50. පඤ්ඤාසනිපාතො අට්ඨකථා
50. පඤ්ඤාසනිපාතය
තාලපුටත්ථෙරගාථාවණ්ණනා
තාලපුට ස්ථවිරගාථා වර්ණනාව
පඤ්ඤාසනිපාතෙ කදා නුහන්තිආදිකා ආයස්මතො තාලපුටත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ අඤ්ඤතරස්මිං නටකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො කුලානුරූපෙසු නච්චට්ඨානෙසු නිප්ඵත්තිං ගන්ත්වා සකලජම්බුදීපෙ පාකටො නටගාමණි අහොසි. සො පඤ්චසතමාතුගාමපරිවාරො මහතා නටවිභවෙන ගාමනිගමරාජධානීසු සමජ්ජං දස්සෙත්වා, මහන්තං පූජාසක්කාරං ලභිත්වා, විචරන්තො රාජගහං ආගන්ත්වා, නගරවාසීනං සමජ්ජං දස්සෙත්වා, ලද්ධසම්මානසක්කාරො ඤාණස්ස පරිපාකං ගතත්තා සත්ථු සන්තිකං ගන්ත්වා, වන්දිත්වා එකමන්තං නිසින්නො භගවන්තං එතදවොච – “සුතමෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං ‘යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරං මරණා පහාසානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’ති, ඉධ භගවා කිමාහා”ති. අථ නං භගවා තික්ඛත්තුං පටික්ඛිපි “මා මං එතං පුච්ඡී”ති. චතුත්ථවාරං පුට්ඨො ආහ – “ගාමණි, ඉමෙ සත්තා පකතියාපි රාගබන්ධනබද්ධා දොසබන්ධනබද්ධා මොහබන්ධනබද්ධා තෙසං භිය්යොපි රජනීයෙ දොසනීයෙ මොහනීයෙ ධම්මෙ උපසංහරන්තො පමාදෙත්වා කායස්ස භෙදා පරං මරණා නිරයෙ උපපජ්ජති. සචෙ පනස්ස එවංදිට්ඨි හොති ‘යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරං මරණා පහාසානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’”ති සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිස්ස ච ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති ඉච්ඡිතබ්බා, නිරයස්ස වා තිරච්ඡානයොනියා වාති. තං සුත්වා තාලපුටො ගාමණි පරොදි. නනු ගාමණි පගෙව මයා පටික්ඛිත්තො “මා මං එතං පුච්ඡී”ති (සං· නි· 4.354)? “නාහං, භන්තෙ, එතං රොදාමි, යං මං භගවා නටානං අභිසම්පරායං එවමාහා”ති. අපි චාහං, භන්තෙ, පුබ්බකෙහි ආචරියපාචරියෙහි නටෙහි වඤ්චිතො “නටො මහාජනස්ස නටසමජ්ජං දස්සෙත්වා සුගතිං උපපජ්ජතී”ති.
පනස්වන නිපාතයෙහි කදානුහං ආදිය ආයුෂ්මත් තාල පුට ත්ථෙරස්ස තාලපුට තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ භවයන්හි සසරට පිහිටවන කුසල් රැස්කර මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා නැටුම් කුලයක ඉපිද උගත්බවට පැමිණියේ කුලයට අනුරූප වූ නැටුම් කලාවන්හි පරතෙරට ගොස් සියළු දඹදිව ප්‍රකට ගාමණී නම් නාට්‍ය ශිල්පියා විය. ඔහු පන්සියයක් කාන්තාවන් පිරිවරාගෙන මහත්වූ නාට්‍ය සම්පත්තියෙන් යුක්තව ගම්නියම්ගම් රාජධානිවල සංදර්ශන පවත්වා බොහෝ පුදසත්කාර ලබා ඇවිදින්නේ රජගහ නුවරට පැමිණ නුවර වැසියන්ට සංදර්ශනයක් පවත්වා ලබන ලද ගරුසත්කාර ඇත්තේ නුවණ මුහුකුරා ගිය බැවින් බුදුන් සමීපයට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි! පැරණි ආචාර්ය, ප්රාචාර්යයගෙන් මා මෙසේ අසා ඇත. යම් ඒ නාට්‍ය ශිල්පියෙක් රඟමඬලේදී ඇත්තෙන් හා බොරුවෙන් ජනයාව සිනහගන්වයි ද සතුටු කරයිද ඔහු මරණින් මතු පහාස නම් වූ දෙවියන් හා එක්වන්නේය කියාය. භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කුමක් වදාරණ සේක්ද? භාග්‍යවතුන් වහන්සේ මගෙන් මෙය අසන්නට එපායැයි ඔහුව තුන්වරක් ප්‍රතික්ෂේප කළ සේක. සතරවන වර විචාරණ ලද්දේ මෙසේ වදාළේය. ගාමිණිය! මේ සත්ත්වයෝ ස්වභාවයෙන්ද රාග බැම්මෙන් බැඳුනෝය. ද්වේෂ බන්ධනයෙන් බැඳුනෝය. මෝහ බන්ධනයෙන් බැඳුනෝය. ඔවුනතුරෙන් බොහෝන්දෙනෙක් ඇලිය යුතු, ගැටියයුතු, මුලාවට පත්විය යුතු ධර්මයන්හි යෙදෙමින් ප්රමාදීව කාය බිඳීයාමෙන් මරණයෙන් පසු නිරයෙහි උපදී. ඉදින් වනාහි ඔහුට මෙබඳු දෘෂ්ටියක් ඇත්තේද ‘යම් ඒ නාට්‍ය ශිල්පියෙක් රඟමඬලෙහි ඇත්තෙන් හෝ බොරුවෙන් ජනයා සිනහ ගන්වයිද සතුටු කරයිද ඔහු කය විනාශවීමෙන් මරණයෙන් පසු පහාස නම් දෙවියන් හා එක්වන්නේය. මේ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය වන්නේය. මිථ්‍යාදෘෂ්ටිකයා වනාහි නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකින් එකක් බලාපොරොත්තු විය යුතුයි. එය අසා තාලපුටො තාලපුට හැඬුවේය. ගාමිණිය! මා විසින් මුලදීම මෙය මාගෙන් නොඇසිය යුතුයයි ප්‍රතික්ෂේප කළා නොවේද කියා බුදුන්වහන්සේ විචාළ සේක. එවිට ඔහු පවසන්නේ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ නෘත්‍ය දක්වන්නවුන්ගේ පරලොව ජීවිතය මෙසේ වන්නේයැයි කියූ කාරණය ගැන මම නොහඬමි. තවද ස්වාමීනි! පැරණි ආචාර්ය ප්රාචාර්ය නැට්ටුවන් විසින් මෙම රවටනු ලැබුවෙමි. කුමක් නිසාද නැට්ටුවා මහාජනයාට නාට්‍ය සංදර්ශන පවත්වා සුගතියෙහි උපදීයැයි කියා ඇති බැවිනි.
සො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පන්නො විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි, අධිගතාරහත්තො පන අරහත්තප්පත්තිතො පුබ්බෙ යෙනාකාරෙන අත්තනො චිත්තං නිග්ගණ්හනවසෙන යොනිසොමනසිකාරො උදපාදි, තං අනෙකධා විභජිත්වා දස්සෙතුං –
ඔහු බුදුන් සමීපයෙහි බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව ලබන ලද උපසම්පදා ඇත්තේ විදර්ශනා භාවනාව සඳහා කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. අවබෝධ කරගන්නා ලද රහත්බව ඇතිව රහත්වීමට පෙරාතුව යම් අයුරකින් තමාගේ සිත පෙර පැවැති තත්ත්වය විමසා බැලීම් වශයෙන් යොනිසො මනසිකාරය පහළ විය. එය නොයෙක් ආකාරවලට බෙදා දක්වන්නට:-
“කදා නුහං පබ්බතකන්දරාසු, එකාකියො අද්දුතියො විහස්සං; අනිච්චතො සබ්බභවං විපස්සං, තං මෙ ඉදං තං නු කදා භවිස්සති.
කවදානම් මම පර්වත කඳුරුවල හුදෙකලාව දෙවෙනියෙක් නැතිව වාසය කරන්නෙම්ද? සියළු භවය අනිත්‍ය ලෙස බලන්නා වූ කවදා වන්නේද? (කවදා මස්තකප්රාප්ත වන්නේද?)
“කදා නුහං භින්නපටන්ධරො මුනි, කාසාවවත්ථො අමමො නිරාසො; රාගඤ්ච දොසඤ්ච තථෙව මොහං, හන්ත්වා සුඛී පවනගතො විහස්සං.
කවරදා නම් කපා සිඳ මසාගත් සිවුරු දරන මුනිවරයෙක්ව කසාය වස්ත්‍රය හැඳ මමත්වයක් නැතිව ආශාවක් නැතිව, රාගයද, මෝහයද, ද්වේෂයද නැතිකර දමා සැපවත්ව මහා වනයට ගොස් කවදානම් වාසය කරන්නෙම්ද?
“කදා අනිච්චං වධරොගනීළං, කායං ඉමං මච්චුජරායුපද්දුතං; විපස්සමානො වීතභයො විහස්සං, එකො වනෙ තං නු කදා භවිස්සති.
රෝගයන්ටත් මරණයටත් කුඩුවක් බඳු මරණයෙන් හා ජරාවෙන් උපද්‍රව තත්ත්වයට පත් පහකළ භයට හේතු ඇතිව විදර්ශනා ඤාණයෙන් බලන්නේ කවදානම් හුදෙකලාව වනයෙහි වසන්නෙම්ද?
“කදා නුහං භයජනනිං දුඛාවහං, තණ්හාලතං බහුවිධානුවත්තනිං; පඤ්ඤාමයං තිඛිණමසිං ගහෙත්වා, ඡෙත්වා වසෙ තම්පි කදා භවිස්සති.
මම බිය ඇතිකරන දුක් ගෙනදෙන බොහෝ වූ අරමුණුවලට අනුව පවත්නා තණ්හා නමැති ලතාව ප්‍රඥා නමැති සියුම් කඩුව ගෙන කපා දමා කවදානම් වසන්නෙම්ද?
“කදා නු පඤ්ඤාමයමුග්ගතෙජං, සත්ථං ඉසීනං සහසාදියිත්වා; මාරං සසෙනං සහසා භඤ්ජිස්සං, සීහාසනෙ තං නු කදා භවිස්සති.
ප්‍රඥාමය වූ උග්‍ර වූ තේජස් ඇති සෘෂිවරයන්ගේ ආයුධය වහා ගෙන සේනාව සහිත මාරයාව විනාශ කර දමා අපරාජිත ආසනයෙහි කවදානම් සිටින්නෙම්ද?
“කදා නුහං සබ්භි සමාගමෙසු, දිට්ඨො භවෙ ධම්මගරූහි තාදිභි; යාථාවදස්සීහි ජිතින්ද්රියෙහි, පධානියො තං නු කදා භවිස්සති.
කවදා මම උතුමන්ගේ සමාගමයෙහි එබඳු වූ ධර්ම ගෞරවයෙන් යුත් උතුමන් විසින් දකින ලද්දේ වෙම්ද? යථා ආකාරයෙන් දකින්නා වූ දිනන ලද ඉඳුරන් ඇති බුද්ධාදී උතුමන් විසින් දකින ලද්දේ වෙම්ද?
“කදා නු මං තන්දි ඛුදා පිපාසා, වාතාතපා කීටසරීසපා වා; න බාධයිස්සන්ති න තං ගිරිබ්බජෙ, අත්ථත්ථියං තං නු කදා භවිස්සති.
අලසකම, බඩගින්න හා පිපාසයෙන් සුලඟින්, අව්වෙන්, කීටයන්ගෙන් හා දිග උරගයන්ගෙන් ඒ ගිරිකඳුරෙහි කිසි බාධාවක් නොවන්නේය.
“කදා නු ඛො යං විදිතං මහෙසිනා, චත්තාරි සච්චානි සුදුද්දසානි; සමාහිතත්තො සතිමා අගච්ඡං, පඤ්ඤාය තං තං නු කදා භවිස්සති.
මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දැකීමට අපහසු චතුරාර්ය සත්‍යයන් මාර්ග සමාධියෙන් සමාහිත වූ මනා සිහියෙන් හා ප්‍රඥාවෙන් මම කවදානම් අවබෝධකර ගන්නෙම්ද?
“කදා නු රූපෙ අමිතෙ ච සද්දෙ, ගන්ධෙ රසෙ ඵුසිතබ්බෙ ච ධම්මෙ; ආදිත්තතොහං සමථෙහි යුත්තො, පඤ්ඤාය දච්ඡං තදිදං කදා මෙ.
අප්‍රමාණ වූ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් ගිනිගෙන සිටින්නා වූ මම කවදානම් සමථ භාවනාවෙන් යුක්තව ප්‍රඥාවෙන් ඒ ධර්මය කවදානම් දකින්නෙම්ද?
“කදා නුහං දුබ්බචනෙන වුත්තො, තතො නිමිත්තං විමනො න හෙස්සං; අථො පසත්ථොපි තතො නිමිත්තං, තුට්ඨො න හෙස්සං තදිදං කදා මෙ.
නරක වචනයක් කීමෙන් ඒ හේතුකොට ගෙන සිත නරක් වූවෙක් නොවන්නෙමි. ඉක්බිති ප්‍රශංසාවක් කළේද ඒ හේතුවෙන් සතුටු නොවන්නෙමි. කවදානම් මම ඒ තත්ත්වයට පත්වන්නෙම්ද?
“කදා නු කට්ඨෙ ච තිණෙ ලතා ච, ඛන්ධෙ ඉමෙහං අමිතෙ ච ධම්මෙ; අජ්ඣත්තිකානෙව ච බාහිරානි ච, සමං තුලෙය්යං තදිදං කදා මෙ.
දර, තණකොල, වැල් යන මේවා අප්‍රමාණ වූ ස්කන්ධ ධර්මයන් හා සමානව සිතමි. කවදානම් අධ්‍යාත්මික හා බාහිර වූ මේ ධර්මයන් සමාන කර සිතන්නෙක් වෙම්ද?
“කදා නු මං පාවුසකාලමෙඝො, නවෙන තොයෙන සචීවරං වනෙ; ඉසිප්පයාතම්හි පථෙ වජන්තං, ඔවස්සතෙ තං නු කදා භවිස්සති.
වර්ෂා කාලයෙහි මේඝයේ අළුත් ජලයෙන්, වනයෙහි සෘෂිවරයන් ගිය මගෙහි යන්නා වූ චීවර සහිත මා කවදානම් එම ජලයෙන් තෙමෙන්නේද?
“කදා මයූරස්ස සිඛණ්ඩිනො වනෙ, දිජස්ස සුත්වා ගිරිගබ්භරෙ රුතං; පච්චුට්ඨහිත්වා අමතස්ස පත්තියා, සංචින්තයෙ තං නු කදා භවිස්සති.
කවදානම් ගිරිකඳුරේ වනයෙහි හඬන මොනරුන්ගේ කේකාරව අසා වේලාව දැනගෙන නැගිට කවදානම් අමෘත නිර්වාණය ලබාගැනීම සඳහා කල්පනා කරන්නෙම්ද?
“කදා නු ගඞ්ගං යමුනං සරස්සතිං, පාතාලඛිත්තං වළවාමුඛඤ්ච; අසජ්ජමානො පතරෙය්යමිද්ධියා, විභිංසනං තං නු කදා භවිස්සති.
කවදානම් ගංගා යමුනා සරස්වතී යන ගංගාවන්හි හා පාතාලයේ හා වඩවා මුඛයෙහිද වූ ඒ බිහිසුනු බවෙහි ඍද්ධියෙන් නොඇලී තරණය කරන්නට ලැබේද? කවදානම් මෙබඳු ඍද්ධි බලයක් ලබන්නෙම්ද?
“කදා නු නාගොව අසඞ්ගචාරී, පදාලයෙ කාමගුණෙසු ඡන්දං; නිබ්බජ්ජයං සබ්බසුභං නිමිත්තං, ඣානෙ යුතො තං නු කදා භවිස්සති.
කවදානම් සංග්රාමයෙහි හස්තියකු මෙන් කාම ගුණයන්හි ආශාව සිඳ දමන්නෙම්ද? සියළු සුභ නිමිතිවලින් තොරවී ඣානලාභීව සිටින්නෙම්ද?
“කදා ඉණට්ටොව දලිද්දකො නිධිං, ආරාධයිත්වා ධනිකෙහි පීළිතො; තුට්ඨො භවිස්සං අධිගම්ම සාසනං, මහෙසිනො තං නු කදා භවිස්සති.
ණයබරින් පීඩාවට පත් ධනවතුන් විසින් පෙළන ලද දිළින්දෙක් යම්සේ නිධානයක් ලැබ සතුටුවන්නේද එපරිද්දෙන් කවදානම් මම බුදුන්ගේ සසුනෙහි ඇතුලත්ව ඒ ධර්මය අවබෝධ කරගන්නෙම්ද?
“බහූනි වස්සානි තයාම්හි යාචිතො, අගාරවාසෙන අලං නු තෙ ඉදං; තං දානි මං පබ්බජිතං සමානං, කිංකාරණා චිත්ත තුවං න යුඤ්ජසි.
අවුරුදු ගණනක් ඔබ විසින් ඉල්ලා සිටින ලද්දෙමි. ඔබට මේ ගිහිගෙයි වාසයෙන් ඵලයක් නැත. ඒ මට දැන් පැවිද්දකු හා සමානය. එම්බා චිත්තය! නුඹ කුමක් නිසා තවමත් එහි නොයෙදෙන්නේද?
“නනු අහං චිත්ත තයාම්හි යාචිතො, ගිරිබ්බජෙ චිත්රඡදා විහඞ්ගමා; මහින්දඝොසත්ථනිතාභිගජ්ජිනො, තෙ තං රමෙස්සන්ති වනම්හි ඣායිනං.
එම්බා සිත! ඔබ විසින් ඉල්ලා සිටින ලද්දේ නොවෙම්ද? පර්වතයේ විසිතුරු මොනරුන් සිටින දියඇලිවල ඝෝෂාවෙන් ඝෝෂාවත් වූ වනය ඣාන වඩන්නවුන් සතුටට පත්කරයි.
“කුලම්හි මිත්තෙ ච පියෙ ච ඤාතකෙ, ඛිඩ්ඩාරතිං කාමගුණඤ්ච ලොකෙ; සබ්බං පහාය ඉමමජ්ඣුපාගතො, අථොපි ත්වං චිත්ත න මය්හ තුස්සසි.
