යෙදුමෙන් කියවන්න

60. සට‍්ඨිනිපාතො

60. සට‍්ඨිනිපාතො.

60. සට්ඨිනිපාතය

60. 1. 1.

60. 1. 1.

1151. ආරඤ‍්ඤකා පිණ‍්ඩපාතිකා උඤ‍්ඡාපත‍්තාගතෙ රතා, දාළෙමු මච‍්චුනො සෙනං අජ‍්ඣත‍්තං සුසමාහිතා.

1151. (අපි) ආරණ්‍යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්‍රයට පැමිණි අහරෙහි තුටු වැ (ගෝචර) අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරහුගේ සේනාව සුන් කරම්හ.

1152. ආරඤ‍්ඤකා පිණ‍්ඩපාතිකා උඤ‍්ඡාපත‍්තාගතෙ රතා, ධුනාම මච‍්චුනො සෙනං නළාගාරං’ව කුඤ‍්ජරො.

1152. (අපි) ආරණ්‍යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්‍රයට පැමිණි අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් (බටගෙයක්) සෙයින් මරසෙන් සලවම්හ.

1153. රුක‍්ඛමූලිකා සාතතිකා උඤ‍්ඡාපත‍්තාගතෙ රතා, දාළෙමු මච‍්චුනො සෙනං අජ‍්ඣත‍්තං සුසමාහිතා.

1153. (අපි) වෘක්‍ෂ මූලික වැ (භාවනායෙහි) සාතත්‍යකාරී (නිරතුරු යෙදුණක් වැ) සිඟා ලද අහරෙහි තුටු වැ (ගෝචර) අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරසෙන් සුන් කරම්හ.

1154. රුක‍්ඛමූලිකා සාතතිකා උඤ‍්ඡාපත‍්තාගතෙ රතා, ධුනාම මච‍්චුනො සෙනං නළාගාරං’ව කුඤ‍්ජරො.

1154. (අපි) වෘක්‍ෂමූලික වැ (භාවනායෙහි) සාතත්‍යකාරී (නිරතුරු යෙදුණක්) වැ සිඟා ලද අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් සෙයින් මරසෙන් සලවම්හ.

1155. අට‍්ඨිකඞ‍්කාලකුටිකෙ මංසනනහාරුසිබ‍්බිතෙ, ධිරත්‍ථු පූරෙ දුග‍්ගන්‍ධෙ පරගත‍්තෙ මමායසෙ,

1155. එම්බා ඇටසැකිලිමුවා කිළියක් ඇත්තිය, මසින් හා නහර වැලින් හිවුණිය (මැසුණිය). අසුචියෙන් පිරුණිය, දුගඳ වහන්නිය, තිට නින්‍දා වේවා! මෙරමා අයත් සිරුරෙහි තෝ මමායන කරනෙහි.

1156. ගූථභස‍්තෙ තචොනද‍්ධෙ උරගණ‍්ඩ පිසාචිනී, නව සොතානි තෙ කායෙ යානි සන්‍දන‍්ති සබ‍්බදා.

1156. එම්බා පුප්පිහිවාව (ගූථහස්ත්‍රාව), සමින් වැසුණිය, ළඟඬු (උරයෙහි නැඟුණු ගඬු ඇති) පිසස්නිය, යම් (ව්‍රණමුඛ) කෙනෙක් හැම තල්හි (අශූචි) වගුරත් නම් තීගේ සිරුරෙහි ඒ ව්‍රණමුඛයෝ නව දෙනෙකි.

1157. තව සරීරං නවසොතං දුග‍්ගන්‍ධකරං පරිබන්‍ධං, භික‍්ඛු පරිවජ‍්ජයතෙ තං මීළ‍්හඤ‍්ච යථා සුචිකාමො.

1157. තිගේ සිරුර වණමුව නවයක් ඇතියේ යැ, දුගඳකර යැ, පරිබන්‍ධ (මනා පිළිවෙතට බාධක) යෙකි, පිරිසිදු බව කැමැත්තකු සෙයින් මහණ තෙම ඒ පුප් (අශූචි) වළ දුරු කෙරේ.

1158. එවං චෙ තං ජනො ජඤ‍්ඤා යථා ජානාමි තං අහං, ආරකා පරිවජ‍්ජෙය්‍ය ගූථට‍්ඨානං’ව පාවුසෙ.

