60. සට්ඨිනිපාතො අට්ඨකථා
60. සට්ඨිනිපාතය
මහාමොග්ගල්ලානත්ථෙරගාථාවණ්ණනා
මහමොග්ගල්ලාන ස්ථවිරගාථා වර්ණනාව
සට්ඨිනිපාතෙ ආරඤ්ඤිකාතිආදිකා ආයස්මතො මහාමොග්ගල්ලානත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? තස්ස වත්ථු ධම්මසෙනාපතිවත්ථුම්හි වුත්තමෙව. ථෙරො හි පබ්බජිතදිවසතො සත්තමෙ දිවසෙ මගධරට්ඨෙ කල්ලවාලගාමකං උපනිස්සාය සමණධම්මං කරොන්තො ථිනමිද්ධෙ ඔක්කන්තෙ සත්ථාරා – “මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා, බ්‍රාහ්මණ, අරියං තුණ්හීභාවං පමාදො”තිආදිනා (සං· නි· 2.235) සංවෙජිතො ථිනමිද්ධං විනොදෙත්වා භගවතා වුච්චමානං ධාතුකම්මට්ඨානං සුණන්තො එව විපස්සනං වඩ්ඪෙත්වා පටිපාටියා උපරිමග්ගත්තයං උපගන්ත්වා අග්ගඵලක්ඛණෙ සාවකපාරමීඤාණස්ස මත්ථකං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.1.375-397) –
හැටවන නිපාතයෙහි ‘ආරඤ්ඤකා’ ආදී ගාථා ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ගේය. උන්වහන්සේගේ කථා වස්තුව ධම්ම සේනාපති කථා වස්තුවෙහි කියන ලදී. තෙරුන් වහන්සේ වනාහි පැවිදි වූ දවසෙන් සත්වැනි දවසෙහි මගධ රටෙහි කල්ලවාල කල්ලවාල නම් ගම ආශ්‍රිතව මහණදම් කරන්නේ ථිනමිද්ධයෙන් යටත් කරන්නට වූ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් මොග්ගල්ලානය! මොග්ගල්ලානය! බ්‍රාහ්මණය. ආර්ය වූ නිශ්ශබ්දතාවය, ප්‍රමාද නොවන්න. ආදියෙන් දන්වන ලද්දේ ථිනමිද්ධය තුරන්කර භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද ධාතු කමටහන් අසන්නේම විදර්ශනාව වඩා පිළිවෙලින් උපරි මාර්ගත්රය ලබා අග්‍රඵලය ලබන ක්ෂණයෙහිම ශ්‍රාවක පාරමී ඤාණයාගේ මස්තක ප්රාප්තවීම සිදුවිය. අපදානයේ මෙසේ කියන ලදී.
“අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො; විහාසි හිමවන්තම්හි, දෙවසඞ්ඝපුරක්ඛතො.
ලෝකනායක වූ නරයන්ට ශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ දේව සමූහයා පිරිවරා හිමවතෙහි වාසය කළ සේක.
“වරුණො නාම නාමෙන, නාගරාජා අහං තදා; කාමරූපී විකුබ්බාමි, මහොදධිනිවාසහං.
එකල්හි මම ‘වරුණ’ නම් නාගරාජයෙක් වීමි. මහසයුරෙහි වාසය කරන්නේ කාමභෝගීව සිටියෙමි.
“සඞ්ගණියං ගණං හිත්වා, තූරියං පට්ඨපෙසහං; සම්බුද්ධං පරිවාරෙත්වා, වාදෙසුං අච්ඡරා තදා.
එදා සමූහයාව අතහැර මම තූර්යවාදන යොදාගෙන සම්මා සම්බුදුන් පිරිවරාගෙන වාදනය කළෙමි.
“වජ්ජමානෙසු තූරෙසු, දෙවා තූරානි වජ්ජයුං; උභින්නං සද්දං සුත්වාන, බුද්ධොපි සම්පබුජ්ඣථ.
තුර්යයන් වාදනය කරන කල්හි දෙවියෝ තුර්යයන් වාදනය කළහ. මේ ශබ්ද දෙකම අසා බුදුන්වහන්සේ වටහාගත් සේක.
“නිමන්තෙත්වාන සම්බුද්ධං, සකං භවනුපාගමිං; ආසනං පඤ්ඤපෙත්වාන, කාලමාරොචයිං අහං.
බුදුරජාණන් වහන්සේට දානය සඳහා ආරාධනා කොට තමන්ගේ භවනයට ගියෙමි. ආසනයක් පනවා මට කාලය දැන්වූයෙමි.
“ඛීණාසවසහස්සෙහි, පරිවුතො ලොකනායකො; ඔභාසෙන්තො දිසා සබ්බා, භවනං මෙ උපාගමි.
රහතන් වහන්සේලා දහසක් පිරිවරාගත් ලෝකනායකයන් වහන්සේ සියළු දිශාවන් බබලවමින් මගේ භවනයට වැඩි සේක.
“උපවිට්ඨං මහාවීරං, දෙවදෙවං නරාසභං; සභික්ඛුසඞ්ඝං තප්පෙසිං, අන්නපානෙනහං තදා.
එකල්හි මම දෙවියන්ට දෙවි වූ නරයන්ට උතුම් වූ මහාවීරයන් වහන්සේ භික්ෂු සංඝයා සහිත වූයේ ආහාරපානයෙන් සන්තර්පණය කළෙමි.
“අනුමොදි මහාවීරො, සයම්භූ අග්ගපුග්ගලො; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
මහාවීර වූ ස්වයංභූ වූ ලෝකනායක වූ අග්‍ර පුද්ගල වූ, උන්වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩසිට මේ ගාථා වදාළ සේක.
“යො සො සඞ්ඝං අපූජෙසි, බුද්ධඤ්ච ලොකනායකං; තෙන චිත්තප්පසාදෙන, දෙවලොකං ගමිස්සති.
යමෙක් ලෝකනායක වූ බුදුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් දන් පූජා කළේද ඒ සිත් පැහැදීමෛන් ඔහු දෙව්ලොව යන්නේය.
“සත්තසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජං කරිස්සති; පථබ්‍යා රජ්ජං අට්ඨසතං, වසුධං ආවසිස්සති.
හැත්තෑහතක් තුන්වරක් දේවරාජ්‍යය කරන්නේය. මහපොළවෙහි අටසියක් රාජ්‍යයන් කරන්නේය.
“පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති; භොගා අසඞ්ඛියා තස්ස, උප්පජ්ජිස්සන්ති තාවදෙ.
පස්පනස් වාරයක් සක්විති වන්නේය. එකෙණෙහි ඔහුට අප්‍රමාණ වූ සැපසම්පත් පහළ වෙයි.
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි ඔක්කාක කුලයෙහි පහළ වූ ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
“නිරයා සො චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති; කොලිතො නාම නාමෙන, බ්රහ්මබන්ධු භවිස්සති.
ඔහු නිරයෙන් චුතව මිනිසත්බව ලබයි. නමින් කොලිත වී බ්‍රහ්මයාගේ ඤාතිවරයෙක් වන්නේය. (බ්‍රහ්ම බන්ධු)
“සො පච්ඡා පබ්බජිත්වාන, කුසලමූලෙන චොදිතො; ගොතමස්ස භගවතො, දුතියො හෙස්සති සාවකො.
කුසල මූලයෙන් මෙහෙයවන ලද ඔහු පසුව පැවිදිව ගෞතම බුදුන්ගේ දෙවෙනි ශ්රාවකයා වන්නේය.
“ආරද්ධවීරියො පහිතත්තො, ඉද්ධියා පාරමිං ගතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
අරඹන ලද වීර්ය ඇති බහාතබන ලද පාප ඇති ඍද්ධියෙන් පරතෙරට ගියේ සියළු ආසවයන් දුරුකොට අනාසවව පිරිනිවන් පාන්නේය.
“පාපමිත්තොපනිස්සාය, කාමරාගවසං ගතො; මාතරං පිතරඤ්චාපි, ඝාතයිං දුට්ඨමානසො.
පාපමිත්‍රයන් නිසා කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට වූ මනසක් ඇතිව මවද පියාද ඝාතනය කළේය.
“යං යං යොනුපපජ්ජාමි, නිරයං අථ මානුසං; පාපකම්මසමඞ්ගිතා, භින්නසීසො මරාමහං.
නිරයට හෝ මිනිසත් බවට හෝ පැමිණෙන්නෙම්ද පාපකර්මයෙන් යුක්තවූයේ බිඳුනු හිස් ඇත්තේ වීමි.
“ඉදං පච්ඡිමකං මය්හං, චරිමො වත්තතෙ භවො; ඉධාපි එදිසො මය්හං, මරණකාලෙ භවිස්සති.
මේ මාගේ අන්තිම භවයයි. මෙහිදී ද මාගේ මරණ කාලයෙහි එබඳුම දෙයක් සිදුවන්නේය.
“පවිවෙකමනුයුත්තො, සමාධිභාවනාරතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
උතුම් විවේකයෙන් යුක්ත වූයේ සමාධි භාවනාවෙහි ඇළුනේ සියළු ආසවයන් නැතිකර අනාශ්රවව වාසය කරමි.
“ධරණිම්පි සුගම්භීරං, බහලං දුප්පධංසියං; වාමඞ්ගුට්ඨෙන ඛොභෙය්යං, ඉද්ධියා පාරමිං ගතො.
මහපොළව ගාම්භීරයි. ඝනයි. සෙලවිය නොහැක. සාද්ධියෙන් උසස් තත්ත්වයට ගොස් මම ඒ මහ පොළව වම් ඇඟිල්ලෙන් සොලවන්නෙමි.
“අස්මිමානං න පස්සාමි, මානො මය්හං න විජ්ජති; සාමණෙරෙ උපාදාය, ගරුචිත්තං කරොමහං.
අස්මිමානය නොදකිමි. මා තුළ මානය නැත. සාමණේරයන් වහන්සේගේ පටන් මම ගෞරව කරමි.
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, යං කම්මමභිනීහරිං; තාහං භූමිමනුප්පත්තො, පත්තොම්හි ආසවක්ඛයං.
මෙයින් අප්‍රමාණ වූ කල්පයක මම යම් කර්මයක් කළෙම්ද මේ මහපොළවට පැමිණ කෙලෙසුන් නැති කළේ වෙමි.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් නැතිකරන ලදී. බුද්ධ වචනය කරන ලදී.
අථ නං සත්ථා අපරභාගෙ ජෙතවනමහාවිහාරෙ අරියගණමජ්ඣෙ නිසින්නො තෙන තෙන ගුණෙන අත්තනො සාවකෙ එතදග්ගෙ ඨපෙන්තො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානො”ති (අ· නි· 1.188, 190) ඉද්ධිමන්තතාය එතදග්ගෙ ඨපෙසි.
ඉක්බිති ශාස්තෲන් වහන්සේ පසුකාලයක ජෙතවන මහා විහාරයෙහි ආර්ය මහා සංඝයා මැද වැඩසිටිමින්, ඒ ඒ ගුණවලින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අග්‍රස්ථානයෙහි තබන සේක් මහණෙනි! මාගේ ශ්‍රාවකයන් අතර මුගලන් තෙරුන් ඍද්ධිමතුන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබමියි, සෘද්ධිමත් බව සඳහා අග්‍රස්ථානයේ තැබූ සේක.
තෙන එවං සත්ථාරා එතදග්ගෙ ඨපිතෙන සාවකපාරමියා මත්ථකං පත්තෙන මහාථෙරෙන තං තං නිමිත්තං ආගම්ම තත්ථ තත්ථ භාසිතා ගාථා, තා සඞ්ගීතිකාලෙ ධම්මසඞ්ගාහකෙහි –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රස්ථානයෙහි තබන ලද මහතෙරුන් වහන්සේ විසින් ඒ ඒ කාරණය නිමිතිකොට ඒ ඒ තැන දේශනා කළ ගාථාවන් සංගායනා කාලයෙහි ධර්ම සංගායකයන් වහන්සේලා විසින් මෙසේ අඩංගු කර ඇත.
“ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා, උඤ්ඡාපත්තාගතෙ රතා; දාලෙමු මච්චුනො සෙනං, අජ්ඣත්තං සුසමාහිතා.
ආරඤ්ඤක වූ පිණ්ඩපාතික වූ පිණ්ඩපාත පාත්‍රය කෙරෙහි කැමැත්ත ඇත්තා වූ මනාව හික්මුණු අධ්‍යාත්මය ඇත්තේ මාරසේනාව පරාජය කරමු.
“ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා, උඤ්ඡාපත්තාගතෙ රතා; ධුනාම මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරො.
ආරඤ්ඤක වූ පිණ්ඩපාතික වූ පිණ්ඩපාත පාත්‍රය කෙරෙහි කැමැත්ත ඇත්තා වූ (අපි) ඇතකු විසින් උණගස්වලින් සෑදු ගෙයක් විනාශ කරන්නාක් මෙන් මාරසේනාව කම්පාවට පත්කරමු.
“රුක්ඛමූලිකා සාතතිකා, උඤ්ඡාපත්තාගතෙ රතා; දාලෙමු මච්චුනො සෙනං, අජ්ඣත්තං සුසමාහිතා.
වෘක්ෂමූලික වූවාහු සතතයෙන් පිණ්ඩපාත පාත්‍රයෙහි කැමැත්ත ඇත්තා වූ අපි ඇතකු උණගස්වලින් සෑදූ ගෙයක් මෙන් මාරසේනාව මුලිනුපුටා දමමු.
“රුක්ඛමූලිකා සාතතිකා, උඤ්ඡාපත්තාගතෙ රතා; ධුනාම මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරො.
[missing trans]
“අට්ඨිකඞ්කලකුටිකෙ, මංසන්හාරුපසිබ්බිතෙ; ධිරත්ථු පුරෙ දුග්ගන්ධෙ, පරගත්තෙ මමායසෙ.
ඇටසැකිළි කුටියෙහි මස් හා නහරවැල්වලින් මසන ලද නොයෙක් කුණපයන්ගෙන් පිරී ඇති බැවින් දුර්ගන්ධය. එයට නින්දා වේවා. අනුන්ට ගොදුරක් වූ එයට මමායනය කරයි.
කුණුවලින් පිරුණු පසුම්බියක් වැනි සමින් වටකරන ලද පපුවෙහි පැනනැගි ගඩු දෙකක් බඳු ප්‍රේතියක් බඳු ඔබගේ ශරීරයෙහි සැමදා කුණු වැගිරෙන නවදොරක් ඇත.
“තව සරීරං නවසොතං, දුග්ගන්ධකරං පරිබන්ධං; භික්ඛු පරිවජ්ජයතෙ තං, මීළ්හඤ්ච යථා සුචිකාමො.
දුගඳ හමන කුණු වැගිරෙන දොරටු නවයක් ඇති ඔබගේ ශරීරය සම්මා ප්රතිපත්තියෙහි නියුතු භික්ෂුව යම්සේ පිරිසිදු බව රුචි කරන්නා මළමුත්‍රා වලක් දුරින් දුරු කරන්නේ යම්සේද මේ ශරීරයද එසේ දුරු කරයි.
“එවඤ්චෙ තං ජනො ජඤ්ඤා, යථා ජානාමි තං අහං; ආරකා පරිවජ්ජෙය්ය, ගූථට්ඨානංව පාවුසෙ.
මම එය යම්ලෙසකින් දනිම් ද ජනයාද මෙය ඇති සැටියෙන් දැන ගන්නේය. වැසිකාලයේ අසූචි වලක් මෙන් දුරින් දුරු කරන්නේය.
“එවමෙතං මහාවීර, යථා සමණ භාසසි; එත්ථ චෙකෙ විසීදන්ති, පඞ්කම්හිව ජරග්ගවො.
මහාවීරයන් වහන්ස, එය එසේමය. ශ්රමණයන් වහන්සේ ප්‍රකාශ කරන පරිදිය. මඩෙහි එරුණු මහළු ගොනෙක් මෙන් සමහරු දුකට පත් වෙති.
“ආකාසම්හි හලිද්දියා, යො මඤ්ඤෙථ රජෙතවෙ; අඤ්ඤෙන වාපි රඞ්ගෙන, විඝාතුදයමෙව තං.
යමෙක් කහපාටින් හෝ වෙනත් වර්ණයකින් අහස පාටකරන්නට අදහස් කරන්නේද එයින් චිත්තවේදනාව පමණක් ඇතිවේ. (නිෂ්ඵල කාර්යයකි.)
“තදාකාසසමං චිත්තං, අජ්ඣත්තං සුසමාහිතං; මා පාපචිත්තෙ ආසාදි, අග්ගිඛන්ධංව පක්ඛිමා.
මනාව හික්මවන ලද සිතද අහස බඳුය. පවිටු සිතුවිලි නොවේවා. යම්සේ පළගැටියා ගිනිගොඩක් ඇසුරු කිරීමෙන් විනාශ වන්නාක් මෙන් එයින් විනාශයට පත්වෙයි.
“පස්ස චිත්තකතං බිම්බං, අරුකායං සමුස්සිතං; ආතුරං බහුසඞ්කප්පං, යස්ස නත්ථි ධුවං ඨිති.
ස්ථිර පැවැත්මක් නැති කරදර ගොඩක් එක්තැන් කළාක් බඳු ඔසවන ලද විසිතුරු ලෙස නිමකළ රූකඩයක් බඳු මේ ශරීරය බලන්න.
“පස්ස චිත්තකතං රූපං, මණිනා කුණ්ඩලෙන ච; අට්ඨිං තචෙන ඔනද්ධං, සහ වත්ථෙහි සොභති.
[missing trans]
“අලත්තකකතා පාදා, මුඛං චුණ්ණකමක්ඛිතං; අලං බාලස්ස මොහාය, නො ච පාරගවෙසිනො.
[missing trans]
“අට්ඨාපදකතා කෙසා, නෙත්තා අඤ්ජනමක්ඛිතා; අලං බාලස්ස මොහාය, නො ච පාරගවෙසිනො.
[missing trans]
“අඤ්ජනීව නවා චිත්තා, පූතිකායො අලඞ්කතො; අලං බාලස්ස මොහාය, නො ච පාරගවෙසිනො.
[missing trans]
“ඔදහි මිගවො පාසං, නාසදා වාගුරං මිගො; භුත්වා නිවාපං ගච්ඡාම, කද්දන්තෙ මිගබන්ධකෙ.
[missing trans]
“ඡින්නො පාසො මිගවස්ස, නාසදා වාගුරං මිගො; භුත්වා නිවාපං ගච්ඡාම, සොචන්තෙ මිගලුද්දකෙ.
[missing trans]
“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; අනෙකාකාරසම්පන්නෙ, සාරිපුත්තම්හි නිබ්බුතෙ.
එදා සැරියුත් මහතෙරුන් වහන්සේ පිරිනිවි කල්හි නොයෙක් ආකාර බිහිසුණු බවක් වීද එයින්ම ලොමුදැහැ ගැන්මක් විය.
“අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො; උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො.
සංස්කාරයෝ වනාහි අනිත්‍යයහ. හටගැනීම හා විනාශය ස්වභාවකොට ඇත්තේය. ඉපිද නැතිවෙත්. එහි සංසිඳීම සැපයයි.
“සුඛුමං තෙ පටිවිජ්ඣන්ති, වාලග්ගං උසුනා යථා; යෙ පඤ්චක්ඛන්ධෙ පස්සන්ති, පරතො නො ච අත්තතො.
යමෙක් පඤ්චස්කන්ධය ආත්ම වශයෙන් හා අනාත්ම වශයෙන් නොදකීද ඔවුහු සියළු කොටස්වලට කැඩුනු කෙස්ගසක් අඳුරේ විදුලි එලියෙන් දකින්නාක් මෙන් ඉතා සියුම්ව වටහා ගනිත්.
“යෙ ච පස්සන්ති සඞ්ඛාරෙ, පරතො නො ච අත්තතො; පච්චබ්යාධිංසු නිපුණං, වාලග්ගං උසුනා යථා.
යමෙක් සංස්කාරයන් ආත්ම වශයෙන්වත් අනාත්ම වශයෙන්වත් නොදකීද ඔහු විදුලි එලියෙන් අඳුරේ ඇති සියුම් කෙසගක් දකින්නාක් මෙන් දක්ෂ ලෙස එය අවබෝධ කළහ.
“සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව මත්ථකෙ; කාමරාගප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ.
සිහියෙන් යුත් භික්ෂුව ආයුධයකින් ස්පර්ශ කළාක් මෙන් හිස ගිනි ගත්තාක් මෙන් කාමරාග ප්රහාණය සඳහා පැවිදි වන්නය.
“සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව මත්ථකෙ; භවරාගප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ.
[missing trans]
“චොදිතො භාවිතත්තෙන, සරීරන්තිමධාරිනා; මිගාරමාතුපාසාදං, පාදඞ්ගුට්ඨෙන කම්පයිං.
වඩන ලද සිත් ඇතිව එයින් මෙහෙයවන ලද අන්තිම ශරීරයක් දරන්නහු විසින් පාඇඟිල්ලෙන් මිගාරමාතු ප්‍රාසාදය කම්පා කළේය.
“නයිදං සිථිලමාරබ්භ, නයිදං අප්පෙන ථාමසා; නිබ්බානමධිගන්තබ්බං, සබ්බගන්ථපමොචනං.
