50. පඤ‍්ඤාසනිපාතො
50. පඤ‍්ඤාසනිපාතො.
50. පඤ්ඤාසනිපාතය
50. 1. 1.
50. 1. 1.
1096. කදා නු’හං පබ‍්බතකන්‍දරාසු එකාකියො අද‍්දුතියො විහස‍්සං අනිච‍්චතො සබ‍්බභවං විපස‍්සං තං මෙ ඉදං තං නු කදා භවිස‍්සති.
1096. කවරදා නම් මම ගිරිකඳුරුහි එකලා වැ තෘෂ්ණා රහිත වැ වෙසෙම් ද? සියලු භවය අනිත්‍ය විසින් විදර්‍ශනා කරනෙම්ද? මා ගේ ඒ මේ පරිවිතර්‍කය කවරදා නම් (මුදුන්පත්) වන්නේ ද?
1097. කදා නු’හං භින‍්නපටන්‍ධරො මුනි කාසාවවත්‍ථො අමමො නිරාසො රාගං ච දොසං ච තථෙව මොහං හන‍්ත්‍වා සුඛී පවනගතො විහස‍්සං.
1097. කවරදානම් මම භින්නපටධර වැ පැවිදි වැ කහවත් ඇති වැ මමත්‍ව නැති වැ ආශා රහිත වැ රාගයත් ද්වේෂයත් එසේ මැ මෝහයත් නසා මහවනගත වැ සුවසේ වෙසෙම් ද?
1098. කදා අනිච‍්චං වධරොගනීළං කායං ඉමං මච‍්චුජරායුපද‍්දුතං විපස‍්සමානො වීතභයො විහස‍්සං එකො වනෙ තං නු කදා භවිස‍්සති.
1098. කවරදා නම් (මම) අනිත්‍ය වූ මරණයටත් රෝගයටත් කසලුවක් (කැදැල්ලක්) වූ ජරාමරණ විසින් උපද්‍රැත වූ මෙකය විදර්‍ශනා කෙරෙමින් පහ වූ භය ඇති වැ එකලා වැ වෙනෙහි වෙසෙම් ද? කවරදා නම් ඒ අදහස මුදුන් පත් වන්නේ ද?
1099. කදා නු’හං භයජනනිං දුඛාවහං තණ‍්හාලතා බහුවිධානුවත‍්තනිං පඤ‍්ඤාමයං තිඛිණමසිං ගහෙත්‍වා ඡෙත්‍වා වසෙ තම‍්පි කදා භවිස‍්සති.
1099. කවරදා නම් මම භය උපදවන්නා වූ දුක් එළවන්නා වූ නොයෙක් අයුරු අරමුණු (හෝ භවයන්) අනුව පවත්නා වූ තෘෂ්ණාලතාව මඟනැණමුවා තිහිණි (මුවහත් ඇති) අසිපත ගෙනැ සිඳැලා වෙසෙම් ද? එදා කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1100. කදා නු පඤ‍්ඤාමයමුග‍්ගතෙජං සත්‍ථං ඉසීනං සහසාදියිත්‍වා මාරං සසෙනං සහසා භඤ‍්ජිස‍්සං සීහාසනෙ තං නු කදා භවිස‍්සති.
1100. කවරදා නම් මම සිහසුන් (තිර අසුන්) හි හිඳ තියුණු මුවහත් ඇත්තා වූ මාර්‍ගඥානමය වූ ඍෂීන්ගේ ශස්ත්‍රය සැහැසි වැ ගෙන සෙන් සහිත මරහු සැහැසි වැ මඩනෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1101. කදා නු’හං සබ‍්භිසමාගමෙසු දිට‍්ඨො භවෙ ධම‍්මගරූහි තාදිහි යථාවදස‍්සීහි ජිතින්‍ද්‍රියෙහි පධානියො තං නු කදා භවිස‍්සති.
1101. කවරදා නම් මම සත්පුරුෂ සමාගමයෙහි තාදීගුණ ඇත්තා වූ අවිපරීතදර්‍ශන ඇත්තා වූ දිනනලද ඉඳුරන් ඇත්තා වූ ධර්‍මගරුකයන් විසින් දක්නාලද ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තෙම් වන්නෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1102. කදා නු මං තන්‍දිඛුදා පිපාසා වාතාතපා කීටසිරිංසපා වා නබාධයිස‍්සන‍්ති න තං ගිරිබ‍්බජෙ අත්‍ථත්‍ථියං තං නු කදා භවිස‍්සති.
1102. කවරදා නම් ස්වාර්‍ත්‍ථය කැමැති වූ ඒ මා ගිරිකඳුරෙහි දී අලස බව හෝ සාපවස් හෝ අවුසුළං හෝ කෘමි නුහුසුවෝ හෝ නො පෙළත් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1103. කදා නු ඛො යං විදිතං මහෙසිනා චත‍්තාරි සච‍්චානි සුදුද‍්දසානි සමාහිතත‍්තො සතිමා අගච‍්ඡං, පඤ‍්ඤාය තං තං නු කදා භවිස‍්සති.