1158. මම යම්සේ ඒ අශූචිපිණ්ඩය දනිම් ද ජන තෙමේ එය එපරිද්දෙන් දනී නම් වැසි කල්හි අමේධ්‍යස්ථානයක් සෙයින් දුරින් දුරු කරන්නේ යි.

1159. එවමෙතං මහාවීර යථා සමණ භාසසි, එත්‍ථ චෙකෙ විසීදන‍්ති පඞ‍්කම‍්හි’ව ජරග‍්ගවො.

1159. ශ්‍රමණයන් වහන්ස, තෙපි යම්සේ වදාරවු නම් මහාවීරය, එය එසේ යැ, එතෙකුදුවත් මඩෙහි ජරද්ගවයකු සෙයින් ඇතැමෙක් මෙහි ගැලෙත් ලගිත්).

1160. ආකාසම‍්හි හලිද‍්දියා යො මඤ‍්ඤෙථ, රජෙතවෙ, අඤ‍්ඤෙන වා’පි රඞ‍්ගෙන විඝාතුදයමෙව තං.

1160. යමෙක් කසටින් හෝ අන්රඳනෙකින් හෝ අහස රඳන්නට සිතන්නේ නම් ඒ වනාහි වෙහෙස පාළ කරන්නක් මැ වේ.

1161. තදාකාසසමං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසමාහිතං, මා පාපචිත‍්තෙ අහනි අග‍්ගිඛන්‍ධං’ව පක‍්ඛිමා.

1161. (මා ගේ) ඒ සිත ආකාශය වැන්නැ, අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත යැ, එම්බා ළමු (නිහීන) සිත් ඇත්තීය, ගිනිකඳක් (ගටනා) පළඟකු සෙයින් (මා) නහමක් ගටව (නොගට).

1162. පස‍්ස චිත‍්තකතං බිම‍්බං අරුකායං සමුස‍්සිතං, ආතුරං බහුසඞ‍්කප‍්පං යස‍්ස නත්‍ථි ධුවං ඨිති.

1162. යමක්හුගේ ධ්‍රැවභාවයක් හෝ ස්ථීතිභාවයක් හෝ නැත් ද, වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද්දා වූ ගිලන් වූ නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.

1163. පස‍්ස චිත‍්තකතං රූපං මණිනා කුණ‍්ඩලෙන ච, අට‍්ඨිං තචෙන ඔනද‍්ධං සහ වත්‍ථෙහි සොභති.

1163. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කොඬොලිනුදු විසිතුරු කරනලද රූපය බලව (ඒ) වස්ත්‍ර සහිත වි මැ හොබනේ යි.

1164. අලත‍්තකකතා පාදා මුඛං චුණ‍්ණකමක‍්ඛිතං, අලං බාලස‍්ස මොහාය නො ච පාරගවෙසිනො.

1164. ලහරසින් රඳනාලද පාදයෝ, සුවඳසුනු අලෙවිදුන් මුව, බාලයාගේ සම්මෝහයට නිස්සැ පාරගවෙෂිහුගේ මෝහයට නිසි නො වෙයි.

1165. අට‍්ඨපාදකතා කෙසා නෙත‍්තා අඤ‍්ජනමක‍්ඛිතා, අලං බාලස‍්ස මොහාය නො ච පාරගවෙසිනො.

1165. අෂ්ටපාදකෘතකේශයෝ (කියඹුවැල්) ද අඳුන් ඇඳි නේත්‍රයෝ ද බාලජනයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.

1166. අඤ‍්ජනීව නවා චිත‍්තා පූතිකායො අලඞ‍්කතො, අලං බාලස‍්ස මොහාය නො ච පාරගවෙසිනො.

1166. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් සෙයින් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.

1167. ඔදහි මිගවො පාසං නාසදා වාගුරං මිගො, භුත්‍වා නිවාපං ගච‍්ඡාම කන්‍දකන‍්තෙ මිගබන්‍ධකෙ.

1167. මුවවැදි තෙම මලපුඬුව දමාලී යැ, මුවා වරදැල නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.

1168. ඡින‍්නො පාසො මිගවස‍්ස නාසදා වාගුරං මිගො, භුත්‍වා නිවාපං ගච‍්ඡාම සොචන‍්තෙ මිගලුද‍්දකෙ.

1168. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා වරදැල නො පැහැසී යැ, මුවවැදි සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.

1169. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, අනෙකාකාරසම‍්පන‍්නෙ සාරිපුත‍්තම‍්හි නිබ‍්බුතෙ.

