යෙදුමෙන් කියවන්න

මුත‍්තාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මුත‍්තාථෙරීගාථාවණ‍්ණනා

මුත්තා ථේරීගාථා වර්ණනාව

සුමුත‍්තා සාධුමුත‍්තාම‍්හීතිආදිකා මුත‍්තාථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලජනපදෙ ඔඝාතකස‍්ස නාම දලිද‍්දබ්‍රාහ‍්මණස‍්ස ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති, තං වයප‍්පත‍්තකාලෙ මාතාපිතරො එකස‍්ස ඛුජ‍්ජබ්‍රාහ‍්මණස‍්ස අදංසු. සා තෙන ඝරාවාසං අරොචන‍්තී තං අනුජානාපෙත්‍වා පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොති. තස‍්සා බහිද‍්ධාරම‍්මණෙසු චිත‍්තං විධාවති, සා තං නිග‍්ගණ‍්හන‍්තී “සුමුත‍්තා සාධුමුත‍්තාම‍්හී”ති ගාථං වදන‍්තීයෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ –

සුමුත්තා සාධු මුත්තම්හි යනුවෙන් ඇරඹෙන ගාථාව මුත්තා තෙරණියගේය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල දී කරනලද අධිකාර ඇත්තී හවයක් පාසා කුසල් රැස්කර මේ බුදු උපතෙහි කොසොල් දනව්වෙහි ඕඝාතක නම් වූ දිළිඳු බමුණකුගේ දියණිය වී උපන්නාය. ඇය සුදුසු වයසට පැමිණි කල දෙමවුපියෝ ඇය කුදු බමුණෙකුට විවාහ කර දුන්හ. ඕතොමෝ ඔහු සමග ගිහිගෙයි විසීම නොකැමැත්තී බමුණාගේ අනුදැනුම ලබාගෙන පැවිදිව විදසුන් වඩයි. එහෙත් ඇයගේ සිත බාහිර අරමුණු කෙරෙහි දුවයි. ඕ එය නිගන්නී, සුමුත්තා සාධු මුත්තම්හි යන ගාථාව කියත්ම විදසුන උත්සුක කරවා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා; පාණිනෙ අනුගණ‍්හන‍්තො, පිණ‍්ඩාය පාවිසී පුරං.

සියලු ධර්‍මයන් මැනවින් දත්තා වූ පදුමුත්තර බුදුන්වහන්සේ සත්‍ව වර්‍ගයාට අනුග්‍රහ කරන්නාහු පිඬු පිණිස නගරයට පිවිසියහ.

“තස‍්ස ආගච‍්ඡතො සත්‍ථු, සබ‍්බෙ නගරවාසිනො; හට‍්ඨතුට‍්ඨා සමාගන‍්ත්‍වා, වාලිකා ආකිරිංසු තෙ.

එහි වැඩම කරන්නා වූ උන්වහන්සේ දුටු නගරවාසීහු බෙහෙවින් පැහැදී මග වැලි අතුරා සැරසූහ.

“වීථිසම‍්මජ‍්ජනං කත්‍වා, කදලිපුණ‍්ණකද‍්ධජෙ; ධූමං චුණ‍්ණඤ‍්ච මාසඤ‍්ච, සක‍්කාරං කච‍්ච සත්‍ථුනො.

වීථිය හැමද කෙසෙල් ගස් පුන්කුඹු හා ධජපතාක ඔසොවා සුවඳදුම් සුවඳසුණු හා සුවඳ මලින් බුදුන් පුදා,

“මණ‍්ඩපං පටියාදෙත්‍වා, නිමන‍්තෙත්‍වා විනායකං; මහාදානං දදිත්‍වාන, සම‍්බොධිං අභිපත්‍ථයි.

මඩුවක් පිළියෙල කර බුදුන්ට ඇරයුම්කර මහාදානයක් දී සම්බෝධිය ප්‍රාර්ථනා කළෙමි.

“පදුමුත‍්තරො මහාවීරො, හාරකො සබ‍්බපාණිනං; අනුමොදනියං කත්‍වා, බ්‍යාකාසි අග‍්ගපුග‍්ගලො.

