පුණ්ණාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
පුණ්ණාථෙරීගාථාවණ්ණනා
පුණ්ණා ථේරීගාථා වර්ණනාව
පුණ්ණෙ පූරස්සු ධම්මෙහීති පුණ්ණාය නාම සික්ඛමානාය ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී බුද්ධසුඤ්ඤෙ ලොකෙ චන්දභාගාය නදියා තීරෙ කින්නරයොනියං නිබ්බත්තා. එකදිවසං තත්ථ අඤ්ඤතරං පච්චෙකබුද්ධං දිස්වා පසන්නමානසා නළමාලාය තං පූජෙත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. සා තෙන පුඤ්ඤකම්මෙන සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං ගහපතිමහාසාලකුලෙ නිබ්බත්ති. පුණ්ණාතිස්සා නාමං අහොසි. සා උපනිස්සයසම්පන්නතාය වීසතිවස්සානි වසමානා මහාපජාපතිගොතමියා සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධා පබ්බජිත්වා සික්ඛමානා එව හුත්වා විපස්සනං ආරභි. සත්ථා තස්සා ගන්ධකුටියං නිසින්නො එව ඔභාසං විස්සජ්ජෙත්වා –
පුණ්ණෙ පූරස්සු ධම්මෙහි යනු පුණ්ණා නම් වූ මහණදම් පුරණ තැනැත්තියකගේ ගාථාවකි. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරනලද අධිකාරය ඇත්තී ඒ හවයන්හි දී පින් රැස්කරන්නී එක්තරා බුද්ධාන්තරයක මෙලෙව්හි චන්දභාගා නම් ගංගාවේ ඉවුරක කිඳුරු යෝනියෙහි ඉපිද එක්දිනක පසේ බුදුනමක් දැක පැහැදුණු සිත් ඇත්තී නිල්මල් සමූහයකින් උන්වහන්සේ පුදා ඇඳිලි බැඳගෙන සිටියාය. ඕතොමෝ ඒ පින්කම හේතුකොටගෙන දෙව්ලෝවලම හැසිරෙන්නී මේ බුදුන්ගේ කාලයෙහි සැවැත් නුවර ගෘහපති මහාසාල කුලයක උපන්නාය. ඕ පුණ්ණා නම් වූවාය. ඕ උපනිශ්රය සම්පත්තියෙන් අනූන බැවින් විසිවසක් ගිහිගෙයි වැස මහාප්රජාපතීගෝතමී වෙතින් ධර්මය අසා හටගත් ශ්රද්ධාව ඇත්තී පැවිදිව මහණදම් පුරන්නී භාවනා කිරීමට පටන් ගත්තාය. එකල ශාස්තෲන් වහන්සේ ගඳකිළියෙහි හුන්නේම ආලෝකයක් විහිදුවා
“පුණ්ණෙ පූරස්සු ධම්මෙහි, චන්දො පන්නරසෙරිව; පරිපුණ්ණාය පඤ්ඤාය, තමොඛන්ධං පදාලයා”ති. –
පුණ්ණෙ පූරස්සු ධම්මෙහි චන්දො පණ්ණරසොරිව, පරිපුණ්ණාය සඤ්ඤාය තමොක්ඛන්ධං පදාලය.
පුණ්ණා, පුරපස සඳ මෙන් දහමින් පිරිපුන් වෙව, පිරිපුන් නුවණින් අඳුරුකඳ බිඳලව.
ඉමං ගාථමාහ;
යන ගාථාව ප්රකාශ කළහ.
