යෙදුමෙන් කියවන්න

තිස‍්සාදිථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

තිස‍්සාදිථෙරීගාථාවණ‍්ණනා

තිස්සා ථේරීගාථා වර්ණනා

තිස‍්සෙ යුඤ‍්ජස‍්සු ධම‍්මෙහීති තිස‍්සාය ථෙරියා ගාථා . තස‍්සා වත්‍ථු තිස‍්සාසික‍්ඛමානාය වත්‍ථුසදිසං. අයං පන ථෙරී හුත්‍වා අරහත‍්තං පාපුණි. යථා ච අයං, එවං ඉතො පරං ධීරා, වීරා, මිත‍්තා, භද්‍රා, උපසමාති පඤ‍්චන‍්නං ථෙරීනං වත්‍ථු එකසදිසමෙව. සබ‍්බාපි ඉමා කපිලවත්‍ථුවාසිනියො බොධිසත‍්තස‍්ස ඔරොධභූතා මහාපජාපතිගොතමියා සද‍්ධිං නික‍්ඛන‍්තා ඔභාසගාථාය ච අරහත‍්තං පත‍්තා ඨපෙත්‍වා සත‍්තමිං. සා පන ඔභාසගාථාය විනා පගෙව සත්‍ථු සන‍්තිකෙ ලද‍්ධං ඔවාදං නිස‍්සාය විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණිත්‍වා උදානවසෙන “වීරා වීරෙහී”ති ගාථං අභාසි. ඉතරාපි අරහත‍්තං පත්‍වා –

තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි යනු තිස්ස තෙරණියගේ ගාථාවය. ඇයගේ කථාව තිස්සා මෙහෙණගේ කථාවට සමානය. මෝතොමෝ තෙරණියක් වී රහත්බවට පැමිණියාය. එසේම මෙයින් පසු ධීරා වීරා මිත්තා භද්‍රා උපසමා යන තෙරණියන් පස්දෙනාගේ කථා ද එක සමානය. කපිලවත්වැසි මේ සියලු දෙනාම බෝසතුන්ගේ කාන්තාවන් වූවාහු මහප්‍රජාපතීගෝතමී සමග නික්ම ගොස් ආලෝක ගාථාවෙන් සත්වැන්නී හැර අනෙක් සියල්ලෝම රහත්බවට පැමිණියහ. ඕතොමෝ වනාහී ආලෝක ගාථාවක් නොමැතිව හුදෙක් බුදුන් වෙතින් ලද අවවාදය ඇසුරු කරගෙන විදසුන් වඩා රහත් වී උදානයක් වශයෙන් වීරාවීරෙහි යන ගාථාව ප්‍රකාශ කළාය. සෙස්සෝ ද රහත්බවට පැමිණ -

“තිස‍්සෙ යුඤ‍්ජස‍්සු ධම‍්මෙහි, ඛණො තං මා උපච‍්චගා; ඛණාතීතා හි සොචන‍්ති, නිරයම‍්හි සමප‍්පිතා.

තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි ඛණො තංමං උපච්චගා, ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.

“ධීරෙ නිරොධං ඵුසෙහි, සඤ‍්ඤාවූපසමං සුඛං; ආරාධයාහි නිබ‍්බානං, යොගක‍්ඛෙමමනුත‍්තරං.

ධීරෙ නිරෝධං ඵුස්සෙහි සඤ්ඤාවූපමසමං සුඛං, ආරාධහාහි නිබ්බානං යොගක්‍ඛෙමං අනුත්තරං.

“වීරා වීරෙහි ධම‍්මෙහි, භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා; ධාරෙති අන‍්තිමං දෙහං, ජෙත්‍වා මාරං සවාහනං.

වීරා වීරෙහි ධම්මෙහි භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා, ධාරෙහි අන්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.

