මුත්තාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
මුත්තාථෙරීගාථාවණ්ණනා
මුත්තා ථේරීගාථා වර්ණනාව
“මුත්තෙ මුච්චස්සු යොගෙහි, චන්දො රාහුග්ගහා ඉව; විප්පමුත්තෙන චිත්තෙන, අනණා භුඤ්ජ පිණ්ඩක”න්ති. –
මුත්තෙ මුත්තස්සුයොගෙහි චන්දො රාහුග්ගහා ඉව, විප්පමුත්තෙන චිත්තෙන අනණං භුඤ්ජ පිණ්ඩකං.
‘මුත්තාවෙනි, චන්ද්‍රයා රාහුගේ ග්රහණයෙන් මිදී යන්නාක් මෙන් ඔබ යෝගයන්ගෙන් මිදෙන්න. මිදුණා වූ සිතින් ණය නැතිව පිණ්ඩපාතය වළඳන්න.’
අයං මුත්තාය නාම සික්ඛමානාය ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථාරං රථියං ගච්ඡන්තං දිස්වා පසන්නමානසා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පීතිවෙගෙන සත්ථු පාදමූලෙ අවකුජ්ජා නිපජ්ජි. සා තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති, මුත්තාතිස්සා නාමං අහොසි. සා උපනිස්සයසම්පන්නතාය වීසතිවස්සකාලෙ මහාපජාපතිගොතමියා සන්තිකෙ පබ්බජිත්වා සික්ඛමානාව හුත්වා කම්මට්ඨානං කථාපෙත්වා විපස්සනාය කම්මං කරොති. සා එකදිවසං භත්තකිච්චං කත්වා පිණ්ඩපාතපටික්කන්තා ථෙරීනං භික්ඛුනීනං වත්තං දස්සෙත්වා දිවාට්ඨානං ගන්ත්වා රහො නිසින්නා විපස්සනාය මනසිකාරං ආරභි. සත්ථා සුරභිගන්ධකුටියා නිසින්නොව ඔභාසං විස්සජ්ජෙත්වා තස්සා පුරතො නිසින්නො විය අත්තානං දස්සෙත්වා “මුත්තෙ මුච්චස්සු යොගෙහී”ති ඉමං ගාථමාහ.
මෙය මුත්තා නම්වූ, රහත්මගෙහි හික්මෙන භික්ෂුණියක විසින් කියන ලද ගාථාවකි. මෝතොමෝ පෙර බුදුවරුන්ගේ කාලවලදී කරනලද ප්‍රාර්ථනා ඇත්තී ඒ ඒ ආත්මභාවයන්හි දී කුසල් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපද නුවණැතිව එක් දිනෙක ශාස්තෲන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පහන් සිතින් පසඟ පිහිටුවා වැඳ ප්‍රීතිවේගයෙන් බුදුන්ගේ පාමුල යටිකුරුව වැතිර ගත්තීය. ඕ ඒ පින්කමින් දෙව්ලොව ඉපිද කලින්කල දෙව්ලෝවලම හැසිරෙන්නී මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර බමුණුමහසල් කුලයක ජනිත වූවාය. ඇයගේ නම මුත්තා විය. අවශ්‍ය වාසනා ගුණයෙන් සමන්විත වූ ඕ මහාප්‍රජාපතීගෝතමී සමීපයෙහි පැවිදිව ශෛක්ෂ්ය භූමියෙහිදීම කමටහන් ගෙන විදසුන් වඩන්නී දිනක අහරකිස නිමවා ස්ථවිර භික්ෂුණීන්ට කළමනා වත් සපයා දහවල් වෙසෙන තැනට ගොස් හුදෙකලාව විපස්සනා භාවනාවෙහි යෙදුණාය. බුදුන්වහන්සේ ගඳකිළියෙහි හුන්නාහුම ආලෝකයක් විහිදුවා ඇයගේ ඉදිරියෙහි සිටින්නාක් මෙන් පෙන්වා ‘මුත්තාවෙනි, ඔබ යෝගයන්ගෙන් මිදෙන්න’ යන මේ ගාථාව දෙසූ සේක.
තත්ථ මුත්තෙති තස්සා ආලපනං. මුච්චස්සු යොගෙහීති මග්ගපටිපාටියා කාමයොගාදීහි චතූහි යොගෙහි මුච්ච, තෙහි විමුත්තචිත්තා හොහි. යථා කිං? චන්දො රාහුග්ගහා ඉවාති රාහුසඞ්ඛාතො ගහතො චන්දො විය උපක්කිලෙසතො මුච්චස්සු. විප්පමුත්තෙන චිත්තෙනාති අරියමග්ගෙන සමුච්ඡෙදවිමුත්තියා සුට්ඨු විමුත්තෙන චිත්තෙන, ඉත්ථං භූතලක්ඛණෙ චෙතං කරණවචනං. අනණා භුඤ්ජ පිණ්ඩකන්ති කිලෙසඉණං පහාය අනණා හුත්වා රට්ඨපිණ්ඩං භුඤ්ජෙය්යාසි. යො හි කිලෙසෙ අප්පහාය සත්ථාරා අනුඤ්ඤාතපච්චයෙ පරිභුඤ්ජති, සො සාණො පරිභුඤ්ජති නාම. යථාහ ආයස්මා බාකුලො – “සත්තාහමෙව ඛො අහං, ආවුසො, සාණො රට්ඨපිණ්ඩං භුඤ්ජි”න්ති (ම· නි· 3.211). තස්මා සාසනෙ පබ්බජිතෙන කාමච්ඡන්දාදිඉණං පහානාය අනණෙන හුත්වා සද්ධාදෙය්යං පරිභුඤ්ජිතබ්බං. පිණ්ඩකන්ති දෙසනාසීසමෙව, චත්තාරොපි පච්චයෙති අත්ථො. අභිණ්හං ඔවදතීති අරියමග්ගප්පත්තියා උපක්කිලෙසෙ විසොධෙන්තො බහුසො ඔවාදං දෙති.
