මා, සුධම්මා, සංඝදාසිකා යන අය සමග, ඛේමා, උප්පලවණ්ණා, පටාචාරා, කුණ්ඩලා, ගෝතමී, විසාඛා හා මම යනුවෙන් සත්දෙනෙක් වීමු.

“ඛෙමා උප‍්පලවණ‍්ණා ච, පටාචාරා ච කුණ‍්ඩලා; ගොතමී ච අහඤ‍්චෙව, විසාඛා හොති සත‍්තමී.

“තෙහි කම‍්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

එකල මා විසින් කරන ලද්දා වූ පිංකම් හේතුවෙන් මිනිස් සිරුර අත්හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.

“පච‍්ඡිමෙ ච භවෙ දානි, ගිරිබ‍්බජපුරුත‍්තමෙ; ජාතා සෙට‍්ඨිකුලෙ ඵීතෙ, සබ‍්බකාමසමිද‍්ධිනෙ.

දැන් මගේ මේ අන්තිම ආත්ම භාවයෙහි උතුම් වූ මගධයෙහි සියලු සැපතින් අනුන වූ සිටුකුලයක උපන්නෙමි.

“යදා රූපගුණූපෙතා, පඨමෙ යොබ‍්බනෙ ඨිතා; තදා පරකුලං ගන‍්ත්‍වා, වසිං සුඛසමප‍්පිතා.

රූපයෙන් හා ගුණයෙන් යුක්ත වූ ප්‍රථම යෞවනයෙහි සිටියා වූ සැමියාගේ ගෙදරට ගොස් සුවසේ විසුවෙමි.

“උපෙත්‍වා ලොකසරණං, සුණිත්‍වා ධම‍්මදෙසනං; අනාගාමිඵලං පත‍්තො, සාමිකො මෙ සුබුද‍්ධිමා.

මගේ බුද්ධිමත් වූ ඒ සැමියා ධර්‍මදේශනාව අසා අනාගාමි ඵලයට පැමිණියේය.

“තදාහං අනුජානෙත්‍වා, පබ‍්බජිං අනගාරියං; නචිරෙනෙව කාලෙන, අරහත‍්තමපාපුණිං.

එකල්හි මම අනුදැනුම ලබා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. නොබෝ කලෙකින් රහත්බව ලැබුවෙමි.

“තදා උපාසකො සො මං, උපගන‍්ත්‍වා අපුච‍්ඡථ; ගම‍්භීරෙ නිපුණෙ පඤ‍්හෙ, තෙ සබ‍්බෙ බ්‍යාකරිං අහං.

එකල්හි ඒ උපාසක තෙමේ මා වෙත පැමිණ ගැඹුරු වූ නිපුණ වූ ප්‍රශ්න විචාළේය. මම ඒ ප්‍රශ්න සියල්ලම පැහැදිලි කර දුනිමි.

“ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො, එතදග‍්ගෙ ඨපෙසි මං; භික‍්ඛුනිං ධම‍්මකථිකං, නාඤ‍්ඤං පස‍්සාමි එදිසිං.

බුදුන්වහන්සේ ඒ ගුණයෙහි පැහැදී ධර්‍මය විස්තර කිරීමෙහි දක්‍ෂ වූ මෙවැනි අන් භික්‍ෂුණියක් නැතැයි මා එහි අගතැනට පත්කළහ.

“ධම‍්මදින‍්නා යථා ධීරා, එවං ධාරෙථ භික‍්ඛවො; එවාහං පණ‍්ඩිතා හොමි, නායකෙනානුකම‍්පිතා.

‘ධම්මදින්නා යම්බඳු ධීර තැනැත්තියක් වීද, මහණෙනි එය එසේම සැලැකිය යුතුය’ යනුවෙන් බුදුහු වදාළහ. බුදුන්ගේ අනුකම්පාව නිසා මම පඬිවරියක් වීමි,

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

බුදුන් වදාළ පරිදි ධර්‍මය පුහුණු කළෙමි. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි. ගැඹුරු බර බහාතැබීමි. භවයට පමුණුවන කෙලෙස් නැතිකළෙමි.

“යස‍්සත්‍ථාය පබ‍්බජිතා, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො.

යම් අරමුණක් සඳහා අනගාරික සාසනයෙහි පැවිදිවීම්ද, අරමුණ ඉටු කළෙමි. සියලු සංයෝජන විනාශ කළෙමි.