“සද‍්ධාය පබ‍්බජිත්‍වාන, මිත‍්තෙ මිත‍්තරතා භව; භාවෙහි කුසලෙ ධම‍්මෙ, යොගක‍්ඛෙමස‍්ස පත‍්තියා.

සද්ධාය පබ්බජ ත්‍වාන මිත්තෙ මිත්ත රතා භව, භාවෙහි කුසලධම්මෙ යොගක්‍ඛෙමස්ස පත්තියා.

“සද‍්ධාය පබ‍්බජිත්‍වාන, භද්‍රෙ භද්‍රරතා භව; භාවෙහි කුසලෙ ධම‍්මෙ, යොගක‍්ඛෙමමනුත‍්තරං.

සද්ධාය පබ්බජිත්‍වාන භද්‍රෙ භද්‍රරතා භව, භාවෙහි කුසලෙ ධම්මෙ යොගක්‍ඛෙමං අනුත්තරං.

“උපසමෙ තරෙ ඔඝං, මච‍්චුධෙය්‍යං සුදුත‍්තරං; ධාරෙහි අන‍්තිමං දෙහං, ජෙත්‍වා මාරං සවාහන”න‍්ති. – ගාථායො අභාසිංසු;

උපසමෙ තරෙඔඝං මච්චුධෙය්‍යං සුදුත්තරං, ධාරෙහි උත්තමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.

තිස්සා, ධර්‍මයෙහි යෙදෙන්න, සම්පත්තිය ඔබ ඉක්මනොයේවා, සම්පත්තිය ඉක්මවා ගියහොත් නිරයෙහි වැටී ශෝකයට පත්වෙති.

ධීරා, භික්‍ෂුණිය සංඥාවන් සන්සිදීමේ සුවය ඇති නිරෝධය ස්පර්‍ශ කරන්න. යෝගයන්ගේ ක්‍ෂෙම භූමිය වූ ශ්‍රේෂ්ඨ නිර්‍වාණය ලබාගන්න.

වීරා, වීර ධර්‍මයන්ගෙන් සමන්විත වූ, වඩන ලද ඉඳුරන් ඇති භික්‍ෂුණියක් වී පිරිස් සහිත මාරයා දිනාගෙන මතු උපතක් නැති හෙයින් මෙය ඔබේ අන්තිම ශරීරය කරගන්න.

මිත්තා, සැදැහැයෙන් පැවිදි වී කලණ මිතුරන් ඇසුරු කරන්න, යෝගයන්ගෙන් මිදීමට පැමිණෙනු පිණිස කුසල් දහම් වඩන්න.

භද්‍රා, සැදැහැයෙන් පැවිදි වී යහපත් වූ ශීලාදි ධර්‍මයන්හි යෝගක්‍ෂෙම වූ උතුම් වූ කුසල් දහම් වඩන්න.

උපසමා, මාරයාගේ විෂය වූ තරණය කිරීමට දුෂ්කර වූ අවිද්‍යා ආදී සතර ඕඝය තරණය කරන්න. පිරිස් සහිත මාරයා දිනා මෙය ඔබේ අවසාන ශරීරය කරගන්න යන ගාථා ප්‍රකාශ කළහ.

තත්‍ථ යුඤ‍්ජස‍්සු ධම‍්මෙහීති සමථවිපස‍්සනාධම‍්මෙහි අරියෙහි බොධිපක‍්ඛියධම‍්මෙහි ච යුඤ‍්ජ යොගං කරොහි. ඛණො තං මා උපච‍්චගාති යො එවං යොගභාවනං න කරොති, තං පුග‍්ගලං පතිරූපදෙසෙ උප‍්පත‍්තික‍්ඛණො, ඡන‍්නං ආයතනානං අවෙකල‍්ලක‍්ඛණො, බුද‍්ධුප‍්පාදක‍්ඛණො, සද‍්ධාය පටිලද‍්ධක‍්ඛණො, සබ‍්බොපි අයං ඛණො අතික‍්කමති නාම. සො ඛණො තං මා අතික‍්කමි. ඛණාතීතාති යෙ හි ඛණං අතීතා, යෙ ච පුග‍්ගලෙ සො ඛණො අභීතො, තෙ නිරයම‍්හි සමප‍්පිතා හුත්‍වා සොචන‍්ති, තත්‍ථ නිබ‍්බත‍්තිත්‍වා මහාදුක‍්ඛං පච‍්චනුභවන‍්තීති අත්‍ථො.