කුලයෙහි මිත්‍රයන්ද ප්‍රියයන්ද නෑයන්ද ලෝකයේ කාමරතිය හා අනිකුත් කාම ගුණයන්ද යන සියල්ල හැර වනයට පිවිසියේ මා සතුටට පත්නොකරයි.
“මමෙව එතං න හි ත්වං පරෙසං, සන්නාහකාලෙ පරිදෙවිතෙන කිං; සබ්බං ඉදං චලමිති පෙක්ඛමානො, අභිනික්ඛමිං අමතපදං ජිගීසං.
එම්බා සිත! ඔබ මගේමය. අනුන්ගේ නොවේ. කෙලෙස් මාරයන් සමග යුධ කරන්නට සූදානම්ව සිටින කල්හි වැලපීමෙන් ඇති ඵලය කුමක්ද? මේ සියල්ල ස්ථිර නැත යයි දකින්නේ අමෘතපදය ලබාගැනීමේ ආශාවෙන් අභිනිෂ්ක්‍රමණය කළෙමි.
“සුයුත්තවාදී ද්විපදානමුත්තමො, මහාභිසක්කො නරදම්මසාරථි; චිත්තං චලං මක්කටසන්නිභං ඉති, අවීතරාගෙන සුදුන්නිවාරයං.
මිනිසුන් අතර උතුම් වූ මහේශාක්‍ය වූ නරදම්මසාරථී වූ වීතරාගී නොවූවන් විසින් වැලැක්විය නොහැකි සැලෙන්නා වූ සිත වනයේ වඳුරකුට බඳුයැයි යන මහා ප්‍රකාශය කළා වූ.
“කාමා හි චිත්‍රා මධුරා මනොරමා, අවිද්දසූ යත්ථ සිතා පුථුජ්ජනා; තෙ දුක්ඛමිච්ඡන්ති පුනබ්භවෙසිනො, චිත්තෙන නීතා නිරයෙ නිරාකතා.
කාමයෝ වනාහි විසිතුරුය. මධුරය. මනහරය. අන්ධ පෘථග්ජනයෝ එහි ඇලුනෝ වෙති. නැවත භවයක් ලබන්නා වූ ඔවුහු සිතට වසඟ වූවාහු නිරයේ ඉපදී දුක් විඳිත්.
“මයූරකොඤ්චාභිරුතම්හි කානනෙ, දීපීහි බ්‍යග්ඝෙහි පුරක්ඛතො වසං; කායෙ අපෙක්ඛං ජහ මා විරාධය, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
මොනරුන් හා විල්ලිහිණියන්ගේ හඬින් යුත්, දිවියන් ව්‍යාඝ්‍රයන් පෙරටුකොට ඇති වනයේ වාසය කරන්නේ කය පිළිබඳ අපේක්ෂාව අත්හරින්න යැයි එම්බා චිත්තය! මා පැවිද්දට පළමුව මනා ප්‍රතිපත්ති කෙරෙහි උනන්දු කරවූයෙහිය.
“භාවෙහි ඣානානි ච ඉන්ද්රියානි ච, බලානි බොජ්ඣඞ්ගසමාධිභාවනා; තිස්සො ච විජ්ජා ඵුස බුද්ධසාසනෙ, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
ධ්‍යානයන් උපදවන්න. ඉන්ද්රිය, බල බොජ්ඣංග, සතරවැදෑරුම් සමාධි භාවනාවන්, ත්‍රිවිද්‍යාවන් ලබව. බුද්ධ ශාසනයෙහි යෙදෙන්න. එම්බා චිත්තය! මා පෙර මෙසේ උනන්දු කරවූයෙහිය.
“භාවෙහි මග්ගං අමතස්ස පත්තියා, නිය්යානිකං සබ්බදුඛක්ඛයොගධං; අට්ඨඞ්ගිකං සබ්බකිලෙසසොධනං, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
අමෘතය ලබාගැනීම සඳහා නෛර්යානික වූ සියළු දුක් නැතිකරන නිර්වාණය අරමුණු කරගත්, සියළු කෙලෙස් ශුද්ධ කරන්නා වූ අෂ්ටාංගික මාර්ගය වඩන්න. එම්බා චිත්තය! ඔබ පෙර මෙසේ මා උනන්දු කරවීය.
“දුක්ඛන්ති ඛන්ධෙ පටිපස්ස යොනිසො, යතො ච දුක්ඛං සමුදෙති තං ජහ; ඉධෙව දුක්ඛස්ස කරොහි අන්තං, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
පංච ස්කන්ධයන් දුක්යැයි නුවණින් දකින්න. යමකින් දුක හටගනීද එය අත්හරින්න. මේ ජීවිතයේදීම දුක කෙළවර කරන්න. එම්බා චිත්තය! මෙසේ පෙර මා උනන්දු කරවූයේය.
“අනිච්චං දුක්ඛන්ති විපස්ස යොනිසො, සුඤ්ඤං අනත්තාති අඝං වධන්ති ච; මනොවිචාරෙ උපරුන්ධ චෙතසො, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
(මේ පංචස්කන්ධයන්) අනිත්‍ය, දුක්ඛ, ශුන්‍ය, අනාත්ම, වේදනාකාරී ලෙස යොනිසොමනසිකාරයෙන් දකින්න. ලෞකික වූ සොමනස්ස ආදී අටළොස් චිත්තයන්ගේ උපත වළක්වන්න. එම්බා චිත්තය! මෙසේ පළමුව මා උනන්දු කරවූයෙහිය.
“මුණ්ඩො විරූපො අභිසාපමාගතො, කපාලහත්ථොව කුලෙසු භික්ඛසු; යුඤ්ජස්සු සත්ථුවචනෙ මහෙසිනො, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
හිස මුඩුකර විරූපීව කුලයන් අතරත් භික්ෂූන් අතරත් කබලක් ගත් ඇත් ඇත්තේය යන නින්දාවට පාත්‍ර වන්නේය. මහර්ෂි වූ ශාස්තෲන් වහන්සේගේ වචනයෙහි හැසිරෙන්න යැයි මෙසේ පළමුව මා උනන්දු කරවූයෙහිය.
“සුසංවුතත්තො විසිඛන්තරෙ චරං, කුලෙසු කාමෙසු අසඞ්ගමානසො; චන්දො යථා දොසිනපුණ්ණමාසියා, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
[missing trans]
“ආරඤ්ඤිකො හොහි ච පිණ්ඩපාතිකො, සොසානිකො හොහි ච පංසුකූලිකො; නෙසජ්ජිකො හොහි සදා ධුතෙ රතො, ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
ආරඤ්ඤිකයෙක් වන්න. පිණ්ඩපාතිකයෙක් වන්න. සොසානිකයෙක් වන්න. පංශුකූලිකයෙක් වන්න. නෙසජ්ජිකයෙක් වන්න. හැමකල්හි මේ ධුතාංගයන්හි යෙදුනෙක් වන්න යැයි එම්බා චිත්තය! ඔබ මා පෙර උනන්දු කරවූයෙහිය.
“රොපෙත්ව රුක්ඛානි යථා ඵලෙසී, මූලෙ තරුං ඡෙත්තු තමෙව ඉච්ඡසි; තථූපමං චිත්තමිදං කරොසි, යං මං අනිච්චම්හි චලෙ නියුඤ්ජසි.
යම්සේ ගස් වවා ගෙඩි ලබා ගන්නේද එබඳු වෘක්ෂයේ මුල සිඳින්නට කැමැති වන්නෙහිද? එබඳු වූ සිත! මෙය කරන්නෙහිද? යමක් මා පැවිද්දට යොමුකර ලබාගත් පැවිද්ද නමැති ඵලය අනිත්‍ය වූ මේ සංසාර මුඛයෙහි යොදන්නෙහිද?
“අරූප දූරඞ්ගම එකචාරි, න තෙ කරිස්සං වචනං ඉදානිහං; දුක්ඛා හි කාමා කටුකා මහබ්භයා, නිබ්බානමෙවාභිමනො චරිස්සං.
රූපයක් නැති දුර ගමන්කරන හුදෙකලා වූ එම්බා චිත්තය! මම දැන් ඔබ කියන දේ නොකරමි. කාමයෝ වනාහි දුක්ය. කටුකය. බියජනකය. ඒ නිසා නිවන අරමුණු කරගෙනම හැසිරෙන්නෙමි.
“නාහං අලක්ඛ්යා අහිරික්කතාය වා, න චිත්තහෙතූ න ච දූරකන්තනා; ආජීවහෙතූ ච අහං න නික්ඛමිං, කතො ච තෙ චිත්ත පටිස්සවො මයා.
මම අභාග්‍ය සම්පන්න බව නිසා හෝ නිර්ලජ්ජි බව නිසා හෝ චිත්ත හේතුව නිසා හෝ දඬුවම් ලැබීමට ඇති බිය නිසා හෝ ජීවත්වීමට අමාරුකම නිසා හෝ මම නික්මුනේ නොවෙමි. එම්බා සිත! මුලදීම මම ප්‍රතිඥා දුන්නෙම් නොවේද?
“අප්පිච්ඡතා සප්පුරිසෙහි වණ්ණිතා, මක්ඛප්පහානං වූපසමො දුඛස්ස; ඉතිස්සු මං චිත්ත තදා නියුඤ්ජසි, ඉදානි ත්වං ගච්ඡසි පුබ්බචිණ්ණං.
අල්පේච්ඡතාවත් මකුබව නැතිකිරීමත් දුක සංසිඳීමත් සත්පුරුෂයන් විසින් වර්ණනා කරන ලදී. එම්බා සිත, ඔබ පෙර එහි යෙදී සිටියෙහි. දැන් ඔබ පැරණි ස්වභාවය ඇසුරු කරන්නට යන්නෙහි කුමක් නිසාවෙන්ද?
“තණ්හා අවිජ්ජා ච පියාපියඤ්ච, සුභානි රූපානි සුඛා ච වෙදනා; මනාපියා කාමගුණා ච වන්තා, වන්තෙ අහං ආවමිතුං න උස්සහෙ.
තණ්හාවත් අවිද්‍යාවත් ප්‍රියයන් කෙරෙහි ඇල්මත් සුභ වූ රූපත් සුඛ වේදනාවත් මනාප වූ කාමගුණයන්ද මම අත්හළෙමි. නැවතත් ඒවා වැළඳගන්නට උත්සාහ නොකරමි.
“සබ්බත්ථ තෙ චිත්ත වචො කතං මයා, බහූසු ජාතීසු නමෙසි කොපිතො; අජ්ඣත්තසම්භවො කතඤ්ඤුතාය තෙ, දුක්ඛෙ චිරං සංසරිතං තයා කතෙ.
එම්බා සිත! පූර්ව ජාතීන් හැම එකකදීම ඔබ විසින් කියන ලද්ද මා විසින් කරන ලදී. බොහෝ ජාතින්හිදී පරිභව නොකළෙමි. තමා කෙරෙහි හටගෙන ඇති නමුත් ඔබ විසින් ඇතිකරන ලද අනේක වූ සංසාර දුක් විඳිමින් සැරිසැරුවෙමි.
“ත්වඤ්ඤෙව නො චිත්ත කරොසි බ්රාහ්මණො, ත්වං ඛත්තියො රාජදසී කරොසි; වෙස්සා ච සුද්දා ච භවාම එකදා, දෙවත්තනං වාපි තවෙව වාහසා.
එම්බා සිත! ඔබම බ්‍රාහ්මණයෙක් කරන්නෙහිය. ක්ෂත්රියයෙක් කරන්නෙහිය. රජෙක් කරන්නෙහිය. ඒ කාරණයෙන්ම වෛශ්‍යයෙක්, ක්‍ෂුද්‍රයෙක් වන්නෙහිය. එක් දිනයෙන් දේවත්වයටද පත්වන්නෙහිය.
“තවෙව හෙතූ අසුරා භවාමසෙ, ත්වංමූලකං නෙරයිකා භවාමසෙ; අථො තිරච්ඡානගතාපි එකදා, පෙතත්තනං වාපි තවෙව වාහසා.
ඒ හේතුවෙන්ම අපි අසුරයෝ වෙමු. ඔබ මුල්කරගෙන අපි නිරයවාසීහු වෙමු. ඒ හේතුවෙන්ම තිරිසන්ගත සත්ත්වයෝ වෙමු. ප්‍රේතාත්මයට පත්වූවෝ වෙමු.
“නනු දුබ්භිස්සසි මං පුනප්පුනං, මුහුං මුහුං චාරණිකංව දස්සයං; උම්මත්තකෙනෙව මයා පලොභසි, කිඤ්චාපි තෙ චිත්ත විරාධිතං මයා.
එම්බා සිත! නැවත නැවතත් මා දුකට පත් නොකරන්න. නැවත නැවතත් වෙනස් මුහුණු පෙන්වමින් උමතු වූවකු වැනි මා සමග සෙල්ලම් කරන්නෙහි! මා විසින් ඔබට කුමන හතුරුකමක් කරන ලද්දේ ද?
“ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං, යෙනිච්ඡකං යත්ථකාමං යථාසුඛං; තදජ්ජහං නිග්ගහෙස්සාමි යොනිසො, හත්ථිප්පභින්නං විය අඞ්ගුසග්ගහො.
පෙර මේ සිත කැමැති පරිදි බොහෝකල් ඒ ඒ අරමුණුවල යෙදී හැසුරුනේය. යම්සේ අංකුසයක් අතින් ගත් තැනැත්තා හස්තියකු මෙල්ල කරන්නාක් මෙන් අද මම නුවණින් මෙනෙහිකර එයට නිග්‍රහ කරමි.
“සත්ථා ච මෙ ලොකමිමං අධිට්ඨහි, අනිච්චතො අද්ධුවතො අසාරතො; පක්ඛන්ද මං චිත්ත ජිනස්ස සාසනෙ, තාරෙහි ඔඝා මහතා සුදුත්තරා.
මාගේ ශාස්තෲන් වහන්සේ මේ ලෝකය අනිත්‍යයැයි අස්ථිරයැයි අසාරයැයි වටහාගන්නා ලදී. එම්බා සිත! ජින ශාසනයෙහි මා යොදන්න. මහත්වූ එතරවීමට අපහසු ත්‍රිවිධ ඕඝයන්ගෙන් මා එතර කරන්න.
“න තෙ ඉදං චිත්ත යථා පුරාණකං, නාහං අලං තුය්හ වසෙ නිවත්තිතුං; මහෙසිනො පබ්බජිතොම්හි සාසනෙ, න මාදිසා හොන්ති විනාසධාරිනො.
එම්බා සිත! පෙර මෙන් මා ඔබගේ වසයෙහි පවතින්නට අවශ්‍ය නැත. මහර්ෂීන් වහන්සේගේ සසුනෙහි පැවිදි වූයේ වෙමි. මා වැන්නෝ ඒකාන්ත වශයෙන් ශ්‍රමණයෝ වෙත්.
“නගා සමුද්දා සරිතා වසුන්ධරා, දිසා චතස්සො විදිසා අධො දිවා; සබ්බෙ අනිච්චා තිභවා උපද්දුතා, කුහිං ගතො චිත්ත සුඛං රමිස්සසි.
පර්වතයෝද සමුද්‍ර ද ගංගාදියද මහපොළවද සතර දිසාවන්ද අනුදිශාවන්ද, පහළ පිහිටි ලෝකයද දිව්යලෝකද යන සියල්ලන් කාමාදි භවයනුත් අනිත්‍යයයි. උපද්‍රව සහිතයි. එම්බා සිත! කොහි ගියේද? සැපසේ රමණය කරන්නේද?
“ධිතිප්පරං කිං මම චිත්ත කාහිසි, න තෙ අලං චිත්ත වසානුවත්තකො; න ජාතු භස්තං උභතොමුඛං ඡුපෙ, ධිරත්ථු පූරං නවසොතසන්දනිං.
එම්බා සිත! පරම ස්ථිර භාවයෙහි පිහිටියා වූ මට කුමක් කරන්නෙහිද? එම්බා සිත! මා නුඹගේ වසඟයට පත්ව නොසිටිමි. මුඛ දෙකක් ඇති අසූචිවලින් පිරුණු සම් පසුම්බියක් බඳු එය පයින්වත් ස්පර්ශ නොකරන්නේය. නව දොරකින් අපවිත්‍ර දේ වැගිරෙන මේ ශරීරයට නින්දා වේවා.
“වරාහඑණෙය්යවිගාළ්හසෙවිතෙ, පබ්භාරකුට්ටෙ පකතෙව සුන්දරෙ; නවම්බුනා පාවුසසිත්තකානනෙ, තහිං ගුහාගෙහගතො රමිස්සසි.
ඌරන් හා මුවන් බැස සෙව්නා වූ ප්‍රකෘතියෙන් සුන්දර වූ පව්වෙහි වැසි ජලයෙන් තෙමුනා වූ වනාන්තරයෙහි ගුහාවක් නමැති ගෙයකට ගොස් සතුටු වන්නෙහි.
“සුනීලගීවා සුසිඛා සුපෙඛුනා, සුචිත්තපත්තච්ඡදනා විහඞ්ගමා; සුමඤ්ජුඝොසත්ථනිතාභිගජ්ජිනො, තෙ තං රමෙස්සන්ති වනම්හි ඣායිනං.
අතිශයින් නීලවර්ණ වූ ගෙල හා පිල් කළඹින් යුත් මොනරුන්ගෙන්ද විසිතුරු පියාපත් නමැති ඡත්රයන් වැනි පක්ෂීන්ගෙන්ද මනහර ඝෝෂාවෙන් ඝෝෂාවත් වූ වනය ධ්‍යාන වඩන්නන් සතුටු කරවත්.
“වුට්ඨම්හි දෙවෙ චතුරඞ්ගුලෙ තිණෙ, සංපුප්ඵිතෙ මෙඝනිභම්හි කානනෙ; නගන්තරෙ විටපිසමො සයිස්සං, තං මෙ මුදූ හෙහිති තූලසන්නිභං.
වැසි වැස්ස කල්හි අඟල් හතරක් පමණ තණකොල වැවුණු මේඝයක් වැනි වනයෙහි මනාව මල්පිපුණු කල්හි පර්වත අතරෙහි ගසක් මෙන් හුන්නෙමි. මේ තනබිස්ස මට මෘදු ඇතිරිල්ලක් බඳුය.
“තථා තු කස්සාමි යථාපි ඉස්සරො, යං ලබ්භති තෙනපි හොතු මෙ අලං; න තාහං කස්සාමි යථා අතන්දිතො, බිළාරභස්තංව යථා සුමද්දිතං.
යම්සේ ධනවත් පුරුෂයෙක් තමන්ගේ දාසාදීන් තම වසඟයෙහි තබාගනීද එම්බා සිත! මම ද එසේ කරන්නෙමි. යමක් මට ලැබෙන්නේද මට එයින් ඵලක් නැත. එම්බා සිත! යම්සේ මනාව මෘදුකරන ලද බලල් සමින් කළ පසුම්බිය මෙන් කර්මයෝගය කරමි.
