අඤ්ඤතරථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අඤ්ඤතරථෙරීගාථාවණ්ණනා
අඤ්ඤතර ථේරීගාථා වර්ණනාව
ඉදානි ථෙරීගාථානං අත්ථසංවණ්ණනාය ඔකාසො අනුප්පත්තො. තත්ථ යස්මා භික්ඛුනීනං ආදිතො යථා පබ්බජ්ජා උපසම්පදා ච පටිලද්ධා, තං පකාසෙත්වා අත්ථසංවණ්ණනාය කරීයමානාය තත්ථ තත්ථ ගාථානං අට්ඨුප්පත්තිං විභාවෙතුං සුකරා හොති සුපාකටා ච, තස්මා තං පකාසෙතුං ආදිතො පට්ඨාය සඞ්ඛෙපතො අයං අනුපුබ්බිකථා –
දැන් ථෙරීගාථාවල අර්ථවර්ණනාව සඳහා අවස්ථාව පැමිණ ඇත. එහෙයින් මෙහි පළමුකොටම භික්ෂුණීන් වහන්සේලාගේ පැවිද්ද, උපසම්පදාව හා ලබා තිබෙන අධිගමය ද ප්‍රකාශකර පසුව අර්ථවර්ණනාව කරන අතර එයින් ගාථාවල අර්ථොත්පත්තිය පෙන්වාදීම පහසුවනු මෙන්ම ප්‍රකට ද වෙයි. එහෙයින් එය ප්‍රකාශකිරීම පිණිස මුල පටන්ම අනුපිළිවෙළ කථාව ලුහුඬින් මෙසේ දැක්වේ.
අයඤ්හි ලොකනාථො “මනුස්සත්තං ලිඞ්ගසම්පත්තී”ත්යාදිනා වුත්තානි අට්ඨඞ්ගානි සමොධානෙත්වා දීපඞ්කරස්ස භගවතො පාදමූලෙ කතමහාභිනීහාරො සමතිංසපාරමියො පූරෙන්තො චතුවීසතියා බුද්ධානං සන්තිකෙ ලද්ධබ්යාකරණො අනුක්කමෙන පාරමියො පූරෙත්වා ඤාතත්ථචරියාය ලොකත්ථචරියාය බුද්ධත්ථචරියාය ච කොටිං පත්වා තුසිතභවනෙ නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං ඨත්වා දසසහස්සචක්කවාළදෙවතාහි බුද්ධභාවාය –
මේ ලෝකනාථයන් වහන්සේ ‘මිනිසත්බව, ලිඞ්ගසම්පත්තිය’ ආදී වශයෙන් කියන ලද අඞ්ග අට සපුරාගෙන දීපඞ්කර බුදුන්වහන්සේගේ පාමුල්හිදී කරන ලද අදිටන් ඇත්තේ සමතිස් පෙරුම් පුරමින් සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලබා ක්‍රමයෙන් පෙරුම් පුරා නෑදයන්ට, ලෝකයාට හා බුදුබවට වැඩපිණිස පෙරුම්පිරීම නිමාවකට පමුණුවා තුසිත දිව්‍යලෝකයෙහි ඉපිද එහි දිවිපමණ වැස දසදහසක් සක්වළ දේවතාවන් විසින් බුදු බව පිණිස:
“කාලො ඛො තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67) –
‘මහාවීරය, ඔබට සුදුසු කල පැමිණ ඇත. මවුකුසෙහි ඉපදෙනු මැනවි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එගොඩ කරමින් නිවන අවබෝධ කරගනු මැනවි.’
ආයාචිතමනුස්සූපපත්තිකො තාසං දෙවතානං පටිඤ්ඤං දත්වා, කතපඤ්චමහාවිලොකනො සක්යරාජකුලෙ සුද්ධොදනමහාරාජස්ස ගෙහෙ සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කන්තො දසමාසෙ සතො සම්පජානො තත්ථ ඨත්වා, සතො සම්පජානො තතො නික්ඛන්තො ලුම්බිනීවනෙ ලද්ධාභිජාතිකො විවිධා ධාතියො ආදිං කත්වා මහතා පරිහාරෙන සම්මදෙව පරිහරියමානො අනුක්කමෙන වුඩ්ඪිප්පත්තො තීසු පාසාදෙසු විවිධනාටකජනපරිවුතො දෙවො විය සම්පත්තිං අනුභවන්තො ජිණ්ණබ්යාධිමතදස්සනෙන ජාතසංවෙගො ඤාණස්ස පරිපාකතං ගතත්තා, කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා, රාහුලකුමාරස්ස ජාතදිවසෙ ඡන්නසහායො කණ්ඩකං අස්සරාජං ආරුය්හ , දෙවතාහි විවටෙන ද්වාරෙන අඩ්ඪරත්තිකසමයෙ මහාභිනික්ඛමනං නික්ඛමිත්වා, තෙනෙව රත්තාවසෙසෙන තීණි රජ්ජානි අතික්කමිත්වා අනොමානදීතීරං පත්වා ඝටිකාරමහාබ්රහ්මුනා ආනීතෙ අරහත්තද්ධජෙ ගහෙත්වා පබ්බජිතො, තාවදෙව වස්සසට්ඨිකත්ථෙරො විය ආකප්පසම්පන්නො හුත්වා, පාසාදිකෙන ඉරියාපථෙන අනුක්කමෙන රාජගහං පත්වා, තත්ථ පිණ්ඩාය චරිත්වා පණ්ඩවපබ්බතපබ්භාරෙ පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා, මාගධරාජෙන රජ්ජෙන නිමන්තියමානො තං පටික්ඛිපිත්වා, භග්ගවස්සාරාමං ගන්ත්වා, තස්ස සමයං පරිග්ගණ්හිත්වා තතො ආළාරුදකානං සමයං පරිග්ගණ්හිත්වා, තං සබ්බං අනලඞ්කරිත්වා අනුක්කමෙන උරුවෙලං