70. මහානිපාතො
70. මහානිපාතො.
70. මහානිපාතය
70. 1. 1.
70. 1. 1.
1220. නික්ඛන්තං වත මං සන්තං අගාරස්මානගාරියං විතක්කා උපධාවන්ති පගබ්භා කණ්හතො ඉමෙ.
1220. මා ගිහිගෙන් “අනගාරිය” සසුනට නික්මෙත් මැ මේ සැහැසි (තිලීජ්ජ) වූ (කාමාදිපාප) විතර්කයෝ ලාමක බැවින් ලුහුබඳිත්.
1221. උග්ගපුත්තා මහිස්සාසා සික්ඛිතා දළ්හධම්මිනො සමන්තා පරිකිරෙය්යුං සහස්සං අපලායිනං.
1221. සහස්රස්ථාමධනු ඇති, ධනුශ්ශිල්පය උගත්, මහධනුර්වේදී වූ උග්රපුත්රයෝ දහස් දෙනෙක් හාත්පසින් සර වගුරුවන්නාහු නමුදු ඔහු නො ‘පළා යනසුලු මා නො පෙළන්නාහ. (පෙළනු නො සමත්හ’යි සේ යි).
1222. සචෙ’පි එත්තකා භිය්යො ආගමිස්සන්ති ඉත්ථියො නෙව මං බ්යාධයිස්සන්ති ධම්මෙ සම්හි පතිට්ඨිතං.
1222. ඉදින් මෙයටත් වැඩි මාගම්හු එන්නාහු නමුදු ඔහු ස්වකීය ධර්මයෙහි පිහිටි මා නො පෙළත් මැ යි (පෙළනු නො සමත්හ’යි සේ යි)
1223. සක්ඛීහි මෙ සුතං එතං බුද්ධස්සාදිච්චබන්ධුනො නිබ්බානගමනං මග්ගං තත්ථ මෙ නිරතො මනො.
1223. මා විසින් පසක් කොට (හමුවෙහි) සූර්ය්යබන්ධු (හිරුගොත්) වූ සම්බුදුන් ගේ තෙල නිවන් ගමන් මඟ අසන ලදි. ඒ (විදසුන්) මඟැ මා සිත නිරත වේ.
1224. එවං චෙ මං විහරන්තං පාපිම උපගච්ඡසි තථා මච්චු කරිස්සාමි න මෙ මග්ගම්පි දක්ඛසි.
1224. එම්බා කෙලෙස් මරුව, තෝ මෙසේ (අශුභ භාවනායෙහි ද විදර්ශනාභාවනායෙහි ද නිරත වැ) වෙසෙන මා වෙත එළඹියෙහි, යම්සේ මා ගේ (ආගිය) මඟ පවා (තෝ) නො දක්නෙහි නම් එසේ මරණය කරන්නෙමි.
1225. අරතිං රතිං ච පහාය සබ්බසො ගෙහෙසිතං ච විතක්කං වනථං න කරෙය්ය කුහිඤ්චි නිබ්බනථො අවනථො ස භික්ඛු.
1225. යමෙක් (අධිකුශල ධර්මයන්හි) උකටලි බවත් (පස්කම් ගුණයෙහි) ඇල්මත් ගෙහසිත (මිථ්‍යා) විතර්කයත් සර්වප්රකාරයෙන් හැරැදමා කිසි තැනෙක්හිදු තෘෂ්ණාව නො කරන්නේ නම් තෘෂ්ණායෙන් නික්මුණු (එහෙයින් මැ) තෘෂ්ණා රහිත වූ හෙතෙම ශ්‍රමණ වේ.
1226. යමිධ පඨවිං ච වෙහාසං රූපගතං ජගතොගධං කිඤ්චි පරිජීයති සබ්බමතිච්චං එවං සමෙච්ච චරන්ති මුතත්තා.
1226. මේ ලෝකයෙහි භූමිනිශ්ශ්‍රිත වූ ද ආකාශස්ථ (දෙව්ලෝ ඇසිරිකළ වූ ද ජගත් පර්‍ය්‍යාපන්න (ලෞකික) වූ යම්කිසි රූපජාතයෙක් වේ නම් (ඒ) සියල්ල වෙසෙසින් දිරයි, අනිත්‍ය යැයි මෙසේ ප්‍රතිවේධ කොට රහත්හු වෙසෙත්.
1227. උපධීසු ජනා ගධිතාසෙ දිට්ඨෙ සුතෙ පටිඝෙ ච මුතෙ ච එත්ථ විනොදය ඡන්දමනෙජො යො හෙත්ථ න ලිප්පති මුනි තමාහු.
1227. දනෝ (ස්කන්ධාදි) උපධීන්හි බැඳුණාහු යැ, රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද ගන්ධ-රසාලම්බනයන්හි ද යන මෙහි තෘෂ්ණා රහිත වූයේ කාමච්ඡන්දය දුරු කරන්නේ යැ. යමෙක් මෙහි (තෘෂ්ණාලේපයෙන්) නො තැවරේ නම් ඔහු මුනි යැ යි (නුවණැතියෝ) කියත්.
1228. අට්ඨ සට්ඨිසිතා සවිතක්කා පුථුජ්ජනතායං අධම්මා නිවිට්ඨා න ච වග්ගගතස්ස කුහිඤ්චි නො පන දුට්ඨුල්ලගාහී ස භික්ඛු.