“තථා තු කස්සාමි යථාපි ඉස්සරො, යං ලබ්භති තෙනපි හොතු මෙ අලං; විරියෙන තං මය්හ වසානයිස්සං, ගජංව මත්තං කුසලඞ්කුසග්ගහො.
යම්සේ ධනවත් පුරුෂයෙක් තමන්ගේ දාසාදීන් තම වසඟයෙහි තබාගනීද එසේ මමද සිත මාගේ වසඟයෙහි තබාගනිමි. මට යමක් ලැබේද එයින් ප්‍රයෝජනයක් නැත. යම්සේ අංකුසය අතේ ඇත්තා මදකිපුණු හස්තියා මෙල්ල කරන්නාක් මෙන් එම්බා සිත! වීර්යයෙන් මා වසඟයට ගනිමි.
“තයා සුදන්තෙන අවට්ඨිතෙන හි, හයෙන යොග්ගාචරියොව උජ්ජුනා; පහොමි මග්ගං පටිපජ්ජිතුං සිවං, චිත්තානුරක්ඛීහි සදා නිසෙවිතං.
භාවනාවෙන් මනාව දමනය වූ මනාව විදර්ශනා භාවනා ක්‍රමය වැඩුවා වූ ඔබ විසින් ආජානීය අශ්වයකු මෙන් ක්ෂේමභූමියට යාමට හැකිව කෙලෙස් රහිත බැවින් ශිව නම් වූ මාර්ගයට ඇතුළත් වන්නට සමත් වෙමි.
“ආරම්මණෙ තං බලසා නිබන්ධිසං, නාගංව ථම්භම්හි දළ්හාය රජ්ජුයා; තං මෙ සුගුත්තං සතියා සුභාවිතං, අනිස්සිතං සබ්බභවෙසු හෙහිසි.
යම්සේ ඇත්ගොව්වෙක් මහා හස්තියකු මහා කණුවක දැඩිලෙස ශක්තිමත් රැහැනකින් බඳියි ද එම්බා සිත! එපරිද්දෙන් මම භාවනා බලයෙන් බැඳ තබන්නෙමි. එම්බා ඒ සිත! ඔබ මගේ සිහියෙන් මනාව ආරක්ෂිතව කාමාදි සියළු භවයන්හිදී තණ්හාදියෙන් තොර වව.
“පඤ්ඤාය ඡෙත්වා විපථානුසාරිනං, යොගෙන නිග්ගය්හ පථෙ නිවෙසිය; දිස්වා සමුදයං විභවඤ්ච සම්භවං, දායාදකො හෙහිසි අග්ගවාදිනො.
වැරදි මගෙහි යන්නහුගේ ආයතන සමුදය නුවණින් දැක එය කපාහැර විදර්ශනා භාවනා සංඛ්‍යාත යෝගයෙන් නිග්‍රහකොට විදර්ශනා මාර්ගයෙහි පිහිටුවව. සියළු ආයතන සමුදායයේ සමුදය හා අභාවය දැක අග්රවාදී වූ බුදුන්ගේ දායාද ඇත්තෙක් වන්න.
“චතුබ්බිපල්ලාසවසං අධිට්ඨිතං, ගාමණ්ඩලංව පරිනෙසි චිත්ත මං; නනු සංයොජනබන්ධනච්ඡිදං, සංසෙවසෙ කාරුණිකං මහාමුනිං.
එම්බා සිත! සතර වැදෑරුම් විපිලිසරයන්ගෙන් යුක්ත වූ මා ගම්දරුවකු මෙන් එහාට මෙහාට අදින්නෙහි. ඒකාන්තයෙන් දස සංයෝජනයන් බිඳදමන්නා වූ කාරුණික වූ මහා මුනීන්ද්රයන් වහන්සේව ඇසුරු කරමි.
“මිගො යථා සෙරි සුචිත්තකානනෙ, රම්මං ගිරිං පාවුසඅබ්භමාලිනිං; අනාකුලෙ තත්ථ නගෙ රමිස්සං, අසංසයං චිත්ත පරා භවිස්සසි.
යම්සේ මුවෙක් වැසිකාලයෙහි මනා පුෂ්පයන්ගෙන් ගහන වූ විසිතුරු වනයෙහි හැසිරේද එපරිද්දෙන් බාධක නැති ඒ රම්‍ය වූ පර්වතයෙහි හැසිරෙමි. එම්බා සිත! ඒකාන්ත වශයෙන් ඔබ සසර විපතෙහිම සිටින්නෙහිය.
“යෙ තුය්හ ඡන්දෙන වසෙන වත්තිනො, නරා ච නාරී ච අනුභොන්ති යං සුඛං; අවිද්දසූ මාරවසානුවත්තිනො, භවාභිනන්දී තව චිත්ත සාවකා”ති.
යම්කෙනෙක් ඔබගේ කැමැත්තෙන් ඔබගේ වසයෙහි පවත්නා මිනිසෙක්, කාන්තාවක්, යම් ඒ සුඛයක් අනුභව කරයිද ඒ අන්ධ බාලයෝ ක්ලේශමාර ආදීන්ගේ වසයෙහි පවත්නාහු කාමාදී භවයන්හි සතුටු වන්නේ ඔබගේ ශ්‍රාවකයෝය.
තත්ථ කදා නුහන්ති කදා නු අහං. පබ්බතකන්දරාසූති පබ්බතෙසු ච කන්දරෙසු ච, පබ්බතස්ස වා කන්දරාසු. එකාකියොති එකකො. අද්දුතියොති නිත්තණ්හො. තණ්හා හි පුරිසස්ස දුතියා නාම. විහස්සන්ති විහරිස්සාමි. අනිච්චතො සබ්බභවං විපස්සන්ති කාමභවාදිභෙදං සබ්බම්පි භවං “හුත්වා අභාවට්ඨෙන අනිච්ච”න්ති විපස්සන්තො කදා නු විහරිස්සන්ති යොජනා. නිදස්සනමත්තඤ්චෙතං, “යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා”ති වචනතො (සං· නි· 3.15) ඉතරම්පි ලක්ඛණද්වයං වුත්තමෙවාති දට්ඨබ්බං. තං මෙ ඉදං තං නු කදා භවිස්සතීති තං ඉදං මෙ පරිවිතක්කිතං කදා නු භවිස්සති, කදා නු ඛො මත්ථකං පාපුණිස්සතීති අත්ථො. තං නූති චෙත්ථ තන්ති නිපාතමත්තං. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – කදා නු ඛො අහං මහාගජො විය සඞ්ඛලිකබන්ධනං, ගිහිබන්ධනං ඡින්දිත්වා පබ්බජිත්වා කායවිවෙකං පරිබ්රූහයන්තො එකාකී පබ්බතකන්දරාසු අදුතියො සබ්බත්ථ නිරපෙක්ඛො සබ්බසඞ්ඛාරගතං අනිච්චාදිතො විපස්සන්තො විහරිස්සාමීති.
එහි කදානුහං යනු කවදා? මම පබ්බතකන්දරාසු යනු පර්වතවලද කඳුරුවලද එකාකියො යනු තනිව, නිසා අද්දුතියො නම් වේ. තණ්හා නැත්තේ තණ්හා යනු පුරුෂයාට දෙවන නමකි. විහස්සන්ති වාසය කරන්නෙමි. අනිච්චතො සබ්බභවං විපස්සං යනු කාමභව ආදී ප්‍රභේද ඇති සියළුම භවය - අභාවයට යන අර්ථයෙන් අනිත්‍ය යැයි විදර්ශනාවෙන් දකින්නේ කවදානම් වාසය කරන්නෙම්ද යන්න යොදාගත යුතුයි. මේ වනාහි නිදර්ශන මාත්‍රයක් පමණි. යමක් අනිත්‍යයද එය දුකයි. යමක් දුකද එය අනාත්මය යන ප්රකාශනයෙන් ඉතිරි ලක්ෂණ දෙකද කියන ලදැයි දතයුතුයි. තං මෙ ඉදං තංනු කදා භවිස්සති යනු මාගේ මේ සිතිවිල්ල කවදානම් හරියන්නේද? කවදා නම් මස්තකප්රාප්ත වන්නේද යන අර්ථයි. තංනු යන මෙහි තං යනු නිපාත මාත්‍රයකි. මේ මෙහි කෙටි අර්ථයි. කවදානම් මම මහා හස්තියකු මෙන් යදම් බැමි නමැති ගිහිබැමි බිඳ දමා පැවිදිව කාය විවේකය දැඩි කරමින් හුදෙකලාව පව්කඳුරුවල තනියට සියළු අර්ථයන්හි අපේක්ෂාවක් නැත්තේ සියළු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකින්නේ හැසිරෙන්නෙමි යනුයි.
භින්නපටන්ධරොති භින්නවත්ථධරො, ගාථාසුඛත්ථං නකාරාගමං කත්වා වුත්තං. සත්ථකච්ඡින්නඅග්ඝඵස්සවණ්ණභින්නං පටචීවරං ධාරෙන්තොති අත්ථො. මුනීති පබ්බජිතො. අමමොති කුලෙ වා ගණෙ වා මමත්තාභාවෙන අමමො. කත්ථචිපි ආරම්මණෙ ආසීසනාය අභාවෙන නිරාසො. හන්ත්වා සුඛී පවනගතො විහස්සන්ති රාගාදිකෙ කිලෙසෙ අරියමග්ගෙන සමුච්ඡින්දිත්වා මග්ගසුඛෙන ඵලසුඛෙන සුඛී මහාවනගතො කදා නු ඛො අහං විහරිස්සාමි.
භින්නපටන්ධරො යනු කොටස්වලට කැඩූ වස්ත්‍ර දරන්නා වූ තැනැත්තා ගාථාවේ පහසු උච්චාරණය සඳහා ‘න’ කාරයක් ආගමකොට කියන ලදී. ආයුධයකින් කපන ලද විසිතුරු වර්ණයන්ගෙන් තොර පටවස්ත්රය දරන්නේ යන අර්ථයි. මුනී යනු පැවිද්දා. අමමො යනු කුලයෙහි හෝ ගණයා කෙරෙහි හෝ මමත්වයක් නොමැති බැවින් අම නම් වේ. කිසියම් තැනක අරමුණෙහි ඇල්මක් නැති බැවින් නිරාසො නම් වේ. හනත්වා සුඛී පවනගතො විහස්සං යනු රාගාදී කෙලෙසුන් ආර්ය මාර්ගයෙන් සිඳ දමා මාර්ග සැපයෙන් ඵල සැපයෙන් සැපවත් වූයේ මහා වනයට ගොස් කවදා නම් මම වාසය කරන්නෙම්ද?
වධරොගනීළන්ති මරණස්ස ච රොගස්ස ච කුලාවකභූතං. කායං ඉමන්ති ඉමං ඛන්ධපඤ්චකසඞ්ඛාතං කායං. ඛන්ධපඤ්චකොපි හි “අවිජ්ජාගතස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස තණ්හානුගතස්ස අයමෙව කායො බහිද්ධා නාමරූප”න්තිආදීසු කායො වුච්චති. මච්චුජරායුපද්දුතන්ති මරණෙන චෙව ජරාය ච පීළිතං, විපස්සමානො අහං භයහෙතුපහානෙන වීතභයො, තං නු කදා භවිස්සතීති අත්ථො.
වධරොගනිළං යනු මරණයටත් රෝගයන්ටත් වාසභවනය වූ කායං ඉමං යනු මේ පඤ්ච ස්කන්ධ සංඛ්‍යාත ශරීරය. පඤ්ච ස්කන්ධය වනාහි මහණෙනි! අවිජ්ජාවෙන් හා තණ්හාවෙන් යුක්ත පුද්ගලයාට මෙසේ මේ ශරීරය හටගත්තේය යනුවෙන් මේ ශරිරයට බාහිර වශයෙන් නාමරූප යනුවෙන් යනාදී තැන්වල ශරීරය කියනු ලැබේ. මච්චුජරායුපද්දුතං යනු මරණයෙන් හා ජරාවෙන් පීඩාවට පත්වූ විපස්සමානො මම එයට හේතුව නැතිකිරීමෙන් වීතභයො නම් වේ. තං නු කදා භවිස්සති එය වනාහි කවදා වන්නේද යන අර්ථයි.
භයජනනින්ති පඤ්චවීසතියා මහාභයානං උප්පාදකාරණභූතං කායිකස්ස ච චෙතසිකස්ස ච සකලස්සපි වට්ටදුක්ඛස්ස ආවහනතො දුඛාවහං. තණ්හාලතං බහුවිධානුවත්තනින්ති බහුවිධඤ්ච ආරම්මණං භවමෙව වා අනුවත්තති සන්තනොතීති බහුවිධානුවත්තනිං, තණ්හාසඞ්ඛාතලතං. පඤ්ඤාමයන්ති මග්ගපඤ්ඤාමයං සුනිසිතං අසිඛග්ගං වීරියපග්ගහිතෙන සද්ධාහත්ථෙන ගහෙත්වා සමුච්ඡින්දිත්වා “කදා නුහං වසෙ”ති යං පරිවිතක්කිතං, තම්පි කදා භවිස්සතීති යොජනා.
භයජනනී යනු විසිපස් වැදෑරුම් මහා භය ඉපදීමට හේතු වූ, කායික වූත් චෛතසික වූත් සියළුම සංසාර දුක්ඛයන් කැඳවන බැවින් දුක්ඛාවහං නම් වේ. තණ්හාලතං බහුවිධානුවත්තනිං බොහෝ වූ අරමුණු පවත්නේමය හෝ අනුව පවත්නේය, බොහෝ කොට පවත්නා වූ තණ්හා සංඛත වූ වැල. පඤ්ඤාමයං යනු මාර්ග ප්‍රඥාවෙන් යුක්ත වූ අසිං කඩුවක්, වීර්යයෙන් ඔසවන ලද ශ්‍රද්ධා නමැති අතින් ගහෙත්වා ජේදනය කොට කදානුහං වසෙ යනු යම් ඒ කවදානම් මම එසේ වාසය කරන්නෙම්ද යන සිතිවිල්ල තම්පි කදා භවිස්සති. එය කවදානම් වන්නේද යන්න ඒ හා එක් කරගත යුතුයි.
උග්ගතෙජන්ති සමථවිපස්සනාවසෙන නිසිතතාය තික්ඛතෙජං. සත්ථං ඉසීනන්ති බුද්ධපච්චෙකබුද්ධඅරියසාවකඉසීනං සත්ථභූතං . මාරං සසෙනං සහසා භඤ්ජිස්සන්ති කිලෙසසෙනාය සසෙනං අභිසඞ්ඛාරාදිමාරං සහසා සීඝමෙව භඤ්ජිස්සාමි. සීහාසනෙති ථිරාසනෙ, අපරාජිතපල්ලඞ්කෙති අත්ථො.
උග්ගතෙජං යනු සමථ විදර්ශනා වශයෙන් යෙදී සිටීමෙන් ඇති වූ තියුණු තේජස් ඇත්තේ සත්ථං ඉසීනං යනු බුදු පසේබුදු ආර්යශ්‍රාවක යන ඍෂීන්ට ආයුධය වූ මාරං සසෙනං සහසා භඤ්ජිස්සං යනු කෙලෙස් සේනාවෙන් සේනා සහිත අභිසංඛාර ආදී වූ මාරයන් වහාම බිඳ හෙළන්නෙමි. සීසාසනෙ යනු ස්ථිර අසුනෙහි අපරාජිත පර්යංකයෙහි යන අර්ථයි.
සබ්භි සමාගමෙසු දිට්ඨො භවෙති ධම්මගාරවයුත්තතාය ධම්මගරූහි තාදිලක්ඛණප්පත්තියා තාදීහි අවිපරීතදස්සිතාය යාථාවදස්සීහි අරියමග්ගෙනෙව පාපජිතින්ද්රියතාය ජිතින්ද්රියෙහි බුද්ධාදීහි සාධූහි සමාගමෙසු “කදා නු අහං පධානියොති දිට්ඨො භවෙය්ය”න්ති යං මෙ පරිවිතක්කිතං, තං නු කදා භවිස්සතීති යොජනා. ඉමිනා නයෙන සබ්බත්ථ පදයොජනා වෙදිතබ්බා, පදත්ථමත්තමෙව වණ්ණයිස්සාම.
සබ්භි සමාගමෙසු දිට්ඨො භවෙ යනු ධර්ම ගෞරවයෙන් යුක්ත බැවින්, ධම්මගරූහි නම් වේ. තාදී ගුණයන්ගෙන් යුක්ත වූ නිසා තාදීහි වෙනස් නොවූ දර්ශනයෙන් යුක්ත බැවින් යථාව දසසීහි නම් වේ. ආර්ය මාර්ගයෙන්ම පාපයන් ජයග්‍රහණය කළ බැවින් ජිතින්ද්රියෙහි බුද්ධාදී සාධූන් සමග එක්වීමේදී කදානු අහං පධානියො යනු දකින ලද්දේ වන්නේය. යං මෙ පරිවිතක්කිතං තං න කදා භවිස්සති (මාගේ මේ සිතිවිල්ල කවදා නම් වන්නේද) යන්න ඒ හා යොදාගත යුතුයි.
තන්දීති ආලසියං. ඛුදාති ජිඝච්ඡා. කීටසරීසපාති කීටඤ්චෙව සරීසපා ච. න බාධයිස්සන්තීති මං න බ්යාධයිස්සන්ති සුඛදුක්ඛසොමනස්සදොමනස්සානං ඣානෙහි පටිබාහිතත්තාති අධිප්පායො. ගිරිබ්බජෙති පබ්බතකන්දරාය. අත්ථත්ථියන්ති සදත්ථසඞ්ඛාතෙන අත්ථෙන අත්ථිකං.
මේ ආකාරයෙන් සියළු තන්හි පද යෙදීම දතයුතුයි. පදාර්ථය පමණක්ම වර්ණනා කරන්නෙමි. තන්දී යනු අලස බව. ඛුදා යනු පිළිකුල. කීටඝරීසපා යනු කීටයන් සහ උරගයන්. නබාධයිස්සන්ති අවහිර නොකරන්නේය. සැපදුක් සොම්නස් දොම්නස් ධ්‍යානයන්ගෙන් පරිබාහිර අදහසයි. ගිරිබ්බජෙ යනු පර්වත කඳුරෙහි. අත්ථත්ථියං යනු උතුම් වූ අර්ථය යන තේරුමෙන්.