ගන්ත්වා තත්ථ ඡබ්බස්සානි දුක්කරකාරිකං කත්වා, තාය අරියධම්මපටිවෙධස්සාභාවං ඤත්වා “නායං මග්ගො බොධායා”ති ඔළාරිකං ආහාරං ආහරන්තො කතිපාහෙන බලං ගාහෙත්වා විසාඛාපුණ්ණමදිවසෙ සුජාතාය දින්නං වරභොජනං භුඤ්ජිත්වා, සුවණ්ණපාතිං නදියා පටිසොතං ඛිපිත්වා, “අජ්ජ බුද්ධො භවිස්සාමී”ති කතසන්නිට්ඨානො සායන්හසමයෙ කාළෙන නාගරාජෙන අභිත්ථුතිගුණො බොධිමණ්ඩං ආරුය්හ අචලට්ඨානෙ පාචීනලොකධාතුඅභිමුඛො අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො චතුරඞ්ගසමන්නාගතං වීරියං අධිට්ඨාය, සූරියෙ අනත්ථඞ්ගතෙයෙව මාරබලං විධමිත්වා, පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා , මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා, පච්ඡිමයාමෙ පටිච්චසමුප්පාදෙ ඤාණං ඔතාරෙත්වා, අනුලොමපටිලොමං පච්චයාකාරං සම්මසන්තො විපස්සනං වඩ්ඪෙත්වා සබ්බබුද්ධෙහි අධිගතං අනඤ්ඤසාධාරණං සම්මාසම්බොධිං අධිගන්ත්වා, නිබ්බානාරම්මණාය ඵලසමාපත්තියා තත්ථෙව සත්තාහං වීතිනාමෙත්වා, තෙනෙව නයෙන ඉතරසත්තාහෙපි බොධිමණ්ඩෙයෙව වීතිනාමෙත්වා, රාජායතනමූලෙ මධුපිණ්ඩිකභොජනං භුඤ්ජිත්වා, පුන අජපාලනිග්රොධමූලෙ නිසින්නො ධම්මතාය ධම්මගම්භීරතං පච්චවෙක්ඛිත්වා අප්පොස්සුක්කතාය චිත්තෙ නමන්තෙ මහාබ්රහ්මුනා ආයාචිතො බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො තික්ඛින්ද්රියමුදින්ද්රියාදිභෙදෙ සත්තෙ දිස්වා මහාබ්රහ්මුනා ධම්මදෙසනාය කතපටිඤ්ඤො “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති ආවජ්ජෙන්තො ආළාරුදකානං කාලඞ්කතභාවං ඤත්වා, “බහුපකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ, යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු, යංනූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති (මහාව· 10) චින්තෙත්වා, ආසාළ්හිපුණ්ණමායං මහාබොධිතො බාරාණසිං උද්දිස්ස අට්ඨාරසයොජනං මග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ උපකෙන ආජීවකෙන සද්ධිං මන්තෙත්වා, අනුක්කමෙන ඉසිපතනං පත්වා තත්ථ පඤ්චවග්ගියෙ සඤ්ඤාපෙත්වා “ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා”තිආදිනා (මහාව· 13; සං· නි· 5.1081; පටි· ම· 2.30) ධම්මචක්කපවත්තනසුත්තන්තදෙසනාය අඤ්ඤාසිකොණ්ඩඤ්ඤප්පමුඛා අට්ඨාරසබ්රහ්මකොටියො ධම්මාමතං පායෙත්‍වා පාටිපදෙ භද්දියත්ථෙරං, පක්ඛස්ස දුතියායං වප්පත්ථෙරං, පක්ඛස්ස තතියායං මහානාමත්ථෙරං, චතුත්ථියං අස්සජිත්ථෙරං, සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා, පඤ්චමියං පන පක්ඛස්ස අනත්තලක්ඛණසුත්තන්තදෙසනාය (මහාව· 20; සං· නි· 3.59) සබ්බෙපි අරහත්තෙ පතිට්ඨාපෙත්වා තතො පරං යසදාරකප්පමුඛෙ පඤ්චපණ්ණාසපුරිසෙ, කප්පාසිකවනසණ්ඩෙ තිංසමත්තෙ භද්දවග්ගියෙ, ගයාසීසෙ පිට්ඨිපාසාණෙ සහස්සමත්තෙ පුරාණජටිලෙති එවං මහාජනං අරියභූමිං ඔතාරෙත්වා බිම්බිසාරප්පමුඛානි එකාදසනහුතානි සොතාපත්තිඵලෙ නහුතං සරණත්තයෙ පතිට්ඨාපෙත්වා වෙළුවනං පටිග්ගහෙත්වා තත්ථ විහරන්තො අස්සජිත්ථෙරස්ස වාහසා අධිගතපඨමමග්ගෙ සඤ්චයං ආපුච්ඡිත්වා, සද්ධිං පරිසාය අත්තනො සන්තිකං උපගතෙ සාරිපුත්තමොග්ගල්ලානෙ අග්ගඵලං සච්ඡිකත්වා සාවකපාරමියා මත්ථකං පත්තෙ අග්ගසාවකට්ඨානෙ ඨපෙත්වා කාළුදායිත්ථෙරස්ස අභියාචනාය කපිලවත්ථුං ගන්ත්වා, මානත්ථද්ධෙ ඤාතකෙ යමකපාටිහාරියෙන දමෙත්වා, පිතරං අනාගාමිඵලෙ, මහාපජාපතිං සොතාපත්තිඵලෙ පටිට්ඨාපෙත්වා, නන්දකුමාරං රාහුලකුමාරඤ්ච පබ්බාජෙත්වා, සත්ථා පුනදෙව රාජගහං පච්චාගච්ඡි.