1228. තවද (‘අධිච්චසමුප්පන්න’ වාදය හැර) සැටක් පමණ වූ මිසදිටුව ඇසුරු කළ අධර්ම (මිථ්‍යා) විතර්කයෝ පෘථග්ජන සමූහයා තුළ ප්‍රවිෂ්ට වූහ. යමෙක් කිසි තැනෙකැ (ශාශ්වතාදි) මිථ්‍යාදෘෂ්ටි) වර්ගගතයෙක් (තල්ලබ්ධිකයෙක්) නො වන්නේ නම් යළි දුර්භාෂිතයන් ගන්නා සුල්ලෙක් නො වන්නේ නම් හෙතෙම භික්ෂු නම් වේ. නොහොත් ෂෂ්ඨාලම්බනය (ධර්මාලම්බන) ඇසුරු කළ බොහෝ වූ අධර්ම විතර්කයෝ ජනතාව තුළ පිවිසියහ. යමෙක් කිසි තැනෙකැ ක්ලේශවර්ගගතයෙක් නො වන්නේ නම් දුර්භාෂිත ගන්නාසුල්ලෙක් නො වන්නේ නම් යළි හෙතෙම භික්ෂු නම් වේ.
1229. දබ්බො චිරරත්තසමාහිතො අකුහකො නිපකො අපිහාලු, සන්තං පදං අජ්ඣගමා මුනි පටිච්ච පරිනිබ්බුතො කඞ්ඛති කාලං.
1229. නුවණැත්තේ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත වැ කොහොන් බව රහිත වැ නිපුණ වැ තෘෂ්ණා රහිත වැ නිවනට පැමිණියේ මුනිවැ සෝපාදිශේෂනිර්වාණධාතුයෙන් පිරිනිවියේ (අනුපාදිශෙෂනිර්වාණයට) කල් බලයි.
1230. මානං පජහස්සු ගොතම මනපථං ච ජහස්සු අසෙසං මානපථම්හි ස මුච්ඡිතො විප්පටිසාරී හුවා චිරරත්තං.
1230. ගෞතම ශ්රාවකය, (තෝ) මානය දුරුකර, (ජාති ආදි) සියලු මානපථය ද දුරුකර, මානපථයෙහි මුසපත් වූයේ දිගුකලක් විපිළිසර වී
1231. මක්ඛෙන මක්ඛිතා පජා මානහතා නිරයං පපතන්ති සොචන්ති ජනා චිරරත්තං මානහතා නිරයං උපපන්නා.
1231. මකු බව විසින් ප්‍රජාව (ගුණ මැකීමෙන්) පිස්නාලද යැ. මානය විසින් නට ගුණ ඇත්තෝ නිරයට වැටෙත්. මානය විසින් නට ගුණ ඇති, නිරයට පැමිණි ජනයෝ දිගුකලක් මුළුල්ලෙහි සොවිත්.
1232. න හි සොචති භික්ඛු කදාචි මග්ගජිනො සම්මා පටිපන්නො කිත්තිං ච සුඛං චානුභොති ධම්මදසො’ති තමාහු තථත්තං.
1232. මාර්ගයෙන් දිනූ කෙලෙස් ඇති මොනොවට පිළිපන් මහණ තෙම කිසිකලෙක නො සොවී මැ යි හෙතෙම කීර්තියත් සුඛයත් විඳී තථභාවයට ගිය ඔහු ධර්මය දක්නෙකැ යි නුවණැතියෝ කීහු.
1233. තස්මා අඛිලො පධානවා නීවරණානි පහාය විසුද්ධො මානං ච පහාය අසෙසං විජ්ජායන්තකරො සමිතාවී.
1233. එහෙයින් (තෝ) චේතෝඛිල රහිත වැ ප්‍රධන්වීර්‍ය්‍ය ඇති වැ නීවරණයන් ප්‍රහීණ කොට පිරිසිදු සිත් අති වැ සියලු මානය ද දුරු කොට සන්හුන් කෙලෙස් ඇති වැ ත්‍රිවිද්‍යායෙන් (දුක්) කෙළවරට පැමිණියෙක් වව.
1234. කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති සාධු නිබ්බාපනං බ්රූහි අනුකම්පාය ගොතම.
1234. කාමරාගයෙන් දැවෙමි, මාගේ සිත හාත්පසින් දැවෙයි. ගෞතම (ගෝත්‍ර ඇති) යෙනි. අනුකම්පා කොට (රාගය) නිවන උපාය වදාළ මැනැවි.
1235. සඤ්ඤාය විපරියෙසා චිත්තං තෙ පරිඩය්හති නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං.
1235. (අශුභයෙහි ශුභ යැයි) සංඥාවිපර්‍ය්‍යාසයෙන් තොපගේ සිත හාත්පසින් දැවෙයි. රාගය ඇසුරු කළ ශුභනිමිත්ත දුරු කරව.
1236. සඞ්ඛාරෙ පරතො පස්ස දුක්ඛතො මා ච අත්තතො නිබ්බාපෙහි මහාරාගං මා ඩයිහිත්ථො පුනප්පුනං.
1236. සංස්කාරයන් අනාත්ම වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්මවශයෙන් නො බලව, මහාරාගය නිවව, පුනපුනා නො දැවෙව.
1237. අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං සති කායගතාත්යත්ථු නිබ්බිදාබහුලො භව.