1103. කවරදා නම් මම මහර්ෂී වූ සම්බුදුන් විසින් යම් සත්‍යයක් අවබෝධ කරනලද නම් දැකීමට අතිශයින් දුෂ්කර වූ ඒ චතුරාර්‍ය්‍යසත්‍යයන් එකඟ වු සිත් ඇති වැ සිහි ඇති වැ මාර්‍ගප්‍රඥායෙන් අවබෝධ කරනෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන් පත් වන්නේ ද?
1104. කදා නු රූපෙ අමිතෙ ච සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵුසිතබ‍්බෙ ච ධම‍්මෙ ආදිත‍්තතොහං සමථෙහි යුත‍්තො පඤ‍්ඤාය දක‍්ඛං තදිදං කදා මෙ.
1104. කවරදා නම් සමාධියෙන් යුක්ත වූ මම අප්‍රමාණ වූ රූපයන් ද ශබ්දයන් ද ගන්‍ධයන් ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද ධර්‍මාරම්මණයන් ද ගිනි ඇවිලගත්තවුන් සෙයින් (විදර්‍ශනා) ප්‍රඥායෙන් දක්නෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1105. කදා නු’හං දුබ‍්බචනෙන වුත‍්තො තතො නිමිත‍්තං විමනො න හෙස‍්සං අථො පසත්‍ථො’පි තතො නිමිත‍්තං තුට‍්ඨො න හෙස‍්සං තදිදං කදා මෙ.
1105. කවරදා නම් මම දුර්‍භාෂිතයෙන් ගටනාලද්දෙම් එය නිමිති කොට දොම්නස් නො වෙම් ද, නොහොත් පසස්නාලද්දෙම් එය නිමිති කොට තුටුයෙම් නො වෙම් ද, මා ගේ ඒ මේ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1106. කදා නු කට‍්ඨෙ ච තිණෙ ලතා ච ඛන්‍ධෙ ඉමෙහං අමිතෙ ච ධම‍්මෙ අජ‍්ඣත‍්තිකානෙව ච බාහිරානි ච සමං තුලෙය්‍යං තදිදං කදා මෙ.
1106. කවරදා නම් මම කාෂ්ටයන් ද තෘණයන් ද ලතාවන් ද මේ පඤ්චස්කන්‍ධය ද ආධ්‍යාත්මික වූත් බාහ්‍ය වූත් අප්‍රමාණ රූපධර්‍මයන් ද සමසේ තුලනය කෙරෙම් ද, මා ගේ ඒ මේ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1107. කදා නු මං පාවුසකාලමෙඝො නවෙන තොයෙන සචීවරං වනෙ ඉසිප‍්පයාතම‍්හි පථෙ වජන‍්තං ඔවස‍්සතෙ තං නු කදා භවිස‍්සති.
1107. කවරදා නම් වැසිකල්හි වූ මේඝය තෙම වනයෙහි ඍෂීන් ගිය මඟ සිවුරු සහිත වැ යන මා අළුත් දියෙන් තෙමන්නේ ද? (මාගේ) ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1108. කදා මයූරස‍්ස සිඛණ‍්ඩිනො වනෙ දිජස‍්ස සුත්‍වා ගිරිගබ‍්භරෙ රුතං පච‍්චුට‍්ඨහිත්‍වා අමතස‍්ස පත‍්තියා සංචින‍්තියෙ තං නු කදා භවිස‍්සති.
1108. කවරදා නම් මම වනයෙහි ගිරිළැහැබ්හි දී සිළු ඇති මයූර පාක්‍ෂියා ගේ කෙකාරවය අසා යහනින් නැඟී නිර්‍වාණාධිගමය පිණිස (අනිත්‍යාදි විසින්) මෙනෙහි කෙරෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1109. කදා නු ගඞ‍්ගං යමුනං සරස‍්සතිං පාතාලඛිත‍්තං වළවාමුඛං ච අසජ‍්ජමානො පතරෙය්‍යමිද‍්ධියා විභීසනං තං නු කදා භවිස‍්සති.
1109. කවරදා නම් මම ගඞ්ගා යැ යමුනා යැ සරස්වතී යැ යන නදීන් හා ඉතා බිහිසුණු වූ පාතාල භූමින් (නරාවළ) හා වඩබාමුඛය හා යන මොවුන් නො පැකිළැ ඍද්ධියෙන් තරණය කෙරෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1110. කදා නු නාගො’ව අසඞ‍්ගචාරී පදාලයෙ කාමගුණෙසු ඡන්‍දං නිබ‍්බජ‍්ජයං සබ‍්බසුභං නිමිත‍්තං ඣානෙ යුතො තං නු කදා භවිස‍්සති.
1110. කවරදානම් මම (කිසිවක) නො ලැගෙන පැවැතුම් ඇති වූ ඇතකු මෙන් සියලු ශුභාරම්මණයන් නිරවශේෂයෙන් බැහැර කෙරෙමින් ධ්‍යානයෙහි යෙදුණෙම් කාමගුණයෙහි ඡන්‍දය පළනෙම් ද, මාගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1111. කදා ඉණට‍්ටො’ව දළිද‍්දකො නිධිං ආරාධයිත්‍වා ධනිකෙහි පීළිතො තුට‍්ඨො භවිස‍්සං අධිගම‍්ම සාසනං මහෙසිනො තං නු කදා භවිස‍්සති.