යං විදිතං මහෙසිනාති යං චතුසච්චං මහෙසිනා සම්මාසම්බුද්ධෙන සයම්භූඤාණෙන ඤාතං පටිවිද්ධං, තානි චත්තාරි සච්චානි අනුපචිතකුසලසම්භාරෙහි සුට්ඨු දුද්දසානි මග්ගසමාධිනා සමාහිතත්තො, සම්මාසතියා සතිමා, අරියමග්ගපඤ්ඤාය අහං අගච්ඡං පටිවිජ්ඣිස්සං අධිගමිස්සන්ති අත්ථො.
යංවිදිතං මහෙසිනා යනු යම් ඒ චතුරාර්ය සත්‍යයක් මහර්ෂි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ඥානයෙන් අවබෝධ කරගත් ඒ චත්තාරි සච්චානි චතුරාර්ය සත්‍යයන් රැස්කරන ලද කුසල් සමූහයෙන් මනාව දුද්දසානි දැකිය නොහැකි මාර්ග සමාධියෙන් සමාහිතත්තො සමාහිත වූයේ මනා සිහියෙන් සතිමා. සිහිඇත්තා ආර්යමාර්ග ප්‍රඥාවෙන් මම අගච්ඡං ප්‍රතිවේධ කරන්නෙමි. අවබෝධ කරන්නෙමි යන අර්ථයි.
රූපෙති චක්ඛුවිඤ්ඤෙය්යරූපෙ. අමිතෙති ඤාණෙන අමිතෙ, අපරිච්ඡින්නෙ අපරිඤ්ඤාතෙති අත්ථො. ඵුසිතබ්බෙති, ඵොට්ඨබ්බෙ. ධම්මෙති මනොවිඤ්ඤෙය්යධම්මෙ. අමිතෙති වා අපරිමාණෙ නීලාදිවසෙන අනෙකභෙදභින්නෙ රූපෙ භෙරිසද්දාදිවසෙන, මූලරසාදිවසෙන, කක්ඛළමුදුතාදිවසෙන, සුඛදුක්ඛාදිවසෙන ච, අනෙකභෙදසද්දාදිකෙ චාති අත්ථො. ආදිත්තතොති එකාදසහි අග්ගීහි ආදිත්තභාවතො. සමථෙහි යුත්තොති ඣානවිපස්සනාමග්ගසමාධීහි සමන්නාගතො. පඤ්ඤාය දච්ඡන්ති විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය දක්ඛිස්සං.
රූපෙ යනු ඇසින් දැනගත යුතු රූපයන්. අමිතෙ යනු නුවණින් අප්‍රමාණ වූ, සීමාරහිතව සියල්ල දැනගත් යන අර්ථයි. ඵුසිතබ්බෙ යනු ස්පර්ශ කළයුතු ධම්මෙ යනු මනසින් දැනගත යුතු ධර්මයන්. අමිතෙ යනු අප්‍රමාණ වූ නීලවර්ණ ආදී වශයෙන් නොයෙක් ප්‍රභේද ඇති රූපයන් බෙරහඬ ආදී ශබ්ද වශයෙන්, මූලගන්ධ වශයෙන් මූලරස වශයෙන් කටුක, මෘදු වශයෙන් සුවදුක් වශයෙන් අනේකවිධ වූ ශබ්දයන් යන අර්ථයි. ආදිත්තතො යනු එකොළොස් ගින්නකින් දැවෙන බැවින්. සමථෙහි යුත්තො යනු ධ්‍යාන විදර්ශනා මාර්ග, සමාධි ආදියෙන් යුක්ත වූයේ පඤ්ඤාය දච්ඡන්ති යනු විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නෙමි.
දුබ්බචනෙන වුත්තොති දුරුත්තවචනෙන ඝට්ටිතො. තතො නිමිත්තන්ති ඵරුසවාචාහෙතු. විමනො න හෙස්සන්ති දොමනස්සිතො න භවෙය්යං. අථොති අථ. පසත්ථොති කෙනචි පසංසිතො.
දුබ්බචනෙන වුත්තො යනු නරක වචනයෙන් ගැටුනේ තතො නිමිත්තං යනු ඵරුෂ වචන හේතුවෙන් විමනො නහෙස්සන්ති යනු දොම්නස් නොවන්නෙමි. අථො යනු ඉක්බිතිව. පසත්ථො යනු කිසිවකු විසින් ප්‍රශංසා කරන ලද්දේ.
කට්ඨෙති දාරුක්ඛන්ධෙ. තිණෙති තිණානං ඛන්ධෙ. ඉමෙති ඉමෙ මම සන්තතිපරියාපන්නෙ පඤ්ච ඛන්ධෙ . අමිතෙ ච ධම්මෙති තතො අඤ්ඤෙන ඉන්ද්රියක්ඛන්ධෙන අමිතෙ රූපධම්මෙ. තෙනාහ – “අජ්ඣත්තිකානෙව ච බාහිරානි චා”ති. සමං තුලෙය්යන්ති අනිච්චාදිවසෙන චෙව අසාරාදිඋපමාවසෙන ච සබ්බං සමමෙව කත්වා තීරෙය්යං.
කට්ඨෙ යනු දරකඩක්. තිණෙ යනු තණකොල සමූහයක්. ඉමෙ යනු මේ මාගේ උත්පත්ති වශයෙන් ලැබූ පංචස්කන්ධය. අමිතෙච යනු එයින් අනික් වූ ඉන්ද්රිය සමූහයෙන් හටගත් අප්‍රමාණ වූ රූපධර්මයන්, ඒ නිසා කියන ලදී. අධ්‍යාත්මික වූ හෝ බාහිර යනුවෙනි. සමං කුලෙය්යං යනු අනිත්‍යතාදි වශයෙන් හෝ බර ආදී උපමා වශයෙන් සියල්ලට සමකොට එතර වන්නෙමි.
ඉසිප්පයාතම්හි පථෙ වජන්තන්ති බුද්ධාදීහි මහෙසීහි සම්මදෙව පයාතෙ සමථවිපස්සනාමග්ගෙ වජන්තං පටිපජ්ජන්තං. පාවුසසමයෙ කාලමෙඝො නවෙන තොයෙන වස්සොදකෙන සචීවරං පවනෙ කදා නු ඔවස්සති, තෙමෙතීති අත්තනො අබ්භොකාසිකභාවපරිවිතක්කිතං දස්සෙති.
ඉසිප්පයාතම්හි පථෙ වජන්ති යනු බුද්ධාදී මර්ෂීන් විසින් මනාව ගමන්කළ සමථ විදර්ශනා මාර්ගයෙහි ගමන් කරන්නා වූ, පිළිපදින්නා වූ පාවුස වැහි කාලයෙහි කාලමෙඝො නවෙන තොයෙන යනු වර්ෂා ජලයෙන් සචීවරං සිවුරු සහිතව, වනයෙහි, කදානුඔවස්සති යනු තෙමෙන්නේ යැයි තමන්ගේ අබ්භොකාසික ධුතංගය පිළිබඳ සිතිවිල්ල දක්වයි.
මයූරස්ස සිඛණ්ඩිනො වනෙ දිජස්සාති මාතුකුච්ඡිතො අණ්ඩකොසතො චාති ද්වික්ඛත්තුං ජායනවසෙන දිජස්ස, සිඛාසම්භවෙන සිඛණ්ඩිනො ච මයූරස්ස වනෙ කදා පන ගිරිගබ්භරෙ රුතං කෙකාරවං සුත්වා වෙලං සල්ලක්ඛිත්වා සයනතො වුට්ඨහිත්වා අමතස්ස පත්තියා නිබ්බානාධිගමාය. සංචින්තයෙති වුච්චමානෙ භවෙ අනිච්චාදිතො මනසි කරෙය්යං විපස්සෙය්යන්ති අත්ථො.
මයූරස්ස සිඛණ්ඩිනො වනෙ දිජස්ස යනු මව්කුසින් බිත්තරයෙන් යැයි දෙවරක් ඉපදීම් වශයෙන් පක්ෂියාට දිජයයි කියයි. සිළුවක් ලැබීම් හේතුවෙන් එනම් වූ මොණරාගේ, වනයෙහි කවදා නම් ගිරිගබ්භරෙ රුතං කෙකාරවය සුත්වා අසා වේලාව සලකා සයනයෙන් නැගිට අමතස්ස පත්තියා යනු නිර්වාණ අධිගමය සඳහා සංචින්තයෙ කියනු ලබන භවයෙහි අනිත්යතාදී වශයෙන් මෙනෙහි කරන්නෙමි. බලන්නෙමි යන අර්ථයි.
ගඞ්ගං යමුනං සරස්සතින්ති එතා මහානදියො අසජ්ජමානො භාවනාමයාය ඉද්ධියා කදා නු පතරෙය්යන්ති යොජනා. පාතාලඛිත්තං බළවාමුඛඤ්චාති පාතාය අලං පරියත්තන්ති පාතාලං, තදෙව ඛිත්තං, පථවියා සණ්ඨහනකාලෙ තථා ඨිතන්ති පාතාලඛිත්තං. යොජනසතිකාදිභෙදානි සමුද්දස්ස අන්තොපථවියා තීරට්ඨානානි, යෙසු කානිචි නාගාදීනං වසනට්ඨානානි හොන්ති, කානිචි සුඤ්ඤානියෙව හුත්වා තිට්ඨන්ති. බළවාමුඛන්ති මහාසමුද්දෙ මහන්තං ආවට්ටමුඛං. මහානිරයද්වාරස්ස හි විවටකාලෙ මහාඅග්ගික්ඛන්ධො තතො නික්ඛන්තො තදභිමුඛං අනෙකයොජනසතායාමවිත්ථාරං හෙට්ඨා සමුද්දපදෙසං ඩහති, තස්මිං දඩ්ඪෙ උපරි උදකං ආවට්ටාකාරෙන පරිබ්භමන්තං මහතා සද්දෙන හෙට්ඨා නිපතති. තත්ථ බළවාමුඛසමඤ්ඤා, ඉති තඤ්ච පාතාලඛිත්තං බළවාමුඛඤ්ච විභිංසනං භයානකං අසජ්ජමානො ඉද්ධියා කදා නු පතරෙය්යන්ති යං පරිවිතක්කිතං, තං කදා නු භවිස්සති, භාවනාමයං ඉද්ධිං නිබ්බත්තෙත්වා කදා නු එවං ඉද්ධිං වළඤ්ජිස්සාමීති අත්ථො.
ගංගං යමුනං සරස්සිතං යනු මේ මහා ගංගාවෝ අසජ්ජමානො නොගැටෙන්නේ භාවනාමය වූ ඉද්ධියා කදානුපන තරෙය්යං ඍද්ධි බලයෙන් කවදානම් තරණය කරන්නෙම්ද යනුවෙන් යෙදිය යුතුය. පාතාලඛිත්තං බලවාමුඛඤ්ච යනු වැටීම සඳහා ප්රමාණවත්නුයි එහි දමන ලද පොළව සකස්වන කාලයේ එසේ පිහිටියේනුයි පාතාලයෙහි දමන ලද යොදුන් සියගණනක් ප්‍රභේද වූ සමුද්‍රයෙහි ඇතුළත පෘථිවියෙහි ඉවුරු වශයෙන් පිහිටියා වූ යම්තැනක නාග ආදීන්ගේ වාසස්ථාන වෙත්. ඇතැම් ඒවා ශූන්‍යව පවතිත්. බලවාමුඛං යනු මහා සාගරයෙහි ඇති විශාල ආවාටයකි. මහා නරකයෙහි දොර විවෘත වන කල්හි එයින් විශාල ගිනිකඳක් නිකුත්ව එයට අභිමුඛ යොදුන් සියගණනක් පළල්ව මුහුද යට ප්‍රදේශය දැවෙයි. එසේ දැවුණු කල්හි ඒ මත ජලය සුලියක් මෙන් කරකැවෙන්නේ මහත් හඬකින් පහතට වැටෙයි. බලවාමුඛ යන නම එයට ලැබේ. පාතාලයට දැමූ දෙයද බලවා මුඛයද විභීසණං බිහිසුණුය. අසජ්ජමානො ඉද්ධියා කදානු පතරෙය්ය එහි නොගැටී ඍද්ධි බලයෙන් කවදා එතරවන්නේද යන තං කදානුභවිස්සති එය කවදා නම් වන්නේද? භාවනාමය සෘද්ධිය උපදවාගෙන කවදානම් මෙබඳු ඍද්ධි බලයක් වළඳන්නෙම්ද? යන අර්ථයි.
නාගොව අසඞ්ගචාරී පදාලයෙති යථා මත්තවාරණො දළ්හථම්භං භින්දිත්වා අයසඞ්ඛලිකං විද්ධංසෙත්වා අසඞ්ගචාරී වනං පවිසිත්වා එකො අදුතියො හුත්වා අත්තනො රුචිවසෙන චරති, එවමහං කදා නු සබ්බසුභං නිමිත්තං නිබ්බජ්ජයං නිරවසෙසතො වජ්ජයන්තො කාමච්ඡන්දවසො අහුත්වා ඣානෙ යුතො පයුත්තො කාමගුණෙසු ඡන්දං සම්මදෙව පදාලෙය්යං ඡින්දෙය්යං පජහෙය්යන්ති යං පරිවිතක්කිතං, තං නු කදා භවිස්සති.
නාගොව අංගාමචාරී පදාලයෙ යම්සේ මත් ඇතෙක් දැඩි කණුවක් බිඳදමා යකඩ දම්වැල් කඩාදමා තනිව තමාට රුචි පරිදි හැසිරෙයි. එපරිද්දෙන් මම කදානුසබ්බ සුභං නිමිත්තං නිබ්බජ්ජයං කවදා නම් සියළු සුභනිමිති අත්හරින්නෙම්ද, සම්පූර්ණයෙන් වර්ජනය කරන්නේ කාමච්ඡන්දයට වසඟ නොවී ඣානෙ යුත්තො ධ්‍යානයෙහි යෙදුනේ කාමගුණෙසු ඡන්දං කාමගුණයන්හි ඇල්ම මනාව බිඳ දමන්නේය. අත්හරින්නෙම්ය යන යම් විතර්කයක් ඇතිකරගත්තේද තංනු කදාභවිස්සති එය වනාහි කවදා වන්නේද.
ඉණට්ටොව දලිද්දකො නිධිං ආරාධයිත්වාති යථා කොචි දලිද්දො ජීවිකපකතො ඉණං ගහෙත්වා තං සොධෙතුං අසක්කොන්තො ඉණට්ටො ඉණෙන අට්ටිතො ධනිකෙහි පීළිතො නිධිං ආරාධයිත්වා අධිගන්ත්වා ඉණඤ්ච සොධෙත්වා සුඛෙන ච ජීවන්තො තුට්ඨො භවෙය්ය, එවං අහම්පි කදා නු ඉණසදිසං කාමච්ඡන්දං පහාය මහෙසිනො අරියධනසම්පුණ්ණතාය මණිකනකාදිරතනසම්පුණ්ණනිධිසදිසං බුද්ධස්ස සාසනං අධිගන්ත්වා තුට්ඨො භවෙය්යන්ති යං පරිවිතක්කිතං, තං කදා නු භවිස්සතීති.
ඉණට්ටොව දලිද්දකො නිධිං ආරාධයිත්වා දිලින්දෙක්ව, ණයබරින් පීඩාවට පත්ව නිධානයක් ලැබ, යම්සේ කිසියම් දිළින්දෙක් ජීවිතකාලයේම ණයගෙන එයින් නිදහස්වීමට අසමත්ව ණය බරින් පීඩා වූයේ ධනිකෙහි පිළීකො ධනවතුන් විසින් පීඩාවට පත්කරන ලද්දේ නිධානයක් ලැබ ණයද ගෙවාදමා සැපසේ සතුටින් ජීවත් වන්නේද එපරිද්දෙන් මම ද කදානු කවදානම් ණය හා සමාන වූ කාම වස්තූන්ට ඇති ආශාව නැතිකර මහෙසිනො ආර්ය ධනයන්ගෙන් සම්පූර්ණ බැවින් මැණික්, රත්‍රං ආදියෙන් සපිරුණු නිධානයක් වැනි බුද්ධ ශාසනයට ඇතුළත්ව තුට්ඨො භවෙය්යං සතුටු වන්නෙම්ද, යන යම් සිතිවිල්ලක් වේද එය කවදානම් ඉටුවන්නේද,
එවං පබ්බජ්ජතො පුබ්බෙ නෙක්ඛම්මවිතක්කවසෙන පවත්තං අත්තනො විතක්කපවත්තිං දස්සෙත්වා ඉදානි පබ්බජිත්වා යෙහාකාරෙහි අත්තානං ඔවදිත්වා අධිගච්ඡි, තෙ දස්සෙන්තො “බහූනි වස්සානී”තිආදිකා ගාථා අභාසි. තත්ථ බහූනි වස්සානි තයාම්හි යාචිතො, අගාරවාසෙන අලං නු තෙ ඉදන්ති අනෙකසංවච්ඡරානි විවිධදුක්ඛානුබන්ධෙන අගාරමජ්ඣෙ වාසෙන අලං පරියත්තමෙව තෙති, අම්භො චිත්ත, ඉදං තයා අනෙකානි සංවච්ඡරානි අහං අම්හි නනු යාචිතො. තං දානි මං පබ්බජිතං සමානන්ති තං මං තයා තථා උස්සාහනෙන පබ්බජිතං සමානං කෙන කාරණෙන චිත්ත තුවං න යුඤ්ජසි, සමථවිපස්සනං ඡඩ්ඩෙත්වා නිහීනෙ ආලසියෙ නියොජෙසීති අත්ථො.
මෙසේ පැවිද්දට පෙර නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ විතර්ක වශයෙන් පැවැති තමන්ගේ සිතිවිල්ල දක්වා දැන් පැවිදි වී යම් යම් ආකාරයන්ගෙන් තමාට අවවාද කොට අධිගමනය කළේද, ඒවා දැක්වීම සඳහා බහුනි වස්සානි (වර්ෂ ගණනාවක්) යනාදී ගාථාවන් ප්‍රකාශ කළේය. එහි බහූනි වස්සානි තයාම්හි යාචිතො අගාරවාසෙන අලංහු තෙඉදං වර්ෂ ගණනාවක් බොහෝ දුක් බැඳීම්වලින් ගිහිගෙයි වාසය කිරීම ප්‍රමාණවත්. එම්බා සිත! මෙය මා විසින් වර්ෂ ගණනාවක් තිස්සේ ඔබගෙන් ඉල්ලා සිටියා නොවේද? තං දානි මං පබ්බජිතං සමානං යනු එය මා ඔබගේ උත්සාහයෙන් පැවිදිවීමට සමානය. ඒ කරුණෙන් එම්බා සිත තුවං න යුඤ්ජසි සමථ විදර්ශනාවන් අතහැර නිහීන වූ අලසකමෙහි යෙදුවෙහි යන අර්ථයි.