1237. සිත අවික්ෂිප්ත කොට (අරමුණෙහි) මොනවට පිහිටුවා අශුභානු දර්ශනායෙන් වඩව. තොප ගේ සිහිය කය අනුවගියා වේවා, නිර්වේද බහුලයෙක් වෙව.
1238. අනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ තතො මානාභිසමයා උපසන්තො චරිස්සසි.
1238. අනිමිත්තභාවනාව ද වඩව, මානානුසය ද දුරුකරව. මානාභිසමයෙන් උපශාන්ත වැ වෙසෙහි.
1239. තමෙව වාචං භාසෙය්ය යායත්තානං න තාපයෙ පරෙ ච න විහිංසෙය්ය සා වෙ වාචා සුභාසිතා.
1239. යම් වචනයකින් තමා නො තවන්නේ නම් මෙරමාත් නො පෙළන්නේ නම් එ මැ වචනය කියන්නේ යැ, එකත්නෙන් ඒ වචනය සුභාෂිත වේ.
1240. පියවාචමෙව භාසෙය්ය යා වාචා පටිනන්දිතා යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං.
1240. යම් වචනයක් මෙරමා විසින් පිළිගන්නා ලද නම් යම් වචනයක් කියන්නේ මෙරමා ගේ අනිටු වචනයන් නො ගෙන ප්‍රිය වචනයක් මැ කියා නම් එ මැ ප්‍රිය වචනය කියන්නේ යි.
1241. සච්චං වෙ අමතා වාචා එස ධම්මො සනන්තනො සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සත්තො පතිට්ඨිතා.
1241. සත්‍යය ඒකාන්තයෙන් අමෘතවචනයෙකි, තෙල සත්‍ය වචනය පුරාණධර්මයෙකි, සත්පුරුෂයෝ සත්‍ය වූ අර්‍ත්‍ථයෙහිත් ධර්මයෙහිත් පිහිටියාහු යැ යි (නුවණැතියෝ) කීහු.
1242. යං බුද්ධො භාසති වාචං ඛෙමං නිබ්බානපත්තියා දුක්ඛස්සන්තකිරියාය සා වෙ වාචානමුත්තමා.
1242. නිවනට පැමිණෙනු පිණිස දුක් කෙළවර කරනු පිණිස සර්වඥයන් වහන්සේ යම් ක්ෂේම වූ වචනයක් වදාරත් නම් ඒ වචනය ඒකාන්තයෙන් වචනයෙන් අතුරින් උතුමි.
1243. ගම්භීරපඤ්ඤො මෙධාවී මග්ගාමග්ගස්ස කොවිදො සාරිපුත්තො මහාපඤ්ඤො ධම්මං දෙසෙති භික්ඛූනං.
1243. ගම්භීර ප්‍රඥා ඇති, ධම්මෝජප්රඥා ඇති, මාර්ගාමාර්ගයෙහි නිපුණ වූ මහාප්‍රාඥ වූ ශාරීපුත්‍ර තෙමේ භික්ෂූන්ට දහම් දෙසයි.
1244. සඞ්ඛිත්තෙන’පි දෙසෙති විත්ථාරෙන’පි භාසති සාලිකායිව නිග්ඝොසො පටිභානං උදීරයී.
1244. සැකෙවිනුදු දෙසයි, විතරිනුදු කියයි, සැළලිහිණියකට බඳු මියුරු හඬ ඇත්තේයැ, (කියනු කැමැති කල්හි මුහුදෙහි රළ පෙළ මෙන්) ප්‍රතිභානය (වැටහීම) නැඟ එයි.
1245. තස්ස තං දෙසයන්තස්ස සුණන්ති මධුරං ගිරං සරෙන රජනීයෙන සවනීයෙන වග්ගුනා, උදග්ගචිත්තා මුදිතා සොතං ඔධෙන්ති භික්ඛවො.
1245. කාන්ත වූ ශ්රවණීය වූ මනෝහර වූ ස්වරයෙන් දෙසන්නා වූ ඒ දහම් සෙනෙවිහුගේ ඒ මිහිරි වදන් භික්ෂූහු උන්මුඛ වූ සිත් ඇති වැ මුදිත වැ අසත්, කන්යොමු කරත්.
1246. අජ්ජ පණ්ණරසෙ විසුද්ධියා භික්ඛූ පඤ්චසතා සමාගතා සංයොජනබන්ධනච්ඡිදා අනීඝා ඛීණපුනබ්භවා ඉසී.
1246. අද පණුරැසිපොහෝයෙහි විශුද්ධිපචාරණය සඳහා සංයෝජන සංඛ්‍යාත බන්ධනයන් සිඳැ ලූ නිදුක් වූ ක්ෂය කළ පුනර්භවය ඇති ඍෂි වූ පන්සියක් භික්ෂූහු රැස්වූහු.
1247. චක්කවත්තී යථා රාජා අමච්චපරිවාරිතො සමන්තා අනුපරියෙති සාගරන්තං මහිං ඉමං.
1247. යම්සේ ඇමැතියන් පිරිවැරූ සක්විතිරජ තෙම සයුරු කෙළවර කොට ඇති මෙපොළොව හාත්පස්හි (සියලු තැන්හි) සැරිසරා ද,
1248. එවං විජිතසඞ්ගාමං සත්ථවාහං අනුත්තරං සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
1248. එසේ මැ මාරයා බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්රපාප්ත වූ ශ්‍රාවකයෝ දිනනලද ක්ලේශසඞ්ග්රාම ඇති නිරුත්තර වූ සාර්ත්ථවාහ වූ භාග්‍යවතුන් වහන්සේ පර්ය්යුපාසනය කෙරෙත්.