මෙය සැහැල්ලු ලෙස සිතා අඩු උත්සාහයකින් සියළු බැමි බිඳ දමා නිර්වාණය අවබෝධ කරගැනීම ලෙහෙසි නැත.
“අයඤ්ච දහරො භික්ඛු, අයමුත්තමපොරිසො; ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහනං.
මේ තරුණ භික්ෂුව උතුම් පුරුෂයෙකි. සේනා සහිත මාරයා පරාජය කොට අන්තිම දේහය දරන්නෙහි.
“විවරමනුපභන්ති විජ්ජුතා, වෙභාරස්ස ච පණ්ඩවස්ස ච; නගවිවරගතො ඣායති, පුත්තො අප්පටිමස්ස තාදිනො.
විදුලිය වේභාර පර්වතයේ විවරයට වැටේ. තාදිගුණ ඇති අසහාය වූ පුත්‍රයා පර්වත විවරණයට ගියත් ධ්‍යාන වඩයි.
“උපසන්තො උපරතො, පන්තසෙනාසනො මුනි; දායාදො බුද්ධසෙට්ඨස්ස, බ්රහ්මුනා අභිවන්දිතො.
උපශාන්ත වූ පන්ත සේනා සහිත වූ මුනීන් වහන්සේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දායාදයකි. බ්‍රහ්මයා විසින් වඳිනු ලබයි.
“උපසන්තං උපරතං, පන්තසෙනාසනං මුනිං; දායාදං බුද්ධසෙට්ඨස්ස, වන්ද බ්‍රාහ්මණ කස්සපං.
උපශාන්ත වූ ජනයාගෙන් ඈත පිහිටි සෙනසුන්හි විවේක ගන්නා වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දායාදයක් වූ මුනීන්ද්රයන් වහන්සේ බ්‍රහ්මයා විසින් නමස්කාර කරනු ලැබීය. බ්‍රාහ්මණය! උපශාන්ත වූ ඈත පිහිටි සෙනසුන් ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ දායාදයක් වූ කාශ්‍යප මුනිවරයන් වහන්සේට වඳින්න.
“යො ච ජාතිසතං ගච්ඡෙ, සබ්බා බ්රාහ්මණජාතියො; සොත්තියො වෙදසම්පන්නො, මනුස්සෙසු පුනප්පුනං.
යමෙක් නැවත නැවතත් මිනිසුන් අතර ජන්ම සිය ගණනක් ලැබීද ඒ සියල්ල බ්‍රාහ්මණ ජාතික විය. සොත්තිය ජාතික විය. ඤාණවන්ත විය.
“අජ්ඣායකොපි චෙ අස්ස, තිණ්ණං වෙදාන පාරගූ; එතස්ස වන්දනායෙතං, කලං නාග්ඝති සොළසිං.
තුන්වේදයේ පරතෙරට ගියේ ගුරුවරයෙක් වන්නේය. ඔහුට වන්දනා කිරීම සොලොස් කලාවෙන් එක කලාවක් නොවටී.
“යො සො අට්ඨ විමොක්ඛානි, පුරෙභත්තං අඵස්සයි; අනුලොමං පටිලොමං, තතො පිණ්ඩාය ගච්ඡති.
යමෙක් අෂ්ට විමොක්ෂයන් පෙරබත් කාලයෙහි දුටුවේද, ඉක්බිති අනුලොම, ප්‍රතිලෝම වශයෙන් ප්‍රථම ධ්‍යානාදිය දකීද අනතුරුව පිඬුසිඟා වඩියි.
“තාදිසං භික්ඛුං මාසාදි, මාත්තානං ඛණි බ්‍රාහ්මණ; අභිප්පසාදෙහි මනං, අරහන්තම්හි තාදිනෙ; ඛිප්පං පඤ්ජලිකො වන්ද, මා තෙ විජටි මත්ථකං.
බ්‍රාහ්මණය, එබඳු භික්ෂුවක් ස්පර්ශ නොකරන්න. තමාගේ සිත තුලින් කුසල ධර්මයන් උදුරා නොදමන්න. තාදී ගුණ ඇති රහතන් වහන්සේ වෙත සිත පහදවා ගන්න. කළ පාපයෙන් හිස සත්කඩකට නොපැලේවා. වහාම ඇඳිලි බැඳ වඳින්න.
“නෙසො පස්සති සද්ධම්මං, සංසාරෙන පුරක්ඛතො; අධොගමං ජිම්හපථං, කුම්මග්ගමනුධාවති.
සසර බැමිවලින් පෙරටු කරගත් මොහු ධර්මය නොදකී. පහතට ගමන් කරන්නා වූ වැරදි මග අනුගමනය කරයි.
“කිමීව මීළ්හසල්ලිත්තො, සඞ්ඛාරෙ අධිමුච්ඡිතො; පගාළ්හො ලාභසක්කාරෙ, තුච්ඡො ගච්ඡති පොට්ඨිලො.
පොඨිල තෙමේ කුණු තැවරුණු පණුවකු මෙන් සංස්කාරයන්ගෙන් මුලා වූයේ තණ්හා වශයෙන් ලාභ සත්කාරයෙහි ගිජුවූයේ හරයක් නැත්තේ යයි.
“ඉමඤ්ච පස්ස ආයන්තං, සාරිපුත්තං සුදස්සනං; විමුත්තං උභතොභාගෙ, අජ්ඣත්තං සුසමාහිතං.
එන්නා වූ මනා දර්ශන ඇති රූපකාය නාමකාය දෙකින්ම මිදුනේ මනාව හික්මුනා වූ අධ්‍යාත්මයක් ඇති සැරියුත් තෙරුන් වහන්සේව බලන්න.
“විසල්ලං ඛීණසංයොගං, තෙවිජ්ජං මච්චුහායිනං; දක්ඛිණෙය්යං මනුස්සානං, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
රාගාදී තුවාලවලින් තොර රාගාදියෙන් මනාව ක්ෂය කළ ත්‍රිවිද්‍යාධාරී මාරයාව බිය ගන්වන මිනිසුන්ගේ දක්ෂිණාවට සුදුසු වූ අනුත්තර වූ පින්කෙතක් බඳුය.
“එතෙ සම්බහුලා දෙවා, ඉද්ධිමන්තො යසස්සිනො. දස දෙවසහස්සානි, සබ්බෙ බ්රහ්මපුරොහිතා; මොග්ගල්ලානං නමස්සන්තා, තිට්ඨන්ති පඤ්ජලීකතා.
මේ බොහෝ දෙවිවරු සෘද්ධිමත්ය. යසස් ඇත්තෝය. දසදහසක් සියළු දෙවිවරු බ්‍රහ්ම පුරෝහිතය. වැඳගෙන සිටින්නාහු මුගලන් මහරහතන් වහන්සේට නමස්කාර කරත්.
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම; යස්ස තෙ ආසවා ඛීණා, දක්ඛිණෙය්යොසි මාරිස.
පුරිසාජඤ්ඤය! නමස්කාර වේවා! උතුම් පුරුෂය නමස්කාර වේවා! යමකුගේ මේ ආශ්‍රවයෝ ක්ෂීණ වූවාහුද ඒ උත්තමයාණනි! ඔබවහන්සේ දක්ෂිණාවට යෝග්‍ය වන්නෙහිය.
“පූජිතො නරදෙවෙන, උප්පන්නො මරණාභිභූ; පුණ්ඩරීකංව තොයෙන, සඞ්ඛාරෙනුපලිම්පති.
දෙවියන් හා මිනිසුන් විසින් පුදන ලද්දේ ලෝකයේ උපන් නමුත් මාරයාව බියවද්දන ජලයෙහි හටගත් නෙලුම්මල මෙන් සංස්කාරයන් හා නොගැටෙයි.
“යස්ස මුහුත්තෙන සහස්සධා ලොකො, සංවිදිතො සබ්රහ්මකප්පො වසි; ඉද්ධිගුණෙ චුතුපපාතෙ කාලෙ, පස්සති දෙවතා ස භික්ඛු.
යමෙක් මොහොතකදී සහශ්‍රී ලෝකධාතුව දැනගනීද බ්‍රහ්මයා හා සමානව තදනුරූප කාලයෙහි ඒ භික්ෂුව ඍද්ධි ගුණයන්ගෙන් යුක්ත වූයේ චුති උත්පත්ති දකී.
“සාරිපුත්තොව පඤ්ඤාය, සීලෙන උපසමෙන ච; යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා.
සැරියුත් තෙරුන් වහන්සේ ප්‍රඥාවෙන් ශීලයෙන් හා සංයමයෙන් පරතෙරට ගියේ වන්නේය. උන්වහන්සේට වඩා වෙන උසස් ථෙර කෙනෙක් නැත.
“කොටිසතසහස්සස්ස, අත්තභාවං ඛණෙන නිම්මිනෙ; අහං විකුබ්බනාසු කුසලො, වසීභූතොම්හි ඉද්ධියා.
කෝටිසතසහශ්රයක් ආත්මභාවයන් ක්ෂණයකින් මැවීමට දක්ෂය. සෘද්ධි බලයෙහි දක්ෂය. මම උන්වහන්සේගේ සෘද්ධි බලයෙන් වශී වූයේ වෙමි.
“සමාධිවිජ්ජාවසිපාරමීගතො, මොග්ගල්ලානගොත්තො අසිතස්ස සාසනෙ; ධීරො සමුච්ඡින්දි සමාහිතින්ද්රියො, නාගො යථා පූතිලතංව බන්ධනං.
සවිතක්ක ආදී සමාධීන්හිත් ත්රිවිද්යාවන්හිත් වශීභාවයට පත්වූයේ එහි පරතෙරට ගියේ වන්නේය. තණ්හාදිය රහිත සත්ථු ශාසනයේ ධීර වූ මොග්ගල්ලාන ගොත්‍රයේ මුගලන් තෙරුන් වහන්සේ දමන ලද ඉඳුරන් ඇත්තේ හස්ති රාජයෙක් වැලකින් කරන ලද බැම්ම මෙන් සියළු කෙලෙස් සිඳ දැම්මේය.
“පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
මා විසින් ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රගුණ කරන ලදී. බුද්ධ අවවාදය පිළිපදින ලදී. මහත් බරක් බිම තබන ලදී. සසර ගමන නැතිකරන ලදී.
“යස්ස චත්ථාය පබ්බජිතො, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
යමක් උදෙසා ගිහිගෙයින් නික්ම පැවිදි වූයේද මාගේ ඒ අර්ථය ලබාගන්නා ලදී. සියළු සංයෝජනයන් ක්ෂය කළෙමි.
“කීදිසො නිරයො ආසි, යත්ථ දුස්සී අපච්චථ; විධුරං සාවකමාසජ්ජ, කකුසන්ධඤ්ච බ්රාහ්මණං.
යම්බඳු වූ නිරයක ‘දුස්සී’ නම් මාරයා නිරය ගින්නෙන් දැවුනේද විධුර නම් වූ කකුසඳ බුදුන්ගේ ශ්රාවකයාව ආවේශ වී බුදුන්ට හිංසා කළේද
“සතං ආසි අයොසඞ්කූ, සබ්බෙ පච්චත්තවෙදනා; ඊදිසො නිරයො ආසි, යත්ථ දුස්සී අපච්චථ; විධුරං සාවකමාසජ්ජ, කකුසන්ධඤ්ච බ්රාහ්මණං.
ඒ නරකයෙහි අතිශයින් වේදනාකාරී යකඩ උල් සියයක් විය. මෙබඳු නිරයෙහි දුස්සී පිළිස්සුනේය.
“යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො; තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
එම්බා මාරය! යම් බුද්ධශ්රාවක වූ භික්ෂුවක් මෙය දැනගනීද එබඳු භික්ෂුවක් වෙත පැමිණ කණ්හය! දුක නැතිකරව.
“මජ්ඣෙසරස්මිං තිට්ඨන්ති, විමානා කප්පඨායිනො; වෙළුරියවණ්ණා රුචිරා, අච්චිමන්තො පභස්සරා; අච්ඡරා තත්ථ නච්චන්ති, පුථු නානත්තවණ්ණියො.
මහා සමුද්‍රය මැද කල්ප ගණන් පවත්නා වෙරළුමිණිවන් විසිතුරු බබලන දිලිසෙන විමායෝ වෙත්. නොයෙක් විසිතුරු වර්ණයෙන් යුත් බොහෝ අප්සරාවෝ ඒ විමානවල නටත්.
“යො එතමභිජානාති…පෙ… කණ්හ දුක්ඛං නිගච්ඡසි.
යමෙක් මේ විමානවත්ථුව මනාව දනීද කණ්හය! දුකින් නිදහස් වන්න.
“යො වෙ බුද්ධෙන චොදිතො, භික්ඛුසඞ්ඝස්ස පෙක්ඛතො; මිගාරමාතුපාසාදං, පාදඞ්ගුට්ඨෙන කම්පයි.
යමෙක් වනාහි බුදුන් විසින් මෙහෙයවූයේ භික්ෂු සංඝයා බලා සිටියදීම මිගාරමාතු ප්‍රාසාදය පාඇඟිල්ලෙන් සෙලවූයෙමි.
“යො එතමභිජානාති…පෙ… කණ්හ දුක්ඛං නිගච්ඡසි.
යමෙක් මෙය දන්නේද, කණ්හය! දුකින් බැහැර වන්නේය.
“යො වෙජයන්තපාසාදං, පාදඞ්ගුට්ඨෙන කම්පයි; ඉද්ධිබලෙනුපත්ථද්ධො, සංවෙජෙසි ච දෙවතා.
යමෙක් වෛජයන්ත ප්‍රාසාදය පාඇඟිල්ලෙන් සෙලවීද ඍද්ධි බලයෙන් යුක්ත වූයේ දෙවියන් කලබලයට පත්කළේය.
“යො එතමභිජානාති…පෙ… කණ්හ දුක්ඛං නිගච්ඡසි.
යමෙක් මෙය දන්නේද කණ්හය! දුක් නැතිකරන්න.
“යො වෙජයන්තපාසාදෙ, සක්කං සො පරිපුච්ඡති; අපි ආවුසො ජානාසි, තණ්හක්ඛයවිමුත්තියො; තස්ස සක්කො වියාකාසි, පඤ්හං පුට්ඨො යථාතථං.
යමෙක් වෛජයන්ත ප්‍රාසාදයෙහි ශක්‍රයා විචාරයිද, ඇවැත්නි! තෘෂ්ණා ක්ෂය විමුක්තිය දන්නේද? ප්රශ්නය විචාරන ලද්දහුට ශක්‍රයා පැහැදිලි කර දුන්නේය.
“යො එතමභිජානාති…පෙ… කණ්හ දුක්ඛං නිගච්ඡසි.
[missing trans]
“යො බ්රහ්මානං පරිපුච්ඡති, සුධම්මායං ඨිතො සභං; අජ්ජාපි ත්යාවුසො සා දිට්ඨි, යා තෙ දිට්ඨි පුරෙ අහු; පස්සසි වීතිවත්තන්තං, බ්රහ්මලොකෙ පභස්සරං.
යමෙක් සුධර්මා සභාවේ සිට බ්‍රහ්මයාගෙන් විචාරයිද? ඇවැත්නි! පෙර ඔබට තිබුණු දෘෂ්ටිය අදද ඔබට තිබේ. දිලිසෙන්නා වූ බ්‍රහ්මලෝකය බලන්න.
“තස්ස බ්රහ්මා වියාකාසි, පඤ්හං පුට්ඨො යථාතථං; න මෙ මාරිස සා දිට්ඨි, යා මෙ දිට්ඨි පුරෙ අහු.
ප්‍රශ්න විචාරන ලද බ්‍රහ්මයා ඔහුට එය පැහැදිලි කළේය. මාරිස! මට පෙර තිබුණු දෘෂ්ටිය දැන් නැත.
“පස්සාමි වීතිවත්තන්තං, බ්රහ්මලොකෙ පභස්සරං; සොහං අජ්ජ කථං වජ්ජං, අහං නිච්චොම්හි සස්සතො.
විහිදී යන ආලෝකයෙන් යුත් බ්‍රහ්ම ලෝකය දකිමි. ඒ මම අද වරදක් කළා වෙමි. මම නිත්‍ය ලෙසට ශාස්වත වාදියෙක්මි.
“යො එතමභිජානාති…පෙ… කණ්හ දුක්ඛං නිගච්ඡසි.
යමෙක් මෙය වටහාගනීද? කණ්හය! දුක නැතිකරන්න.
“යො මහානෙරුනො කූටං, විමොක්ඛෙන අඵස්සයි; වනං පුබ්බවිදෙහානං, යෙ ච භූමිසයා නරා.
යමෙක් මහාමේරු පර්වතයේ මුදුන ධ්‍යාන විමොක්ෂයෙන් ස්පර්ශ කළේද පූර්ව විදේහයන්ගේ වනයද බිම නිදන මිනිසුන්ද (අපරගෝයාන හා උතුරුකුරු මිනිසුන් නිවාස නැතිව බිම නිදති.) ස්පර්ශ කළේය.
“යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො; තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
යම් බුද්ධශ්රාවක වූ භික්ෂුවක් මෙය දැනගනීද එබඳු භික්ෂුවක් වෙත ගොස් කණ්හය! දුක නැති කරන්න.
“න වෙ අග්ගි චෙතයති, අහං බාලං ඩහාමිති; බාලොව ජලිතං අග්ගිං, ආසජ්ජ නං පඩය්හති.
මම බාලයාව දවන්නෙමියි ගින්න නොසිතයි. බාලයාම දිලිසෙන ගින්න වැළඳගෙන දැවෙයි.
“එවමෙව තුවං මාර, ආසජ්ජ නං තථාගතං; සයං ඩහිස්සසි අත්තානං, බාලො අග්ගිංව සම්ඵුසං.
එම්බා මාරය! නුඹද එසේය. තථාගතයන් වහන්සේව ස්පර්ශ කර තමාවට දවාගත්තේය. ගින්න ස්පර්ශ කරන බාලයා මෙනි.
“අපුඤ්ඤං පසවී මාරො, ආසජ්ජ නං තථාගතං; කින්නු මඤ්ඤසි පාපිම, න මෙ පාපං විපච්චති.
මාරයා තථාගතයන් වහන්සේ හා ගැටීමෙන් පාපයක් ඇතිකර ගත්තේය. පව්කාරය! මට පාපයක් නොවේයැයි කෙසේනම් ඔබ සිතන්නෙහිද?
“කරතො තෙ චීයතෙ පාපං, චිරරත්තාය අන්තක; මාර නිබ්බින්ද බුද්ධම්හා, ආසං මාකාසි භික්ඛුසු.
මාරය! තා විසින් කරන්නා වූ පාපය බොහෝ කාලයක් විපාක දෙන්නේය. මාරය! බුදුන්ගෙන් කලකිරිම ඇතිකරගන්න. භික්ෂූන්ට කරදරයක් කරන්නට නොසිතන්න.
“ඉති මාරං අතජ්ජෙසි, භික්ඛු භෙසකළාවනෙ; තතො සො දුම්මනො යක්ඛො, තත්ථෙවන්තරධායථා”ති. –
මෙසේ භික්ෂුව භෙසකලා වනයේදී මාරයාට තර්ජනය කළේය. ඉක්බිති අසතුටට පත් යක්ෂයා එහිම අතුරුදහන් විය.
ඉත්ථං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො ථෙරො ගාථායො අභාසිත්ථාති.
මෙසේ වනාහි ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ මේ ගාථාවන් ප්‍රකාශ කළහ.
ඉමිනා අනුක්කමෙන එකච්චං සඞ්ගහං ආරොපෙත්වා ඨපිතා.
මෙසේ පිළිවෙලින් එක සංග්‍රහයකට ඇතුළත්කොට තබන ලදී.
තත්ථ “ආරඤ්ඤිකා”තිආදිකා චතස්සො ගාථා භික්ඛූනං ඔවාදදානවසෙන භාසිතා. ආරඤ්ඤිකාති ගාමන්තසෙනාසනං පටික්ඛිපිත්වා ආරඤ්ඤකධුතඞ්ගසමාදානෙන ආරඤ්ඤිකා. සඞ්ඝභත්තං පටික්ඛිපිත්වා පිණ්ඩපාතිකඞ්ගසමාදානෙන පිණ්ඩපාතිකා, ඝරෙ ඝරෙ ලද්ධපිණ්ඩපාතෙන යාපනකා. උඤ්ඡාපත්තාගතෙ රතාති උඤ්ඡාචරියාය පත්තෙ ආගතෙ පත්තපරියාපන්නෙ රතා, තෙනෙව අභිරතා සන්තුට්ඨා. දාලෙමු මච්චුනො සෙනන්ති අත්තානං අනත්ථජනනෙ සහායභාවූපගමනතො මච්චුරාජස්ස සෙනාභූතං කිලෙසවාහිනිං සමුච්ඡින්දෙම. අජ්ඣත්තං සුසමාහිතාති ගොචරජ්ඣත්තෙසු සුට්ඨු සමාහිතා හුත්වා, එතෙනස්ස පදාලනුපායමාහ.