“ඉද‍්ධීසු ච වසී හොමි, දිබ‍්බාය සොතධාතුයා; පරචිත‍්තානි ජානාමි, සත්‍ථුසාසනකාරිකා.

සෘද්ධි බලය ලැබුවෙමි, දිව්කන් ලැබිමි. බුදුන්ගේ අනුශාසනය පිළිපදින්නා වූ මම පරසිත් දනිමි.

“පුබ‍්බෙනිවාසං ජානාමි, දිබ‍්බචක‍්ඛු විසොධිතං; ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ, විසුද‍්ධාසිං සුනිම‍්මලා.

පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කළෙමි, සියලු ආශ්‍රවයන් ක්‍ෂයකොට පිරිසිදුවීමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. (අප· ථෙරී 2.3.95-130);

මගේ කෙලෙස් දවාලූයෙමි -පෙ-බුදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.

අරහත‍්තං පන පත්‍වා “මය‍්හං මනං මත්‍ථකං පත‍්තං, ඉදානි ඉධ වසිත්‍වා කිං කරිස‍්සාමි, රාජගහමෙව ගන‍්ත්‍වා සත්‍ථාරඤ‍්ච වන්‍දිස‍්සාමි, බහූ ච මෙ ඤාතකා පුඤ‍්ඤානි කරිස‍්සන‍්තී”ති භික‍්ඛුනීහි සද‍්ධිං රාජගහමෙව පච‍්චාගතා. විසාඛො තස‍්සා ආගතභාවං සුත්‍වා තස‍්සා අධිගමං වීමංසන‍්තො පඤ‍්චක‍්ඛන්‍ධාදිවසෙන පඤ‍්හං පුච‍්ඡි. ධම‍්මදින‍්නා සුනිසිතෙන සත්‍ථෙන කුමුදනාළෙ ඡින්‍දන‍්තී විය පුච‍්ඡිතං පුච‍්ඡිතං පඤ‍්හං විස‍්සජ‍්ජෙසි. විසාඛො සබ‍්බං පුච‍්ඡාවිස‍්සජ‍්ජනනයං සත්‍ථු ආරොචෙසි. සත්‍ථා “පණ‍්ඩිතා, විසාඛ, ධම‍්මදින‍්නා භික‍්ඛුනී”තිආදිනා තං පසංසන‍්තො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සද‍්ධිං සංසන්‍දෙත්‍වා බ්‍යාකතභාවං පවෙදෙත්‍වා තමෙව චූළවෙදල‍්ලසුත‍්තං (ම· නි· 1.460) අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා තං ධම‍්මකථිකානං භික‍්ඛුනීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. යදා පන සා තස‍්මිං ගාමකාවාසෙ වසන‍්තී හෙට‍්ඨිමමග‍්ගෙ අධිගන‍්ත්‍වා අග‍්ගමග‍්ගත්‍ථාය විපස‍්සනං පට‍්ඨපෙසි, තදා –

ඕතොමෝ රහත්බවට පැමිණ ‘මගේ මනදොළ සපිරිණ. දැන් මෙහි වෙසෙමින් කුමක් කරම්ද? රජගහ නුවරට ගොස් බුදුන් වඳිමි, මගේ නෑයෝ බොහෝ පින් රැස්කර ගන්නාහුය’යි භික්‍ෂුණීන් සමග රජගහ නුවරටම පෙරළා ගියාය. විසාඛතෙමේ ඈ පැමිණි බව අසා ඇයගේ අධිගමය විමසන්නේ පඤ්චස්කන්ධාදි වශයෙන් ප්‍රශ්න විචාළේය. ධම්මදින්නා තෙරණියෝ මුවහත් සැතකින් කුමුදුබට සිදින්නාක් මෙන් ඇසූ ඇසූ පැණ විසදාලූහ. විසාඛතෙමේ ඇසූ හා පිළිතුරු දුන් පැණ සියල්ලම ශාස්තෲන් වහන්සේට සැලකළේය. ශාස්තෲන් වහන්සේ ‘විසාඛ, ධම්මදින්නා පණ්ඩිත භික්‍ෂුණියකි’ ආදී වශයෙන් පසසමින් සර්‍වඥතා ඥානය සමග සසඳමින් විසඳුබව දන්වා එම චුල්ලවේදල්ල සූත්‍රයම අර්ථොත්පත්ති වශයෙන් ගෙන ඇය ධර්‍මකථික භික්‍ෂුණීන් අතර අගතැනට පත්කළහ. ඕතොමෝ ඒ ගැමි අරමෙහි වෙසෙන්නී මාර්ගයෙහි පහළ අවස්ථා ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් පසු අග්‍රමාර්ගය උදෙසා විදසුන් වැඩුවාය. එකල්හි