1169. (ශීලාදි) නොයෙක් ආකාරවරයෙන් පරිපූර්‍ණ වූ සැරියුත් තෙරුන් පිරිනිවි කල්හි යම් (සෙනහඬ ආදි) බිහිසුණු අරමුණෙක් වී නම් එකල්හි ලොමුදහගැන්ම වී,

1170. අනිච‍්චා වත සඞ‍්ඛාරා උප‍්පාදවයධම‍්මිනො, උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති තෙසං වූපසමො සුඛො.

1170. අහෝ! සංස්කාරයෝ අනිත්‍යයෝ යැ. ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට ඇත්තෝ යැ, ඉපැද නිරුද්ධ වෙති, ඔවුන්ගේ සන්හිඳීම සුව යි.

1171. සුඛුමං තෙ පටිවිජ‍්ඣන‍්ති වාලග‍්ගං උසුනා යථා, යෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ පස‍්සන‍්ති පරතො නො ච අත‍්තතො.

1171. යම් කෙනෙක් පඤ්චස්කන්‍ධය අනාත්ම විසින් දකිත් නම් ඔහු (අඳුරෙහි විදුලිය එළියෙන්) සරයෙන් වලග විදුනා සේ සියුම් අරුත් පිළිවිදිත් (විනිවිද දකිත්). ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදිත්.

1172. යෙ ච පස‍්සන‍්ති සඞ‍්ඛාරෙ පරතො නො ච අත‍්තතො, පච‍්චබ්‍යාධිංසු නිපුණං වාලග‍්ගං උසුනා යථා.

1172. තවද යම් කෙනෙක් සංස්කාරයන් අනාත්ම විසින් දකිත් නම් ඔහු සරයෙන් වලග සේ නිපුණ වැ සියුම් අරුත් පිළිවිදියහ. ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදියහ.

1173. සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානො’ව මත්‍ථකෙ, කාමරාගප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

1173. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.

1174. සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානො’ව මත්‍ථකෙ, භවරාගප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

1174. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් භවරාග ප්‍රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.

1175. චොදිතො භාවිතත‍්තෙන සරීරන‍්තිමධාරිනා, මිගාරමාතුපාසාදං පාදඞ‍්ගුට‍්ඨෙන කම‍්පයිං.

1175. වඩනාලද සිත් ඇති පැසිම් සිරුරු (අන්තිම දේහය) දරන්නහු (ශාස්තෲන් වහන්සේ) විසින් චූදිතයෙම් පයැ මහපටැඟිල්ලෙන් මුවරමාපාය සැලීමි.

1176. නයිදං සිථිලමාරබ‍්භ නයිදං අප‍්පෙන ථාමසා, නිබ‍්බානමධිගන‍්තබ‍්බං සබ‍්බගන්‍ථපමොචනං.

1176. සියලු ග්‍රන්‍ථයන් වෙසෙසින් මුදනසුලු වූ මේ නිවන වූකලී ලිහිල් වැ වැර කොට සාක්‍ෂාත් කටයුත්තේ නො වෙයි, මඳ වැරෙනුදු සාක්‍ෂාත් කටයුත්තේ නො වේ.

1177. අයං ච දහරො භික‍්ඛු අයමුත‍්තමපොරිසො, ධාරෙති අන‍්තිමං දෙහං ඡෙත්‍වා මාරං සවාහිනිං.

1177. මේ උත්තම පුරුෂ වූ මේ ( “වේද” නම් වූ) තරුණ මහණ තෙමේත් සෙන් සහිත මරහු දිනා අන්තිමදේහය දරයි.

1178. විවරමනුපතන‍්ති විජ‍්ජුතා වෙභාරස‍්ස ච පණ‍්ඩවස‍්ස ච, නගවිවරගතො’ව ඣායති පුත‍්තො අප‍්පටිමස‍්ස තාදිනො.

1178. “වෙභාර” පර්‍වතයටත් “පාණ්ඩව” පර්‍වතයටත් අතරැ වූ විවරය ලක්‍ෂ්‍ය කොට විදුලිය වැටෙයි, අප්‍රතිම (අසම) වූ තාදීහුගේ පුත්‍ර තෙම පර්‍වත විවරගත වැ ධ්‍යාන කෙරේ.

1179. උපසන‍්තො උපරතො පන‍්තසෙනාසනො මුනි, දායාදො බුද‍්ධසෙට‍්ඨස‍්ස බ්‍රහ‍්මුනා අභිවන්‍දිතො.

