යෙදුමෙන් කියවන්න

70. මහානිපාතො අට‍්ඨකථා

70. මහානිපාතය

වඞ‍්ගීසත්‍ථෙරගාථාවණ‍්ණනා

වඞ්ගීස ස්ථවිරගාථා වර්ණනාව

සත‍්තතිනිපාතෙ නික‍්ඛන‍්තං වත මං සන‍්තන‍්තිආදිකා ආයස‍්මතො වඞ‍්ගීසත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තො, පුරිමනයෙනෙව විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං පටිභානවන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සත්‍ථු අධිකාරකම‍්මං කත්‍වා – “අහම‍්පි අනාගතෙ පටිභානවන‍්තානං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා, සත්‍ථාරා බ්‍යාකතො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වඞ‍්ගීසොති ලද‍්ධනාමො තයො බෙදෙ උග‍්ගණ‍්හන‍්තො ආචරියං ආරාධෙත්‍වා, ඡවසීසමන‍්තං නාම සික‍්ඛිත්‍වා ඡවසීසං නඛෙන ආකොටෙත්‍වා “අයං සත‍්තො අසුකයොනියං නිබ‍්බත‍්තො”ති ජානාති.

හැත්තෑවන නිපාතයෙහි ‘තික්‍ඛනතං වත මං සන්තං’ යනාදී ගාථාවන් ආයුෂ්මත් වංගීස තෙරුන්ගේය. මොහු වනාහි පදුමුත්තර බුද්ධ කාලයෙහි හංසවතී නගරයෙහි මහා සැපසම්පත් ඇති කුලයක උපන්නේය. පෙර පරිදිම විහාරයට ගොස් බණ අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ප්‍රතිභාඥානයෙන් අග්‍රස්ථානයෙහි තබනු දැක ශාස්තෲන් වහන්සේට පිහිටවන කර්මයක් කොට මමද අනාගතයෙහි ප්‍රතිභාන ඇත්තන් අතර අග්‍රවෙම්වායි ප්‍රාර්ථනා කොට ශාස්තෲන් වහන්සේ විසින් එය අනුමත කරන ලද්දේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි සැවැත්නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වංගීස යැයි ලබන ලද නම් ඇතිව ඉක්බිති ත්‍රිවේදය හදාළේය. අනතුරුව ගුරුවරයා සතුටුකොට ජවසීස මන්තං (මිනී හිස්කබලකට තට්ටුකර උපන් තැන කියන මන්ත්‍රය) එනම් ශාස්ත්‍රය ඉගෙනගෙන මිනී හිස්කබලට නියෙන් තට්ටුකර ‘මේ සත්ත්වයා අසවල් යෝනියෙහි උපන්නේ යැයි දැනගනී.

බ්‍රාහ‍්මණා “අයං අම‍්හාකං ජීවිතමග‍්ගො”ති ඤත්‍වා වඞ‍්ගීසං ගහෙත්‍වා පටිච‍්ඡන‍්නයානෙ නිසීදාපෙත්‍වා ගාමනිගමරාජධානියො විචරන‍්ති. වඞ‍්ගීසොපි තිවස‍්සමත්‍ථකෙ මතානම‍්පි සීසං ආහරාපෙත්‍වා නඛෙන ආකොටෙත්‍වා “අයං සත‍්තො අසුකයොනියං නිබ‍්බත‍්තො”ති වත්‍වා මහාජනස‍්ස කඞ‍්ඛච‍්ඡෙදනත්‍ථං තෙ තෙ ජනෙ ආවාහෙත්‍වා අත‍්තනො අත‍්තනො ගතිං කථාපෙති. තෙන තස‍්මිං මහාජනො අභිප‍්පසීදති. සො තං නිස‍්සාය මහාජනස‍්ස හත්‍ථතො සතම‍්පි සහස‍්සම‍්පි ලභතීති. බ්‍රාහ‍්මණා වඞ‍්ගීසමාදාය යථාරුචිං විචරිත්‍වා පුන සාවත්‍ථිං අගමංසු. වඞ‍්ගීසො සත්‍ථු ගුණෙ සුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිතුකාමො අහොසි. බ්‍රාහ‍්මණා “සමණො ගොතමො මායාය තං ආවට‍්ටෙස‍්සතී”ති පටික‍්ඛිපිංසු. වඞ‍්ගීසො තෙසං වචනං අනාදියිත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා මධුරපටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං නිසීදි.

බමුණෝ මේ අපේ ජීවන මාර්ගයක් යැයි දැනගෙන වංගීස ව රැගෙන ආවරණය කළ යානාවක හිඳුවා ගම්නියම් රාජධානිවල හැසිරෙත්. වංගීස ද වර්ෂ තුනකට පෙර මියගිය අයගේද හිස ගෙන්වාගෙන නියෙන් තට්ටු කර මේ සත්ත්වයා අසවල් යෝනියෙහි උපන්නේය කියා මහාජනයාගේ සැකය නැතිකිරීම සඳහා ඒ ඒ ජනයාට ආරූඪ වී තමන්ගේ ගතිය කියවීය. ඒ නිසා මහාජනයා ඔහු කෙරෙහි පහදිති. බමුණෝ වංගීසව ගෙන කැමැති පරිදි හැසිර නැවත සැවැත්නුවරට පැමිණියාහ. වංගීස තෙමේ බුදුන්ගේ ගුණයන්හි පැහැදී බුදුන් වෙත එනු කැමැති විය. බමුණෝ ශ්‍රමණ ගෝතමයන් වහන්සේ මායාවෙන් ඔහුව රවටා ගන්නේයැයි ප්‍රතික්‍ෂේප කළහ. වංගීස තෙමේ ඔවුන්ගේ වචනය ගණන් නොගෙන බුදුන් සමීපයට ගොස් සුහද පිළිසඳර කථාකොට එකත්පසෙක හුන්නේය.

තං සත්‍ථා පුච‍්ඡි – “වඞ‍්ගීස, කිඤ‍්චි සිප‍්පං ජානාසී”ති? “ආම, භො ගොතම, ඡවසීසමන‍්තං නාම ජානාමි. තෙන තිවස‍්සමත්‍ථකෙ මතානම‍්පි සීසං නඛෙන ආකොටෙත්‍වා නිබ‍්බත‍්තට‍්ඨානං ජානාමී”ති. සත්‍ථා තස‍්ස එකං නිරයෙ නිබ‍්බත‍්තස‍්ස සීසං දස‍්සෙසි, එකං මනුස‍්සෙසු , එකං දෙවෙසු, එකං පරිනිබ‍්බුතස‍්ස සීසං දස‍්සෙසි. සො පඨමං සීසං ආකොටෙත්‍වා, “භො ගොතම, අයං සත‍්තො නිරයෙ නිබ‍්බත‍්තො”ති ආහ. “සාධු, වඞ‍්ගීස, සුට‍්ඨු තයා දිට‍්ඨං. අයං සත‍්තො කුහිං නිබ‍්බත‍්තො”ති පුච‍්ඡි. “මනුස‍්සලොකෙ”ති. “අයං කුහි”න‍්ති? “දෙවලොකෙ”ති තිණ‍්ණන‍්නම‍්පි නිබ‍්බත‍්තට‍්ඨානං කථෙසි. පරිනිබ‍්බුතස‍්ස පන සීසං නඛෙන ආකොටෙන‍්තො නෙව අන‍්තං න කොටිං පස‍්සි. අථ නං සත්‍ථා “න සක‍්කොසි වඞ‍්ගීසා”ති පුච‍්ඡි. “උපපරික‍්ඛාමි තාවා”ති පුනප‍්පුනං පරිවත‍්තෙත්‍වා ආකොටෙන‍්තොපි බාහිරකමන‍්තෙන ඛීණාසවස‍්ස ගතිං කථං ජානිස‍්සති, අථස‍්ස මත්‍ථකතො සෙදො මුච‍්චි. සො ලජ‍්ජිත්‍වා තුණ‍්හීභූතො අට‍්ඨාසි. අථ නං සත්‍ථා – “කිලමසි, වඞ‍්ගීසා”ති ආහ. “ආම, භො ගොතම, ඉමස‍්ස උප‍්පන‍්නට‍්ඨානං ජානිතුං න සක‍්කොමි, සචෙ තුම‍්හෙ ජානාථ, කථෙථා”ති. “වඞ‍්ගීස, අහං එතම‍්පි ජානාමි, ඉතො උත‍්තරිතරම‍්පි ජානාමී”ති වත්‍වා –

ශාස්තෲන් වහන්සේ ඔහුගෙන් විචාළ සේක. වංගීස! ඔබ කිසියම් ශිල්පයක් දන්නෙහිද? එසේය. භවත් ගෞතමයාණන් වහන්ස! ‘ජවසීවමන්තං’ එනම් මන්ත්‍රය දනිමි. එයින් වර්ෂ තුනකට පෙර මියගිය අයගේ පවා හිස්කබලට නියෙන් තට්ටු කිරීමෙන් උපන් තැන දැනගනිමියි කීය. ශාස්තෲන් වහන්සේ නිරයේ උපන් තැනැත්තකුගේ හිසක් දැක්වීය. මිනිසුන් අතර උපන් එකකුත්, දෙවියන් අතර එකකුත්, පිරිනිවන්පෑ උතුමකුගේද හිස්කබල් පෙන්වන ලදී. ඔහු පළමු හිසට තට්ටුකර පින්වත් ගෞතමයන් වහන්ස! මේ සත්ත්වයා නිරයේ උපන්නේ යැයි කීය. හොඳයි වංගීස! ඔබ මනාව දකින ලදී. මේ සත්ත්වයා කොහේ උපන්නේදැයි විචාළ සේක. මිනිස්ලොව. මොහු කොහේද? දෙව්ලොව. මෙසේ තුන්දෙනාගේම උපන්තැන් ප්‍රකාශ කළේය. පිරිනිවි ඇත්තාගේ හිසට නියෙන් තට්ටු කළමුත් අගක් මුලක් නොපෙනෙයි. වංගීසය! ඔබට නොහැකිදැයි ශාස්තෲන් වහන්සේ විචාළ සේක. තවම පරික්ෂා කරමියි කීය. නැවත නැවතත් පෙරළමින් තට්ටු කරන්නේ නමුත් බාහිර මන්ත්‍රයකින් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ නමකගේ ගතිය කෙසේ දැනගන්නේද? ඉක්බිති ඔහුගේ හිසෙන් දහඩිය වැටුනේය. ඔහු ලජ්ජා වී නිහඬව සිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ වංගීස! මහන්සිදැයි විචාළ සේක. එසේය පින්වත් ගෞතමයන් වහන්ස. මොහු උපන් තැන දැනගත නොහැකිය. ඉදින් ඔබවහන්සේ දනීනම් ප්‍රකාශ කරන්න. වංගීස! මම එයද දනිමි. එයට වඩා වැඩිදේද දනිමියි කියා -

“චුතිං යො වෙදි සත‍්තානං, උපපත‍්තිඤ‍්ච සබ‍්බසො; අසත‍්තං සුගතං බුද‍්ධං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

යමෙක් සත්ත්වයන්ගේ උත්පත්තියත් චුතියත් සර්වප්‍රකාරයෙන් දනීද කිසිම තැනක නොඇලුණු සුගත වූ බුදු වූ ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

“යස‍්ස ගතිං න ජානන‍්ති, දෙවා ගන්‍ධබ‍්බමානුසා; ඛීණාසවං අරහන‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති. (ධ· ප· 419-420; සු· නි· 648-649) –

දෙවියොත්, ගාන්ධර්වයොත් මිනිස්සුත් යමෙකුගේ ගතිය (උපදනා තැන) නොදනිත්ද ආශ්‍රවයන් නැසූ රහත් වූ ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

ඉමා ද‍්වෙ ගාථා අභාසි.

මේ ගාථා දෙක ප්‍රකාශ කළ සේක.

වඞ‍්ගීසො “තෙන හි, භො ගොතම, තං විජ‍්ජං මෙ දෙථා”ති අපචිතිං දස‍්සෙත්‍වා සත්‍ථු සන‍්තිකෙ නිසීදි. සත්‍ථා “අම‍්හෙහි සමානලිඞ‍්ගස‍්ස දෙමා”ති ආහ. වඞ‍්ගීසො “යංකිඤ‍්චි කත්‍වා මයා ඉමං මන‍්තං ගහෙතුං වට‍්ටතී”ති බ්‍රාහ‍්මණෙ ආහ – “තුම‍්හෙ මයි පබ‍්බජන‍්තෙ මා චින‍්තයිත්‍ථ, අහං මන‍්තං උග‍්ගණ‍්හිත්‍වා සකලජම‍්බුදීපෙ ජෙට‍්ඨකො භවිස‍්සාමි, තුම‍්හාකම‍්පි තෙන භද‍්දකමෙව භවිස‍්සතී”ති මන‍්තත්‍ථාය සත්‍ථුසන‍්තිකං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. තදා ච ථෙරො නිග්‍රොධකප‍්පො භගවතො සන‍්තිකෙ ඨිතො හොති, තං භගවා ආණාපෙසි – “නිග්‍රොධකප‍්ප, ඉමං පබ‍්බාජෙහී”ති. සො සත්‍ථු ආණාය තං පබ‍්බාජෙසි. අථස‍්ස සත්‍ථා “මන‍්තපරිවාරං තාව උග‍්ගණ‍්හාහී”ති ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං විපස‍්සනාකම‍්මට‍්ඨානඤ‍්ච ආචික‍්ඛි. සො ද‍්වත‍්තිංසාකාරං සජ‍්ඣායන‍්තොව විපස‍්සනං පට‍්ඨපෙසි. බ්‍රාහ‍්මණා වඞ‍්ගීසං උපසඞ‍්කමිත්‍වා “කිං, භො වඞ‍්ගීස, සමණස‍්ම ගොතමස‍්ස සන‍්තිකෙ සිප‍්පං සික‍්ඛිත”න‍්ති පුච‍්ඡිංසු. “කිං සිප‍්පසික‍්ඛනෙන, ගච‍්ඡථ තුම‍්හෙ, න මය‍්හං තුම‍්හෙහි කත‍්තබ‍්බකිච‍්ච”න‍්ති. බ්‍රාහ‍්මණා “ත්‍වම‍්පි දානි සමණස‍්ස ගොතමස‍්ස වසං ආපන‍්නො, මායාය ආවට‍්ටිතො, කිං මයං තව සන‍්තිකෙ කරිස‍්සාමා”ති ආගතමග‍්ගෙනෙව පක‍්කමිංසු. වඞ‍්ගීසත්‍ථෙරො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.55.96-142) –

වංගීස තෙමේ එසේනම් ස්වාමීනි, ඒ විද්‍යාව මට දෙන්න කියා ගෞරව දක්වා බුදුන් සමීපයෙහි හුන්නේය. ශාස්තෲන් වහන්සේ අප විසින් සමාන ස්වරූප ඇත්තන්ට දෙනු ලැබේ යැයි වදාළහ. වංගීස තෙමේ කුමක් හෝ කොට මා විසින් මේ මන්ත්‍රය ගැනීම වටියේ යැයි බ්‍රාහ්මණයන්ට කීය. මා පැවිදිවන කල්හි මෙසේ නොසිතව්. මම මන්ත්‍ර ඉගෙනගෙන සියළු දඹදිව නායකයා වෙමි. නුඹලාටද එයින් හොඳක්ම වන්නේයැයි කියා මන්ත්‍රය ලබාගැනීම සඳහා බුදුන් සමීපයට පැමිණ පැවිද්ද ඉල්වීය. එදින නිග්‍රොධකප්ප තෙරුන් වහන්සේ බුදුන් සමීපයෙහි සිටියේ වෙයි. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ අණකළ සේක. නිග්‍රොධකප්ප! මොහුව පැවිදි කරන්න. හෙතෙම බුදු නියමයෙන් ඔහුව පැවිදි කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට පළමුවෙන් මන්ත්‍ර පරිවාර ඉගෙන ගන්න යැයි වදාරා දෙතිස් ආකාර කමටහන්ද විදර්ශනා කමටහන ද කියා දුන් සේක. ඔහු දෙතිස් ආකාරය කියනවිටම විදර්ශනාව පිහිටුවා ගත්තේය. බ්‍රාහ්මණයෝ වංගීස වෙත පැමිණ කිම පින්වත් වංගීස, ශ්‍රමණ ගෞතමයන් ලඟ ශිල්ප ඉගෙන ගත්තේදැයි ඇසූහ. ශිල්ප ඉගෙනීමෙන් කවර ප්‍රයෝජනයක්ද? තෙපි යව්. මට නුඹලාගෙන් ප්‍රයෝජනයක් නැත කීය. බ්‍රාහ්මණයෝ නුඹද දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ වසඟයට පැමිණියේ වන්නේය. මායාවෙන් රැවටුනා නේද? අපි ඔබ සමීපයෙහි සිටීමෙන් ඵලයක් නැතැයි ආ මගින්ම පිටත්ව ගියහ. වංගීස තෙරුන් වහන්සේ විදර්ශනා වඩා රහත්බවට පත්විය. අපදානයේ මෙසේ කියා ඇත.

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

සියළු ධර්මයන්හි නුවණැස ඇත්තා වූ නායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් කල්ප දසදහසකට මතු කල්පයෙහි උපන්නේය.

“යථාපි සාගරෙ ඌමි, ගගනෙ විය තාරකා; එවං පාවචනං තස‍්ස, අරහන‍්තෙහි චිත‍්තිතං.

සාගරයේ රළ මෙන් අහසෙහි තාරකා මෙන් උන්වහන්සේගේ බුද්ධ වචනය රහතන් වහන්සේලා විසින් සිතන ලදී.

“සදෙවාසුරනාගෙහි, මනුජෙහි පුරක‍්ඛතො; සමණබ්‍රාහ‍්මණාකිණ‍්ණෙ, ජනමජ‍්ඣෙ ජිනුත‍්තමො.

සුර, අසුර, නාග, මිනිස් ආදීන් විසින් පෙරටුකොටගෙන ඒ උත්තමයා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් පිරීගිය ජනමධ්‍යයෙහි, හික්මවිය යුතු ජනයා නමැති පද්මයන් වචනයෙන් පුබුදුවමින් ලෝකයේ පරතෙරට ගියා වූ මුනීන්ද්‍රයන් වහන්සේ ලොව ආලෝකමත් කරමින්,

“පභාහි අනුරඤ‍්ජන‍්තො, ලොකෙ ලොකන‍්තගූ ජිනො; වචනෙන විබොධෙන‍්තො, වෙනෙය්‍යපදුමානි සො.

“වෙසාරජ‍්ජෙහි සම‍්පන‍්නො, චතූහි පුරිසුත‍්තමො; පහීනභයසාරජ‍්ජො, ඛෙමප‍්පත‍්තො විසාරදො.

පුරිසොත්තම වූ උන්වහන්සේ සතරවැදෑරුම් විශාරදත්වයන්ගෙන් යුක්ත වූයේ ප්‍රහීණ වූ භය ඇත්තේ විශාරද වූයේ සැනසීමට පත්වූයේ, ලෝකාග්‍ර වූ නායක වූ ප්‍රවර වූ බුද්ධභූමිය දන්නේ කිසිදු කැළඹීමක් නැත.

“ආසභං පවරං ඨානං, බුද‍්ධභූමිඤ‍්ච කෙවලං; පටිජානාති ලොකග‍්ගො, නත්‍ථි සඤ‍්චොදකො ක්‍වචි.

“සීහනාදමසම‍්භීතං, නදතො තස‍්ස තාදිනො; දෙවා නරො වා බ්‍රහ‍්මා වා, පටිවත‍්තා න විජ‍්ජති.

තාදී ගුණ ඇති තැතිගැන්මක් නැතිව සිංහනාද පවත්වන්නා වූ උන්වහන්සේට දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ බ්‍රහ්මයෙක් විරුද්ධ නැත.

“දෙසෙන‍්තො පවරං ධම‍්මං, සන‍්තාරෙන‍්තො සදෙවකං; ධම‍්මචක‍්කං පවත‍්තෙති, පරිසාසු විසාරදො.

දෙවියන් සහිත ලෝකයාව සසරින් එතර කරමින් උතුම් ධර්මය දේශනා කරමින් විශාරදව පිරිස් මැද දම්සක් පැවතුම පවත්වයි.

“පටිභානවතං අග‍්ගං, සාවකං සාධුසම‍්මතං; ගුණං බහුං පකිත‍්තෙත්‍වා, එතදග‍්ගෙ ඨපෙසි තං.

බොහෝ ගුණ ප්‍රකාශකොට සාධු සම්මත වූ උන්වහන්සේව ප්‍රතිභාන ඇත්තන් අතර අග්‍රස්ථානයෙහි තැබීය.

“තදාහං හංසවතියං, බ්‍රාහ‍්මණො සාධුසම‍්මතො; සබ‍්බවෙදවිදූ ජාතො, වාගීසො වාදිසූදනො.

එදා මම හංසවතී නගරයෙහි සියළු වේදයන් දන්නා වූ සාධු සම්මත බ්‍රාහ්මණයෙක් වීමි.

“උපෙච‍්ච තං මහාවීරං, සුත්‍වාහං ධම‍්මදෙසනං; පීතිවරං පටිලභිං, සාවකස‍්ස ගුණෙ රතො.

ඒ මහාවීරයන් වහන්සේ වෙත පැමිණ ඒ ධර්ම දේශනාව අසා ශ්‍රාවකයන් වහන්සේගේ ගුණයෙහි ඇලුනේ උතුම් සතුටක් ලැබීමි.

“නිමන‍්තෙත්‍වාව සුගතං, සසඞ‍්ඝං ලොකනන්‍දනං; සත‍්තාහං භොජයිත්‍වාහං, දුස‍්සෙහච‍්ඡාදයිං තදා.

එකල්හි සංඝයා සහිත ලෝකනායකයන් වහන්සේට ආරාධනාකොට දවස් හතක් දන් වළඳවා සිවුර අන්දවන ලද්දේය.

“නිපච‍්ච සිරසා පාදෙ, කතොකාසො කතඤ‍්ජලී; එකමන‍්තං ඨිතො හට‍්ඨො, සන්‍ථවිං ජිනමුත‍්තමං.

පාලඟ හිස තබා වැඳ වැටී වැඳගෙන ලබන ලද අවසර ඇත්තේ උතුම් ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ පැත්තකින් තුටු පහටුව සිටියෙමි.

“නමො තෙ වාදිමද‍්දන, නමො තෙ ඉසිසත‍්තම; නමො තෙ සබ‍්බලොකග‍්ග, නමො තෙ අභයං කර.

වාදීන් මර්දනය කරන ඔබවහන්සේට නමස්කාර වේවා. සප්තම වූ ඍෂීන් වහන්සේට නමස්කාර වේවා. සියළු ලෝකයට අග්‍රවූ ඔබවහන්සේට නමස්කාර වේවා. අභය දෙන්නා වූ ඔබවහන්සේට නමස්කාර වේවා.

“නමො තෙ මාරමථන, නමො තෙ දිට‍්ඨිසූදන; නමො තෙ සන‍්තිසුඛද, නමො තෙ සරණං කර.

මාර මර්දනය කරන ඔබවහන්සේට නමස්කාර වේවා. දෘෂ්ටීන් පිරිසිදු කරන්නා වූ ඔබවහන්සේට නමස්කාර වේවා. ශාන්ති සුවය දෙන්නා වූ ඔබවහන්සේට නමස්කාර වේවා. සරණක් ලබාදෙන ඔබවහන්සේට නමස්කාර වේවා.

“අනාථානං භවං නාථො, භීතානං අභයප‍්පදො; විස‍්සාමභූමි සන‍්තානං, සරණං සරණෙසිනං.

අනාථයන්ට පිහිටක් වන්නේය. බියවූවන්ට අභය දෙන්නේය. සත්ත්වයන්ට විශ්වාස කිරීමට යෝග්‍ය තැනකි. සරණ සොයන්නන්ට පිහිටකි.

“එවමාදීහි සම‍්බුද‍්ධං, සන්‍ථවිත්‍වා මහාගුණං; අවොචං වාදිසූදස‍්ස, ගතිං පප‍්පොමි භික‍්ඛුනො.

මෙසේ මහාගුණ ඇති සම්බුද්ධයන් වහන්සේට ප්‍රශංසා නොකොට වාදයෙහි දක්ෂ භික්‍ෂුවගේ ගතියට පැමිණෙන්නෙමියි කීවෙමි.

“තදා අවොච භගවා, අනන‍්තපටිභානවා; යො සො බුද‍්ධං අභොජෙසි, සත‍්තාහං සහසාවකං.

අනන්ත වූ ප්‍රතිභානයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. යම් ඒ කෙනෙක් සංඝයා සහිත බුදුරජාණන් වහන්සේට දවස් හතක් තම අතින් පහන් සිතින් දන් වැළඳවීද, ඒ මාගේ ගුණ ප්‍රකාශ කළ සේක. මොහු වාදයෙහි දක්ෂ භික්‍ෂුවකගේ තැන ප්‍රාර්ථනා කරයි.

“ගුණඤ‍්ච මෙ පකිත‍්තෙසි, පසන‍්නො සෙහි පාණිභි; එසො පත්‍ථයතෙ ඨානං, වාදිසූදස‍්ස භික‍්ඛුනො.

“අනාගතම‍්හි අද‍්ධානෙ, ලච‍්ඡසෙ තං මනොරථං; දෙවමානුසසම‍්පත‍්තිං, අනුභොත්‍වා අනප‍්පකං.

අනාගත මගෙහිදී ඒ මනදොළ සම්පූර්ණ වන්නේය. අප්‍රමාණ වූ දෙව්මිනිස් සැපද අනුභව කරන්නෝය.

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප දසදහසක් ගිය තැන ඔක්කාක කුලයෙහි උපන් නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; වඞ‍්ගීසො නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

උන්වහන්සේගේ ධර්මයෙහි දායාද ලබා වංගීස යන නමින් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

“තං සුත්‍වා මුදිතො හුත්‍වා, යාවජීවං තදා ජිනං; පච‍්චයෙහි උපට‍්ඨාසිං, මෙත‍්තචිත‍්තො තථාගතං.

එය අසා සතුටු වී මෛත්‍රී සිතින් යුතුව දිවි ඇති තෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යයන්ගෙන් උපස්ථාන කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තුසිතං අගමාසහං.

මම ඒ කළ පුණ්‍ය කර්මයෙන් හා ප්‍රාර්ථනාවන්ගෙන් මිනිස් ආත්ම භාවය අත්හර තුසිත දෙව්ලොවට ගියෙමි.

“පච‍්ඡිමෙ ච භවෙ දානි, ජාතො විප‍්පකුලෙ අහං; පච‍්චාජාතො යදා ආසිං, ජාතියා සත‍්තවස‍්සිකො.

අවසාන ආත්මභාවයට පැමිණි කල්හි මම බමුණු කුලයක උපන්නෙමි. යම්විටක උපතින් වර්ෂ සතක් වීද

“සබ‍්බවෙදවිදූ ජාතො, වාදසත්‍ථවිසාරදො; වාදිස‍්සරො චිත‍්තකථී, පරවාදප‍්පමද‍්දනො.

සියළු වේදයන් දන්නා වාද ශාස්ත්‍රයෙහි විශාරදයෙක් වූයේ වාදයන්ට අතිදක්ෂයෙක් වූයේ විචිත්‍ර කථිකයෙක් වූයෙමි අනුන්ගේ වාද මර්දනය කරන්නේ වීමි.

“වඞ‍්ගෙ ජාතොති වඞ‍්ගීසො, වචනෙ ඉස‍්සරොති වා; වඞ‍්ගීසො ඉති මෙ නාමං, අභවී ලොකසම‍්මතං.

වංගයෙහි උපන් නිසා හෝ වචනයට ඊශ්වර නිසා මට වංගීස යන ලෝක සම්මත නාමය ලැබින.

“යදාහං විඤ‍්ඤුතං පත‍්තො, ඨිතො පඨමයොබ‍්බනෙ; තදා රාජගහෙ රම‍්මෙ, සාරිපුත‍්තමහද‍්දසං.

යම්කලක මම ප්‍රාඥයෙක් වූයෙම් පළමු යොවුන්වියෙහි සිටියෙම් එදා රම්‍ය වූ රජගහනුවරදී සාරිපුත්‍ර තෙරුන් වහන්සේ දුටුවෙමි.

“පිණ‍්ඩාය විචරන‍්තං තං, පත‍්තපාණිං සුසංවුතං; අලොලක‍්ඛිං මිතභාණිං, යුගමත‍්තං නිදක‍්ඛිතං.

පාත්‍රයක් ගත් අත් ඇතිව මනාව සංවර වූ නිශ්චල නෙත් ඇති, ප්‍රමාණයට කථාකරන යුගලයක් දුර බලන පිණ්ඩපාතයේ වඩින උන්වහන්සේ දැක විශ්මයට පත්වූයෙම් මම සුදුසු වූ ගොතන ලද කිණිහිරි මල්දමක් වැනි විසිතුරු ගාථා පදයක් කීවෙමි.

“තං දිස‍්වා විම‍්හිතො හුත්‍වා, අවොචං මමනුච‍්ඡවං; කණිකාරංව නිචිතං, චිත‍්තං ගාථාපදං අහං.

“ආචික‍්ඛි සො මෙ සත්‍ථාරං, සම‍්බුද‍්ධං ලොකනායකං; තදා සො පණ‍්ඩිතො වීරො, උත‍්තරිං සමවොච මෙ.

උන්වහන්සේ මට ලෝකනායක වූ ශාස්තෲ සම්බුදුරජාණන් වහන්සේ ගැන කීහ. එකල්හි පණ්ඩිත වූ ධීර වූ උන්වහන්සේ තවදුරටත් මට ප්‍රකාශ කළේය.

“විරාගසංහිතං වාක්‍යං, කත්‍වා දුද‍්දසමුත‍්තමං; විචිත‍්තපටිභානෙහි, තොසිතො තෙන තාදිනා.

තාදි ගුණ ඇති උන්වහන්සේ විසින් උතුම් වූ දැකීමට අපහසු වූ විරාගය හා එක්වූ වාක්‍යයක් කොට විසිතුරු ප්‍රතිභානයන්ගෙන් මා සතුටට පත්කරන ලදී.

“නිපච‍්ච සිරසා පාදෙ, පබ‍්බාජෙහීති මං බ්‍රවි; තතො මං ස මහාපඤ‍්ඤො, බුද‍්ධසෙට‍්ඨමුපානයි.

පාලඟ හිසින් වැටී මා පැවිදි කරන්න යැයි ඉල්ලීමි. ඉක්බිති මහාප්‍රාඥ වූ උන්වහන්සේ ලෝකනායක වූ බුදුන් වෙත මා කැඳවාගෙන ගියහ.

“නිපච‍්ච සිරසා පාදෙ, නිසීදිං සත්‍ථු සන‍්තිකෙ; මමාහ වදතං සෙට‍්ඨො, කච‍්චි වඞ‍්ගීස ජානාසි.

පාලඟ හිස තබා වැඳ බුදුන් සමීපයෙහි හුන්නෙමි. දේශකයාණන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ උන්වහන්සේ කෙසේද? කියා මගෙන් ඇසීය.

“කිඤ‍්චි සිප‍්පන‍්ති තස‍්සාහං, ජානාමීති ච අබ්‍රවිං; මතසීසං වනච‍්ඡුද‍්ධං, අපි බාරසවස‍්සිකං; තව විජ‍්ජාවිසෙසෙන, සචෙ සක‍්කොසි වාචය.

වංගීස! කිසියම් ශිල්පයක් දන්නෙහිද කියා ඇසීය. මම දන්නෙමියි උන්වහන්සේට පිළිතුරු දුන්නෙමි. වර්ෂ දොළසක් පැරණි වනයෙහි ඉවත දමන ලද මළ හිසක් ඔබගේ විද්‍යා බලයෙන් හැකිනම් කියන්න.

“ආමොති මෙ පටිඤ‍්ඤාතෙ, තීණි සීසානි දස‍්සයි; නිරයනරදෙවෙසු, උපපන‍්නෙ අවාචයිං.

එසේය හැකිය කියා මා පිළිතුරු දුන් කල්හි හිස් තුනක් මට පෙන්වීය. මම නිරයේ, මිනිස්ලොව හා දෙව්ලොව උපන්නවුන් කීවෙමි.

“තදා ඛීණාසවස‍්සෙව, සීසං දස‍්සෙසි නායකො; තතොහං විහතාරබ‍්භො, පබ‍්බජ‍්ජං සමයාචිසං.

ඉක්බිති ලෝක නායකයන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේ නමකගේ හිසක් දැක්වීය. ඉක්බිති එය ආරම්භකිරීම අතහැර පැවිද්ද ඉල්ලීමි.

“පබ‍්බජිත්‍වාන සුගතං, සන්‍ථවාමි තහිං තහිං; තතො මං කබ‍්බවිත‍්තොසි, උජ‍්ඣායන‍්තිහ භික‍්ඛවො.

බුදුන් වෙත පැවිදිව ඒ ඒ තැන්වල ගොස් බුදුන්ගේ ගුණ ගායනා කරමි. ඒ නිසා මෙහි භික්‍ෂූහු මට කවිකාරයා යැයි උද්ඝෝෂණය කළහ.

“තතො වීමංසනත්‍ථං මෙ, ආහ බුද‍්ධො විනායකො; තක‍්කිකා පනිමා ගාථා, ඨානසො පටිභන‍්ති තං.

බුදුරජාණන් වහන්සේ මා විමසීම සඳහා මෙසේ වදාළහ. වරදවා තේරුම් ගන්නෙහිද? මේ ගාථා ඇති පරිදි වටහා ගනිත්ද?

“න කබ‍්බවිත‍්තොහං වීර, ඨානසො පටිභන‍්ති මං; තෙන හි දානි වඞ‍්ගීස, ඨානසො සන්‍ථවාහි මං.

වීරයන් වහන්ස! මම කවිකාරයෙක් නොවෙමි. මා ඇති පරිදි වටහා ගනිත්. එසේනම් දැන් වංගීසය. මා ඇති සැටියෙන් වර්ණනා කරන්න.

“තදාහං සන්‍ථවිං වීරං, ගාථාහි ඉසිසත‍්තමං; ඨානසො මෙ තදා තුට‍්ඨො, ජිනො අග‍්ගෙ ඨපෙසි මං.

එකල්හි මම වීරයන් වහන්සේව ගාථාවන්ගෙන් ප්‍රශංසා කළෙමි. එකල්හි මා පිළිබඳව ඇති සැටියෙන් සතුටු වූ බුදුරජාණන් වහන්සේ මා අග්‍රස්ථානයේ තැබූ සේක.

“පටිභානෙන චිත‍්තෙන, අඤ‍්ඤෙසමතිමඤ‍්ඤහං; පෙසලෙ තෙන සංවිග‍්ගො, අරහත‍්තමපාපුණිං.

වැටහීමේ සිතෙන් මම අන් අයට වඩා උසස්කොට සිතීමි. එයින් මහා සිල්වතුන් කෙරෙහි තැති ගත්තෙමි. රහත්බවට පැමිණියෙමි.

“පටිභානවතං අග‍්ගො, අඤ‍්ඤො කොචි න විජ‍්ජති; යථායං භික‍්ඛු වඞ‍්ගීසො, එවං ධාරෙථ භික‍්ඛවො.

මේ වංගීස තෙරුන් මෙන් ප්‍රතිභානවන්තයන් අතර වෙන අග්‍ර කෙනෙක් නැත. මහණෙනි! මෙසේ මතක තබාගන්න.

“සතසහස‍්සෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙසි මෙ ඉධ; සුමුත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං මම.

මෙහි මාගේ කරන ලද කර්මය දසදහස් ගුණයෙන් ප්‍රතිඵල දැක්වීය. ඊවේගයෙන් මෙන් මිදුනේ වෙමි. මාගේ කෙලෙසුන් නැතිකළෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, විහරාමි අනාසවො.

මාගේ සියළු කෙලෙස් දවන ලදී. සියළු භවයන් නැතිකර දමන ලදී. මහා හස්තියෙක් මෙන් බැමි සිඳ ආශ්‍රවයන්ගෙන් තොරව වාසය කරමි.