එහි ‘ආරඤ්ඤකා’ ආදී ගාථා සතර භික්ෂූන්ට අවවාද වශයෙන් ප්‍රකාශ කරන ලදී. ආරඤ්ඤකා යනු ග්‍රාමාන්ත සේනාසනය අතහැර දමා ආරඤ්ඤක ධුතාංගය සමාදන් වීමෙන් ආරඤ්ඤක නම් වී. පොදු සංඝ දානය අතහැර පිණ්ඩපාතික අංගය සමාදන් වීමෙන් පිණ්ඩපාතිකා නම් වී. ගෙයක් ගෙයක් පාසා ලබන පිණ්ඩපාතයෙන් යැපෙන. උඤ්ජාපත්තා ගතෙ රතා යනු පිණ්ඩපාතයේ යාම සඳහා පාත්‍රය යොදා ගැනීමෙන් සතුටට පත්ව දළෙමු මච්චුනො සෙනං යනු තමාට අනර්ථයක් ඇතිකරන සහායවීමට පැමිණීමෙන් මාරයාගේ සේනාව වූ කෙලෙස් හමුදාව විනාශ කරන්නෙමු. අජඣත්තං සුසමාහිතං යනු අධ්‍යත්මයේ මනාව හික්මී මෙයින් එය බිඳදමන උපායක් කීය.
ධුනාමාති නිද්ධුනාම විද්ධංසෙම.
ධුනාම යනු කම්පා කරමු. විනාශ කරමු.
සාතතිකාති සාතච්චකාරිනො භාවනාය සතතපවත්තවීරියා.
සාතතිකා යනු නිරන්තරයෙන් කරන භාවනාව නිසා නිතර පැවැති වීර්යයෙන්.
“අට්ඨිකඞ්කලකුටිකෙ”තිආදිකා චතස්සො ගාථා අත්තානං පලොභෙතුං උපගතාය ගණිකාය ඔවාදවසෙන අභාසි. තත්ථ අට්ඨිකඞ්කලකුටිකෙති අට්ඨිසඞ්ඛලිකාමයකුටිකෙ. න්හාරුපසිබ්බිතෙති නවහි න්හාරුසතෙහි සමන්තතො සිබ්බිතෙ. අරඤ්ඤෙ කුටියො දාරුදණ්ඩෙ උස්සාපෙත්වා වල්ලිආදීහි බන්ධිත්වා කරියන්ති, ත්වං පන පරමජෙගුච්ඡෙන අට්ඨිකඞ්කලෙන පරමජෙගුච්ඡෙහෙව න්හාරූහි බන්ධිත්වා කතා, අතිවිය ජෙගුච්ඡා පටික්කූලා චාති දස්සෙති. ධිරත්ථු පූරෙ දුග්ගන්ධෙති කෙසලොමාදිනො නානප්පකාරස්ස අසුචිනො පූරෙ පරිපුණ්ණෙ, තතො එව දුග්ගන්ධෙ ධිරත්ථු තව ධීකාරො හොතු. පරගත්තෙ මමායසෙති ඉදඤ්ච තෙ දුග්ගන්ධස්ස උපරි ඵොටසමුට්ඨානං පරිස්සයං එවං අසුචිදුග්ගන්ධං ජෙගුච්ඡං පටික්කූලසමාදානං තාදිසෙ එව අඤ්ඤස්මිං පදෙසෙ සොණසිඞ්ගාලකිමිකුලාදීනං ගත්තභූතෙ කළෙවරෙ මමත්තං කරොසි.
අට්ඨිකංකාලකුටිකෙ ආදී ගාථා සතර තමාව පොළඹවා ගැනීමට ආවා වූ ගණිකාවට අවවාද වශයෙන් ප්‍රකාශ කළේය. එහි අට්ඨිකංකාල කුටිතෙ යනු ඇටසැකිල්ලක් වූ කුටියෙහි, නහාරු පසිබ්බිතෙ යනු නහර නවසියයකින් පිටතින් මසන ලද වනයේ ඇති පැල්පල් දරදඬු ඔසවා තබා වැල් ආදියෙන් බැඳ සාදත්. නුඹ වනාහි අතිශයින් පිළිකුල් සහගත ඇටසැකිල්ලකින් හා අතිශයින් පිළිකුල් නහරවලින් බැඳ කරන ලද්ද අතිශයින් පිළිකුල් සහගත බව දක්වයි. ධිරත්ථු පූරෙ දුග්ගන්ධෙ යනු කෙස් ලොම් ආදී නානාප්‍රකාර අසූචිවලින් පිරුණු ඒ නිසාම දුගඳ හමන තොපට නින්දා වේවා! පරගත්තෙ මමායසෙ යනු මෙයද තොපගේ දුගඳ හමන මත්තෙහි කුණු ගෙඩියක් හටගැනීමට සුදුසු අසූචි දුගඳ හමන පිළිකුල ඇතිකරන දේ ශරීරය පිළිබඳව මමත්වයක් ඇතිකර ගන්නෙහිද?
ගූථභස්තෙති ගූථභරිතභස්තසදිසෙ. තචොනද්ධෙති තචෙන ඔනද්ධෙ ඡවිමත්තපටිච්ඡාදිතකිබ්බිසෙ. උරගණ්ඩිපිසාචිනීති උරෙ ඨිතගණ්ඩද්වයවතී භයානකභාවතො අනත්ථාවහතො ච පිසාචසදිසී. යානි සන්දන්ති සබ්බදාති යානි නව සොතානි, නව වණමුඛානි සබ්බදා රත්තින්දිවං සන්දන්ති, සවන්ති, අසුචිං පග්ඝරන්ති.
ගූථභසෙත යනු අසූචි පිරුණු මල්ලක් සමාන. තචොනද්ධෙ යනු සමෙන් වැසුණු උරගාණ්ඩිපිසාචිනී පපුවෙහි මතුවුනු ගඩු දෙකක් වැනි භයානක බවෙන් අනර්ථයක් ගෙනදෙන බැවින් පෙරේතියක් බඳු. යානි සන්දනති සබ්බදා යම් ඒ නව සොතානි තුවාල මුඛ නවයක් හැමදා රෑ දවල් ගලත්. වැගිරෙත්. අසූචි පිටකරත්.
පරිබන්ධන්ති සම්මාපටිපත්තිපරිබන්ධභූතං. භික්ඛූති සංසාරෙ භයං ඉක්ඛන්තො භින්නකිලෙසො වා දූරතො පරිවජ්ජයතෙති මමත්තං න කරොති. මීළ්හඤ්ච යථා සුචිකාමොති ච-ඉති නිපාතමත්තං. යථා සුචිජාතිකො සුචිමෙව ඉච්ඡන්තො සසීසං න්හාතො මීළ්හං දිස්වා දූරතොව පරිවජ්ජෙසි, එවමෙවං භික්ඛූති අත්ථො.
පරිබන්ධන්ති මනා පිළිවෙත්වලින් බැඳුනු භික්ඛු යනු සසරෙහි භය දකින්නේ හෝ බිඳින ලද කෙලෙස් ඇත්තේ, දුරින්ම පරිවජ්ජයතෙ තං මමත්වයක් ඇති නොකරයි. මීළ්හඤ්ච යථා සුචිකාමො යන්නෙහි ‘ච’ නිපාතයකි. යම්සේ පිරිසිදු බව කැමැති තැනැත්තා පිරිසිදු බවට කැමැත්තේ ස්නානය කරන ලද්දේ, කුණුවලක් දැක දුරදීම එය මගහරියි. භික්ෂුවද එසේමය යන අර්ථයි.
එවඤ්චෙ තං ජනො ජඤ්ඤා, යථා ජානාමි තං අහන්ති එවං සරීරසඤ්ඤිතං අසුචිපුඤ්ජං යථා අහං යථාභූතං ජානාමි, එවමෙව මහාජනො ජානෙය්ය, තං ආරකා දූරතොව පරිවජ්ජෙය්ය. ගූථට්ඨානංව පාවුසෙති පාවුසකාලෙ කිලින්නාසුචිං නිරන්තරං ගූථට්ඨානං විය සුචිජාතිකො. යස්මා පන තං යථාභූතං න ජානාති, තස්මා තත්ථ නිමුග්ගො සීසං න උක්ඛිපතීති අධිප්පායො.
එවඤ්චෙතං ජනො ජඤ්ඤා යථා ජානාමි තං අහං යනු මෙසේ ශරිරය නමින් හඳුන්වන අසූචි පිඩක් යැයි මට නියම අයුරින් දැනගනිම්ද එපරිද්දෙන් මහාජනයාද දැනගන්නේය. එය දුරතියාම වර්ජනය කරන්නේය. ගූථට්ඨානඤ්ච පාවුසෙ වැසිකාලයෙහි නිරන්තරයෙන් පිරුණු අසූචි වලක් මෙන්, පිරිසිදු බව කැමැති තැනැත්තා, යම්හෙයකින් වනාහි එය ඇති පරිදි නොදනීද ඒ නිසා එහි ගිලුනේ හිස ඔසවන්නට නොහැකි වෙයි යන අර්ථයි.
එවං ථෙරෙන සරීරෙ දොසෙ විභාවිතෙ සා ගණිකා ලජ්ජාවනතමුඛා ථෙරෙ ගාරවං පච්චුපට්ඨපෙත්වා “එවමෙතං මහාවීරා”ති ගාථං වත්වා ථෙරං වන්දිත්වා අට්ඨාසි. තත්ථ එත්ථ චෙකෙති එවං පාකටපටික්කූලසභාවෙපි එතස්මිං කායෙ එකච්චෙ සත්තා ආසත්තිබලවතාය විසීදන්ති විසාදං ආපජ්ජන්ති. පඞ්කම්හිව ජරග්ගවො මහාකද්දමකුච්ඡියං සම්පතිතදුබ්බලබලිබද්දො විය බ්යසනමෙව පාපුණන්තීති අත්ථො.
මෙපරිද්දෙන් තෙරුන් විසින් සිරුරෙහි දොස් ප්‍රකාශ කළ කල්හි ඒ ගණිකාව ලජ්ජාවෙන් පහත හෙලූ මුහුණ ඇත්තී තෙරුන් කෙරෙහි ගෞරව උපදවා මහාවීරය! එය එසේය යනාදී ගාථාව කියා තෙරුන්ට වැඳ සිටියාය. එහි එත්ථචෙකෙ මෙසේ ප්‍රකට වූ පිළිකුල් ස්වභාවයෙහිද මේ සිරුරෙහි ඇතැම් සත්ත්වයෝ ඇලීම් බහුල බැවින් විසීදන්ති සිහිමුළාවට පත්වෙති. පංකම්හි ච ජරග්ගවො මහා මඩ වගුරක වැටුනා වූ දුර්වල වෘෂභයකු මෙන් විපතටම පැමිණේය යන අර්ථයි.
පුන තං ථෙරො මාදිසෙ එවරූපා පටිපත්ති නිරත්ථකා විඝාතාවහා එවාති දස්සෙන්තො “ආකාසම්හී”තිආදිනා ගාථාද්වයමාහ. තස්සත්ථො – යො පුග්ගලො හලිද්දියා අඤ්ඤෙන වා රඞ්ගජාතෙන ආකාසං රඤ්ජිතුං මඤ්ඤෙය්ය, තස්ස තං කම්මං විඝාතුදයං චිත්තවිඝාතාවහමෙව සියා, යථා තං අවිසයෙ යොගො.
නැවත ඔහුට තෙරුන් වහන්සේ මා වැනි මෙබඳු ප්‍රතිපත්ති නිරර්ථකය. විපත් ගෙන දෙන්නේ යැයි දක්වන්නේ ‘ආකසම්හි’ යනාදී ගාථා දෙක ප්‍රකාශ කළේය. එහි අර්ථය යම් පුද්ගලයෙක් හලිද්දි එනම් පාට වර්ගයෙන් හෝ වෙනත් සායම් වර්ගයකින් අහස වර්ණවත් කරන්නට සිතයිද ඔහුට තං ඒ කර්මය විසාතුදයං සිත් පීඩාව ගෙනදෙන්නේමය. යම්හෙයකින් එය සිදුකළ නොහැකි දෙයක් බැවිනි.
තදාකාසසමං චිත්තන්ති තයිදං මම චිත්තං ආකාසසමං කත්ථචි අලග්ගභාවෙන අජ්ඣත්තං සුට්ඨු සමාහිතං, තස්මා මා පාපචිත්තෙ ආසාදීති කාමෙසු නිමුග්ගතාය ලාමකචිත්තෙ නිහීනචිත්තෙ මාදිසෙ මා ආසාදෙහි. අග්ගිඛන්ධංව පක්ඛිමාති පක්ඛිමා සලභො අග්ගික්ඛන්ධං ආසාදෙන්තො අනත්ථමෙව පාපුණාති, එවං සම්පදමිදං තුය්හන්ති දස්සෙති.
තදාකාස සමං චිත්තං යනු ඒ මාගේ මේ සිත අහසට සමානය. කිසිතැනක නොඇලෙන බැවින් අජ්ඣත්ත නම් වේ. මනාව සමාහිතං එක්තැන් වූයේය. ඒ නිසා මා පාපචිත්තෙ ආසාදී යනු කාමයන්හි ගිලුනු බැවින් ලාමක වූ සිත! නින්දා කටයුතු සිත! මා වැන්නන් ස්පර්ශ නොකරන්න. අග්ගික්ඛන්ධංව පක්ඛිමා යනු පළඟැටියා ගිනිගොඩක් වැළඳගන්නේ විපතටම පැමිණෙයි. මෙසේ නුඹට මෙබන්දක් සිදුවෙයි දක්වයි.
පස්ස චිත්තකතන්තිආදිකා සත්ත ගාථා තමෙව ගණිකං දිස්වා විපල්ලත්තචිත්තානං භික්ඛූනං ඔවාදදානවසෙන වුත්තා. තං සුත්වා සා ගණිකා මඞ්කුභූතා ආගතමග්ගෙනෙව පලාතා.
‘පස්ස චිත්තකතං’ යනාදි ගාථා හත එම ගණිකාවම දැක අවුලට පත්වූ සිත් ඇති භික්ෂූන්ට අවවාද දීම් වශයෙන් කියන ලදී. එය අසා ඒ ගණිකාව චිත්ත පීඩාවට පත්වූවා ආ මගින්ම පලා ගියාය.
තදාසීතිආදිකා චතස්සො ගාථා ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස පරිනිබ්බානං ආරබ්භ වුත්තා. තත්ථ අනෙකාකාරසම්පන්නෙති අනෙකෙහි සීලසංවරාදිප්පකාරෙහි පරිපුණ්ණෙ.
‘තදාසී’ ආදී වූ ගාථා සතර ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ පිරිනිවන්පෑම අරභයා කියන ලදී. එහි අනෙකාකාරසම්පන්නෙ යනු නොයෙක් සීල සංවර ආදී ක්රමයන්ගෙන් පිරිපුන්.
සුඛුමං තෙ පටිවිජ්ඣන්තීති තෙ යොගිනො අතිසුඛුමං පටිවිජ්ඣන්ති නාම. යථා කිං? වාලග්ගං උසුනා යථා යථා සතධාභින්නස්ස වාලස්ස එකං අංසු අග්ගං රත්තන්ධකාරතිමිසාය විජ්ජුල්ලතොභාසෙන විජ්ඣන්තා වියාති අත්ථො. කෙ පන තෙති ආහ “යෙ පඤ්චක්ඛන්ධෙ පස්සන්ති, පරතො නො ච අත්තතො”ති. තත්ථ පරතොති අනත්තතො. තස්ස අත්තග්ගාහපටික්ඛෙපදස්සනඤ්හෙතං. තෙනාහ “නො ච අත්තතො”ති. එතෙන අනත්තතො අභිවුට්ඨිතස්ස අරියමග්ගස්ස වසෙන දුක්ඛසච්චෙ පරිඤ්ඤාභිසමයං ආහ, තදවිනාභාවතො පන ඉතරෙසම්පි අභිසමයානං සුප්පටිවිජ්ඣතා වුත්තා එව හොතීති දට්ඨබ්බං. කෙචි පන “අනත්ථකාරකතො පරෙ නාම පඤ්චුපාදානක්ඛන්ධාති ‘පරතො පස්සන්තී’ති ඉමිනා විසෙසතො සබ්බොපි සම්මදෙව වුත්තො”ති වදන්ති. පච්චබ්යාධිංසූති පටිවිජ්ඣිංසු.
සුඛං මං තෙ පටිවිජ්ඣන්ති ඒ යෝගීහු අතිශයින් සියුම් ලෙස වටහාගනිත්. ඒ කෙසේද? වාලග්ගං උසුනා යථා යනු සියක් කොටසකට බිඳුනු කෙස්ගසේ එක් සියුම් කොටසක් අඳුරු රැයක විදුලියකින් බබලන්නාක් මෙනි යන අර්ථයි. ඒ කවරහුද?යි කීය. ‘යමෙක් පංචස්කන්ධය ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් දකීද යන්නෙහි පරතො යනු අනාත්ම වශයෙන් ආත්ම වශයෙන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම දැක්වීමයි. ඒ නිසා කියන ලදී. ‘නොච අත්තනො’ ආත්ම වශයෙන් නොව මේ අනාත්ම වශයෙන් වඩන ලද ආර්ය මාර්ගයෙන් දුක්ඛ සත්‍යයෙහි අවබෝධ කරගැනීම කියන ලදී. ඒ හැරුණු විට අනිකුත් අවබෝධයන් පිළිබඳව කියන ලදීමය දතයුතුයි. ඇතැමෙක් වනාහි අනර්ථය ඇතිකරන බැවින් පංච උපාදානස්කන්ධයන්ද අනාත්ම වශයෙන් දකියි යන මේ විශේෂයෙන් සියල්ලම මනාව කියන ලදී. පච්චඛ්යාධිංසු යනු අවබෝධ කළාහ.
සත්තියා විය ඔමට්ඨොති පඨමගාථා තිස්සත්ථෙරං ආරබ්භ වුත්තා, දුතියා වඩ්ඪමානත්ථෙරං. තා හෙට්ඨා වුත්තත්ථාව.
‘සත්තියා විය ඛමට්ඨො’ යනාදී ප්‍රථම ගාථාව තිස්සත්ථෙරං තිස්ස තෙරුන් අරභයා කියන ලදී. දෙවැන්න වඩ්ඪමානත්ථෙරං වඩ්ඪමාන තෙරුන් අරභයා ඒ බව පහත සඳහන් කරන ලදී.
චොදිතො භාවිතත්තෙනාති ගාථා පාසාදකම්පනසුත්තන්තං ආරබ්භ වුත්තා. තත්ථ භාවිතත්තෙන සරීරන්තිමධාරිනාති භගවන්තං සන්ධාය වදති.
‘චොදිතො භාවිතත්තෙන’ යන ගාථාව ප්‍රාසාදය සෙලවීම පිළිබඳ සූත්‍රාන්තය අරභයා කියන ලදී. එහි භාවිතත්තෙන සරීරන්තිමධාරිනා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කියයි. ‘නයිදං සිථිලමාරබ්භ’ ආදී ගාථා දෙක හීනවූ වීර්ය ඇති වෙද වේද නම් වූ තරුණ භික්ෂුවක් අරභයා කියන ලදී.
නයිදං සිථිලමාරබ්භාතිආදිකා ද්වෙ ගාථා හීනවීරියං වෙදනාමකං දහරභික්ඛුං ආරබ්භ වුත්තා. තත්ථ සිථිලමාරබ්භාති සිථිලං කත්වා වීරියං අකත්වා. අප්පෙන ථාමසාති අප්පකෙන වීරියබලෙන නයිදං නිබ්බානං අධිගන්තබ්බං, මහන්තෙනෙව පන චතුබ්බිධසම්මප්පධානවීරියෙන පත්තබ්බන්ති අත්ථො.
එහි සිථිල මාරබ්භ යනු සැහැල්ලුකොට වීර්ය නොකොට අප්පෙනථාමසා යනු අල්ප වූ වීර්ය බලයෙන්. නයිදං නිබ්බානං අධිගන්තබ්බං මහත්වූ සතරවැදෑරුම් සම්‍යක් ප්‍රධන් වීර්යයෙන්ම ලබාගත යුතුයි යන අර්ථයි.
විවරමනුපභන්තීතිආදිකා ද්වෙ ගාථා අත්තනො විවෙකභාවං ආරබ්භ වුත්තා. තත්ථ බ්රහ්මුනා අභිවන්දිතොති මහාබ්රහ්මුනා සදෙවකෙන ලොකෙන ච අභිමුඛෙන හුත්වා ථොමිතො නමස්සිතො ච.
‘විවර මනුපතන්ති’ යනාදී ගාථා දෙක තමන්ගේ විවේක භාවය ගැන කියන ලදී. එහි බ්රහ්මුනා අහිවන්දිතො යනු දෙවියන් සහිත ලෝකය සමග මහා බ්‍රහ්මයා විසින් ඉදිරියට නොපැමිණ ගුණ ගයමින් වඳින ලද්දේය.