1179. උපශාන්ත වූ පව්කමින් වෙන් වූ ප්‍රාන්තසේනාසන ඇති මුනි වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරසසූත්‍ර තෙම බඹහු විසින් අභිවාදනය කරනලද්දේ යි.

1180. උපසන‍්තං උපරතං පන‍්තසෙනාසනං මුනිං, දායාදං බුද‍්ධසෙට‍්ඨස‍්ස වන්‍ද බ්‍රාහ‍්මණ කස‍්සපං.

1180. බමුණ, තෝ උපශාන්ත වූ උපරත වූ ප්‍රාන්තසේනාසන ඇති මුනි වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරසපුත්‍ර වූ කසුප් තෙරුන් වඳු.

1181. යො ච ජාතිසතං ගච‍්ඡෙ සබ‍්බා බ්‍රාහ‍්මණජාතියො, සොත්‍ථියො වෙදසම‍්පන‍්නො මනුස‍්සෙසු පුනප‍්පුනං.

1181. යමෙකුත් මිනිසුන් අතුරෙහි පුනපුනා ජාති සියයක් සියලු බ්‍රාහ්මණජාතීන්ට (උපප්‍රාප්ති වශයෙන්) එළඹෙන්නේ නම් සොත්‍ථිය ජාති (එනම් බමුණුජාති) ඇත්තේ නම් “වේද” සම්පන්න වේ නම් -

1182. අජ‍්ඣායකො’පි චෙ අස‍්ස තිණ‍්ණං වෙදාන පාරගූ, එතස‍්ස වන්‍දනායෙතං කලං නාග‍්ඝති සොළසිං.

1182. ඉදින් වේදධ්‍යයනය කරන්නේත් වේ නම්, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේත් වේ නම් එබන්දහුට වැඳීම මේ කසුප් තෙරුනට වැඳීමෙන් සොළසින් කලාවටත් නො අගී.

1183. යො සො අට‍්ඨවිමොක‍්ඛානි පුරෙභත‍්තං අඵස‍්සයි, අනුලොමං පටිලොමං තතො පිණ‍්ඩාය ගච‍්ඡති.

1183. යම් මහණෙක් අෂ්ටවිමෝක්‍ෂයන් පෙරබත් වේලෙහි අනුලොම් පිළිලොම් විසින් සමවන්නේ නම් ඉක්බිති පිඬු සිඟා යේ නම් -

1184. තාදිසං භික‍්ඛුං මා හනි මාත‍්තානං ඛණි බ්‍රාහ‍්මණ, අභිප‍්පසාදෙහි මනං අරහන‍්තම‍්හි තාදිනො ඛිප‍්පං පඤ‍්ජලිකො වන්‍ද මා තෙ විජටි මත්‍ථකං.

1184. බමුණ, තෝ එබඳු මහණහු නහමක් ගට (නොගට), තමා මුලුසුන් නො කර, අර්‍හත් වූ තාදීහු කෙරෙහි සිත් පහද, වහා ඇඳිලි බැඳැ වඳු, තාගේ හිස නහමක් පළනු (නා පළාගන්).

1185. නෙසො පස‍්සති සද‍්ධම‍්මං සංසාරෙන පුරක‍්ඛතො, අධොගමං ජිම‍්හපථං කුම‍්මග‍්ගමනුධාවති.

1185. තෙල (පොඨිල නම්) මහණ තෙම (අවිද්‍යාදි) සසර බැඳුම් විසින් පුරස්කෘත වූයේ (නව ලොවුතුරු) සදහම් නො දකී. අධෝගාමී වූ (මායාසාඨෙය්‍යාදි) වඞ්කමාර්‍ග ඇත්තා වූ (මිථ්‍යාජීව සඞ්ඛ්‍යාත) නො මඟෙහි දිවැ යේ.

1186. කිමී’ව මීළ‍්හසල‍්ලිත‍්තො සඞ‍්ඛාරෙ අධිමුච‍්ඡිතො, පගාළ‍්හො ලාභසක‍්කාරෙ තුච‍්ඡො ගච‍්ඡති පොඨිලො.

1186. අමේධ්‍යයෙන් හාත්පසින් තැවැරුණු පණුවකු සෙයින් සංස්කාරයෙහි බැඳුණු (ගැලුණු) ලාභයෙහි ද සත්කාරයෙහි ද වෙසෙසින් කිඳුණු පොඨිල මහණ තෙම හිස් වැ යේ.

1187. ඉමං ච පස‍්ස ආයන‍්තං සාරිපුත‍්තං සුදස‍්සනං, විමුත‍්තං උභතොභාගෙ අජ‍්ඣත‍්තං සුසමාහිතං.