1111 කවරදා නම් මම ධනහිමියන් විසින් පෙළනුලැබුවා වූ ණය හෙයින් ලජ්ජා ඇත්තා වූ දිළින්දකු නිදහනක් ලැබ මෙන් මහර්ෂී වූ සම්බුදුන්ගේ ශාසනය සාක්‍ෂාත් කොට ගෙන තුෂ්ට වන්නෙම් ද, මාගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1112. බහූනි වස‍්සානි තයාම‍්හි යාචිතො ආගාරවාසෙන අලං නු තෙ ඉදං තං දානි මං පබ‍්බජිතං සමානං කිංකාරණා චිත‍්ත තුවං න යුඤ‍්ජසි.
1112. එම්බා චිත්තය, තා විසින් වනාහි දැන් තා ගේ ගිහිගේ වාසයෙන් කම් නැත’ යි බොහෝ කලක් මුළුල්ලෙහි මම අයදනාලද්දෙම් නො වෙම් ද, ඒ මා දැන් පැවිදි වත් මැ කවර හෙයින් තෝ යෝග නො කරන්නෙහි ද?
1113. නනු අහං චිත‍්ත තයාම‍්හි යාචිතො ගිරිබ‍්බජෙ චිත්‍රඡදා විහඞ‍්ගමා මහින්‍දඝොසත්‍ථන‍්තාභිගජ‍්ජිනො තෙ තං රමිස‍්සන‍්ති වනම‍්හි ඣායිනං.
1113. එම්බා චිත්තය, තා විසින් වනාහි ගිරිකඳුරුයෙහි (වසන) ඒ විසිතුරු පියාපත් ඇත්තා වූ (මයුර) පක්‍ෂීහු ද ජලනිර්ඝෝෂයෙන් උන්නාදවත් වූ ගලතලාවෝ ද වනයෙහි ධ්‍යාන කරන්නා වූ තා රමණය කරතී’ මම අයදනා ලද්දෙම් නො වෙම් ද?
1114. කුලම‍්හි මිත‍්තෙ ච පියෙ ච ඤාතකෙ ඛිඩ‍්ඩාරතිං කාමගුණං ච ලොකෙ සබ‍්බං පහාය ඉමමජ‍්ඣපාගතො අථො’පි ත්‍වං චිත‍්ත න මය‍්හ තුස‍්සසි.
1114. එම්බා චිත්තය, (තාගේ) අයැදුමෙන් කුලයෙහි මිතුරන් ද ප්‍රියයන් ද නෑයන් ද ක්‍රීඩාරතිය ද ලෝකයෙහි කාමගුණයන් ද යන සියල්ල හැර දමා මේ අරනට (හෝ පැවිද්දට) එළඹියෙමි, එතෙකුදුවත් තෝ මා නො පිණවන්නෙහි යැ.
1115. මමෙව එතං න හි ත්‍වං පරෙසං සන‍්නාහකාලෙ පරිදෙවිතෙන කිං සබ‍්බං ඉදං චලමිති පෙක‍්ඛමානො අභිනික‍්ඛමිං අමතපදං ජිගීසං.
1115. එම්බා චිත්තය, තෙල සිත මා ගේ මැ යැ, තෝ පරසතු නො වේ මැ යි, (ක්ලේශයුද්ධයට භාවනායෙන්) සන්නාහ සන්නද්ධ වන කල්හි වැලැප්මෙන් කිම, මේ (ත්‍රෛභූමක ධර්‍ම) සියල්ල චපල (අනිත්‍ය) යැ යි නුවණින් දක්මින් අමෘතපදය (නිවන) සොයන්නෙම් අභිනිෂ්ක්‍රමණය කෙළෙමි:
1116. සුයුත‍්තවාදී ද‍්විපදානමුත‍්තමො මහාභිසක‍්කො නරදම‍්මසාරථි චිත‍්තං චලං මක‍්කටසන‍්නිභං ඉති අවීතරාගෙන සුදුන‍්නිවාරයං.
1116. එම්බා චිත්තය, අවීතරාගයා විසින් වළහනු ඉතා දුකර වූ චපල සිත වනාහි වන වඳුරකු වැන්නැ යි සුභාෂිතවාදී වූ දෙපා ඇත්තවුන් අතුරෙහි උතුම් වූ (දුකට) ජගද්වෛද්‍ය වූ නරදම්‍යසාරථීහු වදාළහ.
1117. කාමා හි චිත්‍රා මධුරා මනොරමා අවිද‍්දසූ යත්‍ථ සිතා පුථුජ‍්ජනා තෙ දුක‍්ඛමිච‍්ඡන‍්ති පුනබ‍්භවෙසිනො චිත‍්තෙන නීතා නිරයෙ නිරාකතා.
1117. නුවණමඳ පුහුදුන් යම් තැනෙකැ ඇලුණාහු නම් ඒ කාමයෝ විචිත්‍රහ, මධුරහ, මනෝරම්‍යහ, ඔහු පුනර්‍භවය සොයන්නාහු සිත විසින් (සුඛයෙන්) නිරාකෘත (වළහනලදු) වැ නිරයෙහි පමුණුවන ලද්දාහු දුක් කැමැති වෙත්.