යනුවෙන් මිනිස්ලොව ඉපදීමට ආරාධනා ලැබ ඒ දෙවිවරුන්ට පිළිණ දී, පස්මහබැලුම් බලා ශාක්‍ය රාජකුලයෙහි සුද්ධෝදන මහරජතුමාගේ ගෙයි සිහිනුවණින් යෙදී මවුකුසෙහි පිළිසිඳ දසමසක් සිහිනුවණින් එහි ඇස ඉක්බිති ලුම්බිණි වනයෙහි දී මවුකුසින් බිහිව නොයෙක් කිරිමවුවරුන් ආදී මහත් පිරිවරින් මනාකොට ඇතිදැඩිකරගනු ලබන්නේ ක්‍රමයෙන් වැඩිවියට පැමිණියේ පහර තැනක නොයෙක් නළුනිළිසමූහයා විසින් පිරිවරනු ලැබුවේ දිව්‍යරාජයා මෙන් සැපසම්පත් අනුභව කරමින් මහල්ලෙකු, ලෙඩෙකු හා මළසිරුරක් දැකීමෙන් හටගත් සංවේග ඇත්තේ නුවණ මුහුකිරීමට පැමිණ සිටි බැවින් කම්සුවයෙහි ආදීනව හා නික්මයාමෙහි (පැවිද්දෙහි) අනුසස් දැක රහල් කුමරු දිනු දිනම ඡන්න අසරුවාගේ සහාය ඇතිව කන්ථක අසු අරා දෙවියන් විසින් හළ දොරටුවෙන් මැදියම් රැයෙහි මහබිනික්මණ නික්ම රාත්‍රියෙහි සෙසු භාගයෙහි දී රාජධානි තුනක් ඉක්මවා ගොස් අනෝමා ගංතෙරට පැමිණ ඝටීකාර බ්‍රහ්මයා විසින් පුදනු ලැබූ අර්හත්ධ්වජය පිළිගෙන පැවිදි විය. එකෙණෙහිම සියවස් පිරුණු මහතෙර නමකගේ පෙනුමක් ඇතිව පහන් ඉරියව්වලින් සමන්විත වූයේ ක්‍රමයෙන් රජගහ නුවරට පැමිණ එහි පිඬු සිඟා පණ්ඩව පර්වත බෑවුමෙහි හිඳ පිණ්ඩපාතය වළඳා සිටි කල්හි මගධරජු විසින් රාජ්‍යයෙන් පුදනු ලැබුවේ එය පිළිකෙව්කොට භාර්ගවගේ ආරාමයට ගොස් එහි ආගම ධර්මය ඉගෙන නිමවා ඉක්බිති ආළාර හා උද්දකගේ සමයයන් ඉගෙන ඒ සියල්ල නිෂ්ප්රභකොට ක්‍රමයෙන් උරුවේලාවට ගොස් එහි සවසක් පුරා දුෂ්කර ක්‍රියාකොට එය ආර්යධර්මය අවබෝධ කරගනු පිණිස පිටුබලයක් නොවන බව දැන ‘මෙය සම්බෝධිය පිණිස මාර්ගය නොවේ’ යයි සිතා ඕළාරික ආහාර ගනිමින් කිහිප දිනකින් සිරුරෙහි ශක්තිය ලැබ වෙසක් පුණු පොහෝදින සුජාතා විසින් පුදන ලද උතුම් අහර වළඳා රන්මුවා පාත්‍රය ගඟේ විරුද්ධ දියවැලෙහි තබා ‘අද බුදුවන්නෙමි’යි කරනලද සනිටුහනේ ඇත්තේ සවස් කාලයෙහි කාලනාගරාජයා කළ ප්‍රශංසාව අසා බෝමැඩ අරා නොසැලෙන තැනෙක්හි පෙරදිග ලෝකධාතුවට මුහුණ ලා අපරාජිත පර්යඞ්කයෙහි හුන් සේක් අඞ්ග සතරකින් සමන්විත වීර්ය අධිෂ්ඨාන කරගෙන හිරු බැසයාමට පෙරම මාරයාගේ බලය විනාශකර රෑ පෙරයම පෙර විසූ කඳපිළිවෙළ සිහිකොට මැදියමෙහි දිවැස පිරිසුදු කර අලුයම්හි පටිච්චසමුප්පාදයෙහි නුවණ මෙහෙයවා හේතු ප්‍රත්‍යයන්ගේ අනුලෝම ප්‍රතිලෝම ක්‍රියාකාරීත්වය විමසමින් විවසුන් වඩා සියලු බුදුවරුන් විසින් ක්ෂාත්ක්ෂාත් කරනු ලැබූ අනන්‍ය සාධාරණ වූ සම්‍යක් සම්බෝධියට පැමිණ නිවන් අරමුණුකොට දින සතක් ඵලසමාපත්තියෙන් බැස එනයින්ම ඉතිරි සත්දිනයන් ද බෝමළුවෙහිම ගතකර රාජායතන ගසමුල දී මීපිඬු බොජුන් වළඳා පසුව අජපාලගේ නුගගසමුල හිඳ ධර්මයෙහි ගැඹුරු බව දැක උනන්දුව හීනවිය. ඒ බව දුටු මහාබ්‍රහ්මයා විසින් ආරාධනා කරනු ලැබුවේ බුදු ඇසින් ලොව බලන්නේ දියුණු තියුණු ඉඳුරන්ගේ භේද වශයෙන් වෙසෙන්නා වූ සත්ත්වයන් දැක ධර්මය දේශනා කරනු පිණිස මහාබ්‍රහ්මයා විසින් කළ ඇරයුම දුන් පිළිණ ඉටුකිරීම් වශයෙන් ‘මම පළමුව කවරෙකුට දහම් දෙසන්නෙම්දැ’යි පෙරළා අතීතය බලන්නේ ආළාර හා උද්දක යන දෙදෙන මළබැව් දැන ‘පස්වග මහණෝ මට බෙහෙවින් උපකාර වූහ. ඔවුහු මා ප්‍රධන්වීර්ය කරන අවස්ථාවෙහි මට උවටැන් කළහ. මම පළමුකොට පස්වග මහණුන්ට දහම් දෙසන්නෙම් නම් මැනවි’ යනුවෙන් සිතා ඇසළමස පුණුපොහෝදින මහාබෝධියෙන් පිටත්ව බරණැස බලා යනු පිණිස අටළොස් යොදුන් මගට පිළිපන්නේ අතරමගදී උපක ආජීවකයා සමග කතාබස්කර ක්‍රමයෙන් ඉසිපතනයට ගොස් පස්වග මහණුන්ට තමා බුදුවූ බව දන්වා ‘මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නොකටයුතු අන්ත දෙකක් වේ’ ආදී දම්සක් පැවතුම් සූත්‍ර දෙසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්රමුඛ දහඅටකෝටියක් බ්‍රහ්මයන්ට ධර්මාමෘතය පොවා පිළිවෙලින්, (පුර) පසදෙවන දින භද්දිය තෙරුන් ද, තෙවන දින වප්ප තෙරුන් ද, සිවුවන දින මහානාම තෙරුන් හා අස්සජි තෙරුන් ද සෝවාන් පෙළෙහි පිහිටුවා පස්වන දින අනත්තලක්ඛණ සූත්‍රය දේශනාකර සියලුදෙනාම රහත්පළෙහි පිහිටුවා වදාළ සේක. අනතුරුව, යසදරුවන් ප්රමුඛ තරුණයන් පණස්පස්දෙනද, කප්පාසික වනරොදෙහි හද්දවග්ගිය කුමරුන් තිස්දෙනද, ගයාහිස පිට්ඨිපාසාණයෙහි දහසක් පුරාණ ජටිලයන් ද යන මෙතෙක් දෙනා ආර්යභූමියෙහි පිහිටුවා බිම්බිසාර ප්රමුඛ එකොළොස්නහුතයක් දෙනා සෝවාන් පෙලෙහි පිහිටුවා එකනහුතයක් තිසරණයෙහි පිහිටුවා වේළුවනය පිළිගෙන එහි වැඩවසන සේක් අස්සජී තෙරණුවන්ගේ මාර්ගයෙන් පළමු මගට පැමිණ තමා වෙත පැමිණි සැරියුත් මුගලන් දෙනම අග්‍රඵල ක්ෂාත්ක්ෂාත්කර ශ්‍රාවක පාරමිතාවෙහි අගතැන් පැමිණියෙන් අගසව්නතුරෙහි පිහිටුවා කාළුදායී තෙරුන්ගේ ඇරයුම පරිදි කපිලවත්ථුවට ගොස් මන්තද නෑයන් යමාමහ පෙළහරින් දමනය කරපියා අනාගාමි ඵලයෙහි ද මහාප්‍රජාපතිය සෝවාන් පෙළෙහි ද පිහිටුවා නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි කරවා නැවතත් රජගහ නුවරට පෙරළා වැඩි සේක.