නනු අහං, චිත්ත, තයාම්හි යාචිතොති, අම්භො චිත්ත, අහං තයා නනු යාචිතො අම්හි ආයාචිතො මඤ්ඤෙ. යදි යාචිතො, කස්මා ඉදානි තදනුරූපං න පටිපජ්ජසීති අධිප්පායො. “ගිරිබ්බජෙ”තිආදිනා යාචිතාකාරං දස්සෙති. චිත්රඡදා විහඞ්ගමා විචිත්රපෙඛුණපක්ඛිනො, මයූරාති අත්ථො. මහින්දඝොසත්ථනිතාභිගජ්ජිනොති ජලඝොසත්ථනිතෙන හෙතුනා සුට්ඨු ගජ්ජනසීලා. තෙ තං රමෙස්සන්ති වනම්හි ඣායිනන්ති තෙ මයූරා තං වනෙ ඣානපසුතං රමෙස්සන්තීති නනු තයා යාචිතොති දස්සෙති.
ඔබ විසින් ඉල්ලන ලද්දෙම් නොවේද? නොඉල්වන ලදැයි සිතමි. ඉදින් ඉල්වන ලද්දේ නම් කුමක් නිසා දැන් එයට අනුරූපව පිළිනොපදින්නෙහිද? යන අදහසයි. ‘ගිරිබ්බජෙ’ ගිරිපව්වෙහි යනාදී ගාථාවලින් ඉල්ලා සිටිය ආකාරය දක්වන ලදී. චිත්රජදා විහංගමා යනු විසිතුරු මොනරු. මයූරයෝ යන අර්ථයි. මහින්දසොසත්ථ නිතාභිගජ්ජිනො යනු ජලයේ ඝෝෂාව හේතුවෙන් මානව හඬනගන ස්වභාව ඇති. තෙ තං රමිස්සන්ති වනම්හි ඣායිනං ඒ මොනරු ඒ වනයෙහි ධ්‍යාන වඩන්නවුන් සතුටු කරත්යැයි ඔබ විසින් ඉල්ලා සිටියා නොවේද යන්න දක්වයි.
කුලම්හීති කුලපරිවට්ටෙ. ඉමමජ්ඣුපාගතොති ඉමං අරඤ්ඤට්ඨානං පබ්බජ්ජං වා අජ්ඣුපාගතො. අථොපි ත්වං, චිත්ත, න මය්හ තුස්සසීති ත්වං අනුවත්තිත්වා ඨිතම්පි මං නාරාධෙස්සසීති අත්ථො.
කුලම්හි යනු කුල පරපුරේ ඉධමජ්ඣුපාගතො මේ අරණ්‍යයට හෝ පැවිද්දට හෝ එළඹියේ. අථොපි තං චිත්ත නමය්හ තුස්සති යනු එයට අනුගත වූ නමුත් මා සතුටට පත් නොකරයි යන අර්ථයි.
මමෙව එතං න හි ත්වං පරෙසන්ති එතං, චිත්ත, මමෙව තස්මා ත්වං පරෙසං න හොසි. ත්වං පන අඤ්ඤෙසං විය කත්වා සන්නාහකාලෙ කිලෙසමාරෙ යුජ්ඣිතුං භාවනාසන්නාහකාලෙ නති වත්වා පරිදෙවිතෙන කිං පයොජනං, ඉදානි තං අඤ්ඤථා වත්තිතුං න දස්සාමීති අධිප්පායො. සබ්බං ඉදං චලමිති පෙක්ඛමානොති යස්මා “ඉදං චිත්තං අඤ්ඤඤ්ච සබ්බං තෙභූමකසඞ්ඛාරං චලං අනවට්ඨිත”න්ති පඤ්ඤාචක්ඛුනා ඔලොකෙන්තො ගෙහතො කාමෙහි ච අභිනික්ඛමිං අමතපදං නිබ්බානං ජිගීසං පරියෙසන්තො, තස්මා, චිත්ත, අනනුවත්තන්තො නිබ්බානං පරියෙසනමෙව කරොමීති අධිප්පායො.
මමෙව එතං නහි ත්වං පරෙසං යනු එම්බා සිත! ඔබ මගේ නොවී අනුන්ගේ විය. ඔබ වනාහි අන්‍යයන්ගේ මෙන් කොට, සන්නාහකාලෙ කෙලෙස් සතුරන් හා යුදකිරීමට භාවනා නමැති සන්නාහයන් දරන කල්හි ‘න’ නැතැයි කියා වැළපීමෙන් කවර ප්‍රයෝජනයක්ද? දැන් එයට වෙනත් අයුරකින් පවතින්නට ඉඩ නොදෙමියි යන අදහසයි. සබ්බං ඉදං චලමිති පෙක්ඛමානො යනු යම්හෙයකින් මේ සිත අනිකුත් සියළු ත්‍රෛභූමික සංස්කාරයන් චංචලය. ස්ථිරව නොපවතින්නේයැයි ප්‍රඥා ඇසින් බලන්නේ, ගෙයින්ද කාමයන්ගෙන්ද අභිනික්ඛමං නික්මියෙමි. අමතං පදං නිර්වාණය, ජිගීසං සොයන්නේ, ඒ නිසා සිත අනුව නොපවතිමින් නිර්වාණය සෙවීමට කරන්නෙමියි යන අදහසයි.
අවීතරාගෙන සුදුන්නිවාරයං චිත්තං චලං මක්කටසන්නිභං වනමක්කටසදිසං ඉති සුයුත්තවාදී සුභාසිතවාදී ද්විපදානමුත්තමො මහාභිසක්කො නරදම්මසාරථීති යොජනා.
අවීතරාගෙන සුදුන්නිවාරයං චිත්තං චලං මක්කටසන්නිභං අවීතරාගියා විසින් වැළැක්විය නොහැකි චපල සිත වඳුරකුට සමානය. වනයේ වඳුරකු වැනියයි. සුයුත්තිවාදී යහපත් දෙයක් කියන ද්විපදානමුත්තමො මහාභිසක්කො නරදම්මසාරථී යන කොටස ඒ හා යෙදිය යුතුයි.
අවිද්දසූ යත්ථ සිතා පුථුජ්ජනාති යත්ථ යෙසු වත්ථුකාමෙසු කිලෙසකාමෙසු ච සිතා පටිබද්ධා තෙ අන්ධපුථුජ්ජනා තෙන කාමරාගෙන පුනබ්භවෙසිනො එකන්තෙනෙව දුක්ඛමිච්ඡන්ති. ඉච්ඡන්තා ච චිත්තෙන නීතා නිරයෙ නිරාකතාති චිත්තවසිකා නිරයසංවත්තනිකං කම්මං කරොන්තා හිතසුඛතො නිරාකතා හුත්වා අත්තනො චිත්තෙනෙව නිරයෙ නීතා න අඤ්ඤථාති චිත්තස්සෙව නිග්ගහෙතබ්බතං දස්සෙති.
අවිද්දසු යත්ථසිකා පුථුජ්ජනා යනු යම් ඒ වස්තුකාමයන්හිද ක්ලේශ කාමයන්හිද ඇළුනු බැඳුනු අඥාන වූ අන්ධ පෘථග්ජනයෝ, ඒ කාමරාගයෙන් පුනබ්භවෙසිනො නැවත උපතක් සොයන ඒකාන්තයෙන් දුක්ඛමිච්ඡන්ති දුක් බලාපොරොත්තු වෙත්. කැමැත්තාහුද චිත්තෙන නීතා නිරයෙ නිරාකතා යනු සිතට වසීවූවෝ නිරයට යන්නා වූ කර්මයක් කරන්නාහු හිත සුවයෙන් තොරවූවාහු තමන්ගේ සිතින්ම නිරයට ගෙනගියාහු වෙන අයුරකින් නොවේයැයි සිතටම නිග්‍රහ කළයුතු බව දක්වයි.
පුනපි චිත්තංයෙව නිග්ගහෙතුං මන්තෙන්තො “මයූරකොඤ්චාභිරුතම්හී”තිආදිමාහ. තත්ථ මයූරකොඤ්චාභිරුතම්හීති සිඛීහි සාරසෙහි ච අභිකූජිතෙ. දීපීහි බ්‍යග්ඝෙහි පුරක්ඛතො වසන්ති මෙත්තාවිහාරිතාය එවරූපෙහි තිරච්ඡානගතෙහි පුරක්ඛතො පරිවාරිතො හුත්වා වනෙ වසන්තො, එතෙන සුඤ්ඤභාවපරිබ්රූහනමාහ. කායෙ අපෙක්ඛං ජහාති සබ්බසො කායෙ නිරපෙක්ඛො ජහ, එතෙන පහිතත්තතං වදති. මා විරාධයාති ඉමං සුදුල්ලභං නවමං ඛණං මා විරාධෙහි. ඉතිස්සු මං, චිත්ත, පුරෙ නියුඤ්ජසීති එවඤ්හි ත්වං, චිත්ත, මං පබ්බජ්ජතො පුබ්බෙ සම්මාපටිපත්තියං උය්යොජෙසීති අත්ථො.
තවද සිතට නිග්‍රහ කරන්නට කථා කරන්නේ මයූරකොඤ්ච යනාදී ගාථා කීය. එහි මයූරකොඤ්චාභිරුකම්හි යනු මොනරුන් හා සරස පක්ෂීන් විසින් නාදකරන කල්හි දීපිහි ව්යග්ඝෙහි පුරක්ඛතො වසං යනු මෛත්‍රී විහරණය බැවින් මෙබඳු වූ තිරිසන්ගතයන් පෙරටුකොට ගෙන වනයෙහි වසන්නේ, මෙයින් ශුන්‍ය බව කියනු කැමැත්තේ ප්‍රකාශ කළහ. කායෙ අපෙක්ඛං ජහ යනු සියළු ආකාරයෙන් කය පිළිබඳ ආශාව අත්හරින්න. මෙයින් අත්හරින ලද ආත්මභාවය කියයි. මාවිරාධයා මේ අතිශයින් දුර්ලභ නවවන මොහොත මගනොහරින්න. ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි. මෙසේ වනාහි එම්බා සිත! මා පැවිදි වන්නට පළමු මනා ප්රතිපත්තියෙහි උනන්දු කරවීය යන අර්ථයි.
භාවෙහීති උප්පාදෙහි වඩ්ඪෙහි ච. ඣානානීති පඨමාදීනි චත්තාරි ඣානානි. ඉන්ද්රියානීති සද්ධාදීනි පඤ්චින්ද්රියානි. බලානීති තානියෙව පඤ්ච බලානි. බොජ්ඣඞ්ගසමාධිභාවනාති සත්ත බොජ්ඣඞ්ගෙ චතස්සො සමාධිභාවනා ච. තිස්සො ච විජ්ජාති පුබ්බෙනිවාසඤාණාදිකා තිස්සො විජ්ජා ච. ඵුස පාපුණාහි බුද්ධසාසනෙ සම්මාසම්බුද්ධඔවාදෙ ඨිතො.
භාවෙහි යනු උපදවන්න. වඩන්න. ඣානානි යනු පළමුවැනි ආදී ධ්‍යාන සතර. ඉන්ද්රියානි යනු ශ්‍රද්ධා ආදී ඉන්ද්රිය පස, බලා යනු එම පස් බලයන්, බොජ්ඣංග සමාධි භාවනා යනු සප්ත බොජ්ඣංගයන් හා සතරවැදෑරුම් සමාධි භාවනාවන්. තිස්සොච විජ්ජා පූර්වේනිවාසඥානය ආදී වූ ත්‍රිවිද්‍යාවන්. ඵුස ලඟා කරගන්න. බුද්ධසාසනෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියේ.
නිය්යානිකන්ති වට්ටදුක්ඛතො නිය්හානවහං. සබ්බදුක්ඛක්ඛයොගධන්ති අමතොගධං නිබ්බානපතිට්ඨං නිබ්බානාරම්මණං. සබ්බකිලෙසසොධනන්ති අනවසෙසකිලෙසමලවිසොධනං.
නිය්යානිකං යනු සසර දුකින් බැහැර කරන. සබ්බදුඛක්ඛයොගධං අමාවට බැසගන්නා වූ. නිර්වාණ පිහිට, නිර්වාණ අරමුණ. සබ්බකිලෙසසොධනං සම්පූර්ණයෙන් කෙලෙස්වල පිරිසිදු කරන්නා වූ,
ඛන්ධෙති උපාදානක්ඛන්ධෙ. පටිපස්ස යොනිසොති රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතොති එවමාදීහි විවිධෙහි පකාරෙහි විපස්සනාඤාණෙන සම්මා උපායෙන නයෙන පස්ස. තං ජහාති තං දුක්ඛස්ස සමුදයං තණ්හං පජහ, සමුච්ඡින්ද. ඉධෙවාති ඉමස්මිංයෙව අත්තභාවෙ.
ඛන්ධෙ යනු උපාදාන ස්කන්ධයන්, පටිපස්ස යොනිසො යනු රෝගයකින්, ගඩුවකින්, තුවාලයකින්, ලෙඩකින්, ආබාධයකින් මේ ආදී වූ විවිධ ක්‍රමවලින් යුත් විදර්ශනා ඥානයෙන් මනා පිළිවෙලින්, බලන්න. තංජහ යනු ඒ දුක හටගන්නා වූ තණ්හාව අත්හරින්න. මුලින් සිඳදමන්න. ඉධෙව යනු මේ ආත්මභාවයේදීම.
අනිච්චන්තිආදි අන්තවන්තතො අනිච්චන්තිකතො තාවකාලිකතො නිච්චපටික්ඛෙපතො ච අනිච්චන්ති වා පස්ස. දුක්ඛන්ති තෙ උදයබ්බයපටිපීළනතො සප්පටිභයතො දුක්ඛමතො සුඛපටික්ඛෙපතො දුක්ඛන්ති වා පස්ස. සුඤ්ඤන්ති අවසවත්තනතො අසාමිකතො අසාරතො අත්තපටික්ඛෙපතො ච සුඤ්ඤං, තතො එව අනත්තාති. විගරහිතබ්බතො අවඩ්ඪිආබාධනතො ච අඝන්ති ච වධන්ති ච විපස්ස යොනිසොති යොජනා. මනොවිචාරෙ උපරුන්ධ චෙතසොති මනොවිචාරසඤ්ඤිනො ගෙහසිතසොමනස්සුපවිචාරාදිකෙ අට්ඨාරස චෙතසො උපරුන්ධ වාරෙහි නිරොධෙහි.
අනිච්චං ආදි අන්ත වශයෙන්ද තාවකාලික වශයෙන්ද නිරන්තර ප්රතික්ෂෙපයෙන්ද අනිත්‍යයි යන ලෙසින් බලන්න. දුක්ඛං යනු හටගැනීම, අභාවයට යාම, පීඩාවට පත්වීම හා බැඳි බියෙන් හා දුකෙන් හා සැපයට ප්රතිපක්ෂ බැවින් දුකයි යනුවෙන් බලන්න. සුඤ්ඤං තම වසයෙහි නොපවත්නා නිසාත්, ස්වාමිත්වයක් නැති නිසාත්, සාරයක් නැති නිසාත් ආත්ම ප්රතික්ෂෙපය නිසාත් ශූන්‍යයි. එයින්ම අනත්තා නම් වේයැයි ගර්හා කළයුතුයි. නොවැඩෙන ආබාධ වශයෙන් අප නම් වේ. වධකං යනු විපස්ස යොනිසො නුවණින් බලන්න යන්න හා යොදාගත යුතුයි. මනොවිචාරෙ උපරුන්ධචෙතසො යනු මනොවිචාර නමින් හැඳින්වෙන කාමය හා එක්වූ සොම්නස උපවිචාර ආදී අටළොසක් සිතෙහි වලක්වන නිරෝධයන්ගෙන්,
මුණ්ඩොති මුණ්ඩභාවං උපගතො, ඔහාරිතකෙසමස්සුකො. විරූපොති තෙන මුණ්ඩභාවෙන පරූළ්හලොමතාය ඡින්නභින්නකාසාය වත්ථතාය විරූපො වෙවණ්ණියං උපගතො. අභිසාපමාගතොති “පිණ්ඩොලො විචරති පත්තපාණී”ති අරියෙහි කාතබ්බං අභිසාපං උපගතො. වුත්තඤ්හෙතං – “අභිසාපොයං, භික්ඛවෙ, ලොකස්මිං පිණ්ඩොලො විචරසි පත්තපාණී”ති (සං· නි· 3.80). තෙනාහ “කපාලහත්ථොව කුලෙසු භික්ඛසූ”ති. යුඤ්ජස්සු සත්ථුවචනෙති සම්මාසම්බුද්ධස්ස ඔවාදෙ යොගං කරොහි අනුයුඤ්ජස්සු.
මුණ්ඩො යනු මුඩු බවට පැමිණි, ඉවත්කරන ලද කෙස් හා රැවුල් ඇත්තේ. විරූපො යනු ඒ මුඩු බව නිසා වැඩුනු ලොම් ඇති බැවින්ද සිඳ බිඳ මසාගත් කසාවන් වස්ත්‍ර නිසාද විරූප වූ විවර්ණ බවට පත්වූ. අභිසාපමාගතො යනු පිණ්ඩොල තෙමේ පාත්‍රයක් අතැතිව හැසිරෙයි යනුවෙන් ආර්යයන් විසින් කරනු ලබන නින්දාවට පත්වූ, මෙය මෙසේ කියන ලදී. මහණෙනි! පිණ්ඩොල තෙමේ පාත්‍රයක් අතින් ගෙන ඇවිදියි යන්න මේ ලෝකයෙහි නින්දාවකි. ඒ නිසා කියන ලදී. කුලයන් කෙරෙහිද භික්ෂූන් කෙරෙහිද කබලක් ගත් අත් ඇතිව යුඤ්ජස්සු සත්ථුවචනෙ සම්මා සම්බුද්ධයන් වහන්සේගේ අවවාදයෙහි යෙදෙන්න.
සුසංවුතත්තොති සුට්ඨු කායවාචාචිත්තෙහි සම්මදෙව සංවුතො. විසිඛන්තරෙ චරන්ති භික්ඛාචරියාය ඉච්ඡාවිසෙසෙසු චරන්තො. චන්දො යථා දොසිනපුණ්ණමාසියාති විගතදොසාය පුණ්ණමාය කුලෙසු නිච්චනවසාය පාසාදිකතාය චන්දිමා විය චරාති යොජනා.