“ස‍්වාගතං වත මෙ ආසි, බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ලඟට පැමිණීම මට යහපත් ගමනක් විය. ත්‍රිවිද්‍යා ලබාගන්නා ලදී. බුදුන්ගේ අනුශාසනය කරන ලදී.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

සතර පටිසම්භිදාවන්ද අෂ්ට විමොක්‍ෂයන්ද අභිඤ්ඤා සයද අවබෝධ කරගන්නා ලදී. බුද්ධ අවවාදය කරන ලදී.

අරහා පන හුත්‍වා ථෙරො සත්‍ථු සන‍්තිකං ගච‍්ඡන‍්තො චක‍්ඛුපථතො පට‍්ඨාය චන්‍දෙන, සූරියෙන, ආකාසෙන, මහාසමුද‍්දෙන, සිනෙරුනා පබ‍්බතරාජෙන, සීහෙන මිගරඤ‍්ඤා, හත්‍ථිනාගෙනාති තෙන තෙන සද‍්ධිං උපමෙන‍්තො අනෙකෙහි පදසතෙහි සත්‍ථාරං වණ‍්ණෙන‍්තොව උපගච‍්ඡති. තෙන තං සත්‍ථා සඞ‍්ඝමජ‍්ඣෙ නිසින‍්නො පටිභානවන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. අථ ථෙරෙන අරහත‍්තප‍්පත‍්තිතො පුබ‍්බෙ ච පච‍්ඡා ච තං තං චිත‍්තං ආගම‍්ම භාසිතා. ථෙරං උද‍්දිස‍්ස ආනන්‍දත්‍ථෙරාදීහි භාසිතා ච –

තෙරුන් වහන්සේ රහත්වී බුදුන් සමීපයට යන්නේ ඇසට පෙනෙන තැන් පටන් චන්ද්‍රයාගෙන් සූර්යයාගෙන් ආකාශයේ මහා සමුද්‍රයෙන් සිනේරු පර්වත රාජයාගෙන් මෘගනායක සිංහයාගෙන් ආදී ඒ ඒ දේ සමග උපමා කරන්නේ නොයෙක් පද සිය ගණනින් බුදුන් වර්ණනා කරමින්ම ඉදිරියට යයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද වැඩසිටියේ ප්‍රතිභාව සම්පන්න භික්‍ෂූන් අතර ඒ භික්‍ෂුව අග්‍රස්ථානයෙහි තැබීය. ඉක්බිති තෙරුන් වහන්සේ විසින් රහත්බව ලැබීමට පෙරද පසුද යම් යම් සිතිවිලිද තෙරුන් උදෙසා ආනන්ද ආදී තෙරවරුන් කී ගාථා:-

“නික‍්ඛන‍්තං වත මං සන‍්තං, අගාරස‍්මානගාරියං; විතක‍්කා උපධාවන‍්ති, පගබ‍්භා කණ‍්හතො ඉමෙ.

ගිහිගෙයින් නික්ම පැවිදි වූ ශාන්ත වූ මාගේ සිත කාම විතර්ක ආදී ලාමක සිතිවිලිවලින් පිරී යයි.

“උග‍්ගපුත‍්තා මහිස‍්සාසා, සික‍්ඛිතා දළ‍්හධම‍්මිනො; සමන‍්තා පරිකිරෙය්‍යුං, සහස‍්සං අපලායිනං.

උග්ගපුත්‍ර වූ මහා ධනුර්ධරයන් වූ දැඩි දුනු ඇත්තාහු පලා නොයන්නාහු දහසක් ඊ හාත්පස හෙළන්නාහ.

“සචෙපි එත‍්තකා භිය්‍යො, ආගමිස‍්සන‍්ති ඉත්‍ථියො; නෙව මං බ්‍යාධයිස‍්සන‍්ති, ධම‍්මෙ සම‍්හි පතිට‍්ඨිතො.

ඉදින් එසේ නමුත් බොහෝ ස්ත්‍රීහු පැමිණෙත්. නමුත් ධර්මයෙහි පිහිටි මාහට විපතක් නොකරන්නාහ.

“සක‍්ඛී හි මෙ සුතං එතං, බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො; නිබ‍්බානගමනං මග‍්ගං, තත්‍ථ මෙ නිරතො මනො.

සූර්යබන්ධ වූ බුදුන්ගේ මේ නිර්වාණගාමී මාර්ගය පිළිබඳව ඉදිරිපිටදීම මා විසින් අසන ලදී. මගේ හිත එය කෙරෙහි ඇලුනේ වෙයි.

“එවඤ‍්චෙ මං විහරන‍්තං, පාපිම උපගච‍්ඡසි; තථා මච‍්චු කරිස‍්සාමි, න මෙ මග‍්ගම‍්පි දක‍්ඛසි.

මෙසේ අසුභ ධ්‍යාන භාවනාවෙන් යුක්තව සිටින මා වෙත එම්බා මාරය පැමිණෙන්නෙහිය. මා ගිය ඔබ නොදකින්නෙහිය. එපරිද්දෙන් මාරයා කරන්නෙමි.

“අරතිඤ‍්ච රතිඤ‍්ච පහාය, සබ‍්බසො ගෙහසිතඤ‍්ච විතක‍්කං; වනථං න කරෙය්‍ය කුහිඤ‍්චි, නිබ‍්බනථො අවනථො ස භික‍්ඛු.

සියළු ආකාරයෙන් අරතියත් රතියත් ගෘහයෙහි පුත්‍ර දාරකාදීන් කෙරෙහි ආශාවත් විතර්කයත් අතහැර දමා අධ්‍යාත්මික බාහිර කිසිම දෙයක තණ්හාවක් නොකරන්නේය. නන්‍දිරාගය නැති බැවින් අවනථ නම් වූ ඒ ඇත්තා භික්‍ෂුව නම් වේ.

“යමිධ පථවිඤ‍්ච වෙහාසං, රූපගතං ජගතොගධං කිඤ‍්චි; පරිජීයති සබ‍්බමනිච‍්චං, එවං සමෙච‍්ච චරන‍්ති මුතත‍්තා.

යම් ඒ භූමිය ඇසුරුකොට හෝ දෙව්ලොව ඇසුරුකොට හෝ ලෞකික වූ සියල්ල දිරායන්නේය. ඒ නිසාම අනිත්‍යයයි. මෙසේ මාර්ග ප්‍රඥාව ලබා හැසිරෙත්,

“උපධීසු ජනා ගධිතාසෙ, දිට‍්ඨසුතෙ පටිඝෙ ච මුතෙ ච; එත්‍ථ විනොදය ඡන්‍දමනෙජො, යො හෙත්‍ථ න ලිම‍්පති මුනි තමාහු.

අන්‍ධ පෘථග්ජනයෝ උපධීන් කෙරෙහිත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේ පංචකාම ගුණයන්හි ආශා කරත් එය අත්හරින්න. යමෙක් මෙකී වස්තූන්හි නොඇලේද ඔහු මුනිවරයා යැයි පණ්ඩිතයෝ කියත්.

“අථ සට‍්ඨිසිතා සවිතක‍්කා, පුථුජ‍්ජනතාය අධම‍්මා නිවිට‍්ඨා; න ච වග‍්ගගතස‍්ස කුහිඤ‍්චි, නො පන දුට‍්ඨුල‍්ලගාහී ස භික‍්ඛු.

දෙසැටක් දෘෂ්ටිගත වූ මිථ්‍යා විතර්කයන්ගෙන් යුක්ත වූවාහු පෘථග්ජන බැවින් ධර්මයෙන් බැහැර වූ අන්ධ බාලයන් කෙරෙහි ඇලුනාහ. ශාස්වත ආදී මිථ්‍යා මත නොදරන්නේය. කෙලෙස්වලින් දූෂිත නොවන්නේද ඔහු භික්‍ෂුව නම් වේ.

“දබ‍්බො චිරරත‍්තසමාහිතො, අකුහකො නිපකො අපිහාලු; සන‍්තං පදං අජ‍්ඣගමා මුනි, පටිච‍්ච පරිනිබ‍්බුතො කඞ‍්ඛති කාලං.

දබ්බජාතික වූ පණ්ඩිතයා කුහක නැත්තේ බොහෝකල් සමාහිත සිත් ඇත්තේ නිපක ප්‍රඥාවෙන් යුක්ත වූයේ, තණ්හා නැත්තේ නිර්වාණය ලබාගෙන මුනිවරයා පිරිනිවන්පෑවේය දැන් අනුපාදිසේස නිර්වාණ ධාතුව සඳහා කාලය පැමිණයි.

“මානං පජහස‍්සු ගොතම, මානපථඤ‍්ච ජහස‍්සු අසෙසං; මානපථම‍්හි ස මුච‍්ඡිතො, විප‍්පටිසාරීහුවා චිරරත‍්තං.

(තමාටම) ගෞතමයන් වහන්ස! මානය අත්හරින්න. මානයට හේතුවන සියලු ජාති ආදියද දුරුකරන්න. සියළු මාන වස්තූන්හි මුලා වූයේ බොහෝ කාලයක් විපිළිසර නොවූයේය.

“මක‍්ඛෙන මක‍්ඛිතා පජා, මානහතා නිරයං පපතන‍්ති; සොචන‍්ති ජනා චිරරත‍්තං, මානහතා නිරයං උපපන‍්නා.

මකුබවෙන් මඩිනා ලද ජනයා නිරයට වැටෙත්. මානයෙන් මැඩගත් ජනයා නිරයට වැටුනේ යයි බොහෝ කාලයක් ශෝක කරත්.

“න හි සොචති භික‍්ඛු කදාචි, මග‍්ගජිනො සම‍්මා පටිපන‍්නො; කිත‍්තිඤ‍්ච සුඛඤ‍්චානුභොති, ධම‍්මදසොති තමාහු තථත‍්තං.

මාර්ගයෙන් දිනන ලද කෙලෙසුන් ඇති මනා පිළිවෙතෙහි යෙදුනු භික්‍ෂුව කිසිවිටකත් ශෝක නොකරයි. කීර්තියටත් සැපයටත් පැමිණේ. ඔහු ධම්මදස්සී යැයි පණ්ඩිතයෝ කියත්.

“තස‍්මා අඛිලො ඉධ පධානවා, නීවරණානි පහාය විසුද‍්ධො; මානඤ‍්ච පහාය අසෙසං, විජ‍්ජායන‍්තකරො සමිතාවී.

නිසා විවෘත මනසින් ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූයේ පිරිසිදු වූයේ නීවරණයන් නැතිකර සියළු මානයද නැතිකර ත්‍රිවිද්‍යාවෙන් අවසන් කරන්නේ වන්නේය.

“කාමරාගෙන ඩය‍්හාමි, චිත‍්තං මෙ පරිඩය‍්හති; සාධු නිබ‍්බාපනං බ්‍රූහි, අනුකම‍්පාය ගොතම.

කාමරාගයෙන් දැවෙමි. මගේ සිත දැවෙයි. ගෞතමය! (තමාටම) අනුකම්පා කර මනාව නිවෙන ක්‍රමයක් කියන්න.

“සඤ‍්ඤාය විපරියෙසා, චිත‍්තං තෙ පරිඩය‍්හති; නිමිත‍්තං පරිවජ‍්ජෙහි, සුභං රාගූපසංහිතං.

වැරදි ලෙස වටහා ගැනීම නිසා ඔබගේ සිත දැවෙයි. රාගයට හේතුව වූ සුභ නිමිත්ත අත්හරින්න.

සංස්කාරයන් අනාත්ම ලෙස දුක් ලෙස බලන්න. මහා රාග ගින්න නිවා දමන්න. නැවත නැවතත් නොදැවෙන්නෙහිය.

“අසුභාය චිත‍්තං භාවෙහි, එකග‍්ගං සුසමාහිතං; සති කායගතා ත්‍යත්‍ථු, නිබ‍්බිදාබහුලො භව.

එකඟ වූ මනාව වඩන ලද සිත අසුභ අරමුණෙහි වඩන්න. කායගතා සතිය ඇත්තේ කලකිරුණු කෙනෙක් වන්න.

“අනිමිත‍්තඤ‍්ච භාවෙහි, මානානුසයමුජ‍්ජහ; තතො මානාභිසමයා, උපසන‍්තො චරිස‍්සසි.

අනිත්‍යානුපස්සනාව වඩන්න. මානය දුරලන්න. ඒ මානය නැති කිරිමෙන් උපශාන්තව හැසිරෙන්න.

“තමෙව වාචං භාසෙය්‍ය, යායත‍්තානං න තාපයෙ; පරෙ ච න විහිංසෙය්‍ය, සා වෙ වාචා සුභාසිතා.

යමකින් තමා තාපයට පත් නොවේද, අනුන්ට හිංසාවක් නොවන්නේද ඒ වචනය සුභාෂිත නම් වේ.

“පියවාචමෙව භාසෙය්‍ය, යා වාචා පටිනන්‍දිතා; යං අනාදාය පාපානි, පරෙසං භාසතෙ පියං.

යම් වචනයකින් අසන්නාට සතුටක් ඇතිවේද, යමක් පව් නොගෙන අනුන්ට ප්‍රිය දෙයක් කියන්නේද එබඳු ප්‍රිය වචනයක්ම කියන්නේය.

“සච‍්චං වෙ අමතා වාචා, එස ධම‍්මො සනන‍්තනො; සච‍්චෙ අත්‍ථෙ ච ධම‍්මෙ ච, ආහු සන‍්තො පතිට‍්ඨිතා.

සත්‍යය මට අමා වචනයකි. මෙය සනාතන ධර්මතාවයකි. ශාන්ත තැනැත්තේ සත්‍යයෙහිද අර්ථයෙහිද ධර්මයෙහිද පිහිටියා වෙයි.

“යං බුද‍්ධො භාසති වාචං, ඛෙමං නිබ‍්බානපත‍්තියා; දුක‍්ඛස‍්සන‍්තකිරියාය, සා වෙ වාචානමුත‍්තමා.

බුදුරජාණන් වහන්සේ නිවන් ලැබීම සඳහා ක්‍ෂේම වූ යම් වචනයක් දුක් කෙළවර කිරීම සඳහා වදාරයිද එය වනාහි වචනවලින් උත්තම වචනය වේ.

“ගම‍්භීරපඤ‍්ඤො මෙධාවී, මග‍්ගාමග‍්ගස‍්ස කොවිදො; සාරිපුත‍්තො මහාපඤ‍්ඤො, ධම‍්මං දෙසෙති භික‍්ඛුනං.

ගැඹුරු ප්‍රඥා ඇති ඤාණවන්ත මග නොමග දන්නා වූ මහාප්‍රාඥ වූ සැරියුත් තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට ධර්මය දේශනා කරයි.

“සංඛිත‍්තෙනපි දෙසෙති, විත්‍ථාරෙනපි භාසති; සාලිකායිව නිග‍්ඝොසො, පටිභානං උදිය්‍යති.

කෙටියෙන් දේශනා කරයි. විස්තර සහිතව දේශනා කරයි. සැලලිහිණියකුගේ හඬ මෙන් මධුරය. ප්‍රතිභාන වශයෙන් එකිනෙක නැගී එයි.

“තස‍්ස තං දෙසයන‍්තස‍්ස, සුණන‍්ති මධුරං ගිරං; සරෙන රජනීයෙන, සවනීයෙන වග‍්ගුනා; උදග‍්ගචිත‍්තා මුදිතා, සොතං ඔධෙන‍්ති භික‍්ඛවො.

ධර්මසේනාපති සැරියුත් තෙරුන්ගේ ධර්මය දේශනා කරනවිට මධුර ලෙස අසත්. කණට මිහිර ගෙනදෙන කාන්ත වූ මනහර වූ ප්‍රීතියට පත් සිත් ඇත්තා වූ, ඒ භික්‍ෂූහු ඒ වෙතටම සවන් යොමු කරත්.

“අජ‍්ජ පන‍්නරසෙ විසුද‍්ධියා, භික‍්ඛූ පඤ‍්චසතා සමාගතා; සංයොජනබන්‍ධනච‍්ඡිදා, අනීඝා ඛීණපුනබ‍්භවා ඉසී.

අද පසළොස්වකදා විශුද්ධි පවාරණය පිණිස සංයෝජන බැමි සිඳ දමන ලද දුක් නැත්තා වූ ක්‍ෂය වූ පුනර්භව ඇති ඉසි වූ භික්‍ෂූහු පන්සියයක් රැස් වූහ.

“චක‍්කවත‍්තී යථා රාජා, අමච‍්චපරිවාරිතො; සමන‍්තා අනුපරියෙති, සාගරන‍්තං මහිං ඉමං.

ඇමතියන් පිරිවරාගත් සක්විති රජෙක් මෙන් සාගරය අවසන්කොට ඇති මහපොළවෙහි හාත්පස සංචාරය කරත්.

“එවං විජිතසඞ‍්ගාමං, සත්‍ථවාහං අනුත‍්තරං; සාවකා පයිරුපාසන‍්ති, තෙවිජ‍්ජා මච‍්චුහායිනො.

මෙසේ දිනන ලද සංග්‍රාම ඇති උතුම් වූ ගැල් නායකයකු මෙන් වූ ත්‍රිවිද්‍යා ඇති මාරයා බය කළ උන්වහන්සේව ශ්‍රාවකයෝ ඇසුරු කරත්.

“සබ‍්බෙ භගවතො පුත‍්තා, පලාපෙත්‍ථ න විජ‍්ජති; තණ‍්හාසල‍්ලස‍්ස හන‍්තාරං, වන්‍දෙ ආදිච‍්චබන්‍ධුනං.

සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝය. ශීලය රහිත පුද්ගලයෙක් මෙහි නැත. තණ්හා නමැති හීය නැතිකරන්නා වූ සූර්ය බන්ධු වූ බුදුන් වඳිමි.

“පරොසහස‍්සං භික‍්ඛූනං, සුගතං පයිරුපාසති; දෙසෙන‍්තං විරජං ධම‍්මං, නිබ‍්බානං අකුතොභයං.

භය රහිත නිර්මාණය සඳහා විරජ වූ ධර්මය දේශනා කරන්නා වූ බුදුන්ට අතිරේක දහසක් සහිත භික්‍ෂූහු ගෞරව නමස්කාර කරත්.

“සුණන‍්ති ධම‍්මං විමලං, සම‍්මාසම‍්බුද‍්ධදෙසිතං; සොභති වත සම‍්බුද‍්ධො, භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල වූ ධර්මය අසත්. භික්‍ෂු සංඝයා පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේ බබලයි.

“නාගනාමොසි භගවා, ඉසීනං ඉසිසත‍්තමො; මහාමෙඝොව හුත්‍වාන, සාවකෙ අභිවස‍්සසි.

භාග්‍යවතුන් වහන්සේ ‘නාග’ යන නම් ඇත්තේය. ශ්‍රාවක පසේබුදු ආදීන්ට ප්‍රධාන වූ ඍෂිවරයෙකි. මහාමේඝයක් මෙන් වී ශ්‍රාවකයන් නහවයි.

“දිවා විහාරා නික‍්ඛම‍්ම, සත්‍ථුදස‍්සනකම්‍යතා; සාවකො තෙ මහාවීර, පාදෙ වන්‍දති වඞ‍්ගිසො.

බුදුන්වහන්සේ දැකීමේ ආශාවෙන් දිවා විහාරයෙන් නික්ම, මහාවීරයන් වහන්ස, මම ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක්මි. වංගීස තෙමේ ඔබ වහන්සේගේ පා වඳියි.

“උම‍්මග‍්ගපථං මාරස‍්ස, අභිභුය්‍ය චරති පභිජ‍්ජ ඛීලානි; තං පස‍්සථ බන්‍ධපමුඤ‍්ච කරං, අසිතංව භාගසො පවිභජ‍්ජ.

මාරයාගේ වැරදි මාර්ගය බිඳ දමා පස් වැදෑරුම් රාගාදී කණු බිඳ දමා හැසිරෙයි. බැඳීම් මුදන්නා වූ නොඇලුනා වූ සතිපට්ඨාන ආදී කොටස්වලට බෙදා ධර්මය දේශනා කරන බුදුන් බලන්න.

“ඔඝස‍්ස හි නිතරණත්‍ථං, අනෙකවිහිතං මග‍්ගං අක‍්ඛාසි; තස‍්මිඤ‍්ච අමතෙ අක‍්ඛාතෙ, ධම‍්මදසා ඨිතා අසංහීරා.

කාමාදී චතුර්ඕඝයන් නැතිකිරීම සඳහා නොයෙක් ආකාර මාර්ගයන් ප්‍රකාශ කළේය. උන්වහන්සේ විසින් අමා මාර්ගය කීකල්හි ධර්මය දකින්නාහු කෙනෙක් නොසැලී සිටිත්.

“පජ‍්ජොතකරො අතිවිජ‍්ඣ, සබ‍්බඨිතීනං අතික‍්කමමද‍්දස; ඤත්‍වා ච සච‍්ඡිකත්‍වා ච, අග‍්ගං සො දෙසයි දසද‍්ධානං.

බබලමින් ධර්මය අවබෝධ කරගෙන සියළු දෘෂ්ටීන් ඉක්මවායන නිර්වාණය දුටුවේය. දැනගෙන අවබෝධ කරගෙන උන්වහන්සේ පංච වංගීයන්ට අග්‍ර වූ ධර්මය දේශනා කළේය.

“එවං සුදෙසිතෙ ධම‍්මෙ, කො පමාදො විජානතං ධම‍්මං; තස‍්මා හි තස‍්ස භගවතො සාසනෙ, අප‍්පමත‍්තො සදා නමස‍්සමනුසික‍්ඛෙ.

මෙසේ මනාව ධර්මය දේශනා කළ කල්හි ධර්මය දන්නවුන්ට කවරනම් ප්‍රමාදයක්ද? ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි සදා අප්‍රමාදීව ශික්‍ෂණය ලබමි.

“බුද‍්ධානුබුද‍්ධො යො ථෙරො, කොණ‍්ඩඤ‍්ඤො තිබ‍්බනික‍්කමො; ලාභී සුඛවිහාරානං, විවෙකානං අභිණ‍්හසො.

බුදුවරුන්ගේ අනුබුදු වූ දැඩි වී ඇති නිරන්තරයෙන් සැප විහරණය ලබන ඒ කොණ්ඩඤ්ඤ නම් තෙරුන් වහන්සේ

“යං සාවකෙන පත‍්තබ‍්බං, සත්‍ථු සාසනකාරිනා; සබ‍්බස‍්ස තං අනුප‍්පත‍්තං, අප‍්පමත‍්තස‍්ස සික‍්ඛතො.

අප්‍රමාදීව හික්මුණු ශාස්තෲන් වහන්සේගේ අවවාදය පිළිපදින යම් ශ්‍රාවකයකු විසින් ලැබිය යුතු සියල්ල ලබාගන්නා ලදී.

“මහානුභාවො තෙවිජ‍්ජො, චෙතොපරියකොවිදො; කොණ‍්ඩඤ‍්ඤො බුද‍්ධදායාදො, පාදෙ වන්‍දති සත්‍ථුනො.

මහානුභාව සම්පන්න වූ ත්‍රිවිද්‍යාධාරී චෙතොපරිය ඤාණය ලැබුවා වූ බුද්ධදායාද වූ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ බුදුන්ගේ පා වඳියි.

“නගස‍්ස පස‍්සෙ ආසීනං, මුනිං දුක‍්ඛස‍්ස පාරගුං; සාවකා පයිරුපාසන‍්ති, තෙවිජ‍්ජා මච‍්චුහායිනො.

පර්වත පාර්ශ්වයක හුන්නා වූ දුක් කෙළවර කළ මුනීන්ද්‍රයන් වහන්සේව මාරයා බිය කළ ත්‍රිවිද්‍යාධාරී ශ්‍රාවකයෝ ඇසුරු කරත්.

“චෙතසා අනුපරියෙති, මොග‍්ගල‍්ලානො මහිද‍්ධිකො; චිත‍්තං නෙසං සමන්‍වෙසං, විප‍්පමුත‍්තං නිරූපධිං.

මහා සෘද්ධි ඇති මුගලන් මහතෙරුන් වහන්සේ තමන්ගේ චෙතො පරිය ඤාණයෙන් දැනගනී.

“එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං, මුනිං දුක‍්ඛස‍්ස පාරගුං; අනෙකාකාරසම‍්පන‍්නං, පයිරුපාසන‍්ති ගොතමං.

මෙසේ සියළු අංගයන්ගෙන් යුක්ත දුක් කෙළවර කරන්නා වූ නොයෙක් ආකාරයන්ගෙන් යුක්ත වූ ගෞතමයන් වහන්සේව ඇසුරු කරත්.

“චන්‍දො යථා විගතවලාහකෙ නභෙ, විරොචති වීතමලොව භාණුමා; එවම‍්පි අඞ‍්ගීරස ත්‍වං මහාමුනි, අතිරොචසි යසසා සබ‍්බලොකං.

පහවූ වළාකුළු ඇති අහසෙහි පහවූ කිලිටිවලින් යුත් සූර්යයා බබලයි. එපරිද්දෙන් මහා මුනීන්ද්‍රයන් වහන්ස! ඔබවහන්සේ කීර්තියෙන් මුළු ලොව බබලයි.

“කාවෙය්‍යමත‍්තා විචරිම‍්හ පුබ‍්බෙ, ගාමා ගාමං පුරා පුරං; අථද‍්දසාම සම‍්බුද‍්ධං, සබ‍්බධම‍්මාන පාරගුං.

පෙර ගමින් ගමට නගරයෙන් නගරයට කාව්‍යකරණයෙන් මත්වී හැසුරුනෙමු. මනාව ධර්මයේ පරතෙරට ගියා වූ ශාස්තෲන් වහන්සේ දුටුවෙමු. බණ අසා පැහැදුනෙමු. ඒකාන්තයෙන් අපට උපකාර පිණිස පහළ විය.

“සො මෙ ධම‍්මමදෙසෙසි, මුනි දුක‍්ඛස‍්ස පාරගූ; ධම‍්මං සුත්‍වා පසීදිම‍්හ, සද‍්ධා නො උදපජ‍්ජථ.

“තස‍්සාහං වචනං සුත්‍වා, ඛන්‍ධෙ ආයතනානි ච; ධාතුයො ච විදිත්‍වාන, පබ‍්බජිං අනගාරියං.

(උන්වහන්සේගේ වචනය අසා ස්කන්ධ ආයතන ධාතු යන කොටස් අවබෝධ කරගෙන අනගාරික සසුනෙහි පැවිදි වූයෙමි.)

“බහූනං වත අත්‍ථාය, උප‍්පජ‍්ජන‍්ති තථාගතා; ඉත්‍ථීනං පුරිසානඤ‍්ච, යෙ තෙ සාසනකාරකා.

යම් ඒ ශාසනකාරක වූ බොහෝ ස්ත්‍රී පුරුෂයන්ට ප්‍රයෝජන සඳහා තථාගතයන් වහන්සේලා පහළ වෙති.

“තෙසං ඛො වත අත්‍ථාය, බොධිමජ‍්ඣගමා මුනි; භික‍්ඛූනං භික‍්ඛුනීනඤ‍්ච, යෙ නියාමගතද‍්දසා.

යම් ඒ භික්‍ෂු භික්‍ෂුණීන් නියාමයන් අවබෝධ කරගත්තාහුද ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා මුනීන්ද්‍රයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් සේක.

“සුදෙසිතා චක‍්ඛුමතා, බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා; චත‍්තාරි අරියසච‍්චානි, අනුකම‍්පාය පාණිනං.

සියළු සත්ත්වයන්ට අනුකම්පා පිණිස චක්‍ෂුමත් වූ සූර්යබන්ධු වූ බුදුන් විසින් චතුරාර්ය සත්‍යය මනාව දේශනා කරන ලදී.

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

දුකත්, දුක හටගැනීමට හේතුවත් දුක නැතිකිරීමද දුක සංසිඳවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත්

“එවමෙතෙ තථා වුත‍්තා, දිට‍්ඨා මෙ තෙ යථා තථා; සදත්‍ථො මෙ අනුප‍්පත‍්තො, කතං බුද‍්ධස‍්ස සාසනං.

යමක් කියන ලද ආකාරයෙන්ම එපරිද්දෙන්ම මා විසින් දකින ලදී. මාගේ අර්ථ සිද්ධිය ඇතිවිය. බුදුන්ගේ අනුශාසනය කරන ලදී.

“ස‍්වාගතං වත මෙ ආසි, මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ; සුවිභත‍්තෙසු ධම‍්මෙසු, යං සෙට‍්ඨං තදුපාගමිං.

බුදුන් සමීපයට මාගේ පැමිණීම යහපත් වූවකි. බෙදා දක්වන ධර්මයන්හි යමක් ශ්‍රේෂ්ඨ ද එය ලබාගත්තෙමි.

“අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තො, සොතධාතු විසොධිතා; තෙවිජ‍්ජො ඉද‍්ධිපත‍්තොම‍්හි, චෙතොපරියකොවිදො.

අභිඤ්ඤාවන් පරතෙරට ගියෙමි. දිව කන පිරිසිදු කරන ලදී. ත්‍රිවිද්‍යා ලැබූයේ චෙතොපරියඤාණයේ දක්ෂයෙක් වූ සෘද්ධි ලාභියෙක් වෙමි.

“පුච‍්ඡාමි සත්‍ථාරමනොමපඤ‍්ඤං, දිට‍්ඨෙව ධම‍්මෙ යො විචිකිච‍්ඡානං ඡෙත‍්තා; අග‍්ගාළවෙ කාලමකාසි භික‍්ඛු, ඤාතො යසස‍්සී අභිනිබ‍්බුතත‍්තො.

මහා ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේ විචාරමි. ප්‍රත්‍යක්‍ෂයේම (මේ ආත්ම භාවයේදීම) විචිකිච්ඡාදිය නැතිකර දමා යම් භික්‍ෂුවක් ප්‍රකට වූයේ යසස් ඇත්තේ අග්ගාලව නම් විහාරයෙහි නොදැවෙන සිත් ඇතිව කලුරිය කළේය.

“නිග්‍රොධකප‍්පො ඉති තස‍්ස නාමං, තයා කතං භගවා බ්‍රාහ‍්මණස‍්ස; සො තං නමස‍්සං අචරි මුත්‍යපෙඛො, ආරද‍්ධවීරියො දළ‍්හධම‍්මදස‍්සී.

භාග්‍යවතුන් වහන්ස! ඔබවහන්සේ විසින් ඒ බ්‍රාහ්මණයාට ‘නිග්‍රොධකප්ප’ යන නම තබන ලදී. ඒ මම නිවනෙහි පිහිටියෙම්, අරඹන ලද වීර්ය ඇත්තෙම් නමස්කාර කරමින් හැසුරුනෙමි.

“තං සාවකං සක‍්ක මයම‍්පි සබ‍්බෙ, අඤ‍්ඤාතුමිච‍්ඡාම සමන‍්තචක‍්ඛු; සමවට‍්ඨිතා නො සවනාය සොතා, තුවං නො සත්‍ථා ත්‍වමනුත‍්තරොසි.

ශාක්‍යයන් වහන්ස! භාග්‍යවතුන් වහන්ස! අපි සියල්ලෝම මනාව පිරිවරාගෙන සිටිමු. සමන්තචක්‍ෂූ වහන්සේව දැනගනු කැමැත්තෙමු. ඔබවහන්සේ සියල්ලන්ටම වඩා උත්තරීතර වන්නේය.

“ඡින්‍ද නො විචිකිච‍්ඡං බ්‍රූහි මෙතං, පරිනිබ‍්බුතං වෙදය භූරිපඤ‍්ඤ; මජ‍්ඣෙව නො භාස සමන‍්තචක‍්ඛු, සක‍්කොව දෙවාන සහස‍්සනෙත‍්තො.

භාග්‍යවතුන් වහන්ස! අපගේ සැකය නැතිකරන්න. පිරිනිවියේදැයි අපට කියන්න. සමන්තචක්‍ඛු වූ භාග්‍යවතුන් වහන්ස! යම්සේ දෙවියන් මැද ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරන්නාක් මෙන් අප මැද වැඩසිට වදාරන සේක්වා!

“යෙ කෙචි ගන්‍ථා ඉධ මොහමග‍්ගා, අඤ‍්ඤාණපක‍්ඛා විචිකිච‍්ඡඨානා; තථාගතං පත්‍වා න තෙ භවන‍්ති, චක‍්ඛුඤ‍්හි එතං පරමං නරානං.

යම් ඒ අවිජ්ජා ආදිය ප්‍රහාණ නොකිරීම ඇතිකල්හි මෝහ, විචිකිච්ඡා ආදිය ප්‍රහාණ නොවූයේ වේද ඒ සියල්ල තථාගතයන් වහන්සේ වෙත පැමිණ නැතිවෙත්. ඒ නිසා ජනයාට ශාස්තෲන් වහන්සේ පරම ඇසක් වැනිය.

“නො චෙ හි ජාතු පුරිසො කිලෙසෙ, වාතො යථා අබ‍්භඝනං විහානෙ; තමොවස‍්ස නිවුතො සබ‍්බලොකො, ජොතිමන‍්තොපි න පභාසෙය්‍යුං.

යම් කෙනෙක් වාතයෙන් වළාකුලක් විනාශ කරන්නාක් මෙන් කෙලෙසුන් නොනසාද මුළු ලොවම අන්ධකාරයෙන් වැසුනේ වෙයි. ප්‍රඥා ආලෝකයෙන් යුත් අය පවා නොබබලත්.

“ධීරා ච පජ‍්ජොතකරා භවන‍්ති, තං තං අහං වීර තථෙව මඤ‍්ඤෙ; විපස‍්සිනං ජානමුපාගමිම‍්හ, පරිසාසු නො ආවිකරොහි කප‍්පං.

පණ්ඩිත පුරුෂයෝ ප්‍රඥා ආලෝකය උපදවත්. බුදුන්වහන්සේ ද පධන් වීර්යයෙන් යුත් එබඳු කෙනෙක් ලෙස හඟිමි. අපිද සියළු ධර්මයන් ඇති පරිදි දන්නා බුදුන් දැනගෙන මෙහි පැමිණියෙමු. ඒ නිසා ශාරිපුත්‍රයන් වහන්ස! නිග්‍රොධ කප්පගේ ගතිය ගැන ඇති තතු පිරිසට හෙළි කරන්න.

“ඛිප‍්පං ගිරං එරය වග‍්ගු වග‍්ගුං, හංසොව පග‍්ගය‍්හ සණිකං නිකූජ; බින්‍දුස‍්සරෙන සුවිකප‍්පිතෙන, සබ‍්බෙව තෙ උජ‍්ජුගතා සුණොම.

භාග්‍යවතුන් වහන්සේ වහා කොටස් වශයෙන් වචනයක් ප්‍රකාශ කරන්න. යම්සේ ස්වර්ණහංසයා ඉදිරියට හිස ඔසවා වහා නාද කරන්නේද එසේ මනාව සකස්වූ ස්වරයෙන් මේ අපි සියල්ලෝම තැන්පත් වූ සිතින් ඔබගේ කූජනය අසමු.

“පහීනජාතිමරණං අසෙසං, නිග‍්ගය‍්හ ධොනං වදෙස‍්සාමි ධම‍්මං; න කාමකාරො හි පුථුජ‍්ජනානං, සඞ‍්ඛෙය්‍යකාරො ච තථාගතානං.

ප්‍රහීණ වූ සියළු ජාතිමරණ ඇති සෝදාහරින ලද සියළු පව් ඇතිව ධර්මය අවබෝධ කරමි. පෘථග්ජනයන්ට කාමකාරයන් නැත. තථාගතයන් වහන්සේලාගේ විමසා බැලීම වනාහි ප්‍රඥාව පෙරටුකොට ගත් ක්‍රියාදාමයකි.

“සම‍්පන‍්නවෙය්‍යාකරණං තවෙදං, සමුජ‍්ජුපඤ‍්ඤස‍්ස සමුග‍්ගහීතං; අයමඤ‍්ජලි පච‍්ඡිමො සුප‍්පණාමිතො, මා මොහයී ජානමනොමපඤ‍්ඤ.