1118. මයූරකොඤ‍්චාභිරුතම‍්හි කානනෙ දීපීහි ව්‍යග‍්ඝෙහි පුරක‍්ඛතො වසං කායෙ අපෙක‍්ඛං ජහ මා විරාධය ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1118. මොනරුන් විසින් විල්ළිහිණියන් විසින් කරනලද නාද ඇති වනයෙහි දිවියන් විසින් වගුන් විසින් පෙරටු කරනලදු වැ වසන්නෙහි සිරුරෙහි අපේක්‍ෂාව හැරැදමව, නවමක්‍ෂණය නහමක් වරද’යි පෙර මා (පැවිද්දෙහි) යෙදුයෙහි
1119. භාවෙහි ඣානානි ච ඉන්‍ද්‍රියානි බලානි බොජ‍්ඣඞ‍්ගසමාධිභාවනා තිස‍්සො ච විජ‍්ජා ඵුස බුද‍්ධසාසනෙ ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1119. එම්බා චිත්තය, පෙර තෝ “බුදුසසුන්හි ධ්‍යාන වඩව, ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ගසමාධිභාවනාවන් වඩව, ත්‍රිවිද්‍යාවන් ද ලබව” යි මට අණ කෙළෙහි.
1120. භාවෙහි මග‍්ගං අමතස‍්ස පත‍්තියා නිය්‍යානිකං සබ‍්බදුඛක‍්ඛයොගධං අට‍්ඨඞ‍්ගිකං සබ‍්බකිලෙසසොධනං ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1120. එම්බා චිත්තය, තෝ “පෙරැ නෛර්‍ය්‍යාණික වූ සර්‍වදුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කළ සර්‍වක්ලේශශෝධන වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණ ප්‍රාප්තිය පිණිස වඩව” යි මෙසෙසින් මට අණ කෙළෙහි.
1121. දුක‍්ඛන‍්ති ඛන්‍ධෙ පටිපස‍්ස යොනිසො යතො ච දුක‍්ඛං සමුදෙති තං ජහ ඉධෙව දුක‍්ඛස‍්ස කරොහි අන‍්තං ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1121. එම්බා චිත්තය, පෙර තෝ “ස්කන්‍ධයන් දුකැ යි නුවණින් බලව, යළි යමකින් දුක හටගැනේ නම් එය දුරු කරව, මෙ අත් බැව්හි දී මැ දුක් කෙළවර කරව”යි මට අණ කෙළෙහි.
1122. අනිච‍්චං දුක‍්ඛන‍්ති විපස‍්ස යොනිසො සුඤ‍්ඤං අනත‍්තාති අඝං වධන‍්ති ච මනොවිචාරෙ උපරුන්‍ධ චෙතසො ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1122. එම්බා චිත්තය, පෙර තෝ “(ස්කන්‍ධයන්) අනිත්‍ය යැයි ද (උදයව්‍යය පීළිත හෙයින්) දුකැ යි ද (අසාරාදි බැවින්) ශුන්‍ය යැ යි ද අනාත්ම යැ යි ද අඝ යැ යි ද හිංසක යැ යි ද නුවණින් විදර්‍ශන කරව (අටළොස්) මනෝපවිචාරයන් සිතින් වළකව” යි මට අණ කෙළෙහි.
1123. මුණ‍්ඩො විරූපො අභිසාපමාගතො කපාලහත්‍ථොව කුලෙසු භික‍්ඛසු යුඤ‍්ජස‍්සු සත්‍ථුවචනෙ මහෙසිනො ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1123. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ මුඬු වැ විරූප වැ භික්‍ෂූ සමූහයා අතුරෙහි කබල් ගත් අත් ඇති වැ (කබල්ගත් අත් ඇති වැ සිඟා ඇවිදුව යන) අභිශාපයට පැමිණියෙහි මහර්ෂී වූ ශාස්තෲන් වහන්සේගේ වචනයෙහි නියුක්ත වව”යි මට අණ කෙළෙහි.
1124. සුසංවුතත‍්තො විසිඛන‍්තරෙ චරං කුලෙසු කාමෙසු අසඞ‍්ගමානසො චන්‍දො යථා දොසිනපුණ‍්ණමාසියා ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1124. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ සුසංවෘත වැ වීථි අතුරෙහි සරමින් පැහැදිලි පුරපසළොස්වක් දා සඳ මෙන් කුලයන්හිදු පස්කම්හිදු නො ඇලුණු සිත් ඇතියෙක් වව යි” මට අණ කෙළෙහි.
1125. ආරඤ‍්ඤිකො හොහි ච පිණ‍්ඩපාතිකො සොසානිකො හොහි7 ච පංසුකූලිකො නෙසජ‍්ජිකො හොහි සදා ධුතෙ රතො ඉතිස‍්සු මං චිත‍්ත පුරෙ නියුඤ‍්ජසි.
1125. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ හැම කල්හි ධුතාඞ්ගයෙහි ඇලුණෙහි ආරණ්‍යක වන්නැ යි පිණ්ඩපාතික වන්නැයි ස්මශානික වන්නැයි පාංශුකූලික වන්නැ යි නෙසජ්ජික වන්නැ”යි මට අණ කෙළෙහි.
1126. රොපෙත්‍ව රුක‍්ඛානි යථා ඵලෙසී මූලෙ තරුං ඡෙත‍්තු තමෙව ඉච‍්ඡසි තථූපමං චිත‍්තමිදං කරොසි යං මං අනිච‍්චම‍්හි චලෙ නියුඤ‍්ජසි.