1249. සබ්බෙ භගවතො පුත්තා පලාසෙත්ථ න විජ්ජති තණ්හාසල්ලස්ස හන්තාරං වන්දෙ ආදිච්චබන්ධුනං.
1249. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු යැ. මෙහි අසාරයෙක් නො පැනේ, තෘෂ්ණාශල්‍යය උපුරන්නා වූ සූර්ය්යබන්ධූහු වඳිමි.
1250. පරොසහස්සං භික්ඛූනං සුගතං පයිරුපාසති දෙසෙන්තං විරජං ධම්මං නිබ්බානං අකුතොභයං.
1250. භික්ෂූන් අයිරා දහසක් (දහසකට වැඩි භික්ෂුහු) පහ වූ රාගාදි රජස් ඇති කොයිනුත් බිය නැති නිවන් දහම් දෙසන සුගතයන් වහන්සේ පර්‍ය්‍යුපාසන කෙරෙයි.
1251. සුණන්ති ධම්මං විමලං සම්මාසම්බුද්ධදෙසිතං සොභති වත සම්බුද්ධො භික්ඛුසඞ්ඝපුරක්ඛතො.
1251. සම්මාසම්බුදුන් විසින් දෙසනලද නිර්මල ධර්මය ශ්‍රවණය කෙරෙති භික්ෂුසඞ්ඝයා විසින් පෙරටු කරගන්නා ලද සම්බුදුහු හොබනාහුමැ යි.
1252. නාගනාමොසි භගවා ඉසීනං ඉසිසත්තමො, මහාමෙඝොව හුත්වාන සාවකෙ අභිවස්සති.
1252. ඍෂින් අතුරෙහි සප්තමර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ නාග නම් වූහ. මහාමේඝයක් බඳු වැ ශ්‍රාවකයන් කෙරෙහි දහම් වැසි වසිත්.
1253. දිවාවිහාරා නික්ඛම්ම සත්ථුස්සනකම්යතා සාවකො තෙ මහාවීර පාදෙ වන්දති වඞ්ගීසො.
1253. මහාවීරයන් වහන්ස, තොප වහන්සේගේ ශ්‍රාවක වූ “වඞ්ගීස” මහණ ශාස්තෲන් වහන්සේ දක්නා කැමැත්තෙන් දිවාවිහාරයෙන් නික්මපාසඟළු වඳී.
1254. උම්මග්ගපථං මාරස්ස අභිභුය්ය චරති පභිජ්ජ ඛිලානි තං පස්සථ බන්ධනපමුඤ්චකරං අසිතං’ව භාගසො පටිභජ්ජ.
1254. යමෙක් මරහුගේ උන්මාර්ගපථය මැඩැපියා චේතෝඛිලයන් බිඳහැරැ හැසිරේ ද, සතිපට්ඨානාදි ධර්මයන් කොටස් විසින්, බෙදා දේශනා කෙරේ ද ක්ලේශබන්ධනයන් මුදන්නා වූ රාගාදි නිඃශ්‍රය රහිත වූ ඒ බුදුන් බලවු.
1255. ඔඝස්ස හි නිත්ථරණත්ථං අනෙකවිහිතං මග්ගං අක්ඛාසි තස්මිඤ්ච අමතෙ අක්ඛාතෙ ධම්මදසා ඨිතා අසංහීරා.
1255. යමෙක් චතුරොඝයාගේ නිස්තරණය පිණිස අනේකප්‍රකාර වූ මාර්ගය ප්‍රකාශ කෙළේ ද ඒ බුදුන් අමෘතය ප්‍රකාශ කළ කල්හි දහම් දක්නාහු (අනෙකක්හු විසින්) අසංහාරිය වැ සිටියාහු යැ.
1256. පජ්ජොතකරො අතිවිජ්ඣ ධම්මං සබ්බට්ඨිතීනං අතික්කමමද්දා ඤත්වා ච සච්ඡිකත්වා ච අග්ගං සො දෙසයි දසද්ධානං.
1256. ප්රද්යොතකර වූ යමෙක් දහම් අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන් ගේ හෝ විඥානස්ථිතීන්ගේ අතික්‍රමණය වූ නිවන දුටුයේ ද අග්‍ර ධර්මය දැන ප්රත්යක්ෂ කොට ඒ සර්වඥ තෙම පස්වග මහණුන්ට දෙසී.
1257. එවං සුදෙසිතෙ ධම්මෙ කො පමාදො විජානතං ධම්මං තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ.
1257. මෙසෙයින් දහම් මොනොවට දේසිත කල්හි දහම් දන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් ඒ භාග්‍යවතුන්ගේ ශාසනයෙහි අප්‍රමත්ත වැ හැම කල්හි නමස්කාර කෙරෙමින් ත්‍රිවිධ ශික්ෂායෙහි හික්මෙන්නේ යැ.
1258. බුද්ධානුබුද්ධො යො ථෙරො කොණ්ඩඤ්ඤො තිබ්බනික්ඛමො ලාභී සුඛවිහාරානං විවෙකානං අභිණ්හසො.