ඔබගේ භාග්‍යවතුන් වහන්සේ මෙය සියළු තන්හි අප්‍රතිහත ප්‍රඥාවෙන් යුතුව පවත්වන ලද විවරණයෙන් යුක්තයි. මෙය මනාව ඉන්ගෙන ගන්නා ලදී. දකින ලදී. මේ අන්‍ය වූද නමස්කාරයකි. භාග්‍යවතුන් වහන්ස! අපව මුලාවට පත්නොකරන්න.

“පරොපරං අරියධම‍්මං විදිත්‍වා, මා මොහයී ජානමනොමවීරිය; වාරිං යථා ඝම‍්මනි ඝම‍්මතත‍්තො, වාචාභිකඞ‍්ඛාමි සුතං පවස‍්ස.

ලෞකික ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන, සියළු දතයුතු දේ දන්නේ අපව මුලා නොකරන්න. යම්සේ උෂ්ණ කාලයෙහි උෂ්ණයෙන් පීඩාවට පත්වූවහු ජලයෙන් සතුටුවෙයිද එමෙන් ඇසීම නමැති පිපාසයෙන් පෙළෙන මම සතුටු වෙමි.

“යදත්‍ථිකං බ්‍රහ‍්මචරියං අචරී, කප‍්පායනො කච‍්චිස‍්සතං අමොඝං; නිබ‍්බායි සො ආදු සඋපාදිසෙසො, යථා විමුත‍්තො අහු තං සුණොම.

කච්චායන තෙමේ අමෝඝ වූයේ නියම අයුරින් බ්‍රහ්ම චර්යාවේ හැසුරුණේය. ඔහු අනුපාදිසේස ලෙස පිරිනිවන්පෑවේද නැතහොත් සඋපාදි සෙස ලෙස පිරිනිවන් පෑවේද එය අසනු කැමැත්තෙමු.

“අච‍්ඡෙච‍්ඡි තණ‍්හං ඉධ නාමරූපෙ, (ඉති භගවා,) කණ‍්හස‍්ස සොතං දීඝරත‍්තානුසයිතං; අතාරි ජාතිං මරණං අසෙසං, ඉච‍්චබ්‍රවි භගවා පඤ‍්චසෙට‍්ඨො.

මේ නාමරූපයන්හි ඇති කාමතණ්හා ආදී භේදයන් කප්පායන තෙමේ සිඳ දැම්මේය. (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.) ඔහු අශේෂ වූ ජාති මරණයන්ගෙන් එතරවිය (අනුපාදිසෙස ලෙස පිරිනිවන් පෑවේය) කාරණ පසකින් ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“එස සුත්‍වා පසීදාමි, වචො තෙ ඉසිසත‍්තම; අමොඝං කිර මෙ පුට‍්ඨං, න මං වඤ‍්චෙසි බ්‍රාහ‍්මණො.

භාග්‍යවතුන් වහන්ස! ඔබගේ මේ වචනය අසා සතුටු වෙමි. මාගේ විචාරීම හිස් නොවීය. බ්‍රාහ්මණ තෙම මා රැවටූයේ නැත.

“යථා වාදී තථා කාරී, අහු බුද‍්ධස‍්ස සාවකො; අච‍්ඡෙච‍්ඡි මච‍්චුනො ජාලං, තතං මායාවිනො දළ‍්හං.

බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කියන පරිදිම කරන්නෙක් විය. බොහෝ මායාකාරි වූයේ මාරයාගේ දැඩි තණ්හා නමැති දැල කඩාදමන ලදී.

“අද‍්දස භගවා ආදිං, උපාදානස‍්ස කප‍්පියො; අච‍්චගා වත කප‍්පානො, මච‍්චුධෙය්‍යං සුදුත‍්තරං.

සසරට මුල් වූ කාරණය කප්පිය තෙමේ දුටුවේය. කප්පායණ තෙමේ ලඟාවිය නොහැකි ත්‍රෛභූමික වට්ටදුක වටහා ගත්තේය.

“තං දෙවදෙවං වන්‍දාමි, පුත‍්තං තෙ ද‍්විපදුත‍්තම; අනුජාතං මහාවීරං, නාගං නාගස‍්ස ඔරස”න‍්ති. –

භාග්‍යවතුන් වහන්ස! දෙවියන්ට දෙවි වූ මහාවීර වූ නාගයාගේ ඖරස නාගයා වූ අනුජාත පුත්‍රයාට නමස්කාර කරමි.

ඉමා ගාථා සඞ‍්ගීතිකාලෙ එකජ‍්ඣං කත්‍වා සඞ‍්ගහං ආරොපිතා. තත්‍ථ “නික‍්ඛන‍්තං වත මං සන‍්ත”න‍්තිආදයො පඤ‍්ච ගාථා ආයස‍්මා වඞ‍්ගීසො නවො අචිරපබ‍්බජිතො හුත්‍වා විහාරං උපගතා අලඞ‍්කතපටියත‍්තා සම‍්බහුලා ඉත්‍ථියො දිස‍්වා උප‍්පන‍්නරාගො තං විනොදෙන‍්තො අභාසි.

මේ ගාථාවන් සංගායනා අවස්ථාවේදී එක්රැස්කොට සංග්‍රහ කරන ලදී. එහි ‘නික්‍ඛනතං වත මං සන්තං’ ආදී ගාථා පස අලුත පැවිදි වූ ආයුෂ්මත් වංගීස තෙරුන් විසින් විහාරයට පැමිණි මනාව අලංකාරයෙන් සැරසුණු කාන්තාවන් දැක උපන්නා වූ රාග ඇත්තේ එය දුරුකරමින් ප්‍රකාශ කළේය.

තත්‍ථ නික‍්ඛන‍්තං වත මං සන‍්තං, අගාරස‍්මානගාරියන‍්ති අගාරතො නික‍්ඛන‍්තං අනගාරියං පබ‍්බජිතං මං සමානං. විතක‍්කාති කාමවිතක‍්කාදයො පාපවිතක‍්කා. උපධාවන‍්තීති මම චිත‍්තං උපගච‍්ඡන‍්ති. පගබ‍්භාති පාගබ‍්භියයුත‍්තා වසිනො. “අයං ගෙහතො නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො, නයිමං අනුද‍්ධංසිතුං යුත‍්ත”න‍්ති එවං අපරිහාරතො නිල‍්ලජ‍්ජා. කණ‍්හතොති කාළතො, ලාමකභාවතොති අත්‍ථො. ඉමෙති තෙසං අත‍්තනො පච‍්චක‍්ඛතා වුත‍්තා.

එහි නික්‍ඛනතං වත මං සන්තං අගාරස්මානගාරියං ගිහි ගෙයින් නික්ම අනගාරික වූ පැවිද්ද ලැබූ මා විතක්කා යනු කාමවිතර්ක ආදී පව්සිතුවිලි. උපධාවන්ති යනු මගේ සිතට ඇතුල් වෙත්. පගබ්භා යනු නොසැලකිලිමත් මොහු ගෙයින් නික්ම පැවිදි වූයේ මොහුව නරක් නොකළ යුතුයැයි යනාදි ලෙස ලජ්ජා නැතිව. කණතො කලු බැවින්, ලාමක බවෙන් යන අර්ථයි. ඉමෙ යනු ඔවුන්ට තමාගේ ප්‍රත්‍යක්‍ෂ බවෙන් කියන ලදී.

අසුද‍්ධජීවිනො පරිවාරයුත‍්තා මනුස‍්සා උග‍්ගකිච‍්චතාය “උග‍්ගා”ති වුච‍්චන‍්ති, තෙසං පුත‍්තා උග‍්ගපුත‍්තා. මහිස‍්සාසාති මහාඉස‍්සාසා. සික‍්ඛිතාති ද‍්වාදස වස‍්සානි ආචරියකුලෙ උග‍්ගහිතසිප‍්පා. දළ‍්හධම‍්මිනොති, දළ‍්හධනුනො . දළ‍්හධනු නාම ද‍්විසහස‍්සථාමං වුච‍්චති. ද‍්විසහස‍්සථාමන‍්ති, ච යස‍්ස ආරොපිතස‍්ස ජියාය බන්‍ධො ලොහසීසාදීනං භාරො දණ‍්ඩෙ ගහෙත්‍වා යාව කණ‍්ඩපමාණා නභං උක‍්ඛිත‍්තස‍්ස පථවිතො මුච‍්චති. සමන‍්තා පරිකිරෙය්‍යුන‍්ති සමන‍්තතො කණ‍්ඩෙ ඛිපෙය්‍යුං. කිත‍්තකාති චෙ ආහ “සහස‍්සං අපලායින”න‍්ති. යුද‍්ධෙ අපරං මුඛානං සහස‍්සමත‍්තානං. ඉදං වුත‍්තං හොති – සික‍්ඛිතා කතහත්‍ථා උග‍්ගා දළ‍්හධනුනො මහිස‍්සාසා උග‍්ගපුත‍්තා සහස‍්සමත‍්තා කදාචිපි යුද‍්ධෙ පරාජයං අපත‍්තා අප‍්පමත‍්තා සමන‍්තතො ඨත්‍වා ථම‍්භං උපනිස‍්සාය සචෙපි වස‍්සෙය්‍යුං. තාදිසෙහිපි ඉස‍්සාසසහස‍්සෙහි සමන‍්තා සරෙ පරිකිරීයන‍්තෙ සුසික‍්ඛිතො පුරිසො දණ‍්ඩං ගහෙත්‍වා සබ‍්බෙ සරෙ අත‍්තනො සරීරෙ අපතමානෙ කත්‍වා පාදමූලෙ පාතෙය්‍ය. තත්‍ථ එකොපි ඉස‍්සාසො ද‍්වෙ සරෙ එකතො ඛිපන‍්තො නාම නත්‍ථි. ඉත්‍ථියො පන රූපාරම‍්මණාදිවසෙන පඤ‍්ච පඤ‍්ච සරෙ එකතො ඛිපන‍්ති, එවං ඛිපන‍්තියො. එත‍්තකා භිය්‍යොති ඉමාහි ඉත්‍ථීහි භිය්‍යොපි බහූ ඉත්‍ථියො අත‍්තනො ඉත්‍ථිකුත‍්තහාසභාවාදිතො විධංසෙන‍්ති.

අපිරිසිදු ජීවිකාවන් ඇති පිරිවර සිටින මිනිස්සු අපහසු වැඩ ඇති බැවින් ‘උග්ගයෝ’ යැයි කියති. ඔවුන්ගේ දරුවෝ උග්ගපුත්තා නම් වේ. මහිස්සාසා යනු බොහෝ යසඉසුරු ඇති. සික්‍ඛිතා යනු වර්ෂ දොළසක් ගුරුකුලයෙහි ඉගෙනගන්නා ලද ශිල්ප දළ්හධන්‍විනො යනු දැඩි දුනු ඇති ‘දළ්හධනු’ යනු දෙදහසක් බලය ඇති යම් ඒ අදින ලද දුනුදියෙහි තබන ලද ලෝහ ශීර්ෂ ආදියෙහි බර ඊයක් පමණ අහසට ඔසවා පොලවෙන් මුදාහරි. සමන්තාපරිකිරෙය්‍යුං හාත්පසින් ඊ විදින්නේය. කොපමණද කියාත් කීය. දහසක් යුද්ධයෙහි පරාද වූ දහසක් පමණ දෙනාට මෙය කියන ලදී. ශික්‍ෂණය ලබන ලද පළපුරුදු දැඩි දුනුවායන් වූ මහා සම්පත් ඇති උග්ග පුත්‍රයන් දහසක් පමණ කවදාවත් යුද්ධයෙහි පරාද නොවී, අප්‍රමාදීව පසෙකට වී කණුවකට මුවාවී ඉදින් ඊ වර්ෂා වසින්නේද එබඳු වූ ඊ දහසකින් හාත්පස ඊ වැටෙනවිට ශික්‍ෂණය ලැබූ පුද්ගලයෙක් මුගුරක් ගෙන සියලුම ඊ තමාගේ සිරුරට නොවදින සේ කොට පාලඟ හෙලන්නේ නම් නැත. නමුත් ස්ත්‍රීන් වනාහි රූපාරම්මණ ආදී වශයෙන් ඊතල බස බැගින් එක්වර හෙළත්. මෙසේ හෙලන්නියෝ එත්තකා භිය්‍යො යනු මේ ස්ත්‍රීන්ගෙන් බොහෝ ස්ත්‍රීහු ස්ත්‍රී මායම්වලින් භාවභාව විලාශයන්ගෙන් නසන්නාහුය.

සක‍්ඛී හි මෙ සුතං එතන‍්ති සම‍්මුඛා මයා එතං සුතං. නිබ‍්බානගමනං මග‍්ගන‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, නිබ‍්බානගාමිමග‍්ගොති අත්‍ථො, විපස‍්සනං සන්‍ධායාහ. තත්‍ථ මෙ නිරතො මනොති තස‍්මිං විපස‍්සනාමග‍්ගෙ මය‍්හං චිත‍්තං නිරතං.

සක්‍ඛිහි මෙසුතං එතං යනු ඉදිරිපිටදී මා විසින් මෙය අසන ලදී. නිබ්බානගමනං මග්ගං යනුවෙන් ලිංග විපර්යාසයෙන් කියන ලදී. (වියරණ) නිර්වාණගාමී මාර්ගය යන අර්ථයි. විදර්ශනාව සඳහා කියන ලදී. තත්‍ථ මෙ නිරතො මනො යනු ඒ විදර්ශනා මාර්ගයෙහි මගේ සිත නිරතය.

එවඤ‍්චෙ මං විහරන‍්තන‍්ති එවං අනිච‍්චඅසුභජ‍්ඣානභාවනාය ච විපස‍්සනාභාවනාය ච විහරන‍්තං මං. පාපිමාති කිලෙසමාරං ආලපති. තථා මච‍්චු කරිස‍්සාමි, න මෙ මග‍්ගම‍්පි දක‍්ඛසීති මයා කතං මග‍්ගම‍්පි යථා න පස‍්සසි, තථා මච‍්චු අන‍්තං කරිස‍්සාමීති යොජනා.

එවඤ්චෙමං විහරන්තං මේ අසුභ ධ්‍යාන භාවනාවෙන් ද විදර්ශනා භාවනාවෙන් ද වාසය කරන මා. පාපිමා යනුවෙන් කෙලෙස් මාරයා අමතයි. තථාමච්චුකරිස්සාමි නමෙ මග්ගම්පි දක්‍ඛසි යනු යම් මාර්ගය නොදකින්නෙහිද එපරිද්දෙන් මාරයාව පරාජය කරමි.

අරතිඤ‍්චාතිආදිකා පඤ‍්ච ගාථා අත‍්තනො සන‍්තානෙ උප‍්පන‍්නෙ අරතිආදිකෙ විනොදෙන‍්තෙන වුත‍්තා. තත්‍ථ අරතින‍්ති අධිකුසලෙසු ධම‍්මෙසු පන‍්තසෙනාසනෙසු ච උක‍්කණ‍්ඨනං. රතින‍්ති පඤ‍්චකාමගුණරතිං. පහායාති පජහිත්‍වා. සබ‍්බසො ගෙහසිතඤ‍්ච විතක‍්කන‍්ති, ගෙහනිස‍්සිතං පුත‍්තදාරාදිපටිසංයුත‍්තං ඤාතිවිතක‍්කාදිඤ‍්ච මිච‍්ඡාවිතක‍්කං අනවසෙසතො පහාය. වනථං න කරෙය්‍ය කුහිඤ‍්චීති අජ‍්ඣත‍්තිකබාහිරප‍්පභෙදෙ සබ‍්බස‍්මිං වත්‍ථුස‍්මිං තණ‍්හං න කරෙය්‍යං. නිබ‍්බනථො අවනථො ස භික‍්ඛූති යො හි සබ‍්බෙන සබ‍්බං නිත‍්තණ‍්හො , තතො එව කත්‍ථචිපි නන්‍දියා අභාවතො අවනථො, සො භික‍්ඛු නාම සංසාරෙ භයස‍්ස සම‍්මදෙව ඉක‍්ඛණතාය භින‍්නකිලෙසතාය චාති අත්‍ථො.

‘අරතිං’ ආදී ගාථා පස තම සිතෙහි උපන්නා වූ ‘අරති’ ආදිය පහකරන්නහු විසින් කියන ලදී. එහි අරතිං යනු අධිකුසල් දහම්හි පන්සල් සෙනසුන් ආදියෙහිත් කලකිරුණු අයගේ. රතිංච යනු පස්කම් සැප ගුණයෙහි ඇල්ම. පහාය යනු අත්හැරදමා. සබ්බසො ගෙහසිතංච විතක්කං යනු කාමසම්පත් හා බැඳි දූදරුවන් භාර්යාවන් හා බැඳුනා වූත් නෑයන් හා සම්බන්ධ සිතිවිලිත් යන මිථ්‍යා විතර්කයන් ඉතිරියක් නැතිව අත්හැර දමා. වනථං නකරෙය්‍ය කුහිංචි යනු අධ්‍යාත්මික බාහිර ආදී ප්‍රභේදයෙන් යුත් සියළු වස්තූන් කෙරෙහි ආශා නොකරන්නේය. නිබ්බනථො අවනථො ස භික්‍ඛු යනු යමෙක් සර්වප්‍රකාරයෙන්ම තණ්හා නැත්තේද ඒ නිසාම කිසිතැනක ඇල්මක් නැති බැවින් බලාපොරොත්තුවක් නැති ඔහු භික්‍ෂු නම් වේ. සසර බිය මනාව දකින නිසාවෙන් භින්න වූ කෙලෙස් ඇති බැවිනුත් යන අර්ථයි.

යමිධ පථවිඤ‍්ච වෙහාසං, රූපගතං ජගතොගධං කිඤ‍්චීති යංකිඤ‍්චි ඉධ පථවීගතං භූමිනිස‍්සිතං වෙහාසං වෙහාසට‍්ඨං දෙවලොකනිස‍්සිතං රූපගතං රූපජාතං රුප‍්පනසභාවං ජගතොගධං ලොකිකං භවත‍්තයපරියාපන‍්නං සඞ‍්ඛතං. පරිජීයති සබ‍්බමනිච‍්චන‍්ති සබ‍්බං තං ජරාභිභූතං, තතො එව අනිච‍්චං තතො එව දුක‍්ඛං අනත‍්තාති එවං තිලක‍්ඛණාරොපනං ආහ. අයං ථෙරස‍්ස මහාවිපස‍්සනාති වදන‍්ති. එවං සමෙච‍්ච චරන‍්ති මුතත‍්තාති එවං සමෙච‍්ච අභිසමෙච‍්ච විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය පටිවිජ‍්ඣිත්‍වා මුතත‍්තා පරිඤ‍්ඤාතත‍්තභාවා පණ‍්ඩිතා චරන‍්ති විහරන‍්ති.

යමිධ පඨවිඤ්ච වෙහාසං රූපගතං ජගතොගධං කිඤ්චි යනු යමක් මෙහි පොලොවෙහි පිහිටා තිබේද, අහස - අහසෙහි සිටියා වූ දෙව්ලොව ඇසුරු කළා වූ රූපගත වූ රූප හටගත්, වැඩෙන ස්වභාවය ඇති, භවත්‍රයට අයත් සංඛ්‍යාත නම් වූ, පරිජිය්‍යති සබ්බමනිච්චං යනු සියලු ආකාරයෙන්ම ජරාවෙන් මැඩගත්තා වූ ඒ නිසාම අනිත්‍ය වූ ඒ නිසාම දුක් වූ එයින්ම අනාත්ම වූ යන ලෙස ත්‍රිලක්‍ෂණය වැඩීම කීය. මේ තෙරුන්ගේ විදර්ශනාව යැයි කියති. එවං සමෙච්ච චරන්ති මුත්තතා මෙසේ දැනගෙන විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාව අවබෝධ කරගෙන, අවබෝධ කරගත් බැවින් පණ්ඩිතව හැසිරෙත්. වාසය කරත්.

උපධීසූති ඛන්‍ධූපධිආදීසු. ජනාති අන්‍ධපුථුජ‍්ජනා. ගධිතාසෙති පටිබද‍්ධචිත‍්තා. එත්‍ථ හි විසෙසතො කාමගුණූපධීසු ඡන්‍දො අපනෙතබ‍්බොති දස‍්සෙන‍්තො ආහ දිට‍්ඨසුතෙ පටිඝෙ ච මුතෙ චාති. දිට‍්ඨසුතෙති දිට‍්ඨෙ චෙව සුතෙ ච, රූපසද‍්දෙසූති අත්‍ථො. පටිඝෙති ඝට‍්ටනීයෙ ඵොට‍්ඨබ‍්බෙ. මුතෙති වුත‍්තාවසෙසෙ මුතෙ, ගන්‍ධරසෙසූති වුත‍්තං හොති. සාරත්‍ථපකාසනියං (සං· නි· අට‍්ඨ· 1.1.210) “පටිඝපදෙන ගන්‍ධරසා ගහිතා, මුතපදෙන ඵොට‍්ඨබ‍්බාරම‍්මණ”න‍්ති වුත‍්තං. එත්‍ථ විනොදය ඡන්‍දමනෙජොති එතස‍්මිං දිට‍්ඨාදිභෙදෙ පඤ‍්චකාමගුණෙ කාමච‍්ඡන්‍දං විනොදෙහි, තථා සති සබ‍්බත්‍ථ අනෙජො අවිකප‍්පො භවසි. යො හෙත්‍ථ න ලිම‍්පති මුනි තමාහූති යො හි එත්‍ථ කාමගුණෙ තණ‍්හාලෙපෙන න ලිම‍්පති, තං මොනෙය්‍යධම‍්මට‍්ඨතො “මුනී”ති පණ‍්ඩිතා වදන‍්ති. “අථ සට‍්ඨිසිතා”ති පාළීති අධිප‍්පායෙන කෙචි “සට‍්ඨිධම‍්මාරම‍්මණනිස‍්සිතා”ති අත්‍ථං වදන‍්ති. “අට‍්ඨසට‍්ඨිසිතා සවිතක‍්කා”ති පන පාළි, අප‍්පකඤ‍්හි ඌනං අධිකං වා න ගණනූපගං හොතීති. අට‍්ඨසට‍්ඨිසිතාති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතසන‍්නිස‍්සිතා මිච‍්ඡාවිතක‍්කාති අත්‍ථොති කෙචි වදන‍්ති. දිට‍්ඨිගතිකා ච සත‍්තාවාසාභාවලද‍්ධිං අජ‍්ඣූපගතාති අධිච‍්චසමුප‍්පන‍්නවාදං ඨපෙත්‍වා ඉතරෙසං වසෙන “අථ සට‍්ඨිසිතා සවිතක‍්කා”ති වුත‍්තං. යථා හි තණ‍්හාලෙපාභාවෙන භික‍්ඛූති වුච‍්චති, එවං දිට‍්ඨිලෙපාභාවෙනපීති දස‍්සෙතුං “අථ සට‍්ඨිසිතා”තිආදි වුත‍්තං. පුථුජ‍්ජනතාය අධම‍්මා නිවිට‍්ඨාති තෙ පන මිච‍්ඡාවිතක‍්කා නිච‍්චාදිගාහවසෙන අධම‍්මා ධම‍්මතො අපෙතා පුථුජ‍්ජනතායං අන්‍ධබාලෙ නිවිට‍්ඨා අභිනිවිට‍්ඨා. න ච වග‍්ගගතස‍්ස කුහිඤ‍්චීති යත්‍ථ කත්‍ථචි වත්‍ථුස‍්මිං සස‍්සතවාදාදිමිච‍්ඡාදිට‍්ඨිවග‍්ගගතො, තංලද‍්ධිකො න ච අස‍්ස භවෙය්‍ය. අට‍්ඨකථායං (සං· නි· අට‍්ඨ· 1.1.210) පන “අථ සට‍්ඨිසිතා සවිතක‍්කා, පුථූ ජනතාය අධම‍්මා නිවිට‍්ඨා”ති පදං උද‍්ධරිත්‍වා අථ ඡ ආරම‍්මණනිස‍්සිතා පුථූ අධම‍්මවිතක‍්කා ජනතාය නිවිට‍්ඨාති වුත‍්තං. තථා න ච වග‍්ගගතස‍්ස කුහිඤ‍්චීති තෙසං වසෙන න කත්‍ථචි කිලෙසවග‍්ගගතො භවෙය්‍යාති ච වුත‍්තං. නො පන දුට‍්ඨුල‍්ලගාහී ස භික‍්ඛූති යො කිලෙසෙහි දූසිතත‍්තා අතිවිය දුට‍්ඨුල‍්ලතා ච දුට‍්ඨුල‍්ලානං මිච‍්ඡාවාදානං ගණ‍්හනසීලො ච නො අස‍්ස නො භවෙය්‍ය, සො භික‍්ඛු නාම හොතීති.

උපධීසු ස්කන්ධ ආදී උපධීන්හි. ජනා යනු අන්ධබාල පෘථග්ජනයා, ගධිතාසෙ බැඳුනා වූ සිත් ඇති. මෙහි වනාහි විශේෂයෙන් කාමගුණ උපධීන්හි ආශාව බැහැර කළයුතු යැයි දක්වන්නේ කීය. ‘දිට්ඨෙ සුතෙ පටිසෙ චමුතෙවා දිට්ඨෙ සුතෙ’ යනු දුටු දෙයෙහිත්, ඇසූ දෙයෙහිත්, රූප ශබ්දාදිය පිළිබඳ යන අර්ථයි. පටිඝෙ යනු ගැටීමෙහි, ස්පර්ශයෙහි මුතෙ යනු කියා ඉතිරියෙහි එනම් ගන්ධ-රස ආදියෙහි සාරත්‍ථප්පකාසනීයං සාරත්‍ථප්ප කාසනීයෙහි ‘පටිඝ’ ශබ්දයෙන් ගන්ධ රස දෙක ගන්නා ලදී. ‘මුත’ යන ශබ්දයෙන් ස්පර්ශය ගන්නා ලදී යැයි කියන ලදී. ඵත්‍ථ විනොදය ඡන්‍දමනෙජො මේ දැකීම ආදී පඤ්චකාම ගුණයන්හි ආශාව දුරුකරන්න. එසේ ඇති කල්හි සැමතැන්හිම ආශාවක් නැති කෙනෙක් වන්න. යොහෙත්‍ථ නලිම්පති මුනි තමාහු යනු යමෙක් මේ කාමගුණයන්හි තණ්හා වශයෙන් නොඇලේද ඔහු මුනිධර්මයෙහි පිහිටි බැවින් ‘මුනි’ නම් වේයැයි පණ්ඩිතයෝ කියත්. අථසට්ඨිසිතා යනුවෙන්ද පාඨයක් ඇති බැවින් ඇතැමෙක් සයවැදෑරුම් ධර්මාරම්මණයන් හා යෙදුනු යන අර්ථය දෙත්. අට්ඨසට්ඨිසිතා සවිතක්කා යනුවෙන්ද පාඨයක් ඇත. ටිකක් හෝ අඩුවක්වත් වැඩියක්වත් නැති නියම ගණනටම වන්නේයැයි යන අර්ථද ඇතැමෙක් දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි හා එක්වූ මිථ්‍යා විතර්කය යැයි කියත්. දිට්ඨි ගතිකයෝද සත්තාවාසයන්ට ලඟාවූහ යනාදී අධිච්ච සමුප්පන්නවාදය හැර අනිත් ක්‍රමයකින් සට්ඨිසිතා සවිතක්කා යැයි කියන ලදී. යම්සේ වනාහි තෘෂ්ණා වශයෙන් නොඇලෙන බැවින් භික්‍ෂුව යැයි කියයි. මෙසේ දෘෂ්ටි හා ඇලීම් නැති බැවින් ඇති වූ ප්‍රීතිය දැක්වීමට ‘අථ සට්ඨිසිතා’ ආදිය කියන ලදී. පුථුජ්ජනතායං අධම්මා නිවිට්ඨා යනු ඒ මිථ්‍යා විතර්කයන් වනාහි නිත්‍ය වශයෙන් ගැනීම අධර්මයයි. ධර්මයෙන් බැහැර වූ පෘථග්ජන බවෙහි අඳබාලයෝ යෙදී සිටිති. නච වග්ගගතස්ස කුහිඤ්චි යනු යම්කිසි වස්තුවක ශාස්වතවාද ආදී මිථ්‍යා දෘෂ්ටිකයෙක් එහි ලැදියෙක් නොවන්නේය. අටුවාවේ වනාහි අථසට්ඨිසිතා සවිතක්කා පුථුජ්ජනතායං අධම්මා නිවිට්ඨා යන පදය උපුටාගෙන ඉක්බිති අරමුණු සය හා එක්වූ මහත් අධර්ම විතර්කයන් මුල්බැසගත් යැයි කියන ලදී. එසේම කොටස්වලට බෙදී යාම් වශයෙන්ද කිසියම් තැනක ඔවුන්ගේ වශයෙන්ද සමහර තැනක කෙලෙස් වර්ගගත වන්නේය කියා හෝ දක්වන ලදී. නොපන දුට්ඨුල්ලගාහී සභික්‍ඛු යනු යමෙක් කෙලෙස්වලින් කිලිටි වී ඇති බැවින් අතිශයින් භයානකයි. දරුණු මිථ්‍යාවාද පිළිගන්නා ස්වභාවය ඇත්තෙක් නොවන්න. ඒ භික්‍ෂුව නම් වන්නේය. එසේ දතයුතුයි.

දබ‍්බොති දබ‍්බජාතිකො පණ‍්ඩිතො. චිරරත‍්තසමාහිතොති චිරකාලතො පට‍්ඨාය සමාහිතො. අකුහකොති කොහඤ‍්ඤරහිතො අසඨො අමායාවී. නිපකොති නිපුණො ඡෙකො. අපිහාලූති නිත‍්තණ‍්හො. සන‍්තං පදං අජ‍්ඣගමාති, නිබ‍්බානං අධිගතො. මොනෙය්‍යධම‍්මසමන‍්නාගතතො මුනි. පරිනිබ‍්බුතොති ආරම‍්මණකරණවසෙන නිබ‍්බානං පටිච‍්ච සඋපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතො. කඞ‍්ඛති කාලන‍්ති ඉදානි අනුපාදිසෙසනිබ‍්බානත්‍ථාය කාලං ආගමෙති. න තස‍්ස කිඤ‍්චි කරණීයං අත්‍ථි, යථා එදිසො භවිස‍්සති, තථා අත‍්තානං සම‍්පාදෙතීති අධිප‍්පායො.

දබ්බො දබ්බජාතික පණ්ඩිතයා. චිරරත්තසමාහිතො යනු බොහෝ කලක පටන් රැස්වූ එක්වූ අකුහකො යනු කුහක බව නැති, කපටි නැති, වංචාකාරී නොවන, නිපකො යනු නිපුණ, දක්‍ෂ, අපිහාලූ යනු තණ්හා නැති. සන්තං පදමජ්ඣගමා යනු නිර්වාණය අවබෝධ කරගත්. මුනි ධර්මයන්ගෙන් යුක්ත වූයේ මුනි නම් වේ. පරිනිබ්බුතො යනු අරමුණු කිරීම් වශයෙන් නිවන පටිච්ච නිසාවෙන් සඋපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑ. කංඛතිකාලං යනු දැන් අනුපාදිසෙස නිර්වාණය සඳහා කාලය එළඹෙයි. ඔහුට කළයුතු කිසිවක් නැත. යම්සේ එපරිද්දෙන් වන්නේද එසේ තථා පිළියෙල කර ගනී යන අදහසයි.

මානං පජහස‍්සූතිආදයො චතස‍්සො ගාථා පටිභානසම‍්පත‍්තිං නිස‍්සාය අත‍්තනො පවත‍්තමානං මානං විනොදෙන‍්තෙන වුත‍්තා. තත්‍ථ මානං පජහස‍්සූති සෙය්‍යමානාදිනවවිධං මානං පරිච‍්චජ. ගොතමාති ගොතමගොත‍්තස‍්ස භගවතො සාවකත‍්තා අත‍්තානං ගොතමගොත‍්තං කත්‍වා ආලපති. මානපථන‍්ති මානස‍්ස පවත‍්තිට‍්ඨානභූතං අයොනිසොමනසිකාරපරික‍්ඛිත‍්තං ජාතිආදිං තප‍්පටිබද‍්ධකිලෙසප‍්පහානෙන ජහස‍්සු පජහ. අසෙසන‍්ති සබ‍්බමෙව. මානපථම‍්හි ස මුච‍්ඡිතොති මානවත්‍ථුනිමිත‍්තං මුච‍්ඡං ආපන‍්නො. විප‍්පටිසාරීහුවා චිරරත‍්තන‍්ති ඉමස‍්මිං මානපථානුයොගක‍්ඛණෙ වීතිවත‍්තෙ පුබ‍්බෙව අරහත‍්තං පාපුණිස‍්ස, “නට‍්ඨොහමස‍්මී”ති විප‍්පටිසාරී අහුවා අහොසි.

‘මානං පජහස්සු’ (මානය අත්හරින්න) ආදී වූ ගාථා සතර ප්‍රතිභාන ශක්තිය නිසාවෙන් තමා තුළ පවත්නා මානය නැතිකරන්නහු විසින් කියන ලදී. එහි මානං පජහස්සු යනු ‘සෙය්‍යමාන’ ආදී වූ විවිධාකාර මානය තුරන් කරන්න. ගොතම ගෞතම ගොත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බැවින් තමාවද ගොතම ගොත්‍රයට අයත් සේ සිතා අමතයි. අසෙසං යනු සියල්ල. මානපථම්හි සමුච්ඡිතො මානය අරමුණු කරගෙන සිහි මුළාවට පත්වූයේ. විප්පටිසාරිනුවාචිරරත්තං යනු මේ මානය පිළිබඳ කල්පනා කිරීම ඉවත්ව යන කල්හි පෙරාතුවම රහත් වන්නේය. නැතිනම් මා නැසුනේ වන්නේයැයි යනාදී විපිළිසර බවකට පත් නොවූයෙමි.

මක‍්ඛෙන මක‍්ඛිතා පජාති සූරාදිනා අත‍්තානං උක‍්කංසෙත්‍වා පරෙ වම‍්භෙත්‍වා පරගුණමක‍්ඛනලක‍්ඛණෙන මක‍්ඛෙන පිසිතත‍්තා මක‍්ඛී. පුග‍්ගලො හි යථා යථා පරෙසං ගුණෙ මක‍්ඛෙති, තථා තථා අත‍්තනො ගුණෙ පුඤ‍්ජති නිරාකරොති නාම. මානහතාති මානෙන හතගුණා. නිරයං පපතන‍්තීති නිරයං උපපජ‍්ජන‍්ති.

මක්‍ඛෙන මක්‍ඛිකා පජා යනු සුරා ආදිය ගැනීම නිසා තමාව උසස්කර අනුන් හෙළා දැක අනුන්ගේ ගුණ මකා දැමීමේ ලකුණෙන්, මකුබවෙන් වෙලුනු මකු පුද්ගලයා වනාහි යම් යම් සේ අනුන්ගේ ගුණ මකයිද එසේ එසේම තමාගේ ගුණ මතුකරයි. විස්තර කරයි. මානහතා යනු මානයෙන් නසන ලද ගුණ ඇති. නිරයං පපතන්ති යනු නිරයෙහි උපදිත්.

මග‍්ගජිනොති මග‍්ගෙන විජිතකිලෙසො. කිත‍්තිඤ‍්ච සුඛඤ‍්චාති විඤ‍්ඤූහි පසංසිතඤ‍්ච කායිකචෙතසිකසුඛඤ‍්ච අනුභොතීති පටිලභති. ධම‍්මදසොති තමාහු තථත‍්තන‍්ති තං තථභාවං සම‍්මාපටිපන‍්නං යාථාවතො ධම‍්මදස‍්සීති පණ‍්ඩිතා ආහු.

මග්ගජිනො යනු මාර්ගයෙන් දිනන ලද කෙලෙස් ඇති. කිත්තිඤ්ච සුඛඤ්ච යනු පණ්ඩිතයන් විසින් ප්‍රශංසා කරන ලද කායික චෛතසික සැප. අනුභොති විඳියි. ධම්මදසො’ති තමාහු තථත්තං. ඒ යථා ස්වභාවයට මනාව පිළිපන්, ඇති පරිදි ධර්මය දන්නා යැයි පණ්ඩිතයෝ කීහ.