අථාපරෙන සමයෙන සත්ථරි වෙසාලිං උපනිස්සාය කූටාගාරසාලායං විහරන්තෙ සුද්ධොදනමහාරාජා සෙතච්ඡත්තස්ස හෙට්ඨාව අරහත්තං සච්ඡිකත්වා පරිනිබ්බායි. අථ මහාපජාපතියා ගොතමියා පබ්බජ්ජාය චිත්තං උප්පජ්ජි, තතො රොහිනීනදීතීරෙ කලහවිවාදසුත්තන්තදෙසනාය (සු· නි· 868 ආදයො) පරියොසානෙ නික්ඛමිත්වා, පබ්බජිතානං පඤ්චන්නං කුමාරසතානං පාදපරිචාරිකා එකජ්ඣාසයාව හුත්වා මහාපජාපතියා සන්තිකං ගන්ත්වා, සබ්බාව “සත්ථු සන්තිකෙ පබ්බජිස්සාමා”ති මහාපජාපතිං ජෙට්ඨිකං කත්වා සත්ථු සන්තිකං ගන්තුකාමා අහෙසුං. අයඤ්ච මහාපජාපති පුබ්බෙපි එකවාරං සත්ථාරං පබ්බජ්ජං යාචිත්වා නාලත්ථ, තස්මා කප්පකං පක්කොසාපෙත්වා කෙසෙ ඡින්දාපෙත්වා කාසායානි අච්ඡාදෙත්වා සබ්බා තා සාකියානියො ආදාය වෙසාලිං ගන්ත්වා ආනන්දත්ථෙරෙන දසබලං යාචාපෙත්වා, අට්ඨගරුධම්මපටිග්ගහණෙන පබ්බජ්ජං උපසම්පදඤ්ච අලත්ථ. ඉතරා පන සබ්බාපි එකතො උපසම්පන්නා අහෙසුං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පනෙතං වත්ථු තත්ථ තත්ථ පාළියං (චූළව· 402) ආගතමෙව.
එයින් පසු එක්සමයක ශාස්තෲන් වහන්සේ විශාලා නගරය ඇසුරුකොට කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක් සුද්ධෝදන මහරජතෙමේ සේසත යටදීම රහත් බවට පැමිණ පිරිනිවන් පෑවේය. ඉක්බිති මහාප්‍රජාපතී ගෝතමියට පැවිදිවීමට සිත්විය. පසු දිනෙක රෝහිණී ගංඉවුරෙහිදී දෙසු කලහවිවාද සූත්‍ර දේශනාව අවසානයෙහි නික්ම පැවිදි වූ කුමාරවරුන් පන්සියයකගේ භාර්යාවෝ එකම අදහසක් ඇතිවූවාහු මහාප්‍රජාපතිය පෙරටුකොට බුදුන් හමුවට යාමට කැමති වූහ. මේ මහාප්රජාපතීතොමෝ මෙයට පෙරද වරක් බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා සිටි නමුදු නොලැබිණ. එහෙයින් කරණවෑමියා කැඳවා කෙස් කප්පවා කහවත් හැඳ ඕතොමෝ ඒ සියලුම ශාක්‍ය කාන්තාවන් කැඳවාගෙන විශාලා නුවරට ගොස් අනඳ තෙරුන් ලවා ආයාචනා කරවා අෂ්ටගරුධර්ම පිළිගැන්වීමෙන් පසු පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. සෙසු සියල්ලෝම එකට උපසම්පදාව ලැබූහ. මේ වූකලී ලුහුඬු කථාවය. විස්තර වශයෙන් නම් ඒ ඒ තැන්වල (පාලියෙහි) පෙළෙහි ඇතුළත්වී ඇත.
එවං උපසම්පන්නා පන මහාපජාපති සත්ථාරං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. අථස්සා සත්ථා ධම්මං දෙසෙසි. සා සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරහත්තං පාපුණි. සෙසා ච පඤ්චසතභික්ඛුනියො නන්දකොවාදපරියොසානෙ (ම· නි· 3.398) අරහත්තං පාපුණිංසු. එවං භික්ඛුනිසඞ්ඝෙ සුප්පතිට්ඨිතෙ පුථුභූතෙ තත්ථ තත්ථ ගාමනිගමජනපදරාජධානීසු කුලිත්ථියො කුලසුණ්හායො කුලකුමාරිකායො බුද්ධසුබුද්ධතං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිතඤ්ච සුත්වා, සාසනෙ අභිප්පසන්නා සංසාරෙ ච ජාතසංවෙගා අත්තනො සාමිකෙ මාතාපිතරො ඤාතකෙ ච අනුජානාපෙත්වා, සාසනෙ උරං දත්වා පබ්බජිංසු. පබ්බජිත්වා ච සීලාචාරසම්පන්නා සත්ථුනො ච තෙසං ථෙරානඤ්ච සන්තිකෙ ඔවාදං ලභිත්වා ඝටෙන්තියො වායමන්තියො නචිරස්සෙව අරහත්තං සච්ඡාකංසු. තාහි උදානාදිවසෙන තත්ථ තත්ථ භාසිතා ගාථා පච්ඡා සඞ්ගීතිකාරකෙහි එකජ්ඣං කත්වා එකකනිපාතාදිවසෙන සඞ්ගීතිං ආරොපයිංසු “ඉමා ථෙරීගාථා නාමා”ති. තාසං නිපාතාදිවිභාගො හෙට්ඨා වුත්තොයෙව. තත්ථ නිපාතෙසු එකකනිපාතො ආදි. තත්ථපි –