1258. බුද්ධානුබුද්ධ වූ දාඨවීර්ය්ය ඇති කෞණ්ඩින්‍ය නම් යම් ස්ථවිර කෙනෙක් නිරතුරු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති ත්‍රිවිධ විවේකයන් ලැබූහු ද.
1259. යං සාවකෙන පත්තබ්බං සත්ථුසාසනකාරිනා සබ්බස්ස තං අනුප්පත්තං අප්පමත්තස්ස සික්ඛතො.
1259. ශාස්තෲන් වහන්සේගේ අවවාදය පිළිපදනා සුලු වූ හැම ශ්‍රාවකයකු විසින් යම් උතුරුමිනිස්ගුණයෙක් ලැබිය යුතු වන්නේ නම් අප්‍රමාද වැ හික්මෙනුවහු විසින් එය අනුක්රමයෙන් ලබන ලදි.
1260. මහානුභාවො තෙවිජ්ජො චෙතොපරියකොවිදො කොණ්ඩඤ්ඤො බුද්ධදායාදො පාදෙ වන්දති සත්ථුනො.
1260. මහත් වූ අනුභව ඇති (ලබනලද) ත්‍රිවිද්‍යා ඇති, පරසිත් දන්නා නුවණෙහි නිපුණ වූ බුද්ධදායාද (ඖරසපුත්‍ර) වූ කෞණ්ඩින්‍ය ස්ථවිර තෙම ශාස්තෲන් වහන්සේගේ පාසඟළ වඳී.
1261. නගස්ස පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
1261. මරහු බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වූ ශ්‍රාවකයෝ (ඉසිගිලි) පව්පාමුල්හි (කළුගල) මතුයෙහි වැඩහුන්නා වූ (සසර) දුකින් එතර වූ මුනිඳුන් පිරිවරා හිඳිත්.
1262. චෙතසා අනුපරියෙති මොග්ගල්ලානො මහිද්ධිකො චිත්තං නෙසං සමන්වෙසං විප්පමුත්තං නිරූපධිං.
1262. මහත් ඍද්ධිඇති මුගලන් තෙමේ කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ ඔවුන්ගේ සිත චේතෝපරියඤාණයෙන් විමසමින් පිළිවෙළින් පිරිසිඳි.
1263. එවං සබ්බඞ්ගසම්පන්නං මුනිං දුක්ඛස්ස පාරගුං අනෙකාකාරසම්පන්නං පයිරුපාසන්ති ගොතමං.
1263. මෙසේ ශ්‍රාවකයෝ (ශාස්තෲ සම්පත්තියෙන් ද ශ්‍රාවක සම්පත්තියෙන් ද යන) සියලු අඞ්ගයන්ගෙන් සමන්විත වූ සසර දුකින් එතෙර වූ නොයෙක් අයුරු ගුණයෙන් යුක්ත වූ ගෞතම මුනිහු පිරිවරා හිඳිත්.
1264. චන්දො යථා විගතවලාහකෙ නභෙ විරොචති වීතමලො’ව භානුමා එවං’පි අඞ්ගීරස ත්වං මහාමුනි අතිරොචසි යසසා සබ්බලොකං.
1264. පහ වූ වලා ඇති අහස්හි පුන්සඳ යම්සේ බබළා ද පහ වූ උපක්ලේශ ඇති සූර්‍ය්‍යයා යම්සේ බබළා ද එසේ මැ අඞ්ගිරස මහා මුනිවරයන් වහන්ස, මුබ වහන්සේ යසසින් මුළු ලොව අභිභවා බබළන්නාහුය.
1265. කාව්යෙමත්තා විචරිම්හ පුබ්බෙ ගාමා ගාමං පුරා පුරං අථද්දසාම සම්බුද්ධං සබ්බධම්මාන පාරගුං.
1265. පෙර කාව්‍යකරණයෙන් මත් වැ (මානිත වැ) ගමින් ගම නුවරින් නුවර ඇවිද්දම්හ. ඉක්බිති සියලු (ඥේය) ධර්මයන්ගේ පරතෙරට ගියා වූ සම්බුදුන් දුටුම්හ.
1266. සො මෙ ධම්මමදෙසෙසි මුනි දුක්ඛස්ස පාරගූ ධම්මං සුත්වා පසීදිම්හ අද්ධා නො උදපජ්ජථ.
1266. සසරදුකින් එතෙරට ගිය ඒ මුනිවරයන් වහන්සේ මට දහම් දෙසූහ, දහම් අසා ප්‍රසන්න වූම්හ, එකත්නෙන් (තුනුරුවන්) අපට (හිත පිණිස) උපන්නේ යි.
1267. තස්සාහං වචනං සුත්වා ඛන්ධෙ ආයතනානි ච ධාතුයො ච විදිත්වාන පබ්බජිං අනගාරියං.
1267. මම උන් වහන්සේගේ බස් අසා ස්කන්ධ ආයතන ධාතූන් දැනැ ගෙන සසුන්හි පැවැදි වීමි.
1268. බහුන්නං වත අත්ථාය උප්පජ්ජන්ති තථාගතා ඉත්ථීනං පුරිසානං ච යෙ තෙ සාසනකාරකා.
1268. යම් කෙනෙක් (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය කරන්නාහු නම් ඒ බොහෝ වූ සත්රින්ට ද පුරුෂයන්ට ද ඒකාන්තයෙන් වැඩ පිණිස තථාගතයෝ උපදිත්.