සුසංවුතත්තො සිත, කය වචන යන තුන්දොරින් මනාව සංවර වූ විසිඛහතරෙ චරන්ති භික්ෂා චරියාව සඳහා නොයෙක් වීදිවල ඇවිදින්නේ චන්දොයථා දොසිතපුණ්ණමාසියා යනු දොස් රහිත පුර පක්ෂයෙහි නිත්‍ය නවතාවෙන් හා පැහැදිලි බවෙන් යුත් චන්ද්‍රයා මෙන් හැසිරෙව යනුවෙන් යෙදීය.
සදා ධුතෙ රතොති සබ්බකාලඤ්ච ධුතගුණෙ අභිරතො. තථූපමං චිත්තමිදං කරොසීති යථා කොචි පුරිසො ඵලානි ඉච්ඡන්තො ඵලරුක්ඛෙ රොපෙත්වා තතො අලද්ධඵලොව තෙ මූලතො ඡින්දිතුං ඉච්ඡති, චිත්ත, ත්වං තථූපමං තප්පටිභාගං ඉදං කරොසි. යං මං අනිච්චම්හි චලෙ නියුඤ්ජසීති යං මං පබ්බජ්ජාය නියොජෙත්වා පබ්බජිත්වා අද්ධාගතං පබ්බජ්ජාඵලං අනිච්චම්හි චලෙ සංසාරමුඛෙ නියුඤ්ජසි නියොජනවසෙන පවත්තෙසි.
සදා ධුතෙ රතො යනු සැමකල්හිම ධුත ගුණයන්හි ඇලුනු, තථූපමං චිත්තමිදං කරොසි. යම්සේ කිසියම් පුරුෂයෙක් ගෙඩි කැමැත්තෙන් ගෙඩි හටගන්නා ගස් සිටුවා එයින් ගෙඩි ලබාගෙන ඒ ගස මුලින් සිඳ දමන්ට කැමැති වේද එම්බා සිත! ඔබ එබඳුම දෙයක් කරන්නෙහිය. යං මං අනිච්චම්හි චලෙ නියුඤ්ජසි යමක් මා පැවිදිබව සඳහා යොමුකර පැවිදිවී ලබාගත් පැවිද්දේ ඵලය අනිත්‍ය වූ චංචල වූ සංසාර මුඛයෙහි යොදන්නෙහි. යෙදීම් වශයෙන් පවතින්නෙහිය.
රූපාභාවතො අරූපා. චිත්තස්ස හි තාදිසං සණ්ඨානං නීලාදිවණ්ණභෙදො වා නත්ථි, තස්මා වුත්තං අරූපාති. දූරට්ඨානප්පවත්තියා දූරඞ්ගම. යදිපි චිත්තස්ස මක්කටසුත්තමත්තම්පි පුරත්ථිමාදිදිසාභාගෙන ගමනං නාම නත්ථි, දූරෙ සන්තං පන ආරම්මණං සම්පටිච්ඡතීති දූරඞ්ගම. එකොයෙව හුත්වා චරණවසෙන පවත්තනතො එකචාරි, අන්තමසො ද්වෙ තීණිපි චිත්තානි එකතො උප්පජ්ජිතුං සමත්ථානි නාම නත්ථි, එකමෙව පන චිත්තං එකස්මිං සන්තානෙ උප්පජ්ජති. තස්මිං නිරුද්ධෙ අපරම්පි එකමෙව උප්පජ්ජති, තස්මා එකචාරි. න තෙ කරිස්සං වචනං ඉදානිහන්ති යදිපි පුබ්බෙ තව වසෙ අනුවත්තිං, ඉදානි පන සත්ථු ඔවාදං ලද්ධකාලතො පට්ඨාය චිත්තවසිකො න භවිස්සාමි. කස්මාති චෙ? දුක්ඛා හි කාමා කටුකා මහබ්භයා කාමා නාමෙතෙ අතීතෙපි දුක්ඛා, ආයතිම්පි කටුකඵලා, අත්තානුවාදාදිභෙදෙන මහතා භයෙන අනුබන්ධන්තා මහබ්භයා. නිබ්බානමෙවාභිමනො චරිස්සං තස්මා නිබ්බානමෙව උද්දිස්ස අභිමුඛචිත්තො විහරිස්සං.
රූපයක් නොමැති බැවින් අරූප යි. සිතෙහි වනාහි එබඳු සලකුණක් හෝ නීලාදි වර්ණභේදයක් හෝ නැත. එනිසා අරූප යැයි කියන ලදී. දුරතැනක පවත්නා හෙයින් දූරංගම නම් වේ. යම්හෙයකින් සිත මකුළුදැලක ප්‍රමාණයවත් පෙරදිග ආදී පැත්තකට ගමනක් නම් නැත. නමුත් දුර පිහිටි අරමුණක් පවා ලබාගනීනුයි දුරංගම නම් වේ. තනිව සිට හැසිරෙන බැවින් හා පවතින බැවින් එකචාරී නම් වේ. යටත් පිරිසෙයින් දෙකක් හෝ තුනක් සිත් එකට උපදින්නේ නැත. එකම සිතක් එක් සන්තානයක උපදී. එය නිරුද්ධ වූ කල්හි අනිත් එකක් උපදී. ඒ නිසා එකචාරී නම් වේ. න තෙ කරිස්සං වචනං ඉදානිහං යනු දැන් ඔබගේ වචනය නොකරන්නෙමි. ඉදින් පෙර ඔබගේ වසයෙහි පැවැතියෙමි. දැන් වනාහි බුදුන්ගෙන් අවවාද ලැබූ තැන් පටන් සිතට වසඟ වූවෙක් නොවෙමි. කුමක් නිසාද? දුක්ඛාහි කාමා කටුකා මහබ්භයා යනු මේ කාමයෝ වනාහි අතීතයෙහිද දුක්ය. අනාගතයෙහිද කටුක ඵල ඇතිකරයි. අත්තානුවාද ආදී භේදවලින් මහත් බියකින් ලුහුබඳින බැවින් මහබ්භය නම් වේ. නිබ්බාන මෙවාභි මනොචරිස්සං ඒ නිසා නිවන උදෙසාම යොමු වී වාසය කරන්නෙමි.
තමෙව නිබ්බානාභිමුඛභාවං දස්සෙන්තො “නාහං අලක්ඛ්යා”තිආදිමාහ. තත්ථ නාහං අලක්ඛ්යාති අලක්ඛිකතාය නිස්සිරීකතාය නාහං ගෙහතො නික්ඛමින්ති යොජනා.
එම නිර්වාණයට අභිමුඛ බවම දක්වමින් ‘නාහං අලඛ්යා’ ආදිය කීය. එහි නාහං අලඛ්යා යනු නොඇලෙන බැවින් නාහං මම ගෙයින් නික්ම නොගියෙමි.
අහිරික්කතායාති යථාවජ්ජං කෙළිං කරොන්තො විය නිල්ලජ්ජතාය. චිත්තහෙතූති එකදා නිගණ්ඨො, එකදා පරිබ්බාජකාදිකො හොන්තො අනවට්ඨිතචිත්තො පුරිසො විය චිත්තවසිකො හුත්වා. දූරකන්තනාති රාජාදීහි මෙත්තං කත්වා තෙසු දුබ්භිත්වා දුබ්භිභාවෙන. ආජීවහෙතූති ආජීවකාරණා ජීවිකාපකතො හුත්වා ආජීවිකාභයෙන අහං න නික්ඛමිං න පබ්බජිං. කතො ච තෙ, චිත්ත, පටිස්සවො මයාති, “පබ්බජිතකාලතො පට්ඨාය න තව වසෙ වත්තාමි, මමෙව පන වසෙ වත්තාමී”ති, චිත්ත, මයා නනු පටිඤ්ඤා කතාති දස්සෙති.
අහිරික්කතාය වැරදි ලෙස ක්‍රීඩා කරන්නාක් මෙන් ලජ්ජා රහිතව. චිත්තහෙතු යනු එක්දිනක් නිගණ්ඨව තව දිනක් පරිබ්රාජකව සිට නොවඩන සිත් ඇති පුරුෂයෙක් මෙන් සිතට වසී වී දූරකන්තනා රාජාදීන් සමග මිත්‍රවී ඔවුන් කෙරෙහි අමනාප වී, අමනාපයෙන් ආජීවහෙතු ජීවත්වීමේ කාරණය හේතුවෙන්, ජීවත්වීමට ඇති භය නිසා අහං න නික්ඛමි පැවිදි නොවූයෙමි. තතොච තෙ චිත්ත පටිස්සවො මයා යනු පැවිදි වූ කාලයේ පටන් ඔබගේ වසයෙහි නොපවතිමි. මම වසයෙහි පවතිමි. එම්බා සිත! මවිසින් ප්‍රතිඥාවක් කළා නොවේදැයි දක්වයි.
අප්පිච්ඡතා සප්පුරිසෙහි වණ්ණිතාති “පච්චයෙසු සබ්බසො අප්පිච්ඡා නාම සාධූ”ති බුද්ධාදීහි පසට්ඨා, තථා මක්ඛප්පහානං පරෙසං ගුණෙ මක්ඛනස්ස පහානං වූපසමො සබ්බස්ස දුක්ඛස්ස වූපසමො නිබ්බාපනං සප්පුරිසෙහි වණ්ණිතං. ඉතිස්සු මං, චිත්ත, තදා නියුඤ්ජසි, “සම්ම, තයා තෙසු ගුණෙසු පතිට්ඨාතබ්බ”න්ති, චිත්ත, ත්වං එවං තදා නියුඤ්ජසි. ඉදානි ත්වං ගච්ඡසි පුබ්බචිණ්ණං ඉදානි මං ත්වං පහාය අත්තනො පුරිමාචිණ්ණං මහිච්ඡතාදිං පටිපජ්ජසි, කිං නාමෙතන්ති අධිප්පායො.
අප්පිච්ඡතා සප්පුරිසෙහි වණ්ණිතා ප්‍රත්‍යයන්හි සර්වප්රකාරයෙන් අල්පෙච්ඡතාව වනාහි බුද්ධාදී උතුමන් විසින් පවසන ලදී. එසේම මක්ඛප්පහාණං අනුන්ගේ ගුණ මකනබව ප්රහාණය කොට වූපසමො සියළු දුක් සංසිඳීම නිවීම සත්පුරුෂයන් විසින් වර්ණනා කරන ලදී. ඉතිස්සුමං චිත්ත තදා නියුඤ්ජසි යනු යහළුව! ඔබ විසින් ඒ ගුණයන්හි පිහිටිය යුතුයි. එම්බා සිත! ඔබ මෙසේ එදා යෙදුනේය. ඉදානි ත්වං ගච්ඡසි පුබ්බචිණ්ණං දැන් ඔබ මා අතහැර තමාගේ පැරණි මහේච්ඡතාව ආදියට යොමුවන්නෙහිය. මේ කුමක්ද? යන අදහසයි.
යමත්ථං සන්ධාය “ගච්ඡසි පුබ්බචිණ්ණ”න්ති වුත්තං. තං දස්සෙතුං “තණ්හා අවිජ්ජා චා”තිආදි වුත්තං. තත්ථ තණ්හාති පච්චයෙසු තණ්හා, අවිජ්ජාති තත්ථෙව ආදීනවපටිච්ඡාදිකා අවිජ්ජා. පියාපියන්ති පුත්තදාරාදීසු පෙමසඞ්ඛාතො පියභාවො චෙව පන්තසෙනාසනෙසු අධිකුසලධම්මෙසු අනභිරතිසඞ්ඛාතො අප්පියභාවො ච උභයත්ථ අනුරොධපටිවිරොධො. සුභානි රූපානීති අජ්ඣත්තං බහිද්ධා ච සුභරූපානි. සුඛා වෙදනාති ඉට්ඨාරම්මණෙ පටිච්ච උප්පජ්ජනසුඛවෙදනා. මනාපියා කාමගුණාති වුත්තාවසෙසා මනොරමා කාමකොට්ඨාසා. වන්තාති නිරූපතො තංනිස්සිතස්ස ඡන්දරාගස්ස වික්ඛම්භනපහානෙන ඡඩ්ඩිතතාය පරිච්චත්තතාය ච වන්තා. වන්තෙ අහං ආවමිතුං න උස්සහෙති එවං තෙ ඡඩ්ඩිතෙ පුන පච්චාවමිතුං අහං න සක්කොමි, පරිච්චත්තා එව හොන්තීති වදති.
යමක් සඳහා ‘ගච්ඡසි ඛුබ්බචිණ්ණං’ (කැලඹිලි බහුලව යන්නෙහි) යනාදියෙන් කියන ලද එය දැක්වීමට ‘කණ්හා අවිජ්ජා’ ආදිය කියන ලදී. එහි තණ්හා යනු ප්‍රත්‍යයන්හි තණ්හාවයි. අවිජ්ජා යනු එහිම ආදීනව වසාදැමීම ආදිය අවිජ්ජා නම් වේ. පියාපියං යනු දූදරු ආදීන් කෙරෙහි ප්‍රේමය සංඛ්‍යාත ප්‍රිය භාවයත් පන්සල් සෙනසුන් ආදි අධිකුසල ධර්මයන්හි නොඇල්ම සංඛ්‍යාත වූ අප්‍රිය භාවයද දෙතන්හිම ගැටීම හා ප්‍රතිවිරුද්ධතාවය. සුභානි රූපානි යනු අධ්‍යාත්මික වූත් බාහිර වූත් සුභ රූපයන්, සුඛා වෙදනා යනු ඉටු අරමුණෙහි හටගන්නා සැපවේදනාව. මනාපියාකාමගුණා කියා ඉතිරි මනහර කාම කොට්ඨාශයන්, වන්තා යනු ඒ හා යෙදුනු ඡන්දරාගය ප්‍රතික්ෂේප කිරීමෙන් හා ප්‍රහාණ කිරිමෙන් අත්හැර දැමීමෙන්, වනෙත අහං ආවමිතුං න උස්සහෙ යනු මෙසේ අතහැර දමන දේ නැවත වැළඳ ගැනීමට නොහැකිය. අත්හැර දමන ලද්දේමයි කියයි.
සබ්බත්ථාති සබ්බෙසු භවෙසු සබ්බාසු යොනීසු සබ්බාසු ගතීසු විඤ්ඤාණට්ඨිතීසු ච. වචො කතං මයාති, අම්භො චිත්ත, තව වචනං මයා කතං. කරොන්තො ච බහූසු ජාතීසු න මෙසි කොපිතොති අනෙකාසු ජාතීසු පන මයා න කොපිතො අසි. මයා නෙව පරිභවිතො. තථාපි අජ්ඣත්තසම්භවො අත්තනි සම්භූතො හුත්වාපි තව අකතඤ්ඤුතාය දුක්ඛෙ චීරං සංසරිතං තයා කතෙති තයා නිබ්බත්තිතෙ අනාදිමති සංසාරදුක්ඛෙ සුචිරකාලං මයා සංසරිතං පරිබ්භමිතං.
සබ්බත්ථා යනු සියළු භවයන්හි සියළු යෝනීන්හි සියළු ගතිවල විඤ්ඤාණයේ පිහිටීම. වචොකතං මයා එම්බා සිත! ඔබගේ වචනය මා විසින් කරන ලදී. කරන්නේද බහුසු ජාතිසු නමෙසි කොපිතො නොයෙක් ජාතීන්හි වනාහි මා විසින් කුපිත නොකරන ලදී. පරිභව කරන ලද්දේ නොවෙයි. එසේ නමුත් අජ්ඣත්තසම්භවො යනු තමා කෙරෙහි පහලවී නමුත් ඔබගේ අකතඤ්ඤුතාය දුක්ඛෙ චිරං සංසරිතං තයා කතෙ ඔබ විසින් ඇතිකරන ලද අප්‍රමාණ වූ සංසාර දුක්වල බොහෝ කාලයක් මා විසින් සංචාරය කරන ලදී. පරිභ්‍රමණය වන ලදී.
ඉදානි “දුක්ඛෙ චිරං සංසරිතං තයා කතෙ”ති සඞ්ඛෙපතො වුත්තමත්ථං උප්පත්තිභෙදෙන ගතිභෙදෙන ච විත්ථාරතො දස්සෙන්තො “ත්වඤ්ඤෙවා”තිආදිමාහ. තත්ථ රාජදසීති රාජා අසි, දකාරො පදසන්ධිකරො, වෙස්සා ච සුද්දා ච භවාම එකදා තවෙව වාහසාති යොජනා . දෙවත්තනං වාපීති දෙවභාවං වාපි ත්වංයෙව නො අම්හාකං, චිත්ත, කරොසීති යොජනා. වාහසාති කාරණභාවෙන.
දැන් ඔබ විසින් කරන ලද දුකෙහි බොහෝ කාලයක් හැසිරින යැයි කෙටියෙන් පවසන ලද අර්ථය පැවැත්ම වශයෙන් ගමන් විලාශ වශයෙන් විස්තර සහිතව දක්වමින් ‘ත්වඤ්ඤෙවා’ ආදිය කීය. එහි රාජදසී යනු රජවූයේය ‘ද’ කාරය පදසන්ධිය සඳහා යෙදින. වෙස්සාච සුද්දාච භවාම එකදා තවෙව වාහසා යන්නද යෙදිය යුතුයි. (දිනක වෛශ්‍ය හෝ ශුද්‍රයෙක් ඔබ නිසාම වන්නේය) දෙවත්තං වා යම් දෙව්බවටද නුඹම අපගේ සිත කරන්න යනුවෙන් යෙදිය යුතු. වාහසා යනු හේතුවීමෙන්,
තවෙව හෙතූති තවෙව හෙතුභාවෙන. ත්වංමූලකන්ති ත්වංනිමිත්තං.
තවෙව හෙතු යනු නුඹට හේතුකාරණා වීමෙන් ත්වං මූලකං යනු නුඹ නිමිතිකොට.
නනු දුබ්භිස්සසි මං පුනප්පුනන්ති පුනප්පුනං දුබ්භිස්සසි නුන, යථා පුබ්බෙ ත්වං අනන්තාසු ජාතීසු, චිත්ත, මිත්තපටිරූපකො සපත්තො හුත්වා මය්හං පුනප්පුනං දුබ්භි, ඉදානි තථා දුබ්භිස්සසි මඤ්ඤෙ, පුබ්බෙ විය චාරෙතුං න දස්සාමීති අධිප්පායො. මුහුං මුහුං චාරණිකංව දස්සයන්ති අභිණ්හතො චරණාරහං විය මනො දස්සෙන්තො චරණාරහං පුරිසං වඤ්චෙත්වා චරගොපකං නිප්ඵාදෙන්තො විය පුනප්පුනං තං තං භවං දස්සෙන්තො. උම්මත්තකෙනෙව මයා පලොභසීති උම්මත්තකපුරිසෙන විය මයා සද්ධිං කීළන්තො තං තං පලොභනීයං දස්සෙත්වා පලොභසි. කිඤ්චාපි තෙ, චිත්ත, විරාධිතං මයාති, අම්භො චිත්ත, කිං නාම තෙ මයා විරද්ධං, තං කථෙහීති අධිප්පායො.