උපසන්තං උපරතන්තිආදිකා පඤ්ච ගාථා රාජගහං පිණ්ඩාය පවිසන්තං මහාකස්සපත්ථෙරං දිස්වා “කාළකණ්ණී මයා දිට්ඨා”ති ඔලොකෙත්වා ඨිතං සාරිපුත්තත්ථෙරස්ස භාගිනෙය්‍යං මිච්ඡාදිට්ඨිබ්රාහ්මණං දිස්වා තස්ස අනුකම්පාය “අයං බ්රාහ්මණො මා නස්සී”ති අරියූපවාදපටිඝාතත්ථං “ථෙරං වන්දාහී”ති තං උය්යොජෙන්තෙන වුත්තා. තත්ථ ජාතිසතං ගච්ඡෙති ජාතීනං සතං උපගච්ඡෙය්ය. සොත්තියොති සොත්තියජාතිකො. වෙදසම්පන්නොති ඤාණසම්පන්නො. එතස්සාති ථෙරස්ස. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – යො පුග්ගලො උදිතොදිතා අසම්භින්නා සතබ්රාහ්මණජාතියො අනුපටිපාටියා උප්පජ්ජනවසෙන උපගච්ඡෙය්ය, තත්ථ ච බ්රාහ්මණානං විජ්ජාසු නිප්ඵත්තිං ගතො තිණ්ණං වෙදානං පාරගූ සියා බ්රාහ්මණවත්තඤ්ච පූරෙන්තො, තස්සෙතං විජ්ජාදිඅනුට්ඨානං එතස්ස මහාකස්සපත්ථෙරස්ස වන්දනාය වන්දනාමයපුඤ්ඤස්ස සොළසිං කලං නාග්ඝති, වන්දනාමයපුඤ්ඤමෙව තතො මහන්තතරන්ති.
‘උපසන්තං උපරතං’ ආදී ගාථා පස රාජගහං රජගහනුවර පිඬු පිණිස නික්මෙන මහාකස්සපත්ථෙරං මහාකාශ්‍යප තෙරුන් දැක, මා විසින් කාලකණ්ණියකු දකින ලදීයැයි උන්වහන්සේට වෛර කළ පුරුෂයා බලා සිටියා වූ සාරිපුත්තත්ථෙරස්ස සැරියුත් මහතෙරුන්ගේ බෑනා වූ මිසදිටු බමුණා දැක ඔහුට අනුකම්පා පිණිස ‘මේ බමුණා නොනැසේවා’යි ආර්යයන් වහන්සේට කළ නින්දාව නැතිවීම පිණිස තෙරුන් වහන්සේට වඳින්න යැයි ඔහුව උනන්දු කරන්නහු විසින් කියන ලදී. එහි ජාති සතං ගච්ඡෙ යනු ජාතීන් සියයක් ලබන්නේය. සොත්තියො යනු සොත්තිය ජාතියට අයත් වූ වෙදසම්පන්නො යනු නුවණැති. එතස්ස යනු තෙරුන්ගේ මේ වනාහි මෙහි කෙටි අර්ථයයි. යම් පුද්ගලයෙක් නොසිඳී අනුපිළිවෙලින් බ්‍රාහ්මණ ජාති සියයක් ඉපදීම වශයෙන් ලබන්නේද එහිද බ්‍රාහ්මණයන්ගේ විද්‍යාවන්හි පරතෙරට ගියේ තිණ්ණං වෙදානං පාරගු සියා ත්‍රිවේදයෙහි පරතෙපෙරට ගියේ වන්නේය. බමුණු වතද පුරමින් ඔහුගේ මේ විද්‍යා ආදියේ දියුණුවක් නොලබමින් එතස්ස මහා කස්සපත්ථෙරස්ස වන්දනාය මේ මහා කාශ්‍යප තෙරුන්ගේ වැඳීම පිණිස වැඳීමෙන් ලබන පිනෙන් සොළොස් කලං නාගසති පංගුවක් නොවටී. වැඳීමේ පිනට එයට වඩා උසස්ය යනුයි.
අට්ඨ විමොක්ඛානීති රූපජ්ඣානාදිකෙ අට්ඨ විමොක්ඛෙ. භාවනාවසෙන හි ලද්ධානි රූපජ්ඣානානි පච්චනීකධම්මෙහි සුට්ඨු විමුත්තතං අභිරතිවසෙන ආරම්මණෙ නිරාසඞ්ගඤ්ච පවත්තිං උපාදාය “විමොක්ඛානී”ති වුච්චන්ති. නිරොධසමාපත්ති පන පච්චනීකධම්මෙහි විමුත්තත්තා එව. ඉධ පන ඣානමෙව වෙදිතබ්බං. අනුලොමං පටිලොමන්ති පඨමජ්ඣානතො පට්ඨාය යාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනා අනුලොමං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො පට්ඨාය යාව පඨමජ්ඣානා පටිලොමං. පුරෙභත්තන්ති භත්තකිච්චතො පුරෙයෙව. අඵස්සයීති අනෙකාකාරවොකාරා සමාපත්තියො සමාපජ්ජි. තතො පිණ්ඩාය ගච්ඡතීති තතො සමාපත්තිතො වුට්ඨාය, තතො වා සමාපත්තිසමාපජ්ජිතතො පච්ඡා ඉදානි පිණ්ඩාය ගච්ඡතීති තදහු පවත්තං ථෙරස්ස පටිපත්තිං සන්ධාය වදති. ථෙරො පන දිවසෙ දිවසෙ තථෙව පටිපජ්ජති.
අට්ඨවිමොක්ඛානි රූප ධ්‍යාන ආදී අටවැදෑරුම් විමොක්ෂයන් භාවනා වශයෙන් ලබන ලද රූප ධ්‍යානයන් විරුද්ධ ධර්මයන්ගෙන් මනාව මිදුනු බව, අභිරති වශයෙන් අරමුණෙහි සැක සහිත පැවැත්ම අරභයා විමුක්ත යැයි කියත්. නිරෝධ සමාපත්තිය වනාහි විරුද්ධ ධර්මයන්ගෙන් මිදුනු බැවින්ම මෙහි වනාහි ධ්‍යානයට බව දැනගත යුතුයි. අනුලොමං පටිලොමං යනු ප්‍රථම ධ්‍යානයේ පටන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ සිට ප්‍රථම ධ්‍යානය දක්වා ප්‍රතිලෝම වශයෙන්ද පුරෙ භත්තං බත්කිසට පළමුවම. අපස්සසී නොයෙක් ආකාර සමාපත්තීන්ට සමවැදී. තතො පිණ්ඩාය ගච්ඡති යනු ඒ සමාපත්තිවලින් නැගිට හෝ ඒ සමාපත්තියට සමවැදීමෙන් පසුව දැන් පිඬුපිණිස යන්නේයැයි එහි පැවැති තෙරුන්ගේ ප්‍රතිපත්තිය අරභයා කියයි. තෙරුන් වහන්සේ වනාහි ඒ ලෙසටම පිළිපදී.
තාදිසං භික්ඛුං මාසාදීති යාදිසස්ස ගුණා එකදෙසෙන වුත්තා, තාදිසං තථාරූපං බුද්ධානුබුද්ධං මහාඛීණාසවං භික්ඛුං මා ආසාදෙහි. මාත්තානං ඛණි බ්රාහ්මණාති ආසාදනෙන ච, බ්‍රාහ්මණ, මා අත්තානං ඛණි, අරියූපවාදෙන අත්තනො කුසලධම්මං වා උම්මුලෙහි. අභිප්පසාදෙහි මනන්ති “සාධුරූපො වත අයං සමණො”ති අත්තනො චිත්තං පසාදෙහි. මා තෙ විජටි මත්ථකන්ති තව මත්ථකං තස්මිං කතෙන අපරාධෙන සත්තධා මා ඵලි. තස්මා තස්ස පටිකාරත්ථං ඛිප්පමෙව පඤ්ජලිකො වන්දාති. බ්රාහ්මණො තං සුත්වා භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො තාවදෙව ථෙරං ඛමාපෙසි.
තාදිසං භික්ඛුං මාහනි යනු යම්බඳු වූ ගුණයකින් එක් කොටසක් කියන ලද එබඳු වූ බුදු අනුබුදු වූ මහා ක්ෂීණාශ්රව භික්ෂුවට අත නොතබන්න. මාත්තානං ඛණි බ්රාහ්මණා යනු බ්‍රාහ්මණය! පහරදීමෙන් හෝ ආර්යයන්ට නින්දා කිරීමෙන් තමන්ගේ කුසල ධර්මයන් උදුරා නොදමන්න. තමාවම හාරා නොගන්න. අභිප්පසාදෙහි මනං යනු මේ ශ්රමණයන් වහන්සේ වනාහි යහපත්ය කියා තමන්ගේ සිත පහදවා ගන්න. මා තෙ විජටි මත්ථකං ඔබගේ හිස එහි කළ අපරාධයෙන් සත්කඩකට නොපැළේවා. ඒ නිසා එයට ප්‍රතිකාරය ලෙස වහාම පඤ්ජලිකො වන්ද යනු බ්‍රාහ්මණයා ඒ අසා බියවී තැතිගෙන ලොමු දැහැගත් සිරුරු ඇතිව එවේලේම තෙරුන් වහන්සේගෙන් සමාව ඉල්ලීය.
නෙසො පස්සතීතිආදිකා ද්වෙ ගාථා පොට්ඨිලං නාම භික්ඛුං සම්මා අපටිපජ්ජන්තං මිච්ඡාජීවකතං දිස්වා චොදනාවසෙන වුත්තා. තත්ථ නෙසො පස්සති සද්ධම්මන්ති එසො පොට්ඨිලො භික්ඛු සතං බුද්ධාදීනං ධම්මං මග්ගඵලනිබ්බානං න පස්සති. කස්මා? සංසාරෙන පුරක්ඛතො සංසාරබන්ධනඅවිජ්ජාදිනා පුරක්ඛතො අපායෙසු නිබ්බත්තනතො අධොගමං හෙට්ඨාගාමිං මායාසාඨෙය්යානුගතත්තා ජිම්හපථං මිච්ඡාමග්ගභාවතො කුම්මග්ගභූතං මිච්ඡාජීවං අනුධාවති අනුපරිවත්තති.
‘නෙසො පස්සති’ ආදි ගාථා දෙක පොඨිලං පොඨිල නම් භික්ෂුව විසින් වැරදි ජීවන පැවැත්මට පිරිස ඇති බව දැක චෝදනා ස්වරූපයෙන් කියන ලදී. එහි නෙසො පස්සති සද්ධම්මං යනු මේ පොඨිල භික්ෂුව බුද්ධාදී උත්තමයන්ගේ මාර්ගඵල නිර්වාණ ධර්මය නොදකී. කුමක් නිසාද? සංසාරෙන පුරෙක්ඛතො යනු සසර බැඳීම් ලෙස සලකන අවිජ්ජා ආදිය පෙරටුකොට අපාය ආදියෙහි උපදවන. අධොගමං පහතට යන, මායාව හා සටකපටකම අනුව ගිය බැවින් ජීම්හපථං මිථ්‍යා මාර්ගය බැවින් වැරදි මග යන වැරදි දිවිපැවැත්ම. අනුධාවති අනුව පවතී.
කිමීව මීළ්හසල්ලිත්තොති ගූථකිමී විය මීළ්හෙන සමන්තතො ලිත්තො කිලෙසාසුචිවිමිස්සිතෙ සඞ්ඛාරෙ අධිමුච්ඡිතො අජ්ඣාපන්නො. පගාළ්හො ලාභසක්කාරෙති ලාභෙ ච සක්කාරෙ ච තණ්හාවසෙන පකාරතො ගාළ්හො ඔගාළ්හො. තුච්ඡො ගච්ඡති පොට්ඨිලොති අධිසීලසික්ඛාභාවතො තුච්ඡො අසාරො හුත්වා පොට්ඨිලො භික්ඛු ගච්ඡති පවත්තති.
කිමීව මිළ්හසල්ලිත්තො අසූචියෙහි සිටින පණුවා මෙන් කුණුවලින් හාත්පසින් දැවටුනේ, කෙලෙස් නමැති අසූචි මිශ්‍ර වූ සංඛාරෙ අධිමුච්ඡිතො වරදට වැටුනේ, පගාළ්හොලාභ සක්කාරෙ ලාභයෙහිද සත්කාරයෙහිද තණ්හා වශයෙන් ගිජු වූ තුච්ඡොගච්ඡති පොඨිලො අධිශීල සංඛ්‍යාත ශික්ෂාවෙන් තොර නිසා හිස් වූ සාරයක් නොමැතිව පොඨිල භික්ෂුව යයි පවතී.
ඉමඤ්ච පස්සාතිආදිකා ද්වෙ ගාථා ආයස්මන්තං සාරිපුත්තං පසංසන්තෙන වුත්තා. තත්ථ ඉමඤ්ච පස්සාති ආයස්මන්තං සාරිපුත්තත්ථෙරං දිස්වා පසන්නමානසො අත්තනො චිත්තං ආලපති. සුදස්සනන්ති අසෙක්ඛානං සීලක්ඛන්ධානඤ්චෙව පාරිපූරියා සාවකපාරමීඤාණස්ස ච පාරිපූරියා සුන්දරදස්සනං. විමුත්තං උභතොභාගෙති උභතොභාගතො විමුත්තත්තා උභතොභාගවිමුත්තං උභතොභාගෙති අරූපසමාපත්තියා රූපකායතො, මග්ගෙන නාමකායතො, යථාරහං තෙහියෙව වික්ඛම්භනසමුච්ඡෙදභාගෙහි විමුත්තන්ති අත්ථො. සබ්බසො රාගසල්ලාදීනං අභාවෙන විසල්ලං කාමාදියොගානං සම්මදෙව ඛීණත්තා ඛීණසංයොගං සුපරිසුද්ධස්ස විජ්ජාත්තයස්ස අධිගතත්තා තෙවිජ්ජං මච්චුරාජස්ස භඤ්ජිතත්තා මච්චුහායිනං පස්සාති යොජනා.
‘ඉමඤ්ච පස්ස’ ආදී ගාථා දෙක ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ප්‍රශංසා වශයෙන් කියන ලදී. එහි ඉමඤ්ච පස්ස යනු ආයුෂ්මත් සාරිපුත්තත්ථෙරං සැරියුත් තෙරුන් දැක පහන් සිතැත්තේ තමාගේ සිතට ආමන්ත්‍රණය කරයි. සුදස්සනං යනු අසේඛ වූ ශීල සමූහය සම්පූර්ණ කිරීමෙන් ශ්‍රාවක පාරමී ඤාණය පරිපූර්ණ කිරීමෙන්ද ඇති වූ සුන්දර දර්ශන ඇති විමුත්තං උභතොභාගෙ යනු දෙපැත්තෙන්ම මිදුනු බැවින් උභතොවිමුත්ත නම් වේ. උභය පාර්ශවයෙන් අරූප සමාපත්තියෙන්ද රූප කායයෙන්ද මාර්ගයෙන් හා නාමකායයෙන්ද, යෝග්‍ය පරිදි එම වික්ඛම්භන, සමුච්ඡෙද යන අංශයන්ගෙන් මිදුනු යන අර්ථයි. සර්වප්රකාර රාගාදී ඊවලින් තොර නිසා විසල්ලං කාමාදී යෝගයන් මනාව ක්ෂීණ බවට පත්වූ බැවින් ඛීණසංයොගං වේ. සුපරිශුද්ධ වූ ත්‍රිවිද්‍යාවන් අවබෝධ කරගත් බැවින් තෙවිජ්ජං මාරයා විනාශකළ බැවින් මච්චුහායිනං බලන්නයැයි යෙදිය යුතු.
එතෙ සම්බහුලාතිආදිකා ගාථා ආයස්මතා සාරිපුත්තත්ථෙරෙන මහාමොග්ගල්ලානත්ථෙරං පසංසන්තෙන වුත්තා. තත්ථ පූජිතො නරදෙවෙනාති නරෙහි ච දෙවෙහි ච පරමාය පූජාය පූජිතො. උප්පන්නො මරණාභිභූති ලොකෙ උප්පන්නො හුත්වා මරණං අභිභවිත්වා ඨිතො. අථ වා පූජිතො නරදෙවෙන සම්මාසම්බුද්ධෙන කාරණභූතෙන අරියාය ජාතියා උප්පන්නො. සම්මාසම්බුද්ධො හි පඨමං කම්මුනා නරො මනුස්සො හුත්වා පච්ඡාපි අරියාය ජාතියා උත්තමො දෙවො දෙවාතිදෙවො අහොසි, තස්මා “නරදෙවො”ති වුච්චති. පූජිතො නරදෙවෙන භගවතා පසංසාවසෙන උප්පන්නො මරණාභිභූතෙ ලොකෙ උප්පන්නො හුත්වා මරණාභිභූ මච්චුහායී. පුණ්ඩරීකංව තොයෙන උදකෙන පුණ්ඩරීකං විය සඞ්ඛාරගතෙ තණ්හාදිට්ඨිලෙපෙන න උපලිම්පති, කත්ථචිපි අනිස්සිතොති අත්ථො.
එතෙ සම්බහුලා ආදී ගාථාවන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් මහමුගලන් තෙරුන්ට පැසසීම සඳහා කියන ලදී. එහි පූජිතො නරදෙවෙන යනු මිනිසුන් හා දෙවියන් විසින් උතුම් පූජාවෙන් පුදන ලද. උප්පණ්ණො මරණාභිභූ යනු ලෝකයේ ඉපිද මරණය පරාජය කොට සිටියේ නැතහොත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ගරුකිරීමේ හේතුවෙන් ආර්ය ජාතියෙහි උපන් බුදුරජාණන් වහන්සේ වනාහි පළමු කර්මයෙන් මිනිසෙක්ව පසුව ආර්ය ජාතියෙන් උතුම් දෙවියෙක්, දෙවියන්ගෙන් දෙවියෙක් විය. ඒ නිසා නරදෙව යැයි කියනු ලැබේ. පූජිතො නරදෙවෙන යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසා වශයෙන් උප්පන්නෙ මරණය විසින් මැඩගත් ලෝකයෙහි ඉපිද මරණාභිභූ මාරයා නසන, පුණ්ඩරීකංව තොයෙන ජලයෙන් නෙලුමක මෙන්. සංස්කාරගත වූ තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ නොවේ. න උපලිම්පති කිසිතැනක එක්වූයේ නොවේ යන අර්ථයි.
යස්සාති යෙන. මුහුත්තෙති ඛණමත්තෙ කාලෙ. සහස්සධාති සහස්සපකාරො. ලොකොති ඔකාසලොකො. අයඤ්හෙත්ථ අත්ථො – යෙන මහිද්ධිකෙන ආයස්මතා මහාමොග්ගල්ලානෙන සහස්සිලොකධාතු ඛණෙනෙව සම්මදෙව විදිතො, පච්චක්ඛතො ඤාතො සබ්රහ්මකප්පො මහාබ්රහ්මසදිසො ආවජ්ජනාදිවසීභාවප්පත්තියා ඉද්ධිසම්පදාය චුතූපපාතෙ ච වසී. කාලෙ පස්සතීති තදනුරූපෙ කාලෙ දිබ්බෙන චක්ඛුනා දෙවතා පස්සතීති.
යස්ස යමකු විසින් මුහුත්තෙ ක්ෂණයක් වැනි කාලයකදී සහස්සධා දහසක් ආකාර ලොකො යනු අවකාස ලෝකයයි. මේ එහි අර්ථය යයි. යම් ඒ මහා ඍද්ධිමන්ත වූ ආයුෂ්මත් මුගලන් තෙරුන් විසින් සහශ්‍රයක් ලෝකධාතුන් ක්ෂණයකින් මනාව විදිතො ප්රත්යක්ෂ වශයෙන් දැනගත්තේ. සබ්රහ්මකප්පො මහා බ්‍රහ්මයා සමාන ආවර්ජනා ආදියෙහි වසීබවට පත්වීමෙන් ලත් ඍද්ධියෙන් චුතවන උපදින සත්ත්වයන්ද වසීකාලෙ පස්සති යනු එයට අනුරූප කාලයෙහි දිවැසින් දෙවියන් දකී.
සාරිපුත්තොවාතිආදිකා ගාථා ආයස්මතා මහාමොග්ගල්ලානෙන අත්තනො ගුණෙ පකාසෙන්තෙන වුත්තා. තත්ථ සාරිපුත්තොවාති ගාථාය අයං සඞ්ඛෙපත්ථො – පඤ්ඤාය පඤ්ඤාසම්පදාය, සීලෙන සීලසම්පත්තියා, උපසමෙන කිලෙසවූපසමෙන, යො භික්ඛු පාරඞ්ගතො පාරං පරියන්තං උක්කංසං ගතො සො සාරිපුත්තො සාවකෙහි පඤ්ඤාදීහි ගුණෙහි පරමුක්කංසගතො. පඤ්ඤාය සීලෙන හි පරමුක්කංසගතො. එතාවපරමො සියා එතපරමො එව, නත්ථි තතො උත්තරීති. ඉමං පන ථෙරො යථා සාරිපුත්තො පඤ්ඤාය උත්තමො, තථා අහං සමාධිනා උත්තමොති දීපෙතුං අවොච. තෙනෙවාහ “කොටිසතසහස්සස්සා”තිආදි.