1269. තෙසං ඛො වත අත්ථාය බොධිමජ්ඣගමා මුනි භික්ඛූනං භික්ඛුනීනං ච යෙ නියාමගතද්දසා.
1269. යම් කෙනෙක් “සම්මත්තනියාමය” සාක්ෂාත් කළාහු නම් ඒ භික්ෂූන්ට ද භික්ෂූණීන්ට ද එකත්නෙන් වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කළහ.
1270. සුදෙසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්චබන්ධුනා චත්තාරි අරියසච්චානි අනුකම්පාය පාණිනං.
1270. පසැස් ඇති සූර්ය්යබන්ධු වූ බුදුරදුන් විසින් සත්ත්වයන්ට අනුකම්පා පිණිස චතුරාර්‍ය්‍යසත්‍යයෝ දෙසන ලදහ.
1271. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
1271. දුකැ, දුක් උපදනා හේතු යැ, දුක ඉක්මවීම (නිරෝධ) යැ, දුක් සන්හිඳුවනුසුලු අරී අටඟමඟ යැ යන-
1272. එවමෙතෙ තථා වුත්තා දිට්ඨා මෙ තෙ යථා තථා සදත්ථො මෙ අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං.
1272. තෙල සත්යධර්මයෝ මෙසේ ඇතිසැටියෙන් දෙසනලද්දාහු යැ ඒ ධර්මයෝ දෙසනලද පරිද්දෙන් මා විසින් පසක් කරන ලදහ. මා විසින් ස්වාර්ත්ථය අනුක්රමයෙන් ලබනලද යැ. බුදුන්ගේ අවවාදය කරනලදි.
1273. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ සංවිභත්තෙසු ධම්මෙසු යං සෙට්ඨං තදුපාගමිං.
1273. ඒකාන්තයෙන් මනා ඊමෙක් මට විය. මාගේ බුදුන් හමුයෙහි දී විභාග කරන ලද ධර්මයන් අතුරෙහි යම් ධර්මයක් ශ්‍රේෂ්ඨ නම් මම එය සාක්ෂාත් කෙළෙමි.
1274. අභිඤ්ඤාපාරමිප්පත්තො සොතධාතු විසොධිතා තෙවිජ්ජො ඉද්ධිපත්තොම්හි චෙතොපරියකොවිදො.
1274. (මා විසින්) ෂඩ්භිඥාවන්ගේ පරතෙර පැමිණෙන ලද යැ ශ්‍රෝත්‍රධාතුව විශෝධනය කරන ලද යැ, (මම) ත්‍රිවිද්‍යා ඇත්තෙමි. ඍද්ධිවිධඥානය ලද්දෙමි, චේතෝපරියඤාණයෙහි නිපුණයෙමි.
1275. පුච්ඡාමි සත්ථාරමනොමපඤ්ඤං දිට්ඨො’ව ධම්මෙ යො විචිකිච්ඡානං ඡෙත්වා අග්ගාළවෙ කාලමකාසි භික්ඛු ඤාතො යසස්සී අභිනිබ්බුතත්තො.
1275. මහාප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේ විචාරමි, යම් මහණෙක් මේ අත් බැව්හි මැ සැක සිඳ ප්‍රකට වැ යශස් ඇති වැ සන්හුන් සිත් ඇත්තේ ද ඒ මහණ තෙම “අග්ගාළවචේතිය” නම් වූ වෙහෙරෙහි දී කලුරිය කෙළේ ය.
1276. නිග්රොධකප්පො ඉති තස්ස නාමං, තයා කතං භගවා බ්රාහ්මණස්ස සො’හං නමස්සං අචරිං මුත්ත්යපෙඛො ආරද්ධවිරියො දළ්හධම්මදස්සී.
1276. භාග්‍යවතුන්වහන්ස, “නිග්රෝධකප්පඉසි” යනු බ්‍රාහ්මණ ජාතික වූ ඔහුට මුබ වහන්සේ විසින් කරන ලද නමෙකි. නිවන් දහම් දක්නාසුලු භාග්‍යවතුන් වහන්ස, ඒ මම (එකල්හි) මොක්ෂයෙහි අපේක්ෂා ඇතියෙම් රුකුළුවැර ඇතියෙම් නමස්කාර කෙරෙමින් සිටියෙමි.
1277. තං සාවකං සක්ක මයං’පි සබ්බෙ අඤ්ඤාතුමිච්ඡාම සමන්තචක්ඛු සමවට්ඨිතා නො සවනාය සොතා තුවං නො සත්ථා ත්වමනුත්තරොසි.
1277. ශාක්‍යයන් වහන්ස, අපි සියලු දෙනා මැ ඒ (කලුරිය කළ) මහණහු දැනගන්නට කැමැත්තම්හ. සියල්ල දක්නාණෙනි, අපගේ කන් (එකරුණ) අසන්නට යොමු විය. වහන්ස, වහන්සේ අපගේ ශාස්තෘ වූ සේක. වහන්සේ අනුත්තර වූ සේක.
1278. ඡින්ද නො විචිකිච්ඡං බ්රූහි මෙතං පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ මජ්ඣෙ’ව නො භාස සමන්තචක්ඛු සක්කො’ව දෙවාන සහස්සනෙත්තො.