අඛිලොති පඤ‍්චචෙතොඛිලරහිතො. පධානවාති සම‍්මප‍්පධානවීරියසම‍්පන‍්නො. විසුද‍්ධොති නීවරණසඞ‍්ඛාතවලාහකාපගමෙන විසුද‍්ධමානසො . අසෙසන‍්ති නවවිධම‍්පි මානං අග‍්ගමග‍්ගෙන පජහිත්‍වා. විජ‍්ජායන‍්තකරො සමිතාවීති සබ‍්බසො සමිතකිලෙසො තිවිධාය විජ‍්ජාය පරියොසානප‍්පත‍්තො හොතීති අත‍්තානං ඔවදති.

අඛිලො යනු පස්වැදෑරුම් උල් රහිත වූ. පධානවා යනු සම්‍යක්ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූ. විසුද්ධො යනු නීවරණ සංඛ්‍යාත වූ වලාකුළු ඉවත්ව යාමෙන් පිරිසිදු වූ මනසක් ඇති. අසෙසං යනු නව වැදෑරුම් මානය අග්‍රමාර්ගයෙන් තුරන්කොට. විජ්ජායන්තකරො සමිතාවී යනු සර්වප්‍රකාරයෙන් සංසිඳ වූ කෙලෙස් ඇත්තේ ත්‍රිවිද්‍යාවෙන් අවසානයට පත්වූ කෙනෙක් වන්න යැයි තමාට අවවාද කරයි.

අථෙකදිවසං ආයස‍්මා ආනන්‍දො අඤ‍්ඤතරෙන රාජමහාමත‍්තෙන නිමන‍්තිතො පුබ‍්බණ‍්හසමයං තස‍්ස ගෙහං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි ආයස‍්මතා වඞ‍්ගීසෙන පච‍්ඡාසමණෙන. අථ තස‍්මිං ගෙහෙ ඉත්‍ථියො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා ථෙරං උපසඞ‍්කමිත්‍වා, වන්‍දිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, ධම‍්මං සුණන‍්ති. අථායස‍්මතො වඞ‍්ගීසස‍්ස නවපබ‍්බජිතස‍්ස ආරම‍්මණං පරිග‍්ගහෙතුං අසක‍්කොන‍්තස‍්ස විසභාගාරම‍්මණෙ රාගො උප‍්පජ‍්ජි. සො සද‍්ධො උජුජාතිකො කුලපුත‍්තො “අයං මෙ රාගො වඩ‍්ඪිත්‍වා දිට‍්ඨධම‍්මිකං සම‍්පරායිකම‍්පි අත්‍ථං නාසෙය්‍යා”ති චින‍්තෙත්‍වා යථානිසින‍්නොව ථෙරස‍්ස අත‍්තනො පවත‍්තිං ආවිකරොන‍්තො “කාමරාගෙනා”ති ගාථමාහ. තත්‍ථ යදිපි කිලෙසරජ‍්ජනපරිළාහො කායම‍්පි බාධති, චිත‍්තං පන බාධෙන‍්තො චිරතරං බාධෙතීති දස‍්සෙතුං “කාමරාගෙන ඩය‍්හාමී”ති වත්‍වා “චිත‍්තං මෙ පරිඩය‍්හතී”ති වුත‍්තං. නිබ‍්බාපනන‍්ති රාගනිබ‍්බාපනකාරණං රාගපරිළාහස‍්ස නිබ‍්බාපනසමත්‍ථං ඔවාදං කරොහීති අත්‍ථො.

ඉක්බිති එක්දිනක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ එක්තරා රාජ්‍යමහාමාත්‍යයකු විසින් දන් පිණිස ආරාධනා කරන ලද්දේ උදේ වරුවේ වංගීස තෙරුන් සමග ඔහුගේ නිවසට ගොස් පනවන ලද අසුනෙහි වැඩසිටියේය. ඉක්බිති ඒ නිවසේ කාන්තාවෝ සියලු අලංකාරයන්ගෙන් සැරසී තෙරුන් වෙත පැමිණ වැඳ පැණ විචාරමින් බණ අසත්. ඉක්බිති ආයුෂ්මත් වංගීස තෙරුන් වහන්සේ අලුත පැවිදි වූ බැවින් අරමුණු ගැනීමට අපොහොසත් බැවින් විෂම වූ අරමුණෙහි රාගය පහළවිය. ඒ ශ්‍රද්ධා සම්පන්න ඍජු ස්වභාව ගති ඇති කුලපුත්‍රයා ‘මගේ මේ රාගය වර්ධනය වී මෙලොව පරලොව දෙකේම යහපත විනාශ කරන්නේ යැයි’ සිතා වැඩසිටි පරිද්දෙන්ම තෙරුන් වහන්සේට තමන්ගේ පුවත හෙළිදරව් කරන්නේ ‘කාමරාගෙන’ යනාදී ගාථාව ප්‍රකාශ කළහ. එහි ඉදින් කෙලෙස් ඇලීමෙන් ඇතිවන දැවීම කයටද වේදනා ගෙනදෙයි. සිතට බාධා කරන්නේ බොහෝ කලක් බාධා කරන්නේ යැයි දක්වන්නට කාමරාගෙන ඩය්හාමි (කාමරාගයෙන් දැවෙමි)යි කියා ‘චිත්තං මෙ පරිඩය්හති’ (මගේ සිතද දැවෙයි) කියා කියන ලදී. නිබ්බාපනං යනු රාගය නිවන, රාග දැවිල්ල නිවීමට සමත් අවවාදය කරන්න යන අර්ථයි.

සඤ‍්ඤාය විපරියෙසාතිආදිකා ගාථා තෙන යාචිතෙන ආයස‍්මතා ආනන්‍දෙන වුත‍්තා. විපරියෙසාති විපල‍්ලාසෙන අසුභෙ සුභන‍්ති පවත‍්තෙන විපරීතග‍්ගාහෙන. නිමිත‍්තන‍්ති කිලෙසජනකනිමිත‍්තං. පරිවජ‍්ජෙහීති පරිබ‍්බජ. සුභං රාගූපසංහිතන‍්ති රාගවඩ‍්ඪනාරම‍්මණං සුභං පරිවජ‍්ජෙන‍්තො අසුභසඤ‍්ඤාය පරිවජ‍්ජෙය්‍ය, සබ‍්බත්‍ථ අනභිරතිසඤ‍්ඤාය. තස‍්මා තදුභයම‍්පි දස‍්සෙන‍්තො “අසුභායා”තිආදිමාහ.

‘සඤ්ඤාය විපරීයෙසා’ ආදි ගාථාව ඔහු විසින් ආරාධනා කරන ලද ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් කියන ලදී. විපරීයෙසා යනු විපරීත බවෙන්, අසුභ දෙයෙහි සුබයැයි පවත්නා වැරදි ගැනීමෙන්, නිමිත්තං යනු කෙලෙස් ජනිත කරවන නිමිත්තක් පරිවජ්ජෙහි යනු අත්හරින්න. සුභං රාගුපසංහිතං යනු රාගය වඩවන යහපත් අරමුණක් අත්හරින්නේ එය අසුභ ලෙස සලකා අත්හරින්නේය. සියළු තන්හි නොඇලෙන සංඥාවෙන්. ඒ නිසා ඒ කරුණු දෙකම දක්වමින් අසුභය ආදී ගාථාව කීය.

තත්‍ථ අසුභායාති අසුභානුපස‍්සනාය. චිත‍්තං භාවෙහි එකග‍්ගං සුසමාහිතන‍්ති අත‍්තනො චිත‍්තවික‍්ඛෙපාභාවෙන එකග‍්ගං ආරම‍්මණෙසු සුසමාහිතං අප‍්පිතං කත්‍වා භාවෙහි තව අසුභානුපස‍්සනං සුකරං අක‍්ඛාමීති. සති කායගතා ත්‍යත්‍ථූති වුත‍්තකායගතාසතිභාවනා තයා භාවිතා බහුලීකතා හොතූති අත්‍ථො. නිබ‍්බිදාබහුලො භවාති අත‍්තභාවෙ සබ‍්බස‍්මිඤ‍්ච නිබ‍්බෙදබහුලො හොහි.

එහි අසුභාය යනු අසුභානුපස්සනාවෙන්. චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං යනු අභ්‍යන්තර සිත් කැළඹීම ඇති බැවින් සිත අරමුණුවල මනාව හික්මවා එක්තැන්කර තබා වඩන්න. පහසු වූ අසුභානුපස්සනාවක් ඔබට කියමි. සතිකායතාත්‍යත්‍ථු යනුවෙන් කියන ලදී. ඔබ විසින් කායගතාසති භාවනාව පුරුදු පුහුණු කරන්න යන අර්ථයි. නිබ්බිදා බහුලො භව යනු සම්පූර්ණ ආත්මභාවය කෙරෙහි කලකිරීම් බහුල කෙනෙක් වන්න.

අනිමිත‍්තඤ‍්ච භාවෙහීති නිච‍්චනිමිත‍්තාදීනං උග‍්ඝාටනෙන විසෙසතො අනිච‍්චානුපස‍්සනා අනිමිත‍්තා නාම, තතො මානානුසයමුජ‍්ජහාති තං භාවෙන‍්තො මග‍්ගපටිපාටියා අග‍්ගමග‍්ගාධිගමෙන මානානුසයං සමුච‍්ඡින්‍ද. මානාභිසමයාති මානස‍්ස දස‍්සනාභිසමයා චෙව පහානාභිසමයා ච. උපසන‍්තොති සබ‍්බසො රාගාදීනං සන‍්තතාය උපසන‍්තො චරිස‍්සසි විහරිස‍්සසීති අත්‍ථො.

අනිමිත්තං ච භාවෙහි යනු නිත්‍ය නිමිති ආදීන්ගේ උගුළුවා දැමීමෙන් විශේෂයෙන් අනිත්‍යානුපස්සනාව අනිමිත්ත නම් වේ. එයින් මානානුසයමුජ්ජහ යනු එය වඩන්නේ මාර්ග පිළිවෙලින් අග්‍රමාර්ගයෙන් අවබෝධ කරගැනීමෙන් මානය මුලිනුපුටා දමන්න. මානාභිසමයා යනු මානයාගේ දැකීම මනාව අවබෝධ වීමෙනුත් ප්‍රහාණය මනාව අවබෝධ වීමෙනුත් උපසන්තො යනු රාගාදී සමූහය උපශාන්ත වූ චරිස්සසි හැසිරෙන්නෙහිය යන අර්ථයි.

තමෙව වාචන‍්තිආදිකා චතස‍්සො ගාථා භගවතා සුභාසිතසුත‍්තෙ (සං· නි· 1.213) දෙසිතෙ සොමනස‍්සජාතෙන ථෙරෙන භගවන‍්තං සම‍්මුඛා අභිත්‍ථවන‍්තෙන වුත‍්තා. යායත‍්තානං න තාපයෙති යාය වාචාය හෙතුභූතාය අත‍්තානං විප‍්පටිසාරෙන න තාපෙය්‍ය න විහෙඨෙය්‍ය. පරෙ ච න විහිංසෙය්‍යාති පරෙ ච පරෙහි භින්‍දන‍්තො න බාධෙය්‍ය. සා වෙ වාචා සුභාසිතාති සා වාචා එකංසෙන සුභාසිතා නාම, තස‍්මා තමෙව වාචං භාසෙය්‍යාති යොජනා. ඉමාය ගාථාය අපිසුණවාචාවසෙන භගවන‍්තං ථොමෙති.

‘තමෙව වාචං’ යනාදී ගාථා සතර භාග්‍යවතුන් වහන්සේ සුභාෂිත සූත්‍රය දේශනාකළ කල්හි සතුටට පත් තෙරුන් විසින් ඉදිරිපිටදීම භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා වශයෙන් කියන ලදී. යායත්තානං න තාපයෙ යනු යම් වචනයක් හේතුකොටගෙන තමාගේ සිත විපරීත බවට පත් නොකරන්නේය. බාධා නොකරන්නේය. පරෙච න විහිංසෙය්‍ය යනු අන් අය අන් අයගෙන් භේද නොකරන්නේය. පීඩාවට පත් නොකරන්නේය. සා වෙ වාචා සුභාසිතා ඒ වචනය ඒකාන්තයෙන්ම සුභාෂිත නම් වේ. ඒ නිසා තමෙව වාචං භාසෙය්‍ය (ඒ වචනයම කියන්න) යන්නද යොදනු. මේ ගාථාවෙන් අපිසුනාවාචා (කේලාම් නොකීමේ) ගුණයෙන් බුදුන්ට ප්‍රශංසා කරයි.

පටිනන්‍දිතාති පටිමුඛභාවෙන නන්‍දිතා පියායිතා සම‍්පති ආයතිඤ‍්ච සුණන‍්තෙහි සම‍්පටිච‍්ඡිතා. යං අනාදායාති යං වාචං භාසන‍්තො පාපානි පරෙසං අප‍්පියානි අනිට‍්ඨානි ඵරුසවචනානි අනාදාය අග‍්ගහෙත්‍වා අත්‍ථබ්‍යඤ‍්ජනමධුරං පියමෙව දීපෙති. තමෙව පියවාචං භාසෙය්‍යාති පියවාචාවසෙන අභිත්‍ථවි.

පටිනන්‍දිතා යනු ඉදිරිපිට නොසිටීමෙන් සතුටු වූවාහු ප්‍රීතියට පත්වූවාහු දැන්ද මත්තෙහිද අසන්නන් විසින් පිළිගනු ලැබේ. යං අනාදාය යනු යම් වචනයක් කියන්නේ පාපානි පරෙසං යනු අප්‍රිය, අනිටු පරුෂ වචන නොගෙන, අර්ථ ව්‍යඤ්ජන වශයෙන් මිහිරි, ප්‍රිය වචනයට දක්වයි. තමෙව පියවාචං භාසෙය්‍ය යනු ඒ ප්‍රිය වචනයම කියන්න. ප්‍රියවචන වශයෙන් ප්‍රශංසා කළේය.

අමතාති සාධුභාවෙන අමතසදිසා. වුත‍්තඤ‍්හෙතං – “සච‍්චං හවෙ සාධුතරං රසාන”න‍්ති (සං· නි· 1.73). නිබ‍්බානාමතපච‍්චයත‍්තා වා අමතා. එස ධම‍්මො සනන‍්තනොති යා අයං සච‍්චවාචා නාම, එස පොරාණො ධම‍්මො චරියා පවෙණි. ඉදමෙව හි පොරාණානං ආචිණ‍්ණං යං තෙ න අලිකං භාසිංසු. තෙනාහ – “සච‍්චෙ අත්‍ථෙ ච ධම‍්මෙ ච, ආහු සන‍්තො පතිට‍්ඨිතා”ති. තත්‍ථ සච‍්චෙ පතිට‍්ඨිතත‍්තා එව අත‍්තනො ච පරෙසඤ‍්ච අත්‍ථෙ පතිට‍්ඨිතා, අත්‍ථෙ පතිට‍්ඨිතත‍්තා එව ධම‍්මෙ පතිට‍්ඨිතා හොන‍්තීති වෙදිතබ‍්බා. සච‍්චවිසෙසනමෙව වා එතං. ඉදඤ‍්හි වුත‍්තං හොති – සච‍්චෙ පතිට‍්ඨිතා. කීදිසෙ? අත්‍ථෙ ච ධම‍්මෙ ච, යං පරෙසං අත්‍ථතො අනපෙතත‍්තා අත්‍ථං අනුපරොධකරං, ධම‍්මතො අනපෙතත‍්තා ධම‍්මං ධම‍්මිකමෙව අත්‍ථං සාධෙතීති. ඉමාය ගාථාය සච‍්චවාචාවසෙන අභිත්‍ථවි. ඛෙමන‍්ති අභයං නිරුපද‍්දවං. කෙන කාරණෙනාති චෙ? නිබ‍්බානපත‍්තියා දුක‍්ඛස‍්සන‍්තකිරියාය, යස‍්මා කිලෙසනිබ‍්බානං පාපෙති, වට‍්ටදුක‍්ඛස‍්ස ච අන‍්තකිරියාය සංවට‍්ටති, තස‍්මා ඛෙමන‍්ති අත්‍ථො. අථ වා යං බුද‍්ධො නිබ‍්බානපත‍්තියා වා දුක‍්ඛස‍්සන‍්තකිරියාය වාති ද‍්වින‍්නං නිබ‍්බානධාතූනං අත්‍ථාය ඛෙමමග‍්ගප‍්පකාසනතො ඛෙමං වාචං භාසති. සා වෙ වාචානමුත‍්තමාති සා වාචා සබ‍්බවාචානං සෙට‍්ඨාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ඉමාය ගාථාය මන‍්තාවචනවසෙන භගවන‍්තං අභිත්‍ථවන‍්තො අරහත‍්තනිකූටෙන ථොමනං පරියොසාපෙති.

අමතා යනු යහපත් බව නිසා අමෘතය වැනි, මෙසේ කියා ඇත. ‘සත්‍යය රසයන් අතර අග්‍ර වන්නේය. නිර්වාණ නමැති අමෘතය ප්‍රත්‍යක්‍ෂ කරන බැවිනුත් අමෘත නම් වේ. එසධම්මො සනන්තනො යනු යම් මේ සත්‍ය වචන නම් පැරණි ධර්මතාවයකි. පැරණි අය යම් ඒ බොරුවක් නොකීම ප්‍රගුණ කළහ. ඒ නිසා කියන ලදී. සච්චෙ අත්‍ථෙච ධම්මෙච ආහුසන්තො පතිට්ඨිතා යන්නෙහි සත්‍යයෙහි පිහිටි බැවින්ම තමන්ගේද අනුන්ගේද යහපතෙහි පිහිටියේ වෙයි. අර්ථයෙහි පිහිටි බැවින් ධර්මයෙහිද පිහිටියේ වේ යැයි දතයුතුයි. මෙය සත්‍යය පිළිබඳ විශේෂණයකි. මෙසේද කියන ලදී. ‘සත්‍යයෙහි පිහිටියෝ කෙබඳු වූ අර්ථයෙහි හා ධර්මයෙහි පිහිටියාහුද? යමක් අනුන්ට අර්ථ වශයෙන් අනපේක්‍ෂිතද අර්ථය නොනසාද ධර්මයෙන් අනපේක්‍ෂිත බැවින් ධර්මය, ධාර්මික වූම අර්ථයක් සිද්ධ කරයි. මේ ගාථාවෙන් සත්‍ය වචන කීම් වශයෙන් ප්‍රශංසා කළේය. ඛෙමං යනු උවදුරු රහිත, නිර්භය වූ කුමන කරුණකින්ද? ඉදින් නිබ්බාන පත්තියා දුක්‍ඛස්සන්ත කිරියාය යනු යම්හෙයකින් කෙලෙස් නිවීමකට පමුණුවයිද සසරදුක අවසන් කිරීම සඳහා පවතීද ඒ නිසා ක්‍ෂේම යැයි කියන ලදී. එසේ නැත්නම් යං බුද්ධො යම් බුදුවරයෙක් නිවනට පැමිණීමට හෝ දුක් කෙළවර කිරිම සඳහා හෝ දෙවදෑරුම් නිර්වාණ ධාතුන් සඳහා හෝ නිර්භය මාර්ගය ප්‍රකාශ කිරීමෙන් හෝ නිර්භය වචනයක් කියයි. සා වෙ වාචාන මුත්තමා ඒ වෙනස සියළු වචනවලට වඩා ශ්‍රේෂ්ඨයැයි මෙසේ මෙහි අර්ථ දතයුතුයි. මේ ගාථාවෙන් සමස්තයක් ලෙස ගත්විට බුදුරජාණන් වහන්සේට ස්තුති පූජා කරන්නේ රහත්බව කුළුගැන්වීමෙන් ප්‍රශංසා කිරීම නිමාවට පත්වෙයි.

ගම‍්භීරපඤ‍්ඤොති තිස‍්සො ගාථා ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස පසංසනවසෙන වුත‍්තා. තත්‍ථ ගම‍්භීරපඤ‍්ඤොති ගම‍්භීරෙසු ඛන්‍ධායතනාදීසු පවත‍්තාය නිපුණාය පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා ගම‍්භීරපඤ‍්ඤො. මෙධාසඞ‍්ඛාතාය ධම‍්මොජපඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා මෙධාවී. “අයං දුග‍්ගතියා මග‍්ගො, අයං සුගතියා මග‍්ගො, අයං නිබ‍්බානස‍්ස මග‍්ගො”ති එවං මග‍්ගෙ ච අමග‍්ගෙ ච කොවිදතාය මග‍්ගාමග‍්ගස‍්ස කොවිදො. මහතියා සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකං පත‍්තාය පඤ‍්ඤාය වසෙන මහාපඤ‍්ඤො. ධම‍්මං දෙසෙති භික‍්ඛුනන‍්ති සම‍්මදෙව පවත‍්තිං නිවත‍්තිං විභාවෙන‍්තො භික‍්ඛූනං ධම‍්මං දෙසෙති. තස‍්සා පන දෙසනාය පවත‍්තිආකාරං දස‍්සෙතුං “සංඛිත‍්තෙනපී”තිආදි වුත‍්තං.

‘ගම්භීරපඤ්ඤො’ යනාදී ගාථා තුන ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ප්‍රශංසා වශයෙන් කියන ලදී. එහි ගම්භීරපඤ්ඤො යනු ගැඹුරු වූ ස්කන්ධ ආයතන ආදියෙහි පැවැති නිපුණ ප්‍රඥාවෙන් සමන්විත බැවින් ගැඹුරු ප්‍රඥා ඇත්තේනුයි. මෙධා සංඛ්‍යාත වූ (මේධා-ප්‍රඥාව ධර්මොජ ප්‍රඥාවෙන් යුක්ත බැවින්. මෙධාවී නම් වේ. මේ දුගතියට මාර්ගයයි. මේ සුගතියට මාර්ගයයි. මේ නිර්වාණයට මාර්ගයයි. මෙසේ මග, නොමග දන්නා බැවින් මග්ගාමග්ගස්ස කොවිදො නම් වේ. මහත් වූ ශ්‍රාවක පාරමී ඥානයාගේ මස්තකප්‍රාප්තවීමේ ප්‍රඥාව ලෙස මහාපඤ්ඤො වේ. ධම්මං දෙසෙති භික්‍ඛූතං මනාව පැවැත්ම, නැවැත්ම සළකමින් භික්‍ෂූන්ට ධර්මය දේශනා කරයි. ඒ දේශනාවගේ පවත්නා ආකාරය දැක්වීමට ‘සංඛිත්තෙන’ (කෙටියෙන්) ආදිය කියන ලදී.

තත්‍ථ සංඛිත‍්තෙනපීති “චත‍්තාරිමානි, ආවුසො, අරියසච‍්චානි. කතමානි චත‍්තාරි? දුක‍්ඛං අරියසච‍්චං…පෙ… ඉමානි ඛො, ආවුසො, චත‍්තාරි අරියසච‍්චානි, තස‍්මා තිහාවුසො, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො”ති එවං සංඛිත‍්තෙනපි දෙසෙති. “කතමඤ‍්චාවුසො, දුක‍්ඛං අරියසච‍්චං? ජාතිපි දුක‍්ඛා”තිආදිනා (ම· නි· 3.372-373) නයෙන තානෙව විභජන‍්තො විත්‍ථාරෙනපි භාසති. ඛන්‍ධාදිදෙසනාසුපි එසෙව නයො. සාලිකායිව නිග‍්ඝොසොති යථා මධුරං අම‍්බපක‍්කං සායිත්‍වා පක‍්ඛෙහි වාතං දත්‍වා මධුරරවං නිච‍්ඡාරෙන‍්තියා සාලිකාය නිග‍්ඝොසො, එවං ථෙරස‍්ස ධම‍්මං කථෙන‍්තස‍්ස මධුරො නිග‍්ඝොසො හොති. ධම‍්මසෙනාපතිස‍්ස හි පිත‍්තාදීනං වසෙන අපලිබුද‍්ධවචනං හොති, අයදණ‍්ඩෙන පහටකංසථාලකො විය සද‍්දො නිච‍්ඡරති. පටිභානං උදිය්‍යතීති කථෙතුකම්‍යතාය සති සමුද‍්දතො වීචියො විය උපරූපරි අනන‍්තං පටිභානං උට‍්ඨහති.

එහි සංඛිත්තෙනපි යනු ඇවැත්නි! මේ ආර්යසත්‍යය සතරකි. ඒ සතර මොනවාද? දුක්ඛ ආර්ය සත්‍යය ආදී ඇවැත්නි! මේ ආර්ය සත්‍ය සතරයි. ඇවැත්නි! ඒ නිසා මෙහි ‘මෙය දුකයි’ යන්න යොදා ගත යුතුයි. මෙසේ කෙටියෙන්ද දෙසෙති දේශනා කරයි. ඇවැත්නි! දුක්ඛ ආර්ය සත්‍ය නම් කවරේද? ඉපදීම දුකයි.....ආදී ලෙස ඒවාට කොටස්වලට බෙදමින් විත්‍ථාරෙනපි භාසති විස්තර ලෙස දේශනා කරයි. ස්කන්ධ ආදී දේශනාවන්හිද මේ ක්‍රමයමය. සාළකායිව නිග්ඝොසො යනු යම්සේ මිහිරි අඹගෙඩියක් කා පියාපත් සළා මිහිරි හඬක් නිකුත්කරන සැලළිහිණියාගේ හඬ මෙන් ධර්මය දේශනා කරන්නාගේ මිහිරි හඬක් ඇත. ධර්මසේනාපතීන් වහන්සේගේ වනාහි පිත් ආදියෙන් පීඩාවට පත් නොවූ වචන ඇත්තේය. යකඩයකින් ලෝහතැටියකට පහර දුන්විට මෙන් හඬ නික්මෙයි. පටිභානං උදීරයි කියන කැමැති විට මුහුදෙහි රළ මෙන් මතුමත්තෙහි අනන්ත වූ ප්‍රතිභානයක් ඇතිවෙයි.

තස‍්සාති ධම‍්මසෙනාපතිස‍්ස. තන‍්ති ධම‍්මං දෙසෙන‍්තස‍්ස. සුණන‍්තීති යං නො ථෙරො කථෙති, තං නො සොස‍්සාමාති ආදරජාතා සුණන‍්ති. මධුරන‍්ති ඉට‍්ඨං. රජනීයෙනාති කන‍්තෙන. සවනීයෙනාති කණ‍්ණසුඛෙන. වග‍්ගුනාති මට‍්ඨෙන මනොහරෙන. උදග‍්ගචිත‍්තාති ඔදග්‍යපීතියා වසෙන උදග‍්ගචිත‍්තා අලීනචිත‍්තා. මුදිතාති ආමොදිතා පාමොජ‍්ජෙන සමන‍්නාගතා. ඔධෙන‍්තීති අවදහන‍්ති අඤ‍්ඤාය චිත‍්තං උපට‍්ඨපෙන‍්තා සොතං උපනෙන‍්ති.

තස්ස යනු ධර්ම සේනාපතීන් වහන්සේගේ, තං ධර්මය. දෙසයන්තස්සසුණන්ති යමක් නුඹලාට තෙරුන් වහන්සේ දේශනා කරයිද එය ඔබලාට ඇසෙන්නේ යැයි ආදරයෙන් අසත්. මධුරං යනු ඉටු. රජ්ජනීයෙන සිත්ගන්නා. ස්වර්ණයෙන කනට සුවදායක වග්ගුනා මටසිලිටි, මනහර. උදග්ගචිත්තා යනු මහත්වූ ප්‍රීතියෙන් සතුටට පත් සිතින්, කම්මැලි නැති සිතින්, මුදිතා යනු ප්‍රමෝදයට පත්, මහත් ප්‍රීතියට පත්වූ. ඔධෙන්ති යනු යොදත්. වෙන දෙයක් කෙරෙහි සිත පිහිටුවාගෙන කන යොමුකරත්.

අජ‍්ජ පන‍්නරසෙතිආදිකා චතස‍්සො ගාථා පවාරණාසුත‍්තන‍්තදෙසනාය (සං· නි· 1.215) සත්‍ථාරං මහාභික‍්ඛුසඞ‍්ඝපරිවුතං නිසින‍්නං දිස‍්වා ථොමෙන‍්තෙන වුත‍්තා. තත්‍ථ පන‍්නරසෙති යස‍්මිඤ‍්හි සමයෙ භගවා පුබ‍්බාරාමෙ නිසීදන‍්තො සායන‍්හසමයෙ සම‍්පත‍්තපරිසාය කාලයුත‍්තං සමයයුත‍්තං ධම‍්මං දෙසෙත්‍වා, උදකකොට‍්ඨකෙ ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා, වත්‍ථනිවසනො එකංසං සුගතමහාචීවරං කත්‍වා, මිගාරමාතුපාසාදෙ මජ‍්ඣිමථම‍්භං නිස‍්සාය පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදිත්‍වා, සමන‍්තතො නිසින‍්නං භික‍්ඛුසඞ‍්ඝං අනුවිලොකෙත්‍වා තදහුපොසථෙ පවාරණාදිවසෙ නිසින‍්නො හොති, ඉමස‍්මිං පන‍්නරසීඋපොසථෙති අත්‍ථො. විසුද‍්ධියාති විසුද‍්ධත්‍ථාය විසුද‍්ධිපවාරණාය. භික‍්ඛූ පඤ‍්චසතා සමාගතාති , පඤ‍්චසතමත‍්තා භික‍්ඛූ සත්‍ථාරං පරිවාරෙත්‍වා නිසජ‍්ජවසෙන චෙව අජ‍්ඣාසයවසෙන ච සමාගතා. තෙ ච සංයොජනබන්‍ධනච‍්ඡිදාති සංයොජනසඞ‍්ඛාතෙ සන‍්තානස‍්ස බන්‍ධනභූතෙ කිලෙසෙ ඡින්‍දිත්‍වා ඨිතා. තතො එව අනීඝා ඛීණපුනබ‍්භවා ඉසීති කිලෙසදුක‍්ඛාභාවෙන නිදුක‍්ඛා ඛීණපුනබ‍්භවා, අසෙක‍්ඛානං සීලක‍්ඛන්‍ධාදීනං එසිතභාවෙන ඉසීති.

‘අද පසළොස්වක’ (අජ්ජපණ්ණරසී) ආදී ගාථා සතර පවාරණ සූත්‍රාන්ත දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේ මහාසංඝයා පිරිවරාගෙන වැඩසිටිනවා දැක ප්‍රශංසා වශයෙන් කියන ලදී. එහි පණ්ණරසෙ යනු යම්කලක භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාමයේ වැඩසිටිමින් සන්ධ්‍යා වේලාවෙහි පැමිණ සිටි පිරිසට කාලයට, අවස්ථාවට යෝග්‍ය ධර්මය දේශනාකොට ජලකොටුවෙහි සිරුර ධෝවනයකොට සුගත්මහ සිවුර ඒකාංශකොට මිගාරමාතු ප්‍රාසාදයෙහි මැද කණුවක් ලඟ පනවන ලද උතුම් ආසනයෙහි වැඩසිට හාත්පසින් සිටියා වූ භික්‍ෂු සංඝයා බලා වදාරා ඒ උපොසථයෙහි පවාරණ දවසෙහි වැඩසිටියේ වෙයි. මේ පසළොස්වක් පොහෝදිනයේ යන අර්ථයි. විසුද්ධියා යනු පරිශුද්ධභාවය සඳහා, විශුද්ධි පවාරණය සඳහා. භික්‍ඛුපඤ්චසතාසමාගතා පන්සියයක් පමණ භික්‍ෂූන් ශාස්තෲන් වහන්සේ පිරිවරාගෙන සිටි ආකාර වශයෙනුත්, බලාපොරොත්තු වශයෙනුත් එක්රැස්වූ. තෙචසඤ්ඤොජනබන්‍ධනච්ඡිදා යනු සංයෝජන සංඛ්‍යාත වූ සිත බැඳතබන කෙලෙස් බිඳදමා සිටියා වූ, එයින්ම අනීඝා ඛීණපුනබ්භවා ඉසි යනු කෙලෙස් දුක් නොමැති බැවින් නිදුක් වූ ක්‍ෂය වූ පුනර්භව ඇති බැවින් අසේඛ වූ සීලස්කන්ධ ආදිය සොයා බලන බැවින් ඉසී නම් වේ.

විජිතසඞ‍්ගාමන‍්ති විජිතකිලෙසසඞ‍්ගාමත‍්තා විජිතමාරබලත‍්තා විජිතසඞ‍්ගාමං. සත්‍ථවාහන‍්ති අට‍්ඨඞ‍්ගිකෙ අරියමග‍්ගරථෙ ආරොපෙත්‍වා වෙනෙය්‍යසත‍්තෙ වාහෙති සංසාරකන‍්තාරතො උත‍්තාරෙතීති භගවා සත්‍ථවාහො. තෙනාහ බ්‍රහ‍්මා සහම‍්පති “උට‍්ඨෙහි, වීර, විජිතසඞ‍්ගාම, සත්‍ථවාහා”ති (මහාව· 8; ම· නි· 1.282), තං සත්‍ථවාහං අනුත‍්තරං සත්‍ථාරං සාවකා පයිරුපාසන‍්ති. තෙවිජ‍්ජා මච‍්චුහායිනොති එවරූපෙහි සාවකෙහි පරිවාරිතො චක‍්කවත‍්ති විය රාජා අමච‍්චපරිවාරිතො ජනපදචාරිකවසෙන සමන‍්තා අනුපරියෙතීති යොජනා.

විජිතසංඝාමං දිනන ලද කෙලෙස් සංග්‍රාම ඇති බැවින්. සත්‍ථවාහං යනු අංග අටකින් යුත් ආර්යමාර්ග නමැති රථයෙහි නංවාගෙන හික්මවිය යුතු සත්ත්වයන්ව උසුලාගෙන යයි. සංසාර නමැති කතරින් එතර කරන නිසා භාග්‍යවතුන් වහන්සේ ගැල් නායකයෙකි. ඒ නිසා කියන ලදී. සහම්පතී බ්‍රහ්මයා වීරයාණෙනි! නැගිටින්න. සංග්‍රාමය ජයගත් තැනැත්ත, සාර්ථවාහකයාණෙනි! ඒ සත්‍ථවාහ බුදුන්. අනුත්තරං ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේව ඇසුරු කරත්. තෙවිජ්ජා මච්චුහාසිනො යනුවෙන් ත්‍රිවිද්‍යා ලැබූ මාරයා නැතිකළ මෙබඳු ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද චක්කවත්ති සක්විති රජ මෙන් රාජා අමච්චපරිවාරිතො රජු ඇමතියන් පිරිවරාගෙන ජනපද චාරිකා වශයෙන් සමන්තා අනුපය්‍යෙති යනුවෙන් එක්කරනු.

පලාපොති තුච‍්ඡො අන‍්තොසාරරහිතො, සීලරහිතොති අත්‍ථො. වන්‍දෙ ආදිච‍්චබන්‍ධුනන‍්ති ආදිච‍්චබන්‍ධුං සත්‍ථාරං දසබලං වන්‍දාමීති වදති.

පලාසො යනු හිස්. ඇතුළත හරයක් නැති. සිල් නැති යන අර්ථයි. වන්‍දෙ ආදිච්ච බන්‍ධුනං යනු සූර්යබන්ධු වූ දසබලධාරි බුදුන් වඳිමියි කියයි.

පරොසහස‍්සන‍්තිආදිකා චතස‍්සො ගාථා නිබ‍්බානපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූනං ධම‍්මං දෙසෙන‍්තං භගවන‍්තං ථොමෙන‍්තෙන වුත‍්තා. තත්‍ථ පරොසහස‍්සන‍්ති අතිරෙකසහස‍්සං, අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසහස‍්සානි සන්‍ධාය වුත‍්තං. අකුතොභයන‍්ති නිබ‍්බානෙ කුතොචිපි භයං නත්‍ථි. නිබ‍්බානං පත‍්තස‍්ස ච කුතොචිපි භයං නත්‍ථීති නිබ‍්බානං අකුතොභයං නාම.

පරොසහස්සං යනාදී ගාථා සතර නිර්වාණය සම්බන්ධ ධර්මකථාවෙන් භික්‍ෂූන්ට ධර්මය දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කිරීම් වශයෙන් කියන ලදී. එහි පරො සහස්සං යනු අමතර දහසක්. දොළොස් දහසක් භික්‍ෂු සංඝයා අරභයා මෙය කියන ලදී. අකුතොභයං නිර්වාණයෙහි කෙසේවත් භයක් නැත. නිර්වාණයට පැමිණියහුට කිසිවකින් භයක් නැත. යන අරුතින් නිර්වාණය ‘අකුතොභය’ නම් වේ.