1187. තෙල එන්නා වූ ශාරිපුත්‍රයන් එනම් - මනා දැකුම් ඇතියා වූ උභතොභාගවිමුක්ත වූ අධ්‍යාත්මයෙහි මොනවට සමාහිත වූ -

1188. විසල‍්ලං ඛීණසංයොගං තෙවිජ‍්ජං මච‍්චුහායිනං, දක‍්ඛිණෙය්‍යං මනුස‍්සානං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං,

1188. පහ වූ (රාගාදි) ශල්‍ය ඇතියා වූ ක්‍ෂය වූ සංයෝජන ඇති ත්‍රිවිද්‍යා ඇති මරහු මැඩලනසුලු වූ දක්‍ෂිණාර්‍හ වූ මිනිසුනට නිරුත්තර පින්කෙතක් වූ ශාරීපුත්‍රයන් බලව.

1189. එතෙ සම‍්බහුලා දෙවා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො දසදෙවසහස‍්සානි සබ‍්බෙ බ්‍රහ‍්මපුරොහිතා මොග‍්ගල‍්ලානං නමස‍්සන‍්තා තිට‍්ඨන‍්ති පඤ‍්ජලීකතා.

1189. තෙල බොහෝ වූ දෙවිවරු එනම් - ඍධි ඇත්තාහු, යශස් ඇත්තාහු, බ්‍රහ්මපුරෝහිත නම් බඹලෝවැසි වූ, දසදහසක් පමණ වූ සියලු දෙවිවරු ඇඳිලි බැඳැ මුගලන් තෙරුනට නමස්කාර කරමින් සිටිත්.

1190. නමො තෙ පුරිසාජඤ‍්ඤ නමො තෙ පුරිසුත‍්තම යස‍්ස තෙ ආසවා ඛීණා දක‍්ඛිණෙය්‍යො’සි මාරිස.

1190. පුරුෂාජානීයය, ඔබට නමස්කාර වේවා පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා! භවත, ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු යැ, භවත් දක්‍ෂිණාර්‍හ වෙයි.

1191. පූජිතො නරදෙවෙන උප‍්පන‍්නො මරණාභිභූ පුණ‍්ඩරීකං’ව තොයෙන සඞ‍්ඛාරෙනොපලිප‍්පති,

1191. (මුගලන් තෙර) නරදේවයන් (මිනිසුන් හා දෙවියන් හෝ සම්බුදුන්) විසින් පුදනලද්දේ (මරණයෙන් මඩනාලද ලොවැ) උපන්නේ මරණය මැඩලූයේ ජලය විසින් පඬෙර (හෙළපියුම්) සෙයින් සංස්කාරයන් විසින් නො තැවැරුණේ යි.

1192. යස‍්ස මුහුත‍්තෙන සහස‍්සධා ලොකො සංවිදිතො සබ්‍රහ‍්මකප‍්පො වසි ඉද‍්ධිගුණෙ චුතූපපාතෙ කාලෙ පස‍්සති දෙවතා ස භික‍්ඛු.

1192. යමකු විසින් ඇසිල්ලෙකින් සහස්‍රීලෝකධාතුව සාක්‍ෂාත් කරන ලද නම් ඒ මුගලන් තෙර බ්‍රාහ්මයා සදෘශ යා, ඍද්ධිවිධඥානයෙහි ද චුතූපපාතඥානයෙහි ද වශීප්‍රාප්ත වූ ඒ මහණ සුදුසු කල්හි (දිවැසින්) දෙවියන් බලයි.

1193. සාරිපුත‍්තො’ව පඤ‍්ඤාය සීලෙන උපසමෙන ච යො’පි පාරඞ‍්ගතො භික‍්ඛු එතා’වපරමො සියා.

1193. ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් (කෙලෙසුන් සන්සිඳීමෙන්) ද යම් මහණෙත් පරතෙරට (පරමොතකෘෂ්ටභාවයට) ගියේ නම් හේ ශාරිපුත්‍ර බඳු යැ එතත්පරම මැ වන්නේ යි.

1194. කොටිසතසහස‍්සස‍්ස අත‍්තභාවං ඛණෙන නිම‍්මිනෙ අහං විකුබ‍්බනාසු කුසලො වසීභූතොම‍්හි ඉද‍්ධියා.