මෙසේ උපසපන් වූ මහාප්‍රජාපතී බුදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියාය. එවිට බුදුන්වහන්සේ ඇයට දහම් දෙසූ සේක. ඕතොමෝ බුදුන්වහන්සේ වෙතින් කමටහන් ගෙන රහත්බවට පැමිණියාය. සෙසු පන්සියයක් භික්ෂුණීහු නන්දකොවාද ධර්ම දේශනාව අවසානයෙහි රහත්බවට පැමිණියාහ. මෙසේ භික්ෂුණී සංඝයා මැනවින් පිහිටි කල්හි, පැතිරගිය කල්හි ඒ ඒ ගම්නියම්ගම් හා දනව්රජදහන්වල කුලස්ත්‍රීහු කුලයෙහෙළියෝ කුලකුමරියෝ බුදුන්ගේ සුබෝධතාව ධර්මයෙහි සුධර්‍මතාව හා සංඝයාගේ සුපිළිපන් බවද අසා සසුනෙහි බෙහෙවින් පැහැදුණාහු සසර කෙරෙහි සංවේගය ඇතිවූවාහු තමතමාගේ සැමියන් දෙගුරුන් හා නෑදයන්ගේ අනුදැනීමෙන් සසුනට උරදී පැවිදිවූවාහුය. පැවිද්ද ලබා සීලාචාර සම්පන්න වී බුදුන්වහන්සේගේ ද ඒ තෙරවරුන්ගේ ද සමීපයෙහි අවවාද ලබාගෙන වෑයම් කරන්නාහු නොබෝ කලෙකින් රහත් බවට පැමිණියාහුය. ඔවුන් විසින් උදානාදී වශයෙන් ඒ ඒ තැන්වලදී ප්‍රකාශකරනලද ගාථා සංගීතිකාරකයන් විසින් අනුපිළිවෙළට සකස්කර ඒකක නිපාත ආදී වශයෙන් සංගායනාවට නැගුහ. මේවා ථෙරීගාථා නමින් හැඳින්විණ. එහි නිපාතාදියෙහි වෙනස්කම් ඉහත කියන ලද්දේමය. එහි නිපාත අතරෙහි ඒකක නිපාතය පළමුවම දැක්වේ. එහිදු,
“සුඛං සුපාහි ථෙරිකෙ, කත්වා චොළෙන පාරුතා; උපසන්තො හි තෙ රාගො, සුක්ඛඩාකංව කුම්භිය”න්ති. –
සුඛං සුපාහි ථෙරිකෙ කත්වා චොළෙන පාරුතා උපසන්තො හි තෙ රාගො සුක්ඛඩාකංව කුම්හියං
තෙරණිය, සළුව (සිදුර) පෙරවාගෙන සුවසේ නිදාගන්න. ඔබ තුළ පැවැති රාගය ඇතිලියෙහි වියලුණු පලා ව්‍යඤ්ජනය මෙන් සන්සිඳී ඇත.
අයං ගාථා ආදි. තස්සා කා උප්පත්ති? අතීතෙ කිර අඤ්ඤතරා කුලධීතා කොණාගමනස්ස භගවතො කාලෙ සාසනෙ අභිප්පසන්නා හුත්වා සත්ථාරං නිමන්තෙත්වා දුතියදිවසෙ සාඛාමණ්ඩපං කාරෙත්වා වාලිකං අත්ථරිත්වා උපරි විතානං බන්ධිත්වා ගන්ධපුප්ඵාදීහි පූජං කත්වා සත්ථු කාලං ආරොචාපෙසි. සත්ථා තත්ථ ගන්ත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. සා භගවන්තං වන්දිත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්වා, භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං තිචීවරෙන අච්ඡාදෙසි. තස්සා භගවා අනුමොදනං කත්වා පක්කාමි. සා යාවතායුකං පුඤ්ඤානි කත්වා ආයුපරියොසානෙ දෙවලොකෙ නිබ්බත්තිත්වා එකං බුද්ධන්තරං සුගතීසු එව සංසරන්තී කස්සපස්ස භගවතො කාලෙ ගහපතිකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා, සංසාරෙ ජාතසංවෙගා සාසනෙ පබ්බජිත්වා උපසම්පජ්ජිත්වා වීසතිවස්සහස්සානි භික්ඛුනිසීලං පූරෙත්වා, පුථුජ්ජනකාලකිරියං කත්වා, සග්ගෙ නිබ්බත්තා එකං බුද්ධන්තරං සග්ගසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං ඛත්තියමහාසාලකුලෙ නිබ්බත්ති. තං ථිරසන්තසරීරතාය ථෙරිකාති වොහරිංසු. සා වයප්පත්තා කුලප්පදෙසාදිනා සමානජාතිකස්ස ඛත්තියකුමාරස්ස මාතාපිතූහි දින්නා පතිදෙවතා හුත්වා වසන්තී සත්ථු වෙසාලිගමනෙ සාසනෙ පටිලද්ධසද්ධා උපාසිකා හුත්වා, අපරභාගෙ මහාපජාපතිගොතමීථෙරියා සන්තිකෙ ධම්මං සුත්වා පබ්බජ්ජාය රුචිං උප්පාදෙත්වා “අහං පබ්බජිස්සාමී”ති සාමිකස්සාරොචෙසි. සාමිකො නානුජානාති. සා පන කතාධිකාරතාය යථාසුතං ධම්මං පච්චවෙක්ඛිත්වා රූපාරූපධම්මෙ පරිග්ගහෙත්වා විපස්සනං අනුයුත්තා විහරති.