“ආගුං න කරොතී”තිආදිනා (සු· නි· 527) වුත‍්තකාරණෙහි භගවා නාගොති වුච‍්චතීති නාගනාමොසි භගවාති. ඉසීනං ඉසිසත‍්තමොති සාවකපච‍්චෙකබුද‍්ධඉසීනං උත‍්තමො ඉසි, විපස‍්සීසම‍්මාසම‍්බුද‍්ධතො පට‍්ඨාය ඉසීනං වා සත‍්තමකො ඉසි. මහාමෙඝොවාති චාතුද‍්දීපිකමහාමෙඝො විය හුත්‍වා.

‘ආගූං නකරොති’ ආදියෙන් කියන ලද කාරණාවලින් භාග්‍යවතුන් වහන්සේ හස්තිරාජයෙකියි කියති. නාග නාමොසි භගවා (භාග්‍යවතුන් වහන්සේ ‘නාග’ නම් ඇත්තේ) ඉසීනං ඉසි සත්තමො සියළු සෘෂීන්ට උතුම් වූ, ශ්‍රාවක, පසේ බුදු සෘෂීන්ටත් වඩා උතුම් වූ ඍෂිවරයා. විපස්සී බුදුන්ගේ පටන් ඍෂීන්ගෙන් සත්වැනි සෘෂිවරයා. මහා මෙඝොවා සතර දිවයින් තුළින් හටගන්නා මහාමේඝයක් මෙන් හුත්‍වාන වී.

දිවා විහාරාති පටිසල‍්ලානට‍්ඨානතො. සාවකො තෙ, මහාවීර, පාදෙ වන්‍දති වඞ‍්ගීසොති ඉදං ථෙරො අරහත‍්තං පත්‍වා අත‍්තනො විසෙසාධිගමං පකාසෙන‍්තො වදති.

දිවාවිහාරා තනිව සිටින තැනින්. සාවකො තෙ මහාවීර පාදෙ වන්‍දති වංගීසො යනු මහාවීරයන් වහන්ස! ඔබවහන්සේගේ ශ්‍රාවක වංගීස පා වඳියි. මේ තෙරුන් රහත්බවට පත්ව තමගේ විශේෂ අවබෝධය ප්‍රකාශ කරන්නේ කියයි.

උම‍්මග‍්ගපථන‍්තිආදිකා චතස‍්සො ගාථා භගවතා “කිං නු තෙ, වඞ‍්ගීස, ඉමා ගාථායො පුබ‍්බෙ පරිවිතක‍්කිතා, උදාහු ඨානසො චෙතා පටිභන‍්තී”ති පුච‍්ඡිතෙන ඨානසො පටිභන‍්තීති දස‍්සෙන‍්තෙන වුත‍්තා. කස‍්මා පනෙවං තං භගවා අවොච? සඞ‍්ඝමජ‍්ඣෙ කිර කථා උදපාදි – “වඞ‍්ගීසත්‍ථෙරො විස‍්සට‍්ඨගන්‍ථො නෙව උද‍්දෙසෙන, න පරිපුච‍්ඡාය, න යොනිසොමනසිකාරෙන කම‍්මං කරොති. ගාථං බන්‍ධන‍්තො වණ‍්ණපදානි කරොන‍්තො විචරතී”ති. අථ භගවා “ඉමෙ භික‍්ඛූ වඞ‍්ගීසස‍්ස පටිභානසම‍්පත‍්තිං න ජානන‍්ති, අහමස‍්ස පටිභානසම‍්පත‍්තිං ජානාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “කිං නු ඛො, වඞ‍්ගීසා”තිආදිනා පුච‍්ඡති. උම‍්මග‍්ගපථන‍්ති අනෙකානි කිලෙසුප‍්පජ‍්ජනපථානි. වට‍්ටප‍්පසුතපථතාය හි පථන‍්ති වුත‍්තං. පභිජ‍්ජ ඛීලානීති රාගාදිඛීලානි පඤ‍්ච භින්‍දිත්‍වා චරසි. තං පස‍්සථාති එවං අභිභුය්‍ය ච ඡින්‍දිත්‍වා ච චරන‍්තං බුද‍්ධං පස‍්සථ. බන්‍ධපමුඤ‍්චකරන‍්ති බන්‍ධනමොචනකරං. අසිතන‍්ති අනිස‍්සිතං. භාගසො පටිභජ‍්ජාති සතිපට‍්ඨානාදිකොට‍්ඨාසතො ධම‍්මං පටිභජ‍්ජනීයං කත්‍වා. පවිභජ‍්ජාතිපි පාඨො. උද‍්දෙසාදිකොට‍්ඨාසතො පකාරෙන විභජිත්‍වා විභජිත්‍වා ධම‍්මං දෙසෙතීති අත්‍ථො.

උම්මග්ගපථං’ (වැරදි මාර්ගය) ආදී වූ ගාථා සතර භාග්‍යවතුන් වහන්සේ විසින් කිසිම වංගීස! මේ ගාථාවන් කලින් කල්පනා කළ ඒවාද, නැතහොත් ස්ථාන වශයෙන් වැටහේදැයි විචාළ සේක. ඒ ගාථාවන් සමාන වශයෙන් අවබෝධ වන බව දක්වමින් කියන ලදී. කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක්ද? සංඝයා අතර කථාබහක් ඇතිවිය. ‘වංගීස තෙරුන් වහන්සේ විසුරුණු ඉඳුරන් ඇත්තේය. පිළිවෙලක් නැත. විචාරීමට යෝග්‍ය නොවේ. සිහිනුවණින් වැඩ නොකරයි. ගාථා බන්ධනය කරන්නේ විසිරීගිය වචනවලින් ඒවා කරන්නේ ඇවිදියි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ භික්‍ෂූහු වංගීසි තෙරුන්ගේ ප්‍රතිභා සම්පත්තිය පෙන්නුම් කරන්නේ යයි සිතා ‘කිංනු තෙ වංගීස’ (වංගීස ඔබට කෙසේද?) ආදිය විචාරයි. උම්මග්ගපථං යනු නොයෙක් කෙලෙස් ඉස්මතු වන මාර්ග සසරට යොමු වූ මාර්ගයැයි කියන ලදී. පභිජ්ජඛීලානි යනු රාගාදී උල්පස සිඳ දමා චරති හැසිරෙයි. තං පස්සථ යනු එය මෙසේ අභිභුය්‍ය සිඳදමා වඩින්නා වූ බුදුන් බලන්න. බන්‍ධන පමුඤ්චකර යනු බැඳීම්වලින් මුදන අසිතං නිදහස් නොඇලුනු. භාගසො පටිපජ්ජ යනු සතිපට්ඨාන ආදී කොටස්වලට ධර්මය බෙදා වෙන්කර පවිභජ්ජා කියාද පාඨයක් ඇත. උද්දෙස ආදී කොටස් වශයෙන් බෙදා ධර්මය දේශනා කරයි යන අර්ථයි.

ඔඝස‍්සාති කාමාදිචතුරොඝස‍්ස. අනෙකවිහිතන‍්ති සතිපට‍්ඨානාදිවසෙන අනෙකවිධං අට‍්ඨතිංසාය වා කම‍්මට‍්ඨානානං වසෙන අනෙකප‍්පකාරං අමතාවහං මග‍්ගං අක‍්ඛාසි අභාසි. තස‍්මිඤ‍්ච අමතෙ අක‍්ඛාතෙති තස‍්මිං තෙන අක‍්ඛාතෙ අමතෙ අමතාවහෙ. ධම‍්මදසාති ධම‍්මස‍්ස පස‍්සිතාරො. ඨිතා අසංහීරාති කෙනචි අසංහාරියා හුත්‍වා පතිට‍්ඨිතා. අතිවිජ‍්ඣාති අතිවිජ‍්ඣිත්‍වා. සබ‍්බට‍්ඨිතීනන‍්ති සබ‍්බෙසං දිට‍්ඨිට‍්ඨානානං විඤ‍්ඤාණට‍්ඨිතීනං වා. අතික‍්කමමද‍්දසාති අතික‍්කමභූතං නිබ‍්බානං අද‍්දස. අග‍්ගන‍්ති උත‍්තමං ධම‍්මං. අග‍්ගෙති වා පාඨො, පඨමතරන‍්ති අත්‍ථො. දසද‍්ධානන‍්ති පඤ‍්චවග‍්ගියානං අග‍්ගං ධම‍්මං, අග‍්ගෙ වා ආදිතො දෙසයීති අත්‍ථො.

ඔඝස්ස යනු කාම ආදී සිව්වැදෑරුම් ඕඝයන්ගේ අනෙකවිහිතං සතිපට්ඨානාදී වශයෙන් අනෙකවිධ වූ අටතිස් කම්මට්ඨාන වශයෙන් අනෙකප්‍රකාර අමාව ලබාදෙන. මග්ගං අක්‍ඛාසි මාර්ගය ප්‍රකාශ කළේය. තස්මිඤ්ච අමතෙ අක්‍ඛාතෙ යනු එහි එයින් කියන ලද අමා ලඟා කරන. ධම්මදසා ධර්මය පෙන්වන්නා ඨිතා අසංහීරා යනු කිසිවක් විනාශ නොවී පිහිටි. අතිවිජ්ඣ අවබෝධ කරගෙන. සබ්බට්ඨිතීනං සියලු දෘෂ්ටීන්ට ස්ථාන වූද විඤ්ඤාණයට ස්ථානීය වූද අතික්කමමද්දා යනු ඉක්මවා යන්නා වූ නිර්වාණය දුටුවෙමි. අග්ගං යනු උතුම් ධර්මයක්, අග්ගො කියාද පාඨයක් ඇත. අතිශයින් ප්‍රමුඛ යන අර්ථයි. දසද්ධානං යනු පස්වග මහණුන්ට උතුම් ධර්මය, අග හෝ මුලින්. දෙසසී දේශනා කළේය යන අර්ථයි.

තස‍්මාති යස‍්මා “එස ධම‍්මො සුදෙසිතො”ති ජානන‍්තෙන පමාදො න කාතබ‍්බො, තස‍්මා අනුසික‍්ඛෙති තිස‍්සො සික‍්ඛා විපස‍්සනාපටිපාටියා මග‍්ගපටිපාටියා ච සික‍්ඛෙය්‍ය.

තස්මා යනු යම්හෙයකින් මේ ධර්මය මනාකොට දෙසන ලද්දේ යැයි දන්නහු විසින් ප්‍රමාද නොකළ යුතුයි. ඒ නිසා, අනුසික්‍ඛෙ ත්‍රිවිධ ශික්‍ෂාවන් විදර්ශනා පිළිවෙලින්ද මාර්ග පිළිවෙලින්ද හික්මෙන්නේය.

බුද‍්ධානුබුද‍්ධොතිආදිකා තිස‍්සො ගාථා ආයස‍්මතො අඤ‍්ඤාතකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස ථොමනවසෙන වුත‍්තා. තත්‍ථ බුද‍්ධානුබුද‍්ධොති බුද‍්ධානං අනුබුද‍්ධො . බුද‍්ධා හි පඨමං චත‍්තාරි සච‍්චානි බුජ‍්ඣිංසු, පච‍්ඡා ථෙරො සබ‍්බපඨමං, තස‍්මා බුද‍්ධානුබුද‍්ධොති. ථිරෙහි සීලක‍්ඛන්‍ධාදීහි සමන‍්නාගතත‍්තා ථෙරො, අකුප‍්පධම‍්මොති අත්‍ථො. තිබ‍්බනික‍්කමොති දළ‍්හවීරියො. සුඛවිහාරානන‍්ති දිට‍්ඨධම‍්මසුඛවිහාරානං. විවෙකානන‍්ති තිණ‍්ණම‍්පි විවෙකානං. සබ‍්බස‍්ස තන‍්ති යං සබ‍්බසාවකෙන පත‍්තබ‍්බං, අස‍්ස අනෙන තං අනුප‍්පත‍්තං. අප‍්පමත‍්තස‍්ස සික‍්ඛතොති අප‍්පමත‍්තෙන හුත්‍වා සික‍්ඛන‍්තෙන.

‘බුද්ධානුබුද්ධො’ ආදී වූ ගාථා තුන ආයුෂ්මත් අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ත්‍ථෙරස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට ප්‍රශංසා වශයෙන් කියන ලදී. එහි බුද්ධානුබුද්ධො බුදුවරයන්ගේ අනුබුදුන් වහන්සේ, බුදුවරයන් වහන්සේලා වනාහි පළමුව චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්හ. පසුව තෙරුන් වහන්සේ සියල්ලන්ටම පළමු (අවබෝධ) කරගත්තේය. ඒ නිසා ‘බුද්ධානුබුද්ධො’ යැයි කියති. ස්ථිර වූ සීලාදි ස්කන්ධයන්ගෙන් යුක්ත බැවින් ථෙරො තෙර නම් වේ. ස්ථිරසාර යන අර්ථයි. තිබ්බනික්කමො යනු දැඩි වීර්ය ඇති. සුඛ විහාරානං පෙනෙන්ට තිබෙන සැප විහරණ. විවේකානං තුන්වැදෑරුම් විවේකයන්ට යං සාවකෙන පත්තබ්බං සබ්බස්ස තං අනුප්පත්තං යනු යමක් සියලු ශ්‍රාවකයන් විසින් ලබාගත යුතු වන්නේද මොහු විසින් එය ලඟාකර ගන්නා ලදී. අප්පමත්තස්ස සික්‍ඛතො අප්‍රමාදීව සිට ශික්‍ෂණය ලබන්නහු විසින්,

තෙවිජ‍්ජො චෙතොපරියකොවිදොති ඡසු අභිඤ‍්ඤාසු චතස‍්සො වදති, ඉතරා ද‍්වෙ යදිපි න වුත‍්තා, ථෙරො පන ඡළභිඤ‍්ඤොව. යස‍්මා ථෙරං හිමවන‍්තෙ ඡද‍්දන‍්තදහතො ආගන‍්ත්‍වා භගවති පරමනිපච‍්චකාරං දස‍්සෙත්‍වා, වන්‍දන‍්තං දිස‍්වා පසන‍්නමානසෙන භගවතො සම‍්මුඛා ථෙරං අභිත්‍ථවන‍්තෙන ඉමා ගාථා වුත‍්තා, තස‍්මා “කොණ‍්ඩඤ‍්ඤො බුද‍්ධදායාදො, පාදෙ වන්‍දති සත්‍ථුනො”ති වුත‍්තං.

තෙවිජ්ජො චෙතොපරියකොවිදො අභිඤ්ඤා වශයෙන් සතරක් කියයි. ඉතිරි දෙක නොකියන ලදී. තෙරුන් වහන්සේ වනාහි අභිඤ්ඤා සයම ලබාගත් කෙනෙකි. යම්හෙයකින් තෙරුන් වහන්සේ හිමවත සදත් විලෙන් අවුත් භාග්‍යවතුන් වහන්සේට පරම ගෞරවාදර දක්වා වඳිනු දැක පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදී තෙරුන්ට ප්‍රශංසා වශයෙන් මේ ගාථා කියන ලදී. ඒ නිසා ‘කොණ්ඩඤ්ඤ බුද්ධදායාද කොට ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ පා වඳියි’ කියා කියන ලදී.

නගස‍්ස පස‍්සෙතිආදිකා තිස‍්සො ගාථා පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං සබ‍්බෙහෙව අරහන‍්තෙහි භගවති කාළසිලායං විහරන‍්තෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙසං භික‍්ඛූනං චිත‍්තං සමන්‍වෙසන‍්තො අරහත‍්තඵලවිමුත‍්තිං පස‍්සිත්‍ථ. තං දිස‍්වා ආයස‍්මා වඞ‍්ගීසො භගවන‍්තං ථෙරෙ ච අභිත්‍ථවන‍්තො අභාසි. තත්‍ථ නගස‍්ස පස‍්සෙති ඉසිගිලිපබ‍්බතස‍්ස පස‍්සෙ කාළසිලායං. ආසීනන‍්ති නිසින‍්නං.

නගස්ස පස්සෙ ආදී ගාථා තුන රහතන් වහන්සේලා පන්සියනමක් සමග භාග්‍යවතුන් වහන්සේ ‘කාළසිලා’ නම් ස්ථානයේ වැඩසිටින කල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගේ සිත පරීක්‍ෂා කර බලන්නේ උන්වහන්සේලා රහත්පල විමුක්තිය ලබා ඇති බව දුටුවේය. එය දැක ආයුෂ්මත් වංගීස තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේවද තෙරවරුන් ද පසසමින් ප්‍රකාශ කළේය. එහි නගස්ස පස්සෙ යනු ඉසිගිලි පර්වතයේ පසෙක පිහිටි ‘කාළසිලා’ (කලුගල) නම් තැන ආසිනං සිටියා වූ,

චෙතසාති අත‍්තනො චෙතොපරියඤාණෙන. චිත‍්තං නෙසං සමන්‍වෙසන‍්ති තෙසං ඛීණාසවභික‍්ඛූනං චිත‍්තං සමන්‍වෙසන‍්තො. අනුපරියෙතීති අනුක‍්කමෙන පරිච‍්ඡින්‍දති.

චෙතසා යනු තමන් ලබා ඇති සිත් දැනගැනීමේ නුවණ චිත්තං තෙසං සමන්‍වෙසන්ති ඒ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන්ගේ සිත් විමසන්නේ අනුපරියෙති පිළිවෙලින් සිඳදමයි.

එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං “මුනිං දුක‍්ඛස‍්ස පාරගු”න‍්ති වුත‍්තාය සත්‍ථුසම‍්පත‍්තියා චෙව “තෙවිජ‍්ජා මච‍්චුහායිනො”ති වුත‍්තාය සාවකසම‍්පත‍්තියා චාති සබ‍්බෙහි අඞ‍්ගෙහි සම‍්පන‍්නං සමන‍්නාගතං. මුනින‍්ති හි ඉමිනා පදෙන මොනසඞ‍්ඛාතෙන ඤාණෙන සත්‍ථු අනවසෙසඤෙය්‍යාවබොධො වුත‍්තොති අනාවරණඤාණෙන දසබලඤාණාදීනං සඞ‍්ගහො කතො හොති, තෙනස‍්ස ඤාණසම‍්පදං දස‍්සෙති. දුක‍්ඛස‍්ස පාරගුන‍්ති ඉමිනා පහානසම‍්පදං. තදුභයෙන ච සත්‍ථු ආනුභාවසම‍්පදාදයො දස‍්සිතා හොන‍්ති. තෙවිජ‍්ජා මච‍්චුහායිනොති ඉමිනා සාවකානං ඤාණසම‍්පත‍්තිදීපනෙන ච නිබ‍්බානධාතුයා අධිගමදීපනෙන ච පදද‍්වයෙන සත්‍ථුසාවකසම‍්පත‍්ති දස‍්සිතා හොති. තථා හි යථාවුත‍්තමත්‍ථං පාකටතරං කාතුං “මුනිං දුක‍්ඛස‍්ස පාරගුං. අනෙකාකාරසම‍්පන‍්නං, පයිරුපාසන‍්ති ගොතම”න‍්ති වුත‍්තං. තත්‍ථ අනෙකාකාරසම‍්පන‍්නන‍්ති අනෙකෙහි ආකාරෙහි සම‍්පන‍්නං, අනෙකාකාරගුණසමන‍්නාගතන‍්ති අත්‍ථො.

එවං සබ්බංගසම්පන්නං මුනිං දුක්‍ඛස්ස පාරගු යැයි කියන ලද ශාස්තෲන් වහන්සේගේ සම්පත්තියෙන් තෙවිජ්ජා මච්චුහායිනො කියන ලද ශ්‍රාවක සම්පත්තියෙන්, සියළු අංගයන්ගෙන් යුත්, සමන්විත වූ මුනිං යන මේ පදයෙන් ‘මොන’ සංඛ්‍යාත නුවණින් බුදුන්ගේ සියළු ඤෙය මණ්ඩලයම කියන ලදීයැයි අනාවරණ ඥානයෙන් දසබල ඤාණාදිය අඩංගු කරන ලද්දේ වෙයි. එයින් මොහුගේ ඤාණ සම්පත්තිය දක්වයි. දුක්‍ඛස්සපාරගූ මෙයින් ප්‍රහාණ සම්පදාවත් ඒ දෙකෙන්ම ශාස්තෲන් වහන්සේගේ ආනුභාව ආදී සඵලතාවයන් තෙවිජ්ජා මච්චුහායිනො යනු මේ ශ්‍රාවකයන්ගේ ඤාණ සම්පත්තිය උසස්කොට දැක්වීමෙන් ද නිර්වාණ ධාතුව අවබෝධ කිරීම දැක්වීමෙන්ද යන පද දෙකෙන්ම ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවක සම්පත්තිය දක්වන ලදී. එසේම එසේ කියන ලද අර්ථය ප්‍රකට කිරීමට දුකින් පරතෙරට ගිය නොයෙක් ආකාරයන්ගෙන් යුත් ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේව ඇසුරු කරත් යැයි කියන ලදී. එහි අනෙකාකාරයෙන් යුක්ත වූ, නොයෙක් ආකාර ගුණයන්ගෙන් සමන්විත යන අර්ථයි.

චන්‍දො යථාති ගාථා භගවන‍්තං චම‍්පානගරෙ ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන අනෙකෙහි ච දෙවනාගසහස‍්සෙහි පරිවුතං අත‍්තනො වණ‍්ණෙන ච යසසා ච විරොචමානං දිස‍්වා සොමනස‍්සජාතෙන අභිත්‍ථවන‍්තෙන වුත‍්තා. තත්‍ථ චන්‍දො යථා විගතවලාහකෙ නභෙති යථා සරදසමයෙ අපගතවලාහකෙ වලාහකසදිසෙන අඤ‍්ඤෙන ච මහිකාදිනා උපක‍්කිලෙසෙන විමුත‍්තෙ ආකාසෙ පුණ‍්ණචන්‍දො විරොචති, වීතමලොව භාණුමාති තෙනෙව වලාහකාදිඋපක‍්කිලෙසවිගමෙන විගතමලො භාණුමා සූරියො යථා විරොචති. එවම‍්පි, අඞ‍්ගීරස, ත්‍වන‍්ති එවං අඞ‍්ගෙහි නිච‍්ඡරණජුතීහි ජුතිමන‍්ත ත්‍වම‍්පි මහාමුනි භගවා, අතිරොචසි අත‍්තනො යසසා සදෙවකං ලොකං අතික‍්කමිත්‍වා විරොචසීති.

‘චන්‍දොයථා’ යනාදී ගාථාවන් චම්පා නගරයෙහි ගග්ගරා පොකුණු තීරයෙහි මහත්වූ භික්‍ෂු සංඝයාද දහස් ගණන් දේව-නාගයන්ද පිරිවරාගෙන තමන්ගේ ශරීර වර්ණයෙන්ද යසසින්ද බබලමින් සිටින භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් සොම්නසින් ප්‍රශස්ත වශයෙන් කියන ලදී. එහි චන්‍දො යථා විගතවලාහකෙ නභෙ යනු යම්සේ සරත් කාලයෙහි පහවූ වලාකුළු ඇති වළාකුළු සමාන අනික් මීදුම ආදී කිලිටිවලින් මිදුනු අහසෙහි පූර්ණ චන්ද්‍රයා බබලයි. වීතමලොව භානුමා යනු එම වළාකුළු ආදී කිලිටි ඇතිවීමෙන් පහවූ මල ඇති අහසෙහි භානුමා සූර්යයා මෙනි. විරොචති එවම්පි අංගීරස! ත්‍වං අංගී රසය. එපරිද්දෙන් නුඹද මෙසේ නොයෙක් අංගයන්ගෙන් විහිදෙන ආලෝකයෙන් බබලන තැනැත්ත. නුඹද මහාමුනි! මහා මුනීන්ද්‍රයන් වහන්ස! භාග්‍යවතුන් වහන්ස! තමාගේ යසසා යසසින් දෙවියන් සහිත ලෝකය ඉක්මවා බබලන සේක.

කාවෙය්‍යමත‍්තාතිආදිකා දස ගාථා අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා සත්‍ථු අත‍්තනො ච ගුණෙ විභාවෙන‍්තෙන වුත‍්තා. තත්‍ථ කාවෙය්‍යමත‍්තාති කාවෙය්‍යෙන කබ‍්බකරණෙන මත‍්තා මානිතා සම‍්භාවිතා ගුණොදයං ආපන‍්නා. අද‍්දසාමාති අද‍්දසිම‍්හා.

‘කාවෙය්‍යමත්තා’ ආදී ගාථා දසය රහත්බවට පත්ව තමාගේ ප්‍රතිපත්තිය ප්‍රත්‍යවේක්‍ෂා කොට ශාස්තෲන් වහන්සේ තමාගේ ගුණයන්ද විමසා බලා කියන ලදී. එහි කාවෙය්‍යමත්තා යනු කාව්‍යකරණයෙන් මත්වූ බහුමානයට පත්වූ සම්භාවනා ගුණයන්ට පත්වූ අථද්දසමා යනු දැක්කෙමු.

අද‍්ධා නො උදපජ‍්ජථාති රතනත‍්තයං අද‍්ධා අම‍්හාකං උපකාරත්‍ථාය උප‍්පජ‍්ජි.

අද්ධානො උදපජ්ජථා යනු රතනත්‍රය වනාහි ඒකාන්තයෙන් අපට උපකාර පිණිස පහළවිය.

වචනන‍්ති සච‍්චපටිසංයුත‍්තං ධම‍්මකථං. ඛන්‍ධෙ ආයතනානි ච ධාතුයො චාති පඤ‍්චක‍්ඛන්‍ධෙ ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ධාතුයො ච. ඉමස‍්මිං ඨානෙ ඛන්‍ධාදිකථා වත‍්තබ‍්බා. සා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.421 ආදයො) විත්‍ථාරිතා එවාති තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. විදිත්‍වානාති රූපාදිවිභාගාදිතො අනිච‍්චතාදිතො ච පුබ‍්බභාගඤාණෙන ජානිත්‍වා.

වචනං යනු සත්‍යය හා එක්වූ ධර්මකථා. ඛන්‍ධෙආයතනානි ච ධාතුයොච පඤ්චස්කන්ධයෙහි ආයතන දොළසත් ධාතු දහඅටත්, මෙතැනදී ස්කන්ධ ආදී කථා කිවයුතුයි. එය විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. එහි විස්තර කළ අයුරින් දැනගත යුතුයි. විදිත්‍වාන යනු රූප ආදී කොටස්වලින්ද අනිත්‍යතා වශයෙන්ද පූර්වභාග වූ ඤාණයෙන්ද දැනගෙන,

යෙ තෙ සාසනකාරකාති යෙ තෙ සත‍්තා තථාගතානං සාසනකාරකා, තෙසං බහූනං අත්‍ථාය වත උප‍්පජ‍්ජන‍්ති තථාගතා. යෙ නියාමගතද‍්දසාති නියාමො එව නියාමගතං, යෙ භික‍්ඛූ භික‍්ඛුනියො ච සම‍්මත‍්තනියාමං අද‍්දසංසු අධිගච‍්ඡිංසු. තෙසං අත්‍ථාය වත බොධිං සම‍්මාසම‍්බොධිං අජ‍්ඣගමා, මුනි භගවාති යොජනා.

යෙ තෙ සාසනකාරකා යම් ඒ සත්ත්වයෝ තථාගතයන් වහන්සේලාගේ අනුශාසනාව කරන්නාහ. ඔවුන්ගේ බහූනං අත්‍ථාය වත උප්පජ්ජන්ති තථාගතා යොනියාමගතද්දසා නියමයට නියාමගත නම් වේ. යම් ඒ භික්‍ෂු භික්‍ෂුණීහු නිවැරදි නියමයන් දුටුවාහ. අවබෝධ කරගත්හ. තෙසං අත්‍ථාය වතබොධිං ඔවුන්ගේ යහපත සඳහා සම්මා සම්බෝධිය අජ්ඣගමා මුනි භගවා (භාග්‍යවත් වූ මුනීන්ද්‍රයන් වහන්සේ අවබෝධ කරගත්හ.) යන්නද යෙදිය යුතුය.

සුදෙසිතාති වෙනෙය්‍යජ‍්ඣාසයානුරූපං සඞ‍්ඛෙපතො විත්‍ථාරතො ච සුට‍්ඨු දෙසිතා. චක‍්ඛුමතාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමතා. අත‍්තහිතකාමෙහි අරණීයානි කරණීයානි අරියභාවකරානි, අරියස‍්ස වා භගවතො සච‍්චානීති අරියසච‍්චානි. දුක‍්ඛන‍්තිආදි තෙසං අරියසච‍්චානං සරූපදස‍්සනං . ඉමස‍්මිං ඨානෙ අරියසච‍්චකථා වත‍්තබ‍්බා, සා සබ‍්බාකාරතො විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.529 ආදයො) විත්‍ථාරිතාති තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. එවමෙතෙ තථාති එතෙ දුක‍්ඛාදයො අරියසච‍්චධම‍්මා එවං දුක‍්ඛාදිප‍්පකාරෙන තථා අවිතථා අනඤ‍්ඤථා. වුත‍්තා දිට‍්ඨා මෙ තෙ යථා තථාති යථා සත්‍ථාරා වුත‍්තා, තථා මයා දිට‍්ඨා, අරියමග‍්ගඤාණෙන පටිවිද‍්ධත‍්තා එවං තෙසං. සදත්‍ථො මෙ අනුප‍්පත‍්තො අරහත‍්තං මයා සච‍්ඡිකතං. තතො ච කතං බුද‍්ධස‍්ස භගවතො සාසනං ඔවාදානුසිට‍්ඨියං අනුපතිට‍්ඨො.

සුදෙසිතා හික්මවිය යුතු ජනයාගේ අදහස්වලට ගැලපෙන සේ කෙටියෙන් ද විස්තරවද මනාව දේශනා කරන ලදී. ‘චක්‍ඛුමතා’ යනු ඇස් පසකින් යුත් තමාට හිත කැමති ආර්යමය වූ කළයුතු දේ, ආර්යභාවය ඇතිකරන්නා වූ, ආර්ය වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යයෝ නුයි. අරියසච්චානි ආර්ය සත්‍යයන් නම් වේ. ‘දුක්‍ඛං’ ආදිය ආර්ය සත්‍යයන්ගේ ස්වභාවය දැක්වීමයි. මෙතැන ආර්ය සත්‍ය කථාව කිවයුතුයි. එය සර්වාකාරයෙන්ම විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදින් එහි කියන ලද ආකාරයෙන්ම දතයුතුයි. එවමෙතෙ තථා යනු මේ දුක්ඛ ආදී ආර්ය සත්‍ය ධර්මයන් මෙසේ දුක්ඛ ආදී ක්‍රමයන්ගෙන් නොවෙනස්ව එපරිද්දෙන්ම වුත්තා කියන ලදී. දිට්ඨා මෙතෙ යථා තථා යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදද එපරිද්දෙන් මා විසින් දකින ලදී. ආර්යමාර්ග ඥානයෙන් අවබෝධ කරගත් බැවින් ඒවායේ සදත්‍ථා මෙ අනුප්පත්තො රහත්බව මා විසින් ලබාගන්නා ලදී. එයින්ම භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය කරන ලදී. අවවාදයෙහි පිහිටියෙමි.

ස‍්වාගතං වත මෙ ආසීති සුආගමනං වත මෙ අහොසි. මම බුද‍්ධස‍්ස සන‍්තිකෙති මම සම‍්බුද‍්ධස‍්ස භගවතො සන‍්තිකෙ සමීපෙ.

ස්වාගතං වත මෙ ආසි මාගේ පැමිණීම යහපතක්ම විය. මම බුද්ධස්ස සන්තිකෙ මාගේ සම්බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි,

අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තොති ඡන‍්නම‍්පි අභිඤ‍්ඤානං පාරමිං, උක‍්කංසං අධිගතො. ඉමිනා හි පදෙන වුත‍්තමෙවත්‍ථං විවරිතුං “සොතධාතු විසොධිතා”තිආදි වුත‍්තං.

අභිඤ්ඤා පාරමිප්පත්තො සයවැදෑරුම් අභිඤ්ඤාවන්ගේ උසස්ම තත්ත්වයම අවබෝධකර ගත්තෙමි. මේ පදයෙන් කියන ලද අර්ථයම විස්තර කරන්නට සොතධාතුව පිරිසිදු කරන ලදී. ආදිය කියන ලදී.

පුච‍්ඡාමි සත්‍ථාරන‍්තිආදිකා ද‍්වාදස ගාථා අත‍්තනො උපජ‍්ඣායස‍්ස පරිනිබ‍්බුතභාවං පුච‍්ඡන‍්තෙන වුත‍්තා. ආයස‍්මතො නිග්‍රොධකප‍්පත්‍ථෙරස‍්ස හි පරිනිබ‍්බානකාලෙ ආයස‍්මා වඞ‍්ගීසො අසම‍්මුඛා අහොසි. දිට‍්ඨපුබ‍්බඤ‍්ච තෙන තස‍්ස හත්‍ථකුක‍්කුච‍්චාදි, පුබ‍්බවාසනාවසෙන හි තාදිසඤ‍්ච ආයස‍්මතො පිලින්‍දවච‍්ඡස‍්ස වසලවාදෙන සමුදාචාරො විය ඛීණාසවානම‍්පි හොතියෙව. තෙන “පරිනිබ‍්බුතො නු ඛො මෙ උපජ‍්ඣායො, උදාහු නො”ති උප‍්පන‍්නපරිවිතක‍්කො සත්‍ථාරං පුච‍්ඡි. තෙන වුත‍්තං – “උපජ‍්ඣායස‍්ස පරිනිබ‍්බුතභාවං පුච‍්ඡන‍්තෙන වුත‍්තා”ති. තත්‍ථ සත්‍ථාරන‍්ති දිට‍්ඨධම‍්මිකාදීහි වෙනෙය්‍යානං අනුසාසකං. අනොමපඤ‍්ඤන‍්ති ඔමං වුච‍්චති පරිත‍්තං ලාමකං. න ඔමපඤ‍්ඤං අනොමපඤ‍්ඤං, මහාපඤ‍්ඤන‍්ති අත්‍ථො. දිට‍්ඨෙව ධම‍්මෙති පච‍්චක‍්ඛමෙව, ඉමස‍්මිංයෙව අත‍්තභාවෙති අත්‍ථො. විචිකිච‍්ඡානන‍්ති සංසයානං එවරූපානං වා පරිවිතක‍්කානං ඡෙත‍්තා. අග‍්ගාළවෙති අග‍්ගාළවචෙතියසඞ‍්ඛාතෙ විහාරෙ. ඤාතොති පාකටො. යසස‍්සීති ලාභසක‍්කාරසම‍්පන‍්නො. අභිනිබ‍්බුතත‍්තොති උපසන‍්තසභාවො අපරිඩය‍්හමානචිත‍්තො.