1126. එම්බා චිත්තය, තෝ මා අනිත්‍ය වූ චලත්සංසාරයෙහි යොදවනෙහි ද ඒ තෝ ඵල කැමැත්තකු වෘක්‍ෂයන් වවා ඒ වෘක්‍ෂ මුල ලා සිඳින්නට කැමතියකු සේ මෙය කෙරෙහි.
1127. අරූප දූරඞ‍්ගම එකචාරි න තෙ කරිස‍්සං වචනං ඉදානිහං දුක‍්ඛා හි කාමා කටුකා මහබ‍්භයා නිබ‍්බානමෙවාභිමනො චරිස‍්සං.
1127. එම්බා රූ නැත්තව, දූරඞ්ගමය, එකලා තැනැත්තව, මින් මතු මම තාගේ වචනය නො කරන්නෙමි යම් හෙයකින් කාමයෝ (අතීතයෙහි) දුක් වූවාහු ද, (අනාගතයෙහි) කටුකඵල ඇත්තාහු ද මහත් භය ඇත්තාහු ද එහෙයින් මම නිවනට මැ මුහුණ ලා හැසිරෙන්නෙමි.
1128. නාහං අලක‍්ඛ්‍යා අහිරික‍්කතාය වා න චිත‍්තහෙතූ න ච දූරකන‍්තනා ආජීවහෙතූ ච අහං න නික‍්ඛමිං කතො ච තෙ චිත‍්ත පටිස‍්සවො මයා.
1128. එම්බා චිත්තය, මම අභාග්‍ය හෙයින් හෝ නිර්‍ලජ්ජ බැවින් හෝ (චපල) සිතට වහල් වැ හෝ රාජද්‍රෝහි බැවින් හෝ දිවි රැකගන්නා හෙයින් හෝ ගිහිගෙන් නික්මුණෙම් නො වෙමි. මා විසින් තට තා වශයෙහි නො සිටුනා බවට ප්‍රතිඥා කරනලදි.
1129. අප‍්පිච‍්ඡතා සප‍්පුරිසෙහි වණ‍්ණිතා මක‍්ඛප‍්පහානං වූපසමො දුඛස‍්ස ඉතිස‍්සු මං චිත‍්ත තදා නියුඤ‍්ජසි ඉදාකි ත්‍වං ගච‍්ඡසි පුබ‍්බචිණ‍්ණං.
1129. එම්බා චිත්තය, තෝ එකල්හි “අල්පෙච්ඡ බව සත්පුරුෂයන් විසින් වර්ණිත යැ යි, ගුණමකු බව ප්‍රහීණ කිරීම දුඃඛයා ගේ ව්‍යුපශම යැ”යි (එහෙයින් එගුණයන්හි පිහිටිය යුතු යැ යි) මට අණ කෙළෙහි ය. දැන් තෝ පෙර පුරුදු දැයට යන්නෙහි.
1130. තණ‍්හා අවිජ‍්ජා ච පියාප‍්පියඤ‍්ච සුභානි රූපානි සුඛා ච වෙදනා මනාපියා කාමගුණා ච වන‍්තා වන‍්තෙ අහං ආවමිතුං න උස‍්සහෙ.
1130. තෘෂ්ණාව ද අවිද්‍යාව ද ප්‍රියාප්‍රියයෝ ද ශුභරූපයෝ ද සුඛවේදනාව ද මන වඩන කාමගුණයෝ ද (මා විසින්) වමාරා දමන ලදහ, වමාළ දැ යළි ගිලින්නට මම උත්සාහ නො කරමි.
1131. සබ‍්බත්‍ථ තෙ චිත‍්ත වචො කතං මයා බහූසු ජාතීසු න මෙසි කොපිතො අජ‍්ඣත‍්තසම‍්භවො කතඤ‍්ඤුතාය තෙ දුක‍්ඛෙ චිරං සංසරිතං තයා කතෙ.
1131. එම්බා චිත්තය, සියලු (භව, යෝනි, ගති, විඥානස්ථිති යන) තැන්හි මා විසින් තා ගේ වචනය කරනලද යැ, නොයෙක් ජාතීන්හි දී මා විසින් තෝ කෝප නො කරන ලද්දෙහි යැ. අධ්‍යාත්මයෙහි (සන්තානයෙහි) සම්භව වැද තා කළගුණ නො දන්නා බැවින් තා විසින් නිපදවන ලද (සසර) දුක්හි මා දිගුකලක් සැරිසැරූ බව යැ.
1132. ත්‍වඤ‍්ඤෙව නො චිත‍්ත කරොසි බ්‍රාහ‍්මණො ත්‍වං ඛත‍්තියො රාජදසී කරොසි වෙස‍්සා ච සුද‍්දා ච භවාම එකදා දෙවත‍්තනං වා’පි තවෙව වාහසා.
1132. එම්බා චිත්තය, තෝ මැ අපට උපකාර වෙහි, තෝ මැ බ්‍රාහ්මණ වෙහි, තෝ මැ ක්‍ෂත්‍රිය වෙහි, තෝ මැ රජ වෙහි, තා මැ හේතු කොට ගෙන අපි ඇතැම් කලෙකැ වෛශ්‍යත් ශුද්‍රත් වම්හ. දිව්‍යභාවය ද ලබම්හ.