නනු දුබ්භිස්සසි මං පුනප්පුනං යම්සේ පෙර නුඹ අනේක ජාතීන්හි මෙන් නැවත නැවතත් දුක්විඳින්නෙහි එම්බා සිත! මිතුරන්ට හතුරු වී මට නැවත නැවතත් දුක් දෙන්නෙහි. දැන්ද එසේ දුක් දෙන්නේයැයි හඟිමි. පෙර මෙන් වලක්වන්නට නොදෙමියි යන අදහසයි. මුහුං මුහුං චාරණිකංව දස්සයං නිතරම චරණයට සුදුසු මෙන් මනස දක්වමින් චරණයට සුදුසු පුද්ගලයකු රවටා චර ගෝපකයකු තනන්නාක් මෙන් නැවත නැවතත් භවය දක්වන්නේ. උම්මත්තකෙනෙව මයා පලොභසි යනු උමතු පුරුෂයකු විසින් මෙන් මා සමග ක්‍රීඩා කරන්නේ ඒ ඒ ආසා කටයුතු දේ පෙන්වා ඒවාට පොළඹවන්නෙහිය. කිඤ්චාපි තෙ චිත්ත විරාධිතං මයා යනු එම්බා සිත මා විසින් ඔබට කුමන නොසලකා හැරීමක් කරන ලදදැයි කියන්න යන අදහසයි.
ඉදං පුරෙ චිත්තන්ති ඉදං චිත්තං නාම ඉතො පුබ්බෙ රූපාදීසු ආරම්මණෙසු රජ්ජනාදිනා, යෙන ආකාරෙන ඉච්ඡති, යත්ථෙව චස්ස කාමො උප්පජ්ජති, තස්ස වසෙන යත්ථකාමං යථා විචරන්තස්ස සුඛං හොති, තථෙව ච චරන්තො යථාසුඛං දීඝරත්තං චාරිකං අචරි. අජ්ජාහං පභින්නමදං මත්තහත්ථිං හත්ථාචරියසඞ්ඛාතො ඡෙකො අඞ්කුසග්ගහො අඞ්කුසෙන විය යොනිසොමනසිකාරෙන නං නිග්ගහෙස්සාමි, නස්ස වීතික්කමිතුං දස්සාමීති.
ඉදං පුරෙ චිත්තං යනු මේ සිත වනාහි මෙයින් පෙර රූප ආදී අරමුණුවල ඇලීම් ආදියෙන් යම්බඳු ආකාරයකින් කැමැති වන්නේද එහි ඔහුගේ කාමය උපදී යන වශයෙන් යත්ථකාමං යනු යම්සේ හැසිරෙන්නහුට සැපයක් වේද, එසේ හැසිරෙන්නේ යථාසුඛං සැපසේ බොහෝකලක් චාරිකං අචරි අජ්ජාහං චාරිකාවෙහි හැසුරුනෙමි. අද මම දක්ෂ ඇත්ගොව්වකු සිඳුනා වූ මද ඇති ඇතකු අංකුසග්ගහො අංකුසයෙන් විය යොනිසො මෙන් යොනිසො මනසිකාරයෙන් තං නිග්ගහෙස්සාමි ඔහුට ඉක්ම යන්නට ඉඩ නොදෙමි.
සත්ථා ච මෙ ලොකමිමං අධිට්ඨහීති මම සත්ථා සම්මාසම්බුද්ධො ඉමං අනවසෙසඛන්ධලොකං ඤාණෙන අධිට්ඨහි. කින්ති? හුත්වා අභාවට්ඨෙන අනිච්චතො, කස්සචිපි ධුවස්ස ථාවරස්ස අභාවතො අද්ධුවතො සුඛසාරාදීනං අභාවතො අසාරතො. පක්ඛන්ද මං, චිත්ත, ජිනස්ස සාසනෙති තස්මා යාථාවතො පටිපජ්ජිතුං, චිත්ත, මං ජිනස්ස භගවතො සාසනෙ පක්ඛන්දෙහි අනුප්පවෙසෙහි. “පක්ඛන්දිම”න්තිපි පාළි, ජිනස්ස සාසනෙ ඉමං ලොකං ඤාණෙන පක්ඛන්ද, යාථාවතො තාරෙහි, පක්ඛන්දන්තො ච විපස්සනාඤාණමග්ගෙන යාපෙන්තො සුදුත්තරතො මහන්තතො සංසාරමහොඝතො මං තාරෙහි.
සත්ථාචමෙ ලොකමිමං අධිට්ඨහි මාගේ ශාස්තෲ වූ භාග්‍යවතුන් වහන්සේ මේ මුළු ස්කන්ධ ලෝකධාතුව නුවණින් විමසා බලයි. කුමක් වීද, නොවැඩීමෙන් අනිච්චතො කිසිදු ස්ථාවර බවක් නැති බැවින් අද්ධුවතො නම් වේ. සැපයක් සාරයක් නොමැති බැවින් අසාරතො පක්ඛන්දමං චිත්ත ජිනස්ස සාසනෙ යනු ඒ නිසා ඇති පරිදි පිළිපදින්නට එම්බා සිත! මා ජින ශාසනයෙහි, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඇතුලත් කරන්න. පක්ඛන්දි මං කියාද පෙළක් ඇත. ජින ශාසනයේ මේ ලෝකය ඤාණයෙන් බැස ඇති පරිදි එතර කරන්න. බැසගන්නේ විදර්ශනා මාර්ග ඥානයෙන් යැපෙන්නේ එතරවීමට අපහසු මහත් වූ සංසාර නමැති සැඩපහරින් මා එතර කරන්න.
න තෙ ඉදං, චිත්ත, යථා පුරාණකන්ති, අම්භො චිත්ත, ඉදං අත්තභාවගෙහං පොරාණකං විය තව න හොතීති අත්ථො. කස්මා? නාහං අලං තුය්හ වසෙ නිවත්තිතුන්ති ඉදානාහං තව වසෙ නිවත්තිතුං න යුත්තො. යස්මා මහෙසිනො භගවතො පබ්බජිතොම්හි සාසනෙ. පබ්බජිතකාලතො ච පට්ඨාය සමණා නාම මාදිසාව න හොන්ති විනාසධාරිනො, එකංසතො සමණායෙව හොන්තීති අත්ථො.
නතෙ ඉදං චිත්ත යථාපුරාණං යනු එම්බා සිත! මේ ආත්මභාවය නමැති ගෙය ඔබගේ පැරණි එක මේ නොවේ යන අර්ථයි. කුමක් හෙයින්ද? නාහං අලං තුය්හවසෙ නිවත්තිතුං යනු දැන් ඔබගේ වසඟයෙහි නතරවන්නට යුතු නැත. ඒ නිසා මහෙසිනො භාග්‍යවතුන් වහන්සේගේ පබ්බජිතොම්හි සාසනෙ පැවිදි වූ කාලයේ පටන්ම ශ්‍රමණයෝ නම් මා වැන්නෝය. විනාසධාරිනො න හොන්ති විනාශකාරී නොවෙත්. නිත්‍ය වශයෙන්ම ශ්‍රමණයෝම වෙත්ය යන අර්ථයි.
නගාති සිනෙරුහිමවන්තාදයො සබ්බෙ පබ්බතා. සමුද්දාති පුරත්ථිමසමුද්දාදයො සීතසමුද්දාදයො, න සබ්බෙ සමුද්දා. සරිතාති ගඞ්ගාදයො සබ්බා නදියො ච. වසුන්ධරාති පථවී. දිසා චතස්සොති පුරත්ථිමාදිභෙදා චතස්සො දිසා. විදිසාති පුරත්ථිමදක්ඛිණාදයො චතස්සො අනුදිසා. අධොති හෙට්ඨා යාව උදකසන්ධාරකවායුඛන්ධා. දිවාති දෙවලොකා. දිවාග්ගහණෙන චෙත්ථ තත්ථ ගතෙ සත්තසඞ්ඛාරෙ වදති. සබ්බෙ අනිච්චා තිභවා උපද්දුතාති සබ්බෙ කාමභවාදයො තයො භවා අනිච්චා චෙව ජාතිආදීහි රාගාදීහි කිලෙසෙහි උපද්දුතා පීළිතා ච, න එත්ථ කිඤ්චි ඛෙමට්ඨානං නාම අත්ථි, තදභාවතො කුහිං ගතො, චිත්ත, සුඛං රමිස්සසි, තස්මා තතො නිස්සරණඤ්චෙත්ථ පරියෙසාහීති අධිප්පායො.
නගා යනු සිනෙරු. හිමාලය ආදී සියළු පර්වත. සමුද්දා යනු පෙරදිග සමුද්‍රය, සීත සමුද්‍රය ආදී සියළු සමුද්‍රයෝ. සරිතා යනු ගංගා ආදී සියළු නදීහු. වසුන්දරා යනු මහපොළව, දිසාචතස්සො යනු පෙරදිග ආදී සතර දිසාවෙහි. විදිසා යනු නැගෙනහිර, දකුණ ආදී සතරවැදෑරුම් අනුදිසා. අධො යනු යටින් ජලය දරාසිටින වායු ස්කන්ධය තෙක් දිවා යනු දිව්‍යලෝක, ‘දිවා’ යැයි ගැනීමෙන් එහිද සියළු සංස්කාරයන් කියයි. සබ්බෙ අනිච්චා තිභවා උපදදුතා සියළු කාමභව ආදී භවතුන අනිත්‍යයි. ජාති ආදියෙන්, රාගාදී කෙලෙස්වලින් පීඩාවට පත්වූවාහු, එහි කිසිම ආරක්ෂක ස්ථානයක් නම් නැති බැවින් කුහිංගතො චිත්ත! සුඛං රමිස්සති කොහි ගියෙහිද? සුවසේ රමණය කරන්නෙහිද? ඒ නිසා එයින් නිදහස්වීම සෙවීමද මෙහි බලාපොරොත්තුවයි.
ධිතිප්පරන්ති ධිතිපරායණං පරමං ථිරභාවෙ ඨිතං මමං, චිත්ත, කිං කාහිසි, තතො ඊසකම්පි මං චාලෙතුං නාසක්ඛිස්සසීති අත්ථො. තෙනාහ “න තෙ අලං, චිත්ත, වසානුවත්තකො”ති. ඉදානි තමෙවත්ථං පාකටතරං කත්වා දස්සෙන්තො “න ජාතු භස්තං උභතොමුඛං ඡුපෙ , ධිරත්ථු පූරං නවසොතසන්දනි”න්ති ආහ. තත්ථ භස්තන්ති රුත්තිං. උභතොමුඛන්ති පුතොළියා උභතොමුඛං. න ජාතු ඡුපෙති එකංසෙනෙව පාදෙනාපි න ඡුපෙය්ය, තථා ධිරත්ථු පූරං නවසොතසන්දනින්ති නානප්පකාරස්ස අසුචිනො පූරං නවහි සොතෙහි වණමුඛෙහි අසුචිසන්දනිං සවතිං. තාය වච්චකුටියා ධී අත්ථු, තස්සා ගරහා හොතු.
ධිතිප්පරං යනු අධිෂ්ඨානය අරමුණු කරගත් පරම ස්ථිරභාවයෙහි පිහිටියා වූ මගේ සිත! කුමක් කියන්නෙහිද? එයින් ස්වල්පයක් හෝ මා සොලවන්නට නොහැක්කෙහි යන අර්ථයි. ඒ නිසා කියන ලදී. ඒ නිසා එම්බා සිත! ඔබට අනුව පැවතීමෙන් වැඩක් නැත. දැන් ඒ අර්ථයම ප්‍රකට කර දක්වන්නේ පැස දෙපසින් මුඛයෙන් ස්පර්ශ නොකරන්නේය. නවදොරකින් කුණු වැගිරෙන ශරීරයට නින්දා වේවා ආදිය කියන ලදී. එහි භසතං යනු සම්පසුම්බිය. උභතො මුඛං යනු දෙපැත්තෙන් මුඛ ඇති. නජාතුජුපෙ එක පැත්තකින්ම පාදයෙන්වත් ස්පර්ශ නොකරන්නේය. එපරිද්දෙන් ධීරත්ථු පූරං නවසොත සන්දතිං නොයෙක් ආකාර කුණුවලින් පිරුණු නවදොරකින් අසූචි වැගිරෙන ඒ වැසිකිළියට නින්දා වේවා. එයට නින්දා වේවා!
එවං අට්ඨවීසතියා ගාථාහි නිග්ගණ්හනවසෙන චිත්තං ඔවදිත්වා ඉදානි විවෙකට්ඨානාචික්ඛණාදිනා සම්පහංසෙන්තො “වරාහඑණෙය්යවිගාළ්හසෙවිතෙ”තිආදිමාහ. තත්ථ වරාහඑණෙය්යවිගාළ්හසෙවිතෙති වරාහෙහි චෙව එණෙය්යෙහි ච ඔගාහෙත්වා සෙවිතෙ. පබ්භාරකුට්ටෙති පබ්භාරට්ඨානෙ චෙව පබ්බතසිඛරෙ ච. පකතෙව සුන්දරෙති පකතියා එව සුන්දරෙ අතිත්තිමනොහරෙ. “පකතිවසුන්ධරෙ”ති වා පාඨො, පාකතිකෙ භූමිපදෙසෙති අත්ථො. නවම්බුනා පාවුසසිත්තකානනෙති පාවුසවසෙන වුට්ඨෙන මෙඝොදකෙන උපසිත්තවස්සෙ සුථෙවෙ වනෙ. තහිං ගුහාගෙහගතො රමිස්සසීති තස්මිං පබ්බතකානනෙ ගුහාසඞ්ඛාතං ගෙහං උපගතො භාවනාරතියා අභිරමිස්සසි.
මෙසේ ගාථා විසිඅටකින් නින්දාකිරීම් වශයෙන් සිතට අවවාද කර දැන් ඔහුට විවේක ස්ථාන ගැන කීමෙන් සතුටු කරන්නේ වරාහඑණෙය්ය විගාළ්හසෙවිතෙ ආදී ගාථා ගැන කීය. එහි වරාහඑණෙය්යවිගාළ්හ සෙවිතෙ යනු ඌරන් හා ඒනිටුවන් බැසගත්, පබ්භාරකූටෙ පව්වෙහි, පූර්වසිඛරයෙහිම, පකතෙ වසුන්ධරෙ යනුද පාඨයකි. ප්‍රකෘති බිම් පෙදෙසක යන අර්ථයි. නවම්බුනා පාවුසසිත්තකානනෙ යනු වර්ෂාවෙන්, වැසිජලයෙන් තෙමුණු වනයෙහි, තහිං ගුහා ගෙහගතො රමිස්සසි යනු ඒ පර්වත වනයෙහි ගුහා සංඛ්‍යාත වූ ගෙට පිවිසියේ භාවනාවේ ඇලීමෙන් සතුටු වන්නෙහි.
තෙ තං රමෙස්සන්තීති තෙ මයූරාදයො වනසඤ්ඤං උප්පාදෙන්තා තං රමෙස්සන්තීති අත්ථො.
තෙ තං රමිස්සන්ති යනු ඒ මොනරු ආදීහු වනයක් බව හඟවමින් ඔහුව රමණය කරත් යන අර්ථයි.
වුට්ඨම්හි දෙවෙති මෙඝෙ අධිප්පවුට්ඨෙ. චතුරඞ්ගුලෙ තිණෙති තෙනෙව ගස්සොදකපාතෙන තත්ථ තත්ථ තිණෙ සුරත්තවණ්ණකම්බලසදිසෙ චතුරඞ්ගුලෙ ජාතෙ. සංපුප්ඵිතෙ මෙඝනිභම්හි කානනෙති පාවුසමෙඝසඞ්කාසෙ කානනෙ සම්මදෙව පුප්ඵිතෙ. නගන්තරෙති පබ්බතන්තරෙ. විටපිසමො සයිස්සන්ති තරුසදිසො අපරිග්ගහො හුත්වා නිපජ්ජිස්සං. තං මෙ මුදූ හෙහිති තූලසන්නිභන්ති තං තිණපච්චත්ථරණං මුදු සුඛසම්ඵස්සං තූලසන්නිභං තූලිකසදිසං සයනං මෙ භවිස්සති.
වුට්ඨම්හිදෙවෙ යනු මනාව වැසි වැස්ස කල්හි චතුරංගුලෙ තිණෙ ඒ වර්ෂා ජලය වැටීමෙන් ඒ ඒ තැන්වල රතුවන් කම්බිලියක් බඳුව අඟල් හතරක් වූ කල්හි සම්පුප්ඵිතෙ මෙඝනිභම්හි කානනෙ යනු වැසිවට කල්හි මේඝයක් බඳු වනයෙහි මනාව මල්පිපුණු කල්හි නගන්තරෙ පර්වත අතරෙහි විටපි සමොසයිස්සන්ති ගසක් මෙන් හුන්නෙමි. තං මෙ මුදු හෙහීති තුලසන්නිභං ඒ තණ ඇතිරිල්ල මොළොක් සැප ස්පර්ශ ඇති මෙට්ටයක් වැනි සයනයක් මට වන්නේය.
තථා තු කස්සාමි යථාපි ඉස්සරොති යථා කොචි ඉස්සරපුරිසො අත්තනො වචනකරදාසාදිං වසෙ වත්තෙති, අහම්පි, චිත්ත, තං තථා කරිස්සාමි, මය්හං වසෙ වත්තෙමියෙව. කථං? යං ලබ්භති තෙනපි හොතු මෙ අලන්ති චතූසු පච්චයෙසු යං යාදිසං වා තාදිසං වා ලබ්භති, තෙන ච මය්හං අලං පරියත්තං හොතු. එතෙන ඉදං දස්සෙති – යස්මා ඉධෙකච්චෙ සත්තා තණ්හුප්පාදහෙතු චිත්තස්ස වසෙ අනුවත්තන්ති, අහං පන තණ්හුප්පාදං දූරතො වජ්ජෙන්තො චිත්තං දාසං විය කරොන්තො අත්තනො වසෙ වත්තෙමීති. න තාහං කස්සාමි යථා අතන්දිතො, බිළාරභස්තංව යථා සුමද්දිතන්ති චිත්ත තණ්හුප්පාදපරිවජ්ජනහෙතු, පුන තන්ති චිත්තං ආමසති, යථා අඤ්ඤොපි කොචි සම්මප්පධානයොගෙන භාවනාය අතන්දිතො අත්තනො චිත්තං කම්මක්ඛමං, කම්මයොග්ගං කරොති, තථා අහම්පි, චිත්ත, තං කම්මක්ඛමං, කම්මයොග්ගං මය්හං වසෙ වත්තං කරිස්සාමි . යථා කිං? බිළාරභස්තංව යථා සුමද්දිතං, නඉති නිපාතමත්තං. යථා සුට්ඨු මද්දිතං බිළාරභස්තං කම්මක්ඛමං, කම්මයොග්ගං සුඛෙන පරිහරණීයඤ්ච හොති, තථාහං තං කරිස්සාමි.