සාරිපුත්තො ආදී ගාථා ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින් තමන්ගේ ගුණයන් ප්‍රකාශ කරන්නහු විසින් කියන ලදී. එහි සාරිපුත්තො වා යනාදී ගාථාවේ මේ කෙටි අර්ථයයි. පඤ්ඤාය ප්‍රඥා සම්පදාවෙන් සීලෙන ශීල සම්පත්තියෙන් උපසමෙන කෙලෙසුන් සංසිඳීමෙන් යම් භික්ෂුවක් පාරංගතො පරතෙරට, උසස් තත්ත්වයට ගියේද ඒ සාරිපුත්තො සැරියුත් තෙරුන්ය. ශ්‍රාවකයන් විසින් ප්‍රඥා ආදී ගුණයන්ගෙන් අතිශයින් උසස්ම තත්ත්වයට ගියේ ප්‍රඥාවෙන්ද ශීලයෙන්ද උසස්ම තත්ත්වයට ගියේ. එතාව පරමො සියා යනු මේ උතුම්ම වේ. එයට වඩා උතුම්, උසස් කෙනෙක් නැත. මේ තෙරුන් වහන්සේ වනාහි යම්සේ සැරියුත් තෙරුන් වහන්සේ ප්‍රඥාවෙන් උතුම්ද එපරිද්දෙන් මම සමාධියෙන් උසස්යැයි දැක්වීම සඳහා කියන ලදී. ඒ නිසා කියන ලදී.
තත්ථ ඛණෙන නිම්මිනෙති ඛණෙනෙව කොටිසතසහස්සඅත්තභාවං නිම්මිනෙය්ය නිම්මිතුං සමත්ථො. තස්ස නිම්මිනනෙ න මය්හං භාරො අත්ථි. විකුබ්බනාසු කුසලො, වසීභූතොම්හි ඉද්ධියාති න කෙවලං මනොමයවිකුබ්බනාසු එව, සබ්බායපි ඉද්ධියා වසීභාවප්පත්තො අම්හි.
කොටි සත සහස්ර ආදිය එහි ඛණෙන නිම්මිනෙ යනු ක්ෂණයකින් කොටිසතසහශ්ර ආත්මභාවයන් නිර්මාණය කරන්නේය. නිර්වාණය කරන්නට සමත් වෙයි. ඒ නිර්මාණයෙහි මට බරක් නැත. විකුබ්බනාසු කුසලො වසී භූතොම්හි ඉද්ධියා යනු හුදෙක් මනොමය විකුබ්බනයන්හි පමණක් නොව සියළුම ඉද්ධියා ඍද්ධීන්ගේ වශීබවට පත්වූයේ.
සමාධිවිජ්ජාවසිපාරමීගතොති සවිතක්කසවිචාරාදිසමාධීසු චෙව පුබ්බෙනිවාසඤාණාදිවිජ්ජාසු ච වසීභාවෙන පාරමිං කොටිං පත්තො අසි. තස්ස තණ්හානිස්සයාදිරහිතස්ස සත්ථු සාසනෙ යථාවුත්තෙහි ගුණෙහි උක්කංසගතො. ධිතිසම්පන්නතාය ධීරො, මොග්ගල්ලානගොත්තො මොග්ගල්ලානො, සුට්ඨු ඨපිතඉන්ද්රියතාය සමාහිතින්ද්රියො, යථා හත්ථිනාගො පූතිලතාබන්ධනං සුඛෙනෙව ඡින්දති, එවං සකලං කිලෙසබන්ධනං සමුච්ඡින්දි එවාති.
අම්හි සමාධි විජ්ජාවසී පාරමිං ගතො සවිතක්ක, සවිචාරාදි අංගයන්ගෙන් යුත් සමාධීන්හිද පූර්වේනිවාසඅනුස්මෘති ඥානය ආදියෙහිද වසීබවට පත්වූ පරතෙරට ගිය. අසි තස්ස තණ්හා නිස්සය රහිත වූ ශාස්තෲන් වහන්සේගේ සාසනෙ සසුනෙහි ඉහත කියන ලද ගුණයන්ගෙන් උසස්ම තත්ත්වයට ගියේ ඨිතියෙන් යුක්ත බැවින් ධීරො මොග්ගල්ලානො ධීර වූ මුගලන් තෙරුන් වහන්සේ, ගොත්‍රයෙන් මොග්ගල්ලාන මනාව සතුටට පත් ඉන්ද්රියයන් ඇති බැවින් සමාහිතින්ද්රියො යථා හත්ථි නාගො පුතිලතාබන්ධනං පහසුවෙන් සිඳ දමයි. එපරිද්දෙන් සියළු කෙලෙස් බැමි සමුච්ඡින්දි - මුලිනුපුටා දැම්මේය යනුයි.
කීදිසො නිරයො ආසීතිආදයො ගාථා කොට්ඨං අනුපවිසිත්වා නික්ඛමිත්වා ඨිතමාරං තජ්ජෙන්තෙන ථෙරෙන වුත්තා. තත්ථ කීදිසොති කිංපකාරො. යත්ථ දුස්සීති යස්මිං නිරයෙ “දුස්සී”ති එවංනාමො මාරො. අපච්චථාති නිරයග්ගිනා අපච්චි. විධුරං සාවකන්ති විධුරං නාම කකුසන්ධස්ස භගවතො අග්ගසාවකං. ආසජ්ජාති ඝට්ටයිත්වා බාධිත්වා. කකුසන්ධඤ්ච බ්‍රාහ්මණන්ති කකුසන්ධඤ්ච සම්මාසම්බුද්ධං ආසජ්ජාති අත්ථො. භගවන්තං උද්දිස්ස කුමාරං ආවිසිත්වා මාරෙන ඛිත්තා සක්ඛරා ථෙරස්ස සීසෙ පති.
කීදියො නිරයො ආසි (කෙබඳු නිරයක් වීද?) ආදී ගාථාවන් කුටියට නොපැමිණ නික්ම සිටියා වූ මාරයාට තර්ජනය කරන්නා වූ තෙරුන් විසින් කියන ලදී. එහි කීදිසො කෙබඳු යත්ථදුස්සී යම් නිරයක දුස්සී මෙබඳු නමක් ඇති මාරයා අපච්චථා යනු නිරා ගින්නෙන් දැවුනේය. විධුරං සාවකං යනු විධුර නම් වූ කකුසඳ බුදුන්ගේ අග්‍රශ්‍රාවකයන් ආසජ්ජ යනු පහරදී, බාධාකර, කකුසන්ධඤ්ච බ්රාහ්මණං කකුසන්ධ නම් බුදුන්ට පහරදී යන අර්ථයි. කුමාරයාට ආවේශ වී බුදුන්වෙත දැමූ ගල් තෙරුන්ගේ හිසට වැටුනේය.
සතං ආසි අයොසඞ්කූති තස්මිං කිර නිරයෙ උපපන්නානං තිගාවුතො අත්තභාවො හොති, දුස්සීමාරස්සාපි තාදිසොව අහොසි. අථ නිරයපාලා තාලක්ඛන්ධප්පමාණානං අයොසූලානං ආදිත්තානං සම්පජ්ජලිතානං සජොතිභූතානං සතමෙව ගහෙත්වා “ඉමස්මිංව තෙ ඨානෙ ඨිතෙන හදයෙන චින්තෙත්වා පාපං කත”න්ති සුධාදොණියං සුධං කොට්ටෙන්තා විය හදයමජ්ඣං කොට්ටෙත්වා පණ්ණාස ජනා පාදාභිමුඛා, පණ්ණාස ජනා සීසාභිමුඛා කොට්ටෙන්තා ගච්ඡන්ති, එවං ගච්ඡන්තා ච පඤ්චහි වස්සසතෙහි උභො අන්තෙ පත්වා පුන නිවත්තමානා පඤ්චහි වස්සසතෙහි හදයමජ්ඣං උපගච්ඡන්ති, තං සන්ධාය වුත්තං “සතං ආසි අයොසඞ්කූ”ති. සබ්බෙ පච්චත්තවෙදනාති සයමෙව පාටියෙක්කවෙදනාජනකා. සා කිර වෙදනා මහානිරයවෙදනාතො දුක්ඛතරා හොති, යථා හි සිනෙහපානසත්තාහතො පරිහාරසත්තාහං දුක්ඛතරං, එවං මහානිරයදුක්ඛතො උස්සදෙ වුට්ඨානවෙදනා දුක්ඛතරා. ඊදිසො නිරයො ආසීති ඉමස්මිං ඨානෙ දෙවදූතසුත්තෙන (අ· නි· 3.36; ම· නි· 3.261) නිරයො දීපෙතබ්බො.
සතං ආසි අයොසංකු යනු ඒ නිරයේ වනාහි උපන්නවුන්ට ගව්තුනක් දිග ආත්මභාවයක් ඇත්තේය. දුස්සි මාරයාටදි එබඳුම විය. ඉක්බිති නරපල්ලෝ තල්කඳක් පමණ වූ ගිනිගෙන දිලිසෙන යකඩ උල් සියයක් ගෙන මෙතැන පිහිටියා වූ තාගේ හදවතින් සිතා පව්කරන ලදැයි අමා දෙණක අමාව කළඹන්නාක් මෙන් හදවත මැද කලතා පනස්දෙනෙක් පාදාන්තය දක්වාත් පනස් දෙනෙක් සීසාන්තය දක්වාත් කොටමින් යත්. මෙසේ යන්නාහු වර්ෂ පන්සියයකින් දෙකලවරට පැමිණ නැවත නතරවී වර්ෂ පන්සියයකින් හදවත මැදට පැමිණෙත්. ඒ සඳහා කියන ලදී. ‘සතං ආසි අයොසංකු’ සබ්බෙ පච්චත්තවෙදනා වෙන් වෙන් වූ වේදනාවන් ඇතිකරන. ඒ වේදනා වනාහි මහා නිරයේ ඇති වේදනාවන්ට වඩා දුක් සහිතය. යම්සේ වනාහි තෙල්පානය කරන දවස් හතෙන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු දවස් හත අතිශයින් දුකයි. මෙසේ මහානිරයේ දුකට වඩා උස්සද නරකයේ හටගන්නා වේදනාව අතිශයින් දුක් සහගතය. ඊදිසො නිරයො ආසි යනු මේ ස්ථානයේ දේවදූත සූත්‍රයෙන් නිරයේ විස්තර දැක්විය යුතුය.
යො එතමභිජානාතීති යො මහාභිඤ්ඤො එතං කම්මඵලඤ්ච හත්ථතලෙ ඨපිතආමලකං විය අභිමුඛං කත්වා පච්චක්ඛතො ජානාති. භික්ඛු බුද්ධස්ස සාවකොති භින්නකිලෙසො භික්ඛු සම්මාසම්බුද්ධස්ස සාවකො. කණ්හ, දුක්ඛං නිගච්ඡසීති එකන්තකාළකෙහි පාපධම්මෙහි සමන්නාගතත්තා, කණ්හ මාර, දුක්ඛං වින්දිස්සසි.
යො එතම්භිජනානාති යනු යම් ඒ අභිඤ්ඤාලාභියා මේ කර්මඵලය අතැඹුලක් සේ ඉදිරිපිට තබා ප්රත්යක්ෂ වශයෙන් දැනගනී. භික්ඛු බුද්ධස්ස සාවකො යනු බිඳ දැමූ කෙලෙස් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක. කණ්හ දුක්ඛං නිගච්ඡසි යනු ඒකාන්ත වශයෙන් දුර්වර්ණ වූ පාප ධර්මයන්ගෙන් යුක්ත නිසා කණ්හ! නම් වූ එම්බා මාරය! දුක් විඳින්නෙහි.
මජ්ඣෙසරස්මින්ති මහාසමුද්දස්ස මජ්ඣෙ කිර උදකං වත්ථුං කත්වා නිබ්බත්තවිමානානි කප්පට්ඨිතිකානි හොන්ති. තෙනාහ “විමානා කප්පඨායිනො”ති. තෙසං වෙළුරියස්ස විය වණ්ණො හොති, පබ්බතමත්ථකෙ ජලිතනළග්ගිඛන්ධො විය ච එතෙසං අච්චියො ජොතන්ති, තෙන තෙ අතිවිය පභස්සරා පභාසම්පන්නා හොන්ති. තෙනාහ “වෙළුරියවණ්ණා රුචිරා, අච්චිමන්තො පභස්සරා”ති. පුථු නානත්තවණ්ණියොති නීලාදිවසෙන නානත්තවණ්ණා බහූ අච්ඡරා තත්ථ තෙසු විමානෙසු නච්චන්ති.
මජ්ඣෙ සරස්ස යනු මහා සමුද්‍රයේ මැද වනාහි ජලය වස්තුකොට නිර්මාණය වූ විමාන කල්ප ගණන් පවතින්නේ වෙයි. ඒ නිසා කීය. ‘විමානා කප්පට්ඨායිනො’ (කල්ප ගණන් පවත්නා විමාන) ඔවුන්ගේ වනාහි වෙරළු මිණිවන් පැහැ ඇත. පර්වතයක් මුදුනේ දිලිසෙන ගිනිගොඩක් මෙන් මොවුන්ගේ ආලෝකය දීප්තියෙන් බබලත්. ඒ නිසා ඔවුහු අතිශයින් පැහැපත්ය. බබලන්නෝය. ඒ නිසා කීය. වෙළුරියවණ්ණරුචිරා අච්චිමන්තො පභස්සරා. (වෙරළු මිණි වැනි ප්‍රභාශ්වර ආලෝකයෙන් යුක්ත වූවාහු) පුථුනානත්තවණ්ණියො යනු නීලාදී වශයෙන් නොයෙක් වර්ණයෙන් යුත් බොහෝ අප්සරාවෝ එහි ඒ විමානවල නටත්.
යො එතමභිජානාතීති යො එතං විමානං වත්ථුං පච්චක්ඛං කත්වා ජානාති. අයඤ්හි අත්ථො විමානපෙතවත්ථූහි දීපෙතබ්බො.
යො එතම්භිජානාති යනු යමෙක් මේ විමානවත්ථුව ප්රත්යක්ෂ ලෙස දනීද යන මේ අර්ථය විමානවත්ථු, පේතවත්ථු ආදියෙන් දැක්විය යුතුය.
බුද්ධෙන චොදිතොති සම්මාසම්බුද්ධෙන චොදිතො උය්යොජිතො. භික්ඛුසඞ්ඝස්ස පෙක්ඛතොති මහතො භික්ඛුසඞ්ඝස්ස පස්සන්තස්ස. මිගාරමාතුපාසාදං පාදඞ්ගුට්ඨෙන කම්පයීති (ම· නි· 1.513) පුබ්බාරාමෙ විසාඛාය මහාඋපාසිකාය කාරිතං සහස්සගබ්භපටිමණ්ඩිතං මහාපාසාදං අත්තනො පාදඞ්ගුට්ඨෙන කම්පෙසිං. එකස්මිඤ්හි සමයෙ පුබ්බාරාමෙ යථාවුත්තපාසාදෙ භගවති විහරන්තෙ සම්බහුලා නවකතරා භික්ඛූ උපරිපාසාදෙ නිසින්නා සත්ථාරම්පි අචින්තෙත්වා තිරච්ඡානකථං කථෙතුමාරද්ධා, තං සුත්වා භගවා තෙ සංවෙජෙත්වා අත්තනො ධම්මදෙසනාය භාජනභූතෙ කාතුකාමො ආයස්මන්තං මහාමොග්ගල්ලානත්ථෙරං ආමන්තෙසි – “පස්සසි ත්වං, මොග්ගල්ලාන, නවෙ භික්ඛූ තිරච්ඡානකථමනුයුත්තෙ”ති. තං සුත්වා ථෙරො සත්ථු අජ්ඣාසයං ඤත්වා අභිඤ්ඤාපාදකං ආපොකසිණාරම්මණං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය “පාසාදස්ස පතිට්ඨිතොකාසං උදකං හොතූ”ති අධිට්ඨාය පාසාදමත්ථකෙ ථූපිකං පාදඞ්ගුට්ඨෙන පහරි, පාසාදො ඔනමිත්වා එකෙන පස්සෙන අට්ඨාසි. පුනපි පහරි, අපරෙන පස්සෙන අට්ඨාසි. තෙ භික්ඛූ භීතා සංවිග්ගා පාසාදස්ස පතනභයෙන තතො නික්ඛමිත්වා භගවතො සමීපෙ අට්ඨංසු. සත්ථා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා ධම්මං දෙසෙති. තං සුත්වා තෙසු කෙචි සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, කෙචි සකදාගාමිඵලෙ, කෙචි අනාගාමිඵලෙ, කෙචි අරහත්තඵලෙ පතිට්ඨහිංසු. ස්වායමත්ථො පාසාදකම්පනසුත්තෙන දීපෙතබ්බො.
බුද්ධෙන චොදිතො සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යොමුකරන ලද්දේ, උනන්දු කරවන ලද්දේ භික්ඛුසංඝස්ස භික්ෂු සංඝයාට, බලන්නහුට, මිගාරමාතුපාසාදං පාදංගුට්ඨෙන කම්පිසං යනු පූර්වාරාමයේ විශාඛා මහා උපාසිකාව විසින් කරවන ලද දහසක් කාමරවලින් යුත් මහාප්රාසාදය තමාගේ පාඇඟිල්ලෙන් කම්පා කළෙමි. එක් කාලයකදී වනාහි පුබ්බාරාමෙ පූර්වාරාමයෙහි කලින් කියූ ප්‍රාසාදයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින කාලයෙහි බොහෝ නවක භික්ෂූහු මතුමහලෙහි සිටියාහු බුදුන් ගැනද නොසිතා පහත් කථා කතාකරන්නට පටන්ගත්තාහු ඒ බව භාග්‍යවතුන් වහන්සේ අසා ඔවුන්ට දැනුම් දී තමාගේ ධර්ම දේශනාවට කාරණ වූ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේට ඇමතූ සේක. මොග්ගල්ලානය නවක භික්ෂූන් පහත් කථාවන්හි යෙදී සිටිනු දකින්නෙහිද? ඒ අසා තෙරුන් වහන්සේ බුදුන් වහන්ගේ අදහස දැනගෙන අභිඤ්ඤාපාදක කොටගත් ආපො කසිණය අරමුණු කොට චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ප්‍රාසාදය පිහිටි ප්‍රදේශය සම්පූර්ණයෙන් ජලය වේවා’යි අධිෂ්ඨාන කොට ප්‍රාසාදය මතුයේ ඇති කොත් කැරැල්ල පාදයේ ඇඟිල්ලෙන් ස්පර්ශ කළේය. ප්‍රාසාදය එක් පැත්තකට ඇලවී සිටියේය. නැවතත් පාඇඟිල්ලෙන් පහර දුන්විට අනිත් පැත්තට පාත්විය. ඒ භික්ෂූහු භය වූවාහු කලබලයට පත්වූවාහු ප්‍රාසාදය කඩාවැටේය යන බියෙන් එයින් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ගියහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ අදහස බලා ධර්ම දේශනා කළ සේක. ඒ දේශනාව අසා ඔවුනතුරෙන් ඇතැමෙක් සෝවාන් ඵලයෙහි පිහිටියාහ. ඇතැමෙක් සකෘදාගාමී ඵලයෙහි පිහිටියාහ. කෙනෙක් අනාගාමී ඵලයෙහිද කෙනෙක් රහත් බවෙහිද පිහිටියාහ. ඒ මේ අර්ථය පාසාදකම්පන සූත්‍රයෙන් දැක්විය යුතුයි.
වෙජයන්තපාසාදන්ති සො වෙජයන්තපාසාදො තාවතිංසභවනෙ යොජනසහස්සුබ්බෙධො අනෙකසහස්සනිය්යූහකූටාගාරපටිමණ්ඩිතො දෙවාසුරසඞ්ගාමෙ අසුරෙ ජිනිත්වා සක්කෙ දෙවානමින්දෙ නගරමජ්ඣෙ ඨිතෙ උට්ඨිතො විජයන්තෙන නිබ්බත්තත්තා “වෙජයන්තො”ති ලද්ධනාමො පාසාදො, තං සන්ධායාහ “වෙජයන්තපාසාද”න්ති. තම්පි හි අයං ථෙරො පාදඞ්ගුට්ඨෙන කම්පෙසි. එකස්මිඤ්හි සමයෙ භගවන්තං පුබ්බාරාමෙ විහරන්තං සක්කො දෙවරාජා උපසඞ්කමිත්වා තණ්හාසඞ්ඛයවිමුත්තිං පුච්ඡි. තස්ස භගවා විස්සජ්ජෙති. සො තං සුත්වා අත්තමනො පමුදිතො අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා අත්තනො දෙවලොකමෙව ගතො. අථායස්මා මහාමොග්ගල්ලානො එවං චින්තෙසි – “අයං සක්කො භගවන්තං උපසඞ්කමිත්වා එවරූපං ගම්භීරං නිබ්බානපටිසංයුත්තං පඤ්හං පුච්ඡි, භගවතා ච පඤ්හො විස්සජ්ජිතො, කින්නු ඛො ජානිත්වා ගතො, උදාහු අජානිත්වා? යංනූනාහං දෙවලොකං ගන්ත්වා තමත්ථං ජානෙය්ය”න්ති. සො තාවදෙව තාවතිංසභවනං ගන්ත්වා සක්කං දෙවානමින්දං තමත්ථං පුච්ඡි. සක්කො දිබ්බසම්පත්තියා පමත්තො හුත්වා වික්ඛෙපං අකාසි. ථෙරො තස්ස සංවෙගජනනත්ථං වෙජයන්තපාසාදං පාදඞ්ගුට්ඨෙන කම්පෙසි. තෙන වුත්තං –
වෙජයන්තං පාසාදං ඒ වෛජයන්ත ප්‍රාසාදය තව්තිසා භවනයෙහි යොදුන් දහසක් උස නොයෙක් දහස් ගණන් උඩට නැගුණු කුළුගෙවල්වලින් යුක්ත වූයේ සුරාසුර යුද්ධයේ දී අසුරයන් පරාජයකොට ශක්‍ර දේවේන්ද්‍රයා නගරය මැද සිටි කල්හි, ජයග්‍රහණය අවසානයේ හටගත් බැවින් වෛජයන්ත යැයි ලබන ලද නම් ඇති ප්‍රාසාදය ඒ ගැන මෙසේ කීය. ‘වෛජයන්ත පාසාදං’ කියා. එයද මේ තෙරුන් වහන්සේ ඇඟිල්ලෙන් කම්පා කළේය. එක් කාලයකදී පූර්වාරාමයේ වැඩසිටින භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ශක්‍ර දේවේන්ද්‍රයා තණ්හා සංඛය විමුත්තිය පිළිබඳව විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ ප්රශ්නය විසඳා දුන් සේක. ඔහු එය අසා සතුටු සිත් ඇත්තේ, ප්රමෝදයට පැමිණියේ නමස්කාර කොට ප්රදක්ෂිණා කොට තමන්ගේ දෙව්ලොවටම ගියේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානො මහමුගලන් තෙරුන් වහන්සේ මෙසේ සිතීය. මේ ශක්‍රයා බුදුන් වෙත පැමිණ මෙබඳු වූ ගැඹුරු නිර්වාණය හා බැඳි ප්‍රශ්නයක් විචාළේය. භාග්‍යවතුන් වහන්සේද ඔහුට ප්රශ්නය විසඳා දුන් සේක. කිම? විසඳුම තේරුම්ගෙන ගියාද? නැද්ද? ඉදින් මම දෙව්ලොවට ගොස් එම අර්ථය දැනගන්නෙම් නම් යෙහෙකි. උන්වහන්සේ එකෙනෙහිම තව්තිසා දෙව්ලොවට ගොස් ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ඒ බව විචාළේය. ශක්‍රය දිව්‍ය සම්පත්තියෙන් ප්‍රමාද වූයේ කැලඹිල්ලට පත්විය. තෙරුන් වහන්සේ ඔහුට කලකිරිම ඇතිකිරීම පිණිස වෛජයන්ත ප්‍රාසාදය පාඇඟිල්ලෙන් සෙලවීය. ඒ නිසා කියන ලදී.