1133. තවෙ’ව හෙතූ අසුරා භවාමසෙ ත්‍වංමූලකං නෙරයිකා භවාමසෙ අථො තිරච‍්ඡානගතා’පි එකදා පෙතත‍්තනං වා’පි තවෙ’ව වාහසා.
1133. තා මැ හේතුකොට ගෙන අසුර වම්හ, තා මැ මුල් කොට ගෙන තිරිසන් වම්හ, තවද ඇතැම් කලෙකැ තා මැ මුල් කොට ගෙන තිරිසන්ගත ද වම්හ, තා ගේ මැ කාරණභාවයෙන් ප්‍රේතභාවය ද ලබම්හ.
1134. නනු දුබ‍්භිස‍්සසි මං පුනප‍්පුනං මුහුං මුහුං චාරණීකං’ව දස‍්සයං උම‍්මත‍්තකෙනෙව මයා පලොභසි කිඤ‍්චා’පි තෙ චිත‍්ත විරාධිතං මයා.
1134. එම්බා චිත්තය, එක්වන් චරණචිත්‍ර (පෙතිකඩ) දක්වන්නකු සෙයින් තෝ මට පුනපුනා ද්‍රෝහ වන්නෙහි නො වේ ද, උමතුවකු හා සෙයින් මා හා කෙළිමින් මා පොළොඹන්නෙහි නො වේ ද? එම්බා චිත්තය, තට මා කළ වරද කිම.
1135. ඉදං පුරෙ චිත‍්තමචාරි චාරිකං යෙනිච‍්ඡකං යත්‍ථකාමං යථාසුඛං තදජ‍්ජහං නිග‍්ගහෙස‍්සාමි යොනිසො හත්‍ථිප‍්පභින‍්නං විය අඞ‍්කුසග‍්ගහො.
1135. පෙර මේ සිත කැමැති අයුරින් කැමැති තැනෙකැ සුවසේ සැරි සැරී යැ, අද මම ඒ සිත අකුස්සක් ගත්තෙක් මතැතකු සෙයින් යෝනිසෝ මනසිකාරයෙන් නිගන්නෙමි.
1136. සත්‍ථා ච මෙ ලොකමිමං අධිට‍්ඨහි අනිච‍්චතො අද‍්ධුවතො අසාරතො, පක‍්ඛන්‍ද මං චිත‍්ත ජිනස‍්ස සාසනෙ තාරෙහි ඔඝා මහතා සුදුත‍්තරා.
1136. මාගේ ශාස්තෲන් වහන්සේ ද මේ (ස්කන්‍ධ) ලෝකය අනිත්‍ය වශයෙන් අස්ථිර වශයෙන් අසාර වශයෙන් අධිෂ්ඨාන කළහ. එම්බා චිත්තය (තෝ) මා බුදුසසුන්හි පිවිසව, තරණයට අතිශයින් දුෂ්කර වූ මහත් වූ ඕඝයෙන් තරවාලව (එතෙර කරව).
1137. න තෙ ඉදං චිත‍්ත යථා පුරාණකං නාහං අලං තුය‍්හවසෙ නිවත‍්තිතුං, මහෙසිනො පබ‍්බජිතොම‍්හි සාසනෙ න මාදිසා හොන‍්ති විනාසධාරිනො.
1137. එම්බා චිත්තය, මේ ආත්මභාව (ගෘහ) ය. පැරැණි ආත්මභාව (ගෘහ) ය සෙයින් තා සතු නො වෙයි, මා තාගේ වශයෙහි නවත්නට නො මැනැවි, මම මහර්ෂිහුගේ සසුන්හි පැවිදි වීමි, මා වැන්නෝ විනාශධාරීහු නො වෙත් (ඒකාන්තයෙන් ශ්‍රමණ මැ වෙත්.)
1138. නගා සමුද‍්දා සරිතා වසුන්‍ධරා දිසා චතස‍්සො විදිසා අධො දිවා, සබ‍්බෙ අනිච‍්චා තිභවා උපද‍්දුතා කුහිං ගතො චිත‍්ත සුඛං රමිස‍්සසි.
1138. පර්‍වතයෝ යැ සමුද්‍රයෝ යැ නදීහු යැ පෘථිවිය යැ චතුර්දිශා හැ අනුදිශා යැ (උදක සන්‍ධාරකවායුස්කන්‍ධය තෙක්) අධෝභාග යැ දේවලෝකයෝ යැ යන සියල්ල අනිත්‍යයෝ යැ, භවත්‍රය (කෙලෙසුන් විසින්) උපද්‍රැත යි. එම්බා චිත්තය, කොහි ගියෙහි සුවසේ රමණය කරන්නෙහි ද?
1139. ධිතිප‍්පරං කිං මම චිත‍්ත කාහිසි න තෙ අලං චිත‍්ත වසානුවත‍්තකො, න ජාතු භස‍්තං උභතොමුඛං ඡුපෙ ධිරත්‍ථු පූරං නව සොතසන්‍දනිං.