“ඡන්‍දජාතා අවසායී, මනසා ච ඵුටා සියා; කාමෙසු අප‍්පටිබද‍්ධචිත‍්තා, උද‍්ධංසොතාති වුච‍්චතී”ති. – ඉමං ගාථං අභාසි.

හටගත්තා වූ ආශාව නිමකළේය. එය මනසින් ද ස්පර්‍ශ කළේය. කාමයන්හි නොබැඳුණු සිතින් ශ්‍රොතසින් මිදෙයි.

තත්‍ථ ඡන්‍දජාතාති අග‍්ගඵලත්‍ථං ජාතච‍්ඡන්‍දා. අවසායීති අවසායො වුච‍්චති අවසානං නිට‍්ඨානං, තම‍්පි කාමෙසු අප‍්පටිබද‍්ධචිත‍්තතාය “උද‍්ධංසොතා”ති වක‍්ඛමානත‍්තා සමණකිච‍්චස‍්ස නිට‍්ඨානං වෙදිතබ‍්බං, න යස‍්ස කස‍්සචි, තස‍්මා පදද‍්වයෙනාපි අප‍්පත‍්තමානසා අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානාති අයමත්‍ථො වුත‍්තො හොති. මනසා ච ඵුටා සියාති හෙට‍්ඨිමෙහි තීහි මග‍්ගචිත‍්තෙහි නිබ‍්බානං ඵුටා ඵුසිතා භවෙය්‍ය. කාමෙසු අප‍්පටිබද‍්ධචිත‍්තාති අනාගාමිමග‍්ගවසෙන කාමෙසු න පටිබද‍්ධචිත‍්තා. උද‍්ධංසොතාති උද‍්ධමෙව මග‍්ගසොතො සංසාරසොතො ච එතිස‍්සාති උද‍්ධංසොතා. අනාගාමිනො හි යථා අග‍්ගමග‍්ගො උප‍්පජ‍්ජති, න අඤ‍්ඤො, එවං අවිහාදීසු උප‍්පන‍්නස‍්ස යාව අකනිට‍්ඨා උද‍්ධමෙව උප‍්පත‍්ති හොතීති.

එහි ඡන්‍දජාතා - අග්‍රඵලය උදෙසා හටගත් ආශාව. අවසායි - අවසාය යනු අවසානය, නිමකිරිමය. එය වනාහි ‘කාමයන්හි නොබැඳුණු සිතින් ශ්‍රෝතසින් (සැඩපහරින්) යනුවෙන් කී හෙයින් යමෙකුගේ ශ්‍රමණ කෘත්‍යය ඉටුකළ බව දතයුතුය. එහෙයින් මේ දෙපදයෙන් ද නොලැබූ මනසින් උතුම් වූ යොගක්‍ෂේමය ප්‍රාර්ථනා කරනු ලබමින් යන අර්‍ථය ප්‍රකාශ කළේ වේ. මනසා ච පුඨං සියා- පහළ මාර්ග සිත් තුනෙන් නිවණ ස්පර්‍ශ කළේ වෙයි. කාමෙසු අප්පටිබද්ධචිත්තා- අනාගාමි මාර්‍ගය වශයෙන් කාමයෙන් නොබැඳුණු සිත්ය. උද්ධං සොතො - උඩට ගෙනයන්නා වූ මාර්ග නමැති සැඩපහර, සසර නමැති සැඩපහර වේ යනුයි ඌර්ධ්වශ්‍රෝතස් නම් වේ. අනාගාමි ඵලයට පැමිණි අය අග්‍රමාර්‍ගයට පැමිණෙති. අනෙක් අය නොවෙති. මෙසේ අවිහ ආදී බඹලෝවල උපන් අය අකනිට්ඨ බඹලොව දක්වා ඉහළ තලවලම උපදිති.

ධම‍්මදින‍්නාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ධම්මදින්නා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.