‘පුච්ඡාමි සත්‍ථාරං’ (බුදුන් විචාරමි) ආදී ගාථා දොළස තමාගේ උපාධ්‍යායන් වහන්සේගේ පිරිනිවන්පෑම විචාරන්නහු විසින් කියන ලදී. ආයුෂ්මත් නිග්‍රොධ කප්පත්‍ථෙරස්ස නිග්‍රොධකප්ප තෙරුන් පිරිනිවන්පාන කාලයෙහි ආයුෂ්මත් වංගීසො වංගීස තෙරණුවෝ ඉදිරිපිට නොසිටියේය. ඔහු විසින් උන්වහන්සේගේ අත් විකෘතිවීම ආදිය දකින ලදී. පෙර පුරුදු වශයෙන් එබන්දක්ද ආයුෂ්මත් පිලින්‍දච්ඡන්‍දස්ස පිලින්‍දච්ඡන්‍ද තෙරුන්ට වසල වාදයෙන් කතාකිරීම වැනි, රහතන් වහන්සේලාටද එබඳු දේ වන්නේමය. මාගේ උපාධ්‍යායන් වහන්සේ පිරිනිවන්පෑවේද නැද්ද යනුවෙන් හටගත් සැක ඇත්තේ ඔහු විසින් බුදුරජාණන් වහන්සේගෙන් අසන ලදී. ඒ නිසා ‘උපාධ්‍යායන් වහන්සේගේ පිරිනිවන්පෑ බව විචාරන්නාහු විසින්’ යැයි කියන ලදී. එහි සත්‍ථාරං යනු දිට්ඨධම්මික ආදියෙන් හික්මවිය යුතු ජනයාට අනුශාසනා කරන අනොමපඤ්ඤං ‘ඔම’ යනු ස්වල්පයක් ලාමක වූ ලාමක ප්‍රඥාව නොවූයේ අනොමපඤ්ඤං, මහාප්‍රාඥ යන අර්ථයි. දිට්ඨෙව ධම්මෙ යනු ප්‍රත්‍යක්‍ෂයෙහි - මේ ආත්ම භාවයේදීම යන අර්ථයි. විචිකිච්ඡානං යනු සැක සහිත රූපයන් පිළිබඳ පරිවිතර්කය. ජෙත්‍වා සිඳ දමා. අග්ගාළවෙ යනු අග්ගාලව චෛත්‍යය නම් වූ විහාරයෙහි ඤාතො ප්‍රකට වූ. යසස්සී ලාභසත්කාරයෙන් යුක්ත අභිනිබ්බුතත්තො උපශාන්ත ස්වභාවය, නොදැවෙන සිත.

තයා කතන‍්ති තාදිසෙ ඡායාසම‍්පන‍්නෙ නිග්‍රොධරුක‍්ඛමූලෙ නිසින‍්නත‍්තා “නිග්‍රොධකප‍්පො”ති තයා කතං නාමං. ඉති සො යථා අත‍්තනා උපලක‍්ඛිතං තථා වදති. භගවා පන න නිසින‍්නත‍්තා එව තං තථා ආලපති, අපි ච ඛො තත්‍ථ අරහත‍්තං පත‍්තත‍්තාපි. බ්‍රාහ‍්මණස‍්සාති ජාතිං සන්‍ධාය වදති. සො කිර බ්‍රාහ‍්මණමහාසාලකුලා පබ‍්බජිතො. නමස‍්සං අචරින‍්ති නමස‍්සමානො විහාසිං. මුත්‍යපෙඛොති නිබ‍්බානෙ පතිට‍්ඨිතො.

තයා කතං එබඳු වූ සෙවනැල්ල සහිත නිග්‍රොධ නිග්‍රොධ වෘක්‍ෂ මූලයෙහි සිටි බැවින් නිග්‍රොධකප්ප යැයි ඔහු විසින් කරන ලද නාමය මෙසේ ඔහු යම්සේ තමා හඳුන්වනු ලබයිද එසේ කියයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි නොහිඳි නිසාම ඔහුට එසේ අමතයි. තවද එහිදී රහත්බවට පැමිණි නිසාවෙනි. බ්‍රාහ්මණස්ස යනු ජාතිය ගැන කියයි. ඔහු වනාහි බ්‍රාහ්මණ මහාසාල කුලයෙන් පැවිදි විය. නමස්සං ආචරිං යනු නමස්කාර කරමින් හැසුරුණෙමි. මුත්‍යපෙඛො යනු නිවනෙහි පිහිටි.

දළ‍්හධම‍්මදස‍්සීති භගවන‍්තං ආලපති. දළ‍්හධම‍්මඤ‍්හි නිබ‍්බානං අභිජ‍්ජනට‍්ඨෙන, තඤ‍්ච භගවා පස‍්සි දස‍්සෙසි ච.

දළ්හ ධම්මදස්සී යනුවෙන් බුදුන් අමතයි. නිර්වාණය වනාහි දැඩි, දුෂ්කර ස්වභාවයකි. එය අවබෝධ කරගත් යන අර්ථයෙන්ය. එයද භාග්‍යවතුන් වහන්සේ දැක්කේය. දැක්වීය.

සක‍්කාතිපි භගවන‍්තමෙව කුලනාමෙන ආලපති. මයම‍්පි සබ‍්බෙති, නිරවසෙසපරිසං සඞ‍්ගණ‍්හිත්‍වා අත‍්තානං දස‍්සෙන‍්තො වදති. සමන‍්තචක‍්ඛූතිපි භගවන‍්තමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන ආලපති. සමවට‍්ඨිතාති සම‍්මා අවට‍්ඨිතා, ආභොගං කත්‍වා ඨිතා. නොති අම‍්හාකං. සවනායාති ඉමස‍්ස පඤ‍්හස‍්ස වෙය්‍යාකරණං සවනත්‍ථාය. සොතාති සොතධාතුයා. තුවං නො සත්‍ථා ත්‍වමනුත‍්තරොසීති ථුතිවචනවසෙන වදති.

සක්කා යනුවෙන්ද භාග්‍යවතුන් වහන්සේට කුලනාමයෙන් අමතයි. මයම්පිසබ්බෙ යනු සම්පූර්ණ පිරිස ඇතුළත්කොට තමාව දක්වමින් කියයි. සමන්තචක්‍ඛු භාග්‍යවතුන් වහන්සේවම සර්වඥතා ඥානයෙන් අමතයි. සමවඩ්ඪිතා මනාව ස්ථිරව පිහිටි, නො අපගේ සවණාය මේ ප්‍රශ්නය විසඳන ආකාරය ඇසීම සඳහා. හෙතුං සොත ධාතුව. තුවං නො සත්‍ථා ත්‍වමනුත්තරොසි අපගේ ශාස්තෲ ඔබවහන්සේ සියල්ලන්ට උතුම්ව සිටින්නේය. ස්තුති වශයෙන් කියයි.

ඡින්‍ද නො විචිකිච‍්ඡන‍්ති විචිකිච‍්ඡාපටිරූපකං තං පරිවිතක‍්කං සන්‍ධායාහ. අකුසලවිචිකිච‍්ඡාය පන ථෙරො නිබ‍්බිචිකිච‍්ඡොව. බ්‍රූහි මෙතන‍්ති බ්‍රූහි මෙ එතං. යං මයා යාචිතොසි “තං සාවකං, සක‍්ක, මයම‍්පි සබ‍්බෙ අඤ‍්ඤාතුමිච‍්ඡාමා”ති යාචිතොව, තං බ්‍රාහ‍්මණං පරිනිබ‍්බුතං වෙදය භූරිපඤ‍්ඤ. මජ‍්ඣෙව නො භාසා”ති පරිනිබ‍්බුතං ජානිත්‍වා මහාපඤ‍්ඤ භගවා මජ‍්ඣෙව අම‍්හාකං සබ‍්බෙසං භාස, යථා සබ‍්බෙ මයං ජානෙය්‍යාම. සක‍්කොව දෙවාන සහස‍්සනෙත‍්තොති , ඉදං පන ථුතිවචනමෙව. අපිචෙත්‍ථ අයමධිප‍්පායො – යථා සක‍්කො සහස‍්සනෙත‍්තො දෙවානං මජ‍්ඣෙ තෙහි සක‍්කච‍්චං සම‍්පටිච‍්ඡිතවචනං භාසති, එවං අම‍්හාකං මජ‍්ඣෙ අම‍්හෙහි සම‍්පටිච‍්ඡිතවචනං භාසාති.

ඡින්‍ද නො විචිකිච්ඡං විචිකිච්ඡාවට විරුද්ධ ඒ සිතිවිල්ල අපගේ සැකය සිඳ දමන්න. අකුසල විචිකිච්ඡාව සඳහා තෙරුන් වහන්සේ විචිකිච්ඡා නැත්තේමය. බ්‍රෑහි මෙතං මට මෙය කියන්න. යමක් මා විසින් ඉල්වන ලදද ‘තං සාවකං සක්ක මයම්පි සබ්බෙ අඤ්ඤාතුමිච්ඡාම’ ශාක්‍යයන් වහන්ස! අපි සියල්ලෝම ඒ ශ්‍රාවකයා ගැන දැනගනු කැමැත්තෙමු යැයි ඉල්වන ලද්දෙමු. ඒ බ්‍රාහ්මණයා පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ මජ්ඣෙව නො භාස යනු මහා ප්‍රාඥය! පිරිනිවි ඔබ අපට කියන්න. පිරිනිවි බව දැනගෙන මහා ප්‍රාඥ වූ භාග්‍යවතුන් වහන්ස! අප සියළු දෙනාටම කියන්න. අපි සියල්ලෝම යම්සේ දැනගන්නෙමු. සක්කොව දෙවානසහස්ස නෙත්තො දහසක් නෙත් ඇති දෙවියන්ගේ ශක්‍රයා මෙන් මේ වනාහි ස්තුති වචනයක්මය. තවද මෙහි බලාපොරොත්තුව නම් යම්සේ දහසක් නෙත් ඇති ශක්‍රයා දෙවියන් මැද ඔවුන් විසින් මනාව පිළිගන්නා වචන කියයි. එපරිද්දෙන් අප මැද අප විසින් පිළිගන්නා වචනයක් කියන්න.

යෙ කෙචීති ඉමම‍්පි ගාථං භගවන‍්තං ථුනන‍්තො වත‍්තුකාමතං ජනෙතුං භණති. තස‍්සත්‍ථො – යෙ කෙචි අභිජ‍්ඣාදයො ගන්‍ථා, තෙසං අප‍්පහානෙ සති මොහවිචිකිච‍්ඡානං පහානාභාවතො මොහමග‍්ගාති ච, අඤ‍්ඤාණපක‍්ඛාති ච, විචිකිච‍්ඡඨානාති ච වුච‍්චන‍්ති. සබ‍්බෙ තෙ තථාගතං පත්‍වා තථාගතස‍්ස දෙසනාබලෙන විද‍්ධංසිතා භවන‍්ති, නස‍්සන‍්ති. කිංකාරණන‍්ති? චක‍්ඛුඤ‍්හි එතං පරමං නරානං, යස‍්මා තථාගතො සබ‍්බගන්‍ථවිධමනෙන පඤ‍්ඤාචක‍්ඛුජනනතො නරානං පරමං චක‍්ඛුන‍්ති වුත‍්තං හොති.

‘යෙකෙචි’ යන මේ ගාථාවද භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමින් කියනු කැමැති බව වර්ධනය කරන්නට කියයි. ඒ එහි අර්ථයයි. යෙකෙචි යම්කිසි අභිජ්ජා ආදී ගැට - ඒවා නැති කිරීමේදී මෝහ විචිකිච්ඡාව ප්‍රහාණය නොකළ බැවින් මොගමග්ගා නම් වේ. අඤ්ඤාණපක්‍ඛා නොදන්නා පැති ද විචිකිච්ඡට්ඨානා සැකයට තැන්ද කියත, සබ්බෙ තෙ තථාගතං පත්‍වා ඒ සියල්ල බුදුන් වෙත පැමිණ බුදුන්ගේ දේශනා බලයෙන් නැතිව යත්. නැසෙත්. කුමක් නිසාද? චක්‍ඛු හි එතං පරමං නරානං යම් හෙයකින් තථාගතයන් වහන්සේ සියළු කෙලෙස්ගැට නැතිකිරීමෙන් ප්‍රඥා චක්‍ෂුස ඇතිකිරීමෛන් මනුෂ්‍යයන්ට උතුම් ඇසයයි කියන ලදී.

නො චෙ හි ජාතූති ඉමම‍්පි ගාථං ථුනන‍්තො එව වත‍්තුකාමතං ජනෙන‍්තො භණති. තත්‍ථ ජාතූති එකංසවචනං. පුරිසොති භගවන‍්තං සන්‍ධායාහ. ජොතිමන‍්තොති පඤ‍්ඤාජොතිසම‍්පන‍්නා සාරිපුත‍්තාදයො. ඉදං වුත‍්තං හොති – යදි භගවා පුරත්‍ථිමාදිභෙදො වාතො විය අබ‍්භඝනං දෙසනාවෙගෙන කිලෙසෙ විහනෙය්‍ය, තතො යථා අබ‍්භඝනනිවුතො ලොකො තමොව හොති එකන්‍ධකාරො, එවං සබ‍්බොපි ලොකො අඤ‍්ඤාණනිවුතො තමොව සියා. යෙ චාපි ඉමෙ ඉදානි ජොතිමන‍්තො ඛායන‍්ති සාරිපුත‍්තාදයො, තෙපි න භාසෙය්‍යුං, න දීපෙය්‍යුන‍්ති.

‘නොචෙ හි ජාතු’ මේ ගාථාව ස්තුති ලෙස ප්‍රකාශ කරන්නේම කියනු කැමැති බව ඇතිකිරීමට කියයි. එහි ජාතු යනු ස්ථිරව ‘ම’ යන්න සඳහා වචනයකි. පුරිසො යන්න භාග්‍යවතුන් වහන්සේ සඳහා කියන ලදී. ජොතිමන්තො ප්‍රඥා නමැති ආලෝකයෙන් යුක්ත, සැරියුත් තෙරුන් ආදීන් මෙසේ කියා ඇත. ඉදින් භාග්‍යවතුන් වහන්සේ, පෙරදිග පැත්ත ආදී ප්‍රභේද ලෙස වාතො අබ්භසනං වාතය වැහි වළාකුලක් මෙන් දේශනා වේගයෙන් කිලෙසෙ කෙලෙස් නසන්නේය. ඉක්බිති යම්සේ වැහිකළුවෙන් වැසුණු ලෝකය තමොව හොති. ඒකාන්ධකාර වෙයි. මෙසේ සබ්බොපි ලොකො මුළු ලොවම අඥානකමින් වැසුනේ අන්ධකාර වන්නේය. යමෙක් වනාහි මෙසේ දැන් සැරියුත් තෙරුන් වහන්සේලා මෙන් දිලිසෙමින් බලත්. ඔවුහුද නප්පභාසෙය්‍යුං දිළිසෙන්නේ නැත.

ධීරා චාති ඉමම‍්පි ගාථං පුරිමනයෙනෙවාහ. තස‍්සත්‍ථො – ධීරා ච පණ‍්ඩිතපුරිසා, පජ‍්ජොතකරා භවන‍්ති පඤ‍්ඤාපජ‍්ජොතං උප‍්පාදෙන‍්ති. තං තස‍්මා අහං තං වීර පධානවීරියසමන‍්නාගත භගවා, තථෙව මඤ‍්ඤෙ ධීරො පජ‍්ජොතකරොත්‍වෙව මඤ‍්ඤාමි. මයම‍්පි විපස‍්සිනං සබ‍්බධම‍්මෙ යථාභූතං පස‍්සන‍්තං භගවන‍්තං ජානන‍්තා එව උපාගමිම‍්හා. තස‍්මා “පරිසාසු නො ආවිකරොහි කප‍්පං පරිනිබ‍්බුතොව යථා නිග්‍රොධකප‍්පං ආවිකරොහි පකාසෙහී”ති.

‘ධීරාවා’ යන මේ ගාථාවද පෙර ලෙසම කියන ලදී. එහි අර්ථය, ධීරාච පණ්ඩිත පුරුෂයෝ පජ්ජොතකරා භවන්ති ප්‍රඥා ආලෝකය උපදවත්. තං එය ඒ නිසා අහං තං වීර! ප්‍රධන් වීර්යයෙන් යුක්ත භාග්‍යවතුන් වහන්ස! තථෙව මඤ්ඤෙ ධීර වූ ආලෝකය ඇතිකරවන්නකු ලෙස හඟිමි. අපිද විපස්සිනං සියළු ධර්මයන් ඇති අයුරින් බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේව දන්නෙමු. අපිද විපස්සිනං සියළු ධර්මයන් ඇති පරිදි දකින්නා වූ භාග්‍යවතුන් වහන්සේව දන්නෝමය. උපාගමිම්හ පැමිණියෙමු. ඒ නිසා පරිසාසු නො ආවිකරොහි කප්පං පිරිස් මැද නිග්‍රොධකප්ප ගැන අපට හෙළිදරව් කරන්න. ප්‍රකාශ කරන්න.

ඛිප‍්පන‍්ති ඉමම‍්පි ගාථං පුරිමනයෙනෙව ආහ. තස‍්සත්‍ථො – භගවා ඛිප‍්පං ගිරං එරය වග‍්ගු වග‍්ගුං අචිරායමානො වාචං භාස වග‍්ගු මනොහරං. හංසොව යථා සුවණ‍්ණහංසො ගොචරං පරිග‍්ගණ‍්හන‍්තො ජාතස‍්සරවනසණ‍්ඩං දිස‍්වා ගීවං පග‍්ගය‍්හ පක‍්ඛෙ උද‍්ධුනිත්‍වා හට‍්ඨතුට‍්ඨො සණිකං අතරමානො වග‍්ගුං නිකූජති ගිරං නිච‍්ඡාරෙති, එවමෙවං ත්‍වං සණිකං නිකූජ ඉමිනා මහාපුරිසලක‍්ඛණඤ‍්ඤතරෙන බින්‍දුස‍්සරෙන සුට‍්ඨු විකප‍්පිතෙන අභිසඞ‍්ඛතෙන, එතෙ මයං සබ‍්බෙ උජුගතා අවික‍්ඛිත‍්තමානසා හුත්‍වා තව නිකූජං සුණොමාති.

‘ඛිප්පං’ යනාදී ගාථාවද පෙරලෙසම කියන ලදී. එහි අර්ථය ‘භාග්‍යවතුන් වහන්සේ වහා වචනයක් කොටස් කොටස් වශයෙන් ප්‍රකාශ කරන්න. කලබල නැතිව කොටස් ලෙස මනහර වචනයක් කියන්න. හංසොව යම්සේ ස්වර්ණ හංසයා ගොදුරෙන් ඉවත්ව ස්වභාවික විලක් සහිත වනරොදක් දැක හිස උඩට ඔසවා පියාපත් සළා තුටු පහටු සිතින් සනිකං හෙමින් කණ්ඩායමට නාදකරයි. වචන පිටකරයි. එපරිද්දෙන් නුඹවහන්සේ හෙමින් නාදකරන්න. මේ මහාපුරුෂ ලක්‍ෂණයට අමතර බින්‍දුස්සරෙන මනාව සකස්කරන ලද අපි මේ සියල්ලෝම උජුගතා විසිරී නොගිය සිත් ඇතිව ඔබගේ නාදකිරිම අසමු.

පහීනජාතිමරණන‍්ති , ඉදම‍්පි පුරිමනයෙනෙව ආහ. තත්‍ථ න සිස‍්සතීති අසෙසො, තං අසෙසං, සොතාපන‍්නාදයො විය කිඤ‍්චි අසෙසෙත්‍වා පහීනජාතිමරණන‍්ති වුත‍්තං හොති. නිග‍්ගය‍්හාති නිබන්‍ධිත්‍වා, ධොනන‍්ති ධුතසබ‍්බපාපං. වදෙස‍්සාමීති කථාපෙස‍්සාමි ධම‍්මං. න කාමකාරො හොහි පුථුජ‍්ජනානන‍්ති පුථුජ‍්ජනසෙක‍්ඛාදීනං තිවිධානං ජනානං කාමකාරො නත්‍ථි, තෙ යං ඉච‍්ඡන‍්ති ඤාතුං වා වත‍්තුං වා, තං න සක‍්කොන‍්ති. සඞ‍්ඛෙය්‍යකාරො ච තථාගතානන‍්ති තථාගතානං පන වීමංසකාරො පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමකිරියා, තෙ යං ඉච‍්ඡන‍්ති ඤාතුං වා වත‍්තුං වා, තං සක‍්කොන‍්තියෙවාති අධිප‍්පායො.

‘පහීනජාතිමරණං’ ප්‍රහීණ වූ උපත් හා මරණ ඇති’ මෙයද පෙර ලෙසම කියන ලදී. ඉතිරි නොවේනුයි එය අසේසං අසේසයි. සෝවාන්බවට පත් අය මෙන් කිසිවක් ඉතිරි නොකොට පහීනජාතිමරණං ප්‍රහීණ වූ ජාති හා මරණ ඇති (කියන ලදී.) නිග්ගය්හ මනාව ඉල්ලා බන්‍ධනය කොට ධොතං සෝදා හළ සියළු පව්. පටිවෙදයාමි කියන්නෙමි. ධම්මං න කාමකාරො හොති පුථුජ්ජනානං පෘථග්ජන හික්මවිය යුතු තුන්ආකාර ජනයාට කාමය ඇතිකරන්නෙක් නැත. ඔව්හු යමක් දැනගන්නට හෝ කියන්නට හෝ කැමැතිවෙත්ද එය නොහැකි වෙත්. සංඛෙය්‍යකාරොව තථාගතානං තථාගතයන් වහන්සේලාගේ විමසන ආකාරය ප්‍රඥාව පෙරදැරි කරගත් ක්‍රියාදාමයකි. ඔවුහු යමක් දැනගන්නට හෝ කියන්නට කැමැති වෙත්ද එය හැකිවෙත්මය යන අදහසයි.

ඉදානි තං සඞ‍්ඛෙය්‍යකාරං පකාසෙන‍්තො “සම‍්පන‍්නවෙය්‍යාකරණ”න‍්ති ගාථමාහ. තස‍්සත්‍ථො – තථා හි තව භගවා ඉදං සමුජ‍්ජුපඤ‍්ඤස‍්ස සබ‍්බත්‍ථ අප‍්පටිහතභාවෙන උජුගතපඤ‍්ඤස‍්ස සම‍්මදෙව වුත‍්තං පවත‍්තිතං සම‍්පන‍්නවෙය්‍යාකරණං “සන‍්තතිමහාමත‍්තො සත‍්තතාලමත‍්තං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පරිනිබ‍්බායිස‍්සති, සුප‍්පබුද‍්ධො සක‍්කො සත‍්තමෙ දිවසෙ පථවිං පවිසිස‍්සතී”ති එවමාදිං සමුග‍්ගහිතං සම‍්මදෙව උග‍්ගහිතං අවිපරීතං දිට‍්ඨං, පුන සුට‍්ඨුතරං අඤ‍්ජලිං පණාමෙත්‍වා ආහ. අයමඤ‍්ජලි පච‍්ඡිමො සුප‍්පණාමිතොති අයං අපරොපි අඤ‍්ජලි සුට‍්ඨුතරං පණාමිතො. මා මොහයී ජානන‍්ති මා නො අවචනෙන මොහයි, ජානන‍්තො තස‍්ස ගතිං. අනොමපඤ‍්ඤාති භගවන‍්තං ආලපති.

දැන් ඒ ගණන් කළහැකි ආකාරය ප්‍රකාශ කරන්නේ ‘සම්පන්නවෙය්‍යාකරණං’ (ව්‍යාකරණයෙන් යුක්ත) යනාදී ගාථාව කීය. එහි අර්ථය නම්, ‘එසේම ඔබගේ භාග්‍යවතුන් වහන්සේ මේ මනාව සෘජුව පවත්නා ප්‍රඥාවගේ සියළු තන්හි දූෂිත නොවූ ඍජුව පිහිටි ප්‍රඥාව මනාව කියන ලදී. පවත්වන ලදී. මනාව යෙදුනු ව්‍යාකරණ සහිත විය. සනතති මහාමාත්‍යයා තල්ගස් සතක් පමණ අහසට පැන නැගී පිරිනිවන් පාන්නේය. සුප්පබුද්ධො සුප්පබුද්ධ ශාක්‍යයා සත්වන දවසෙහි පොළවට එන්නේය. යනාදී ලෙසය. සමුග්ගහිතං මනාව ඉගෙනගත් විපරීත නොවී දකින ලද නැවතද මනාව නමස්කාර කොට කීය. මේ නැවතත් පසුව මනාව නමස්කාර කරමි. මේ අනිකෙක්ද මනාව නමස්කාර කළේය. මා මොහසි ජාතං අපව වැරදි වචනයෙන් මුලා නොකරන්න. කප්පිගේ ගතිය දන්නෙහිය. අනොමපඤ්ඤා මෙයින් බුදුන් අමතයි.

පරොපරන‍්ති ඉමං පන ගාථං අපරෙනපි පරියායෙන අමොහනමෙව යාචන‍්තො ආහ. තත්‍ථ පරොපරන‍්ති ලොකුත‍්තරලොකියවසෙන සුන්‍දරාසුන්‍දරං දූරෙ සන‍්තිකෙ වා. අරියධම‍්මන‍්ති චතුසච‍්චධම‍්මං. විදිත්‍වාති පටිවිජ‍්ඣිත්‍වා. ජානන‍්ති සබ‍්බං ඤෙය්‍යධම‍්මං ජානන‍්තො. වාචාභිකඞ‍්ඛාමීති යථා ඝම‍්මනි ඝම‍්මකාලෙ උණ‍්හාභිතත‍්තො පුරිසො කිලන‍්තො තසිතො වාරිං, එවං තෙ වාචං අභිකඞ‍්ඛාමි. සුතං පවස‍්සාති සුතසඞ‍්ඛාතං සද‍්දායතනං පවස‍්ස පග‍්ඝර මුඤ‍්ච පවත‍්ත. “සුතස‍්ස වස‍්සා”තිපි පාළි. වුත‍්තපකාරස‍්ස සද‍්දායතනස‍්ස වුට‍්ඨිං වස‍්සාති අත්‍ථො.

පරොපරං මේ ගාථාව වනාහි වෙනත් ක්‍රමයකින් තමන්ව මුලා නොකරන ලෙස ඉල්ලමින් කීය. එහි පරොපරං යනු ලෞකික ලෝකෝත්තර වශයෙන් සුන්දර අසුන්දර හා දුර ලඟ හෝ අරියධම්මං චතුරාර්ය සත්‍ය ධර්මය. විදිත්‍වා අවබෝධ කරගෙන ජානං යනු සියළු දතයුතු දේ දන්නේ. වාචාහි ඛංඛාමි වචනවලින් සැක සිතමි. යම්සේ ඝම්මනි ග්‍රීෂ්ම කාලයේ උණුසුමෙන් පීඩාවට පත් පුද්ගලයෙක් පීඩාවට පත් වූයේ බියවන්නේ වාරිං ජලය. එපරිද්දෙන් ඔබගේ වචනය සැකකරමි. සුතං පවස්ස යනු ඇසීම් සංඛ්‍යාත වූ වර්ෂාව වස්සවන්න. ගලායාමට සලසන්න. මුදාහරින්න. පවත්වන්න යන අර්ථයි.

ඉදානි යාදිසං වාචං අභිකඞ‍්ඛති, තං පකාසෙන‍්තො “යදත්‍ථික”න‍්ති ගාථමාහ. තත්‍ථ කප‍්පායනොති කප‍්පමෙව පූජාවසෙන වදති. යථා විමුත‍්තොති “කිං අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා යථා අසෙක‍්ඛො, උදාහු සඋපාදිසෙසාය යථා සෙක‍්ඛො”ති වා පුච‍්ඡති. සෙසමෙත්‍ථ පාකටමෙව.

දැන් යම්බඳු වූ වචනයක් සැකකරයිද එය ප්‍රකාශ කරන්නේ ‘යදත්‍ථිකං’ යනාදී ගාථාව කීය. එහි කප්පායනො කප්පමය ගෞරවයට එසේ කියයි. යථා විමුත්තො යනු කිම? අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් අසේඛ පුද්ගලයෙක් ලෙසද? එසේ නැත්නම් සඋපාදිසෙස නිර්වාණ ධාතුවෙන් සේඛ පුද්ගලයෙක් ලෙසදැයි විචාළේය. ඉතිරි කොටස මෙහි ප්‍රකටමය.

එවං ද‍්වාදසහි ගාථාහි යාචිතො භගවා තං වියාකරොන‍්තො “අච‍්ඡෙච‍්ඡී”තිආදිමාහ. තත්‍ථ අච‍්ඡෙච‍්ඡි තණ‍්හං ඉධ නාමරූපෙ (ඉති භගවා) කණ‍්හස‍්ස සොතං දීඝරත‍්තානුසයිතන‍්ති ඉමස‍්මිං නාමරූපෙ කාමතණ‍්හාදිභෙදා තණ‍්හා දීඝරත‍්තං අප‍්පහීනට‍්ඨෙන අනුසයිතා කණ‍්හනාමකස‍්ස මාරස‍්ස සොතන‍්තිපි වුච‍්චති. තං කණ‍්හස‍්ස සොතමුතං දීඝරත‍්තානුසයිතං ඉධ නාමරූපෙ තණ‍්හං කප‍්පායනො ඡින්‍දි. ඉති භගවාති ඉදං පන සඞ‍්ගීතිකාරානං වචනං. අතාරි ජාතිං මරණං අසෙසන‍්ති සො තං තණ‍්හං ඡෙත්‍වා අසෙසං ජාතිමරණං අතරි අනුපාදිසෙසාය පරිනිබ‍්බායීති දස‍්සෙති, ඉච‍්චබ්‍රවි භගවා පඤ‍්චසෙට‍්ඨොති ආයස‍්මතා වඞ‍්ගීසෙන පුට‍්ඨො භගවා එවං අවොච පඤ‍්චහි සද‍්ධාදීහි ඉන්‍ද්‍රියෙහි අනඤ‍්ඤසාධාරණෙහි චක‍්ඛූහි වා සෙට‍්ඨො. අථ වා පඤ‍්චසෙට‍්ඨොති පඤ‍්චහි සීලාදීහි ධම‍්මක‍්ඛන්‍ධෙහි, පඤ‍්චහි වා හෙතුසම‍්පදාදීහි සෙට‍්ඨො උත‍්තමො පවරොති සඞ‍්ගීතිකාරානමෙවිදම‍්පි වචනං.

මෙසේ ගාථා දොළසකින් ඉල්ලා සිටි භාග්‍යවතුන් වහන්සේ එය පැහැදිලි කරමින් ‘අච්ඡෙජ්ජි’ ආදිය වදාළහ. එහි අචෙඡ්ජජි තණ්හං ඉධනාම රූපෙති භගවා තණ්හාය සොතං දීඝරත්තානුසයිතං යනු මේ නාමරූපයන්හි කාමතණ්හාදි භේදයෙන් යුත් බොහෝකාලයක් ප්‍රහීණ නොවීම නිසා නිදාසිටින තණ්හාව නම් එයට ‘සොතං’ කියාද කියයි. බොහෝකාලයක් නිදාවැටුණු ‘සොත’ නම් වූ නාමරූපයන්හි ඇති තණ්හාව කප්පායනයන් වහන්සේ සිඳ දැම්මේය. ඉතිභගවා යනු සංගීතිකාරකයන්ගේ වචනයකි. අතරි ජාතිං මරණං අසෙසං හෙතෙම ඒ තණ්හාව සිඳදමා ඉතිරි ජාති මරණයන්ගෙන්ද එතරවිය. අනුපාදිසෙස පරිනිර්වාණය වීයැයි දක්වයි. ඉච්චබ්‍රවී භගවා පඤ්ච සෙට්ඨො යනු ආයුෂ්මත් වංගීස තෙරුන් විසින් විචාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ශ්‍රද්ධා ආදී ඉන්‍ද්‍රිය පසයෙන් හෝ අනන්‍ය සාධාරණ වූ චක්‍ෂුසසින් හෝ ශ්‍රේෂ්ඨය. එසේ නැත්නම් පඤ්ච සෙට්ඨො නම් ශීලාදී වූ ධර්ම ස්කන්ධයන්ගෙන් හෝ පංච හේතු සම්පදාවලින් ශ්‍රේෂ්ඨය. උත්තමය. ප්‍රවරය යන මෙයද සංගීතිකරුවන්ගේ වචනයි.

එවං වුත‍්තෙ භගවතො භාසිතං අභිනන්‍දමානසො ආයස‍්මා වඞ‍්ගීසො “එස සුත්‍වා”තිආදිකා ගාථායො ආහ. තත්‍ථ පඨමගාථායං න මං වඤ‍්චෙසීති යස‍්මා පරිනිබ‍්බුතො, තස‍්මා තස‍්ස පරිනිබ‍්බුතභාවං ඉච‍්ඡන‍්තං මං න වඤ‍්චෙසි, න විසංවාදෙසීති අත්‍ථො. සෙසං පාකටමෙව.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූ ආයුෂ්මත් වංගීස තෙරුන් වහන්සේ ‘ඵස්සුත්‍වා’ (මෙය අසා) ආදී ගාථාවන් කීය. එහි පළමු ගාථාවෙහි න මං වඤ්චෙසි යනු යම්හෙයකින් පිරිනිවියේද ඒ නිසා ඔහුගේ පිරිනිවන්පෑම බලාපොරොත්තු වන මා නොරවටන්න. විශ්වාස කළ නොහැකි දේ නොකියන්න. ඉතිරිය ප්‍රකටය.

දුතියගාථායං යස‍්මා මුත්‍යපෙඛො විහාසි, තස‍්මා තං සන්‍ධායාහ “යථා වාදී තථා කාරී, අහු බුද‍්ධස‍්ස සාවකො”ති. මච‍්චුනො ජාලං තත”න‍්ති තෙභූමකවට‍්ටෙ විත්‍ථතං මාරස‍්ස තණ‍්හාජාලං. මායාවිනොති බහුමායස‍්ස. “තථා මායාවිනො”තිපි කෙචි පඨන‍්ති, තෙසං යො අනෙකාහි මායාහි අනෙකක‍්ඛත‍්තුං භගවන‍්තං උපසඞ‍්කමි. තස‍්ස තථා මායාවිනොති අධිප‍්පායො.

දෙවෙනි ගාථාවෙහි යම්හෙයකින් පරිනිර්වාණය අපේක්‍ෂාවෙන් සිටියේය. ඒ නිසා ඒ පිළිබඳව කීය. යථාවාදී යථාකාරී අහු බුද්ධස්ස සාවකො බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ වනාහි යම්සේ කියයිද එපරිද්දෙන් කරන්නේ විය. මච්චුනො ජාලං තතං ත්‍රෛභූමික සසරෙහි විහිදුවා ඇති මාරයාගේ තණ්හා නමැති දැල, මායාවිනො බොහෝ මායා දන්නහුගේ තථා මායාවිනො කියාද සමහරු කියත්. ඔවුනතුරෙන් යමෙක් නොයෙක් මායාවලින් නොයෙක් වාරයක් පැමිණියහුගේ එබඳු මායාකාරයාගේ යන අදහසයි.

තතියගාථාය ආදින‍්ති මූලකාරණං. උපාදානස‍්සාති වට‍්ටස‍්ස. වට‍්ටං දළ‍්හෙහි කම‍්මකිලෙසෙහි උපාදාතබ‍්බට‍්ඨෙන “උපාදාන”න‍්ති වුත‍්තං. තස‍්ස උපාදානස‍්ස ආදිං අවිජ‍්ජාතණ‍්හාදිභෙදං කාරණං ඤාණචක‍්ඛුනා අද‍්දස. කප‍්පො කප‍්පියොති එවං වත‍්තුං වට‍්ටති භගවාති අධිප‍්පායෙන වදති. අච‍්චගා වතාති අතික‍්කන‍්තො වත. මච‍්චුධෙය්‍යන‍්ති මච‍්චු එත්‍ථ ධිය්‍යතීති මච‍්චුධෙය්‍යං, තෙභූමකවට‍්ටං සුදුත‍්තරං අච‍්චගා වතාති වෙදජාතො වදති.

තුන්වන ගාථාවෙහි ආදිං යනු මූලකාරණයයි. උපාදානස්ස යනු සසරට, සංසාරය දැඩි කර්ම ක්ලේශවලින් දැඩි ලෙස අල්ලාගෙන සිටින බැවින් උපාදානං යැයි කියන ලදී. ඒ උපාදානයාගේ මුල වූ අවිජ්ජා, තණ්හා ආදී ප්‍රභේද වූ කාරණය නුවණැසින් දුටුවේය. කප්ප තෙමේ කප්පියො නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන්නට වටීයැයි යන අදහසින් කියයි. අච්චගාවතා ඉක්ම ගියේය. මච්චුධෙය්‍යං මාරයා මෙහි අඩංගුය යන අර්ථයෙන් මච්චුධෙය්‍ය වේ, ත්‍රෛභූමික සසර. සුදුත්තරං අච්චගාවතා දැනගෙන කයයි.