“යො වෙජයන්තපාසාදං, පාදඞ්ගුට්ඨෙන කම්පයි; ඉද්ධිබලෙනුපත්ථද්ධො, සංවෙජෙසි ච දෙවතා”ති. (ම· නි· 1.513)
‘යමෙක් වෛජයන්ත ප්‍රාසාදය පාඇඟිල්ලෙන් සෙලවීද ඍද්ධි බලයෙන් සම්පූර්ණ වූයේ දෙවියන් දැනුවත් කළේය.’
අයං පනත්ථො චූළතණ්හාසඞ්ඛයවිමුත්තිසුත්තෙන (ම· නි· 1.390 ආදයො) දීපෙතබ්බො. කම්පිතාකාරො හෙට්ඨා වුත්තොයෙව.
මේ අර්ථය වනාහි චූල තණ්හා සංඛය විමුත්ති සූත්‍රයෙන් දැක්විය යුතුයි. කම්පා වූ ආකාරය ඉහත දක්වන ලදී.
සක්කං සො පරිපුච්ඡතීති යථාවුත්තමෙව ථෙරස්ස තණ්හාසඞ්ඛයවිමුත්තිපුච්ඡං සන්ධාය වුත්තං. තෙනාහ “අපි, ආවුසො, ජානාසි, තණ්හක්ඛයවිමුත්තියො”ති. තස්ස සක්කො වියාකාසීති ඉදං ථෙරෙන පාසාදකම්පනෙ කතෙ සංවිග්ගහදයෙන පමාදං පහාය යොනිසො මනසි කරිත්වා පඤ්හස්ස බ්යාකතභාවං සන්ධාය වුත්තං. සත්ථාරා දෙසිතනියාමෙනෙව හි සො තදා කථෙසි. තෙනාහ “පඤ්හං පුට්ඨො යථාතථ”න්ති. තත්ථ සක්කං සො පරිපුච්ඡතීති සක්කං දෙවරාජං සො මොග්ගල්ලානත්ථෙරො සත්ථාරා දෙසිතාය තණ්හාසඞ්ඛයවිමුත්තියා සම්මදෙව ගහිතභාවං පුච්ඡි. අතීතත්ථෙ හි ඉදං වත්තමානවචනං. අපි, ආවුසො, ජානාසීති, ආවුසො, අපි ජානාසි, කිං ජානාසි? තණ්හක්ඛයවිමුත්තියොති යථා තණ්හාසඞ්ඛයවිමුත්තියො සත්ථාරා තුය්හං දෙසිතා, තථා කිං ජානාසීති පුච්ඡි. තණ්හක්ඛයවිමුත්තියොති වා තණ්හාසඞ්ඛයවිමුත්තිසුත්තස්ස දෙසනං පුච්ඡති.
සක්කං සො පරිපුච්ඡති යනු යම්සේ කියන ලදද තෙරුන් වහන්සේගේ තණ්හා සංඛය විමුත්තිය පිළිබඳ ප්‍රශ්න විචාරය අරභයා කියන ලදී. එයින් කියන ලදී. ඇවැත්නි! තණ්හක්ඛය විමුත්තිය දන්නෙහිද? තස්සසක්කො වියාකාසි යනු මේ තෙරුන් විසින් ප්‍රාසාදය සෙළවූ කල්හි කම්පා වූ හදවතින් යුක්තව ප්‍රමාදය අත්හැර දමා නුවණින් මෙනෙහි කර ප්රශ්නය විසඳූ ආකාරය පිළිබඳව කියන ලදී. ඔහු එදා ශාස්තෲන් වහන්සේ දේශනා කළ විලාසයෙන්ම ප්‍රකාශ කළේය. ඒ නිසා ‘පඤ්හං පුට්ඨො යථා තථං’ යැයි කීය. එහි සක්කං සො පරිපුච්ඡති. ඒ මුගලන් තෙරුන් වහන්සේ, ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද තණ්හා සංඛය විමුත්තිය පිළිබඳ දේශනාව නියම ලෙස වටහා ගත්තේදැයි ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විචාළේය. මේ අතීත අර්ථයෙහි වර්තමාන වචනයයි. අපි ආවුසො ජානාසි ඇවැත්නි! දන්නේද? කුමක් දන්නේද? තණ්හක්ඛය විමුත්තියො යනු යම්සේ ශාස්තෲන් වහන්සේ විසින් නුඹට තණ්හා සංඛය විමුත්තිය දේශනා කළේද එය ඒ අයුරින් වටහා ගත්තේදැයි විචාළේය. තණ්හක්ඛය විමුත්තිය හෝ තණ්හා සංඛය විමුත්ති සූත්‍ර දේශනාව ගැන විචාරයි.
බ්රහ්මානන්ති මහාබ්රහ්මානං. සුධම්මායං ඨිතො සභන්ති සුධම්මාය සභාය. අයං පන බ්රහ්මලොකෙ සුධම්මසභාව, න තාවතිංසභවනෙ, සුධම්මසභාවිරහිතො දෙවලොකො නාම නත්ථි. අජ්ජාපි ත්යාවුසො, සා දිට්ඨි, යා තෙ දිට්ඨි පුරෙ අහූති ඉමං බ්රහ්මලොකං උපගන්තුං සමත්ථො නත්ථි කොචි සමණො වා බ්රාහ්මණො වා, සත්ථු ඉධාගමනතො පුබ්බෙ යා තුය්හං දිට්ඨි අහොසි, කිං අජ්ජාපි ඉදානිපි සා දිට්ඨි න විගතාති? පස්සසි වීතිවත්තන්තං, බ්රහ්මලොකෙ පභස්සරන්ති බ්රහ්මලොකෙ වීතිපතන්තං මහාකප්පිනමහාකස්සපාදීහි සාවකෙහි පරිවාරිතස්ස තෙජොධාතුං සමාපජ්ජිත්වා නිසින්නස්ස සසාවකස්ස භගවතො ඔභාසං පස්සසීති අත්ථො. එකස්මිඤ්හි සමයෙ භගවා බ්රහ්මලොකෙ සුධම්මාය සභාය සන්නිපතිත්වා සන්නිසින්නස්ස – “අත්ථි නු ඛො කොචි සමණො වා බ්රාහ්මණො වා එවංමහිද්ධිකො, යො ඉධ ආගන්තුං සක්කුණෙය්යා”ති චින්තෙන්තස්ස බ්රහ්මුනො චිත්තමඤ්ඤාය තත්ථ ගන්ත්වා බ්රහ්මුනො මත්ථකෙ ආකාසෙ නිසින්නො තෙජොධාතුං සමාපජ්ජිත්වා ඔභාසං මුඤ්චන්තො මහාමොග්ගල්ලානාදීනං ආගමනං චින්තෙසි. සහ චින්තනෙන තෙපි තත්ථ ගන්ත්වා සත්ථාරං වන්දිත්වා සත්ථු අජ්ඣාසයං ඤත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා පච්චෙකදිසාසු නිසීදිත්වා ඔභාසං විස්සජ්ජිත්වා සකලබ්රහ්මලොකො එකොභාසො අහොසි. සත්ථා බ්රහ්මුනො කල්ලචිත්තතං ඤත්වා චතුසච්චපකාසනං ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ අනෙකානි බ්රහ්මසහස්සානි මග්ගඵලෙසු පතිට්ඨහිංසු, තං සන්ධාය චොදෙන්තො “අජ්ජාපි ත්යාවුසො, සා දිට්ඨී”ති ගාථමාහ. අයං පනත්ථො බකබ්රහ්මසුත්තෙන දීපෙතබ්බො. වුත්තඤ්හෙතං (සං· නි· 1.176) –
බ්රහ්මානං යනු මහා බ්‍රහ්මයාට. සුධම්මාය ඨිතො සභං යනු සුධර්මා සභාවෙහි. මේ වනාහි බ්‍රහ්ම ලෝකයෙහි සුධර්මා සභාවය. තව්තිසා දෙව්ලොව නොවේ. සුදම් සභාවක් නැති දෙව්ලොවක් නැත්තේය. අජ්ජාපිතෙ ආවුසො සාදිට්ඨි යා තෙ දිට්ඨි පුරෙ අහූ මේ බ්‍රහ්මලෝකයට එන්නට සමත් කිසිම ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නැත. ශාස්තෲන් වහන්සේ මෙහි වැඩමවීමට පෙර ඔබගේ යම් දෘෂ්ටියක් පැවතියේද? කිම! අදත් දැනුත් ඒ දෘෂ්ටිය පහවූයේ නැද්ද? පස්සසි වීතිවත්තංනකං බ්රහ්මලොකෙ පභස්සරං යනු බ්‍රහ්ම ලෝකයෙහි ගතකරන මහාකප්පින මහාකස්සප ආදී ශ්‍රාවකයන් පිරිවරාගෙන තේජෝ ධාතුවට සමවැද, ශ්‍රාවකයන් සමග සිටින්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ආලෝකය පෙනෙන්නෙහිද? නැද්ද යන අර්ථයි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සුධර්මා සභාවෙහි රැස්වී සිට, කිම මෙහි පැමිණෙන්ට සමර්ථ මහා ඍද්ධි ඇති ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් සිටීද කියා සිතන්නා වූ බ්‍රහ්මයාගේ සිතිවිල්ල දැනගෙන එහි ගොස් බ්‍රහ්මයාගේ හිස කෙලින් අහසෙහි වැඩසිටියේ තේජෝ ධාතුවට සමවැදී ආලෝකයක් නිකුත් කරමින් මහා මොග්ගල්ලාදීනං මහ මුගලන් තෙරුන් ආදීන්ගේ පැමිණීම ගැන සිතූ සේක. සිතනවාත් සමගම ඔවුහුද එහි ගොස් බුදුන් වැඳ බුදුන්ගේ අදහස තේරුම්ගෙන තේජෝ ධාතුවට සමවැදී වෙන් වෙන් දිසාවල සිට අලෝකය විහිදුවාලූහ. සියළු බ්‍රහ්මලෝකය ඒකාලෝක විය. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ සිත හොඳ බව දැනගෙන චතුරාර්ය සත්‍යය ප්රකාශවන ධර්මය දේශනා කළ සේක. දේශනා කෙළවර දහස් ගණන් බ්‍රහ්මයෝ මාර්ග ඵලයන්හි පිහිටියාහ. ඒ සඳහා චෝදනා කරන්නේ ඇවැත්නි! අදද ඒ දෘෂ්ටියම තිබේද? යනාදී ගාථාව කීය. මේ අර්ථය වනාහි බක බ්‍රහ්ම සූත්‍රයෙන් දැක්විය යුතුයි. මෙසේ කියන ලදී.
“එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස බ්රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති – ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා, යො ඉධ ආගච්ඡෙය්‍යා’ති. අථ ඛො භගවා තස්ස බ්රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො භගවා තස්ස බ්රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙර වැඩවසති. ඒ කාලයෙහි එක්තරා බ්‍රහ්මයකුට මෙබඳු වූ පවිටු දෘෂ්ටියක් ඇතිවිය. එනම් මෙහි එන්නට යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් සමත් නොවේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ සිතෙහි හටගත් සිතිවිල්ල දැනගෙන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලාගෙන සිටිය අතක් දිගහරින්නාක් මෙන්ද දිගහැරිය අතක් හකුලන්නාක් මෙන් දෙව්රම් වෙහෙරින් නික්ම ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ හිස කෙලින් අහසෙහි තේජෝධාතුවට සමවැදී පර්යංකයෙන් සිටියේය.
“අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි – ‘කහං නු ඛො භගවා එතරහි විහරතී’ති? අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පුරත්ථිමං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානස්ස මහමුගලන් තෙරුන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. දැන් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩසිටින සේක්ද? කියා. භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදී බ්‍රහ්මයාගේ මත්තෙහි අහසෙහි පලක් බැඳ වැඩසිටින බව ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ අතිමානුසික පරිශුද්ධ වූ දිවැසින් දුටුවේය. දැක යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අතක් දිගහරින්නාක් මෙන්, දිගහරින ලද අතක් හකුලන්නාක් මෙන් දෙව්රම් වෙහෙරින් අතුරුදහන්ව බ්‍රහ්ම ලෝකයේ පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ පෙරදිග පැත්තෙන් ඒ බ්‍රහ්මයාගේ මත්තෙහි බුදුන් වහන්සේට පහතින් තේජෝ ධාතු සමාපත්තියට සමවැද අහසෙහි පලක් බැඳ වැඩසිටියේය.
“අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි – ‘කහං නු ඛො භගවා එතරහි විහරතී’ති? අද්දසා ඛො ආයස්මා මහාකස්සපො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො…පෙ… එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකස්සපො දක්ඛිණං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප රහතන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. බුදුරජාණන් වහන්සේ දැන් කොහේ වැඩසිටීද කියා. භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදී ඒ බ්‍රහ්මයාගේ හිස මත්තෙහි අහසෙහි පලක්බැඳ වැඩසිටින බව ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අතිමානුෂික වූ පවිත්‍ර වූ දිවැසින් දුටුවේය. එසේ දැක යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන අතක් දිගහරින්නාක් මෙන් දිගහැරිය අතක් හකුලන්නාක් මෙන් දෙව්රම් වෙහෙරින් අන්තර්ධාන වී බ්‍රහ්ම ලෝකයෙහි පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන් වහන්සේ දකුණු දිසාවට වෙන්නට ඒ බ්‍රහ්මයාගේ මත්තෙහි අහසෙහි තේජෝ ධාතුවට සමවැදී පලක් බැඳ වැඩ සිටියේය.
“අථ ඛො ආයස්මතො මහාකප්පිනස්ස එතදහොසි – ‘කහං නු ඛො භගවා එතරහි විහරතී’ති? අද්දසා ඛො ආයස්මා මහාකප්පිනො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො…පෙ… එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකප්පිනො පච්ඡිමං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො. උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ට මෙබඳු අදහසක් ඇතිවිය. දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩසිටීද කියා. භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදී බ්‍රහ්මයාගේ මත්තේ අහසෙහි පලක් බැඳ වැඩසිටින බව අතිමානුෂික වූ ශුද්ධ වූ දිවැසින් දුටුවේය. දැක යම්සේ බලවත් පුරුෂයෙක් දිගුකළ අතක් හකුලන්නාක් මෙන්, හැකිලූ අතක් දිගහරින්නාක් මෙන් දෙව්රම් වෙහෙරින් අතුරුදන්ව ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ විය. ඉක්බිති මහා කප්පින තෙරුන් වහන්සේ පශ්චිම දිශාව පැත්තේ බුදුන්ට පහළින් අහසෙහි තේජෝ ධාතුවට සමවැදී පලක් බැඳ වැඩ සිටියේය.
“අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි – ‘කහං නු ඛො භගවා එතරහි විහරතී’ති? අද්දසා ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො…පෙ… එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි . අථ ඛො ආයස්මා අනුරුද්ධො උත්තරං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්රහ්මානං ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. දැන් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩසිටීද කියා. භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ මත්තෙහි ආකාශයේ තේජෝ ධාතුවට සමවැදී පලක් බැඳ වැඩසිටින බව අතිමානුෂික වූ පරිශුද්ධ වූ දිවැසින් අනුරුද්ධ තෙරුන් වහන්සේ දුටුවේය. දැක යම්සේ බලවත් පුරුෂයෙක් දෙව්රම් වෙහෙරින් අතුරුදන්ව ඒ බ්‍රහ්ම ලෝකයේ පහළ විය. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ උතුරු දිසාවට වෙන්නට ඒ බ්‍රහ්මයාගේ මත්තෙහි ආකාශයෙහි බුදුන්ට පහලින් තේජෝ ධාතුවට සමවැදී පලක්බැඳ වැඩසිටියේය. ඉක්බිති මුගලන් මහතෙරුන් වහන්සේ ඒ බ්‍රහ්මයාට ගාථාවක් ප්‍රකාශ කළේය.
“අජ්ජාපි තෙ ආවුසො සා දිට්ඨි, යා තෙ දිට්ඨි පුරෙ අහු; පස්සසි වීතිවත්තන්තං, බ්රහ්මලොකෙ පභස්සරන්ති.
“ඇවැත්නි, ඔබට පෙර තිබුණු දෘෂ්ටියමද අදත් තිබෙන්නේ? බ්‍රහ්මලෝකයේ පැතිරීයන්නා වූ ආලෝකය දකින්නෙහිද?”
“න මෙ මාරිස සා දිට්ඨි, යා මෙ දිට්ඨි පුරෙ අහු; පස්සාමි වීතිවත්තන්තං, බ්රහ්මලොකෙ පභස්සරං; ස්වාහං අජ්ජ කථං වජ්ජං, අහං නිච්චොම්හි සස්සතො”ති.
උත්තමයාණෙනි! පෙර මා තුළ තිබුණු දෘෂ්ටිය නොවේ අද ඇත්තේ. බ්‍රහ්මලෝකයේ පැතිරී යන්නා වූ ප්‍රභාස්වර ආලෝකය දකිමි. ඒ මම අද වරදක් කළෙමි. මම නිත්‍ය වශයෙන්ම ශාස්වත වෙමි.
“අථ ඛො භගවා තං බ්රහ්මානං සංවෙජෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො…පෙ…
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාට හඟවා යම්සේ බලවත් පුරුෂයෙක්......... -පෙ
එවමෙව තස්මිං බ්රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි. අථ ඛො සො බ්රහ්මා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං ආමන්තෙසි – ‘එහි ත්වං, මාරිස, යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එවං වදෙහි ‘අත්ථි නු ඛො මාරිස මොග්ගල්ලාන, අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවංමහිද්ධිකා එවංමහානුභාවා සෙය්යථාපි භවං මොග්ගල්ලානො, කස්සපො, කප්පිනො, අනුරුද්ධො’”ති. “එවං, මාරිසා”ති ඛො සො බ්රහ්මපාරිසජ්ජො තස්ස බ්රහ්මුනො පටිස්සුත්වා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච – “අත්ථි නු ඛො, මාරිස මොග්ගල්ලාන, අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවංමහිද්ධිකා එවංමහානුභාවා සෙය්යථාපි භවං මොග්ගල්ලානො, කස්සපො, කප්පිනො, අනුරුද්ධො”ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්රහ්මපාරිසජ්ජං ගාථාය අජ්ඣභාසි –
එපරිද්දෙන් බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදන්ව දෙව්රම් වෙහෙරෙහි පහළ වූ සේක. ඉක්බිති ඒ බ්‍රහ්මයා අනික් බ්‍රහ්ම ප්රධානියකුට ආමන්ත්‍රණය කළේය. එම්බා උත්තමය! ආයුෂ්මත් මහමුගලන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගෙන් මෙසේ අසන්න. මහාමොග්ගල්ලානයන් වහන්ස! ස්වාමීනි! මහා මොග්ගල්ලාන, කස්සප, කප්පින, අනුරුද්ධ වැනි තෙරුන් වහන්සේලා හැර මෙබඳු මහානුභාව සම්පන්න ඍද්ධිමත් තවත් බුද්ධ ශ්‍රාවකයෙක් සිටීද? ඉක්බිති ඒ බ්‍රහ්ම නායකයා ඒ බ්‍රහ්මයාට පිළිතුරු දී ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට මෙසේ කීය. මොග්ගල්ලානයන් වහන්ස, මොග්ගල්ලාන, කාශ්‍යප, කප්පින, අනුරුද්ධ වැනි තෙරවරුන් හැර මෙබඳු මහා ඍද්ධි ඇති මහානුභාව සම්පන්න, බුදුන්ගේ වෙනත් ශ්රාවකයන්ද සිටීදැයි ඇසීය. ඉක්බිති ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ ඒ බ්‍රහ්ම පිරිස් නායකයාට ගාථාවකින් ප්‍රකාශ කළේය.