1194. කෝටිලක්‍ෂයක් ආත්මභාවයන් ඇසිල්ලෙකින් මවන්නෙමි, මම ඍද්ධිවිකුර්‍වණයෙහි සමත්මි, ඍද්ධියෙහි වශී වූයෙමි.

1195. සමාධිවිජ‍්ජාවසිපාරමිං ගතො. මොග‍්ගල‍්ලානගොත‍්තො අසිතස‍්ස සාසනෙ ධීරො සමුච‍්ඡින්‍දි සමාහිතින්‍ද්‍රියො නාගො යථා පූතිලතං’ව බන්‍ධනං.

1195. සමාධීන්හි දු විද්‍යාවන්හි (ත්‍රිවිද්‍යායෙහි) දු පරතෙරට ගියා වූ තෘෂ්ණාදි නිශ්ශ්‍රය රහිත වූවහු (ශාස්තෲන් වහන්සේ) ගේ සසුන්හි ධෛර්‍ය්‍ය ඇතියා වූ වසනලද ඉඳුරන් ඇතියා වූ මොග්ගල්ලාන ගෝත්‍ර ඇත්තේ රසකිඳ වැලක් සිඳුනා ඇතකු සෙයින් ක්ලේශබන්‍ධනය (සුවසේ) මැනැවින් සින්දේ යි.

1196. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

1196. මා විසින් ශාස්තෲන් වහන්සේ පරිවිතයහ. සම්බුදුන්ගේ අවවාදය කරනලදී. ගුරු වූ බර බහා තබනලද්දේ යැ, තෘෂ්ණාව මුලසුන් කරන ලදු.

1197. යස‍්සත්‍ථාය පබ‍්බජිතො අගාරස‍්මානගාරියං සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො.

1197. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ පැවිද්දට ගියෙම් නම්, සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම නම් වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යි.

1198. කීදිසො නිරයො ආසි යත්‍ථ දුස‍්සී අපච‍්චථ විධුරං සාවකමාසජ‍්ජ කකුසන්‍ධං ච බ්‍රාහ‍්මණං.

1198. එම්බා මාරය, (කකුසඳ බුදුන්ගේ අග්‍ර) ශ්‍රාවක වූ “විධුර” නම් තෙරුන් ද කකුසඳ නම් සම්බුදුන් ද පෙළා “දුස්සී” නම් මාර තෙම යම් නිරයෙකැ පැසුණේ නම් ඒ නිරය කෙබඳු වී ද,

1199. සතං ආසි අයොසඞ‍්කූ සබ‍්බෙ පච‍්චත‍්තවෙදනා ඊදිසො නිරයො ආසි යත්‍ථ දුස‍්සී අපච‍්චථ විධුරං සාවකමාසජ‍්ජ කකුසන්‍ධං ච බ්‍රාහ‍්මණං.

1199. “විධුර” නම් ශ්‍රාවකයන් ද කකුසඳ සම්මා සම්බුදුන් ද පෙළා “දුස්සී” නම් මාර තෙම යම් නිරයෙකැ පැසිණි නම් ඒ නිරය මෙබඳු වී යැ: එහි යහුල් සියයෙක් විය, සියල්ලෝ වෙන් වෙන් වේදනා ඇත්තෝ යි.

1200. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1200. (මහා අභිඥාලාභි) යමෙක් තෙල කර්‍මඵලය වෙසෙසින් දනී නම් ඒ මහණ තෙම බුද්ධශ්‍රාවකයෙකි. පවිට (මාරය), තො එබඳු මහණක්හු පෙළා දුකට පැමිණෙන්නෙහි.

1201. මජ‍්ඣෙසරස‍්ස තිට‍්ඨන‍්ති විමානා කප‍්පට‍්ඨායිනො වෙළුරියවණ‍්ණා රුචිරා අච‍්චිමන‍්තො පභස‍්සරා අච‍්ඡරා තත්‍ථ නච‍්චන‍්ති පුථු නානත‍්තවණ‍්ණියො.

1201. සමුද්‍රමධ්‍යයෙහි කල්පස්ථායී වූ වෙරළුමිණි බඳු පැහැ ඇති මනෝඥ වූ ද්‍යුතිමත් වූ ප්‍රභාස්වර වූ විමානයෝ ඇත එහි නොයෙක් පැහැ ඇති බොහෝ දේවසරනු නටත්.

1202. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1202. යමෙක් තෙල කර්‍මඵලය ... පවිට, තෝ දුක් විඳුනෙහි.