ඉදානි සත්‍ථරි අත‍්තනො උපජ‍්ඣායෙ ච පසන‍්නමානසො පසන‍්නාකාරං විභාවෙන‍්තො “තං දෙවදෙව”න‍්ති ඔසානගාථමාහ. තත්‍ථ තං දෙවදෙවං වන්‍දාමීති සම‍්මුතිදෙවො, උපපත‍්තිදෙවො, විසුද‍්ධිදෙවොති තෙසං සබ‍්බෙසම‍්පි දෙවානං උත‍්තමදෙවතාය දෙවදෙවං ද‍්විපදුත‍්තම භගවා තං වන්‍දාමි. න කෙවලං තංයෙව, අථ ඛො තව සච‍්චාභිසම‍්බොධියා අනුධම‍්මජාතත‍්තා අනුජාතං, මාරවිජයෙන මහාවීරියතාය මහාවීරං, ආගුඅකරණාදිඅත්‍ථෙන නාගං තව උරෙ වායාමජනිතජාතිතාය ඔරසං පුත‍්තං නිග්‍රොධකප‍්පඤ‍්ච වන්‍දාමි.

දැන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ඒ තම ගුරුවරයා කෙරෙහි පැහැදී සිතැත්තේ පැහැදුණු ආකාරය සලකා බලන්නේ තං දෙවදෙවං යන අවසාන ගාථාව කීය. එහි තං දෙවදෙවං වන්‍දාමි යනු සම්මුති දෙව, උප්පත්තිදෙව, විසුද්ධිදෙව යන සියලුම දෙවිවරුන්ට වඩා උතුම් බැවින් දෙවදෙවං නම් වේ. ද්විපදුත්තම! භාග්‍යවතුන් වහන්ස! උන්වහන්සේට වඳිමි. හුදෙක් උන්වහන්සේ පමණක් නොවේ. ඉක්බිති ඔබවහන්සේගේ සත්‍යාවබෝධය සමග හටගත්තා වූ අනුජාතං මාර පරාජයෙන් හා මහා වීර්ය ඇති බැවින් මහාවීරං නම් වේ. වැරදි නොකරයි යන අර්ථයෙන් නාගං වේ. ඔබවහන්සේගේ හදවතෙහි උත්සාහය ජනිත වූ බැවින් ඔරසං පුත්තං ඖරස පුත්‍ර වූ නිග්‍රොධකප්ප තෙරුන්ද වඳිමි.

එවමෙතෙ සුභූතිආදයො වඞ‍්ගීසපරියොසානා ද‍්විසතං චතුසට‍්ඨි ච මහාථෙරා ඉධ පාළියං ආරූළ‍්හා, තෙ සබ‍්බෙ යථා සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාවකභාවෙන එකවිධා. තථා අසෙක‍්ඛභාවෙන, උක‍්ඛිත‍්තපලිඝතාය සංකිණ‍්ණපරික‍්ඛතාය, අබ‍්බුළ‍්හෙසිකතාය, නිරග‍්ගළතාය, පන‍්නද‍්ධජතාය, පන‍්නභාරතාය, විසංයුත‍්තතාය, දසසු අරියවාසෙසු වුට‍්ඨවාසතාය ච. තථා හි තෙ පඤ‍්චඞ‍්ගවිප‍්පහීනා, ඡළඞ‍්ගසමන‍්නාගතා, එකාරක‍්ඛා, චතුරාපස‍්සෙනා, පනුණ‍්ණපච‍්චෙකසච‍්චා, සමවයසට‍්ඨෙසනා, අනාවිලසඞ‍්කප‍්පා, පස‍්සද‍්ධකායසඞ‍්ඛාරා, සුවිමුත‍්තචිත‍්තා, සුවිමුත‍්තපඤ‍්ඤා ච (අ· නි· 10.19). ඉති එවමාදිනා නයෙන එකවිධා.

මෙසේ මේ සුභූති තෙරුන් ආදිකොට වංගීස තෙරුන් අවසන්කොට දෙසිය හැටහතරක් මහතෙරවරුන් මෙහි පෙළට අඩංගු වෙයි. ඒ සියල්ලෝම යම්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පරීක්‍ෂාවෙන් මතුවී ආ කැමැත්ත ඇති බැවින්, නිදහස් බැවින්, සටන් අවසන් බැවින් යනාදී නම්නතාවයන්ගෙන් ඒකාකාරය. එසේම අසේක බැවින් (හික්මවිය යුතු නොවන) ද ඉවත්කරන ලද බාධා ඇති, සංකීර්ණ වූ වගකීම් ඇති බවය. ලෝකයේ සියළුම දේවලින් වෙන්වූ බවය. දස ආර්යවාසවල වාසය කිරීමේ වාසනා ගුණයෙනුත් එසේම ඔවුහු අංග පසකින් තොරය. අංග සයකින් සමන්විතය. එකම ආරක්‍ෂාවය. චතුර්විධ ආපස්සනාවෙන් අවබෝධ වූ සත්‍යයන් නොකැඩුනු සිතිවිලිවලින් සංසුන් කාය සංඛාරවලින්, නිදහස් සිත් ඇති, නිදහස් ප්‍රඥාව ඇති මෙසේ මේ ආදී නයෙන එකවිධා ක්‍රමයෙන් එක්බඳුය.

එහිභික‍්ඛුභාවෙන උපසම‍්පන‍්නා, න එහිභික‍්ඛුභාවෙන උපසම‍්පන‍්නාති දුවිධා. තත්‍ථ අඤ‍්ඤාසි කොණ‍්ඩඤ‍්ඤප‍්පමුඛා පඤ‍්චවග‍්ගියත්‍ථෙරා, යසත්‍ථෙරො, තස‍්ස සහායභූතා විමලො සුබාහු පුණ‍්ණජි ගවම‍්පතීති චත‍්තාරො, අපරෙපි තස‍්ස සහායභූතා පඤ‍්චපඤ‍්ඤාස, තිංස භද‍්දවග‍්ගියා, උරුවෙලකස‍්සපප‍්පමුඛා සහස‍්සපුරාණජටිලා, ද‍්වෙ අග‍්ගසාවකා, තෙසං පරිවාරභූතා අඩ‍්ඪතෙරසසතා පරිබ‍්බාජකා, චොරො අඞ‍්ගුලිමාලත්‍ථෙරොති සබ‍්බෙ සහස‍්සං පඤ‍්ඤාසාධිකානි තීණි සතානි ච හොන‍්ති. තෙනෙතං වුච‍්චති –

එහිභික්‍ෂුභාවයෙන් උපසපන් වූ එහිභික්‍ෂුභාවය නොමැතිව උපසපන් වූ යනුවෙන් දෙයාකාරය. එහි අඤ්ඤාතකොණ්ඩඤ්ඤ අඤ්ඤාතකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ පස්වග තෙරුන්, යසත්‍ථෙරො යස තෙරුන්, ඔහුට උදව් වූ විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යැයි සතරදෙනෙක් ඔහුට පිහිට වූ අනිකුත් තිංසවග්ගිය පනස්දෙනා, උරුවෙලකස්සප උරුවෙලකස්සප ප්‍රමුඛ දහසක් පැරණි ජටිලයෝ ද්වෙ අග්ගසාවකා අගසව් දෙදෙනා වහන්සේ ඔවුන්ගේ පිරිවර වූ දෙසිය පනහක් වූ පරිබ්‍රාජකයෝ, සොර අංගුලිමාලත්‍ථෙරො අංගුලිමාල තෙර, යන සියල්ලෝ එක්දහස් තුන්සිය පනහක් වෙත්. ඒ නිසා මෙසේ කියයි.

“සතත‍්තයං සහස‍්සඤ‍්ච, පඤ‍්ඤාසඤ‍්ච පුනාපරෙ; එතෙ ථෙරා මහාපඤ‍්ඤා, සබ‍්බෙව එහිභික‍්ඛුකා”ති.

එක්දහස් තුන්සිය පනහක් වූ මේ මහාප්‍රාඥ වූ තෙරවරු සියල්ලෝම එහිභික්‍ෂුභාවයෙන් පැවිදි වූවෝ වෙත්.

න කෙවලඤ‍්ච එතෙ එව, අථ ඛො අඤ‍්ඤෙපි බහූ සන‍්ති. සෙය්‍යථිදං – සෙලො බ්‍රාහ‍්මණො, තස‍්ස අන‍්තෙවාසිකභූතා තිසතබ්‍රාහ‍්මණා, මහාකප‍්පිනො, තස‍්ස පරිවාරභූතං පුරිසසහස‍්සං, සුද‍්ධොදනමහාරාජෙන පෙසිතා කපිලවත්‍ථුවාසිනො දසසහස‍්සපුරිසා, මහාබාවරියබ්‍රාහ‍්මණස‍්ස අන‍්තෙවාසිකභූතා අජිතාදයො සොළස සහස‍්සපරිමාණාති. එවං වුත‍්තතො අඤ‍්ඤෙ න එහිභික‍්ඛුභාවෙන උපසම‍්පදා, තෙ පන සරණගමනූපසම‍්පදා, ඔවාදපටිග‍්ගහණූපසම‍්පදා, පඤ‍්හාබ්‍යාකරණූපසම‍්පදා, ඤත‍්තිචතුත්‍ථකම‍්මූපසම‍්පදාති ඉමෙහි චතූහි ආකාරෙහි ලද‍්ධූපසම‍්පදා. ආදිතො හි එහිභික‍්ඛුභාවූපගතා ථෙරා, තෙසං භගවා පබ‍්බජ‍්ජං විය තීහි සරණගමනෙහෙව උපසම‍්පදම‍්පි අනුඤ‍්ඤාසි, අයං සරණගමනූපසම‍්පදා. යා පන –

හුදෙක් මොවුහු පමණක් නොවෙත්. අනික් බොහෝදෙන ද වෙත්. ඒ මෙසේය. සෙලො සෙල බ්‍රාහ්මණයා හා ඔහුගේ අතවැසි වූ තුන්සියයක් බ්‍රාහ්මණයෝ මහාකප්පිනො මහාකප්පින හා ඔහුගේ පිරිවර වූ දහසක් පුරුෂයෝ සුද්ධොදන සුද්ධොදන මහරජතුමා විසින් යවන ලද කපිලවත්‍ථු කපිලවත්‍ථු වාසී දසදහසක් පුරුෂයෝ, බාවරිය බාවරිය බමුණාගේ අතවැසි වූ අජිතාදයො අජිත වූ දොළොස්දහසක් පමණ වෙති. කියන ලද අය හැර අන්කෙනෙක් එහිභික්‍ඛුභාවයෙන් උපසම්පදාව ලැබුයේ නැත. ඔවුහු වනාහි සරණාගමන උපසම්පදාව, අවවාද පිළිගැනීමෙන් ලබන උපසම්පදාව, ප්‍රශ්න විසඳීමේ දක්‍ෂතාවයෙන් ලබාගන්නා උපසම්පදා ඤත්තිය සතරවැනිකොට සිදුකරන උපසම්පදාව යන මේ සිව්ආකාරයෙන් ලබන ලද උපසම්පදාය. මුලදී වනාහි එහිභික්‍ෂුභාවයට පැමිණි තෙරවරුය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පැවිද්ද මෙන් තිසරණ සමාදානයෙන්ම උපසම්පදාවද අනුදැන වදාළේය. මේ සරණගමන උපසම්පදාවයි.

“තස‍්මාතිහ තෙ, කස‍්සප, එවං සික‍්ඛිතබ‍්බං – ‘තිබ‍්බං මෙ හිරොත‍්තප‍්පං, පච‍්චුපට‍්ඨිතං භවිස‍්සති ථෙරෙසු නවෙසු මජ‍්ඣිමෙසූ’ති, එවං හි තෙ, කස‍්සප, සික‍්ඛිතබ‍්බං. තස‍්මාතිහ තෙ, කස‍්සප, එවං සික‍්ඛිතබ‍්බං – ‘යංකිඤ‍්චි ධම‍්මං සුණිස‍්සාමි කුසලූපසංහිතං, සබ‍්බං තං අට‍්ඨිං කත්‍වා මනසි කරිත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතො ධම‍්මං සුණිස‍්සාමී’ති, එවඤ‍්හි තෙ, කස‍්සප, සික‍්ඛිතබ‍්බං. තස‍්මාතිහ තෙ, කස‍්සප, එවං සික‍්ඛිතබ‍්බං – ‘සාතසහගතා ච මෙ කායගතා සති න විජහිස‍්සතී’ති, එවඤ‍්හි තෙ, කස‍්සප, සික‍්ඛිතබ‍්බ”න‍්ති (සං· නි· 2.154).

යමක් වනාහි, කස්සප! ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. තෙරවරුන් කෙරෙහිද නවකයන් කෙරෙහිද මජ්ඣිමයන් කෙරෙහිද තදින්ම හිරිඔතප් දෙක පිහිටිය යුතු වන්නේය. මෙසේද කස්සප! හික්මිය යුතුයි. ඒ නිසා කස්සප මෙසේ හික්මිය යුතුයි. යම්කිසි කුසල් හා සම්බන්ධ කිසියම් ධර්මයක් අසන්නෙම්ද ඒ සියල්ල කෙරෙහි අවධානය යොමුකර මෙනෙහිකර මුළු සිතින් එහි සිත යොදවා කන්යොමා ධර්මය අසන්නෙමි. කස්සප! මෙසේ හික්මිය යුතුය. විශ්වසනීය ලෙස වාග් කායගතාසතිය අත් නොහරින්නේය කියා. කස්සපය! මෙසේ හික්මිය යුතුයි.

ඉමස‍්ස ඔවාදස‍්ස පටිග‍්ගහණෙන මහාකස‍්සපත්‍ථෙරස‍්ස අනුඤ‍්ඤාතඋපසම‍්පදා, අයං ඔවාදපටිග‍්ගහණූපසම‍්පදා නාම. යා පුබ‍්බාරාමෙ චඞ‍්කමන‍්තෙන භගවතා “උද‍්ධුමාතකසඤ‍්ඤාති වා සොපාක ‘රූපසඤ‍්ඤා’ති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාබ්‍යඤ‍්ජනා, උදාහු එකත්‍ථා බ්‍යඤ‍්ජනමෙව නාන”න‍්තිආදිනා අසුභනිස‍්සිතෙසු පඤ‍්හෙසු පුච‍්ඡිතෙසු භගවන‍්තං උපසඞ‍්කමන‍්තෙන සත‍්තවස‍්සිකෙන සොපාකසාමණෙරෙන “උද‍්ධුමාතකසඤ‍්ඤාති වා භගවා ‘රූපසඤ‍්ඤා’ති වා ඉමෙ ධම‍්මා එකත්‍ථා, බ්‍යඤ‍්ජනමෙව නාන”න‍්තිආදිනා විස‍්සජ‍්ජිතෙසු “ඉමිනා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සද‍්ධිං සංසන්‍දිත්‍වා ඉමෙ පඤ‍්හා බ්‍යාකතා”ති ආරද‍්ධචිත‍්තෙන භගවතා අනුඤ‍්ඤාතඋපසම‍්පදා. අයං පඤ‍්හාබ්‍යාකරණූපසම‍්පදා නාම. ඤත‍්තිචතුත්‍ථකම‍්මූපසම‍්පදා පාකටාව.

මේ අවවාදය පිළිගැනීමෙන් මහා කස්සප තෙරුන්ගේ අනුමත උපසම්පදාවය. මේ අවවාද පිළිගැනීම සමග දෙන උපසම්පදාවයි. යම්විටක භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාමයේ සක්මන් කරද්දී සෝපාකය! උද්ධුමාතක සඤ්ඤාවද? නැතහොත් රූප සඤ්ඤාවද, මේ ධර්මයෝ විවිධය. නොයෙක් අංගවලින් යුක්තය. නැතහොත් එකක්ය. කොටස් වශයෙන් විවිධය. ආදී ක්‍රමයට අසුභ නිමිති පිළිබඳව ප්‍රශ්න විචාළ කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන වර්ෂ හතක් වයසැති සොපාක සාමණේරයන් විසින්, භාග්‍යවතුන් වහන්ස! උද්ධුමාතක සඤ්ඤාවෙන් හෝ රූප සඤ්ඤාවෙන් හෝ මේ ධර්මයෝ එක් අර්ථයකි. කොටස් ලෙස විවිධය. යනාදි ලෙසට විසඳූ කල්හි මේ සර්වඥතාඥානය සමග සසඳා මේ ප්‍රශ්න විසඳන ලදි. සතුටු සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන උපසම්පදාවයි. මේ ප්‍රශ්න විසඳීමෙන් දෙනු ලබන උපසම්පදාවයි. ඤත්තිය සිව්වෙනි කොට තබා දෙන උපසම්පදාව ප්‍රකටය.

යථා එහිභික‍්ඛුභාවෙන උපසම‍්පදා, න එහිභික‍්ඛුභාවෙන උපසම‍්පදාති දුවිධා, එවං සම‍්මුඛාපරම‍්මුඛාභෙදතොපි දුවිධා. යෙ හි සත්‍ථු ධරමානකාලෙ අරියාය ජාතියා ජාතා, තෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤාදයො සම‍්මුඛසාවකා නාම. යෙ පන භගවතො පරිනිබ‍්බානතො පච‍්ඡා අධිගතවිසෙසා, තෙ සතිපි සත්‍ථු ධම‍්මසරීරස‍්ස පච‍්චක‍්ඛභාවෙ සත්‍ථු සරීරස‍්ස අපච‍්චක‍්ඛභාවතො පරම‍්මුඛසාවකා නාම.

ඒහිභික්‍ඛුභාව උපසම්පදාව හා එසේ නොවන උපසම්පදාව යැයි ප්‍රභේද දෙකකි. අභිමුඛයේ හා අනභිමුඛයේ යැයිද ප්‍රභේද දෙකකි. යම් ඒ ශාස්තෲන් වහන්සේ ජීවමාන කල්හි ආර්ය ජාතියෙන් උපන්නා වූ ඒ අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ආදීහු සම්මුඛ ශ්‍රාවකයෝ නම් වෙත්. යමෙක් වනාහි බුදුන් පිරිනිවීමෙන් පසුව අවබෝධ කරගත් මාර්ගඵල ඇතත් බුදුන්ගේ ධර්ම ශරීරය ප්‍රත්‍යක්‍ෂයේ ඇතත් බුද්ධ ශරීරය නුදුටු බැවින් පරම්මුඛ (අනභිමුඛ) ශ්‍රාවකයෝ නම් වෙති.

තථා උභතොභාගවිමුත‍්තපඤ‍්ඤාවිමුත‍්තතාවසෙන, ඉධ පාළියං ආගතා පන උභතොභාගවිමුත‍්තා එවාති වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං අපදානෙ (අප· ථෙර 2.55.142) –

එසේම උභතොභොග විමුත්ත (දෙපසින් මිදුණු) පඤ්ඤා විමුත්ත (ප්‍රඥාව නිසා මිදුණු) යනුවෙන්ද ප්‍රභේද දෙකකි. මෙහි පෙළෙහි සඳහන් ඇත්තන් වනාහි උභතොභොග විමුක්ත අය ලෙස දතයුතුයි. අපදානයෙහි මෙය කියන ලදී.

“විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා”ති.

විමොක්‍ඛාපිච අට්ඨිමෙ ජළභිඤ්ඤා සච්ඡිකතා යනුවෙනි.

තථා සාපදානානපදානභෙදතො, යෙසඤ‍්හි පුරිමෙසු සම‍්මාසම‍්බුද‍්ධෙසු පච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකෙසුපි පුඤ‍්ඤකිරියාවසෙන පවත‍්තිතං සාවකපාරමිතාසඞ‍්ඛාතං අත්‍ථි අපදානං, තෙ සාපදානා, සෙය්‍යථාපි අපදානපාළියං ආගතා ථෙරා. යෙසං පන තං නත්‍ථි, තෙ අනපදානා.

එපරිද්දෙන් සාපදාන අනපදාන භේදයෙන්ද යුක්තය. පෙර බුදුවරයන්, පසේ බුදුවරයන් වහන්සේලා හා ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පින්කිරීම් වශයෙන් පැවති ශ්‍රාවක පාරමිතා සංඛ්‍යාත අපදානයක් ඇත. ඔවුහු සාපදාන නම් වෙති. යම්සේ වනාහි අපදාන පාලියෙහි සඳහන් තෙරවරු මෙනි. යමෙක්හට එය නැත්තේද ඔවුහු අනපදාන නම් වෙති.

කිං පන සබ‍්බෙන සබ‍්බං පුබ‍්බහෙතුසම‍්පත‍්තියා විනා සච‍්චාභිසම‍්බොධො සම‍්භවතීති? න සම‍්භවති. න හි උපනිස‍්සයසම‍්පත‍්තිරහිතස‍්ස අරියමග‍්ගාධිගමො අත්‍ථි, තස‍්ස සුදුක‍්කරදුරභිසම‍්භවසභාවතො. යථාහ “තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො දුක‍්කරතරං වා දුරභිසම‍්භවතරං වා”තිආදි (සං· නි· 5.1115). යදි එවං කස‍්මා වුත‍්තං – “යෙසං පන තං නත්‍ථි, තෙ අනපදානා”ති? නයිදමෙවං දට‍්ඨබ‍්බං “යෙ සබ‍්බෙන සබ‍්බං උපනිස‍්සයසම‍්පත‍්තිරහිතා, තෙ අනපදානා”ති තාදිසානං ඉධ අනධිප‍්පෙතත‍්තා. යෙසං පන අතිඋක‍්කංසගතං අපදානං නත්‍ථි, තෙ ඉධ “අනපදානා”ති වුත‍්තා, න සබ‍්බෙන සබ‍්බං උපනිස‍්සයරහිතායෙව . තථා හි ඉමෙ සත‍්තා බුද‍්ධුප‍්පාදෙසු අච‍්ඡරියාචින‍්තෙය්‍යගුණවිභූතිවිත්‍ථතං බුද‍්ධානං ආනුභාවං පස‍්සන‍්තා චතුප‍්පමාණිකස‍්ස ලොකස‍්ස සබ‍්බථාපි පසාදාවහත‍්තා සත්‍ථරි සද‍්ධං පටිලභන‍්ති. තථා සද‍්ධම‍්මස‍්සවනෙන, සාවකානං සම‍්මාපටිපත‍්තිදස‍්සනෙන, කදාචි මහාබොධිසත‍්තානං සම‍්මාසම‍්බොධියා චිත‍්තාභිනීහාරදස‍්සනෙන, තෙසං සන‍්තිකෙ ඔවාදානුසාසනපටිලාභෙන ච සද‍්ධම‍්මෙ සද‍්ධං පටිලභන‍්ති, තෙ තත්‍ථ පටිලද‍්ධසද‍්ධා යදිපි සංසාරෙ නිබ‍්බානෙ ච ආදීනවානිසංසෙ පස‍්සන‍්ති, මහාරජක‍්ඛතාය පන යොගක‍්ඛෙමං අනභිසම‍්භුනන‍්තා අන‍්තරන‍්තරා විවට‍්ටූපනිස‍්සයං කුසලබීජං අත‍්තනො සන‍්තානෙ රොපෙන‍්තියෙව සප‍්පුරිසූපනිස‍්සයස‍්ස බහූකාරභාවතො. තෙනාහ (බු· වං· 2.72-74) –

කිම වනාහි සියල්ලෙන් සියල්ල පෙර හේතුවාසනා හේතුවෙන් මිස සත්‍යය අවබෝධයක් ඇතිවන්නේද? ඇති නොවේ. උපනිශ්‍රය සම්පත්තියක් නැත්තහුට ආර්යමාර්ග අවබෝධයක් සිදුනොවේ. එය අතිශයින් දුෂ්කර ලඟාවිය නොහැක්කක් බැවිනි. මෙසේ කියා ඇත. මහණෙනි! කුමක් හඟින්නහුද? කවරක් නම් අතිශයින් දුෂ්කරද? ලඟාවීමට අපහසුද යනාදී ලෙස. ඉදින් කුමක් නිසා මෙසේ කියන ලදද? යමකුට වනාහි එය නැද්ද ඔවුහු අනපදාන නම් වෙතිද? මෙය මෙසේ නොදත යුතුයි. ‘යමෙක් වනාහි සම්පූර්ණයෙන් උපනිශ්‍රය සම්පත්තියෙන් තොරද ඔවුහු අනපදානා’ නම් වෙති. එබඳු අය මෙහිදී අදහස් නොකෙරේ. යම්කෙනෙකුට වනාහි අතිශයින් උසස් තත්ත්වයට ගිය අපදානයක් නැද්ද ඔවුහු මෙහි අනපදානා යැයි කියති. සර්වප්‍රකාරයෙන්ම උපනිශ්‍රය රහිතයෝම නොවෙත්. එසේම මේ සත්ත්වයෝ බුද්ධෝත්පාදයක ආශ්චර්ය වූ නොසිතිය හැකි වූ ගුණ සමුදාය විසිරීගිය බුදුවරුන්ගේ ආනුභාව දකින්නාහු ලෝකයේ හතරෙන් කොටසක් පමණ සැමදාම පැහැදෙන්නාහු බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ලබත්. එසේම බණ ඇසීමෙන් ශ්‍රාවකයන්ගේ මනා ප්‍රතිපත්ති දැකීමෙන් කවදා හෝ මහාබෝධි සත්ත්වයින් සම්මා සම්බෝධිය සඳහා විවරණ ගැනීමෙන් දැකීමෙන් ඔවුන්ගේ සමීපයෙහි අවවාද අනුශාසනා ලැබීමෙන් සද්ධර්මයෙහි ශ්‍රද්ධාවක් උපදවා ගනිත්. ඔවුහු එහි ලබන ලද ශ්‍රද්ධාව ඉදින් සසරේ හා නිවනේ ආදිනව ආනිශංස දකිත්. මහාරජස් ඇති බැවින්ද නිර්වාණය අවබෝධ නොකළ බැවින්ද අතරින් පතර සසරට පිහිටවන කුසල බීජයක් තම සන්තානයෙහි වගාකර ගනිත්. සප්පුරිසයන් ලැබීමේ වාසනාව නිසා ඒ නිසා කියන ලදී.

“යදිමස‍්ස ලොකනාථස‍්ස, විරජ‍්ඣිස‍්සාම සාසනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

ඉදින් මේ භාග්‍යවතුන් වහන්සේගේ සසුන නොලැබී ගියහොත් අනාගතයෙහි උන්වහන්සේ ඉදිරියෙහි හෙන්නෙමු.

“යථා මනුස‍්සා නදිං තරන‍්තා, පටිතිත්‍ථං විරජ‍්ඣිය; හෙට‍්ඨාතිත්‍ථෙ ගහෙත්‍වාන, උත‍්තරන‍්ති මහානදිං.

යම්සේ මිනිස්සු ගඟකින් එතෙරවන්නාහු අනිත් ඉවුරේ ඇති තොටුපල අත්හැර පහළ ඇති තොටුපලක් ගෙන මහානදිය තරණය කරත්.

“එවමෙව මයං සබ‍්බෙ, යදි මුඤ‍්චාමිමං ජිනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉම”න‍්ති.

එපරිද්දෙන් අපි සැවොම ඉදින් මේ බුදුන්වහන්සේ මගහරින්නෙමු නම් අනාගතයෙහි උන්වහන්සේගේ පාලඟ වැටෙන්නෙමු.

එවං විවට‍්ටං උද‍්දිස‍්ස උප‍්පාදිතකුසලචිත‍්තං සතසහස‍්සාධිකචතුඅසඞ‍්ඛ්‍යෙය්‍යකාලන‍්තරෙ විමොක‍්ඛාධිගමස‍්ස උපනිස‍්සයො න හොතීති න සක‍්කා වත‍්තුං. පගෙව පත්‍ථනාවසෙන අධිකාරං කත්‍වා පවත‍්තිතං. එවං දුවිධාපෙතෙ.

මෙසේ නිවන සඳහා උපන් කුසල් සිත සතසහශ්‍රයක් අධික කොට ඇති අසංඛ්‍ය සතරක් කාලයාගේ අතරෙහි නිර්වාණ අධිගමය සඳහා වාසනා මහිමයක් නැත්තේයැයි කිව නොහැක. පළමුව ප්‍රාර්ථනා වශයෙන් අධිෂ්ඨාන තබාගත යුතුයි.

අග‍්ගසාවකා, මහාසාවකා, පකතිසාවකාති තිවිධා. තෙසු ආයස‍්මා අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤො, වප‍්පො, භද‍්දියො, මහානාමො, අස‍්සජි, නාලකො, යසො, විමලො, සුබාහු, පුණ‍්ණජි, ගවම‍්පති, උරුවෙලකස‍්සපො, නදීකස‍්සපො, ගයාකස‍්සපො, සාරිපුත‍්තො, මහාමොග‍්ගල‍්ලානො, මහාකස‍්සපො, මහාකච‍්චායනො, මහාකොට‍්ඨිකො, මහාකප‍්පිනො, මහාචුන්‍දො, අනුරුද‍්ධො, කඞ‍්ඛාරෙවතො, ආනන්‍දො, නන්‍දකො, භගු, නන්‍දො, කිමිලො, භද‍්දියො, රාහුලො, සීවලි, උපාලි , දබ‍්බො, උපසෙනො, ඛදිරවනියරෙවතො, පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො, පුණ‍්ණො සුනාපරන‍්තකො, සොණො කුටිකණ‍්ණො, සොණො කොළිවීසො, රාධො, සුභූති, අඞ‍්ගුලිමාලො, වක‍්කලි, කාළුදායී, මහාඋදායී, පිලින්‍දවච‍්ඡො, සොභිතො, කුමාරකස‍්සපො, රට‍්ඨපාලො , වඞ‍්ගීසො, සභියො, සෙලො, උපවානො, මෙඝියො, සාගතො, නාගිතො, ලකුණ‍්ඩකභද‍්දියො, පිණ‍්ඩොලභාරද‍්වාජො, මහාපන්‍ථකො, චූළපන්‍ථකො, බාකුලො, කුණ‍්ඩධානො, දාරුචීරියො, යසොජො, අජිතො, තිස‍්සමෙත‍්තෙය්‍යො, පුණ‍්ණකො, මෙත‍්තගූ, ධොතකො, උපසිවො, නන්‍දො, හෙමකො, තොදෙය්‍යො, කප‍්පො, ජතුකණ‍්ණි, භද්‍රාවුධො, උදයො, පොසාලො, මොඝරාජා, පිඞ‍්ගියොති එතෙ අසීතිමහාසාවකා නාම.

මෙපරිද්දෙන් මේ අග්‍රශ්‍රාවක දෙනමත්, මහා ශ්‍රාවකයනුත්, ප්‍රකෘති ශ්‍රාවකයනුත් යනුවෙන් තුන් ආකාරය. ඔවුන් අතුරෙන් ආයුෂ්මත් අඤ්ඤාත කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී, නාළක-යස, විමල-සුබාහු, පුණ්ණජි, ගවම්පති, උරුවෙල කස්සප, නදීකස්සප, ගයාකස්සප, සාරිපුත්ත, මහාමොග්ගල්ලාන, මහාකස්සප, මහාකච්චායන, මහාකොට්ඨිත, මහාකප්පින, මහාචුන්‍ද, අනුරුද්ධ, කංඛාරෙවත, ආනන්‍ද, නන්‍දක, භගු, නන්‍ද, කිම්බිල, භද්දිය, රාහුල, සීවලි, උපාලි, දබ්බ, උපසෙන, ඛදිරවනියරෙවත, පුණෙණාමන්තානිපුත්ත, පුණෙණාසුනාපරන්ත, සොණකුටිකණ්ණ, සොණකොළීවීස, රාධ සුභූති, අංගුලිමාල, වක්කලී, කාළුදායී, මහාඋදායී, පිලින්‍දිවච්ඡ, සොභිත, කුමාරකස්සප, රට්ඨපාල, වංගීස, සභිය, සෙල, උපවාණ, මෙඝිය, සාගත, නාගිත, ලකුණ්ටකභද්දිය, පිණ්ඩොලභාරද්වාජ, මහාපන්‍ථක, චූලපන්‍ථක, බක්කුල, කොණ්ඩධාන, දාරුචීරිය, යසොජ, අජිත, තිස්සමෙත්තෙය්‍ය, පුණ්ණක, මෙත්තගු, ධොතක, උපසීව, නන්‍ද, හෙමක, තොදෙය්‍ය, කප්ප, චතුකණ්ණි, භද්‍රාවුධ, උදය, පොසාල, මොඝරාජ, පිංගිය යන අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාය.

කස‍්මා පන තෙ එව ථෙරා “මහාසාවකා”ති වුච‍්චන‍්තීති? අභිනීහාරස‍්ස මහන‍්තභාවතො. තථා හි ද‍්වෙ අග‍්ගසාවකාපි මහාසාවකෙසු අන‍්තොගධා. තෙ හි සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකප‍්පත‍්තියා සාවකෙසු අග‍්ගධම‍්මාධිගමෙන අග‍්ගට‍්ඨානෙ ඨිතාපි අභිනීහාරමහන‍්තතාසාමඤ‍්ඤෙන “මහාසාවකා”තිපි වුච‍්චන‍්ති. ඉතරෙ පන පකතිසාවකෙහි සාතිසයමහාභිනීහාරා. තථා හි තෙ පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කතපණිධානා. තතො එව සාතිසයං අභිඤ‍්ඤාසමාපත‍්තීසු වසිනො පභින‍්නපටිසම‍්භිදා ච. කාමං සබ‍්බෙපි අරහන‍්තො සීලවිසුද‍්ධිආදිකෙ සම‍්පාදෙත්‍වා චතූසු සතිපට‍්ඨානෙසු පතිට‍්ඨිතචිත‍්තා සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා මග‍්ගපටිපාටියා අනවසෙසතො කිලෙසෙ ඛෙපෙත්‍වා අග‍්ගඵලෙ පතිට‍්ඨහන‍්ති, තථාපි යථා සද‍්ධාවිමුත‍්තතො දිට‍්ඨිප‍්පත‍්තස‍්ස, පඤ‍්ඤාවිමුත‍්තතො ච උභතොභාගවිමුත‍්තස‍්ස පුබ‍්බභාගභාවනාවිසෙසො අද‍්ධා ඉච‍්ඡිතො විසෙසො, එවං අභිනීහාරමහන‍්තතාපුබ‍්බයොගමහන‍්තතාහි අත‍්තසන‍්තානෙ සාතිසයගුණවිසෙසස‍්ස නිප‍්ඵාදිතත‍්තා සීලාදිගුණෙහි මහන‍්තා සාවකාති මහාසාවකා. තෙසුයෙව පන යෙ බොධිපක‍්ඛියධම‍්මෙසු පාමොක‍්ඛභාවෙන ධුරභූතානං සම‍්මාදිට‍්ඨිසම‍්මාසමාධීනං සාතිසයකිච‍්චන‍්තරභාවනිප‍්ඵත‍්තියා කාරණභූතාය තජ‍්ජාභිනීහාරාභිනිහතාය සක‍්කච‍්චං නිරන‍්තරං චිරකාලං සමාහිතාය සම‍්මාපටිපත‍්තියා යථාක‍්කමං පඤ‍්ඤාය සමාධිස‍්මිඤ‍්ච උක‍්කංසපාරමිප‍්පත‍්තියා සවිසෙසං සබ‍්බගුණෙහි අග‍්ගභාවෙ ඨිතා. තෙ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා සතිපි මහාසාවකත‍්තෙ සාවකපාරමියා මත්‍ථකෙ සබ‍්බසාවකානං අග‍්ගභාවෙ ඨිතත‍්තා අභිනීහාරමහන‍්තභාවතො, පුබ‍්බයොගමහන‍්තභාවතො ච “අග‍්ගසාවකා”ඉච‍්චෙව වුච‍්චන‍්ති. යෙ පන අරියසාවකා අග‍්ගසාවකා විය ච මහාසාවකා විය ච න පරිමිතාව, අථ ඛො අනෙකසතා අනෙකසහස‍්සා, තෙ පකතිසාවකා. ඉධ පාළියං ආරූළ‍්හා පන පරිමිතාව ගාථාවසෙන පරිග‍්ගහිතත‍්තා. තථාපි මහාසාවකෙසුපි කෙචි ඉධ පාළියං නාරූළ‍්හා.