එහි යුඤ්ජස්සු ධම්මෙහි - සමථ විපස්සනා භාවනාව ලද ආර්ය බෝධිපාක්‍ෂික ධර්‍මයෙහි ද යෙදෙව. එහිලා උත්සාහ කරන්න. ඛණො තං මා උපච්චගා- යමෙක් මෙසේ භාවනාවෙහි නොයෙදේ ද, ඒ පුද්ගලයා සුදුසු පෙදෙසක ඉපදීමේ ක්‍ෂණය, සවැදෑරුම් ඉඳුරන්ගේ අවිකල භාවය සංඛ්‍යාත ක්‍ෂණය, බුදුන් පහළව සිටින කාලය නමැති ක්‍ෂණය, සැදැහැය ලැබීම නම් වූ ක්‍ෂණය යන මේ සියලු ක්‍ෂණයන් ඉක්මවූවා වෙයි. ඒ ක්‍ෂණයෝ ඔහු ඉක්මවා නොයෙත්වා. ඛණාතීතා- ඉක්මවා ගිය ක්‍ෂණයෝ මෙවැනි ක්‍ෂණයන්ගෙන් පල නොලබා ඉක්ම ගිය කල ඒ පුද්ගලයා නිරයෙහි ඉපද ශෝක කරයි. එහි ඉපදී මහා දුක් විඳියි යන තේරුමය.

නිරොධං ඵුසෙහීති කිලෙසනිරොධං ඵුස‍්ස පටිලභ. සඤ‍්ඤාවූපසමං සුඛං, ආරාධයාහි නිබ‍්බානන‍්ති කාමසඤ‍්ඤාදීනං පාපසඤ‍්ඤානං උපසමනිමිත‍්තං අච‍්චන‍්තසුඛං නිබ‍්බානං ආරාධෙහි.

නිරොධං පුස්සෙහි- කෙලෙස් නැතිකිරීම අරමුණු කරන්න. ඒ අරමුණ ලබාගන්න, සඤ්ඤා පසමං සුඛං ආරාධයාභි නිබ්බානං කාමසංඥාදීන්හි පෙළැඹෙන පාපචේතනාවන් ශමනය කිරීමෙන්, ඉවත් කිරීමෙන් ලැබෙන අත්‍යන්ත සුඛය නිවණය.

වීරා වීරෙහි ධම‍්මෙහීති වීරියපධානතාය වීරෙහි තෙජුස‍්සදෙහි අරියමග‍්ගධම‍්මෙහි භාවිතින්‍ද්‍රියා වඩ‍්ඪිතසද‍්ධාදිඉන්‍ද්‍රියා වීරා භික‍්ඛුනී වත්‍ථුකාමෙහි සවාහනං කිලෙසමාරං ජිනිත්‍වා ආයතිං පුනබ‍්භවාභාවතො අන‍්තිමං දෙහං ධාරෙතීති ථෙරී අඤ‍්ඤං විය කත්‍වා අත‍්තානං දස‍්සෙති.

වීරා වීරෙහි ධම්මෙහි - වීර්‍ය ප්‍රධාන කොට ඇති, වීර්‍ය මුල්කොට ඇති ආර්‍ය මාර්ගයෙහි, භාවිතින්‍ද්‍රියා- වැඩි දියුණු කළ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගෙන් සමන්විත වූ වීර භික්‍ෂුණිය, වස්තු කාමයන්ගෙන්, සවාහනං- කෙලෙස්මරු පරදවා අනාගතයෙහි නැවත ඉපදීමක් නැති හෙයින් අන්තිම ශරීරය දරන්න, යනුවෙන් ස්ථවිරී තොමෝ තමා අනෙකක මෙන් සලකා තමාම පෙන්වයි.