1203. යො වෙ බුද‍්ධෙන චොදිතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස පෙක‍්ඛතො මිගාරමාතුපාසාදං පාදඞ‍්ගුට‍්ඨෙන කම‍්පිසං.

1203. යමෙක් සම්බුදුන් විසින් චෝදනා කරන ලද නම් ඒ මම භික්‍ෂු සඞ්ඝයා බලා සිටිය දී මුවරමාපාය පයැ මහපටැඟිල්ලෙන් සැලීමි.

1204. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1204. යමෙක් කෙල කරුණ ... පවිට, තෝ දුකට පැමිණෙන්නෙහි

1205. යො වෙජයන‍්තපාසාදං පාදඞ‍්ගුට‍්ඨෙන කම‍්පයි ඉද‍්ධි බලෙනුපත්‍ථද‍්ධො සංවෙජෙසි ච දෙවතා.

1205. යමෙක් ඍද්ධිබලයෙන් රුකුල් ලදුයේ (දහසක් යොදුන්) විජයොත්පාය පයැ මහපටැඟිල්ලෙන් සැලී නම් සක්දෙව්රජ ද සංවේගයට පත් කෙළේ නම් (හේ මම යි)

1206. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1206. යමෙක් මෙ කරුණ ... පවිට තෝ දුකට පැමිණෙන්නෙහි,

1207. යො වෙජයන‍්තපාසාදෙ සක‍්කං සො පරිපුච‍්ඡති අපි ආවුසො ජානාසි තණ‍්හක‍්ඛයවිමුත‍්තියො තස‍්ස සක‍්කො වියාකාසි පඤ‍්හං පුට‍්ඨො යථාතථං.

1207. යමෙක් “ඇවැත්නි, තෘෂ්ණා විමුක්තිය දනී දැ?යි විජයොත්පායෙහි සක් දෙව්රජ විචාරා ද (හේ යැ මේ) සක්දෙව්රජ තෙමේ ප්‍රශ්න විචාරන ලද්දේ තත් පරිද්දෙන් ඔහුට ප්‍රකාශ කෙළේ යි

1208. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1208. යමෙක් මෙකරුණ ... පවිට, තෝ දුකට පැමිණෙන්නෙහි

1209. යො බ්‍රහ‍්මානං පරිපුච‍්ඡති සුධම‍්මායං ඨිතො සභං අජ‍්ජා’පි ත්‍යාවුසො සා දිට‍්ඨි යා තෙ දිට‍්ඨි පුරෙ අහු පස‍්සසි වීතිවත‍්තන‍්තං බ්‍රහ‍්මලොකෙ පභස‍්සරං.

1209. යමෙක් (බඹලොවැ) “සුධර්‍මා” නම් සභායෙහි සිටියේ “ඇවැත්නි, පෙර තාගේ යම් (බඹලොවට පැමිණිය හැකි කිසි මහණ බමුණු කෙනෙක් නැතැ යි) දාෂ්ටියක් වූ නම් අදත් ඒ දෘෂ්ටිය ඇද්ද? බඹලොවැ සැරිසරන (ශ්‍රාවකසඞ්ඝයා පිරුවැර භාග්‍යවතුන් වහන්සේගේ) ඕභාසය බලව’යි මහබඹහු විචාරා නම්, (හේ මුගලනි.)

1210. තස‍්ස බ්‍රහ‍්මා වියාකාසි පඤ‍්හං පුට‍්ඨො යථාතථං න මෙ මාරිස සා දිට‍්ඨි යා මෙ දිට‍්ඨි පුරෙ අහු.

1210. මහබඹ තෙම ප්‍රශ්න විචාරන ලදු වැ ඔහුට ඇවැත්නි, පෙර මට (බඹලොවට පැමිණිය - හැකි මහණ බමුණු කෙනෙක් නැති යි) යම් දෘෂ්ටියක් වූ නම් ඒ දෘෂ්ටිය දැන් මට නැති.

1211. පස‍්සාමි වීතිවත‍්තන‍්තං බ්‍රහ‍්මලොකෙ පභස‍්සරං සො’හං අජ‍්ජ කතං වජ‍්ජං අහං නිච‍්චොම‍්හි සස‍්සතො.

1211. බඹලොවැ සැරිසරන (ශ්‍රාවක සඞ්ඝයා සම්බුදුන් ගේ) ඕභාසය දක්මි, ඒ මම අද “මම නිත්‍යයෙමි”, “මම ශාශ්වතයෙමි” කෙසේ කියම් දැ’යි ප්‍රකාශ කෙළේ යි.