කුමක් නිසා මේ රහතන් වහන්සේලාට පමණක් මහාශ්‍රාවකයැයි කියත්ද? ප්‍රාර්ථනාවේ මහත් බව අනුවය. ඒ නිසාම අග්‍රශ්‍රාවක දෙනමද මහාශ්‍රාවක කොටසට අඩංගු වෙති. උන්වහන්සේලා වනාහි ශ්‍රාවක පාරමීඥානය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රාවකයන් අතර අග්‍ර වූ ධර්මයන් අවබෝධ කරගැනීමෙන් අග්‍රස්ථානයෙහි සිටියා වූද ප්‍රාර්ථනාවන්ගේ මහත්බව සමාන හේතුවෙන් මහා ශ්‍රාවකයෝ යැයි කියති. ප්‍රකෘති ශ්‍රාවකයන්ගෙන් ඉතිරි අය වනාහි කරන ලද මහත්වූ ප්‍රාර්ථනා ඇත්තේය. එසේ උන්වහන්සේලා පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තාහු එයින්ම විශේෂ වශයෙන් අභිඤ්ඤා සමාපත්තිවල වශීප්‍රාප්ත වූවහුගේ විවිධ වූ පටිසම්භිදාවද සියළුම රහතන් වහන්සේලා සීල විශුද්ධි ආදිය සපයා සතර සතිපට්ඨානයන්හි පිහිටි සිත් ඇත්තාහු සප්ත බොජ්ඣංගයන් ඇති පරිදි වඩා මාර්ග පිළිවෙලින් සම්පූර්ණයෙන් කෙලෙස් ක්‍ෂය කර අග්‍රඵලයෙහි පිහිටත්. එසේම යම්සේ ශ්‍රද්ධාවෙන් තොරව දිට්ඨින්ට පත්වූවහුගේ ප්‍රඥාවෙන් තොර බැවින්ද දෙපාර්ශ්වයෙන්ම මිදුනහුගේ පූර්වභාග භාවනා විශේෂය ඒකාන්තයෙන් බලාපොරොත්තුවීම විශේෂයි. මෙසේ විවරණයේ මහත් බැවින්ද පූර්වයෝග මහත් බැවින්ද තමන්ගේ සන්තානයෙහි අතිශය ගුණ විශේෂයක් නිෂ්පාදනය කළ බැවින්ද සීලාදි ගුණයන්ගේ මහත්බව නිසාද මහා ශ්‍රාවක යැයි කියති. ඔවුන් අතර යම් ඒ කෙනෙක් බෝධිපාක්‍ෂික ධර්මයන්හි ප්‍රමුඛභාවයෙන් ධුරබවට පත්වූ සම්මාදිට්ඨි හා සම්මා සමාධීන්ගේ අතිශය කෘත්‍යභාව නිෂ්පත්තිය සඳහා කාරණ වූ විවරණය බර බැවින් මනාව බොහෝ කලක් නිරන්තරයෙන් තැන්පත් වූ මනා ප්‍රතිපත්තියෙන් පිළිවෙලින් ප්‍රඥාවෙහිද සමාධියෙහිද උසස්ම තත්ත්වයට පත්වීම නිසා සුවිශේෂී සියළු ගුණයන්හි අග්‍රභාවයෙහි පිහිටි. ඒ සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා ඇති කල්හිද මහා ශ්‍රාවක බවෙහි ශ්‍රාවක පාරමිතාවන්ගේ මතුයෙහි සියළු ශ්‍රාවකයන්ට අග්‍රස්ථානයේ සිටි බැවින්, විවරණයේ මහත් බැවින්ද පූර්වයෝග මහත් බැවින්ද අග්‍රශ්‍රාවකයැයි කියත්. යම් ඒ ආර්යශ්‍රාවකයෝ වනාහි අග්‍ර ශ්‍රාවකයන් මෙන්ද මහාශ්‍රාවකයන් මෙන් සීමාවක් නැති බැවින්ද ඉක්බිති නොයෙක් සියදහස් ගණන් වූ ඒ ප්‍රකෘති ශ්‍රාවකයෝ වෙති. මේ පෙළෙහි ඇතුළත් අය වනාහි ගාථා වශයෙන් අඩංගු කළ බැවින් සීමාවක් සහිතය. එසේ නමුත් මහාශ්‍රාවකයන්ගෙනුත් ඇතැමෙක් මේ පෙළෙහි අඩංගු නැත.

එවං තිවිධාපි තෙ අනිමිත‍්තවිමොක‍්ඛාදිභෙදතො තිවිධා, විමොක‍්ඛසමධිගමවසෙනපි තිවිධා. තයො හි ඉමෙ විමොක‍්ඛා සුඤ‍්ඤතො විමොක‍්ඛො, අනිමිත‍්තො විමොක‍්ඛො, අප‍්පණිහිතො විමොක‍්ඛොති. තෙ ච විමොක‍්ඛා සුඤ‍්ඤතාදීහි අනිච‍්චානුපස‍්සනාදීහි තීහි අනුපස‍්සනාහි අධිගන‍්තබ‍්බා. ආදිතො හි අනිච‍්චාදීසු යෙන කෙනචි ආකාරෙන විපස‍්සනාභිනිවෙසො හොති. යදා පන වුට‍්ඨානගාමිනියා විපස‍්සනාය අනිච‍්චාකාරතො සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තියා මග‍්ගවුට‍්ඨානං හොති, තදා විපස‍්සනා සතිපි රාගනිමිත‍්තාදීනං සමුග‍්ඝාටනෙ සඞ‍්ඛාරනිමිත‍්තං පන සා න විස‍්සජ‍්ජෙතීති නිප‍්පරියායෙන අනිමිත‍්තනාමං අලභමානා අත‍්තනො මග‍්ගස‍්ස අනිමිත‍්තනාමං දාතුං න සක‍්කොතීති. කිඤ‍්චාපි අභිධම‍්මෙ අනිමිත‍්තවිමොක‍්ඛො න උද‍්ධටො, සුත‍්තන‍්තෙ පන රාගාදිනිමිත‍්තානං සමුග‍්ඝාටෙන ලබ‍්භතීති.

මෙසේ තුන්ආකාර වූ ඔවුහු අනිමිත්ත, විමොක්‍ඛ ආදී භේද වශයෙන් ත්‍රිවිධය. විමොක්‍ෂය අවබෝධ කිරිම් වශයෙනුත් ත්‍රිවිධය. මේ ත්‍රිවිධ විමොක්‍ෂයෝ නම් සුඤ්ඤත විමොක්‍ෂය, අනිමිත්ත විමොක්‍ෂය, අප්පණිහිත විමොක්‍ෂය නම් වේ. ඒ විමොක්‍ෂයන්ද සුන්‍යතා ආදී අනිච්චානුපස්සනාවන්ගෙන් අනුපස්සනා තුනකින් අවබෝධ කරගත යුතුයි. ආරම්භයේදී අනිත්‍ය ආදියෙහි යම් කවර හෝ ක්‍රමයකින් විදර්ශනාවට පිවිසීම සිදුවෙයි. යම්කලක වනාහි විදර්ශනාව පිළිබඳ ගැඹුරු අවබෝධ ඥානයෙන් සංස්කාරයන් අනිත්‍ය ලෙස සම්මර්ශනය කිරීමෙන් මාර්ගය නැගීසිටියේ වෙයි. එවිට විදර්ශනාව ඇති කල්හිද රාගනිමිති ආදිය මුලිනුදුරා දැමීමෙහිදී සංස්කාර නිමිත්ත වනාහි විසිරි නොයන්නේ යැයි වෙනසක් නැතිව අනිමිත්ත යන නම නොලබා තමාගේ මාර්ගයට අනිමිත්ත නම දීමට නොහැක්කේ යැයි කිසිවක් අභිධර්මයෙහි අනිමිත්ත විමොක්‍ෂය ඉස්මතු කර පෙන්නා නැත. සූත්‍රාන්තවල වනාහි රාගාදී නිමිති මුලුනුපුටා දැමීමෙන් ලබන්නේ යැයි.

“අනිමිත‍්තඤ‍්ච භාවෙහි, මානානුසයමුජ‍්ජහ; තතො මානාභිසමයා, උපසන‍්තො චරිස‍්සසී”ති. (සං· නි· 1.212) –

අනිමිත්තයද වඩන්න. මානය නැතිකරන්න. ඒ මානය නැති කිරීමෙන් උපශාන්තව හැසිරෙන්නේය.

ආදිනා හි විපස‍්සනාය අනිමිත‍්තවිමොක‍්ඛභාවො අනුත‍්තරස‍්ස අනිමිත‍්තවිමොක‍්ඛභාවො ච වුත‍්තො. යදා වුට‍්ඨානගාමිනියා විපස‍්සනාය දුක‍්ඛතො සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තියා මග‍්ගවුට‍්ඨානං හොති, තදා විපස‍්සනා රාගපණිධිආදීනං සමුග‍්ඝාටනෙන අප‍්පණිහිතනාමං ලභතීති අප‍්පණිහිතවිමොක‍්ඛං නාම හොති. තදනන‍්තරො ච මග‍්ගො අප‍්පණිහිතවිමොක‍්ඛො. යදා පන වුට‍්ඨානගාමිනියා විපස‍්සනාය අනත‍්තාකාරෙන සම‍්මසන‍්තියා මග‍්ගවුට‍්ඨානං හොති, තදා විපස‍්සනා අත‍්තදිට‍්ඨියා සමුග‍්ඝාටනෙන සුඤ‍්ඤතනාමං ලභතීති සුඤ‍්ඤතවිමොක‍්ඛං නාම හොති. තදනන‍්තරො ච මග‍්ගො සුඤ‍්ඤතවිමොක‍්ඛො නාම හොති. ඉමෙසු අග‍්ගමග‍්ගභූතෙසු තීසු විමොක‍්ඛෙසු ඉමෙසං ථෙරානං කෙචි අනිමිත‍්තවිමොක‍්ඛෙන මුත‍්තා, කෙචි අප‍්පණිහිතවිමොක‍්ඛෙන, කෙචි සුඤ‍්ඤතවිමොක‍්ඛෙන. තෙන වුත‍්තං – “අනිමිත‍්තවිමොක‍්ඛාදිභෙදතො තිවිධා, විමොක‍්ඛසමධිගමෙනපි තිවිධා”ති.

ආදියෙන් විපස්සනාව සඳහා අනිමිත්ත විමොක්‍ෂභාවය දක්වයි. ශ්‍රේෂ්ඨ වූ අනිමිත්ත විමොක්‍ෂභාවයද කියන ලදී. යම්විටක නැගීසිටින විදර්ශනාව සඳහා අනේක ක්‍රමවලින් සම්මර්ශනය කිරීමෙන් මාර්ගය මතුවී ආයේ වෙයි. එවිට විදර්ශනාව ආත්ම දෘෂ්ටියෙන් ගලවා ගැනීමෙන් සුඤ්ඤත යන නම ලබයි. එය සුඤ්ඤත විමොක්‍ෂය නම් වෙයි. ඊලග මාර්ගය සුඤ්ඤත විමොක්‍ෂය නම් වෙයි. මේ අග්‍ර මාර්ගයන් වූ තුන්ආකාර විමොක්‍ෂයන්හි මේ තෙරවරුන්ගෙන් ඇතැමෙක් අනිමිත්ත විමොක්‍ෂයෙන් මිදුනෝ වෙත්. ඇතැමෙක් අප්පණිහිත විමොක්‍ෂයෙන්ද සමහරෙක් සුඤ්ඤත විමොක්‍ෂයෙන්ද මිදුනෝ වෙත්. ඒ නිසා කියන ලදී. අනිමිත්ත විමොක්‍ෂ ආදී භේදයෙන් තුන්වැදෑරුම්ය. විමොක්‍ෂය අවබෝධ කිරීම අනුවද තුන් වැදෑරුම්ය.

පටිපදාවිභාගෙන චතුබ‍්බිධා. චතස‍්සො හි පටිපදා – දුක‍්ඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤාති. තත්‍ථ රූපමුඛාදීසු විපස‍්සනාභිනිවෙසෙසු යො රූපමුඛෙන විපස‍්සනං අභිනිවිසිත්‍වා චත‍්තාරි මහාභූතානි පරිග‍්ගහෙත්‍වා උපාදාරූපං පරිග‍්ගණ‍්හාති අරූපං පරිග‍්ගණ‍්හාති, රූපාරූපං පන පරිග‍්ගණ‍්හන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පරිග‍්ගහෙතුං සක‍්කොති, තස‍්ස දුක‍්ඛපටිපදා නාම හොති, පරිග‍්ගහිතරූපාරූපස‍්ස පන විපස‍්සනාපරිවාසෙ මග‍්ගපාතුභාවදන්‍ධතාය දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. යොපි රූපාරූපං පරිග‍්ගහෙත්‍වා නාමරූපං වවත්‍ථපෙන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො වවත්‍ථපෙති, වවත්‍ථපිතෙ ච නාමරූපෙ විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙතුං සක‍්කොති, තස‍්සපි දුක‍්ඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. අපරො නාමරූපම‍්පි වවත්‍ථපෙත්‍වා පච‍්චයෙ පරිග‍්ගණ‍්හන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පරිග‍්ගණ‍්හාති. පච‍්චයෙ ච පරිග‍්ගහෙත්‍වා විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙති, එවම‍්පි දුක‍්ඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. අපරො පච‍්චයෙපි පරිග‍්ගහෙත්‍වා ලක‍්ඛණානි පටිවිජ‍්ඣන‍්තො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පටිවිජ‍්ඣති, පටිවිද‍්ධලක‍්ඛණො ච විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙති, එවම‍්පි දුක‍්ඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. අපරො ලක‍්ඛණානිපි පටිවිජ‍්ඣිත්‍වා විපස‍්සනාඤාණෙ තික‍්ඛෙ සූරෙ පසන‍්නෙ වහන‍්තෙ උප‍්පන‍්නවිපස‍්සනානිකන‍්තිං පරියාදියමානො දුක‍්ඛෙන කසිරෙන කිලමන‍්තො පරියාදියති, නිකන‍්තිඤ‍්ච පරියාදියිත්‍වා විපස‍්සනාපරිවාසං වසන‍්තො චිරෙන මග‍්ගං උප‍්පාදෙති, එවම‍්පි දුක‍්ඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා නාම හොති. යථාවුත‍්තාසුයෙව පටිපදාසු මග‍්ගපාතුභාවස‍්ස ඛිප‍්පතාය දුක‍්ඛපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, තාසං පන පටිපදානං අකිච‍්ඡසිද‍්ධියං මග‍්ගපාතුභාවස‍්ස දන්‍ධතාය ඛිප‍්පතාය ච යථාක‍්කමං සුඛපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා ච වෙදිතබ‍්බා. ඉමාසං චතස‍්සන‍්නං පටිපදානං වසෙන අග‍්ගමග‍්ගප‍්පත‍්තියා ථෙරානං චතුබ‍්බිධතා වෙදිතබ‍්බා. න හි පටිපදාහි විනා අරියමග‍්ගාධිගමො අත්‍ථි. තථා හි අභිධම‍්මෙ “යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං…පෙ… දුක‍්ඛපටිපදං දන්‍ධාභිඤ‍්ඤ”න‍්තිආදිනා (ධ· ස· 277) පටිපදාය සද‍්ධිංයෙව අරියමග‍්ගො විභත‍්තො, තෙන වුත‍්තං “පටිපදාවිභාගෙන චතුබ‍්බිධා”ති.

ප්‍රතිපදා වශයෙන් ප්‍රභේද සතරකි. පටිපදා සතර දුක්ඛ පටිපදා දන්‍ධාභිඤ්ඤා (දුක් ප්‍රතිපදාව, දුර්වල අභිඤ්ඤා) දුක්‍ඛ පටිපදා ඛිප්පාභිඤ්ඤා (දුක් ප්‍රතිපදාව - ක්‍ෂණික අභිඤ්ඤාව) සුඛ පටිපදා දන්‍ධාභිඤ්ඤා (සුව පටිපදාව දුර්වල අභිඤ්ඤාව) සුඛ පටිපදා ඛිප්පාභිඤ්ඤා (සුව පටිපදාව ක්‍ෂණික අභිඤ්ඤාව) එහි රූප, සුඛ ආදියෙහි විදර්ශනාව යෙදීමේදී යමෙක් රූප සුඛයෙන් විදර්ශනාවට පිවිස සතර මහා භූතයන් පිරිවරාගෙන උපාදාන රූපය පිළිගනී. අරූපය පිළිගනී. රූපාරූප දෙකට පිළිගන්නේ වනාහි දුකෙන්, අමාරුවෙන් වෙහෙසට පත්වන්නේ හාත්පසින් අල්ලාගන්නට හැකි වෙයි. ඒ දුක්‍ඛපටිපදා නම් වේ. අල්ලාගත් රූපාරූපයන්ගේ විදර්ශනාව යෙදීමේදී මාර්ගය පහළවීමේ දුර්වලතාවය නිසා දන්‍ධාභිඤ්ඤා නම් වෙයි. යමෙක් රූපාරූප පිළිගෙන නාමරූප පිහිටුවන්නේ දුකෙන්, කරදරයෙන්, පීඩාවට පත්වන්නේ ස්ථිර කර ගනී. එසේ ස්ථිරව නාමරූපයන් පිහිටුවාගත් කල්හි විදර්ශනාව පිළිබඳව පරිවාසව වාසය කරන්නේ බොහෝ කලකින් මාර්ගය උපදවා ගන්නට හැකිවෙයි. ඔහුගේද දුක්‍ඛ පටිපදාව දන්‍ධාභිඤ්ඤා නම් වේ. අනික් තැනැත්තා නාමරූපයන්ද පිහිටුවා ප්‍රත්‍යයන් අල්ලාගන්නේ දුකෙන් අමාරුවෙන් පීඩාවන්නේ අල්ලාගනී. ප්‍රත්‍යයන් අල්ලා ගන්නේ විදර්ශනා පරිවාසයෙන් බොහෝ කලකින් මාර්ගය උපදවා ගනී. මෙසේද දුක්‍ඛ පටිපදාව දන්‍ධාභිඤ්ඤා නම් වේ. අනික් තැනැත්තා ප්‍රත්‍යයන් අල්ලාගෙන ලක්‍ෂණයන් වටහාගන්නේ දුකෙන් අමාරුවෙන් පීඩාවන් වටහාගනී. වටහාගත් ලක්‍ෂණ ඇත්තේ විදර්ශනා පරිවාසයෙන් වාසය කරන්නේ බොහෝ කලකින් මාර්ගය උපදවා ගනී. මෙසේද දුක්‍ඛ පටිපදා දන්‍ධාභිඤ්ඤා නම් වේ. අනික් තැනැත්තා ලක්‍ෂණද අවබෝධ කරගෙන විදර්ශනා ඤාණය තීක්‍ෂණ, ශුර, ප්‍රසන්නතාවයක් දරන කල්හි උපන්නා වූ විදර්ශනාව පිළිබඳ කැමැත්ත අවසන් කොට විදර්ශනා පරිවාසයෙන් වසන්නේ කලකින් මාර්ගය උපදවා ගනී. මෙසේද දුක්‍ඛ පටිපදා දන්‍ධාභිඤ්ඤා නම් වෙයි. මෙසේ කියන ලද ප්‍රතිපදාවන්හි මාර්ගය පහළවීම ඉක්මන්වීම සඳහා දුක්‍ඛපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් වේ. ඒ ප්‍රතිපදාවන්ගේ අපහසුතාවයක් නොමැති බැවින් මාර්ගය පහළවීමේ දුර්වලකමද ඉක්මනද යථා ක්‍රමයෙන් සුඛපටිපදා දන්‍ධාභිඤ්ඤා, සුඛපටිපදා ඛිප්පාභිඤ්ඤා කියාද දතයුතුයි. මේ සතර වැදෑරුම් ප්‍රතිපදාව වශයෙන් අග්‍ර වූ මාර්ගයට පැමිණීම පිණිස තෙරවරුන්ගේ සතර ආකාර බව දැනගත යුතුයි. ප්‍රතිපදාවෙන් තොරව ආර්යමාර්ග අධිගමයක් නැත. අභිධර්මයෙහි මෙසේ ඇත. ‘යම්කලෙක ලෝකෝත්තර ධ්‍යානයක් වඩයිද නෛර්යානික වූ අපචයගාමී වූ (නැවත ඉපදීමට ඇති හැකියාව අඩුකිරිම) -පෙ- දුක්‍ඛපටිපදාව දන්‍ධාභිඤ්ඤාය ආදියෙන් ප්‍රතිපදාව සමගම ආර්ය මාර්ගය කොටස්වලට බෙදන ලදී. එනිසා කියන ලදී. ‘ප්‍රතිපදා විමසීමෙන් සතර ආකාරය’ කියා,

ඉන්‍ද්‍රියාධිකවිභාගෙන පඤ‍්චවිධා. සතිපි නෙසං සච‍්චාභිසම‍්බොධසාමඤ‍්ඤෙ එකච‍්චෙ ථෙරා සද‍්ධුත‍්තරා, සෙය්‍යථාපි ථෙරො වක‍්කලි; එකච‍්චෙ වීරියුත‍්තරා, සෙය්‍යථාපි ථෙරො මහාසොණො, කොළිවීසො; එකච‍්චෙ සතුත‍්තරා, සෙය්‍යථාපි ථෙරො සොභිතො, එකච‍්චෙ සමාධුත‍්තරා, සෙය්‍යථාපි ථෙරො චූළපන්‍ථකො, එකච‍්චෙ පඤ‍්ඤුත‍්තරා, සෙය්‍යථාපි ථෙරො ආනන්‍දො. තථා හි සො ගතිමන‍්තතාය අත්‍ථකොසල‍්ලාදිවන‍්තතාය ච පසංසිතො, අයඤ‍්ච විභාගො පුබ‍්බභාගෙ ලබ‍්භමානවිසෙසවසෙන වුත‍්තො. අග‍්ගමග‍්ගක‍්ඛණෙ පන සෙසානම‍්පි ඉන්‍ද්‍රියානං එකසභාවා ඉච‍්ඡිතාති.

ඉන්‍ද්‍රියාධික විමර්ශනයෙන් පස් ආකාරය. සත්‍යාවබෝධය සඳහා හැකියාව ඇතිකල්හි සමහර තෙරවරු ශ්‍රද්ධාවෙන් උසස්ය. වක්කලී තෙරුන් මෙනි. සමහරු වීර්යයෙන් උසස්ය. සොණකොළිවීස තෙරුන් මෙනි. ඇතැමෙක් සතියෙන් උසස්ය. සාගත තෙරුන් මෙන්. සමහරු සමාධියෙන් උසස්ය. චූලපන්‍ථක තෙරුන් මෙන්ය. සමහරු ප්‍රඥාවෙන් උසස්ය. ආනන්‍ද තෙරුන් මෙනි. එසේ ඔහුගේ අතිදක්‍ෂතාවය නිසා අර්ථයන් වටහාගැනීමේ කුසලතාවය පිළිබඳ ප්‍රශංසා කරන ලදී. මේ විස්තරය පූර්වභාගයේදී ලබන ලද විශේෂ වශයෙන් කියන ලදී. අග්‍රමාර්ග ක්‍ෂණයෙහි වනාහි ඉතිරි ඉන්‍ද්‍රියයන්ගේ ඒකස්වභාවය බලාපොරොත්තු විය.

තථා පාරමිප‍්පත‍්තා, පටිසම‍්භිදාප‍්පත‍්තා, ඡළභිඤ‍්ඤා, තෙවිජ‍්ජා, සුක‍්ඛවිපස‍්සකාති පඤ‍්චවිධා. සාවකෙසු හි එකච‍්චෙ සාවකපාරමියා මත්‍ථකප‍්පත‍්තා, යථා තං ආයස‍්මා සාරිපුත‍්තො, ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො; එකච‍්චෙ අත්‍ථපටිසම‍්භිදා ධම‍්මපටිසම‍්භිදා නිරුත‍්තිපටිසම‍්භිදා පටිභානපටිසම‍්භිදාති ඉමාසං චතුන‍්නං පටිසම‍්භිදානං වසෙන පටිසම‍්භිදාප‍්පත‍්තා; එකච‍්චෙ ඉද‍්ධිවිධඤාණාදීනං අභිඤ‍්ඤානං වසෙන ඡළභිඤ‍්ඤා; එකච‍්චෙ පුබ‍්බෙනිවාසඤාණාදීනං තිස‍්සන‍්නං විජ‍්ජානං වසෙන තෙවිජ‍්ජා. යෙ පන ඛණිකසමාධිමත‍්තෙ ඨත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අධිගතඅග‍්ගමග‍්ගා, තෙ ආදිතො අන‍්තරන‍්තරා ච සමාධිජෙන ඣානඞ‍්ගෙන විපස‍්සනාබ‍්භන‍්තරං පටිසන්‍ධානානං අභාවා සුක‍්ඛා විපස‍්සනා එතෙසන‍්ති සුක‍්ඛවිපස‍්සකා නාම. අයඤ‍්ච විභාගො සාවකානං සාධාරණභාවං උපපරික‍්ඛිත්‍වා වුත‍්තො. ඉධ පාළියං ආගතා නත්‍ථෙව සුක‍්ඛවිපස‍්සකා. තෙනෙවාහ –

එපරිද්දෙන්ම පාරමී ප්‍රාප්ත, පටිසම්භිදා ප්‍රාප්ත, ජ අභිඤ්ඤාප්‍රාප්ත ත්‍රිවිද්‍යාධාරී සුක්‍ඛ විපස්සක වශයෙන් පස් ආකාරය. ශ්‍රාවකයන් අතර ඇතැමෙක් ශ්‍රාවක පාරමිතාව මස්තකප්‍රාප්ත අයය. ආයුෂ්මත් සැරියුත්, මුගලන් දෙදෙනා වහන්සේලා මෙනි. සමහරු අත්‍ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභාන පටිසම්භිදා යන සතර ආකාර පටිසම්භිදා වශයෙන් පටිසම්භිදා ප්‍රාප්තයෝය. ඇතැමෙක් ඉද්ධිවිධඤාණය ආදී අභිඤ්ඤාවන්ගේ වශයෙන් අභිඤ්ඤා සයක් ලැබුවෝ වෙති. ඇතැමෙක් පෙර විසූ ආත්මභාව දැනගැනීමේ නුවණ ආදී ත්‍රිවිද්‍යාවන්ගේ වශයෙන් ත්‍රිවිද්‍යාලාභීන්ය. යමෙක් වනාහි ක්‍ෂණික සමාධි මාත්‍රයක පිහිටා විදර්ශනාව වඩා අවබෝධ කරගත් අග්‍රමාර්ග ඇත්තාහුය. ඔවුහු මුලදීද අතරින්පතර ද සමාධියෙන් හටගත් ධ්‍යාන අංගයන්ගෙන් විදර්ශනාවගේ අභ්‍යන්තර හටගැනීමක් නොමැති බැවින් වියලීගිය විදර්ශනාව මොවුන්ගේනුයි සුක්‍ඛ විපස්සක නම් වේ. මේ විස්තරයද ශ්‍රාවකයන්ගේ සාධාරණභාවය පරීක්‍ෂා කර බලා කියන ලදී. මෙහි පෙළෙහි ආවා වූ සුක්‍ඛ විපස්සක නොවේ. ඒ නිසා කියා ඇත.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්තිආදි. (අප· ථෙර 1.1.374; 2.43.14);

සතර පටිසම්භිදාවනුත් මේ විමොක්‍ෂ අටත් සයක් වූ අභිඤ්ඤාවන්ද අවබෝධ කරගන්නා ලදී. බුදුන්ගේ අවවාදය කරන ලදී ආදියයි.

එවං පාරමිප‍්පත‍්තාදිවසෙන පඤ‍්චවිධා.

මෙසේ පාරමී ප්‍රාප්ත වශයෙන් පස් ආකාරය.

අනිමිත‍්තාදිවසෙන ඡබ‍්බිධා අනිමිත‍්තවිමුත‍්තොතිආදයො.

අනිමිත්ත වශයෙන් සය ආකාරය. අනිමිත්ත, විමුත්ත ආදීහු.

සද‍්ධාධුරො , පඤ‍්ඤාධුරොති දුවිධා. තථා අප‍්පණිහිතවිමුත‍්තො පඤ‍්ඤාවිමුත‍්තො චාති. එවං අනිමිත‍්තවිමුත‍්තාදිවසෙන ච පරියායවිමුත‍්තභෙදෙන සත‍්තවිධා. චතූසු හි අරූපසමාපත‍්තීසු එකමෙකං පාදකං කත්‍වා විපස‍්සනං ආරභිත්‍වා අරහත‍්තං පත‍්තා චත‍්තාරො, නිරොධතො වුට‍්ඨාය අරහත‍්තං පත‍්තො චාති පඤ‍්ච, උභතොභාගවිමුත‍්තා, සද‍්ධාධුරපඤ‍්ඤාධුරවසෙන ද‍්වෙ පඤ‍්ඤාවිමුත‍්තාති එවං විමුත‍්තිභෙදෙන සත‍්තවිධා.

සද්ධාධුරයෝය. පඤ්ඤාධුර යනු දෙවැන්නයි. එසේම අප්පිහිත, විමුත්ත, පඤ්ඤාවිමුත්ත කියාද දෙයාකාරයි. මෙසේ අනිමිත්ත විමුත්ත ආදී ලෙසින් පරියා විමුක්ති ප්‍රභේදවලට අනුව සත්ආකාරය. සතර ආකාර අරූප සමාපත්තිවල එකිනෙක පාදක කොටගෙන විදර්ශනාව අරඹා රහත් බවට පැමිණි සතර දෙනෙකි. නිරොධ සමාපත්තියෙන් නැගිට රහත්බවට පැමිණියැයි පස්දෙනෙකි. කොටස් දෙකෙන්ම විමුක්තිය ලත් සද්ධාධුර, පඤ්ඤාධුර වශයෙන් දෙකකි. පඤ්ඤා විමුත්ත ද සමග විමුක්ති භේදයෙන් සත්වැදෑරුම්ය.

ධුරපටිපදාවිභාගෙන අට‍්ඨවිධා. යො හි දුක‍්ඛපටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය නිය්‍යාති, සො සද‍්ධාධුරපඤ‍්ඤාධුරවසෙන දුවිධා, තථා සෙසපටිපදාසුපීති එවං ධුරපටිපදාවිභාගෙන අට‍්ඨවිධා.

ධුරප්‍රතිපදා විස්තරය අනුව අටවැදෑරුම්ය. යමෙක් වනාහි දුක්ඛ පටිපදාවෙන් දන්‍ධාභිඤ්ඤා (දුර්වල අභිඤ්ඤා) සඳහා මෙහෙයවයි. හෙතෙම සද්ධාධුර, පඤ්ඤාධුර වශයෙන් දෙයාකාරය. ඉතිරි පටිපදාවලද එසේමය. මෙසේ ධුරපටිපදා අනුව විභාග කිරීමෛන් අටවැදෑරුම්ය.

විමුත‍්තිභෙදෙන නවවිධා. පඤ‍්ච උභතොභාගවිමුත‍්තා, ද‍්වෙ පඤ‍්ඤාවිමුත‍්තා, පඤ‍්ඤාවිමුත‍්තියං චෙතොවිමුත‍්තියඤ‍්ච පාරමිප‍්පත‍්තා ද‍්වෙ අග‍්ගසාවකා චාති එවං නවවිධා.

විමුක්ති භේදයෙන් නව වැදෑරුම්ය. දෙපාර්ශ්වයකින් මිදීම පස්වැදෑරුම්ය. ප්‍රඥා විමුක්ත දෙවර්ගයකි. ප්‍රඥා විමුක්තියද චෙතො විමුක්තියද පරතෙරට ගියා වූ අග්‍රශ්‍රාවක දෙනම මෙසේ නවවිධය.

විමුත‍්තිවසෙනෙව දසවිධා. චතූසු අරූපාවචරජ‍්ඣානෙසු ච එකමෙකං පාදකං කත්‍වා අරහත‍්තං පත‍්තා චත‍්තාරො, සුක‍්ඛවිපස‍්සකොති පඤ‍්ච පඤ‍්ඤාවිමුත‍්තා, යථාවුත‍්තා ච උභතොභාගවිමුත‍්තා චාති එවං විමුත‍්තිභෙදෙනෙව දසවිධා. තෙ යථාවුත‍්තෙන ධුරභෙදෙන භිජ‍්ජමානා වීසති හොන‍්ති. පටිපදාභෙදෙන භිජ‍්ජමානා චත‍්තාලීසං හොන‍්ති. පුන පටිපදාභෙදෙන ධුරභෙදෙන ච භිජ‍්ජමානා අසීති හොන‍්ති. අථ තෙ සුඤ‍්ඤතවිමුත‍්තාදිවිභාගෙන භිජ‍්ජමානා චත‍්තාලීසාධිකා ද‍්වෙ සතානි හොන‍්ති. පුන ඉන්‍ද්‍රියාධිකභාවෙන භිජ‍්ජමානා ද‍්විසතුත‍්තරං සහස‍්සං හොන‍්තීති. එවං අත‍්තනො ගුණවසෙන අනෙකභෙදවිභත‍්තෙසු මග‍්ගට‍්ඨඵලට‍්ඨෙසු අරියසාවකෙසු යෙ අත‍්තනො පටිපත‍්තිපවත‍්තිආදිකෙ ච විභාවෙන‍්ති. යෙ “ඡන‍්නා මෙ කුටිකා”තිආදිකා (ථෙරගා· 1) ගාථා උදානාදිවසෙන අභාසිංසු. තෙ ච ඉධ ගාථාමුඛෙන සඞ‍්ගහං ආරූළ‍්හා. තෙනාහ – “සීහානංව නදන‍්තානං…පෙ… ඵුසිත්‍වා අච‍්චුතං පද”න‍්ති (ථෙරගා· නිදානගාථා). එවමෙත්‍ථ පකිණ‍්ණකකථා වෙදිතබ‍්බා.

විමුක්ති වශයෙන් දසවිධය. අරූපාවචර ධ්‍යාන සතරෙහි එකිනෙක පාදක කොටගෙන රහත් බවට පැමිණියෝ සතරකි. සුක්‍ඛ විපස්සක යැයි ප්‍රඥා විමුක්තයෝ පසකි. එසේ කිය ලද්දා වූද දෙපාර්ශ්වයෙන්ම මිදුනා වූද යයි මෙසේ විමුක්ති භේදයෙන් දසවිධය. ඔවුහු කියන ලද පරිදි ධුර භේදයෙන් බෙදනු ලබන්නේ විස්සක් වෙත්. ප්‍රතිපදා භේදයෙන් බෙදනු ලබන්නේ සතළිහක් වෙත්. නැවත ප්‍රතිපදා හා ධුර භේදයෙන් බෙදනවිට අසූවක් වෙත්. ඉක්බිති ඔවුහු සුඤ්ඤත විමුත්ත ආදී ලෙස බෙදනවිට දෙසිය හතළිහක් වෙත්. නැවත ඉන්‍ද්‍රියාධික භේදයෙන් බෙදනවිට එක්දහස් දෙසීයක් වෙත්. මෙසේ තමන්ගේ ගුණ වශයෙන් නොයෙක් ප්‍රභේදවලට බෙදනු ලැබූ කල්හි මාර්ගඵලයන්හි පිහිටියා වූ ආර්ය ශ්‍රාවකයන් අතර යමෙක් ප්‍රතිපත්ති පැවැත්ම ආදියෙහිද මනාව පැහැදිලි කරත්. ‘ඡන්නා මෙකුටිකා’ ආදි ගාථා උදාන ලෙස ප්‍රකාශ කළහ. ඒවාද මෙහි ගාථා ලෙස සංග්‍රහ කර ඇත. ඒ නිසා නිර්වාණය ස්පර්ශකොට සීහනාද කරන්නන්ගේ

මෙසේ ප්‍රකීර්ණක කථා නිමි.

වඞ‍්ගීසත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වංගීසත්‍ථෙර ගාථා වර්ණණා නිමියේය.

මහානිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

හැත්තෑවන නිපාත වර්ණනාව සමාප්තයි.

බදරතිත්‍ථමහාවිහාරවාසිනා ආචරියධම‍්මපාලත්‍ථෙරෙන කතා ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඛදරතිත්‍ථමහාවිහාරවාසී ආචරිය ධර්මපාල තෙරුන් විසින් කරන ලද ථෙර ගාථා වර්ණනා නිමියේය.