තිස‍්සාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
තිස‍්සාථෙරීගාථාවණ‍්ණනා
තිස්සා ථේරීගාථා වර්ණනාව
තිස‍්සෙ සික‍්ඛස‍්සු සික‍්ඛායාති තිස‍්සාය සික‍්ඛමානාය ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා සම‍්භතකුසලපච‍්චයා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා බොධිසත‍්තස‍්ස ඔරොධභූතා පච‍්ඡා මහාපජාපතිගොතමියා සද‍්ධිං නික‍්ඛමිත්‍වා පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොති. තස‍්සා සත්‍ථා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව ඔභාසං විස‍්සජ‍්ජෙත්‍වා –
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙ- මෙය මහණදම් පුරණ තිස්සාගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාරය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කරන්නී, එකතු කරගත් පින්බරින් සමන්විතවූවා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත් පුරයෙහි ශාක්‍යරාජ කුලයෙහි ඉපිද වැඩිවිය පැමිණ බෝසතුන්ගේ ඇතොවුරෙහි වැස පසුව මහාප්‍රජාපතීගෝතමී සමග නික්ම ගොස් පැවිදිව බවුන් වඩයි. බුදුන්වහන්සේ පෙර කියනලද පරිදි ආලෝකය විහිදුවා මේ ගාථාව වදාළ සේක:
“තිස‍්සෙ සික‍්ඛස‍්සු සික්ඛාය, මා තං යොගා උපච්චගුං; සබ්බයොගවිසංයුත්තා, චර ලොකෙ අනාසවා”ති. – ගාථං අභාසි;
තිස්සො සික්‍ඛස්සු සික්ඛාය මා තං යොගා උපච්චගුං, සබ්බයොගවිසංයුත්තා චර ලොකෙ අනාසවා.
තිස්සා, සිකපද අනුව හික්මෙන්න, යෝග සංඛ්‍යාත ලැබීම් ඔබ ඉක්මවා නොයේවා. සියලු යෝගයන් පහකර කෙලෙස්වලින් මිදී ලෙව්හි හැසිරෙන්න.
තත්‍ථ තිස‍්සෙති තස‍්සා ආලපනං. සික‍්ඛස‍්සු සික‍්ඛායාති අධිසීලසික‍්ඛාදිකාය තිවිධාය සික‍්ඛාය සික‍්ඛ, මග‍්ගසම‍්පයුත‍්තා තිස‍්සො සික‍්ඛායො සම‍්පාදෙහීති අත්‍ථො. ඉදානි තාසං සම‍්පාදනෙ කාරණමාහ “මා තං යොගා උපච‍්චගු”න‍්ති මනුස‍්සත‍්තං, ඉන්‍ද්‍රියාවෙකල‍්ලං, බුද‍්ධුප‍්පාදො, සද‍්ධාපටිලාභොති ඉමෙ යොගා සමයා දුල‍්ලභක‍්ඛණා තං මා අතික‍්කමුං. කාමයොගාදයො එව වා චත‍්තාරො යොගා තං මා උපච‍්චගුං මා අභිභවෙය්‍යුං. සබ‍්බයොගවිසංයුත‍්තාති සබ‍්බෙහි කාමයොගාදීහි යොගෙහි විමුත‍්තා තතො එව අනාසවා හුත්‍වා ලොකෙ චර, දිට‍්ඨසුඛවිහාරෙන විහරාහීති අත්‍ථො.
මෙහි තිස්සා යනු ඇමතීමය. සික්‍ඛස්සු සික්‍ඛාය- අධිශීලාදී ත්‍රිවිධ ශික්‍ෂාවන්ගෙන් ශික්‍ෂණය පුහුණු කරන්න. මාර්‍ගයෙහි යොදවන ත්‍රිවිධ ශික්‍ෂාවන් ලබාගන්න යනු අර්ථයි. දැන් ඒවා ලබාගැනීමේ හේතුව දැක්වීය. මා තං යොගා උපච්චගූං - මිනිසත් බව, ඉඳුරන්ගේ විකලත්වයක් නොවීම, බුදුන් ඉපදුණු කලක්වීම, ශ්‍රද්ධාව හටගැනීම යන මේ යෝගයන් දුර්‍ලභය. එයින් ප්‍රයෝජන නොගෙන ඒවා ඉක්මවා යාමට ඉඩ නොදෙන්න. කාම යෝගාදියම වූ ඒ සතර යෝගයන්ට ඔබ යටපත් කර ගැනීමට අවකාශ නොදෙන්න. සබ්බයොගවිසංයුත්තා - සියලු කාම ආදී යෝගයන්ගෙන් මිදී එහෙයින්ම ආශ්‍රවයන්ගෙන් වෙන්වී ලෙව්හි හැසිරෙන්න. මෙලෙව්හි දී සුඛවිහරණයෙන් ජීවත්වන්න යන තේරුමය.
සා තං ගාථං සුත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණීති ආදිනයො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.
ඕතොමෝ ඒ ගාථාව අසා විදසුන්වඩා රහත්වූවාය. මේ ක්‍රමය යට කියනලද පරිදි දතයුතුය.
තිස‍්සාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
තිස්සා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.