මේ ගාථාව මුලින්ම එයි. එහි උපත කුමක්ද? අතීතයෙහි වනාහී එක්තරා කුලදියණියක් කෝණාගමන බුදුන්ගේ කාලයෙහි සසුන්හි බෙහෙවින් පැහැදී බුදුන්ට ඇරයුම්කර දෙවනදින අතුවලින් මඩුවක් සාදා වැලි අතුරා උඩුවියන් බැඳ ගඳදුම් ආදියෙන් පුජාකර බුදුන්ට වැඩමවීමට සුදුසු වේලාව බව දැන්වූවාය. බුදුහු එහි ගොස් පනවන ලද අස්නෙහි වැඩ හුන්හ. ඕ බුදුන් වැඳ ප්‍රණීත ආහාරපානාදියෙන් සතප්වා, දන් වළඳා නිමවූ කල්හි සිවුරු තුනක් පූජා කළාය. බුදුන්වහන්සේ ඕහට අනුමෙවෙනි බණ වදාරා පෙරළා වැඩිසේක. ඕතොමෝ දිවි ඇතිතාක් පින් රැස්කර, ආයු අවසානයෙහි දෙව්ලොව ඉපිද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙව්ලෝවල සැරිසරන්නී කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි ගැහැවිකුලයක උපත ලබා ලෝකස්වභාවය දැනගත් පසු සසර කෙරෙහි හටගත් සංවේගය ඇත්තී සසුනෙහි පැවිදිව උපසම්පදාව ලබාගෙන වසර විසිදහසක් සිල් පුරා පුහුදුන් තැනැත්තියක වශයෙන් කලුරියකොට ස්වර්ගයෙහි උපන්නී බුද්ධාන්තරයක් දෙව්සුව විඳ වර්තමාන බුද්ධෝත්පාදයෙහි විසාලා මහනුවර ක්ෂත්රියමහාසාල කුලයෙහි උපන්නීය. ශක්තිමත් පැහැපත් සිරුරක් ඇති බැවින් ඕ තොමෝ ‘ථෙරිකා’ නමින් හඳුන්වනු ලැබුවාය. තරුණවියට පැමිණියා වූ ථෙරිකාතොමෝ සිය මවුපියන් විසින් කුලපෙදෙස් ආදියෙන් සමජාතික වූ ක්ෂත්රිය කුමාරයෙකුට විවාහ කර දෙනු ලැබුවාය. ඕ සැමියා දෙවියෙකු කොට සලකා ප්‍රියමනාපව වෙසෙන්නී බුදුන් වහන්සේ විසාලා නුවරට වැඩි අවස්ථාවේ දී සසුනෙහි පැහැදී උවැසියක වී පසු කලක මහාප්‍රජාපතීගෝතමී තෙරණියගෙන් බණ අසා පැවිදිවීමට කැමැතිව (රුචිවී) ‘මම පැවිදිවන්නෙමි’ යයි සැමියාට දැන්වූවාය. සැමියා එය නොඅනුදනියි. ඕතොමෝ වූකලී පෙර කළ පින් මුහුකුරා ඇත්තී අසා තිබෙන ධර්මය නැවත නැවත මෙනෙහි කරන්නී රූපාරූපධර්මයන් මනසින් ග්‍රහණයකර බවුන් වැඩීමෙහි යෙදෙමින් වෙසෙයි.
අථෙකදිවසං මහානසෙ බ්යඤ්ජනෙ පච්චමානෙ මහතී අග්ගිජාලා උට්ඨහි. සා අග්ගිජාලා සකලභාජනං තටතටායන්තං ඣායති. සා තං දිස්වා තදෙවාරම්මණං කත්වා සුට්ඨුතරං අනිච්චතං උපට්ඨහන්තං උපධාරෙත්වා තතො තත්ථ දුක්ඛානිච්චානත්තතඤ්ච ආරොපෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අනුක්කමෙන උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා අනාගාමිඵලෙ පතිට්ඨහි. සා තතො පට්ඨාය ආභරණං වා අලඞ්කාරං වා න ධාරෙති. සා සාමිකෙන “කස්මා ත්වං, භද්දෙ, ඉදානි පුබ්බෙ විය ආභරණං වා අලඞ්කාරං වා න ධාරෙසී”ති වුත්තා අත්තනො ගිහිභාවෙ අභබ්බභාවං ආරොචෙත්වා පබ්බජ්ජං අනුජානාපෙසි. සො විසාඛො උපාසකො විය ධම්මදින්නං මහතා පරිහාරෙන මහාපජාපතිගොතමියා සන්තිකං නෙත්වා “ඉමං, අය්යෙ, පබ්බාජෙථා”ති ආහ. අථ මහාපජාපතිගොතමී තං පබ්බාජෙත්වා උපසම්පාදෙත්වා විහාරං නෙත්වා සත්ථාරං දස්සෙසි. සත්ථාපිස්සා පකතියා දිට්ඨාරම්මණමෙව විභාවෙන්තො “සුඛං සුපාහී”ති ගාථමාහ.
ඉක්බිති එක් දිනක කුස්සියෙහි ව්‍යඤ්ජනයක් පිසින අතර විශාල ගින්නක් හටගත්තේය. ඒ ගිනිදැල්ලෙන් මුලු භාජනයම තට තට යන අනුකරණයෙන් දැවෙන්ට විය. ඕතොමෝ එය දැක එයම අරමුණක් කොට වඩාත් මැනවින් අනිත්‍ය සංඥාව පිහිටුවාගෙන ඒ ඇසුරින්ම අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්රිලක්ෂණය පෙරදැරි කරගෙන විපස්සනා භාවනාව වඩා ක්‍රමයෙන් උත්සුක වී මගපිළිවෙළින් අනාගාමි ඵලයෙහි පිහිටියාය. එතැන් පටන් ඕතොමෝ අලංකාරය පිණිස අබරණ ආදී කිසිවක් නොපළඳියි. ‘සොඳුර, ඔබ අලංකාරය පිණිස අබරණ ආදි කිසිවක් දැන් පෙරමෙන් නොපළදින්නේ කුමක් හෙයින්දැ’යි, අසනු ලැබුවා වූ ඕ තමා දැන් ගිහිබවට නුසුදුසු බව දන්වා පැවිදිවීමට අනුදැනීම ලබාගත්තාය. ඕතොමෝ විසාඛ උපාසකයා ධම්මදින්නා වෙත ගියාක් මෙන් මහත් වූ පිරිවරින් මහාප්‍රජාපතීගෝතමී තෙරණිය වෙත කැඳවාගෙන ගොස් ‘ආර්යාවෙනි, ඇය පැවිදි කරවනු මැනවි’ යනුවෙන් ආරාධනා කළේය. ඉක්බිති මහාප්‍රජාපතී ගෝතමී තෙරණිය ඇය පැවිදිකර උපසම්පදාව දී බුදුන්වහන්සේ හමුවට කැටුව ගියාය. බුදුන්වහන්සේ ඇය නිතැතින්ම අරමුණු ලබාගත් බව සලකා ‘සුඛං සුපාහි’ යනාදී ගාථාව වදාළහ.
තත්ථ සුඛන්ති භාවනපුංසකනිද්දෙසො. සුපාහීති ආණත්තිවචනං. ථෙරිකෙති ආමන්තනවචනං. කත්වා චොළෙන පාරුතාති අප්පිච්ඡතාය නියොජනං. උපසන්තො හි තෙ රාගොති පටිපත්තිකිත්තනං. සුක්ඛඩාකංවාති උපසමෙතබ්බස්ස කිලෙසස්ස අසාරභාවනිදස්සනං. කුම්භියන්ති තදාධාරස්ස අනිච්චතුච්ඡාදිභාවනිදස්සනං.