1278. අපගේ විචිකිච්ඡාව සින්ද මැනැවැ, තෙල කරුණු මට වදාළ මැනවැ, මහා ප්‍රාඥයාණෙනි, සියල්ල දක්නාණෙනි, පිරිනිවියහු දැනැ දෙවියන් මැද සහස්නෙත් සක්රජහු සෙයින් අප පිරිස්මැද වදාළ මැනවි.
1279. යෙ කෙචි ගන්ථා ඉධ මොහමග්ගා අඤ්ඤාණපක්ඛා විචිකිච්ඡඨානා තථාගතං පත්වා න තෙ භවන්ති චක්ඛුං හි එතං පරමං නරානං.
1279. මෙලොවැ මෝහයට මාර්ග වූ අඥානපක්ෂ ඇති, විචිකිච්ඡාවට කරැණු වූ (අභිධ්‍යාදි) යම් කිසි ග්රන්ථකෙනෙක් වෙත් නම් ඔහු තථාගතයන් වහන්සේ කරා පැමිණ අභාවයට යෙත්, යම්හෙයකින් තෙල තථාගතයන් වහන්සේ මිනිසුනට පරමචක්ෂුස වේ ද එහෙයිනි.
1280. නො චෙ හි ජාතු පුරිසො කිලෙසෙ වාතො යථා අබ්භඝනං විහානෙ තමොවස්ස නිවුතො සබ්බලොකො ජොතිමන්තො’පි න පභාසෙය්යුං.
1280. ඉදින් යම් හෙයකින් තථාගත තෙම වායුව වැසිවලාවක් සෙයින් කෙලෙස් නොනසා නම් ඔකත්නෙන් මුළු ලොව අඳුරින් වැසුණේ මැ වන්නේ යැ, (ශාරිපුත්‍රාදි) ද්යුතිමත්හු ද නො බබලන්නාහු මැ යි.
1281. ධීරා ච පජ්ජොතකරා භවන්ති තං තං අහං වීර තථෙව මඤ්ඤෙ විපස්සිනං ජානමුපාගමිම්හා පරිසාසු නො ආවිකරොහි කප්පං.
1281. පණ්ඩිත පුරුෂයෝ නැණපහන් කරන්නාහු වෙත්, එහෙයින් වීරයන් වහන්ස, මම ඔබ එසේ මැ හඟිම් (සියලු ධර්මයන්) වෙසෙසින් දක්නාසුලු තැනැත්තහු වෙත දන්නහු වෙත එළඹියම්හ. පිරිස් මැද අපට “නිග්‍රෝධකප්ප” හෙළි කළ මැනවි.
1282. ඛිප්පං ගිරං එරය වග්ගු වග්ගුං හංසො’ව පග්ගය්හ සනිකං නිකූජ බින්දුස්සරෙන සුවිකප්පිතෙන සබ්බෙ’ව තෙ උජ්ජුගතා සුණොම.
1282. භාග්‍යවතුන් වහන්ස, මනහර වූ වදන් නො ලස් වැ උසුරුවනු මැනැවැ, කඳට නඟා පියා සලා (තුටු පහටු වැ කූජනය කරන) හංසයකු සෙයින් මොනොවට විකල්පනය කරනලද බින්දුස්වරයෙන් යුතු වැ සෙමින් වදාහළ මැනැවැ, (අපි) සියලු දෙනා මැ එකඟසිත් ඇති වැ අසම්හ.
1283. පහීනජාතිමරණං අසෙසං නිග්ගය්හ ධොනං පටිවෙදියාමි න කාමකාරො හි පුථුජ්ජනානං සඞ්ඛෙය්යකාරො’ව තථාගතානං.
1283. නිරවශේෂ කොට ප්රහාණය කළ ජාතිමරණ ඇති කම්පා කරන ලද පව් ඇති බුදුන් ලවා ඇවිටිලි කොට දහම් දෙසවමි. කාමකාරයෙක් (කැමැත්තක් කරනු හැකියාවක්) පුහුදුන්හට නැත. විමසා කිරීම මැ තථාගතයන්ට ඇත්තේ යි.
1284. සම්පන්නවෙය්යාකරණං තවෙදං සමුජ්ජුපඤ්ඤස්ස සමුග්ගහීතං අයමඤ්ජලි පච්ඡිමො සුප්පණාමිතො මා මොහයී ජානමනොමපඤ්ඤ.
1284. (භාග්‍යවතුන් වහන්ස,) ඍජු ප්‍රශ්නයට මුබ වහන්සේගේ මේ පරිපූර්ණ විසර්ජනය මා විසින් මැනැවින් උගන්නා ලද්දේ යැ, මේ පශ්චිම අඤ්ජලිය මොනොවට බඳනාලද්දේ යැ, මහාප්රඥායන් වහන්ස, කප්පගේ ගතිය (දන්නාසේක් එය නො දෙසීමෙන්) නහමක් මුළා කරන සේක්වා.
1285. පරොවරං අරියධම්මං විදිත්වා මා මොහයී ජානමනොමවීර වාරිං යථා ඝම්මනි ඝම්මතත්තො වාචාභිකඞ්ඛාමි සුතං පවස්ස.