1139. එම්බා චිත්තය, ධෛර්‍ය්‍ය පිහිට කොට ඇති මට තෝ කුමක් කරන්නෙහි ද, චිත්තය, (මම) තාගේ වශයෙහි පවත්නෙම් නො වෙමි, දෙපස මුව ඇති සම්පිහිවාවක් කිසිකලෙකත් නො පහසන්නේ යැ. අශුචියෙන් පිරුණා වූ ශ්‍රෝතස් නවයකින් අශුචි වැගිරෙන්නා වූ කයට නින්‍දා වේවා!
1140. වරාහඑණෙය්‍ය විගාළ‍්හසෙවිතෙ පබ‍්භාරකූටෙ පකතෙ’ව සුන්‍දරෙ, නවම‍්බුනා පාවුසසිත‍්තකානනෙ තහිං ගුහාගෙහගතො රමිස‍්සසි.
1140. එම්බා චිත්තය, තෝ වනාහි වල්හූරන් හා “එණි” මුවන් විසින් පිවිස සෙවුනා ලද ප්‍රාග්හාරයන් හා ගිරිකුළු ඇති, පියොවින් මැ සුන්‍දර වූ භූමිභාග ඇති, අළුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයෙහි ගුහා නැමැති ගෙට පැමිණියෙහි (භාවනා රතියෙන්) රමණය කරව.
1141. සුනීලගීවා සුසිඛා සුපෙඛුණා සුචිත‍්තපත‍්තච‍්ඡදනා විහඞ‍්ගමා, සුමඤ‍්ජුඝොසත්‍ථනිතාභිගජ‍්ජිනො තෙ තං රමිස‍්සන‍්ති වනම‍්හි ඣායිනං.
1141. (එම්බා චිත්තය), සුනිල්ගෙල ඇත්තා වූ මනාසිළු ඇත්තා වූ මනා පිල්බර ඇත්තා වූ විසිතුරු පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්‍ෂී වූ මේඝගර්‍ජනා හේතුයෙන් මිහිරිහඬින් නාද කරනසුලු වූ ඒ මයුරයෝ වනයෙහි ධ්‍යාන කරනසුලු වූ තා සිත් අළවන්නාහ.
1142. වුට‍්ඨම‍්හි දෙවෙ චතුරඞ‍්ගුලෙ තිණෙ සංපුප‍්ඵිතෙ මෙඝනිභම‍්හි කානනෙ, නගන‍්තරෙ විටපිසමො සයිස‍්සං තං මෙ මුදූ හෙහිති තූලසන‍්නිභං.
1142. වැසි වට කල්හි, සිව් අඟුල් තණ ඇති කල්හි, වැසිවලා බඳු වූ වනය මොබවට පිපීගිය කල්හි, පර්‍වත අතුරෙහි රුක් බඳු වැ හෝනෙමි, ඒ තණ පසතුරුණ අළුත් යහනක් සෙයින් මට මොළොක් වන්නේ යි.
1143. තථා තු කස‍්සාමි යථා’පි ඉස‍්සරො යං ලබ‍්භති තෙන’පි හොතු මෙ අලං, න තාහං කස‍්සාමි යථා අතන්‍දිතො බිළාරභස‍්තං’ව යථා සුමද‍්දිතං.
1143. (එම්බා චිත්තය) ඊශ්වර පුරුෂයෙක් (බැළයකු) යම්සේ නම් මම එසේ තා වසඟ කරන්නෙමි, (සියුපසයෙන්) යම්තමක් හෝ ලැබේ නම් ඉනිඳු මට පමණ වේවා! (භාවනායෙහි) නො මැළියෙක් යම්සේ නම් මම එසේ තා මොනොවට මඩනාලද බළල්සම්පිහිවාවක් සෙයින් (කර්‍මක්‍ෂම) නො කරන්නෙම් ද?
1144. තථා තු කස‍්සාමි යථා’පි ඉස‍්සරො යං ලබ‍්භති තෙන’පි හොතු මෙ අලං, විරියෙන තං මය‍්හ වසානයිස‍්සං ගජං’ව මත‍්තං කුසලඞ‍්කුසග‍්ගහො.
1144. (එම්බා චිත්තය) ඊශ්වර පුරුෂයෙක් (බැලයකු) යම්සේ නම් මම එසේ තා වසඟ කරන්නෙමි, (සියුපසයෙහි) යම්තමක් හෝ ලැබේ නම් ඉනිදු මට පමණ වේවා, දක්‍ෂ වූ ඇතරුවෙක් මතැනකු සෙයින් (මම) වීර්‍ය්‍යයෙන් තා මා ගේ වශයට පමුණුවන්නෙමි.
1145. තයා සුදන‍්තෙන අවට‍්ඨිතෙන හි හයෙන යොග‍්ගාචරියො’ව උජ‍්ජුනා, පහොමි මග‍්ගං පටිපජ‍්ජිතුං සිවං චිත‍්තානුරක‍්ඛීහි සදා නිසෙවිතං.
1145. (එම්බා චිත්තය) මොනොවට දැමුණා වූ (සමාහිත බැවින්) සිටියා වූ තා කරණ කොටගෙන ඍජු ගති ඇති අශ්වාජානියයකු කරණකොට ගෙන අස්දම්සැරියකු සෙයින් මම චිත්තානුරක්‍ෂීන් විසින් හැම කල්හි සෙවුනාලද ක්‍ෂේමමාර්‍ගයට පැමිණෙන්නට සමත්මි.