එහි සුඛං යනු භාවනපුංසක නිර්දේශයකි. සුපාහි යනු විධානයක් පැවසෙන වචනයකි. ථෙරීකෙ යනු අමතන පදයකි. කත්වා චොළෙන පාරුතා යනු අපිස්බව ඇඟවීමකි. ‘උපසන්තො හි තෙරාගො’ යනු පිළිවෙත පැවසීමකි. සුක්ඛඩාකංව යනු සන්සිඳවා ගතයුතු කෙලෙස්වල නිසරුබව පෙන්වීමය. කුළුභියං යනු එයට අදාළ වූ ආධාරකයෙහි අනිත්‍ය භාවය හා හිස්බවට නිදසුනකි.
සුඛන්ති චෙතං ඉට්ඨාධිවචනං. සුඛෙන නිදුක්ඛා හුත්වාති අත්ථො. සුපාහීති නිපජ්ජනිදස්සනඤ්චෙතං චතුන්නං ඉරියාපථානං, තස්මා චත්තාරොපි ඉරියාපථෙ සුඛෙනෙව කප්පෙහි සුඛං විහරාති අත්ථො. ථෙරිකෙති ඉදං යදිපි තස්සා නාමකිත්තනං, පචුරෙන අන්වත්ථසඤ්ඤාභාවතො පන ථිරෙ සාසනෙ ථිරභාවප්පත්තෙ, ථිරෙහි සීලාදිධම්මෙහි සමන්නාගතෙති අත්ථො. කත්වා චොළෙන පාරුතාති පංසුකූලචොළෙහි චීවරං කත්වා අච්ඡාදිතසරීරා තං නිවත්ථා චෙව පාරුතා ච. උපසන්තො හි තෙ රාගොති හි-සද්දො හෙත්වත්ථො. යස්මා තව සන්තානෙ උප්පජ්ජනකකාමරාගො උපසන්තො අනාගාමිමග්ගඤාණග්ගිනා දඩ්ඪො, ඉදානි තදවසෙසං රාගං අග්ගමග්ගඤාණග්ගිනා දහෙත්වා සුඛං සුපාහීති අධිප්පායො. සුක්ඛඩාකංව කුම්භියන්ති යථා තං පක්කෙ භාජනෙ අප්පකං ඩාකබ්යඤ්ජනං මහතියා අග්ගිජාලාය පච්චමානං ඣායිත්වා සුස්සන්තං වූපසම්මති, යථා වා උදකමිස්සෙ ඩාකබ්යඤ්ජනෙ උද්ධනං ආරොපෙත්වා පච්චමානෙ උදකෙ විජ්ජමානෙ තං චිච්චිටායති චිටිචිටායති, උදකෙ පන ඡින්නෙ උපසන්තමෙව හොති, එවං තව සන්තානෙ කාමරාගො උපසන්තො, ඉතරම්පි වූපසමෙත්වා සුඛං සුපාහීති.
ඛං යනු කැමැත්ත පැවසෙන අධිවචනයකි, එනම්, සුවයෙන් නිදුක් වී යන තේරුමය. සුපාහි යනු නිදාගන්න යන තේරුමය. මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ සිවු ඉරියව්වෙන් එකකි. එහෙයින් ඉරියව් සතරම සුවසේ කෙරේ. සුවසේ ජීවත්වන්න යන අර්ථයයි. ථෙරීකෙ යනුවෙන් ඇය පිළිබඳ හැඳින්වීමක් කරනු ලැබේ. අන්වර්ථ සංඥාවක් වශයෙන් ගැනීමේ දී ස්ථිර වූ ශාසනයෙහි ස්ථිර වූ ශීලාදී ධර්මයන්ගෙන් සමන්විත වූ යන තේරුමය. කත්වා චොළෙන පාරුතා යනු පාංශුකූල රෙදිකඩින් සිවුරක් මසා එය පෙරවාගත් සිරුර ඇතිව, එනම් හැඳගෙන මෙන්ම පෙරවාගෙනද යන තේරුමෙනි. උපසන්තො හි තෙ රාගො සන්සිදී ඇත හි යනු හේත්වර්ථයකි. යම්හෙයකින් ඔබ මනසෙහි හටගන්නා වූ කාමරාගය සන්සිඳී ඇත. අනාගාමිමාර්ග නමැති ගින්නෙන් දවනු ලැබුවා වූ, දැන් එයින් ඉතිරිවී තිබුණු රාගය රහත්මගනැණ නමැති ගින්නෙන් දවාලූ හෙයින් සුවසේ නිදාගනු මැනවි යනු අභිප්රාවය. සුක්ඛ ඩාකංව කුම්භියං යනු යම්සේ උයන හාජනයක පලාකොළ ස්වල්පයක් මහත් සේ ගිනි දල්වා පිසන්නේ දැවී දියසිඳීමෙන් වියලී යන්නේද, එමෙනි. නැතහොත් දිය මුසුකළ පලාමලුව ලිපෙහි තබා පිසන්නේ දිය තිබෙන කල්හිද චිචිචිට් යන අනුකරණය කරයිද, එහෙත් සම්පූර්ණයෙන් දිය සිඳුණු කල වියලීයයි. මෙසේ ඔබේ මනසෙහි තුබූ කාමරාගය සන්සිදිණ. සෙස්ස ද සන්සිඳුවා සුවසේ සැතපෙව.
ථෙරී ඉන්ද්රියානං පරිපාකං ගතත්තා සත්ථු දෙසනාවිලාසෙන ච ගාථාපරියොසානෙ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.26-30).
තෙරණියගේ ඉඳුරන් මුහුකුරා ගොස් තිබුණු හෙයින් බුදුන්වහන්සේගේ දේශනාවිලාශයෙහි කෙළවර පිළිසිඹියා සහිත රහත්බවට පැමුණුනාය. එසේ හෙයින් අපදානයෙහි කියන ලදී:
“කොණාගමනබුද්ධස්ස, මණ්ඩපො කාරිතො මයා; ධුවං තිචීවරංදාසිං, බුද්ධස්ස ලොකබන්ධුනො.
කෝණාගමන බුදුන්ට මණ්ඩපයක් තනවා දී උන්වහන්සේට තුන්සිවුරක් පූජාකෙළෙමි.
“යං යං ජනපදං යාමි, නිගමෙ රාජධානියො; සබ්බත්ථ පූජිතො හොමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
යම්යම් ගමකට, ජනපදයකට, රාජධානියකට යෙම්ද ඒ හැම තැනකදීම පිදුම් ලබමි. ඒ පිංකමෙහි අනුසස් එබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; නාගීව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවා.