මිත‍්තෙති තං ආලපති. මිත‍්තරතාති කල්‍යාණමිත‍්තෙසු අභිරතා. තත්‍ථ සක‍්කාරසම‍්මානකරණතා හොහි. භාවෙහි කුසලෙ ධම‍්මෙති අරියමග‍්ගධම‍්මෙ වඩ‍්ඪෙහි. යොගක‍්ඛෙමස‍්සාති අරහත‍්තස‍්ස නිබ‍්බානස‍්ස ච පත‍්තියා අධිගමාය.

මිත්තෙ- ඇය ඇමතූ අයුරුය. මිත්තරතං- කලණ මිතුරන් කෙරෙහි ඇලුම් කිරීම, එහිලා සත්කාර සම්මාන කිරීමෙහි ඇලෙව. භාවෙහි කුසලෙ ධම්මෙ - ආර්‍ය මාර්‍ග ධර්‍මයන් පුහුණු කරන්න. යොගක්‍ඛෙමස්ස- රහත්බව, නිවණ, පත්තියා- ලබාගනු පිණිස.

භද්‍රෙති තං ආලපති. භද්‍රරතාති භද්‍රෙසු සීලාදිධම‍්මෙසු රතා අභිරතා හොහි. යොගක‍්ඛෙමමනුත‍්තරන‍්ති චතූහි යොගෙහි ඛෙමං අනුපද‍්දවං අනුත‍්තරං නිබ‍්බානං, තස‍්ස පත‍්තියා කුසලෙ බොධිපක‍්ඛියධම‍්මෙ භාවෙහීති අත්‍ථො.

භද්දෙ - ඇය අමතයි. භද්‍රරතා- යහපතෙහි නිරත වන්න. යහපත් වූ ශීලාදී ධර්‍මයන්හි රිසිවඩව. යොගක්‍ඛෙමං අනුත්තරං - සිවුවැදරුම් යෝගයන්ගෙන් මිදුණා වූ උවදුරු රහිත වූ නිවන් ලබනු පිණිස, කුසලෙ - බෝධිපාක්‍ෂික ධර්‍මයන් වඩව යනු අර්ථයි.

උපසමෙති තං ආලපති. තරෙ ඔඝං මච‍්චුධෙය්‍යං සුදුත‍්තරන‍්ති මච‍්චු එත්‍ථ ධීයතීති මච‍්චුධෙය්‍යං, අනුපචිතකුසලසම‍්භාරෙහි සුට‍්ඨු දුත‍්තරන‍්ති සුදුත‍්තරං, සංසාරමහොඝං තරෙ අරියමග‍්ගනාවාය තරෙය්‍යාසි. ධාරෙහි අන‍්තිමං දෙහන‍්ති තස‍්ස තරණෙනෙව අන‍්තිමදෙහධරා හොහීති අත්‍ථො.

උපසමා - ඇය අමතයි. තරෙ ඔඝං මච්චුධෙය්‍යං සුදුත්තරං - මාරයා මෙහි ඇතුළත්වෙනුයි මච්චුධෙය්‍යං. රැස්නොකළ කුසල සම්භාරයන් නිසා තරණය කිරීමට අපහසු වූ ආර්‍ය මාර්ගය නමැති නැවෙන් සැඩපහර තරණය කරන්න. ධාරෙහි අන්තිමං දෙහං - එය තරණය කිරීමෙන් මේ අන්තිම සිරුර දරන්න.

තිස‍්සාදිථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්සා ආදී තෙරණියන්ගේ ගාථා වර්‍ණනා නිමි.

නිට‍්ඨිතා පඨමවග‍්ගවණ‍්ණනා.

ප්‍රථමවර්‍ග වර්‍ණනාව සමාප්තය.