1146. ආරම‍්මණෙ තං බලසා නිබන්‍ධිසං නාගං’ව ථම‍්භම‍්හි දළ‍්හාය රජ‍්ජුයා, තං මෙ සුගුත‍්තං සතියා සුභාවිතං අනිස‍්සිතං සබ‍්බභවෙසු හෙහිසි.
1146. එම්බා චිත්තය, දැඩි රැහැනින් ටැඹෙකැ බඳනාලද ඇතකු සෙයින් භාවනා බලයෙන් මම තා අරමුණෙහි බඳින්නෙමි. මා විසින් සිහියෙන් මොනොවට රක්නාලද්දා වූ (භාවනායෙන්) මොනොවට වඩනාලද්දා වූ ඒ තෝ සියලු භවයන්හි අනිශ්ශ්‍රිත වන්නෙහි.
1147. පඤ‍්ඤාය ඡෙත්‍වා විපථානුසාරිනං යොගෙන නිග‍්ගය‍්හ පථෙ නිවෙසිය, දිසුවා සමුදයං විභවං ච සම‍්භවං දායාදකො හෙහිසි අග‍්ගවාදිනො.
1147. නො මඟ යන්නා වූ ඉඳුරන් (පටිසඞ්ඛාන) ප්‍රඥායෙන් සිඳ යෝග (විදර්‍ශනා භාවනා) යෙන් නිග්‍රහ (දමනය) කොට මාර්‍ග (විදර්‍ශනාවීථි) යෙහි පිවිසවා (ආයතනයන්ගේ ) සමුදය ද විභවය ද සම්භවය ද (මාර්‍ගප්‍රඥායෙන්) දැක අග්‍රවාදීන් (සම්බුදුන්) ගේ ඖරස පුත්‍ර වන්නෙහි.
1148. චතුබ‍්බිපල‍්ලාසවසං අධිට‍්ඨිතං ගාමණ‍්ඩලං’ව පරිනෙසි චිත‍්ත මං, නූන සඤ‍්ඤොජනබන්‍ධනච‍්ඡිදං සංසෙවසෙ කාරුණිකං මහාමුනිං.
1148. එම්බා චිත්තය, තෝ වනාහි චතුර්විධ විපර්‍ය්‍යාසයන්ගේ වශයෙහි සිටි මා ගම්දරුවකු සෙයින් (රිසිසේ) ඔබ මොබ අදනෙහි යැ (එහෙත්) සංයෝජනබන්‍ධයෙන් සිඳුනා වූ කාරුණික වූ මහමුනිහු (සම්බුදුන්) එකත්නෙන් මොනොවට සෙවුනෙහි.
1149. මිගො යථා සෙරි සුචිත‍්තකානනෙ රම‍්මං ගිරිං පාවුසඅබ‍්භමාලිනිං, අනාකුලෙ තත්‍ථ නගෙ රමිස‍්සං අසංසයං චිත‍්ත පරාභවිස‍්සසි.
1149. එම්බා චිත්තය, මම (වෘක්‍ෂලතාදියෙන්) විසිතුරු වූ වනයෙහි ස්වෛරී මෘගයෙක් යම්සේ ඇලේ නම් එසේ මැ වැසි කල්හි වලාපෙළ ඇති සිත්කලු වූ පර්‍වතයක් ලැබැ නිරවුල් (විවික්ත) වූ ඒ පර්‍වතයෙහි සිත් අලවන්නෙමි, තෝ නිසැක වැ පරදනෙහි.
1150. යෙ තුය‍්හ ඡන්‍දෙන වසෙන වත‍්තිනො නරා ච නාරී ච අනුභොන‍්ති යං සුඛං, අවිද‍්දසූ මාරවසානුවත‍්තිනො භවාභනන්‍දී තව චිත‍්ත සාවකා’ති.
1150. එම්බා චිත්තය, තොපගේ ඡන්‍දයෙහි ද වශයෙහි ද සිටුනා වූ යම් නරනාරී කෙනෙක් යම් ගේහනිශ්ශ්‍රිතසුඛයක් අනුභව කරන්නාහු නම් නුවණ මඳ වූ ද මරහුගේ වශයෙහි පවත්නාසුලු වූ ද භවය මැ කැමති වනසුලු වූ ද ඔහු තාගේ ශ්‍රාවකයෝ යි (මම එබඳු නො වෙමි සේ යි).
ඉත්‍ථං සුදං ආයස‍්මා තාලපුටො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් “තාලපුට” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
තාලපුටත්‍ථෙරගාථා.
තාලපුට ස්ථවිරගාථා යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
පඤ‍්ඤාසම‍්හි නිපාතම‍්හි එකො තාලපුටො සුචි ගාථායො තත්‍ථ පඤ‍්ඤාස පුන පඤ‍්ච ච උත‍්තරින‍්ති.
පනස් වැනි නිපාතයෙහි ශෝභන වූ එක් මැ ‘තාලපුට’ ස්ථවිරයන් වහන්සේ යැ එහි ගාථාවෝ පසක් වැඩි පනසෙකි. (පස්පනසෙකි).
පඤ‍්ඤාසනිපාතො නිට‍්ඨිතො.
පඤ්ඤාසනිපාතය නිමි.