“තෙවිජ්ජා ඉද්ධිපත්තා ච, චෙතොපරියායකොවිදා; ඛීණාසවා අරහන්තො, බහූ බුද්ධස්ස සාවකා”ති.
ත්‍රිවිද්‍යාධාරී ඍද්ධිමත් අනුන්ගේ සිත් දැනගැනීමේ දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයන් වූ බොහෝ ක්ෂීණ වූ ආශ්‍රව ඇති රහතන් වහන්සේලා සිටිති.
“අථ ඛො සො බ්රහ්මපාරිසජ්ජො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා යෙන සො බ්රහ්මා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං බ්රහ්මානං එතදවොච – ආයස්මා, මාරිස මහාමොග්ගල්ලානො එවමාහ –
ඉක්බිති ඒ බන්ම නායකයා ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ ප්රකාශනයට සතුටුවී අනුමෝදන් වී ඒ බ්‍රහ්මයා යම්තැනකද එහි ගියේය. ගොස් ඒ බ්‍රහ්මයාට මෙසේ කීය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කළහ.
“තෙවිජ්ජා ඉද්ධිපත්තා ච, චෙතොපරියායකොවිදා; ඛීණාසවා අරහන්තො, බහූ බුද්ධස්ස සාවකා”ති.
ත්රිවිද්යාධාරි ඍද්ධිමත් අනුන්ගේ සිත් දැනගැනීමේ දක්ෂ වූ බුද්ධ ශ්‍රාවකයන් වූ ක්ෂීණ වූ ආශ්‍රව ඇති බොහෝ රහතන් වහන්සේලා සිටිති යැයි,
“ඉදමවොච සො බ්රහ්මපාරිසජ්ජො. අත්තමනො ච සො බ්රහ්මා තස්ස බ්රහ්මපාරිසජ්ජස්ස භාසිතං අභිනන්දී”ති.
ඒ බ්‍රහ්ම නායකයා මෙසේ ප්‍රකාශ කළේය. ඉක්බිති සතුටට පත් ඒ බ්‍රහ්මයා බ්‍රහ්ම නායකයාගේ ප්‍රකාශයට සතුටුවිය.
ඉදං සන්ධාය වුත්තං “අයං පනත්ථො බකබ්රහ්මසුත්තෙන දීපෙතබ්බො”ති.
මේ පිළිබඳව කියන ලදී. මේ අර්ථය වනාහි බක බ්‍රහ්ම සූත්‍රයෙන් ගෙනහැර දැක්විය යුතුයි.
මහානෙරුනො කූටන්ති කූටසීසෙන සකලමෙව සිනෙරුපබ්බතරාජං වදති. විමොක්ඛෙන අඵස්සයීති ඣානවිමොක්ඛනිස්සයෙන අභිඤ්ඤාණෙන ඵස්සයීති අධිප්පායො. වනන්ති ජම්බුදීපං. සො හි වනබහුලතාය “වන”න්ති වුත්තො. තෙනාහ “ජම්බුසණ්ඩස්ස ඉස්සරො”ති. පුබ්බවිදෙහානන්ති පුබ්බවිදෙහට්ඨානං, පුබ්බවිදෙහන්ති අත්ථො. යෙ ච භූමිසයා නරාති භූමිසයා නරා නාම අපරගොයානකා ච උත්තරකුරුකා ච මනුස්සා. තෙ හි ගෙහාභාවතො “භූමිසයා”ති වුත්තා. තෙපි සබ්බෙ අඵස්සයීති සම්බන්ධො. අයං පනත්ථො නන්දොපනන්දදමනෙන (විසුද්ධි· 2.396 නන්දොපනන්දනාගදමනකථා) දීපෙතබ්බො –
මහාමෙරුනො කූටං යනු කුළුමුදුනින් සියළුම සිනෙරු පර්වත රාජයාවම කියනු ලැබේ. විමොක්ඛෙන අඵස්සසී යනු ධ්‍යාන විමොක්ෂයෙන් හා අභිඤ්ඤාවෙන් ස්පර්ශ කරයි යන බලාපොරොත්තුවයි. වනං යනු ජම්බුද්වීපයයි. එය වනාහි වනාන්තර බහුල බැවින් ‘වන’ යැයි කියන ලදී. ඒ නිසා කියන ලදී. ‘ජම්බුමණ්ඩස්ස ඉස්සරො’. පුබ්බවිදෙහානං යනු පුබ්බ විදේහයට, යෙච භූමිසයා නරා බිම නිදන මිනිසුන් යනු අපරගොයාන, උත්තරකුරු යන රටවල මිනිස්සු. ඔවුන් වනාහි ගෙවල් නොමැති බැවින් බිම නිදන්නේ යන අර්ථයෙන් භූමිසයා යැයි කියති. ඒ සියල්ලන්ම ස්පර්ශ කළේය කියා සම්බන්ධ වෙයි. මේ අර්ථය වනාහි නන්දොපනන්ද දමනයෙන් දැක්විය යුතුයි.
“එකස්මිං කිර සමයෙ අනාථපිණ්ඩිකො ගහපති භගවතො ධම්මදෙසනං සුත්වා ‘ස්වෙ, භන්තෙ, පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං මය්හං ගෙහෙ භික්ඛං ගණ්හථා’ති නිමන්තෙත්වා පක්කාමි. තංදිවසඤ්ච භගවතො පච්චූසසමයෙ දසසහස්සිලොකධාතුං ඔලොකෙන්තස්ස නන්දොපනන්දො නාම නාගරාජා ඤාණමුඛෙ ආපාථං ආගච්ඡි. භගවා ‘අයං නාගරාජා මය්හං ඤාණමුඛෙ ආපාථං ආගච්ඡති, කිං නු ඛො භවිස්සතී’ති ආවජ්ජෙන්තො සරණගමනස්ස උපනිස්සයං දිස්වා ‘අයං මිච්ඡාදිට්ඨිකො තීසු රතනෙසු අප්පසන්නො, කො නු ඛො ඉමං මිච්ඡාදිට්ඨිතො විමොචෙය්යා’ති ආවජ්ජෙන්තො මහාමොග්ගල්ලානත්ථෙරං අද්දස.
එක් කාලයක අනාථපිණ්ඩික ගෘහපතියා බුදුන්ගේ බණ අසා ස්වාමීනි! හෙට පන්සියයක් භික්ෂූන් සමග මගේ ගෙයි දානය සඳහා වැඩමවන්න යැයි ආරාධනා කොට නික්ම ගියේය. ඒ දවසේම භාග්‍යවතුන් වහන්සේ විසින් අළුයම දසදහසක් ලෝකධාතුව මහා කරුණාවෙන් බලා වදාරන්නේ නන්දොපනන්ද නම් නාගරාජයා නුවණට ඉලක්ක විය. භාග්‍යවතුන් වහන්සේ ‘මේ නාගරාජයා මගේ නුවණට ඉලක්ක වෙයි. කුමක් නම් වන්නේදැ’යි ආවර්ජනා කර බලන්නේ සරණාගමනයට වාසනා ඇති බව දැක ‘මේ මිථ්‍යාදෘෂ්ටිකයා රත්නත්‍රය කෙරෙහි අප්රසන්නය. කවරෙක් නම් මොහුව මිථ්‍යාදෘෂ්ටියෙන් මුදවාගනීදැයි ආවර්ජනා කරන්නේ මහාමුගලන් තෙරුන් වහන්සේව දුටු සේක.
“තතො පභාතාය රත්තියා සරීරපටිජග්ගනං කත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි – ‘ආනන්ද, පඤ්චන්නං භික්ඛුසතානං ආරොචෙහි තථාගතො දෙවචාරිකං ගච්ඡතී’ති. තංදිවසඤ්ච නන්දොපනන්දස්ස ආපානභූමිං සජ්ජයිංසු. සො දිබ්බරතනපල්ලඞ්කෙ දිබ්බෙන සෙතච්ඡත්තෙන ධාරියමානො තිවිධනාටකෙහි චෙව නාගපරිසාය ච පරිවුතො දිබ්බභාජනෙසු උපට්ඨාපිතං අන්නපානවිධිං ඔලොකයමානො නිසින්නො හොති. අථ ඛො භගවා යථා නාගරාජා පස්සති, තථා කත්වා තස්ස විමානමත්ථකෙනෙව පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං තාවතිංසදෙවලොකාභිමුඛො පායාසි.
ඉක්බිති රාත්‍රිය පහන්වූ කල්හි ශරීර කෘත්‍යයන් කොට ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ඇමතීය. ආනන්දය! පන්සියයක් භික්ෂූන්ට දන්වන්න. තථාගතයන් වහන්සේ දේව චාරිකාවේ වඩින්නේය. එදවස නන්දොපනන්ද හට ආහාරපාන සූදානම් කළහ. ඔහු දිව්‍යමය රුවන් පලඟක, දිව්‍යමය ස්වෙත ඡත්රයක් දරන්නේ නාටකයන් තුන්දෙනෙක් විසින්ද නාග පිරිසෙන්ද පිරිවරන ලද්දේ දිව්‍යමය භාජනවල අඩංගු කරන ලද ආහාරපාන ක්රමයන් බලමින් හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නාගරාජයාට පෙනෙන පරිදි කොට එහි ඔහුගේ විමානය මත්තෙන් පන්සියයක් භික්ෂූන් සමග තව්තිසා දෙව්ලොව පැත්තට පිටත්ව වැඩියේය.
“තෙන ඛො පන සමයෙන නන්දොපනන්දස්ස නාගරාජස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති – ‘ඉමෙ හි නාම මුණ්ඩකා සමණකා අම්හාකං උපරිභවනෙන දෙවානං තාවතිංසානං භවනං පවිසන්තිපි නික්ඛමන්තිපි, න ඉදානි ඉතො පට්ඨාය ඉමෙසං අම්හාකං මත්ථකෙ පාදපංසුං ඔකිරන්තානං ගන්තුං දස්සාමී’ති උට්ඨාය සිනෙරුපාදං ගන්ත්වා තං අත්තභාවං විජහිත්වා සිනෙරුං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි ඵණං කත්වා තාවතිංසභවනං අවකුජ්ජෙන ඵණෙන පටිග්ගහෙත්වා අදස්සනං ගමෙසි.
ඒ අවස්ථාවේ නන්දොපනන්ද නාගරාජයාට මෙබඳු පව්කාර සිතිවිල්ලක් ඇතිවිය. මේ මුඩු හිස් ඇති ශ්‍රමණයෝ අපට ඉහල භවනයෙන් තව්තිසා දෙවියන්ගේ භවනයට පිවිසීමට නික්ම යත්. දැන් මින්පසු මොවුන්ට අපේ මත්තේ පා දූවිලි විසුරුවමින් යන්නට නොදෙමියි නැගිට සිනේරු පර්වතයට ගොස් තමාගේ ආත්මභාවය හැරදමා සිනේරු පව්ව හත්වරක් තම දරණයෙන් වටකර මත්තෙහි පෙණය කොට තව්තිසා භවනය පෙණයෙන් වැසීයන සේ සිට අතුරුදන් විය.
“අථ ඛො ආයස්මා රට්ඨපාලො භගවන්තං එතදවොච – ‘පුබ්බෙ, භන්තෙ, ඉමස්මිං පදෙසෙ ඨිතො සිනෙරුං පස්සාමි, සිනෙරුපරිභණ්ඩං පස්සාමි, තාවතිංසං පස්සාමි, වෙජයන්තං පස්සාමි, වෙජයන්තස්ස පාසාදස්ස උපරි ධජං පස්සාමි. කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යං එතරහි නෙව සිනෙරුං පස්සාමි…පෙ… න වෙජයන්තස්ස පාසාදස්ස උපරි ධජං පස්සාමී’ති? අයං, රට්ඨපාල, නන්දොපනන්දො නාම නාගරාජා තුම්හාකං කුපිතො සිනෙරුං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි ඵණෙන පටිච්ඡාදෙත්වා අන්ධකාරං කත්වා ඨිතොති. ‘දමෙමි නං, භන්තෙ’ති. න භගවා නං අනුජානි. අථ ඛො ආයස්මා භද්දියො ආයස්මා රාහුලොති අනුක්කමෙන සබ්බෙපි භික්ඛූ උට්ඨහිංසු. න භගවා අනුජානි.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ. ස්වාමීනි! පෙර මේ ප්‍රදේශයේ සිටින විට සිනෙරු පර්වත වලල්ල දකිමි. තව්තිසාව දකිමි. වෛජයන්තය දකිමි. වෛජයන්ත ප්‍රාසාදයේ මත්තේ ඇති ධජය දකිමි. ස්වාමීනි! කවර හේතුවක් නිසාවෙන් දැන් සිනේරු පව් වලල්ල ආදිය නොදකිමි. රට්ඨපාලය! මේ නන්දොපනන්ද නම් නාගරාජයා ඔබලාට කෝප වී සිනේරු පර්වතය සත්වරක් දරණයෙන් වෙලාගෙන මත්තේ පෙණයෙන් වසාගෙන අඳුරුකොට සිටියේ යැයි වදාළ සේක. ස්වාමීනි! ඔහුව දමනය කරමියි කී නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුදැන වදාළේ නැත. ඉක්බිති ආයුෂ්මත් භද්දිය, ආයුෂ්මත් රාහුල යන තෙරවරුන් පිළිවෙලින් නැගී සිටියාහ. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ නැත.
“අවසානෙ මහාමොග්ගල්ලානත්ථෙරො ‘අහං, භන්තෙ, දමෙමි න’න්ති ආහ. ‘දමෙහි, මොග්ගල්ලානා’ති භගවා අනුජානි. ථෙරො අත්තභාවං විජහිත්වා මහන්තං නාගරාජවණ්ණං අභිනිම්මිනිත්වා නන්දොපනන්දං චුද්දසක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා තස්ස ඵණස්ස මත්ථකෙ අත්තනො ඵණං ඨපෙත්වා සිනෙරුනා සද්ධිං අභිනිප්පීළෙසි. නාගරාජා ධූමායි. ථෙරො ‘න තුය්හංයෙව සරීරෙ ධූමො අත්ථි, මය්හම්පි අත්ථී’ති ධූමායි. නාගරාජස්ස ධූමො ථෙරං න බාධති. ථෙරස්ස පන ධූමො නාගරාජං බාධති. තතො නාගරාජා පජ්ජලි. ථෙරොපි ‘න තුය්හංයෙව සරීරෙ අග්ගි අත්ථි, මය්හම්පි අත්ථී’ති පජ්ජලි. නාගරාජස්ස තෙජො ථෙරං න බාධති, ථෙරස්ස පන තෙජො නාගරාජං බාධති. නාගරාජා ‘අයං මං සිනෙරුනා අභිනිප්පීළෙත්වා ධූමායති චෙව පජ්ජලති චා’ති චින්තෙත්වා, ‘භො, තුවං කොසී’ති පටිපුච්ඡි. අහං ඛො, නන්ද, මොග්ගල්ලානොති. භන්තෙ, අත්තනො භික්ඛුභාවෙන තිට්ඨාහී”ති.
අවසානයේදී ස්වාමීනි! මම ඔහුව දමනය කරන්නෙමියි මහා මුගලන් තෙරුන් වහන්සේ ප්‍රකාශ කළහ. මොග්ගල්ලාන! දමනය කරන්නයැයි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට අවසර දුන් සේක. තෙරුන් වහන්සේ ආත්මභාවය හැර දමා මහත් වූ නාගරාජ රුවක් මවාගෙන නන්දොපනන්දව දාහතර වරක් දරණයෙන් වෙලාගෙන ඔහුගේ පෙණය මතුපිටින් තමාගේ පෙණය තබා සිනෙරු පව්ව සමග මිරිකීය. නාගරාජයා විෂදුම් පිටකළේය. නුඹගේ ශරීරයේ පමණක් නොවෙයි විෂදුම් ඇත්තේ. මටද තිබේයැයි තෙරුන් වහන්සේ දුම් පිම්බේය. නාගරාජයාගේ දුම තෙරුන් වහන්සේට පීඩාවක් නොවීය. තෙරුන්ගේ දුම නාගරාජයා පෙළයි. ඉක්බිති නාගරාජයා දිළිසුණේය. තෙරුන් වහන්සේ, ඔබගේ ශරීරයේ පමණක් නොවෙයි ගිනි ඇත්තේ මගේ ශරිරයේත් තිබේයැයි දිලිසුණේය. නාගරාජයාගේ උණුසුම තෙරුන්ට පීඩාවක් නොවීය. තෙරුන් වහන්සේගේ උණුසුම නාගරාජයා පීඩාවට පත්කළේය. නාගරාජයා, මොහු මා සිනේරුවෙන් තදකොට විෂදුම් නිකුත් කරයි. ගිනි පිටකරයි යැයි සිතා එම්බා! නුඹ කවරෙක්දැයි ඇසීය. නන්දය! මම මොග්ගල්ලාන වෙමි. ස්වාමීනි! තමාගේ භික්ෂුභාවයෙන් පෙනී සිටින්නයැයි කීය.
“ථෙරො තං අත්තභාවං විජහිත්වා තස්ස දක්ඛිණකණ්ණසොතෙන පවිසිත්වා වාමකණ්ණසොතෙන නික්ඛමි, වාමකණ්ණසොතෙන පවිසිත්වා දක්ඛිණකණ්ණසොතෙන නික්ඛමි. තථා දක්ඛිණනාසසොතෙන පවිසිත්වා වාමනාසසොතෙන නික්ඛමි, වාමනාසසොතෙන පවිසිත්වා දක්ඛිණනාසසොතෙන නික්ඛමි. තතො නාගරාජා මුඛං විවරි. ථෙරො මුඛෙන පවිසිත්වා අන්තොකුච්ඡියං පාචීනෙන ච පච්ඡිමෙන ච චඞ්කමති. භගවා ‘මොග්ගල්ලාන, මනසි කරොහි මහිද්ධිකො නාගො’ති ආහ. ථෙරො ‘මය්හං ඛො, භන්තෙ, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, තිට්ඨතු, භන්තෙ, නන්දොපනන්දො, අහං නන්දොපනන්දසදිසානං නාගරාජානං සතම්පි සහස්සම්පි සතසහස්සම්පි දමෙය්ය’න්ති ආහ.
තෙරුන් වහන්සේ ඒ ආත්මභාවය අතහැර ඔහුගේ දකුණු කන්සිදුරෙන් ඇතුල්වී වම්කනින් පිටවිය. වම්කණ සිදුරෙන් ඇතුල්වී දකුණු කන්සිදුරෙන් පිටවිය. එපරිද්දෙන් දකුණු නාස් සිදුරෙන් ඇතුල්වී වම් නාසයෙන් පිටවෙයි. වම් නාසා සිදුරෙන් ඇතුල් වී දකුණු නාසා සිදුරෙන් පිටවෙයි. ඉක්බිති නාගරාජයා මුව විවර කළේය. තෙරුන් වහන්සේ මුවෙන් ඇතුල්වී බටහිරෙන් හා නැගෙනහිරෙන් ඇවිදියි. භාග්‍යවතුන් වහන්සේ මොග්ගල්ලාන! ප්‍රවේශමෙන්. නාගයා මහා සෘද්ධි ඇත්තෙකියි වදාළහ. තෙරුන් වහන්සේ ස්වාමීනි! මා විසින් සතර සෘද්ධිපාද භාවිතා කරන ලදී. පුහුණු කරන ලදී. වඩන ලදී. ප්‍රගුණ කරන ලදී. මනාව ආරම්භ කරන ලදී. ස්වාමීනි! නන්දොපනන්ද සිටියා වේ. මම නන්දොපනන්ද සමාන නාගරාජයන් සියයක් හෝ දහසක් දසදහසක් හෝ දමනය කරන්නෙමියි කීය.
“නාගරාජා චින්තෙසි – ‘පවිසන්තො තාව මෙ න දිට්ඨො, නික්ඛමනකාලෙ දානි නං දාඨාන්තරෙ පක්ඛිපිත්වා සඞ්ඛාදිස්සාමී’ති චින්තෙත්වා ‘නික්ඛමථ, භන්තෙ, මා මං අන්තොකුච්ඡියං අපරාපරං චඞ්කමන්තො බාධයිත්ථා’ති ආහ. ථෙරො නික්ඛමිත්වා බහි අට්ඨාසි. නාගරාජා ‘අයං සො’ති දිස්වා නාසවාතං විස්සජ්ජි. ථෙරො චතුත්ථජ්ඣානං සමාපජ්ජි, ලොමකූපම්පිස්ස වාතො චාලෙතුං නාසක්ඛි. ‘අවසෙසා භික්ඛූ කිර ආදිතො පට්ඨාය සබ්බපාටිහාරියානි කාතුං සක්කුණෙය්යුං, ඉමං පන ඨානං පත්වා එවං ඛිප්පනිසන්තිනො හුත්වා සමාපජ්ජිතුං නාසක්ඛිස්සන්තී’ති නෙසං භගවා නාගරාජදමනං නානුජානි.