1285. මහාවීරයාණෙනි, පරාවර (ලෞකික ලෝකෝත්තර විසින් සුන්දරාසුන්දර) වූ සිව්සස් දහම් අවබෝධ කොට (දතයුතු) සියල්ල දන්නා සේක් නො දෙසීමෙන් මුළා නො කළ මැනවැ ඝර්‍මකාලයෙහි ග්රීෂමයෙන් තැවුණකු ජලය මෙන් දේෂනය කැමැත්තෙමි, (එහෙයින් මැ) ශ්‍රැතය (ශබ්දායතනය) වගුළ මැනවි (වදාළ මැනවැ යි සේ යි).
1286. යදත්ථිකං බ්රහ්මචරියං අචාරි කප්පායනො කච්චි සතං අමොඝං නිබ්බායි සො ආදු සඋපාදිසෙසො යථා විමුත්තො අහු තං සුණොම.
1286. පූජ්‍ය “කප්ප” තෙමේ යමක් සඳහා සත්පුරුෂයන්ගේ නොසිස් වූ බඹසර හසළේ නම් කිම, හෙතෙම අනුපාදිශේෂයෙන් පිරිනිවියේ ද? විමුක්තයකු සෙයින් වී ද? එය අසම්හ.
1287. අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ (ඉති භගවා) තණ්හාය සොතං දීඝරත්තානුසයිතං අතාරි ජාතිං මරණං අසෙසං ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨො.
1287. මේ ලෝකයෙහි නාමරූප විෂයෙහි වූ තෘෂ්ණාව සිඳලූයේ යැ, දිගුකලක් මුළුල්ලෙහි අනුශය වූ තෘෂ්ණාශ්රොතස තරණය කළේ යැ. ජාතිමරණ දෙක නිරවශේෂ කොට තරණය කරවී ය යි (පසස් ඇති හෙයින්) පඤ්ච ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1288. එස සුත්වා පසීදාමි වචො තෙ ඉසිසත්තම අමොඝං කිර මෙ පුට්ඨං න මං වඤ්චෙසි බ්රාහ්මණො.
1288. ඍෂිසප්තමයන් වහන්ස, මුඹ වහන්සේගේ තෙල වදන් අසා පහදිමි. මා විසින් විචාරනලද්ද නො සිස් යැ, බ්‍රාහ්මණ තෙමේ (භාග්‍යවතුන් වහන්සේ) මා නො රැවටී.
1289. යථාවාදී තථාකාරී අහු බුද්ධස්ස සාවකො අච්ඡෙච්ඡි වච්චුනො ජාලං තතං මායාවිනො දළ්හං.
1289. බුද්ධශ්රාවක තෙමේ යථාවාදී තථාකාරී විය, මායාවී මරහුගේ (ත්‍රෛභූමක වර්තයෙහි) පතළා වූ දැඩි වූ (තෘෂ්ණා) ජාලය සින්දේ යැ.
1290. අද්දස භගවා ආදිං උපාදානස්ස කප්පියො අච්චගා වත කප්පානො මච්චුධෙය්යං සුදුත්තරං.
1290. භාග්‍යවතුන් වහන්සේ උපාදානයා (වර්තයා) ගේ මූල කාරණය දුටහ. “කප්ප” තෙමේ තරණයට අති දුෂ්කර වූ ත්‍රෛභූමක වර්තය ඒකාන්තයෙන් ඉක්මගියේ යි.
1291. තං දෙවදෙවං වන්දාමි පුත්තං තෙ ද්විපදුත්තම අනුජාතං මහාවීරං නාගං නාගස්ස ඔරස’න්ති.
1291. ද්විපදෝත්තමයන් වහන්ස! දෙවියනට දෙවි වූ මුඹ වහන්සේ වඳිමි. (යළි) බුද්ධනාග වූ මුඹ වහන්සේගේ අනුජාතපුත්ර වූ ඖරසපුත්‍ර වූ මහාවීර වූ (නිග්‍රෝධකප්ප) නම් නාගයා වඳිමි.
ඉත්ථං සුදං ආයස්මා වඞ්ගීසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
වඞ්ගීසත්ථෙරගාථා.
වඞ්ගීස ස්ථවිරගාථා යි.
තස්සුද්දානං:
උද්දානය:
සත්තතිම්හි නිපාතම්හි වඞ්ගීසො පටිභානවා එකො’ව ථෙරො නත්ථඤ්ඤො ගාථායො එකසත්තතී’ති.
සැත්තෑ වැනි නිපාතයෙහි ප්රතිභානවත් එක් මැ වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ යැ, අනෙකෙක් නැති. ගාථා ද එක් සැත්තෑවකි.
මහානිපාතො නිට්ඨිතො.
මහානිපාතය නිමි.
තස්සුද්දානං:
උද්දානය:
සහස්සං හොන්ති තා ගාථා තීණි සට්ඨි සතානි ච ථෙරා ච ද්වෙ සතා සට්ඨි චත්තාරො ච පකාසිතා.
ඒ ගාථාවෝ එක්දහස් දෙසියඑක්අනූවක් වෙති, තෙරවරු ද දෙසිය සිව්සැටක් වෙති ප්‍රකාශ කරනලදහ.
සීහනාදං නදිත්වාන බුද්ධපුත්තා අනාසවා ඛෙමන්තං පාපුණිත්වාන අග්ගික්ඛන්ධා’ව නිබ්බුතා’ති.
නිරාසුව වූ බුද්ධපුත්‍රයෝ සිංහනාද කොට නිවනට පැමිණ ගිනිකඳු මෙන් පිරිනිවියහ.
ථෙරගාථාපාළි නිට්ඨිතා.
ථේරගාථා නිමි.