මම සියලු කෙලෙස් දැවීමි, සියලු භවයන් විනාශ කළෙමි, ඇතින්නක මෙන් සියලු බැඳුම්වලින් මිදී කෙලෙස් නසා වෙසෙමි.
“ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
සිවුපිළිසිඹියා, අෂ්ටවිමොක්ෂ, ෂඩ්අභිඥා ලබාගෙන බුදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි. බුදුන්වහන්සේ වෙතට මගේ පැමිණීම යහපත්වූවකි. ත්‍රිවිද්‍යාවන් ක්ෂාත්ක්ෂාත්කර බුදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.
“පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති.
අරහත්තං පන පත්වා ථෙරී උදානෙන්තී තමෙව ගාථං අභාසි, තෙනායං ගාථා තස්සා ථෙරියා ගාථා අහොසි. තත්ථ ථෙරියා වුත්තගාථාය අනවසෙසො රාගො පරිග්ගහිතො අග්ගමග්ගෙන තස්ස වූපසමස්ස අධිප්පෙතත්තා. රාගවූපසමෙනෙව චෙත්ථ සබ්බෙසම්පි කිලෙසානං වූපසමො වුත්තොති දට්ඨබ්බං තදෙකට්ඨතාය සබ්බෙසං කිලෙසධම්මානං වූපසමසිද්ධිතො. තථා හි වුච්චති –
රහත්බවට පැමිණීමෙන් පසුද උදම් අනන තෙරණියෝ එම ගාථාවම ප්‍රකාශ කරති. එහෙයින් මේ ගාථාව ඇගේ ගාථාව විය. එහි තෙරණිය විසින් කියා ගාථාවෙහි තමා තුළවූ රාගය අනවශේෂයෙන්ම සන්සිඳුණු බව ඇතුළත් වේ. සම්පූර්ණ රාගය සසිඳවීම යන්නෙන් සියලු කෙලෙස් නැසූ බව අභිප්‍රේතය. එකට පවත්නා වූ සියලු ක්ලේශ ධර්මයන් සියල්ලම එකවරම නැසුණු බව කියූ අයුරුය: එසේ හෙයින් මෙසේ කියන ලදී:
“උද්ධච්චවිචිකිච්ඡාහි, යො මොහො සහජො මතො; පහානෙකට්ඨභාවෙන, රාගෙන සරණො හි සො”ති.
‘උඩඟු බව සැකය සමග එකට හටගත් යම් මුළාබවක් වේද මේවා එකට පවත්නා බැවින් රාගය සමග වැනසිණ.’
යථා චෙත්ථ සබ්බෙසං සංකිලෙසානං වූපසමො වුත්තො, එවං සබ්බත්ථාපි තෙසං වූපසමො වුත්තොති වෙදිතබ්බං. පුබ්බභාගෙ තදඞ්ගවසෙන, සමථවිපස්සනාක්ඛණෙ වික්ඛම්භනවසෙන, මග්ගක්ඛණෙ සමුච්ඡෙදවසෙන, ඵලක්ඛණෙ පටිප්පස්සද්ධිවසෙන වූපසමසිද්ධිතො. තෙන චතුබ්බිධස්සාපි පහානස්ස සිද්ධි වෙදිතබ්බා . තත්ථ තදඞ්ගප්පහානෙන සීලසම්පදාසිද්ධි, වික්ඛම්භනපහානෙන සමාධිසම්පදාසිද්ධි, ඉතරෙහි පඤ්ඤාසම්පදාසිද්ධි දස්සිතා හොති පහානාභිසමයොපසිජ්ඣනතො. යථා භාවනාභිසමයං සාධෙති තස්මිං අසති තදභාවතො, තථා සච්ඡිකිරියාභිසමයං පරිඤ්ඤාභිසමයඤ්ච සාධෙති එවාති. චතුරාභිසමයසිද්ධියා තිස්සො සික්ඛා, පටිපත්තියා තිවිධකල්යාණතා, සත්තවිසුද්ධියො ච පරිපුණ්ණා ඉමාය ගාථාය පකාසිතා හොන්තීති වෙදිතබ්බං. අඤ්ඤතරාථෙරී අපඤ්ඤාතා නාමගොත්තාදිවසෙන අපාකටා, එකා ථෙරී ලක්ඛණසම්පන්නා භික්ඛුනී ඉමං ගාථං අභාසීති අධිප්පායො.
යම් හෙයකින් මෙහි සියලු කෙලෙස් නැසුණු බව කියන ලදද එහෙයින් හැමතැනකදීම ඒවා නසනලද බව කියන ලදැයි දත යුතුය. පළමුවන අවස්ථාවෙහි තදඞ්ග වශයෙන් සමථ භාවනා අධිගමයෙහි ද විෂ්කම්භණ වශයෙන් මගට (රහත්) පිවිසි මොහොතෙහිද, සමුච්ඡෙද වශයෙන් ඵලයට පැමිණි මොහොතෙහිද පටිපස්සද්ධි වශයෙන් සන්සිඳීම කියන ලදී. මෙසේ හෙයින් සිවුවැදෑරුම් ප්රහාණය (වැනසීම) සිදුවූ බව දතයුතුය. තදඞ්ග ප්‍රහාණයෙන් සීලයෙහි පිහිටීම ද, වික්ඛම්භණ ප්‍රමාණයෙන් සමාධියෙහි පිහිටීමද, ඉතිරි දෙකෙන් ප්‍රඥාවෙහි පිහිටීමද පෙන්වූ අයුරුය. ප්රහාණය සිදුවීමෙන් පසුව භාවනාභිසමය ඉපදෙයි. ප්රහාණය නොමැති වුවහොත් භාවනාව නොසිදුවෙයි. එසේම එයින් (ප්‍රහාණයෙන්) ක්ෂාත්ක්ෂාත් කිරීම හා විශිෂ්ට ඥානය ද සෑදෙයි. මෙහි සිවුවැදෑරුම් අභිසමයෙන් හා තෙවැදෑරුම් ශික්ෂා සමාදානයෙන් ත්‍රිවිධ කල්යාණතා හා සත්වැදෑරුම් විසුද්ධිය සම්පූර්ණවන බව මේ ගාථාවෙන් ප්‍රකාශ කළේ වෙයි. නම්ගොත් ඈ විසින් නොදත් පළටනොවූ, ස්ථවිරී ලක්ෂණයන්ගෙන් සමන්විත වූ එක්තරා භික්ෂුණියක් මේ ගාථාව කියන ලදයි අභිප්‍රේතය.
අඤ්ඤතරාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
එක්තරා තෙරණියකගේ ගාථාවර්ණනාව නිමි.