සියලු සතුන් එතෙර කරවන්නා වූ බුදුන්වහන්සේ අනුමෙවෙනි බණ වදාරා මේ විවරණය කළ සේක:

“සතසහස‍්සෙ අතික‍්කන‍්තෙ, කප‍්පො හෙස‍්සති භද‍්දකො; භවාභවෙ සුඛං ලද‍්ධා, පාපුණිස‍්සසි බොධියං.

සියක්දහසක් කල්ප ඉකුත් වූ විට භද්‍ර කල්පය එළැඹෙන්නේය. ඒ අතරතුර භවයක් පාසා සැප විඳ බෝධියට (අවබෝධයට) පැමිණෙන්නීය.

“හත්‍ථකම‍්මඤ‍්ච යෙ කෙචි, කතාවී නරනාරියො; අනාගතම‍්හි අද‍්ධානෙ, සබ‍්බා හෙස‍්සන‍්ති සම‍්මුඛා.

අත්කම් කළාවූ යම් නරනාරීහු වෙත්ද ඒ සියල්ලෝම අනාගතයෙහි හමුවන්නාහුය.

“තෙන කම‍්මවිපාකෙන, චෙතනාපණිධීහි ච; උප‍්පන‍්නදෙවභවනෙ, තුය‍්හං තා පරිචාරිකා.

මනාකොට කරනලද ඒ පින්කමෙන් ද සිත පිහිටුවා ගැනීමෙන් ද දෙව්ලොව උපන්නා වූ ඔබට ඒ අය පිරිවර වන්නාහුය.

“දිබ‍්බං සුඛමසඞ‍්ඛ්‍යෙය්‍යං, මානුසඤ‍්ච අසඞ‍්ඛියං; අනුභොන‍්ති චිරං කාලං, සංසරිම‍්හ භවාභවෙ.

බොහෝ කලක් භවයන්හි සැරිසරමින් අසඞ්ඛ්‍ය ගණන් දිවසුවඳ අසඞ්ඛ්‍ය ගණන් මිනිස් සුවඳ අනුභව කෙරේ.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; සුඛුමාලා මනුස‍්සෙසු, අථො දෙවපුරෙසු ච.

මෙතැන් සිට සියදහසක් කල්පයන් පුරා මිනිසත්බැව්හිද දෙවත්බැව්හිද රූපය, සැපසම්පත්ය, යශසය, ආයුෂය කීර්තිය හා පුවපහසුව නිතරම ලබම්වා

“රූපං භොගං යසං ආයුං, අථො කිත‍්තිසුඛං පියං; ලභාමි සතතං සබ‍්බං, සුකතං කම‍්මසම‍්පදං.

“පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ, ජාතාහං බ්‍රාහ‍්මණෙ කුලෙ; සුඛුමාලහත්‍ථපාදා , රමණියෙ නිවෙසනෙ.

අවසාන කාලය පැමිණිවිට බමුණු කුලයක උපන්නා වූ මම සියුමැලි අත්පා ඇත්තී මනහර නිවෙසක,

“සබ‍්බකාලම‍්පි පථවී, න පස‍්සාමනලඞ‍්කතං; චික‍්ඛල‍්ලභූමිං අසුචිං, න පස‍්සාමි කුදාචනං.

මුලුකාලය පුරාම නොසැරසූ බිම නොදකිම්වා, කිසිකලෙකත් විකල වූ භූමිය හෝ අපවිත්‍ර දෑ නොදකිම්වා.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

[missing trans]

අරහත‍්තං පන පත්‍වා උදානෙන‍්තී –

ඕතොමෝ රහත්බවට පැමිණ උදම් අනන්නී:

“සුමුත‍්තා සාධුමුත‍්තාම‍්හි, තීහි ඛුජ‍්ජෙහි මුත‍්තියා; උදුක‍්ඛලෙන මුසලෙන, පතිනා ඛුජ‍්ජකෙන ච; මුත‍්තාම‍්හි ජාතිමරණා, භවනෙත‍්ති සමූහතා”ති. –

සුමුත්තා සාධු මුත්තම්හි තීහි ඛුජ්ජෙහි මුත්තියා, උදුක්‍ඛලෙන මුසලෙන පතිනා ඛුජ්ජකෙන ච, මුත්තම්හි ජාතිමරණා භවනෙත්ති සමූහතා.