1212. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1212. යමෙක් මෙ කරුණ ... පවිට. තෝ දුකට පැමිණෙන්නෙහි.

1213. යො මහානෙරුනො කූටං විමොක‍්ඛෙන අඵස‍්සසි වනං පුබ‍්බවිදෙහානං යෙ ච භූමිසයා නරා.

1213. යමෙක් ධ්‍යානවිමෝක්‍ෂ (නිශ්ශ්‍රිත අභිඥාඥාන) යෙන් මහමෙර ගල් මුදුන ස්පර්‍ශ කෙළේ යැ, ජම්බුද්වීපය ද පූර්‍වවිදේහය ද යම් ද්වීප කෙනෙක් බිමැ හෝනා මිනිසුන් ඇත්තාහු නම් ඒ (අපරගොයාන උතුරුකුරු) දිවයින් ද ස්පර්‍ශ කෙළේ යි.

1214. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

1214. යමෙක් තෙල කරුණ වෙසෙසින් දනී නම් (හේ) බුද්ධශ්‍රාවක වූ මහණ තෙමේ යි. පවිට, තෝ එබඳු මහණහු ගටා (පෙළා) දුකට පැමිණෙන්නෙහි.

1215. න වෙ අග‍්ගි චෙතයති අහං බාලං ඩහාමීති, බාලො’ව ජලිතං අග‍්ගිං ආසජ‍්ජන පදය‍්හති.

1215. මම බාලයකු දවමැ යි ගින්න නො සිතා මැ යි, බාල තෙමේ මැ දැල්වෙන ගින්න ගටා දැවේ.

1216. එවමෙව තුවං මාර ආසජ‍්ජන තථාගතං සයං දහිස‍්සසි අත‍්තානං බාලො අග‍්ගිං’ව සම‍්ඵුසං.

1216. මාරය, එපරිද්දෙන් මැ තෝ තථාගතයන් වහන්සේ ගටා ගිනි පැහැසැගන්නා බාලයකු මෙන් තෙමේ තමා දවන්නෙහි.

1217. අපුඤ‍්ඤං පසවී මාපො ආසජ‍්ජන තථාගතං කින‍්නු මඤ‍්ඤසි පාපිම න මෙ පාපං විපච‍්චති.

1217. දුස්සීමාර තෙම තථාගතයන් වහන්සේ පෙළා අකුසල් රැස් කෙළේ ය. එම්බා පාපිම (මාරය), කිම “මට පව් නො පැසේ යැ” යි තෝ සිතයි ද,

1218. කරතො තෙ චීයතෙ පාපං චිරරත‍්තාය අන‍්තක මාර නිබ‍්බින්‍ද බුද‍්ධම‍්හා ආසං මාකාසි භික‍්ඛුසු.

1218. එම්බා අන්තකය, කරන්නාවූ තට බොහෝ කලක් (අනර්‍ත්‍ථ) පිණිස පව් රැස් වෙයි. මාරය, තෝ විසින් සිව්සස් බුදුන් (බුද්ධශ්‍රාවක) කෙරෙන් කළකිරෙව මහණුන් කෙරෙහි විරුද්ධ වෙමි ආශා නො කරව.

1219. ඉති මාරං අතජ‍්ජෙසි භික‍්ඛු භෙසකලාවනෙ තතො සො දුම‍්මනො යක‍්ඛො තත්‍ථෙවන‍්තරධායථා’ති.

1219. මෙසේ මහණ (මුගලන්) තෙම “භේසකලා” වනයෙහි දී මරහුට තර්‍ජනය කෙළේ යැ, ඉක්බිති ඒ මාර තෙම දොම්නස් වැ එහි මැ අතුරුදහන් වී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් “මහමොග්ගල්ලාන” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරගාථා.

මහමොග්ගල්ලාන ස්ථවිරගාථා යි

තස‍්සුද‍්දානං:

උද්දානය:

සට‍්ඨිකම‍්හි නිපාතම‍්හි මොග‍්ගල‍්ලානො මහිද‍්ධිකො එකො’ව ථෙරො ගාථායො අට‍්ඨසට‍්ඨි භවන‍්ති තා’ති.

සැට වැනි නිපාතයෙහි මහත් ඍද්ධි ඇති එක් මැ “මහමුගලන් ස්ථවිරයන් වහන්සේ” යැ. ගාථාවෝ ද අටසැටකි.

සට‍්ඨිනිපාතො නිට‍්ඨිතො.

සට්ඨිනිපාතය නිමි.