එහි මුත්තෙ යනු ඇය ඇමතූ අයුරුය. මුච්චස්සු යොගෙහි මග පිළිවෙළින් කාමාදී චතුර්විධ යෝගයන්ගෙන් මිදෙන්න. එයින් මිදුණු සිත් ඇත්තී වෙහි. කවරෙක් මෙන්ද? චන්දො රාහුග්ගතා ඉව, රාහු නමැති ග්‍රහයාගෙන් සදු ගැළවී යන්නාක් මෙන් කෙලෙස්වලින් මිදෙන්න. විප්පමුත්තෙන චිත්තෙන, ආර්ය මාර්ගයෙන් එය සම්පූර්ණයෙන් නැතිකර මැනවින් නිදහස්වූ සිතින්, මෙසේ විය යන අර්ථය යෙදෙන හෙයින් මෙහි කරණ විබත යෙදී තිබේ. අනණං භුඤ්ජ පිණ්ඩකං, කෙලෙස් නමැති ණය දුරුකර ණයෙන් නිදහස් වී රටවැසියාගේ දානය වළඳන්න. යමෙක් කෙලෙස් දුරු නොකර බුදුන් අනුදත් සිවුපසය වළඳා නම් හෙතෙම ණයකාරයෙක් වී වළඳයි. එහෙයින් බක්කුල ආයුෂ්මත්හු මෙසේ කීහ: ‘ඇවැත්නි, මම සත්දිනක් පමණක් ණය ඇතිව රට වැසියාගේ දානය වැළඳීමි’. එහෙයින් සසුනෙහි පැවිදිවූ තැනැත්තා පස්කම් සැප නමැති ණය ගෙවා ණය නොමැතිව සැදැහැයෙන් දෙන දන වැළැදිය යුතුය. පිණ්ඩකං මෙය දේශනා ශීර්ෂයය. සතර පසය යන තේරුමය. ආර්ය මාර්ගයට පිවිසෙනු පිණිස නිතර අවවාද කරයි. පව්මළ සෝදා හරිමින් බොහෝ සෙයින් ඔවා දෙයි.
සා තස්මිං ඔවාදෙ ඨත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.31-36) –
ඒ ඒ අවවාදවල පිහිටා ඕතොමෝ නොබෝ කලකින් රහත්බවට පැමිණියාය. එසේ හෙයින් අපදානයෙහි කියන ලදී:
“විපස්සිස්ස භගවතො, ලොකජෙට්ඨස්ස තාදිනො; රථියං පටිපන්නස්ස, තාරයන්තස්ස පාණිනො.
සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කරවන්නා වූ, තාදි ගුණයෙන් සමන්විත වූ ලෙව්වැසි සකල සත්ත්ව වර්ගයාගේ ශ්‍රේෂ්ඨයා වූ විපස්සි බුදුන්වහන්සේ වීථියෙහි වඩිනු දැක, මම ගෙයින් නික්ම ගොස් උන්වහන්සේ ඉදිරිපිට මුහුණ යටිකුරු කරගෙන නිදාගත්තෙමි. අනුකම්පා සහගතවූ ඒ ලෝකනාථයන් වහන්සේ මාගේ කෙසග පාගමින් වැඩි සේක, එයින් මා තුළ හටගත් පැහැදීම හේතුකොටගෙන මම තුසිත බවනයෙහි උපනිමි.
“ඝරතො නික්ඛමිත්වාන, අවකුජ්ජා නිපජ්ජහං; අනුකම්පකො ලොකනාථො, සිරසි අක්කමී මම.
“අක්කමිත්වාන සිරසි, අගමා ලොකනායකො; තෙන චිත්තප්පසාදෙන, තුසිතං අගමාසහං.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
කෙලෙස් දවා... බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.’
අරහත්තං පන පත්වා සා තමෙව ගාථං උදානෙසි. පරිපුණ්ණසික්ඛා උපසම්පජ්ජිත්වා අපරභාගෙ පරිනිබ්බානකාලෙපි තමෙව ගාථං පච්චභාසීති.
ඈ රහත් බවට පැමිණීමෙන් පසු යථෝක්ත උදානය ප්‍රකාශ කළාය. සිකපද පුරා උපසම්පදාව ලබා පසුව පිරිනිවන් පාන කල්හිද මේ ගාථාවම නැවත ප්‍රකාශ කළාය.
මුත්තාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
මුත්තා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.