මුත්තා, මැනැවින් මිදුණේ වෙමි. තුන්කුදෙන් මිදුණේ වෙමි. වංගෙඩියෙන් මොහොලින් හා කුදුසැමියාගෙන් මිදුණෙම් ඉපදීම හා මරණයෙන් ද මිදුණෙමි.

ඉමං ගාථං අභාසි;

යන මේ ගාථාව ප්‍රකාශ කළාය.

තත්‍ථ සුමුත‍්තාති සුට‍්ඨු මුත‍්තා. සාධුමුත‍්තාම‍්හීති සාධු සම‍්මදෙව මුත‍්තා අම‍්හි. කුතො පන සුමුත‍්තා සාධුමුත‍්තාති ආහ “තීහි ඛුජ‍්ජෙහි මුත‍්තියා”ති, තීහි වඞ‍්කකෙහි පරිමුත‍්තියාති අත්‍ථො. ඉදානි තානි සරූපතො දස‍්සෙන‍්තී “උදුක‍්ඛලෙන මුසලෙන, පතිනා ඛුජ‍්ජකෙන චා”ති ආහ. උදුක‍්ඛලෙ හි ධඤ‍්ඤං පක‍්ඛිපන‍්තියා පරිවත‍්තෙන‍්තියා මුසලෙන කොට‍්ටෙන‍්තියා ච පිට‍්ඨි ඔනාමෙතබ‍්බා හොතීති ඛුජ‍්ජකරණහෙතුතාය තදුභයං “ඛුජ‍්ජ”න‍්ති වුත‍්තං. සාමිකො පනස‍්සා ඛුජ‍්ජො එව. ඉදානි යස‍්සා මුත‍්තියා නිදස‍්සනවසෙන තීහි ඛුජ‍්ජෙහි මුත‍්ති වුත‍්තා. තමෙව දස‍්සෙන‍්තී “මුත‍්තාම‍්හි ජාතිමරණා”ති වත්‍වා තත්‍ථ කාරණමාහ “භවනෙත‍්ති සමූහතා”ති. තස‍්සත්‍ථො – න කෙවලමහං තීහි ඛුජ‍්ජෙහි එව මුත‍්තා, අථ ඛො සබ‍්බස‍්මා ජාතිමරණාපි, යස‍්මා සබ‍්බස‍්සාපි භවස‍්ස නෙත‍්ති නායිකා තණ‍්හා අග‍්ගමග‍්ගෙන මයා සමුග‍්ඝාටිතාති.

එහි සුමුත්තා- මැනැවින් මිදුණේ වෙමි. සාධු මුත්තම්හි- යහපත් ලෙස මිදුණෙමි. ‘මැනවින් මිදුණේ කුමකින්දැ’යි පැහැදිලි කළාය. තීහි ඛුජ්ජෙහි මුත්තියා- කුදු තුනකින් මිදුණු බවය යනු මෙහි තේරුමය. ඉක්බිති ඒවා නම් වශයෙන් හඳුන්වන්නී, උදුක්‍ඛලෙන මුසලෙන පතිනා ඛුජ්ජකෙනච - වංගෙඩියට ධාන්‍ය දමනවිට නිතර නිතර දැමීමට සිදුවීමද, මෝල් ගසෙන් කොටනවිට පිට නැමීමට සිදුවීමද නොවැළැක්විය හැකි බැවින් ඒ දෙක කෙනෙකු කුදු කරවීමට හේතුවෙයි. ඇයගේ සැමියා කුදු පුද්ගලයෙකි. දැන් ඇයගේ විමුක්තියට නිදසුන් විසින් මේ තුන්කුදෙන් මිදුණු බව ප්‍රකාශ කළාය. එයම දක්වන්නී, මුත්තම්හි ජාතිමරණ යනුවෙන් පවසා එයට හේතුව කීවාය. භවනෙත්ති සමූහතා- උත්පත්තිකාරකයන් විනාශ කළෙමි. ‘මම හුදෙක් තුන්කුදෙන් මතු නොව, ජාතිජරාමරණාදියෙන් ද මිදුණෙමි’ යන අර්‍ථයයි. සසරෙහි ඉපදීම ඇතිකරවන කාරකයන්ගෙන් තෘෂ්ණාව මුල්තැන ගනීද එයද නැති කළෙමි.

මුත‍්තාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මුත්තා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.