නාගරාජයා මෙසේ සිතීය. ඇතුල්වෙනවා මට නොපෙනෙයි. පිටවන වේලාවේදී ඔහුව දළ අතර තබා සපන්නෙමියි සිතා ස්වාමීනි! නික්මෙන්න. කුසතුළ සිට එහෙ මෙහෙ සක්මන් කරමින් බාධා කරන්න එපා යැයි කීය. තෙරුන් වහන්සේ නික්ම පිටත සිටියේය. නාගරාජයා මේ ඔහුයැයි සිතා නාසයෙන් විෂවායුව නිකුත් කළේය. තෙරුන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට සමවැදුනේය. රෝමකූප මාත්‍රයකුදු සොලවන්නට නොහැකිවිය. අනිත් භික්ෂූන් වනාහි මුලපටන් සියළු ප්රාතිහාර්යයන් කරන්නට සමත් වන්නේ නමුත් මෙබඳු ස්ථානයකට පත්ව මෙසේ වහා ප්‍රවේශම් වී සමාධියට සමවදින්නට අසමත් වෙයි. ඒ නිසා අනිත් භික්ෂූන්ට නාගරාජයා දමනය කිරීම බුදුන් වහන්සේ අනුමත නොකළ සේක.
“නාගරාජා ‘අහං ඉමස්ස සමණස්ස නාසවාතෙන ලොමකූපම්පි චාලෙතුං නාසක්ඛිං, මහිද්ධිකො සො සමණො’ති චින්තෙසි. ථෙරො අත්තභාවං විජහිත්වා සුපණ්ණරූපං නිම්මිනිත්වා සුපණ්ණවාතං දස්සෙන්තො නාගරාජානං අනුබන්ධි, නාගරාජා තං අත්තභාවං විජහිත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා, ‘භන්තෙ, තුම්හාකං සරණං ගච්ඡාමී’ති වදන්තො ථෙරස්ස පාදෙ වන්දි. ථෙරො ‘සත්ථා, නන්දො ආගතො, එහි ත්වං, ගමිස්සාමා’ති නාගරාජානං දමෙත්වා නිබ්බිසං කත්වා, ගහෙත්වා භගවතො සන්තිකං අගමාසි. නාගරාජා භගවන්තං වන්දිත්වා ‘භන්තෙ, තුම්හාකං සරණං ගච්ඡාමී’ති ආහ. භගවා ‘සුඛී හොහි, නාගරාජා’ති වත්වා භික්ඛුසඞ්ඝපරිවුතො අනාථපිණ්ඩිකස්ස නිවෙසනං අගමාසි.
නාගරාජයා මෙසේ සිතයි. මම නාසා වාතයෙන් මේ ශ්රමණයාගේ රෝමකූපයක්වත් සොලවන්ට අසමත් වූයෙමි. මේ ශ්රමණයන් වහන්සේ මහා ඍද්ධිවන්තයෙකි. තෙරුන් වහන්සේ ආත්මභාවය හැර ගුරුළු විලාශයක් මවාගෙන ගුරුලාගේ සුළං වේගය පෙන්වමින් නාගරාජයාව ලුහුබැන්දේය. නාගරාජයා ඒ ආත්මභාවය අතහැර මාණවක විලාසයක් මවාගෙන ස්වාමීනි! ඔබවහන්සේ සරණ යමියි කියමින් තෙරුන්ගේ පාලඟ වැඳ වැටුනේය. තෙරුන් වහන්සේ නන්දය, එන්න! අපි යමු යැයි නාගරාජයා දමනය කොට හික්මවා ගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. නාගරාජයා බුදුන් වැඳ ස්වාමීනි! ඔබවහන්සේ සරණ යමියි කීය. භාග්‍යවතුන් වහන්සේ නාගරාජය! සුවපත් වේවා’යි වදාරා භික්ෂු සංඝයා පිරිවරා අනේපිඩු සිටුතුමාගේ නිවසට වැඩියේය.
“අනාථපිණ්ඩිකො ‘කිං, භන්තෙ, අතිදිවා ආගතත්ථා’ති ආහ. මොග්ගල්ලානස්ස ච නන්දොපනන්දස්ස ච සඞ්ගාමො අහොසීති. කස්ස පන, භන්තෙ, ජයො, කස්ස පරාජයොති? මොග්ගල්ලානස්ස ජයො, නන්දස්ස පරාජයොති. අනාථපිණ්ඩිකො ‘අධිවාසෙතු මෙ, භන්තෙ, භගවා සත්තාහං එකපටිපාටියා භත්තං, සත්තාහං ථෙරස්ස සක්කාරං කරිස්සාමී’ති වත්වා සත්තාහං බුද්ධප්පමුඛානං පඤ්චන්නං භික්ඛුසතානං මහාසක්කාරං අකාසි. තෙන වුත්තං – ‘නන්දොපනන්දදමනෙන දීපෙතබ්බො’”ති.
ස්වාමීනි! කල්ඇතිව මෙහි වැඩියේ ඇයිදැයි සිටුතුමා විචාළේය. මුගලන් තෙරුන්ගේ ද නන්දොපනන්දගේ ද යුද්ධයක් වීයැයි වදාළේය. ස්වාමීනි! ජය කාට වීද? පරාජය කාටද? මොග්ගල්ලානයන්ට ජයත් නන්දොපනන්දට පරාජයත් විය. අනේපිඩු සිටුතුමා ස්වාමීනි! පිළිවෙලින් දවස් හතක් මෙහි දන් වළඳන්න. දවස් හතක් තෙරුන් වහන්සේට සත්කාර කරමියි කියා දවස් හතක් බුදුන් ප්රමුඛ භික්ෂූන් පන්සියයකට මහා සත්කාර කළේය. ඒ නිසා නන්දොපනන්ද දමනයෙන් දැක්විය යුතුයැයි කියන ලදී.
යො එතමභිජානාතීති එතං යථාවුත්තං විමොක්ඛං ඵුසනකරණවසෙන ජානාති.
යො එතමභිජානාති යනු මේ කියූ පරිදි විමොක්ෂය ප්රත්යක්ෂ වශයෙන් දනීද.
න වෙ අග්ගි චෙතයති, අහං බාලං ඩහාමීති එවං න අග්ගි අභිසංචෙතෙති, නාපි ඩහනාය පයොගං පරක්කමං කරොති, බාලො එව පන “අයං මන්දාගතී”ති අනිජලන්තං විය ජලිතං අග්ගිං ආසජ්ජ නං පඩය්හති, එවමෙව, මාර, න මයං ඩහිතුකාමා, බාධෙතුකාමා, ත්වඤ්ඤෙව පන තථා ආගමනාදිඅත්ථෙන තථාගතං අග්ගිඛන්ධසදිසං අරියසාවකං ආසජ්ජ අත්තානං ඩහිස්සසි, ඩහදුක්ඛතො න මුඤ්චිස්සසි.
‘නවෙ අග්ගි චෙතයති අහං බාලං දහාමී’ යනු මෙසේ ගින්න නොසිතයි. දැවීම සඳහා උපක්‍රමයක් හෝ පරාක්‍රමයක් නොකරයි. බාලො නම් මේ හෙමින් ගමනයැයි නොදිලිසෙන්නාක් මෙන්. ජලිතං අග්ගිං ආසජ්ජනං පඩය්හති. එවමෙව මාර! මා දවනු කැමැත්තේ, බාධා කරනු කැමැත්තේ, නුඹට වනාහි එසේ ගමන්කිරීම ආදී අර්ථයෙන් තථාගතං ගිනිගොඩක් හා සමාන වූ ආර්ය ශ්‍රාවකයන්ට පහරදී අත්තානං දහිස්සසි දැවීම් දුකෙන් නොමිදෙන්නෙහිය.
අපුඤ්ඤං පසවීති අපුඤ්ඤං පටිලභති. න මෙ පාපං විපච්චතීති මම පාපං න විපච්චති, කිං නු, මාර, එවං මඤ්ඤසි නයිදමත්ථි.
අපුඤ්ඤං පසවී යනු පාපයක් ලබයි. නමෙ පාපං විපච්චති යනු මාගේ පාපය නොපැසෙයි. කිංනු මාර! කිම මාරය මෙසේ මඤ්ඤසි සිතන්නෙහිද?
කරොතො තෙ චීයතෙ පාපන්ති එකංසෙන කරොන්තස්ස තෙ පාපං චිරරත්තාය චිරකාලං අනත්ථාය දුක්ඛාය උපචීයති. මාර, නිබ්බින්ද බුද්ධම්හාති චතුසච්චබුද්ධතො බුද්ධසාවකතො නිබ්බින්ද නිබ්බිජ්ජ පරතො කම්මං. ආසං මාකාසි භික්ඛුසූති “භික්ඛූ විරොධෙමි විහෙසෙමී”ති එතං ආසං මාකාසි.
කරොතො තෙ වීය්යතෙ පාපං යනු එක් පැත්තකින් කරන්නහුගේ පාපය. චිර රත්තාය බොහෝ කාලයක් අනර්ථය හා දුක සඳහා හේතු වෙයි. මාර නිබ්බින්ද බුද්ධමහා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන්, බුද්ධ ශ්රාවකයා කෙරෙන්, කලකිරෙන්න. අනුන්ගේ කර්මයකින් කලකිරෙන්න. ආසං මාකාසි භික්ඛූසු යනු භික්ෂූන්ට විරුද්ධ වෙමි. වෙහෙස කරමි යන මේ වෛරය නොකරන්න.
ඉතීති එවං. මාරං අතජ්ජෙසීති, “මාර, නිබ්බින්ද…පෙ… භික්ඛුසූ”ති ආයස්මා මහාමොග්ගල්ලානො. භෙසකළාවනෙති එවංනාමකෙ අරඤ්ඤෙ. තතොති තජ්ජනහෙතු. සො දුම්මනො යක්ඛොති සො මාරො දොමනස්සිකො හුත්වා තත්ථෙව තස්මිංයෙව ඨානෙ අන්තරධායි, අදස්සනං අගමාසි. අයඤ්ච ගාථා ධම්මසඞ්ගායනකාලෙ ඨපිතා. යං පනෙත්ථ අන්තරන්තරා අත්ථතො න විභත්තං, තං හෙට්ඨා වුත්තනයත්තා උත්තානමෙව.
ඉතී යනු මෙසේ මාරං අතජ්ජෙසි - මාරය, කලකිරෙන්න. -පෙ- භික්ෂූන් කෙරෙහි. ආයුෂ්මත් මහා මොග්ගල්ලානො භෙසකළාවනෙ මහමුගලන් තෙරුන් වහන්සේ භෙසකලා වනයෙහි තතො යනු තර්ජන හේතුවෙන් සො දුම්මනො යක්ඛො යනු ඒ මාරයා දොම්නස් වී එහිම ඒ ස්ථානයේම අතුරුදන් විය. නොපෙනී ගියේය. මේ ගාථාවද ධර්ම සංගායනා කාලයෙහි එකතුකරන ලදී. යමක් වනාහි මෙහි අතරින්පතර අර්ථ වශයෙන් නොබෙදන ලදද එය පහත කියන ලද බැවිනි.
එවමයං මහාථෙරො මාරං තජ්ජෙත්වා දෙවචාරිකානරකචාරිකාදිවසෙන අඤ්ඤෙහි සාවකෙහි අසාධාරණං සත්තූපකාරං කත්වා ආයුපරියොසානෙ පරිනිබ්බායි. පරිනිබ්බායන්තො ච අනොමදස්සිස්ස භගවතො පාදමූලෙ පණිධානං කත්වා තතො පට්ඨාය තත්ථ තත්ථ භවෙ උළාරානි පුඤ්ඤානි කත්වා සාවකපාරමියා මත්ථකෙ ඨිතොපි අන්තරා කතස්ස පාපකම්මස්ස වසෙන උට්ඨිතාය කම්මපිලොතිකාය තිත්ථියෙහි උය්යොජිතෙහි චොරෙහි බාධිතො අනප්පකං සරීරඛෙදං කත්වා පරිනිබ්බායි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.1.375, 380-397) –
මෙසේ මේ මහතෙරුන් වහන්සේ මාරයාට තර්ජනයකොට දෙවචාරිකා, නිරයචාරිකා වශයෙන් අනිත් ශ්‍රාවකයන් විසින් අප්‍රමාණ වූ සත්ත්ව උපකාරයන් කොට ආයු කෙළවර පිරිනිවන් පෑවේය. පිරිනිවන්පාන්නේ අනෝමදස්සී බුදුන්ගේ පාමුල ප්රාර්ථනාකොට එතැන් පටන් ඒ ඒ ආත්මභාවයන්හිදී උසස් පුණ්‍යකර්මයක් කොට ශ්‍රාවක පාරමිතාවේ ඉහලින්ම සිටිය නමුත් කරන ලද පාපකර්මයක් නිසා හටගත්තා වූ කර්මයාගේ සරදමක් ලෙස තීර්ථකයන් විසින් උනන්දු කරවන ලද සොරුන් විසින් කරන ලද පහරදීම්වලින් අප්‍රමාණ වූ ශාරීරික බිඳීම් නිසා පිරිනිවන්පෑයේය. ඒ නිසා අපදානයේ මෙසේ කියන ලදී.
“අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො; විහාසි හිමවන්තම්හි, දෙවසඞ්ඝපුරක්ඛතො.
ලෝකයට ශ්‍රේෂ්ඨ වූ මිනිසුන්ට උතුම් වූ අනොමදස්සී බුදුන්වහන්සේ දේව සමූහයා පිරිවරාගෙන හිමවතෙහි වැඩසිටියේය.
“භගවා තතො ඔතරිත්වා, විචරි චාරිකං ජිනො; සත්තකායං අනුග්ගණ්හන්තො, බාරාණසිං උපාගමි.
භාග්‍යවතුන් වහන්සේ එයින් බැස චාරිකාවේ වැඩියේය. සත්ත්වයන්ට අනුග්‍රහ දක්වන්නේ බරණැසට පැමිණියේය.
“ඛීණාසවසහස්සෙහි, පරිවුතො ලොකනායකො; ඔභාසෙන්තො දිසා සබ්බා, විරොචිත්ථ මහාමුනි.
ලෝකනායකයන් වහන්සේ රහතන් වහන්සේලා දහසක් පිරිවරාගෙන දිසාවන් ආලෝකමත් කරමින් බැබලුනේය.
“තදාහං ගහපති හුත්වා, සරදෙන මහිද්ධිනා; උය්යොජිතො සහායෙන, සත්ථාරං උපසඞ්කමිං.
එකල්හි මම ගෘහපතියෙක්ව මහා ඍද්ධි ඇති මිත්‍රයා විසින් මෙහෙයවන ලද්දේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹියේය.
“උපසඞ්කමිත්වාන සම්බුද්ධං, නිමන්තෙත්වා තථාගතං; අත්තනො භවනං නෙසි, මානයන්තො මහාමුනිං.
තථාගතයන් වෙත පැමිණ සම්බුද්ධයන් වහන්සේට ආරාධනා කොට ගරුසත්කාර දක්වමින් මහාමුනීන් වහන්සේව තමන්ගේ නිවසට වඩමවාගෙන ගියෙමි.
“උපට්ඨිතං මහාවීරං, දෙවදෙවං නරාසභං; සභික්ඛුසඞ්ඝං තප්පෙමි, අන්නපානෙනහං තදා.
එදා මම මහාවීර වූ අග්‍රපුද්ගල වූ ඒ බුදුන් භික්ෂු සංඝයා සහිතව ආහාරපානවලින් සංග්‍රහ කළෙමි.
“අනුමොදි මහාවීරො, සයම්භූ අග්ගපුග්ගලො; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
මහාවීර වූ ස්වයං ප්‍රඥාවෙන් යුක්ත වූ අගපුද්ගල වූ උන්වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩසිට මේ ගාථාවන් දේශනා කළ සේක.
“යං සො සඞ්ඝමපූජෙසි, බුද්ධඤ්ච ලොකනායකං; තෙන චිත්තප්පසාදෙන, දෙවලොකං ගමිස්සති.
යම් ඒ කෙනෙක් ලෝකනායක වූ සම්බුදුරජාණන් වහන්සේටත් සංඝයාටත් පූජා පැවැත්වීද ඔහු ඒ සිත් පැහැදීමෙන් දෙව්ලොව යන්නේය.
“සත්තසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජං කරිස්සති; පථබ්‍යා රජ්ජං අට්ඨසතං, වසුධං ආවසිස්සති.
හැත්තෑහත් වාරයක් දේවරාජ්‍යය කරන්නේය. අටසීයක් රාජ්‍යයන් මේ පොළවෙහි පාලනය කරන්නේය.
“පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති; භොගා අසඞ්ඛියා තස්ස, උප්පජ්ජිස්සන්ති තාවදෙ.
පනස් වාරයක් සක්විති රජ වන්නේය. එකෙනෙහි අප්‍රමාණ වූ භවභෝග සම්පත් ඔහුට පහළ වන්නේය.
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් අප්‍රමාණ කල්පයකදී ඔක්කාක කුලයෙහි උපන් ගොත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
“නිරයා සො චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති; කොලිතො නාම නාමෙන, බ්රහ්මබන්ධු භවිස්සති.
ඔහු නිරයෙන් චුතව අවුත් මිනිසත් බවක් ලබයි. බ්රහ්මබන්ධු වූ නමින් කොලිත නම් වන්නේය.
“සො පච්ඡා පබ්බජිත්වාන, කුසලමූලෙන චොදිතො; ගොතමස්ස භගවතො, දුතියො හෙස්සති සාවකො.
කුසල මූලයකින් මෙහෙයවන ලද ඔහු පසුව පැවිදි වී ගෞතම බුදුන්ගේ දෙවෙනි ශ්රාවකයා වන්නේය.
“ආරද්ධවීරියො පහිතත්තො, ඉද්ධියා පාරමිං ගතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
අරඹන ලද වීර්ය ඇති බහාතබන ලද පව් ඇති ඍද්ධියෙන් පරතෙරට ගිය සියළු ආශ්‍රවයන් නැතිකර අනාසවව නිවීමට පත්වන්නේය.
“පාපමිත්තොපනිස්සාය, කාමරාගවසං ගතො; මාතරං පිතරඤ්චාපි, ඝාතයිං දුට්ඨමානසො.
පාපමිත්‍ර ආශ්‍රය නිසා කාමරාගයේ වසඟයට ගියේ නරක සිත් ඇත්තේ මවද පියාද ඝාතනය කළේය.
“යං යං යොනුපපජ්ජාමි, නිරයං අථ මානුසං; පාපකම්මසමඞ්ගිතා, භින්නසීසො මරාමහං.
නිරය හෝ මිනිසත් බව හෝ යන යම් යම් යෝනියක උපන්නෙම්ද පාපකර්මයෙන් යුක්ත බැවින් හිසසුන්ව මරණයට පත්වූයෙමි.
“ඉදං පච්ඡිමකං මය්හං, චරිමො වත්තතෙ භවො; ඉධාපි එදිසො මය්හං, මරණකාලෙ භවිස්සති.
මේ මාගේ අවසාන ආත්මභාවයයි. මෙහිදී ද මරණ කාලයෙහි එබන්දක් සිදුවෙයි.
“පවිවෙකමනුයුත්තො, සමාධිභාවනාරතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
උතුම් විවේකයෙන් යුක්ත වූයේ සමාධි භාවනාවේ යෙදුනේ සියළු ආශ්‍රවයන් දැනගෙන ආසවවලින් තොරව වාසය කරමි.
“ධරණිම්පි සුගම්භීරං, බහලං දුප්පධංසියං; වාමඞ්ගුට්ඨෙන ඛොභෙය්යං, ඉද්ධියා පාරමිං ගතො.
සෘද්ධි බලයෙන් පරතෙරට ගියෙම් ගාම්භීර වූ ඝන වූ සෙලවිය නොහැකි මහපොළොව වම් ඇඟිල්ලෙන් සොලවන්නෙමි.
“අස්මිමානං න පස්සාමි, මානො මය්හං න විජ්ජති; සාමණෙරෙ උපාදාය, ගරුචිත්තං කරොමහං.
අස්මිමානය නොදකිමි. මට මානය නැත. සාමණේරයන්ගේ පටන් සැමට ගරු සත්කාර කරමි.
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, යං කම්මමභිනීහරිං; තාහං භූමිමනුප්පත්තො, පත්තොම්හි ආසවක්ඛයං.
මෙයින් අප්‍රමාණ වූ කල්පයෙහි මේ කර්මයක් කළෙම්ද මම ඒ භූමියට පැමිණියේ කෙළෙසුන් ක්ෂය කිරීමට පත්වූයෙමි.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
සතර වැදෑරුම් පටිසම්භිදාවන්ද අෂ්ට විමොක්‍ෂයන්ද අභිඥා සයද අවබෝධ කරගත්තෙමි. බුද්ධ අවවාදය කරන ලදී.
මහාමොග්ගල්ලානත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මහාමොග්ගල්ලාන ථෙර ගාථා වර්ණනාව නිමියේය.
සට්ඨිනිපාතවණ්ණනා නිට්ඨිතා.
හැටවන නිපාත වර්ණනාව සමාප්තයි.