තථාතු කස්සාමි යථාපි ඉස්සරො යනු යම්සේ කිසියම් ධනවත් පුරුෂයෙක් තම දායාදීන් තම වචනයට කීකරු කරගනී ද මමද එම්බා සිත එය එසේ කරමි. මගේ වසඟයෙහි පවතින්නේමය. කෙසේද යත්? යං ලබ්භති තෙනපි හොතු මෙ අලං යනු සිව් පසයෙහි යම් ඒ යම්බඳු හෝ එබඳු යමක් ලබයිද එයින්ද මට ප්රමාණවත්ය. මෙයින් මෙය දක්වයි. යම්හෙයකින් මේ ලෝකයේ ඇතැම් සත්ත්වයෝ තණ්හාව ඇතිවීමේ හේතුවෙන් චිත්තයාගේ වසඟයෙහි පවතිත්. මම වනාහි තණ්හාව ඇතිවීමට හේතුව දුරින්ම වර්ජනය කරන්නේ සිත දාසයකු මෙන් කරන්නේ තමන්ගේ වසයෙහි තබා ගනිමි. නතාහං කස්සාමි යථා අතන්දිතො බිළාරභසතං ව යථා සුමද්දිතං යනු එම්බා සිත! තණ්හාව ඇතිවීමට හේතුව වර්ජනය කිරීම නිසා නැවත තං එය කියා සිත ස්පර්ශ කරයි. යම්සේ අන් කිසිවෙක් මනා වීර්ය යොදවා භාවනාවෙන් පහවූ මැලිබව ඇත්තේ තමාගේ සිත වැඩට යෙදිය හැකි, වැඩ යෝග්‍ය ලෙස කරයිද එපරිද්දෙන් මම ද එම්බා සිත! ඔබව වැඩට යෝග්‍ය, වැඩට සුදුසු ලෙස මගේ වසයෙහි කරන්නෙමි. කෙසේද යත්, යම්සේ මනාව පදම් කළ බළල් සමින් කළ පැසක් මෙනි. න යනු නිපාතයකි. යම්සේ මනාව පදම් කරන ලද බළල් සමින් කළ පසුම්බිය වැඩට යෝග්‍ය, වැඩට ගතහැකි මෙන්ම පහසුවෙන් පරිහරණය කළහැකි වන්නේය. එපරිද්දෙන් එය කරන්නෙමි.
වීරියෙන තං මය්හ වසානයිස්සන්ති, අම්භො චිත්ත, තං අත්තනො වීරියෙන භාවනාබලං උප්පාදෙත්වා තෙන මය්හං වසං ආනයිස්සං. ගජංව මත්තං කුසලඞ්කුසග්ගහොති යථා කුසලො ඡෙකො අඞ්කුසග්ගහො හත්ථාචරියො අත්තනො සික්ඛාබලෙන මත්තහත්ථිං අත්තනො වසං ආනෙති, තථෙවාති අත්ථො.
විරියෙන තං මය්හ වසානයිස්සං යනු එම්බා සිත එය තමාගේ වීර්යයෙන් භාවනා බලය උපදවා එයින් මගේ වසඟයට පමුණුවන්නෙමි. ගජංව මත්තං කුසලංකුසග්ගහො යනු යම්සේ දක්ෂ ඇත්ගොව්වෙක් අංකුශයක් අතැත්තේ තමා ඉගෙනගත් ශිල්පයේ බලයෙන් මත් ඇතකු තමාගේ වසඟයට ගනීද එපරිද්දෙනි යන අර්ථයි.
තයා සුදන්තෙන අවට්ඨිතෙන හීති හීති නිපාතමත්තං, චිත්ත, සමථවිපස්සනාභාවනාහි සුට්ඨු දන්තෙන තතො එව සම්මදෙව විපස්සනාවීථිං පටිපන්නත්තා අවට්ඨිතෙන තයා. හයෙන යොග්ගාචරියොව උජ්ජුනාති යථා සුදන්තෙන සුදන්තත්තා එව උජුනා අවඞ්කගතිනා අස්සාජානීයෙන යොග්ගාචරියො අස්සදම්මසාරථි අඛෙමට්ඨානතො ඛෙමන්තභූමිං පටිපජ්ජිතුං සක්කොති, එවං පහොමි මග්ගං පටිපජ්ජිතුං සිවන්ති අසිවභාවකරානං කිලෙසානං අභාවෙන සිවං. චිත්තානුරක්ඛීහීති අත්තනො චිත්තං අනුරක්ඛණසීලෙහි බුද්ධාදීහි සබ්බකාලං සෙවිතං අරියමග්ගං අහං පටිපජ්ජිතුං අධිගන්තුං පහොමි සක්කොමීති.
තයා සුදන්තෙන අවට්ඨිතෙනහි මෙහි ‘හි’ යනු නිපාත මාත්‍රයකි. සිත සමථ විදර්ශනා භාවනා බලයෙන් මනාව හික්මවන ලද්දෙන් එයින්ම මනාව විදර්ශනා භාවනා විධියට පිළිපන් බැවින් හයෙන යොග්ගාචරියොව උජ්ජුනා යනු යම්හෙයකින් මනාව දමනය වූ බැවින් දමනයෙන් ඍජු වූ අවංකව ගමන් ඇති උතුම් අජානීය අශ්වයා විසින් යෝග්‍ය වූ ආචාර්ය වූ අශ්වයන් දමනයේ දක්ෂයා අනාරක්ෂිත තැනින් ක්ෂෙම භූමියකට පැමිණෙන්නට හැකිවෙයි. මෙසේ පහොමි මග්ගං පටිපජ්ජිතුං සිවං යනු අයහපත් බව ඇතිකරන කෙලෙස් නොමැති බැවින් සුභ වූ චිත්තානු රක්ඛි යනු තමන්ගේ සිත රකින්නා වූ බුදුවරයන් විසින් සියළු කල්හි සෙව්නා ආර්යමාර්ගය මට පිළිපදින්නට, අවබෝධ කරන්නට සමත්වෙමි. හැක්කෙමි.
ආරම්මණෙ තං බලසා නිබන්ධිසං, නාගංව ථම්භම්හි දළ්හාය රජ්ජුයාති යථා හත්ථාචරියො මහාහත්ථිං ආළානථම්භෙ දළ්හාය ථිරාය රජ්ජුයා නිබන්ධති, එවමහං, චිත්ත, කම්මට්ඨානාරම්මණෙ භාවනාබලෙන නිබන්ධිස්සං. තං මෙ සුගුත්තං සතියා සුභාවිතන්ති තං ත්වං, චිත්ත, මම සතියා සුගුත්තං සුභාවිතඤ්ච හුත්වා. අනිස්සිතං සබ්බභවෙසු හෙහිසීති අරියමග්ගභාවනාදිබලෙන කාමභවාදීසු සබ්බෙසුපි භවෙසු තණ්හාදිනිස්සයෙහි අනිස්සිතං භවිස්සසි.
ආරම්මණෙ තං බලසා තං නිබන්ධිසං නාගංව ථම්භම්හි දළ්හාය රජ්ජුයා යම්සේ ඇත්ගොව්වෙක් මහා හස්තියකු ශක්තිමත් කණුවක ශක්තිමත් දැඩි ලණුවකින් බඳියි. එම්බා සිත! මම ද කමටහන් අරමුණෙහි භාවනා බලයෙන් බඳින්නෙමි. තං මෙ සුගුත්තං සතියා සුභාවිතං යනු එම්බා ඒ සිත! මගේ සිහියෙන් මනාව ආරක්ෂා වූයේ මනාව පුහුණු කළේ වී. අනිස්සිතං සබ්බභවෙසු හෙහිසි යනු ආර්යමාර්ග භාවනා වශයෙන් කාම භවාදියෙහිත් සියළු භවයන්හි තණ්හාදී ඇලීම්වලින් නොඇලුනේ වන්නෙහිය.
පඤ්ඤාය ඡෙත්වා විපථානුසාරිනන්ති උප්පථගාමිනං ආයතනසමුදයං යාථාවතො දිස්වා යෙන සමුදයෙන උප්පථගාමී, තස්ස කිලෙසවිස්සන්දනං කිලෙසවිප්ඵන්දිතං ඉන්ද්රියසංවරූපනිස්සයාය පටිසඞ්ඛානපඤ්ඤාය ඡින්දිත්වා සොතවිච්ඡෙදනවසෙන ආවරණං කත්වා. යොගෙන නිග්ගය්හාති විපස්සනාභාවනාසඞ්ඛාතෙන යොගෙන සාමත්ථියවිධමනෙන නිග්ගහෙත්වා. පථෙ නිවෙසියාති විපස්සනාවීථියං නිවෙසෙත්වා, පතිට්ඨපෙත්වා. යදා පන විපස්සනා උස්සුක්කාපිතා මග්ගෙන ඝට්ටෙති, තදා මග්ගපඤ්ඤාය “යංකිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති (මහාව· 16; සං· නි· 5.1081) නිදස්සනෙන සබ්බසො ආයතනසමුදයස්ස විභවං සම්භවඤ්ච අසම්මොහතො දිස්වා සදෙවකෙ ලොකෙ අග්ගවාදිනො සම්මාසම්බුද්ධස්ස දායාදො ඔරසපුත්තො හෙහිසි භවිස්සසීති අත්ථො.
පඤ්ඤාය ජෙත්වා විපථානුසරිනං යනු නොමග යන්නා වූ ආයතනයන්හි හටගැනීම ඇති පරිදි දැක යම් සමුදයකින් නොමගයන්නා වූ ඔහු ඔහුගේ කෙලෙස් ගලායාම හා කෙලෙස්වලින් ඇතිවන පීඩාව ඉන්ද්රිය සංවරය උදෙසා විමසා බැලීමේ ප්‍රඥාවෙන් සිඳ දමා ගලායාම සිඳදැමීම් වශයෙන් වසා තබා, යොගෙන විග්ගය්හ යනු විදර්ශනා භාවනා සංඛ්‍යාත යෝගයෙන් නිග්‍රහ කොට පථෙනිවෙසියා විදර්ශනා මාර්ගයෙහි වැස එහි පිහිටා යම්කලක වනාහි විදර්ශනාවෙන් උනන්දු කරවන මාර්ගය හා ගැටෙයි. එවිට මාර්ග ප්‍රඥාවෙන් යම්කිසි හටගන්නා වූ ධර්මතාවයක් වේද ඒ සියල්ල නැසෙන සුළුයැයි යන නිදර්ශනයෙන් සර්වප්රකාරයෙන් ආයතනයන්හි හටගැනීම විභවං සම්භවංච හටගැනීම සම්භවය මුලා නොවූ ප්‍රඥාවෙන් දිස්වා දැක දෙවියන් සහිත ලෝකයෙහි අග්ගවාදිනො සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දායාදහිමි ඖරස පුත්‍රව හෙහිසි වන්නෙහිය යන අර්ථයි.
චතුබ්බිපල්ලාසවසං අධිට්ඨිතන්ති අනිච්චෙ නිච්චන්ති, අසුභෙ සුභන්ති, දුක්ඛෙ සුඛන්ති, අනත්තනි අත්තාති ඉමෙසං චතුන්නං විපල්ලාසානං වසං අධිට්ඨිතං අනුවත්තන්තං. ගාමණ්ඩලංව පරිනෙසි, චිත්ත, මන්ති, අම්භො චිත්ත, මං ගාමදාරකං විය පරිකඩ්ඪසි, ඉතො චිතො පරිකඩ්ඪසි. නනු සංයොජනබන්ධනච්ඡිදන්ති සංයොජනසඞ්ඛාතානං දසන්නං බන්ධනානං ඡෙදකං කාරුණිකං මහාමුනිං සම්මාසම්බුද්ධං සංසෙවසි නනු, “තථාරූපෙ මහානුභාවෙ දූරතොව වජ්ජෙසි, මාදිසෙ පන තපස්සිනෙ යථාරුචි පරිනෙසී”ති අප්පසාදලෙසෙන සත්ථාරං පසංසති.
චතුබ්බිපල්ලාසවසං අධිට්ඨිතං යනු අනිත්‍යය නිත්‍ය ලෙසත් අසුභය සුභ ලෙසත් දුක සැප ලෙසත් අනාත්මය ආත්මය ලෙසත් යන සතරවැදෑරුම් විපරීත කල්පනාවන් හා පවත්නා වූ ගාමණ්ඩලංව පරිණෙසි චිත්ත මං යනු එම්බා සිත! ඔබ මා ගම්දරුවකු මෙන් එහාට මෙහාට අදින්නෙහිය. නූනසඤ්ඤොජනබන්ධනචඡිදං යනු සංයෝජන සංඛ්‍යාත වූ බැඳීම් දහය සිඳ දැමීම කාරුණිකං මහාමුනිං සම්මා සම්බුදුන් සංසෙවසෙ නූන. එබඳු වූ මහානුභාව ඇත්තන් දුරින්ම වර්ජනය කරන්න. මා වැනි තපස්වීන් කැමැති පරිදි අනුගමනය කරන්නයැයි අප්‍රසාද විලාසයෙන් ශාස්තෲන් වහන්සේව පසසයි.
මිගො යථාති යථා මිගො රුක්ඛගච්ඡලතාදීහි සුට්ඨු චිත්තවිචිත්තෙ අනාකුලෙ කානනෙ සෙරි සයංවසී රමති. රම්මං ගිරිං පාවුසඅබ්භමාලිනින්ති එවං පාවුසකාලෙ සමන්තතො සුමාලිනීහි ථලජජලජමාලාහි සමන්නාගතත්තා අබ්භමාලිනිං ජනවිවිත්තතාය මනොරමතාය ච රම්මං පබ්බතං ලභිත්වා තත්ථ නගෙ රමිස්සං, අසංසයං එකංසෙනෙව ත්වං, චිත්ත, පරාභවිස්සසි, සංසාරබ්යසනෙහි ඨස්සසීති අත්ථො.
මිගොයථා යනු යම්සේ මුවෙක් ගස්වැල් ආදියෙන් සිත මනාව නිරවුල්ව පවත්නාවිට කානනෙ සෙරී කැමති පරිදි සතුටු වෙයි. රම්මං ගිරිං පාවුස අබ්භමාලිනීං යනු මෙසේ වැසිකාලයෙහි හාත්පසින් පිපුණා වූ ගොඩබිම හා ජලයේ මල්වලින් යුක්ත බැවින් අබ්භමාලිනී නම් වූ ජනයාගෙන් තොරබැවින් මනරම් බැවින් රම්මං රම්‍ය වූ පර්වතයක් ලැබ තත්ථනගෙ රමිස්සාමි අසංසයං යනු ඒකාන්තයෙන්ම ත්වං චිත්ත පරාභවිස්සසි සසර විපත්වල පිහිටන්නේය යන අර්ථයි.
යෙ තුය්හ ඡන්දෙන වසෙන වත්තිනොති සබ්බෙ පුථුජ්ජනෙ චිත්තසාමඤ්ඤෙන ගහෙත්වා වදති. තස්සත්ථො – යෙ නරනාරියො, අම්භො චිත්ත, තුය්හං ඡන්දෙන වසෙන රුචියා ඨිතා යං ගෙහනිස්සිතං සුඛං අනුභොන්ති අනුභවිස්සන්ති, තෙ අවිද්දසූ අන්ධබාලා, මාරවසානුවත්තිනො කිලෙසමාරාදීනං වසෙ අනුවත්තනසීලා, භවාභිනන්දී කාමාදිභවමෙව අභිනන්දනතො, තව සාවකා අනුසිට්ඨිකරා. මයං පන සම්මාසම්බුද්ධස්ස සාවකා, න තුය්හං වසෙ අනුවත්තාමාති.
යෙ තුය්හං ඡන්දෙන වසෙන වත්තිනො යමෙක් ඔබගේ කැමැත්තෙන් වසයෙහි පවතීද සියළු පෘථග්ජනයන් සිතෙහි සමානත්වය අනුව ගෙන කියයි. එහි අර්ථය නම් යම් ඒ ගැහැණු හා පිරිමි. එම්බා සිත! ඔබගේ කැමැත්තෙන්, රුචියෙන් සිටියා වූ යං තණ්හාවෙන් යුක්ත වූ සුඛං අනුහොන්ති යනු සැප අනුභව කරන්නාහුය. තෙ අවිද්දසු අඳබාලයෝ. මාරාවසානුවත්තිනො ක්ලේශමාර ආදීන්ගේ වසයෙහි පවත්නාසුළු. භවාභිනන්දි කාමාදී භවයන්ම සතුටුවීමෙන් තවසාවකා යනු ඒ අනුව කටයුතු කරන්නෝ ‘අපි වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝය. ඔබගේ වසයෙහි අනුව පවතින්නෝ නොවෙමු.
එවං ථෙරො පුබ්බෙ අත්තනො උප්පන්නං යොනිසොමනසිකාරං චිත්තස්ස නිග්ගණ්හනවසෙන පවත්තං නානප්පකාරතො විභජිත්වා සමීපෙ ඨිතානං භික්ඛූනං ඔවාදදානවසෙන ධම්මං කථෙසි. යං පනෙත්ථ අන්තරන්තරා අත්ථතො න විභත්තං, තං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙවාති.
මෙසේ තෙරුන් වහන්සේ පෙර තමාගේ උපන්නා වූ නුවණින් මෙනෙහි කිරීම, සිතට නිග්‍රහ කිරීම් වශයෙන් පැවැති සිතිවිලි නොයෙක් ආකාරයෙන් බෙදා සමීපයෙහි සිටියා වූ භික්ෂූන්ට අවවාද දීම් වශයෙන් ප්‍රකාශ කළේය. යම් ඒ අර්ථයක් මෙහි නොදක්වන ලදද ඒවා ඉහත කියන ලද ආකාරයෙන් දතයුතුයි.
තාලපුටත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
තාලපුට ථෙර ගාථා වර්ණනාව නිමියේය.
පඤ්ඤාසනිපාතවණ්ණනා නිට්ඨිතා.
පනස්වන නිපාත වර්ණනාව නිමි.