තත්ථ පුණ්ණෙති තස්සා ආලපනං. පූරස්සු ධම්මෙහීති සත්තතිංසබොධිපක්ඛියධම්මෙහි පරිපුණ්ණා හොහි. චන්දො පන්නරසෙරිවාති ර-කාරො පදසන්ධිකරො. පන්නරසෙ පුණ්ණමාසියං සබ්බාහි කලාහි පරිපුණ්ණො චන්දො විය. පරිපුණ්ණාය පඤ්ඤායාති සොළසන්නං කිච්චානං පාරිපූරියා පරිපුණ්ණාය අරහත්තමග්ගපඤ්ඤාය. තමොඛන්ධං පදාලයාති මොහක්ඛන්ධං අනවසෙසතො භින්ද සමුච්ඡින්ද. මොහක්ඛන්ධපදාලනෙන සහෙව සබ්බෙපි කිලෙසා පදාලිතා හොන්තීති.
මෙහි පුණ්ණා ආලපන වචනයකි. පුරස්සු ධම්මෙහි- සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් පරිපූර්ණ වන්න. චන්දො පණ්ණරසොරිව - මෙහි රකාරය සන්ධ්යක්ෂරයකි. මාසයෙහි පූර්ව පක්ෂයෙහි සියලු කලාවන්ගෙන් සම්පූර්ණ වූ චන්ද්රයා මෙන් පරිපුණ්ණාය පඤ්ඤාය - පිරිපුන් නුවණින්, සොළොස් කිස පිරීමෙන් පිරුණු රහත් මගින් ලැබූ නුවණින්, තමොක්ඛන්ධං පදාලය- මෝහය ඉතිරි නොකර බිඳ දමන්න, වනසන්න. මොහොකඳ පලාදමනු සමගම සියලු කෙලෙස් බිඳ දැමුවා වෙයි.
සා තං ගාථං සුත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.37-45) –
ඕතොමෝ ඒ ගාථාව අසා විදසුන් වඩා රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“චන්දභාගානදීතීරෙ, අහොසිං කින්නරී තදා; අද්දසං විරජං බුද්ධං, සයම්භුං අපරාජිතං.
මම එකල චන්දභාගා ගංඉවුරෙහි කින්නරියක් වී විසුවෙමි. දිනක බබළන, නැවත උපතක් නැති බුදුබව ලබාගෙන සිටි උන්වහන්සේ දිටිමි.
“පසන්නචිත්තා සුමනා, වෙදජාතා කතඤ්ජලී; නළමාලං ගහෙත්වාන, සයම්භුං අභිපූජයිං.
පහන් සිතින් යහපත් මනසින් ඇඳිලි බැඳගෙන මල් මාලයක් ගෙන උන්වහන්සේ පිදුවෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා කින්නරීදෙහං, අගච්ඡිං තිදසං ගතිං.
ඒ යහපත් පින්කමෙන් තිදෙසෙහි දේවගණයා වෙත ගියෙමි.
“ඡත්තිංසදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං; දසන්නං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං; සංවෙජෙත්වාන මෙ චිත්තං, පබ්බජිං අනගාරියං.
සතියක් දෙව්රජවරුන්ගේ අගමෙහෙසිය වීමි. සක්විති රජවරුන් දස දෙනෙකුගේ මෙහෙසිය වීමි. මගේ සිත සංවේගයට පැමිණ ගිහිගෙය හැර ගොස් පැවිදිවීමි.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
[missing trans]
“චතුන්නවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, පුප්ඵපූජායිදං ඵලං.
මෙයින් සිවුනවුතයකට පෙර මම යම් මලක් පිදුවෙම්ද ඒ හේතුවෙන් මම දුගතිය නොහඳුනමි. මේ මල් පිදීමෙහි අනුසස්ය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මම කෙලෙස් දැවීමි-පෙ-බුදුන්ගේ අවවාද පිළිපැදීමි.
අරහත්තං පන පත්වා සා ථෙරී තමෙව ගාථං උදානෙසි. අයමෙව චස්සා අඤ්ඤාබ්යාකරණගාථා අහොසීති.
රහත් බවට පැමිණ ඒ තෙරණියෝ එම ගාථාවම ප්රීතිවාක්යයක් වශයෙන් ප්රකාශ කළහ.
පුණ්ණාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
පුණ්ණා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.